බොන කිරිවලටත් සත්ව තෙල්!


මෙරට කිරිපිටි ආනයනය කරන බහු ජාතික සමාගම් සහ පිටකොටුවේ තොග වෙළඳුන් මෙරටට ගෙන්වා කිරිපිටි යැයි විකුණන්නේ සම්පූර්ණ යොදය (මේදය) ඉවත් කර ෆාම් ඔයිල් සහ සත්ව තෙල් එකතු කර නැවැත සකස් කළ කිරි ආහාර බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පසු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුර ජයසූරිය මහතා දැඩි චෝදනාවක් කළේය.

ජයසූරිය මහතා මෙසේ චෝදනා කළේ මව්බිම ලංකා පදනම විසින් කොළඹ පදනම් ආයතනයේ ඊයේ (12) පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින්ය.

මෙලමයින් අර්බුදයත් සමඟ ඇතිවූ සැකයක් මත මව්බිම ලංකා පදනම වෙළඳපොළේ විකිණීමට ඇති කිරිපිටි සාම්පල් 10 ක් ලබා ගෙන ඒවා වයඹ විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් හා උපකුලපතිවරුන් සිවුදෙනකු ඉදිරියේ සාක්ෂි සහිත අත්සන් කොට මුද්‍රා තබා යුරෝපයේ ප්‍රධානතම ස්වාධීන පරීක්ෂණාගාරයක් වන එංගලන්තයේ ඉක්ලිප්ස් (A.C.L.I.P.S.E.) ආයතනයට එම කිරිපිටි වල මේදය පරීක්ෂා කිරීමට යැවූ බවත් කී ආචාර්ය ජයසූරිය ඕස්ට්‍රේලියානු නවසීලන්ත සම්මත ක්‍රමය අනුව සම්පූර්ණ යොදය සහිත කිරි ග්‍රෑම් 100 ක මේදය 26.3% සහ බියුටරික් අම්ල 0.9 ක් තිබිය යුතු අතර එය ප්‍රතිශතයක් වශයෙන් 3.5% ක් විය යුතු බවත් කීවේය.

එසේ වුවද මෙරට ආනයනය කරන ලද පරීක්ෂණය සඳහා යැවූ සෑම කිරි සාම්පල් එකක බියුටරික් අම්ල ග්‍රෑම් 0.9 ට වඩා අඩු වී ඇති බවත් එසේ වන්නේ එම කිරිපිටි වලට වෙන තෙල් වර්ගයක් එකතු කිරීම නිසා බවත් ආචාර්ය ජයසූරිය මහතා සඳහන් කළේය.

විශේෂයෙන්ම බියුටරික් අම්ලය තිබිය හැක්කේ රෝමාන්තික සතුන් වන ගවයන්ගේ හා එළුවන්ගේ පමණක් බැවින් වෙනත් තෙල් වර්ගයක් කිරිපිටි වලට එකතු කර ඇත්නම් ඒ බව කිරිවල බියුටරික් අම්ලය මැනීමෙන් සොයා ගත හැකි බවත් ආචාර්ය ජයසූරිය මහතා කීය.

මව්බිම ලංකා පදනමේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙසේ ද කීය.
එළකිරි වල තිබෙන මේදය ඉවත් කර වෙනත් මේදයක් එකතු කරනවා නම් එම කිරි හඳුන්වන්නේ නැවත සකස් කළ කිරි ආහාර ලෙසයි. බටහිර රටවල හෝ ඉන්දියාවේ මෙවැනි කිරි ආහාර කිරිපිටි වශයෙන් විකිණීම සම්පූර්ණයෙන් තහනම්.

නැවත සකස් කළ කිරි ආහාර නිපදවීම සඳහා එළකිරි වල ´බටර් ෆැට්` කියන එක ඉවත් කරලා ඒ වෙනුවට ෆාම් ඔයිල්, ඌරු තෙල් සහ කකුල් තෙල් එකතු කරනවා. එළකිරි මේදය ඝණයි. උදාහරණයක් විධියට ලංකාවේ එළකිරි මේදය කිලෝ 1 ක් රුපියල් 850 ක් වෙනකොට ෆාම් ඔයිල් කිලෝ 1 ක් රුපියල් 150 යි.

බහුජාතික සමාගම් කිරිපිටි කියලා මේ රටට ආනයනය කරලා අපට විකුණන්නේ නැවැත සකස් කළ කිරි ආහාරයි.

කිරිපිටි කියන්නේ අපේ රටේ අත්‍යවශ්‍ය ආහාරයක්. වර්ෂයකට කිරිපිටි මෙට්‍රික් ටොන් 61,000 ක් ගෙන්වන අතර ඒ සඳහා රුපියල් බිලියන 260,271 ක් වැය වෙනවා.

සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ගෙන්වනවා යැයි කියා නැවත සකස් කළ කිරි ආහාර ගෙන්වීමෙන් ආනයනකරුවන් වංචා සහගතව මෙතෙක් උපයා ඇති ලාභය රුපියල් මිලියන 2,000 ක් වෙනවා.

කිරිපිටි වල මේදය ඉවත් කර ඒ සඳහා එකතු කළ මේදය නිසා සෞබ්‍යයට හානි කරනවාද නැද්ද යන්න පිළිබඳව අපි තවමත් සොයා බලා නැහැ.

අත්‍යවශ්‍ය ආහාර ගෙන්වීමේ බදු සහන වලට මුලා වෙලා කිරිපිටි වෙනුවට නැවත සකස් කළ කිරි ආහාර ගෙන්වීමෙන් මෙම සමාගම් රජයට වංචා කර ඇති බදු වටිනාකම රුපියල් බිලියන 07 ක් වෙනවා. මේ සඳහා ලබා දෙන 15% ක වැට් බදු සහනයත් රේගුව මුලා කරලා ලබා ගෙන තිබෙනවා.

කිරිපිටි ගෙන්වන මුවාවෙන් නැවත සකස් කළ කිරි ආහාර ගෙන්වීම පාරිභෝගික ආරක්ෂණ පනත යටතේ වගේම ආහාර පනත යටතෙත් දඬුවම් ලැබිය හැකි වරදක්. මෙම සමාගම් ගෙන්වන එම කිරි ආහාර යළි දියකර එළකිරි වලටත් විකුණනවා.

මව්බිම ලංකා පදනමේ සභාපති ආරියසීලි වික්‍රමනායක, අධ්‍යක්ෂක කුලතුංග රාජපක්ෂ සහ වෛද්‍ය සුමිත් වන්නි ආරච්චි යන මහත්වරුන්ද මෙහිදී කතා කළහ.

පාරිභෝගික ඔබට මේ පිලිබඳ වැඩි විස්තර දැන ගැනීමට කැමතිනම් අංක 07777 47055 දුරකථනය අමතා මව්බිම ලංකා පදනමේ සුසන්ත රාවත්ත මහතා ඇමතිය හැක.

උපුටා ගැනුම: ලංකා ඊ නිව්ස් වෙතින්.

අස්ථි රෝග පෙන්නා අනිසි බයක් ඇති කර විකුණවා මදිවට මෙහෙමත් වැඩ?

අපේම පාශු කර්මාත්තය ගොඩ නැගිමට දේශපාලනිකරණ නොවු වැඩපිලිවෙලක් අතවශ්‍ය වෙන්නේ මෙවන් යුගයකදි
සක්විතිලාට කෝතවලාට බැන බැන සිටින අපි මේ බව දැන දැන නිහඬ මන්ද?

Comments (9)

෴බින්කු෴

6:31 PM, March 13, 2009

පසුව මට මතක් වුණේ වෙනත් විසදුම් දෙන්නෙක් ලියා ඇති බවයි.

මකරාගේ එළකිරි අදහස

Beyond Fameගේ මව්කිරි අදහස

Kusal

9:12 PM, March 13, 2009

අපි නිහඩව හිටපු එවා එක්ක බැලුවම මේක පොඩි සීන් එකක්.

මේ පිළිබද පහත සටහනද කියවා බලන්න.
http://sankalpalk.blogspot.com/2008/08/blog-post_31.html

malee_msg

10:27 AM, March 14, 2009

මේවා ගැන ජනමාධ්‍ය මගින් මිනිසුන් දැණුවත් කල යුතුයි.. මේ ගැන සමාජ සංවාද ඇති විය යුතුයි.. නමුත් සිදුවන්නේ බහුජාතික සමාගම් හී මුදල් වලට ‍ජනමාධ්‍ය පවා යට වීමයි!

6:43 PM, March 14, 2009

කිරි පිටි කට්ටියක් දැන් හෝගාල ටීවී එකෙයි පත්තරෙයි කිරි බොන එකට වඩා වෙන වෙන කතා කියලා දැන්වීම් දානව මන් හිතන්නේ මේකත් එයාලගෙම සෙල්ලම්ක්. මෙලමයින් වැඩේ කලෙත් මෙයාලගෙම සමාගමක් තමයි

මමනම් කිරිපිටි බොන එක නවත්තලා ගොඩක් කල් හැබැයි ඔන්න අරක්කුවලට එහෙම මොනා හරි දාන්වනම් ටිකක් හොයලා බලන්න ඕනේ

Chanaka Aruna Munasinghe

9:48 AM, March 15, 2009

හපෝයි.
ඔන්න මගේ එළකිරි අදහස ක්‍රියාත්මක කරන්න වෙලාව.

-බිன்ku-

8:26 AM, March 26, 2009

මේ කතාව බොරුයැයි ඇත්තක්යැයි කියනවා, මම දන්නේ නැහැ එය ඇත්තක්ද නැද්ද කියලා.

Chanaka Aruna Munasinghe

3:16 PM, September 28, 2010

හපෝයි.
ඔන්න මගේ එළකිරි අදහස ක්‍රියාත්මක කරන්න වෙලාව.

මේ පිළිබද පහත සටහනද කියවා බලන්න.
http://sankalpalk.blogspot.com/2008/08/blog-post_31.html

Post a Comment

සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.