රෝස මලයි ආදරයයි


රෝස මල ලස්සනයි කියලා අපිට පෙන්නේ. ඒත් එක ඇතුලේ නො පෙනෙන
මී මැස්සෙක් හරි ඉන්නවාද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම කටු තියෙනවා දැන දැනත් අපි එකට වශි වෙනවා ලස්සන නිසාත් අනිත් අය එක ලස්සනයි කියලා අනුමත කරන නිසාත්. ඉතිං සමහරක් පරිස්සමෙන් අරගෙන ඉඹිනවා, ඉඹගෙනම බදාගෙන යද්දි අර කටු අමතක වෙලාම ඇන ගෙන තුවාල කර ගන්නවා. ඒත් තව සමහරක් එහෙම නැහැ, මොකද එයාලා ලඟ තිබ්බ රොස මලේ කටු මොලොක් නිසා, තව සමහරක් බදා ගන්න කලිං හිමින් හිමින් කතුරකින් කොහොම හරි කටු කපා ගන්න නිසා. ඒත් අවාසනාවට එතැනිනුත් පස්සේ වෙලාවක රෝස මල ඇතුලේ ඉන්න මී මැස්සා තුවාල කරනවා. ඒත් ටික දෙනෙක් ඉන්නවා රෝස මල දිහා එක ලඟට නොගන්නා, ලඟට ගන්න වාසනාවක් නැති. තව ටිකම ටික දෙනෙක් ගිලුණු රෝස මල දිහා බලං ඇනුන තුවාලෙන් අතින් තද කරං ඉන්න...ජිවිතය වගේම ආදරයත් ඔබත් මාත් හිතන තරම් රෝසමල් යායක් නෙමේ නේද?
RoSe

නලීන් අයියාගේ සඳ මුහුණ මගේ හිත හෙමින් සිඹ ගත්තු සිතිවිල්ලක්. ඉස්සර ඇය වෙනුවෙන් පිටු ගානක් කවි නිදැස් ලිව්ව මගෙ පන්හිඳ නිහඬ වෙලා, ඒත් සිත් විටෙක විටෙක තනිවම තනි මාත් එක්ක කතා කරනවා. හිම කතරේ අහිමි උණුසුම තවමත් මට දෙන්න මගේ කබායටවත් බැරි හැටි?

ලංකාව හා ගාන්ධිතුමා

මහත්මාගාන්ධි වුකල්හි බුදුන් හා මාගේ දෙමව්පියන් හැරුණුකොට මගේ ජිවිතයට මගපෙන්වන්නායි. එතුමාගේ මුලික දර්ශණය අපේ රටේ ඇතැම් පුද්ගලයින්ට නුරුසන්නේ නැති වුවත් එතුමා ඒ හැර රටකට වැදගත් බොහෝ දර්ශණ කිව් බව බොහෝ දෙනෙකු නොදන්නා අතරම එතුමාගේ ඒකී මුලික දර්ශණයද විවේෂණය කරති. මේ ලිපිය මා ගත්තේ සිළුමිණ පුවත්පතේ ලිපියකිනි, මේ කතාව තුල ගාන්ධිතුමා සතුව තිබු සාමන්‍ය ජනයා ගැන දැක්මත් තම අසල්වැසි රට ගැන දැනුමත් අපේ රටේ මැත දොඩවන දේශපාලකයින්ට කම්මුල් පහරක් වැන්නක්ය.

මහාත්මා ගාන්ධිතුමා ලංකාවට පැමිණියේ යැයි සැලැකෙන්නේ එක්දහස් නවසිය තිස් ගණන්වල මුල් හරියේ දී ය. එතුමා මහනුවරට ද පැමිණෙන බව දැනගත් උඩරට ප‍්‍රභූවරයෙක් එතුමා බැහැදැක සත්කාර සම්මාන කිරීමට හිතා ගත්තේ ය.

“මම එතුමා වෙනුවෙන් වෙනම ම සුවපහසු කුඩා මැදුරක් මගේ වලව්වට ම සම්බන්ධ කරලා හදන්න ඕන.” උඩරට ධනවත් ප‍්‍රභුවරයා තම අන්තේවාසික පිරිසට කියා සිටියේ ය. සියල්ල සූදානම් කෙරිණි.

“මහාත්මා ගාන්ධිට මගේ වලව්වේ හැම දෙයක් ම බලා හදා ගන්ටත් එතකොට අවස්ථාවක් ලැබේවි.” ප‍්‍රභූවරයා තව දුරටත් කල්පනා කළේ ය.

“එතුමා කල්පනා කරාවි මගේ ජීවන මට්ටම. උන්නැහැ මං ගැන හිතල පුදුම වෙන්ටත් පුළුවන්.” තරමක අහංකාර පරවශ කෙනෙකු වූ ඔහුට තව තවත් ප‍්‍රභූ කල්පනා රැසක් ගලා එන්නට පටන් ගත්තේ ය.

මහාත්මා උඩරටට පැමිණි පසු ව එතුමා සමඟ ප‍්‍රභූවරයා තම වලව්වට ආවේ ය. මහාත්මා නිහඬ ව ගමන් කළේ ය.

මේ ප‍්‍රභූවරයා විඳින සැප සම්පත් දෙස නෙත් හෙළුවේ ය. අපූරුවට පළිඟු බිත්ති සකසා තිබුණි. සිමෙන්ති පොළොවක් වෙනුවට කිරිගරුඬ කැබලි බිම අල්වා තිබිණි. ධනස්කන්ධයක් විය පැහැදම් කොට උණු වතුර සහිත නාන කාමරයක් වී ය.

විදුලි සීනු හා විදුලි බුබුළු වලින් හැම තැනක් ම ඒකාලෝක කර තිබිණි. මෙය සාමාන්‍ය නිවහනක් නොව ධන කුවේරයකුගේ මැදුරක් බව මහාත්මාට පසක් විය.

ඇඳ පුටු මේස හා අල්මාරි තනා තිබුණේ අගනා තේක්ක බුරුත වැනි ලී වලිනි. ඒවා ඔප් ගන්වා තිබුණේ දුටුවකුගේ දෑස දල්වනු සඳහා ය.

ඇඳන් වලට අතුරා තිබුණේ බාගදා කාස්මීරයෙන් ගෙන්වන ලද බුමුතුරුණු වලිනි.

“ඔබතුමන්ට මගේ මේ මන්දිරයේ ගත කරන කාලය අමතක නොවන අත්දැකීමක් වෙන්නට පුළුවන්.” ප‍්‍රභූවරයා මහත්මාට කී ය. මහාත්මා කට කොනකින් සුපුරුදු සේ මඳහසක් පෑවේ ය.

කෑම බීමෙන් ද කිසිදු අඩුවක් නොවී ය. හැම සුවපහසුකමක් ම ලද මහාත්මාගෙන් මේ ප‍්‍රභූවරයා පොඩි ප‍්‍රශ්නයක් නැඟුවේ ය.

කුමක් ද ඒ ප‍්‍රශ්නය?

“ඔබතුමා මොනවද මගේ මන්දිරය ගැන හිතන්නේ?”

මහාත්මා මඳ වේලාවක් නිහඬ ව සිටියේ ය. ඒ නිශ්ශබ්දතාව ප‍්‍රභූවරයා වටහා ගත නොහැකි වී ය. මහාත්මාගේ මහා නිහැඩියාවට පසුව කුමක් හෝ පවසනු ඇතැයි ප‍්‍රභූවරයා කල්පනා කළේ ය.

මහාත්මා ප‍්‍රභූවරයාගෙන් ඇසුවේ කුමක් ද?

“ඔබ ඔය කියන ‘මන්දිරය’ ඇතුලේ ඉන්නේ සන්තෝසෙන් ද?”

ප‍්‍රභූවරයා කිසිවක් නොකියා හෙමින් හිස චලනය කරනු මහාත්මාට පෙනිණ. කතාව වෙනත් අතකට මාරු වෙන්නට විය. ලංකාවේ අතීත ශී‍්‍ර විභූතිය ගැන යමක් මහාත්මා දැන සිටිය බව ප‍්‍රභූවරයාට දැනිණි. මේ රටට ලෝකේ මිනිස්සු විවිධ නම්වලින් හැඳින්වුවා.

‘ඉන්දියන් සාගරයේ මුතු ඇටය’
ඒදන් උයන’
‘හිරු වැටෙන දේශය’
‘බුදුන් වැඩි දේශය’
‘දුකින් තොර දිවයින’
‘පෙරදිග මුතු ඇටය’
‘තල් හා මුතු පිරුණු දිවයින’

එච්චර ද තව නම් රැසක් දී තිබුණා. ඒ සියල්ල මහාත්මා මතක් කළේ ඉංගී‍්‍රසියෙනි.

ඒත් කී දෙනෙක් මේ පුංචි රටේ සන්තෝසයෙන් හෝ ඉන්නවාද? මේ වාසනාවන්ත භූමිය සත්තකින් ම වාසනාවන්ත ද? මේ භූමිය බන්ධන වලින් යුත් නොවන්නේ ද? ඒ බැමි කවදා මිදේ ද?

සැබැවින් ම මේ රටේ පොදු මහජනතාව මේ සුන්දර ලංකාවේ ස්වාභාවික පල භුක්ති විඳනවා ද? හුඟක් ම වැදගත් ප‍්‍රශ්නය තමයි අපි අහන්නට ඕන.

“මෙහි මිනිසුන් ජීවත් වෙන්නේ සතුටින් ද?”

මෙහිදි ‘මිනිසුන්’ යැයි හැඳින්වෙන්නේ මෙහි වෙසෙන ඔය 50000 ක් පමණ අය බදු ගෙවන සල්ලි කාරයින් නොවේ. එහෙමත් නැත්නම් වරප‍්‍රසාද ලත් උදවිය නොවේ. එහෙම නම් කවුරුන් ද?

ඒ උදවියට දුක් දොම්නස් දැනෙන බවක් පේන්නෙ නෑ. එහෙම නොදැනෙන්නෙ ඔවුන් හැම සුඛ විහරණයක් ම තමන්ට රිසි නිසි පරිදි ලබා ගන්නා නිසා වෙන්නට ඕන. ඔවුන් භුක්ති විඳින වරප‍්‍රසාද නිසා වෙන්නට ඕන.

නමුත් අපි මෙහිදී සැලකිල්ල යොමු කරන්නේ එසේ නොවූ බහුතරය ගැන. එවන් පිරිසක් මෙහි දුක් දොම්නස් සහිත ව කල් ගෙවනවා.

ඒ පිරිස මිලියන හයක් හතක් විතර වෙනවා. ඒ උදවියත් මේ රම්‍ය දූපතේ අයිතිකාරයෝ’ ඒ අය ගෙන් තමයි අපි ඔය ප‍්‍රශ්නය අහන්නට තිබෙන්නේ?

“මේ මිනිසුන් සිටින්නේ සතුටින් ද?”

ඉන් පසු ව මහාත්මා හා උඩරට ප‍්‍රභූවරයා අතර කෙබඳු සංවාදයක් සිදුවිණි දැයි සඳහන් වී නැත.

කෙසේ වෙතත් වැඩි කලක් ලංකාවේ නොරැඳුණු මහාත්මා ගාන්ධි විශාල පිරිසකට ‘අහිංසාවාදය’ පිළිබඳ දේශනයක් පවත්වා තම ගම්රට බලා ගිය බව සඳහන් වේ.


විෂයය කරුණු උපුටා ගනු ලැබුවේ ඩී.සී. විජේවර්ධන මහතා විසින් ලියන ලද ‘බෝ මැඩ විප්ලවය’ හෙවත් ‘ද රිවෝල්ඩ් ඉන් ද ටෙම්පල්’ නම් වූ ඉංගී‍්‍රසි කෘතියෙනි.

මේ පොතත් සමාජය, අවිහිංසාව හා ගාන්ධිවාදය ඇතුළු කරුණු ඉගෙනිමට කියවිමට සුදුසුයැයි මම යෝජනා කරමි. එමෙන්ම ගාන්ධි චරිතාපදනයද ඒවැනි තවත් පොතකි. කතෘ මතක නැති නමුත් පසු ලිපියෙක සොයා පලකරන්නම්.

මරේ මරු!

වෙලාවක් තියෙන අය මේ අඩවියට යන්නකෝ.සින්දු වගේ සද්දයක් එන හින්දා ස්පීකරේත් දාන්නකෝ.

මරේ මරු!


http://www.mytwinhauntsme.com/





ඔන්න ගිහිං ආපහු එන්න එපා මෙහේට.


පොලිසියේ සිදුවිම හා පොලිසියේ වත්මන් තත්වය ගැන වචනයක්.

පසුගිය ලිපිය හා සැබැදියි.

*****


පසුගිය රාත්‍රියේදි ලංකා ඊ නිව්ස් තුලින් පල වී තිබු ප්‍රවෘත්තිය දුටුවිට ඒ ගැන මගේ මිතුරෙකු විමසු විටදි එය ඇත්තක් බව පැවසු නිසාත් ඒ ගැන වෙනත් ඉංග්‍රිසි හා සිංහල ප්‍රවෘත්ති වෙබ් අවවි වල පලවී නො තිබු නිසා (එවිට ලංකාවෙ වෙලාවෙන් උදය කාලයයි.) මේ සිදුවිම ගැන කෝපයක් සමගම පසුව සටහනක් ලිවිමේ අදහසින් එහි සදහන් වී තිබු ප්‍රවෘත්තිය පල කලෙමි. එම ලිපියට අදහස් දැක්වු සියලු පුද කරමි.

මෙම හොඳ පොලිස් නිලධාරියෙකු අතින් සිදුවුවත් මෙහි වැරද්ද සමස්තයක් වශයෙන් පොලිස් කාර්‍යාශය වහ කිව යුතු බව මගේ අදසයි. මෙවැනිම නොවුවත් මෙවැනි සිදුවිම් බොහොමයක් අපේ පොලිසිය තුල දැකිය හැකිය. එමෙන්ම පොදුවේ මහජනයා තුල පොලිස් සේවාව තුල විශ්වාසයක් නැති අතර එයලංකාවේ දුෂිතම ආයතනයක් ලෙස හැදින්වෙයි. ( මේ බව සදහන් කරන කල්හි මට පසුගිය පොලිස්පතියාගේම හාස්‍යජනක කතාවක් මතක් වෙයි. එකලට පෙර වසරේ පොලිසිය ලංකාවේ දුෂිතම ආයතනය ලෙස පලමු ස්ථානයේ ලෙස වාර්තාවකින් දැක්වු අතර මේකී පොලිස් පොලිස්පතියා සිය අස්විමේදි පුවත්පතකට ප්‍රකාශ කලේ දුෂිතම ආයතනය ලෙස සැලකු පොලිසිය ඔහු විසින් දෙවැනි තැනට දැමු බවය! ඔහුගේ (බොහෝ ලංකිකයන්ගේද ) ඉලක්කම් විජ්ජාව තේරුම් ගත හැකි වෙයි.) මෙසේ දුෂිතයැයි සැලකෙන පොලිසියද මේ ආකාරයේ විකාරාදියේ ක්‍රියා සිදුවේ නම් අපට විශ්වාස කල හැක්කේ කාවද? පොලිසියේ සිදුවන බොහෝ පරික්ෂණද දවසින් දෙකකින් යටයයි. අවසානයේ විසදුමක් නැති අතරම බොහෝ විටම සැකපිට අත්ඩංගුවට ගන්නේ වැරද්දක් නොකල අයවය. මෙවැනි දේවල් වලට පොලිසියට ගෙවන්නේත් අපේම බදු මුදලයි (පොලිස්කාරයෙකුගේ මේ වැටුපට හැර වෙනත් ආදායම් මාර්ග වෙනම කතාවකි.). මේ තත්වය වත්මන් රජයේ මෙන්ම පෞගිය රජයන් තුල එළිපිටම දැකගත හැකි වුවත් කිසිදුපැහැදිලි ක්‍රියාපිලිවෙලක් ගත්තේද නැති අතර ඔවුන්ව තම අරමුණු සදහා යොදවා ගන්නටත් තමන්ගේ සමීපතයන් පත් කරනු ලැබිණි. 1956 කාලයේදි රටේ සිදු වු අපරාධ හා දුෂණ වලට වගකිව යුතු අපරාධකරුවන්ද තවමත් පොලිසියේ ඉහළ තනතුරු වල සිටිති.

බෝහෝ විදේශ රටවල පොලිස් සේවාව යනු වාරප්‍රසාද ලැබෙන උසස් රැකියාවක් වන අතර පොලිස් සේවාවට බැදිමට පාඪමාලාවක් හැදැරිය යුතු අතරම ඊට අමතරව පරික්ෂන වලට මුහුණ දිමට සිදුවෙයි. සේවාවට පත්කලද එතැනින් නොනැවතින ඔවුනේ ගිණුම්, ක්‍රියාවන් වැනි ක්‍රියා ගැන විමසිල්ලෙන් සිටින අතරම අවශ්‍යවිටදි ඔවුන්ට ආරක්ෂාවද සපයයි. එවැනි ක්‍රියාපිලිවෙලක් අපේ රටේ කාගෙන් බලාපොරොත්තු විය හැකිද?


(මේ තුලින් සියළු දෙනාම දුෂිත බව අදහස් නොකරන අතර එම අයටද පොලිසියේ නිසිතැන හිමි වී නැති තරම්ය. ඔවුන්ට තම කාර්‍යන් නිදහ්සේ සිදි කිරිමට වාතාවරණයක්ද නැති අතරේ පලිගැනිම් වලට ලක්වීමේ අවධානමට මුහුණ දෙයි. ඒ ස්වල්ප දෙනාට මගේ ප්‍රණාමය.)


*****



පොලිස් රෝහලේ යකා නැටූ කොස්තාපල් වෙඩි කා නසී, පෙම් හබයක් නිසා රෝහලම කැළඹෙයි

නාරාහේන්පිට පොලිස් රෝහලේ කාන්තා පොලිස් නිලධාරිනියන් පිරිසක් සිය ප්‍රාණ ඇපයට ගෙන එහි පොලිස් කාන්තා නේවාසිකාගාරයේ හතර අතට වෙඩි තබමින් පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ යකා නැටූ පොලිස් කොස්තාපල්වරයෙක් පොලිස් විශේෂ කාරය බළකාය විසින් වෙඩි තබා ඝාතනය කරනූ ලැබීය.

25 වැනිදා රාත්‍රි 9.15 සිට 11.30 පමණ වනතුරු මෙම පොලිස් නිලධාරියා පොලිස් කාන්තාවන් පිරිසක් සිය ප්‍රාණ ඇපයට ගෙන හතර අතට වෙඩි තැබීම නිසා මූළු පොලිස් රෝහලම පූංචි යූද පිටියක් බවට පත් විය.

පොලිස් රෝහලේම රාජකාරී කළ පොලිස් කාන්තාවකගේ ප්‍රේමය නොලැබීම නිසා දැඩි ලෙස කෝපයට පත් වූ මෙම පොලිස් නිලධාරියා එම පොලිස් කාන්තාව මරා දැමීමට උත්සාහ කිරීම නිසා මෙම තත්ත්වය උද්ගත විය. එම පොලිස් කාන්තාව අනූනවයෙන් දිවි ගලවා ගත් අතර මෙම සිද්ධියේදී උප පොලිස් පරීකෂකවරියක් සහ පොලිස් කාන්තාවක් බරපතල තුවාල ලැබූහ. මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයාගෙන් බේරීමට කාන්තා පොලිස් නේවාසිකාගාරයේ සිව්වැනි මහලෙන් බිමට පැන ඇති කාන්තා උප පොලිස් පරීකෂක නිරෝෂනී රතුගමගේ බරපතල තුවාල ලැබූවාය. මේ අතර වෙඩි ප්‍රහාරයකට ලක්වූ කාන්තා පොලිස් කොස්තාපල් ඒ. සාගරිකා ද තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙසේ සාහසික ආකාරයට හැසිරුණූ පොලිස් කොස්තාපල්වරයාගෙන් පොලිස් කාන්තාවන් බේරාගෙන ඔවූන් නිරුපද්‍රිතව ඉවතට ගැනීමට නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති දයාල් දීගහවතුර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් දැඩි පරිශ්‍රමයක් දැරූහ.

මෙම සිද්ධියෙන් මරුමූවට පත්වූයේ හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ තිස් දෙහැවිරිදි ඒ. ඉන්ද්‍රසිරි නමැති පොලිස් කොස්තාපල්වරයෙකි. පොලිස් කොස්තාපල් ඉන්ද්‍රසිරි පොලිස් රෝහලේ පාලන අංශයේ රාජකාරි කළ නිලධාරියෙකි. මොහූ පොලිස් රෝහලේම රාජකාරි කරන කාන්තා නිලධාරිනියක සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යෑමට දැඩි උත්සාහයක් දරා තිබේ. එහෙත් එම නිලධාරිනිය මොහූට පවසා ඇත්තේ තමා වෙනත් කෙනකු සමඟ විවාහ වීමට ගිවිසගෙන සිටින බවයි. එහෙත් ඉන් නොනැවතුනූ මෙම නිලධාරියා දිගින් දිගටම ඇයට ඇවිටිලි කරමින් ඇයගේ ආදරය ලබා ගැනීමට උත්සාහ කළේය.

ඉන්ද්‍රසිරිගේ ආයාචනා ගණනකට නොගත් කොස්තාපල්වරිය ඔහූට කැමැත්ත ප්‍රකාශ කර නැත. පසූව මෙම නිලධාරියා මෙම පොලිස් කාන්තාවට මරණීය තර\ජන කිරීමට පටන් ගෙන ඇත.
මෙවර සිංහල අලුත් අවූරුදු උත්සවයට අපි දෙදෙනාටම කිරිබත් කෑමට හැකි නොවන අයූරින් කටයූතු කරන බවට තර\ජනය කළ ඉන්ද්‍රසිරි මරාගෙන මැරෙන බව කියමින් පොලිස් කාන්තාවට දුරකථන ඇමතුම් ලබා දී තිබේ.

"මම ඔයාට ජීවත් වෙන්න ඉඩ තියන්නෙ නැහැ. පොලිස් රෝහල ඇතුළේදීම ඔයාට වෙඩි තියලා මැරුවහම ඔයාගෙ මිනී පෙටිටියට ජාතික කොඩිය දාලා අරගෙන යයි. ඒත් මම මැරුනහම මගේ පෙටිටිය නිකම්ම අරගෙන යයි" කියමින් ඉන්ද්‍රසිරි දිගින් දිගටම පොලිස් කොස්තාපල්වරියට තර\ජනය කර ඇත. පෙරෙදා රාත්‍රි 8.00 ට පමණ මොහූ පොලිස් කාන්තාවට දුරකථන ඇමතුමක් දී අද රාත්‍රි මරා දමන බව කියමින් ඇයට තර\ජනය කර තිබේ.

එදින රාත්‍රි ඉන්ද්‍රසිරි සිය රාජකාරි ගිනි අවියද රුගෙන නිල ඇඳුමින් සැරසී පොලිස් රෝහල පිටූපස ඇති කාන්තා නේවාසිකාගාරයට ගොස් ඇත. එහි පහළ මාලයේ දොරටූවට වෙඩි තැබූ ඉන්ද්‍රසිරි ඊට ඇතුළුවීමට උත්සාහ කර ඇත. එහෙත් එහි දොර විවෘත කර ගැනීමට ඔහූට හැකිවී නැත. නේවාසිකාගාරයේ සිව්වැනි මහලේ කාමරයක සිටි පොලිස් කොස්තාපල්වරියට මෙම වෙඩි හඬ ඇසී ඇති අතර ඇය දැඩි ලෙස බියට පත්ව දෙවැනි මහලට දිව ගොස් එහි වෙනත් කාමරයක සැඟවී ඇත. නේවාසිකාගාරයේ දොරටූව විවෘත කර ගැනීමට නොහැකි වූ පසූ එහි අනෙක් පස පිහිටි යකඩ බටය ඔස්සේ සිව්වැනි මහලට පැමිණ ඇති ඉන්ද්‍රසිරි පොලිස් කාන්තාවගේ කාමරය වෙත ගොස් තිබේ.


පසූව මොහූ එම පොලිස් කාන්තාව නවාතැන් ගන්නා කාමරයේ හතර අතට වෙඩි තැබීමට පටන් ගෙන ඇත. මෙම වෙඩි තැබීම නිසා නේවාසිකාගාරයේ සිටි පොලිස් කාන්තාවන් දැඩි ලෙස බියට පත්ව විලාප නගමින් කෑ ගසා ඇත.

මෙම සිද්ධිය සැලවූ වහාම ක්‍රියාත්මක වූ නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීකෂක දයාල් දීගහවතුර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් කාන්තා නේවාසිකාගාරය වෙත පැමිණ තිබේ.

ඒ වනවිට පොලිස් කොස්තාපල් ඉන්ද්‍රසිරි නේවාසිකාගාරයේ සිව්වැනි මහලේ සියලුම කාමර පරීකෂා කර වෙඩි ප්‍රහාර එල්ල කරමින් සිය ප්‍රේමය ලබා ගැනීමට සිටි කොස්තාපල්වරිය සොයමින් සිටියේය.

එහෙත් ඔහූට එම කොස්තාපල්වරිය සොයා ගැනීමට හැකිවී නැත. පසූව ඉන්ද්‍රසිරි නේවාසිකාගාරයේ කාමරයක සිටි උප පොලිස් පරීකෂකවරියන් දෙදෙනකු සහ පොලිස් කාන්තාවක් සිය ප්‍රාණ ඇපයට ගෙන ඔවූන් අතරින් එක් නිලධාරිනියක් පහළ මාලයට එවා තවත් ආයූධ සහ ජීව උණ්ඩ රුගෙන එන ලෙස නියෝග කර තිබේ.

ඒ අතරතුර පොලිස් කොස්තාපල්වරයාගේ ග්‍රහණයේ සිටි එක් උප පොලිස් පරීකෂකවරියක් දිවි ගලවා ගැනීමට සිව්වැනි මහලෙන් බිමට පැන ඇත. එහිදී ඇය බරපතල තුවාල ලැබූ අතර පොලිස් නිලධාරීන් ඇයව රෝහල්ගත කිරීමට කටයූතු කර තිබේ.

මේ අතර මෙහි ඇතිවී තිබූ තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර\ය බළකාය එහි කැඳවීමට නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයා කටයූතු කළේය. පොලිස් විශේෂ කාර\ය බළකායේ නිලධාරි පිරිසක් එහි පැමිණ කාන්තා නේවාසිකාගාරයේ සිව්වැනි මහලට ඉතාම සූකෂම අයූරින් ඇතුළු වූහ. ඒ වනවිට කොස්තාපල්වරයා පොලිස් කාන්තාවක් සිය ග්‍රහණයට ගෙන ඇය සිව්වැනි මහලෙන් බිමට තල්ලුකර දැමීමට උත්සාහ කරමින් සිටියේය. ඒ අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර\ය බළකායේ නිලධාරීන් මෙම පොලිස් කොස්තාපල්වරයාට වෙඩි තබා තිබේ.
එහිදී බරපතල තුවාල ලැබූ කොස්තාපල්වරයා රෝහල්ගත කිරීමට රුගෙන යද්දී මිය ගොස් ඇත.

මෙම කොස්තාපල්වරයා ඒ වන විට වෙඩි ප්‍රහාර 110 ක් පමණ එල්ල කර තිබූ අතර ඔහූ සතුව තිබූ ටී 56 ගිනි අවියද පොලිසිය සොයා ගත්තේය. නාරාහේන්පිට පොලිසිය සහ කොළඹ අපරාධ කොටිඨාසය මේ පිළිබඳ පරීකෂණ පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුනූ - දිවයින


මත ගැටුමක් මත ඇති වූ ආරවුලක් දර්‍ුයුග යාම නිසා නාරාහේන්පිට පොලිස් රෝහලේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වර-යෙක් එම රෝහලේ කාන්තා පොලිස් බැරැක්කයට කඩා වැ්‍යූ පොලිස් කාන්තා නිලධාරිනියන් ප්‍රාණඇපයට ගෙන ්‍යුගට හරහට කළ වෙඩි තැබීම පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රාණඇපකරුවන් නිදහස් කර ගැනීමේ කණ්ඩායමක් කැඳවීමට පොලීසියට සිදුවී ඇත. එහි්‍යූ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අදාළ පොලිස් කොස්තාපල්වරයා අතර ්‍යූර්ඝ වේලාවක් පුරා වෙඩි හුවමාරුවක්ද සිදුවී තිබේ. අවසානයේ්‍යූ පොලිස් කොස්තාපල්වරයා විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරියන් ප්‍රාණ ඇපයට ගෙන පොලිස් රෝහලේ වෙඩි වරුසාවක වෙඩි ප්‍රහාරයකට ලක්වී මරුමුවට පත්ව ඇත. පොලිස් රෝහල් භූමිය තුළ මෙම බිහිසුණු සිද්ධිය වී තිබෙන්නේ පෙරේදා (25) රාත්‍රියේ්‍යූය.

පොලිස් කොස්තාපල්වරයා රාත්‍රී රාජකාරී භාරගනිමින් ටී.56 අවියද ඇතිව රාත්‍රියේ හොර රහසේ කාන්තා බැරැක්කයට ඇතුළු වී ඇති බවත් ඔහු එහි්‍යූ කාන්තා පොලිස් කොස්තාපල්-වරියක් සොයා හතර වටේට වෙඩි තබා ඇති බවත් සඳහන්ය. එම අවස්ථාවේ කාන්තා කොස්තාපල්වරිය එහි සිට නැත. අනතුරුව එහි සිටි සෙසු කාන්තා නිලධාරිනියන් ප්‍රාණඇපයට ගනිමින් කාන්තා බැරැක්කය තුළ හතර වටේට වෙඩි තබමින් කළහකාරී ලෙස හැසිරීමට පටන්ගෙන තිබේ. මෙම සිද්ධිය වී ඇත්තේ පොලිස් රෝහල් භූමියේ පිහිටි ගොඩනැගිල්ලක තෙවැනි මහලේය. මෙම සිද්ධියෙන් බියට පත් උප පොලිස් පරීක්‍ෂකවරයෙක් ජනේලයෙන් බිමට පැන තුවාල ලබා තිබේ. ඊට අමතරව කොස්තාපල්වරයෙක්ද වෙඩි වැ්‍යූ තුවාල ලබා ඇත.

විශේෂ කාර්ය බලකාය කැඳවා තත්ත්වය පාලනය නොකරන්නට එම නිලධාරියා අතින් විශාල විනාශයක් වීමට ඉඩ තිබුණු බව පොලිස් රෝහල් ප්‍රධානියෙක් 'ලක්බිම'ට කීය. එය එසේ වූවත් අදාළ නිලධාරියා හොඳ නිලධාරියෙක් බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

ලක්බිම

පොලිසියේ (ඉ)ලව් කල හද්දිය!


නාරාහේන්පිට පොලිස් රෝහලේ පොලිස් කොස්තාපල්වරයකු එහි සේවයේ නියුතු උප පොලිස් පරීක්‍ෂකවරියකට වෙඩි තැබීමට ගත් උත්සාහයකදී සේවයේ සිටි වෙනත් පොලිස් නිලධාරීයකු තැබූ වෙඩි පහරකින් පොලිස් කොස්තාපල්වරයා මියගොස් තිබේ.

පොලිස් රෝහලේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල් ඩබ්ලිව්. ඉන්ද්‍රසිරි මහතා මෙම කාන්තා පොලිස් පරීක්‍ෂකවරිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවත්, අද දහවල් මේ දෙදෙනා අතර වූ වචන හුවමාරුවකදී පොලිස් කොස්තාපල් වරයා ඔහු සතුව තිබූ ගිනි අවියෙන් වෙඩි තැබීමට උත්සාහ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

පොලිස් කොස්තාපල්වරයාට වෙනත් පොලිස් නිලධාරියකු විසින් වෙඩි තබද්දී කාන්තා පොලිස් පරීක්‍ෂකවරිය පොලිස් රෝහලේ 3 වන මහලේ සිට බිමට පැනීමෙන් සිදුවූ බරපතල තුවාල වලින් ඇයද මියගොස් තිබේ.

උපුටා ගැනුම: ලංකා ඊ නිව්ස්

කාලේ වන වාසේ!

කරුණා කරමු සිරිපා

සම්පත් ගුණතිලක

ශ්‍රී පාද කරුණා කිරීම සඳහා තවත් ජනපි‍්‍රය නොවු මාවතක් ඇත. එය නම් කුරුවිට නගරයේ සිට එරත්න බලා පැමිණ ඉන්පසු ශ්‍රීපාද අඩවිය හරහා ගමන් කරන්නා වූ ඉතා ශෝභමාන පරිසරයකින් අනූන වූ කුඩා දිය ඇලි රාශියකින් ගහන නෙක නෙක තුරුලතාවලින් සෙවන දෙන්නා වූ මාර්ගයකි. දිගටම ඇවිද යන විට පරිසරයේ විචිත්‍රවත් බව අත්විඳීය හැක. එකකට එකක් උස් වු කඳුපන්තින්ගේ ඇති රසය අත්විඳිමින් ගලා හැලෙන්නා වූ දිය දහරාවන්ගේ හඬට සවන් දෙමින් (යම් අවස්ථාවලදි වන සතුන් නැරඹීමටද හැකි බවත් එය ඉතා විරල අවස්ථාවක) ඔබට ගමන් කළ හැක.


මේ එළැඹ ඇත්තේ ශ්‍රීපාද වන්දනා සමයයි. ශ්‍රී ලංකාවේ බෞද්ධ මෙන්ම අබෞද්ධ ජනතාවගේද අති මහත් වූ ගෞරවාදරයට බඳුන් වූ මහා කාරුණික ගෞතම බුදුපියාණන්ගේ සිරිපා පියුම වන්දනා කිරීම සඳහා සැදී පැහැදී සිටින වන්දනාකරුවන් උදෙසා මේ ලිපිය ලිවීමට සිත් පහළ විය.

සමන්ත කූඨය තරණය කිරීම සඳහා භාවිතා කරනු ලබන්නා වූ ජනපි‍්‍රයම මාවත වන්නේ හැටන් නගරයේ සිට නල්ලතන්නිය වෙත පැමිණ ඉන් පසු සමනොළ ගිර දක්වා දිවෙන මාර්ගයයි. ඉතා ජනාකීර්ණ මාවතක් වු මෙම මාවත සිරිපා කරුණා කරන ජනතාවගෙන් විශාලම පිරිසක් භාවිතයට ගන්නා වු ඉතා ජනපි‍්‍රයම මාර්ගයයි. නමුත් අතීතයේදි බෞද්ධ ජනතාව විසින් භාවිතා නොකරන ලද්දා වූද ඓතිහාසික කරුණු කාරනා වලින් හීන වූද ඉතා කෘත්‍රිම මාර්ගයක් වන මෙය වසර 1800 සියවසේදී මෙය හැඳීන්වූයේ මහනුවර මාර්ගය ලෙසයි (විලියම් ස්කීන් නම් ඉංගී‍්‍රසි ජාතික සිවිල් නිළධාරියකු විසින් ලියා ඇති ග්‍රන්ථයක් මෙහි සිතියමක් අඩංගුව ඇත) නමුත් වන්දනාකරුවන්ගේ වැඩි පහසුව නිසා මෙය වැඩි වශයෙන් භාවිතා කරනු ලබයි.

සිරිපා කරුණා කිරීම සඳහා භාවිතයට ගනු ලබන්නා වූ තවත් මාවතක් වන්නේ රත්නපුර නගරයේ සිට පලාබද්දල දක්වා ගොස් (පලාබද්දල අතීතයේදී පලාපත්දොල යනුවෙන්ද ව්‍යවහාර කෙරිණ) ගිලිමලේ (ගිලීමලේ යනු කඳු අතර ගිලී ගිය ගමක් නිසා මෙනම පටබැඳුනු බව ජනප්‍රවාදයේ සඳහන්ය. නුවර යුගයේදී රජවාසල සඳහා පුවක් සැපයූ ගමයි) හරහා වැටී ඇති ඉතා ඓතිහාසික වටිනාකමකින් අනූන වූ පැරණි රජදරුවන් පවා භාවිතයට ගනු ලැබූූ මාවතකි. (මේ මාර්ගයට රජ මාවත යනුවෙන්ද ව්‍යවහාර කෙරේ රජවරුන් මේ මාර්ගයේ සිරිපා පියුම කරුණා කළ නිසා එනම පටබැඳුනු බව ජනප්‍රවාදයේ සඳහන්ය) ඒ මාර්ගයේ ගමන් කරන ඔබට දැක ගන්නට ලැබෙන්නා වූ ඓතිහාසික ස්ථාන මින් පසු විස්තර කෙරේ.

මුලින්ම ඔබට ලිහිණි හෙල නම් වූ ස්ථානයක් මුණ ගැසේ. අතීතයේදී ලිහිණිනම් කාන්තාවක් මේ හෙලෙන් පහලට වැටී ඇති බවත් ඇය සිහිකරනු වස් මෙ නම පට බැඳී ඇති බව ජනප්‍රවාදෙයේ සඳහන්ය. අදටත් සිරිපා කරුණා කරන වන්දනාකරුවන් ‘ලිහිණි අක්කේ අපි යනවා’ යනුවෙන් හෙල දෙසට කෑ ගසා ඇය සිහි කරන බව දක්නට ඇත. ලිහිණි හෙල අසල ඉතා පැරණි අම්බලමක් (අද මෙය දක්නට නැත. ගොඩනැගිල්ලක අත්තිවාරම පමණක් ඇත) ඇත. එය ප්‍රකට කිවිඳියක වූ ගජමන් නෝනා විසින් සාදන ලද්දක් බවද සඳහන් වේ. (අදටත් එය හඳුන්වන්නේ නෝනගේ අම්බලම යනුවෙනි) මනරම් වූ පරිසර පද්ධතීන් ගෙන් අනූන වූ මාර්ගයක් වන මෙය හැටන් පාරේ ඇති කෘත්‍රිම භාවය දක්නට නොමැත.

ඉන් පසු ඔබට දිය බෙත්මද ගෙත්තම් පානද වේ. රත්නපුර පාරේ ගෙත්තම් පාන පිළිබඳ ඓතිහාසික කරුණු රැසක් සඳහන් වේ. එනම් සුමන සමන් දේවාරාධනයෙන් සමන්ත කූඨය මත සිරිපා සළකුණ සටහන් කිරීම උදෙසා වැඩම කළ අප බුදුපියාණන් වහන්සේ මාර්ගයේ තිබුණ දුෂ්කරතාවය නිසා උන්වහන්සේගේ සිවුර ඉරීගිය මොහොතේ කටුවක ආධාරයෙන් එය පිළිසකර කරගත් ස්ථානයයි. (අද ද වන්දනාකරුවන් එම කරුණ සිහි කරමින් මුලින්ම සිරිපා කරුණා කරන (කෝඩු ) අය ලවා ඉදිකටුවක පටලවා ගත් නූලක් ගෙත්තමක ආකාරයෙන් එහි රඳවා තබයි) ඉන් පසු ධර්මරාජ ගලත් හැරමිට පානත් (හැරමිටි පාන යනු බුදුරදුන් සමන්ථකූඨය තරණය කරන අවස්ථාවේදී එම ස්ථානයේදී හැරමිටියක ආධාරයෙන් ගමන් ගත් බැවින් මෙ නම පටබැඳුන බව ජනප්‍රවාදයේ සඳහන්ය) හැර මිටි පානේදී ඔබට විශාල ප්‍රමාණයේ අම්බලම් කීපයක් මුණ ගැසේ. ඒවායෙහි නැවතී ගිමන් නිවාගෙන ඉදිරියට කරුණා කිරීමට පුළුවන. (හැරමිටිපානට සමන්ථකූඨය ඉතා ශෝභමානව දිස් වේ. රාත්‍රියට මෙය සිත පිනවන දසුනකි)

ඉන් පසු ආඬියාවලතැන්න ස්ථානය මුණ ගැසේ. කෝට්ටේ යුගයේදි රජකල පළමුවැනි රාජසිංහ රජු විසින් ශ්‍රීපාදස්ථානය ආඬීන්ට පවරා තිබූ යුගයේදී මිය ගිය ආඬිගුරුන් කෙනෙකු සිහිවීම පිණිස මෙම නම භාවිතා කරන බව ජනප්‍රවාදයේ සඳහන් වේ. ඒ ස්ථානයට සිරිපා අඩවියේ ඇති ශෝභාව උපරිමාකායෙන් අත්විදිය හැකිය. බාන සමනොළ (සමහර උදවිය මෙයට බෑන සමනල ලෙසද භාවිතා කෙරේ) කන්දත් නුවරවිළ කන්දත් කුණුදිය පර්වතයත් දැක ගත හැකිය.

මින් පසු එළැඹෙන්නේ ගමනේ අති දුෂ්කර වූ ස්ථානයන්ය. ඇහැළ කරනුව (අතීතයේදී වන්දනාකරුවන් මේ ස්ථානයේදි සුදු පිරුවට ඇද සිරිපා කරුණා කිරීම සඳහා පේ උන බව සඳහන් වේ) මහ ගිරිදඹ (හැටන් පාරේ හමුවන ස්ථානය ඉතා පහසුවෙන් තරණය කිරීමට පහසුවෙන් රත්නපුර පාරේ ඇති ස්ථානය ඉතා වෙහෙස කර ස්ථානයකි. නමුත් සුමන සමන් දෙවියන්ගේ ගුණ සිහිකරමින් උන් වහන්සේගේ කරුණාව යදිමින් වන්දනාකරුවන් මෙම ස්ථානය පසු කරයි. (දඹය නගින අවස්ථාවේදී මහ මළුව ඉතා මනරම් දිස්වේ. හැටන් පාරේ එන වන්දනාකරුවන්ට මෙම අත්දැකීම අත්විදීමට අවස්ථාවක් නැත. මන්දයත් ඔවුන් මළුවට පිවිසෙන්නේ පිටුපසින් බැවින්) හැටන් පාරේ සමනොළ ගිර එතරම් ශෝභමාන බවක් නොවූවද රත්නපුර පාරේ මෙම ස්ථානයේදී පර්වත රාජයා අති මනරම් අයුරින් දිස්වේ. ඉන් පසු මහ මළුවටද සමන් දේවාලයටද, සොලොස් මහෙ පහනටද ගමන් කළ හැකිය.ශ්‍රී පාද කරුණා කිරීම සඳහා තවත් ජනපි‍්‍රය නොවු මාවතක් ඇත. එය නම් කුරුවිට නගරයේ සිට එරත්න බලා පැමිණ ඉන්පසු ශ්‍රීපාද අඩවිය හරහා ගමන් කරන්නා වූ ඉතා ශෝභමාන පරිසරයකින් අනූන වූ කුඩා දිය ඇලි රාශියකින් ගහන නෙක නෙක තුරුලතාවලින් සෙවන දෙන්නා වූ මාර්ගයකි.

දිගටම ඇවිද යන විට පරිසරයේ විචිත්‍රවත් බව අත්විඳීය හැක. එකකට එකක් උස් වු කඳුපන්තින්ගේ ඇති රසය අත්විඳිමින් ගලා හැලෙන්නා වූ දිය දහරාවන්ගේ හඬට සවන් දෙමින් (යම් අවස්ථාවලදි වන සතුන් නැරඹීමටද හැකි බවත් එය ඉතා විරල අවස්ථාවක) ඔබට ගමන් කළ හැක. ඉන් පසු පිවිසෙන්නේ වර්ණගල නම් ස්ථානයටයි. මේ ස්ථානයේදී වර්ණගල කඳුවැටියත් (වර්ණග කඳුවැටිය සමනලගිරට නමස්කාර කරමින් එදෙසට නැමී ඇති කඳුවැටියක් බව ජනප්‍රවාදයේ සඳහන්ය.) අතිඅලංකාර වර්ණගල දිය ඇල්ලත් දැක ගත හැකිය.

මෙම මාර්ගය භාවිතා කරනු ලබන්නාවු වන්දනාකරුවන් විසින් ගෙන නොයා යුතු දෙය වන්නේ පානීය ජලයයි. ඔබට ඇවැසි තරම් පිරිසුදු පානීය ජලය එහි ඇත. ඔබ විසින් ගෙන යා යුත්තේ එම ජලය පුරවා ගැනීමට ඇවැසි බඳුන් පමණි. පරිසරයේ ඇති චමත්කාර ජනක අසිරිය විඳ ගනිමින් සමහර අවස්ථාවල කන්ද නගිමින්ද යම් අවස්ථාවන් වල තැන්න පසු කරමින්ද යන නිසා ගතට දැනෙන විඩාව අඩුවේ. එනමුත් ගමන් කිරීමට අපහසු ස්ථාන නැත්තේ ද නොවේ. නමුත් එම ස්ථානයක් පසු කිරීමේදි ඉතා ප්‍රවේශමත් ගමන් කළ යුතුය. ඉතා ළගින් වෙළෙඳ සැලක් පිහිටා නැති බැවින් අවශ්‍ය ආහාරපාන ගෙන යන්නේ නම් මැනවි. පසුව මෙම මාර්ග මා කලින් සඳහන් කළ රත්නපුර පලාබද්දල මාර්ගයට සම්බන්ධ වේ. (හැරමිටිපාන නම් ස්ථානයේදී ) එරත්න සිටම මෙහි විදුලි ආලෝකය සපයා ඇති අතර දැනට භාවිතා කරනු ලබන්නා වූ මාවත් අතර දීර්ඝම මාර්ගය මෙයයි.

ගවේෂණ අයියාගේ ලිපිය මතක් වුණ නිසයි මේ ලිපිය දැම්මෙත්. මෙයත් බුදු සරණ පුවත්පතින් උපුටා ගත්තෙමි. (එහි වරදක් වේ නම් සමාවෙන්න.)


මටත් සිරිපා ගමනක් යන්නට ඇත්ත්නම් ලඟදිම හරි?


දියුණුවට බාධා කරණ ලාමක් පිලිවෙත්.

කනංකේ විජිතනන්ද හිමි

පුද්ගලයා ජීවිතය ගත කළ යුත්තේ උත්සාහයෙන් හා අධිෂ්ඨානයෙනි. අලසකමින් කටයුතු කිරීම පරිහානියට හේතු වෙයි. තුදුස් ලාමක ධර්ම පිළිබඳ දැන සිටීම අපගේ දිවි මඟ සාර්ථක කර ගැනීම සඳහා බෙහෙවින් හේතු වෙයි. ගෘහ දිවියක් ගත කරන හැම දෙනාටම ඒවා දැන සිටීමෙන් ලැබෙන පිටුබලය ඉතා විශාල ය. ලොවුතුරා බුදුපියාණන් වහන්සේ සිගාලෝවාද සූත්‍රය දේශනා කිරීම මගින් බලාපොරොත්තු වූයේ ද පුද්ගලයාගේ දිවි පෙවෙත සාර්ථක මඟට යොමු කිරීම යි.

දීඝ නිකායේ සඳහන් වන ඉතා වැදගත් සූත්‍ර ධර්මයක් වන සිඟාලෝවාද සූත්‍රය පුද්ගලයාගේ දෙලොව දියුණුව සඳහා මඟ කියා දෙන්නකි. බොහෝ සෙයින් ගෘහ ජීවිතයක් පවත්වා ගත යුත්තේ කෙසේද යන්න මෙයින් මනාව අනාවරණය කෙරේ. පියාගේ අන්තම අවවාදය පිළිපැදීමක් වශයෙන් ‘සිඟාල’ නම් ගෘහපුත්‍රයා පාන්දරින්ම නැගිට ස්නානය කොට තෙත රෙදි හා තෙත කෙස් පිටින් සදිසා නමස්කාරයෙහි යෙදී සිටින අයුරු බුදුරජාණන් වහන්සේ දුටු සේක. ආර්ය විනයෙහි සදිසා නමස්කාරය සිදු කරනු ලබන්නේ් මෙලෙස නොවේ යැයි දේශනා කළ උන්වහන්සේගෙන් සිඟාල ගෘහපතියා විමසනු ලබන්නේ, ඒ කෙසේදැයි කියා ය. ඉන්පසු බුදු හිමියෝ සිඟාලෝවාද සූත්‍රය දේශනා කරමින් එම නිවැරැදි මඟ මැනවින් පෙන්වා දුන් සේක. ඒ අතර තුදුස් ලාමක ධර්ම වශයෙන් අපගේ දෙලොව දිවිමඟ සාර්ථක කර ගැනීමෙහිලා ඉවහල් වන කරුණු 14 ක් ද බුද්ධ දේශනාවෙහි සඳහන් වෙයි. පුද්ගලයා පාපයෙන් තොර නිවැරැදි දැහැමි මාවත වෙත යොමු වීම, මෙම තුදුස් ලාමක ධර්ම වටහාගෙන එයින් වැළකී සිටීමෙන් සිදුවෙයි.

සතර කර්ම ක්ලේශ
සතර අගති
ධන විනාශ මුඛ 6 යන ඒවාය.
සතර කර්ම ක්ලේශ

ප්‍රාණඝාතය - පංච ශීල ප්‍රතිපදාවෙහි පළමු වන ශික්ෂා පදයෙන් අදහස් කරනු ලබන්නේ, සත්ව ඝාතනයෙන් වැළකීමයි. පුද්ගලයා හැම විට මනුෂ්‍යයා ඇතුළු සියලු සත්ත්වයන් කෙරෙහි කරුණාවෙන්, දයාවෙන් හා අනුකම්පාවෙන් යුතුව ක්‍රියාකළ යුතු බවත් ප්‍රාණඝාතයෙන් වැළකිය යුතු බවත් බුදු හිමියන් මෙයින් මනාව පෙන්වා දී ඇත.

අදත්තාදානය - සොරකම හෙවත් නොදුන් දේ ගැනීම පංච ශීලයෙහි දෙවැනි ශික්ෂා පදයයි. පුද්ගලයා සොරකමට යොමුවීම තුළ සමාජයෙහි නොයෙක් ගැටලුකාරී තත්ත්ව පැන නැගීම සඳහා හේතුවක් වෙයි. මේ නිසා සෑම අංශයකින්ම සමාජ පරිහානිය සිදුවන අතර සාමකාමී ධාර්මික සමාජයක් බිහිකිරීම උදෙසා සොරකමින් වැළකීම ඉතා වැදගත් පිළිවෙතක් බව, බුද්ධ දේශනාවයි.

කාමයෙහි වදරවා හැසිරීම- ගිහි දිවියක් ගත කරන පුද්ගලයා පංචකාම සම්පත් අනුභව කරයි. එහෙත් එයින් අගතියට ගොස් ක්‍රියාකිරීම පරිහානියට මඟක් බව බුදුහිමියන් පෙන්වාදී ඇත. මේ නිසා කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීම සාමකාමී සදාචාර සම්පන්න සමාජයක් බිහි කිරීම සඳහා ඉතා වැදගත් වන බව බුදු දහම පෙන්වා දෙයි.

මුසාවාදය - සතර කර්මක්ලේශයන්හි අවසාන කරුණ වන මෙයින් පෙන්වා දෙනු ලබන්නේ, බොරු කීමෙන් වැළකිය යුතු බවයි. බොරුකීම තුළින් සමාජයෙහි බොහෝ ගැටලුකාරී තත්ත්ව නිර්මාණය වන අතර එකිනෙකා අතර ඇති සුහදතාව ද විනාශයට පත් වෙයි. මේ නිසා ඇතැම් විට ජීවිත මගින් ද වන්දි ගෙවීමට සිදුවන අවස්ථා අපට සමාජය තුළින් දැකගත හැකිය. තුදුස් ලාමක ධර්මයන්හි සඳහන් වන මුසාවාදයෙන් තොරවීම නිසා මිනිසා දැහැමි වන අතර, සාමකාමී සමාජයක් නිර්මාණය කිරීමට එය හේතු වෙයි.

සතර අගති - ඡන්දය - ඡන්දය යනු කැමැත්ත යි. පුද්ගලයා යමක් ලබා ගැනීම උදෙසා අගතිගාමී වී ක්‍රියා කිරීමට පෙළඹීම සමාජයෙහි නොයෙක් ගැටලුකාරී තත්ත්ව නිර්මාණය කරයි. මෙය ජන ජීවිතය හා සාමකාමී බව විනාශ වීමට හේතුවක් වන බව බුදු හිමියෝ පෙන්වා දෙති.

ද්වේශය - මෙයින් අදහස් කරන්නේ තරහ හෙවත් කේන්තිය යි. මේ නිසා ජීවිත හා දේපළ හානිද බෙහෙවින් සමාජයෙහි සිදුවන අතර, ද්වේශ සහගත පුද්ගලයා මුළුමහත් සමාජයටම ගැටලුවක් වන බව මෙයින් පෙන්වා දෙයි.

භය - භය යනු බියෙන් අගතියට යෑම යි. පුද්ගලයා බිය හේතු කොටගෙන අන් සත්ත්වයන්ට හිංසා පීඩා කිරීම සඳහා බොහෝ සෙයින් පෙළඹෙයි. මෙම අගතියට පැමිණීම නිසා පුද්ගලයා අයුක්තිය, අසාධාරණය හමුවේ ද ඇතැම් විට මුනිවත රකියි. සමාජ පරිහානිය සඳහා මෙය මහත් ගැටලුකාරී තත්ත්වයක් බව මෙයින් මනාව අවධාරණය වෙයි.

මෝහය - සතර අගතීන්හි අවසාන කරුණ වන මෝහය යනු මෝඩකම යි. කර්මය හා කර්ම ඵලය විශ්වාස නොකිරීම යන පැහැදිලි කිරීම මේ සඳහා බෙහෙවින් උචිත වෙයි. මෝහය නිසා පුද්ගලයා මොහොතින් මොහොත පරිහානියෙහි මඟට යොමුවන අතර, සමාජ ගැටලු සඳහා එය හේතු වෙයි.

අපාය මුඛ - තුදුස් ලාමක ධර්ම අතර සඳහන් වන අපාය මුඛ යන වදනින්ම පැහැදිලි වන්නේ් පුද්ගලයා පිරිහීමට හෙවත් අගතියට යොමු කරවන කරුණු යන්න යි. මෙයින් ඈත් වී යහමඟට යොමු වීම තුළ අර්ථවත් සදාචාර සම්පන්න සමාජයක් බිහි කිරීමට හැකි බව බුදුහිමියෝ පෙන්වා දෙති.

රහමෙර පානය - පංචශීල ප්‍රතිපදාවෙහි අවසාන ශික්ෂා පදය වන මෙය, පුද්ගලයා අගතියට හෙවත් පිරිහීමට පත් කරන ප්‍රබල කරුණකි. වත්මන් සමාජය දෙස අවධානය යොමු කිරීමේදී රහමෙර පානය හේතුවෙන් නොයෙක් ගැටලු පැන නැගී ඇති අතර, ඇතැම් අය තම වටිනා ජීවිතය එයින් විනාශයට පත් කර ගනිති.

සුරාවෙහි ආදීනව සිඟාලෝවාද සූත්‍රයෙහි මෙසේ සඳහන් වෙයි.

1. තමාගේ ධනය විනාශයට පත්වීම
2. කලකෝලාහලවලට යොමු වීම
3. විවිධ රෝගාබාධවලට ගොදුරු වීම
4.අපකීර්තියට පත්වීම
5. නුවණ දුර්වල වීම
නොකල්හි වීථි සංචාරය කිරීම

කාලය රන් හා සමානය යන කියමනට අනුව, පුද්ගලයා තම වටිනා කාලය නිකරුණේ කඩපිල් මත හෝ මහ මඟ නිකරුණේ වැය නොකළ යුතු ය. එලෙස ජීවත් වීම මගින් ඔහුට නොයෙක් අන්දමේ ගැටලුකාරී තත්වලට මුහුණ පෑමට සිදුවන බව, මෙම සූත්‍රය මගින් බුදු හිමියන් පෙන්වා දී ඇත.

1. තමා අනාරක්ෂිතයකු වීම
2. තම අඹු දරුවන් ද අනාරක්ෂිත වීම
3. ස්වකීය වස්තුව ද අනාරක්ෂිත වීම
4. පාප ක්‍රියාවන්හි සැක කටයුත්තකු වීම
5. අභූත චෝදනාවන්ට ලක්වීම
6. බොහෝ කරදර හිරිහැර වලට ලක්වීම
උත්සව දර්ශනාදියෙහි ලොල් වීම

ගිහි දිවියක් හෙවත් පංචකාම භෝගී දිවි පෙවෙතක් ගත කරන පුද්ගලයාට උත්සව දර්ශනාදිය නැරැඹීම තහනමක් නොවේ. එහෙත් ඒවා කෙරෙහි දැඩිව ලොල් වීමෙන් ක්‍රියා කිරීම තුළ එම තැනැත්තා ඉතා පරිහානියට පත්වන බව, බුදුහිමියෝ පෙන්වා දෙති.

දූ කෙළියෙහි යෙදීම

පරිහානිය සඳහා ප්‍රබල හේතුවක් වන දූ කෙළිය හෙවත් සූදුව නිසා පුද්ගලයා දිනෙන් දින විනාශය කරා ගමන් කරයි. සූදුවට යොමු වීම තුළ ඇති ආදීනව සයක් සිඟාලෝවාද සූත්‍රය පෙන්වා දෙයි.

1. දිනන්නා වෛරයට ලක් වෙයි
2. පරදින්නා ශෝක වෙයි
3. දැක දැක ධනය විනාශ වෙයි
4. ඔහුගේ වචන පිළිගනු නොලැබෙයි
5. මිත්‍රාදීන්ගේ පරිභවයට ලක්වෙයි
6. ආවාහ විවාහාදියෙහි දී බැහැර කරයි

පාප මිත්‍ර සේවනය- මෙලොව දිවි පෙවෙතක් ගතකරනු ලබන අප සියලු දෙනා ඇසුරට සුදුසු පිරිසක් තෝරාගත යුතුය. බුදුරදුන් පෙන්වා දෙන්නේ පාප මිත්‍ර සේවනයෙන් බැහැරව කල්‍යාණ මිත්‍රයන් ඇසුරට තෝරාගත යුතු බව යි.

අලසකම - පුද්ගලයා ජීවිතය ගත කළ යුත්තේ උත්සාහයෙන් හා අධිෂ්ඨානයෙනි. අලසකමින් කටයුතු කිරීම පරිහානියට හේතු වෙයි. උත්සාහයෙන් තොරව අලසකමින් ක්‍රියාකිරීම තුළ ඇති ආදීනව බුදු හිමියෝ සිඟාල ගෘහපතියාට පෙන්වාදී ඇත. මෙසේ ක්‍රියාකරන තැනැත්තාට දියුණුවක් කෙසේවත් අපේක්ෂා කළ නොහැකිය.

ඉහත සඳහන් කරන ලද තුදුස් ලාමක ධර්ම පිළිබඳ දැන සිටීම අපගේ දිවි මඟ සාර්ථක කර ගැනීම සඳහා බෙහෙවින් හේතු වෙයි. ගෘහ දිවියක් ගත කරන හැම දෙනාටම ඒවා දැන සිටීමෙන් ලැබෙන පිටුබලය ඉතා විශාලය.

ලොවුතුරා බුදුපියාණන් වහන්සේ සිගාලෝවාද සූත්‍රය දේශනා කිරීම මගින් බලාපොරොත්තු වූයේ ද පුද්ගලයාගේ දිවි පෙවෙත සාර්ථක මඟට යොමු කිරීමයි. ‘උභය ලෝක විජයාය’ දෙලොව දියුණුව ඇතිකර ගැනීම උදෙසා බුද්ධිමත් ඔබත් මෙම වටිනා දහම් කරුණු පිළිබඳ අවබෝධය ඔබේ වටිනා මිනිසත් බව ආලෝකවත් කර ගැනීමට උපයෝගි කරගන්න.

මෙයින් එක් කෙනෙකුට හෝ උපකාරි වෙතැයි සිතුණු නිසා බුදුසරණ පුවත්පතින් උපුටාගෙන පල කලෙමි.



හෙට දවස සැපවත් කරන සුන්දර ලොවක් තැනිම

වේරහැර ධම්මරතන හිමි

වැඩිහිටි ඔබ සතු යුතුකම වන්නේ, දරුවා නිවැරැදි පිළිවෙතක් දෙසට යොමු කිරීමයි. මුදල මතම එල්බ නොසිට, ළමයා තුළ හොඳ සිරිත් පුරුදු පුහුණු කළහොත් පෙරළා ඔහුද ඔබට කළගුණ සලකනු ඇත. පාසලට, බාහිර පන්ති වලට දරුවා යොමු කළ ද සදාචාර අධ්‍යාපනයක් ද ළමයාට ලබා දීම, කළ යුතුම දෙයකි.

වර්තමාන ලෝකයේ ළමා දිනයක් සමරනු ලැබේ. ඒ ඔක්තෝම්බර් පළමු වැනිදා ය. ළමා අයිතීන් පිළිබඳ මෙදින මහා ඉහළින් කතා බහ කරනු ලැබේ. ළමයා යනු, ළපටි මෙලෙක් ගතිගුණ වලින් හෙබි අයෙකි. ඔහු සුන්දරත්වය දකින්නෙකි. නව ලොව සොයා ගමන් කරන ළමයා, තමා අවට පරිසරය පිළිබඳ ඉතා විමසිල්ලෙන් යුතුව කාලය ගෙවයි. සුන්දර ළමා ලෝකය තුළ අසුන්දර කතන්දර සිය දහස් ගණනක් ලියැවී ඇති බව ද ඔබ දන්නවා ඇති. වර්තමානයේ පමණක් නොව ඉතා ඈත අතීතයේ දී පවා ළමයා පිළිබඳ නොසැලකිලිමත්කම් සමාජය තුළ දක්නට තිබිණ.

ඒ පිළිබඳ පැහැදිලි වන අවස්ථා කිහිපයක් බෞද්ධ සාහිත්‍යයේ ද සඳහන් වන්නේ ය. සමාජයේ ජීවත්වන වැඩිහිටි හෝ ළමා පරපුර තලා පෙලා පොඩිකර විනාශ කරනු ලබන අයුරු අප විවිධ අයුරින් අසා ඇත. ලංකාව තුළ වර්තමානයේ දී ළමා හිංසන සිය ගණනින් සිදුවෙයි. ළමයින්ට අපරාධ විවිධ ක්‍රියා සිදුවන අයුරු, පුවත් පත් හා විද්‍යුත් මාධ්‍ය මගින් දක්නට ලැබේ. මේවා කුමන අයුරින් සිදු වූව ද ළමා ලෝකය තුළ ඇති සුන්දරත්වය විනාශ කිරීම සුදුසු නැත. මේ වන විට ළමා දිනය වෙනුවෙන් ලිපි බොහෝ ගණනක් ලියැවී ඇත.

වර්තමානයේ ලෝකය පුරා ළමා ශ්‍රමිකයෝ බොහෝ පිරිසක් වෙසෙති. ළමයින්ගේ ශ්‍රමය සූරා කෑම ඔවුන්ගේ දිවිය අඳුරු කරවයි. ළමයා යනු, වැඩ කාරයකු නොවන බවත්, කම්කරුවකු නොවන බවත්, සමාජයට අවබෝධ කර දිය යුතු ය. රාජ්‍ය මට්ටමින් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කර ළමා මෙහෙවරකම් කරවන අයට නිසි දඬුවම් ලබාදිය යුතු යි.

ළමයින් විකිණීම ද බරපතල අපරාධයකි. මුදල් වෙනුවෙන් ළමයින් විකුණා තමන්ගේ වාසිය ගැන පමණක් සිතන මිනිසුන් වර්තමානයේ සිටිති. මෙය ඉතා පහත්, අධම ක්‍රියාවලියකි. ළමයින් පැහැර ගැනීම් ද අප සමාජයේ බහුලව සිදුවෙයි. විවිධ කල්ලි කණ්ඩායම් ළමයින් ප්‍රාණ ඇපයට තබා ගනිමින් කප්පම් ගැනීමද වර්තමානයේ සුලභව දක්නට ලැබේ. මෙම ක්‍රියාදාමය ශිෂ්ට ලොව අනුමත කරන්නේ නැත. ළමා ලොව තුළ ඬසි ලෙස සැරිසැරීමට ක්‍රියාකිරීමට ඉඩ ප්‍රස්ථා වැඩිහිටි පරපුර විසින් නිර්මාණය කර දිය යුතු ය.

මේ අතර නවීන අධ්‍යාපනය තුළින් ළමයා ඉගෙනීමේ මැෂිමක් බවට පත් කර තිබේ. ළමා කාලයේ කෙළි දෙලෙන් සිටීමට ඇති ඉඩකඩ, මේ වන විට සීමා සහිත කර තිබේ. තරගකාරී අධ්‍යාපන හා විවිධ විද්‍යුත් මාධ්‍ය මඟින් ළමයා අද වැඩිහිටියන්ගේ තත්ත්වයට පත් කර ඇත.

වර්තමානයේ විශ්ව ළමා දිනය සැමරීම වැදගත් වූව ද, දිනකට පමණක් ළමා අයිතීන් ගැන කතා කිරීම, පලක් වන්නේ නැත.

බුදුරජාණන් වහන්සේ ළමයි කෙරෙහි දයානුකම්පාව දැක්වූහ. සුන්දර ළමා ලෝකයට අවශ්‍ය දහම් කථා හා උපදෙස් ද ලබා දුන්හ. නිවැරැදි ජීවන මඟ පෙන්වා දුන්හ. ඔබ කවුරුත් දන්නා සෝපාක ගැන අවධානය යොමු කරන්න.

සෝපාක යනු, එදා මානව හිමිකම් සංවිධානයන් නොතිබුණු යුගයක හිංසාවට ලක් වූ ළමයෙකි. තම සුළු පියාගේ අනේක විධ කරදර බාධාවලට මුහුණදීමට කුඩා සෝපාකට සිදුවිය. අන්තිමේ දී සුළුපියා වද දී අමු සොහොනට ගෙන ගොස් ඔහු මළ මිනියක බැඳ දමා ගිය අයුරු, ඔබට මතක ඇත. මේ අසරණ දරුවාගේ අයිතිය වෙනුවෙන් එදා පෙනී සිටියේ, බුදු සමිඳුන් ය. සෝපාක ඒ බැමි වලින් මුදාගෙන ජේතවනාරාමයට කැඳවාගෙන ගොස් පැවිදි කරවා, ශාසනයේ උසස් ඵල කරා ගමන් කිරීමට අවශ්‍ය උපදෙස් හා ආරක්‍ෂාව ඔහුට ලබා දුන්නේ, අප බුදුපියාණන් වහන්සේ ය. සුනීත යනු ද එවැනිම ළමයෙකි. තරුණ වයසට පත්ව සිටි ඔහුට සමාජයේ හොඳ තැනක් හිමි වූයේ නැත. පහත් සම්මත කුලය නිසාම විවිධ දුක් පීඩාවලට මුහුණ දීමට සිදුවිය. බුදුහිමියෝ ඔහුට පිහිට වූහ. රහත් ඵලය ලබා ලොව පූජනීය තත්ත්වයට පත් වීමට මඟ සැලසූහ. බුදුරජාණන් වහන්සේ ළමා අයිතීන් වෙනුවෙන් පෙනී සිටි මුල්ම පුද්ගලයා ය. සිඟාලෝවාද සූත්‍රය මඟින් ද ළමා මනස සකස් කළ යුතු ක්‍රම තුනක් අවධාරණය කැරේ. ඉන් එකක් නම් ජීවීන් වැළැක්වීමයි. වැඩි හිටි ඔබ දරුවාට පව පින පිළිබඳ කුඩා කළ සිට අවබෝධය ලබා දීම කළ යුතු ය.

සතුන්ට හිංසා කිරීම හොඳ නැති බවත්, සොරකම් කිරීම, බොරු කීම, මත්පැන් පානය ආදිය තම අනාගත දිවිය විනාශ වීමට හේතුවක් බවත් ඔවුනට හොඳින් පහදා දී, නිවැරැදි මඟට ගත යුතු ය.

ළමා අපරාධකරුවන් අතර මහා මං කොල්ලකරුවන්ද සිටින බව පුවත් පත් මඟින් අප දැක ඇත. මෙවන් පසුබිමක් ඇතිවන්නේ දහමින් තොරව නිසි ගුණධර්ම වටහා නොදී, දරුවා ගැන අවධානය යොමු නොකරන නිසා ය. වැඩිහිටි පරපුරේ යුතුකම වන්නේ, ළමයා පවින් මුදා ගැනීමයි.

යහපතෙහි යෙදවීම සඳහා ළමයාට නිවැරැදි පිළිවෙත් කියා දිය යුතු යි. මවට පියාට වැඳීම, ගරු කිරීම, තෙරුවන්ට ගරු කිරීම, තෙරුවන් වැඳීම ගුරුවරුන්ට ගරු කිරීම හා වැඳීම ආදී විවිධ යහපත් පිළිවෙත් වළට යොමු කිරීම, වන්දනා මාන වලට හුරු කිරීම, සිල් සමාදන් කරවීම ආදී යහපත් චාරිත්‍ර පුරුදු පුහුණු කිරීම සමාජයට ඉතා වටිනා සත් පුරුෂයකු ලබා දීමකි. එවන් පිළිවෙත් වලින් බැහැර වූ තැනයි හිරගෙවල් අවශ්‍ය වන්නේ මේ නිසා වැඩිහිටි ඔබ සතු යුතුකම වන්නේ, දරුවා නිවැරැදි පිළිවෙතක් දෙසට යොමු කිරීමයි. මුදල මතම එල්බ නොසිට, ළමයා තුළ හොඳ සිරිත් පුරුදු පුහුණු කළහොත් පෙරළා ඔහුද ඔබට කළගුණ සලකනු ඇත.

හොඳින් ඉගැන්වීම ද කළ යුතු වෙයි. පාසලට, බාහිර පන්ති වලට දරුවා යොමු කළ ද සදාචාර අධ්‍යාපනයක් ද ළමයාට ලබා දීම, කළ යුතුම දෙයකි. ඒ අනුව ඉරිදා දහම් පාසලට දරුවා යොමු කළ යුතුම ය. කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වන වැදගත් කරුණු අතර,

සක්කෝ - හැකියා වර්ධනය කිරීම, දක්ෂතා දියුණු කිරීම,
උජු - අවංකබව,
අනතිමානී – ආඩම්බර නොවීම
සුවචෝ - කීකරු බව

ළමයා වැඩිහිටි ඔවදනට කන්දෙන, ඒවා හොඳින් පිළිගැනීමට සූදානම් වන අයකු කළ යුතු ය. රාහුල පොඩි හාමුදුරුවෝ වැඩිහිටි අවවාද දිනපතාම ලැබේවායි ප්‍රාර්ථනා කළ අයෙකි. එවන් අයුරින් කීකරුකම කුඩා කළ සිටම තිබිය යුතු දෙයකි. ළමයා තුළ මෙවන් ආකාරයේ ගුණ යහපත්කම් වර්ධනය කිරීම තුළින් ගුණාත්මක ළමා පරපුරක් අපේක්‍ෂා කළ හැකි ය. පි‍්‍රය වචනය, සමානාත්මතාව ළමයා තුළ තිබිය යුතුම දෙයකි.

ඔහුට වෙනත් අය කෙසේ කතා කළ ද, ඔහු අනුන්ගේ සිත් නොරිදෙන, නොතැලෙන වචන කතා කිරීම වැදගත් ය. දරුණු වචන භාවිතා කිරීම, චරිත ඝාතන කිරීම, බොරු චෝදනා එල්ල කිරීම වැනි වචනයෙන් වන වැරදි වලින් වැළකීම යහපත් දෙයකි. මේ නිසා කුඩා කළ පටන්ම පි‍්‍රයවාදී වචන කියන්නකු ඇදහිය යුතු කතා කියන්නෙකු බවට දරුවා පත් කළ යුතු යි. සමානාත්මතාව යනු, කාටත් එක අයුරින් සැලකීම යි. තම වත් පොහොසත්කම් ගැන සිතා, අසරණ ළමයින්ට විහිළු තහළු නොකිරීම දුප්පත් බවට නිගා නොකිරීම ඔවුන් සමාජයෙන් කොන් නොකිරීම ළමයින්ට පුරුදු කළ යුතු යහපත් ප්‍රතිපත්ති වේ. ධනය බලය මත ඔවුන් බෙදා වෙන් කිරීම නොකළ යුතු ය. ළමයා තුළ තමන් වැනිම වූ අනික් ළමයින් දෙස ද සමානව බැලීමට හුරු කළ යුතු ය. මෙවැනි යහපත් ප්‍රතිපත්ති දෙසට අවධානය යොමු කළහොත් ළමා ලොව සුන්දර ලොවක් බවට පත් කිරීමට හැකි බව තේරුම් ගන්න. වෛර සිතිවිලි ළමා මනසින් දුරු කර, ඊර්ෂ්‍යා සහගත බව ජනිත නොවන ලෙස උස්මිටිකම් නොපෙන්වා, ළමා මනස තුළට හොඳ පුරුදු හුරු කිරීම වැදගත් වෙයි.

අප බුදුරජාණන් වහන්සේ ළමා ලොව දුක දැක, ඔවුනට සරණ වූ උතුමෙකි. බුදුහිමියන් ගිය මග යමින් ළමා ලෝකය තුළ උදාර ගතිගුණ ජනිත කරලීමට උත්සාහ කරමු.

පන්සලට දේවදත්ත කෙනෙක් ලිපියට සම්බන්ධ ලිපි දෙකට සම්බන්ධයෙනි.

උපුටා ගැනුම බුදුසරණ පුවත්පතෙන්.


ගුගලයට බළල් ඇසක් අරං! : කොම්පුටරේ!

ගුගල්හි Street View නම් සේවාව ගැන විස්තරයක්, ඒ හා බැදි හාස්‍යජනක දේ හා එයින් ගත හැකි තවත් ප්‍රයෝජන ගැන විස්තරයක් මම "ගුගලයට බළල් ඇසක් අරං! " නමින් ලිපියක් ලිව්වා. එය කියවන්නට ඔයාලටත් ආරාධනා:

http://komputare.blogspot.com/2009/03/blog-post.html




සුමානයකට පෙර සින්ඩරයට ඇතුලත් කිරිමට අයදුම්කලද තවත් පෝසට් කිහිපයක් දමන්නැයි ලැබුණු ප්‍රතිචාරයක් ලැබුණු අතර දැනට "කොම්පුටරේ!" සින්ඩරයේ නැති නිසා මෙසේ ලියන්නට වුණි.

පන්සලට දේවදත්ත කෙනෙක් හා සබැදියි.

මම ඒ ලිපිය පල කලේ විවේජනය කිරිමේ අර්ථයෙන් නොවන අතර "ආදරයට තහනම් නුවරය" නමි ලිපිය සේම ඒ තුලින් තමා තුලින්ම පල කරන අදහස් තුලින් සමාජයේ විවිධකාර පැතිකඩ පෙන්වා දීමයි මට කිරිමට අවශ්‍ය වුයේ. ඒ ලිපි දෙකට අදහස් ප්‍රකාශ කල නොකල සියල්ලන්ටම ස්තුතියි. දැන් අපි කතිකාවත අරඹමු. පසුගිය ලිපියේදි බොහෝ දෙනෙකුගේ අදහස වුයේ එය නො දැනුවත්කමින් සිදු වුවෙක් බවයි. ඒ බව මා පිළිගත්තද එය නිවැරදි බව පිලිගන්නට නොහැකිය. ඒ බව විමසා බලන ගමන් තවත් පැති හා පිටස්තර මාතෘකා ඔස්සේ ටිකක් කතා කරමු.


සාමාන්‍යයෙන් පන්සලකට (කෝවිලකට හා මුස්ලිම් පල්ලියකට මෙන්ම ලංකාවේ ඇතැම් කතෝලික පල්ලි වලද) යෑමේදි හැසිරිය යුතු හා ඇදිය යුතු ක්‍රම පවති. ඒ අනුව පන්සලට යෑමේදි හැසිරිය යුතු හා ඇදිය යුතු ක්‍රමයක් එනම් සුදු හෝ ලා පැහැති ඇදුම් හා සංවර ඇදුම් ඇදිය යුතුයැයි මතයක් (මතයක් මිස නීතියක් නෙවේ.) තිබියදි ඔහු ඇද ගියේ මන්ද? සාධාරණව සිතන්න, මේ ඇදුමම හෝ කොට රෙදි යාරෙකින් මැසු හිර ඇදුමක් හෝ කොට සායක් කලිසමක් ඇද කාන්තාවක් ගියොත් කුමක් සිදුවේද? එය ඔහුට අදාල නොවේද? (ඔහු යන්නෙන් අදහස් කලේ පිරිමින්ට බව සලකන්න) ෴


අද නගරයේ මෙන්ම ග්‍රාමික පිරිමි, මිශ්‍ර විද්‍යාල මෙන්ම බාලිකා විද්‍යාලවල වුවද 8වසරෙන් පසු බොහෝ සිසුවන් සිංහල ඉංග්‍රිසි අසහ්‍ය වචනත් සංඥාවල තේරුමත් දන්නා අතර ඇතැම් බොහෝ දෙනෙක් ලිංගිකත්වය ගැන අක්‍රිමවත් දැනුමද ලබා සිටියි. ඒ නිසාම ඔවුන්ගේ විනාශයට හේතු වෙයි (විවාහයට පෙර ලිංගික හැසිරිම්, අඩු වයසින් සිදු කරන ලිංගික හැසිරිම් වැනි.. මේ කරුණ මා සදහන් කලේ එක් පෝසට් එකක සදහන් වු මේ ලිපිය නිසාවෙනි.(එහි සත්‍ය අසත්‍යභාවය මා නොදතත් එය සිදු වීමේ ප්‍රවිණතාවයක් ඇති බව මගේ විශ්වාසයයි.)෴

විභාග හා ලකුණු පසුපස දුවන අපේ අධ්‍යාපන ක්‍රමයේදි බොහෝවිට සිසුවන්ට ජිවිතයට අවශ්‍ය වන කරුණු, අධ්‍යාපන, සිරිත් විරිත් ආචාරධර්ම ඉගැන්විම බොහෝදුරට සිදුනොවෙයි. එසේම රූපවාහිනී හා මාධ්‍ය තුලින් දකිනා දේම විමසා නොබලා අයාලේ අනුගමන කරයි. ඉතිං මේ වැරදි වලට වගකිව යුත්තේ කවුරු කවුරුන්ද?

පන්සලට දේවත්ත කෙනෙක්?



ImageHost.org

කැළණිය විහාර බිමේ ගන්නා ලද මෙම ජායාරූපයේ සිටිනා පුද්ගලයා ඇද සිටිනා ඇදුමේ හැටියට පන්සලක තබා සාමාන්‍යයෙන් මගතොටක ඇදිමට යොග්‍ය ඇදුමක්ද? මෙවැනි පුද්ගලයින් බොහෝමයක් සමාජයේදි එළිපිට සිටිති. ඔවුන් ගැන නිහඬ මන්ද? මිට වග කිව යුත්තේ ආර්ථික ක්‍රමයද? නොහොත් අධ්‍යාපන ක්‍රමයද? දෙමව්පියන්ද?

සුළු පිරිසක් හෝ එක් කෙනෙකු හෝ මනඃකල්පිතව හෝ හේතුකොට බංකු පෙරලන, නිති පනවන, වෙබ් අඩවි වලට තහචි පනවන කල මෙවැන්නන්ට නිහඩ මන්ද? කල යුත්තේ එසේ කිරිම නොව විකෘති වු සමාජයේ ඒ වැරදි වල මුල සොයා ප්‍රතිකාර කිරිමයි.


සිද්ධාර්ථ!

සිද්ධාර්ථ!
ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක
ඉරතුවෙන් ඉර්තුවට සත් මහල් ප්‍රසාද
රජ ඉසුරු අපට නැත
එබැවින් ඔබට මෙන්
ගිහි ගෙයින් යා නොහැක පහසුවෙන්

මා ගියහොත්
අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති
දරුවෝ දණගානා නොදරුවෝය
උන්ට බොන්ඩ ටින් කිරි පිටි හොයා දෙන්ඩ
මා නැත්නම් කෙනෙක් නැති ය
අනාගතය දෑතින් මිට මොලවා ගෙන
මා දිහාම බලා හිඳිති උන් හැම දෙන

නිරංජලා රෑ තිස්සේ නිදි මරාන
කොච්චරවත් දැලි පෙරාන
ඇටයි හමයි
පිටි කොටනවා, කිරි හදනව,
කැඳ උයනවා, රෙදි මදිනව

අම්මා කෙනෙක් වගෙයි
අක්කා කෙනෙක් වගෙයි
ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි
දිළිඳු ගෙයක සාගතයක
උන් තනි කර යා නොහැකිය

සංසාරේ කලකිරිලා මං එන කොට
නිරංජලා හිටියා මුඩුක්කුවක
දරු පැටියෙකුත් එක්ක අතරමංව
කාගෙන් වත් හව්හරණක් නැතිව
ඇගෙ සැමියා මැරිලා බර ඇදලා
ඒ බර මම අර ගත්තේ
ඈ ගැන අනුකම්පාවෙන්

දෑතේ කරගැට සිබ සනසන්නට
ළා ගොයමේ දළු පවන් සලයි
දහදිය මුතු ඇට මල් වරැසා වී
කරල් බරින් පීදි වැගිරෙයි

අඩ සඳ මෝරන නිසසල අහසින්
බිළිඳු හදට කිරි දියර ගලයි
හෙට ඉදිවන නව ලෝකය දැක දැක
පුංචි පුතා හීනෙන් හිනැහෙයි

දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල
යළි ඉපදී ඇත මව් දෙරණේ
සත් රැවනින් තව නිදහන් මතු වී
පුතුගෙ සිනහවෙනි ඔප වැටුනේ
දෑසේ කඳුළැලි පිස දා බලනෙමි
හෙට හිරු එළියට වඩින දිනේ
ණය නැති බිය නැති යුගයක
පුංචි පුතා රජ කරනු පෙනේ

මා ගත වෙහෙසට ආදරයෙන් දිය
උල්පත පාදන පුංචි පුතුන්
ඒ ගත වෙහෙසම සැපතක් වෙයි මට
ඔබ දකිනා කල පුංචි පුතුන්
දෙදහස් පන්සිය වරක් තිස්සේ
මා දුටු සිහිනය පුංචි පුතුන්
ඔබ හට ලෝකය ඉදිකර දී මිස
යා නොහැකිය මට පුංචි පුතුන්

සිද්ධාර්ථ!
එබැවින් අද
නියත විවරණය මට දුන මැනව

මේ ලියන මේසය ළඟ
මේ පුටුව මත හිඳ
මේ ලිපි ගොනු අතර මැද …
හාන පෝරු ගාන - වී වපුරන වෙල් යායක
සටන් පාඨ
වැඩ වර්ජන
කම්හල් දැති රෝද අතර-
ගෑනු පිරිමි එක රොත්තට හිර වී ගෙන
උදේ සවස වැඩට යනෙන කොච්චියක
දෙනෝ දහක් සෙනඟ අතර
බුදු වීමට
තනියම නොව
දෙනෝ දහක් සෙනඟ එක්ක
අපි ඔක්කොම - එකට බුදු වීමට


අපේ ජිවිතේ සමාජයේ රජ යන දුක්ඛ් භාවය පීඩිත වුණ කෙනෙක්ගේ ඇසින් තමාගේ දැනිම හා ආගම තුලින් සැනසිම පතන හැටිත් දරුවා දැකිමෙන් හා තමාගේ යථාර්ථ ජිවිතය සිහි වීමෙන් චචල වන ඔහුගේ සිතත් පීඩනයත් මැනවට මහගම සේකරයන් සිය 'ප්‍රබුද්ධ' කෘතියෙන් කියාපායි.


ප්‍රජාතන්ත්‍රවාදය

ආණ්ඩුව යුද්ධයක් කරගෙන යයි. ආණ්ඩුව සිතන ආකාරයට එය යුක්ති සහගත හා සාධාරණ යුද්ධයකි. එහි අරමුණ දමිළ ජනතාවට විමුක්තිය ගෙනදීම බවද ආණ්ඩුව කියයි. ඒ අර්ථයෙන් ගත් කල එල්ටීටීඊ සංවිධානය යනු ආණ්ඩුවේද දමිළ ජනතාවගේද‚රටේ බහුතරයක් වන සිංහල ජනතාවගේද සතුරාය. මේ පොදු සතුරාට විරුද්ධව කරන සටන සිය මුළු වැර යොදා ආණ්ඩුව කරගෙන යන්නා සේම රටේ සියලු භෞතික හා මානව සම්පත්ද‚ මතවාදයන්ද ඒ කේන්ද්‍රය වෙත යොමු කිරීම ආණ්ඩුවේ වුවමනාවයි. ඒ සඳහා අතිශය බලවත් විධායකයේ සියලු ශක්තීන් යොදවා තිබේ. ඒ හැරෙන්නට රාජ්‍යයේ සියලු මතවාදී හා මර්දන යාන්ත්‍රණයන්ද ඒ කෙරෙහි දිශානත කොට තිබේ. අන් කවර කාලයකටත් වඩා යුද්ධය සාධාරකරණය කැරෙන රණවීරත්වය උත්කර්ෂයට නැංවෙන දැවැන්ත මාධ්‍ය ක්‍රියාන්විතයක් රටේ ක්‍රියාත්මක වෙයි. ඒ සඳහා යොදවා ඇති රාජ්‍ය මාධ්‍ය ජාලයට අමතරව පෞද්ගලික මාධ්‍ය ජාලයක්ද ස්වකැමැත්තෙන්ම යුද සාධාරණකරණ ක්‍රියාන්විතයේ යෙදී සිටිති.

ඊටත් අමතරව රටේ මතවාදී ආධිපත්‍යය දරන පූජ්‍ය පූජකයන් බුද්ධිමතුන් සමාජ ක්‍රියාකාරීන් ලේබකයන් කලාකරුවන් මාධ්‍යවේදීන් ආදීන් ඇතුළත් පුද්ගල තීරුවෙන් අතිබහුතරයද ආණ්ඩුවේ ක්‍රියාන්විතයට ආශිර්වාද කරති. මේ සියලු තත්ත්වයන් යටතේ සමාජය මතවාදීමය වශයෙන් බරපතළ ධ්‍රැවීකරණයකට භාජනය කිරීමට ආණ්ඩුව විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමත්වී තිබේ. ඒ අනුව 9/11 ප්‍රහාරයෙන් පසුව අමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් "එක්කෝ අප. නැත්නම් ත්‍රස්තවාදය" තෝරාගන්නා ලෙස කී කියමනටත් වඩා බලවත්භාවයක් ගෝඨාභය රාජපක්ෂ මහතා බෝම්බ ප්‍රහාරයෙන් බේරුණු අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා "එක්කෝ අප. නැත්නම් එල්ටීටීඊය" තෝරාගන්නා ලෙස කළ විධානයට ලැබී තිබේ.ජනාධිපතිවරයා බලාපොරොත්තු වූ පරිදිම සමාජය පැහැදිලි ධ්‍රැව දෙකකට බෙදිණි. එක් පාර්ශ්වයක් ජනාධිපතිවරයාගේ මග ම තෝරාගත්තේය. ඒ පිරිස අතිවිශාල බහුතරයකි.

අනෙක් පාර්ශ්වය මේ මොහොතේ අතිශය සුළුතරයකි. ඔවුන් ජනාධිපතිවරයාගේ මතයටත් වාර්ගික ගැටලුව යුද ක්‍රියාන්විතයක් හරහා විසඳනවාටත් ඉඳුරාම විරුද්ධ පිරිසකි. එල්ටීටීය වනාහී ලංකාවේ වාර්ගික ගැටලුව දිගු කලක් තිස්සේ විසඳීමට අවංක උත්සාහයක් නොගැනීමේ ප්‍රතිඵලයක් ලෙස බිහිවූ එහිම ඓන්ද්‍රීය සංඝඨකයක් ලෙසත් එල්ටීටීඊය සමූලඝාතනය වීම වූ කලි දමිළ ජනතාවගේ අයිතිවාසිකම් අරගළයේ එක්තරා පරාජයක් බවත් ඔවුහු අඩු වැඩි වශයෙන් කල්පනා කරති. මේ මතවාදී තීරුව තුළ එල්ටීටීයේ සකලවිධ ක්‍රියාවන් කොන්දේසි විරහිතව සාධාරූකරණය කරන්නන් සුළු පිරිසක් සිටිය හැකි නමුත් අතිශය බහුතරයක් එසේ නොවෙති. ඔවුහු එල්ටීටීය දමිළ අයිතිවාසිකම් අරගළය කෙරෙහි දක්වන දායකත්වය පිළිබඳව විමර්ශනාත්මක හා විවේචනාත්මක අදහසක් දරන්නෝ වෙති. එහෙත් මේ මොහොතේ එල්ටීටීයේ පැවැත්මේ අවශ්‍යතාව ධනාත්මක කෝණයකින් දකින්නෝද වෙති. එහි දීර්ඝ අර්ථයෙන් ඔවුන් එල්ටීටීඊයේ විනාශයක් ප්‍රාර්ථනා කරන්නේ නැත. (එහෙත් සියල්ල සිදුවන්නේ ප්‍රාර්ථනාවන් අනුව නොවේ. එල්ටීටීයේ පැවැත්ම තීරණය කරන්නේ එල්ටීටීය විසින්ම මිස අන් අය එල්ටීටීය ගැන සිතන හෝ ප්‍රාර්ථනා කරන ආකාරයට නොවේ. බොහෝ අයට එල්ටීටීය වචනයෙන් විස්තර කළ නොහැකි වන්නේද එහෙයිනි.) එසේම ඔවුහු ආණ්ඩුවේ හමුදා විසින් කරන නීති විරෝධී පැහැරගෙන යෑම් අතුරුදන් කිරීම් සිවිල් ජනයා වෙත අහසින් බෝම්බ හෙලීම් සිවිල් ජනයා ඝාතනය කිරීම් අනුමත නොකරන්නා සේම එල්ටීටීටීඊ සංවිධානය කරන එවැනි දේද අනුමත කරන්නේ නොකරන්නෝ වෙති. එසේම ආණ්ඩුවේ හමුදා විසින් එල්ටීටීඊ සාමාජිකයන් ඝාතනය අනුමත නොකරන්නා සේම එල්ටීටීය විසින් ආණ්ඩුවේ හමුදා සොල්දාදුවන් ඝාතනයද අනුමත නොකරන්නෝ වෙති. එසේ වන්නේ සමස්තයක් ලෙස ගත් කල බහුතරයකගේ පාලනය නිසා සුළුතරයක් මත ඇතිකරන පීඩනයට එරෙහිව අවි අතට ගන්නවුන් විනාශ කිරීමෙන් ඔවුන්ගේ 'ඉල්ලීම් විනාශ කිරීමේ' ක්‍රමවේදය යල් පැනගිය හා අසාධාරණ එකක් ලෙස ඔවුන් විශ්වාස කරන නිසාය.

එහෙත් ආණ්ඩුවේ සිතීමේ සහ ක්‍රියාකිරීමේ වපසරිය තුළ මේ සියල්ලෝමද එල්.ටී.ටී.ඊ. කාරයන් සේ හංවඩු ගැසෙන්නෝය. ඔවුන්ගේ අදහස්වලට මෙවැනි යුදකාමී මොහොතක සමාජයේ ඉඩක් නැත. ජනප්‍රිය මාධ්‍ය ඒවාට ඉඩදෙන්නේ ද නැත. ඒ සියල්ලටමත් වඩා එවැනි අදහස් දැරීම වූ කලි සැඟැවුණු මාරයෙකුට අතවැනීමක් වන තත්ත්වයකට රට පත්ව තිබේ.

රාජ්‍යයේ සියලු යාන්ත්‍රණයන් විසින් රට එක් දිශාවකට යොමුකර ඇති මොහොතක සියලු දෙනා කොන්දේසි විරහිතව රජය සමග සිටිය යුතුයැයි සිතන්නට රජයට අයිතියක් ඇති නමුත් එය එසේම සිදුවන්නේ නැත. එනිසා සුළුතරයක් නමුත් වෙනස් අදහසක් පළකරන්නන් සිටින බවත් ඔවුන්ට යුක්ති සහගත ඉඩක් තිබිය යුතු බවත් සලකා රජයක් කටයුතු කිරීම අවශ්‍යය. මේ මතවාදයන් අතුරෙන් නිවැරදි වන්නේ කුමක්දැයි තෝරන්නේ වර්තමානය විසින් නොව ඉතිහාසය විසින් නිසාය.

ප්‍රජාචන්ච්‍රවාදයේ නොව ප්‍රජාතන්ත්‍රවාදයේ හරය එයයි.

උපුටා ගැනිම Lanka Dissent වෙතිනි. මෙම මතයන්ට එකඟ වීම නොවිමට ඔබට අයිතියක් ඇති අතර යුද්ධය පිළිතුරක් මිස විසදුමක් නොවන බව මා විශ්වාස කරන බැවින් එයට එකඟ විම මට කළ නොහැක්කෙකි. මිනිසාගේ තුල තිබෙන ක්‍රෝධය වෛරය පිරිමසා ගැනිමක් මිස එය වෙන කිසිවෙක් නොවේ.



වෛරය අවෛරයෙන් සිසිඳේවා!

Failure and Sucess (The Way I See It #26)


"Failure's hard, but success is far more dangerous. If you're successful at the wrong thing, the mix of praise and money and opportunity can lock you in forever."



-Po Bronson-

ලඟදි ගත්තු Starbucks Coffee නම් කොපිහලක කෝප්පයක දාලා තිබ්බ මේ පණිවිඩය දැම්මේ අපේ, විශේෂයෙන් අපේ රටට වැදගත් කියා සිතුන නිසාවෙනි.

ජීවිතය, විශ්වය හා රිද්මය

රාත්‍රියේහි නිදි වර්ජිතව සිටින මම අන්ධකාරයට කන් යොමා සිටිමි. ලෝකයම නිසලව නිදා සිටියි.නිශ්ශබ්දතාවය මිස අන් කිසිවක් ඇසෙන්නට නැත.මම වඩාත් හොදින් කන්දෙමි.එවිට ඒ නිශ්ශබ්දතාවය තුලින් විවිධාකාර සියුම් ශබ්ද මතුවන්නට පටන් ගනියි..ලගින්ම ඇසෙන්නේ මා අසල වැතිර සිටින මාගේ කිරිකැටි ලදරුවාගේ ආශ්වාශ ප්රාශ්වාස කරන ශබ්දයයි ඔහු හුස්ම ගන්නේ කිසියම් රිද්මයක් ඇත්තාසේ මට හැගී යයි.
මේසයට ඇගිල්ලෙන් තට්ටු කර ගීතයක තාලය අල්ලන්නාක් මෙන් මම ඒ රිද්මය සිතින් මැන බැලීමි. මිනිසා ආශ්වාස ප්රාශ්වාස කරන්නේ රිද්මයකට අනුව බව පලමු වරට මට පසක් වෙයි..
මම ළය මත අත තබා මගේම ආශ්වාස ප්රාශ්වාස යේ ඇති රිද්මය වටහා ගතිමි..ඒ රිද්මය අනුව මගේ ළය උස් පහත් වෙයි..වඩාත් කුතුහලයට පත් වන මම මගේම අත ගෙන නාඩි අල්ලා බැලීමි.නාඩි වටෙන්නේද එක්තරා රිද්මයකට අනුව බව එවිට මට පෙනී යයි..ආශ්වාස ප්රාශ්වාස කිරීම හෘදය ස්පන්දනය වීම, නාඩි වැටීම රිද්මයකට අනුව සිදුවන බැවින් මුලු ශරීර යන්ත්රහයම ඒ රිද්මයට අනුව ක්රියා කරන බව නිසැකය..මේ නිසා මිනිසාගේ ගමන බිමන වැඩපල කතාබහ ආදී සියල්ලක්ම රිද්මය ආත්ම කොට පවතී..මිනිසා ඇවිදින සැටියෙන් ඒ රිද්මය අපට හදුනා ගත හැකිය.. ඔහු පා නගන්නේ සමාන්තර ලෙස පියවර තබමිනි.ඒ රිද්මය අනුව ඔහු ගේ දෑත් එහා මෙහා පැද්දයි..අසම ලෙස පා තබා ඇවිද්දහොත් වැඩි දුරක් යාමට මත්තෙන් ඔහුට වෙහෙසක් දැනේ..ඔහු උදැල්ල බිම පහරා පොළව කොටන්නේ ද ඔරුව පදින්නේ ද කිණිහිරය මත තබා යකඩය තලන්නේ ද පට්ටලය මත දඩුකද තබා කියතෙන් ඉරන්නේ ද කිසියම් රිද්මයකට අනුවය. වී කොටන වී පොළන දර පලන පොල් ගාන ක්රියාකාරකම් වල අති රිද්මය ඒවායින් නැගෙන හඩින් හදුනා ගත හැකිය.. සාමාන්යය කතාබහක ඇති රිද්මය පහසුවෙන් නොපෙනේ.එහෙත් මිනිසා හැගීම් වලින් ආකූලව කතා කරනවිට ඔහු ගේ කතා විලාශය ශෛලිගත ස්වරූපයක් ගනී..එවිට එහි අති රිද්මය වඩා පහසුවෙන් හදුනා ගත හැක.ජීවිතය විශ්වය හා රිද්මය එකක්ම නොවේදයි වරෙක මට සිතෙයි..

- මහගමසේකරයන්ගේ ජීවිතය විශ්වය හා රිද්මය තුලිනි. -


කුඩා කාලයේ සිට සිතේ තිබු මේ වාග්මාලාව නැවතත් මතකයට ගෙනා රනිල් අයියාට ස්තුතිය.



බොන කිරිවලටත් සත්ව තෙල්!


මෙරට කිරිපිටි ආනයනය කරන බහු ජාතික සමාගම් සහ පිටකොටුවේ තොග වෙළඳුන් මෙරටට ගෙන්වා කිරිපිටි යැයි විකුණන්නේ සම්පූර්ණ යොදය (මේදය) ඉවත් කර ෆාම් ඔයිල් සහ සත්ව තෙල් එකතු කර නැවැත සකස් කළ කිරි ආහාර බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පසු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුර ජයසූරිය මහතා දැඩි චෝදනාවක් කළේය.

ජයසූරිය මහතා මෙසේ චෝදනා කළේ මව්බිම ලංකා පදනම විසින් කොළඹ පදනම් ආයතනයේ ඊයේ (12) පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින්ය.

මෙලමයින් අර්බුදයත් සමඟ ඇතිවූ සැකයක් මත මව්බිම ලංකා පදනම වෙළඳපොළේ විකිණීමට ඇති කිරිපිටි සාම්පල් 10 ක් ලබා ගෙන ඒවා වයඹ විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් හා උපකුලපතිවරුන් සිවුදෙනකු ඉදිරියේ සාක්ෂි සහිත අත්සන් කොට මුද්‍රා තබා යුරෝපයේ ප්‍රධානතම ස්වාධීන පරීක්ෂණාගාරයක් වන එංගලන්තයේ ඉක්ලිප්ස් (A.C.L.I.P.S.E.) ආයතනයට එම කිරිපිටි වල මේදය පරීක්ෂා කිරීමට යැවූ බවත් කී ආචාර්ය ජයසූරිය ඕස්ට්‍රේලියානු නවසීලන්ත සම්මත ක්‍රමය අනුව සම්පූර්ණ යොදය සහිත කිරි ග්‍රෑම් 100 ක මේදය 26.3% සහ බියුටරික් අම්ල 0.9 ක් තිබිය යුතු අතර එය ප්‍රතිශතයක් වශයෙන් 3.5% ක් විය යුතු බවත් කීවේය.

එසේ වුවද මෙරට ආනයනය කරන ලද පරීක්ෂණය සඳහා යැවූ සෑම කිරි සාම්පල් එකක බියුටරික් අම්ල ග්‍රෑම් 0.9 ට වඩා අඩු වී ඇති බවත් එසේ වන්නේ එම කිරිපිටි වලට වෙන තෙල් වර්ගයක් එකතු කිරීම නිසා බවත් ආචාර්ය ජයසූරිය මහතා සඳහන් කළේය.

විශේෂයෙන්ම බියුටරික් අම්ලය තිබිය හැක්කේ රෝමාන්තික සතුන් වන ගවයන්ගේ හා එළුවන්ගේ පමණක් බැවින් වෙනත් තෙල් වර්ගයක් කිරිපිටි වලට එකතු කර ඇත්නම් ඒ බව කිරිවල බියුටරික් අම්ලය මැනීමෙන් සොයා ගත හැකි බවත් ආචාර්ය ජයසූරිය මහතා කීය.

මව්බිම ලංකා පදනමේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙසේ ද කීය.
එළකිරි වල තිබෙන මේදය ඉවත් කර වෙනත් මේදයක් එකතු කරනවා නම් එම කිරි හඳුන්වන්නේ නැවත සකස් කළ කිරි ආහාර ලෙසයි. බටහිර රටවල හෝ ඉන්දියාවේ මෙවැනි කිරි ආහාර කිරිපිටි වශයෙන් විකිණීම සම්පූර්ණයෙන් තහනම්.

නැවත සකස් කළ කිරි ආහාර නිපදවීම සඳහා එළකිරි වල ´බටර් ෆැට්` කියන එක ඉවත් කරලා ඒ වෙනුවට ෆාම් ඔයිල්, ඌරු තෙල් සහ කකුල් තෙල් එකතු කරනවා. එළකිරි මේදය ඝණයි. උදාහරණයක් විධියට ලංකාවේ එළකිරි මේදය කිලෝ 1 ක් රුපියල් 850 ක් වෙනකොට ෆාම් ඔයිල් කිලෝ 1 ක් රුපියල් 150 යි.

බහුජාතික සමාගම් කිරිපිටි කියලා මේ රටට ආනයනය කරලා අපට විකුණන්නේ නැවැත සකස් කළ කිරි ආහාරයි.

කිරිපිටි කියන්නේ අපේ රටේ අත්‍යවශ්‍ය ආහාරයක්. වර්ෂයකට කිරිපිටි මෙට්‍රික් ටොන් 61,000 ක් ගෙන්වන අතර ඒ සඳහා රුපියල් බිලියන 260,271 ක් වැය වෙනවා.

සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ගෙන්වනවා යැයි කියා නැවත සකස් කළ කිරි ආහාර ගෙන්වීමෙන් ආනයනකරුවන් වංචා සහගතව මෙතෙක් උපයා ඇති ලාභය රුපියල් මිලියන 2,000 ක් වෙනවා.

කිරිපිටි වල මේදය ඉවත් කර ඒ සඳහා එකතු කළ මේදය නිසා සෞබ්‍යයට හානි කරනවාද නැද්ද යන්න පිළිබඳව අපි තවමත් සොයා බලා නැහැ.

අත්‍යවශ්‍ය ආහාර ගෙන්වීමේ බදු සහන වලට මුලා වෙලා කිරිපිටි වෙනුවට නැවත සකස් කළ කිරි ආහාර ගෙන්වීමෙන් මෙම සමාගම් රජයට වංචා කර ඇති බදු වටිනාකම රුපියල් බිලියන 07 ක් වෙනවා. මේ සඳහා ලබා දෙන 15% ක වැට් බදු සහනයත් රේගුව මුලා කරලා ලබා ගෙන තිබෙනවා.

කිරිපිටි ගෙන්වන මුවාවෙන් නැවත සකස් කළ කිරි ආහාර ගෙන්වීම පාරිභෝගික ආරක්ෂණ පනත යටතේ වගේම ආහාර පනත යටතෙත් දඬුවම් ලැබිය හැකි වරදක්. මෙම සමාගම් ගෙන්වන එම කිරි ආහාර යළි දියකර එළකිරි වලටත් විකුණනවා.

මව්බිම ලංකා පදනමේ සභාපති ආරියසීලි වික්‍රමනායක, අධ්‍යක්ෂක කුලතුංග රාජපක්ෂ සහ වෛද්‍ය සුමිත් වන්නි ආරච්චි යන මහත්වරුන්ද මෙහිදී කතා කළහ.

පාරිභෝගික ඔබට මේ පිලිබඳ වැඩි විස්තර දැන ගැනීමට කැමතිනම් අංක 07777 47055 දුරකථනය අමතා මව්බිම ලංකා පදනමේ සුසන්ත රාවත්ත මහතා ඇමතිය හැක.

උපුටා ගැනුම: ලංකා ඊ නිව්ස් වෙතින්.

අස්ථි රෝග පෙන්නා අනිසි බයක් ඇති කර විකුණවා මදිවට මෙහෙමත් වැඩ?

අපේම පාශු කර්මාත්තය ගොඩ නැගිමට දේශපාලනිකරණ නොවු වැඩපිලිවෙලක් අතවශ්‍ය වෙන්නේ මෙවන් යුගයකදි
සක්විතිලාට කෝතවලාට බැන බැන සිටින අපි මේ බව දැන දැන නිහඬ මන්ද?

ආදරේට තහනම් නුවරය...?

ImageHost.org



මහනුවර නගරයේ දැකුම්කළු බවේ ප්‍රධාන සංකේතය දළද මාලිගාව සහ ඒ හා බැදි නුවර වැවයි. නුවර වැව ප්‍රමාණයෙන් කුඩා වුවත් එය නගරයට එක් කරන්නේ පිරිපුන් චමත්කාරයකි. පසුගියදාවක මෙම වැව ඉස්මත්තේ තනා ඇති ඇතැම් බංකුවලට කිසියම් පිරිසක් විවිසින් කළුතෙල් දමා තවත් බංකු පෙරලා දමා ඇත. ප්‍රදේශවාසීන් පවසන්නේ තරුණ තරුණියන් මෙම බංකුමත අනාචාරයේ හැසිරෙන බවය. එය වලකාලීම සඳහා මෙය කල බවත්ය. මෙම වැව අසලින් නිරන්තරවම ගමන් ගන්නා ආචාර්‍යවරයෙකු "කෙල්ලෙක් කොල්ලෙක් බංකුවක් උඩ වාඩීවී සිටියහොත් අපේ ඇතැම් වනචර මිනිසුන් හිතන්නේ ආදරය, ප්‍රේමය කියන්නේ වනචර දෙයක් කියලා. ඔතන එහෙම කිසිම දෙයක් වෙන්නේ නෑ. ආදරය, ප්‍රේමය වනචරය, ප්‍රචණ්ඩය කියලා උගන්වන ඉගෙන ගන්නා රටක මෙහෙම වෙනවා. තත්පරයක්, තත්පරයක් ගානේ මිනිසුන් අමු අමුවේ මරා දමන රටක මරන්න එපා කියලා, යුද්ධය එපා කියා ඔය බංකු පෙරලන කළුතෙල් ගාන ඊනියා සදාචාරවාදීන් පොස්ටරයක්වත් ගහන්නේ නෑ. මේක තමයි ලෝකෙන් උතුම් රට." කිවේ මහත් වේදනාවෙන්.

ඇත්ත වශයෙන්ම මේවාට වග කිව යුත්තේ කවුරුන්ද?ඒ කී පෙම්වතුන් (සම(හ)රක්) මෙසේ හැසිරේ නම් ගන්නට වෙන ක්‍රියාමාර්ග තිබුණේ නැතිවාද? මෙම බංකු වල ගිමන් හරින අය කොහේ අරින්නද? පවුල් පිටින් නුවර සචාර කරන දෙමව්පියන් තම දරුවන් සමඟින් වැවේ සතුන්, මාළුවන් පෙන්වා සතුටු වෙන්නේ කෙසේද? නුවර සචාරය කරන විදේශකයන් වාඩිවී තම කැමරා කාචයට සුදුසු දර්ශනයක් එන තුරු සිටින්නේ කොහේද? පෝයදාවට සිල් ගන්නා සිල්වතුන් සිල් ගන්නේ කොහේද? විඩාබර ජිවින චක්‍රයෙන් මිදි වැවට එන අය, නොයෙකුත් ප්‍රශ්ණ හමුවේ පිඩීත අය ඇවිත් වාඩි වී සිත සාද ගන්නේ කොහේද? (වැවට පැනලාද?). අවංක පෙම්වතුන් නො මැත්තේ නොවේ, ඔවුන්ද යන්නේ කොහේද? (මන්ද ඇතැම් අය මල් වත්තට හොටෙල් කාමර වලට යන්නට තරම් වනචර නැති නිසාවෙනි.) කවුද මේ මූඩකමට වග කියන්නේ? ඔවුන්ට මේ බව අමතක් වීද? නැත්නම්? බුදුන් වැඩි දේශයේ බුදුන්ගේ ධාතුව වැඩ සිටින සෙන්කඩපුරයේ මෙසේද විදුවිය යුත්තේ? ඒසේ නම් ඇයි බුදුන් වදාල අවිහිංසාව, කරුණාව, මෛත්‍රිය, උපේක්ශාව, මුදිතාව යන ගුණ අමතක?



විකල්ප ඇසුරෙන්.

දිවි පිදිම


ImageHost.org


අපි දිවිපිදුවෙමු
ඔබ ඔබේ ජාතිය වෙනුවෙන්
මා මගේ ජාතිය වෙනුවෙන්
බිම්කඩක අයිතිය පතා
අවසන් වෙඩි හඩ ද
වියැකුණු පසු
අවසන් ලේ පොදද හෙලා අවසන දැනෙයි
අප දෙපසටම
ඔබත් මාත් අතර වෙනස
ඔබ ඔතනත්
මා මෙතනත්
ඉපදීම බව
මගේ දේශපේ‍්‍රමය
ඔබේ දේශපේ‍්‍රමයට
මඳකිනුදු නොවෙනස් බව
අප මරාගත් ඔය බිම් කඩ
ඔය කියනා පුණ්‍ය භූමිය
ඊයේ ඔබේ… අද මගේ…
හෙට කාගේ ද?
බේරුම් කළ හැකි එකෙක් වෙත් ද මේ දියත
එකිනෙකා මරා නොගෙනම



- Muditha at SouthernStarFront'sBlog-


තම ජාතිය වෙනුවන් යැයි යුධ බිමේ සටන් කරන දෙමලාගේද සරණක් පතා පැන එන දෙමලාගේද,තම රට (ජාතිය ) වෙනුවෙන් යැයි සටන් බිමට යන සිංහලයාගේද බස් රථයේ ප්‍රාණබියෙන් ගමන් ගන්නා සිංහලායාගේද බලාපොරොත්තුව කිම? නිදහසයි, පිලිගැනිමයි. එය ඉටු වේද අපේ සමාජයත් සමඟින්?