මාතෘකාවක් නැති ලියමනක්...

කොහොමද ඉතින්? කාලෙකට පස්සේ නේද? ;)

ඉතිං මේ වියමනට පහුගිය දවස් ටිකේ කෑලි දම්ම මිසක් ලිව්වේ නෑනේ අනිත් ඒවායේ අදහස් උදහස් දැම්මා මිසක්. කාර්යබහුලකමටම නේමේ හිතට හරි නති එකත් ඒ එක්කම ලියන්න දේවල් අවුලක් වෙලා තිබ්බේ. ඒත් වර වර වියමනේ පොඩි පොඩි කෑලි දාලා අත්හදා බැලුවා. ඒ තුලින් මම ඉගෙන ගත්ත දේවල් මට වටිනවා. ඒ වගේම මම තව එකක් පටන් ගත්තා කොම්පුටරේ.blogspot කියලා එකක් ඒ තුලින් ඒ සම්බන්ධ දෙවල් දාන්නයි බලාපොරොත්තුව ඉන්නේ.ඉතින් මේ වියමන මගේ දින පොතක් වගේ එකක්; මගේ හැඟිම්, මගේ අදහස් පිට කරන්න තියෙන එකක්. මං ඇත්තටම ඉන්නේ එක්තරා අවුලකින්, පුදුම අවුලෙන්! මාස ගනාවක සිට. ඉතින් මේකේ තියෙන සමහරක් එව්වා සමහරක් අයට නොදිරවන්න පුළුවන්. එහෙම ඇත්තෝට මට සමාවෙත්වා. ඔනේම කෙනෙක්ට මට අදහස් ප්‍රකාශ කරන් යන්න, මං කාගේවත් අදහස් මොකටවත් මකන්නේ නෑ.ඒත් මාව රිදවන ආකරයේ එකක් මුහුණුපොතේ තැනක දාලා තිබ්බා එක ගැන කණගාටුවෙන් ඉන්නේ.(එච්චරම නෑ ඒත්) එක එක අයගෙ කණ්නාඩි වෙනස්නේ. සමහරක් අය මට එක් අතකින් හෝ සමාන වෙන්න ඇති. තව කෙනේක් මට විරුද්ධ වෙන්න ඇති. කෙනෙක් කියලා තිබ්බා අනිත් අයටත් pain තිබ්බට එව්වා ලොකේට පෙන්වන්නේ නැහැලු, ඒ කතාව ඇත්තක් නොවෙන බව මම දන්නවා. කොහොම වුනත් මම වෙනස් බව මම පිලි ගන්නවා. ඒත් මට (වගේම අනිත් අයටත්) අයිතියක් තියෙනවානේ එයලාගේ හැඟිම් අනිත් යට හානියක් නො වෙන විදියට හෙලි කරන්න. අනික මම මේ අවුලේ ඉන්න එකට කාවවත් අම්මලාවත් සදහන් කරලා නැහැනේ. අම්මලාගේ වරද්දක් නෙමේ එක. අම්මලා වෙනුවෙන් මම මගේ පැතුම් බලාපොරොත්තු හිර කරන් මගේ තුවාලේ මම විඳ දරා ගන්නවා. මරණය මගේ ඔලුවේ දොංකාරය දෙන්නේ අයි මන්ද? මට තවත් දුක මෙව හින්ද මම දරුණු වෙල එකටත් මම මටම පව් පුරවා ගන්න එක, එකත් මගේ හිතට වදයක්.

මට තේරෙන්නේ නෑ අයි මට මේ වුණේ කියලා. මං හිතන්නේ නෑ ලොකේට හැමදේම වෙන්නේ මාව මේ තත්වේකට වටෙන්න කියලා. වෙන දේවල් වලින් මම ආගධයටම වටිල ඉන්නේ, එකේන් උඩ එන්න හදන හැම වතාවකම ඔලුවට මොකක් හරි පත් වුන එකයි වුණේ.

සතුටින් හිටපු කලයක් තිබ්බා මට.2007 මැද හරියේ සිට 2008 බිනර වෙනකල්. දැනට මං ජිවත් වෙනවා නම් ප්‍රධානම හෙතුවලින් එකක් එක. ජිවිතය ගැන මිහිරි ආකල්පයක් තිබ්බේ මට එදා, එත් එවා බොරු වගේයි දැනේන්නේ. ජිවිතය ගැනත් කියලා දුන්නු ආදරයේ පද වැල් කියලා දුන්නු සුදු සුරඟනාවියෙක් හිටි කලයක්. මගේ අම්මලා තාත්තලත් මිට වඩා මට ආදරණිය බව දැනුන කාලයක්. ඒ වගේම මගේ සහෘදයෝට ස්තුති කරන්න ඕනේ. HarsH, ඉස්සා, Buddy අක්කා...මේකී නොකී කිහිප දෙනේක් ඉන්නවා.

මට අරමුණක් තියෙනවා ඒ අරමුණ ඉටු කර ගන්න මගේම කියලා මාර්ගයක් තියෙනවා, මගේම විදියක. මං මටම වරද්දාගෙන හෝ මගේම විදියෙන් මගේ ජිවිතය ගොඩ නගන්නයි මට ඔනේ. ඒ තුලින් මට ලොකේට සේවයක් කරන්නයි මට ඕනේ. ඒත් මගේ ඒ දේවල් අනික් අයගේ මිණුම් වල අනුවත් එක එක එව්වා නිසා ඒ විදිහට මට අහන්න ලැබුනේ
"උඹට පිස්සුද? ලොකේම මෙහේ එන්න බලනවා. උඹ ආපහු යන්න බලනවා"
කියන අදහස් තමා. මම මගේ ඒවා තියන් ඉන්නවාට පිටස්තර අය හිතන්නේ ලංකාව දාලා ආපු හේතුවක් වගේ දෙයක්, වෙලාවක මගේ හිත වෙනස් වෙන්න කියලා ලංකවේ වැරදි හරි මෙහේ හොඳම පෙනවන්න එක ගැන මට දැනෙන්නේ කලකිරිමක් විතරයි.

ඉතින් මම කරන්නේ මම මට මුකුත් නො වෙච්චි විදිහට මම ඒ අරමුණ මගේ විදිහට කරන ගමන් අභියොග වලට මුහුණ දෙන එක හිතින් මවාගෙන තවකාලිකව හිත හදා ගන්න එකයි. මං විනාඩියක් පැයක් හිනැහුනත් දවසක් පුරම විදවන්න වෙන හින්දයි, හැමදාම එකට දෙයක් වෙනවාමයි.

සමාවෙන්න මං මේ හෑල්ල මේකේ දාලා ඔයාලාව වෙහෙස කරාට.තව කියන්න දේවල් හිතේම තියන් මම කැපෙන්නම්. මම මගේ දින පොතේ ලියනවා වගේ ලිව්වේ එකතරා දුරකට. එක හොඳයි හිතේ තියන්ම විදවනවට වඩා...

සමහරක් විට මං වගේ අය ඇති තවත්. ඔයාලා තනි නෑ, එක තේරුම් ගන්න මේක උදව්වක් වේවා!


*****
(මගේ හැඟිම් හොඳට දාලා තිබ්බ දින පොතක් ඇබ්නෝමල් කෙනෙක්ට හම්බ වෙලා තිබ්බා)

පුංචි පුංචි සත්තු ආලෝකය දිහාට ඇදිලා එන්නේ ආදරේට...ආසාවට...ඒ ආස කරන ආලෝකයම.. ඒ දැල්ලම උන්ව පුච්චලා දානවා කියලා දන්නවා නම් උන් ඒ පැත්තවත් බලන එකක් නෑ...කිලෝමීටර් ගණන් පියාඹ පියාඹ එළිය හොයන්නේ නැතුව ගුල් වලටම වෙලා ඉදීවි..ආදරේ කරන දේවල්.. ආස කරන දේවල් දිහා ඇහැක්වත් ඇර නොබලාවී..ඒත් අනේ උන් මැරෙනවා..ආදරේ නිසා ආලෝකය නිසා..දැන දැනම හෝ නොදැන උන් මැරෙනවා..ඉටි පන්දම් දැල්ල ලග පණ අදින උන්ගෙම ඈයෝ දැක දැක පිච්චිලා අළු වෙලා යන්න ඒ එළිය දිහාටම ඇදෙනවා කාළකණ්නි.


ඇයි මම මේ තරම් ඇලෙන්නේ..? ඇයි මට පැත්තකට වෙලා ඉන්න බැරි..? ඇයි මම මේ තරම් දුක් විදින්නේ..?එක වරක් වැරදුනා. තව එක සැරයක් දෙසැරයක් තුන් සැරයක්.? කීසැරයක් මම වරද්ද ගන්නද හදන්නේ? ඇයි මට හැම දේම දමාගහලා පැත්තකට වෙලා ඉන්න? ඇයි මම මේ තරම් දුර්වල? ඇයි මම හැමදේම යකාට ගිය දෙන් කියලා හැමදෙනාගෙන්ම ඈත් නොවෙන්නේ..? ඇයි මම දැන දැනම මාව රිද්ද ගන්නේ? ඇයි මම එක කටුවකින් ගැලවෙන්න තව කටුවක් ඇනගන්න හදන්නේ? ඇයි මම මගේ හිත පුරාම බ්‍ල්‍ඩ් එකකින් ඉරි ඇදගන්නේ?මට එහෙම වෙන්න ඕනිද?මේ දුක මම දැන දැනම බදාගන්න හදන්නේ ඇයි..?මේ වදකාර ජිවිතේට තව අය ලං කරගන්න හදන්නේ ඇයි මං?හැමෝගෙන්ම ඈත් වෙන්න ගිහිං අළුත් අය ලං කරගන්න හදන්නේ ඇයි මං? ඇයි මම මේ විකාර කරන්නේ? ඇත්තටම මට පිස්සු


දුකත් දන්නවා
දුකට හේතුවත් දන්නවා
දුක නැති කිරීමේ මාර්ගයත් දන්නවා
ඒත් ඇයි දුක නැති කරගන්නේ
නැත්තේ?
අම්මායි තාත්තයි
මාව බැදලා හිරකරලා
ගල් කරලා
නැත්තං මෙලහට මම
කොහේ හරි...හැමෝගෙන්ම මිදිලා...
ඒත් ***** එහෙම ඉන්න
ඉ‍ඩක් නෑ.. හැම තැනම දන්න උන්..
ඇයි හත්වලාවේ මොන මගුලකටද
මම
ඉපදුනේ...?


සටහන: මෙ තරමේ එකක් නෙමේ මට දැනෙන්නේ. ඒත් එක අතකින්, එක පොටකින්, පද කිහිපයක් මට සමාන නිසායි දැම්මේ...පුදුම තර්කයක්. මේ වගේ අය පිස්සෝ නෙමේ, ඒ රොගයට හේතුවක් තියෙන්න ඔනේ. අපිට පේන්නේ නෑ රෝග ලක්ෂ දිහා බලන් 'පිස්සු' 'මෝඩ' තහඩුවක් දාන නිසා :( .

මෙ දින පොත දැම්ම ඇබ්නෝමල්ට මට සමා වෙත්වා මගේ එකේ මෙහෙම දැම්මට. මම කලින් කිව්ව කෙනෙක් ගැන, ඒ තැන්තා නිසයි මෙහෙම දැම්මේ

Comments (5)

හර්ෂණ අය්යා

6:17 PM, January 15, 2009

මචන් මමත් ඔයවගේම කට්ටක් කෑවා මචන්!!
ඉවසීම නිසයි මෙහෙමවත් ඉන්නේ ඒක නිසා ඉවසපන් මචෝ!!
ඔහොම තමා හැමෝම කියන්නේ රටින් පිට්නොයා ඒත් මෙහේ ආපු කෙනෙක්ම විතරයි ඔය දුක දන්නේ!!

gangster

7:39 PM, January 15, 2009

උඹ හොද එකෙක් බං.ඕනෑවට වැඩිය හිතට ගන්න නැතුව සැහැල්ලුවෙන් කුරැල්ල වගේ පලයන් මලේ......

malee_msg

7:51 PM, January 15, 2009

මගේ පොඩි මලේ....ඔය වගේ දේවල් දැනෙන්න ලංකාවෙන් පිට වෙන්නම ඕනි නෑ බං... මගේ සටහන් ඉස්සුවට අවුලක් නෑ.. මට තේරෙනවා ඔයාව..
ඔයා තාම මට සාපේකෂව පොඩියි ඒක නිසා අක්කා කෙනෙක් විදියට මම කියන්නේ කලකිරෙන්න එපා.. එන විදියට ජිවිතයට මුහුණ දෙන්න ඕනිම දෙයක් බ්ලොග් එකේ ලියන්න කිසිම අවුලක් නෑ.. අපි පුළු පුළුවන් විදියට මේ දුක සතුට වල් බෙදා ගම්මු..! :)

සම්පත්

10:02 PM, January 15, 2009

මල්ලි මචෝ... ඔය කවුරැවත් කියන ඒව ගනන් ගන්න එපා බන්. උන් කියන ඒව එක කතකිත් අහල අනිත් කනින් එලියට දාපන්. හිත ඇතුලෙ තදකරන් ඉන්න එපා බන්.

-බිன்ku-

8:31 AM, March 26, 2009

අදහස් දැක්වු සියල්ලන්ටම තුති.

Post a Comment

සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.