මම ඒ ලිපිය පල කලේ විවේජනය කිරිමේ අර්ථයෙන් නොවන අතර "ආදරයට තහනම් නුවරය" නමි ලිපිය සේම ඒ තුලින් තමා තුලින්ම පල කරන අදහස් තුලින් සමාජයේ විවිධකාර පැතිකඩ පෙන්වා දීමයි මට කිරිමට අවශ්‍ය වුයේ. ඒ ලිපි දෙකට අදහස් ප්‍රකාශ කල නොකල සියල්ලන්ටම ස්තුතියි. දැන් අපි කතිකාවත අරඹමු. පසුගිය ලිපියේදි බොහෝ දෙනෙකුගේ අදහස වුයේ එය නො දැනුවත්කමින් සිදු වුවෙක් බවයි. ඒ බව මා පිළිගත්තද එය නිවැරදි බව පිලිගන්නට නොහැකිය. ඒ බව විමසා බලන ගමන් තවත් පැති හා පිටස්තර මාතෘකා ඔස්සේ ටිකක් කතා කරමු.
සාමාන්‍යයෙන් පන්සලකට (කෝවිලකට හා මුස්ලිම් පල්ලියකට මෙන්ම ලංකාවේ ඇතැම් කතෝලික පල්ලි වලද) යෑමේදි හැසිරිය යුතු හා ඇදිය යුතු ක්‍රම පවති. ඒ අනුව පන්සලට යෑමේදි හැසිරිය යුතු හා ඇදිය යුතු ක්‍රමයක් එනම් සුදු හෝ ලා පැහැති ඇදුම් හා සංවර ඇදුම් ඇදිය යුතුයැයි මතයක් (මතයක් මිස නීතියක් නෙවේ.) තිබියදි ඔහු ඇද ගියේ මන්ද? සාධාරණව සිතන්න, මේ ඇදුමම හෝ කොට රෙදි යාරෙකින් මැසු හිර ඇදුමක් හෝ කොට සායක් කලිසමක් ඇද කාන්තාවක් ගියොත් කුමක් සිදුවේද? එය ඔහුට අදාල නොවේද? (ඔහු යන්නෙන් අදහස් කලේ පිරිමින්ට බව සලකන්න) ෴
෴අද නගරයේ මෙන්ම ග්‍රාමික පිරිමි, මිශ්‍ර විද්‍යාල මෙන්ම බාලිකා විද්‍යාලවල වුවද 8වසරෙන් පසු බොහෝ සිසුවන් සිංහල ඉංග්‍රිසි අසහ්‍ය වචනත් සංඥාවල තේරුමත් දන්නා අතර ඇතැම් බොහෝ දෙනෙක් ලිංගිකත්වය ගැන අක්රිමවත් දැනුමද ලබා සිටියි. ඒ නිසාම ඔවුන්ගේ විනාශයට හේතු වෙයි (විවාහයට පෙර ලිංගික හැසිරිම්, අඩු වයසින් සිදු කරන ලිංගික හැසිරිම් වැනි.. මේ කරුණ මා සදහන් කලේ එක් පෝසට් එකක සදහන් වු මේ ලිපිය නිසාවෙනි.(එහි සත්‍ය අසත්‍යභාවය මා නොදතත් එය සිදු වීමේ ප්‍රවිණතාවයක් ඇති බව මගේ විශ්වාසයයි.)෴
විභාග හා ලකුණු පසුපස දුවන අපේ අධ්‍යාපන ක්‍රමයේදි බොහෝවිට සිසුවන්ට ජිවිතයට අවශ්‍ය වන කරුණු, අධ්‍යාපන, සිරිත් විරිත් ආචාරධර්ම ඉගැන්විම බොහෝදුරට සිදුනොවෙයි. එසේම රූපවාහිනී හා මාධ්‍ය තුලින් දකිනා දේම විමසා නොබලා අයාලේ අනුගමන කරයි. ඉතිං මේ වැරදි වලට වගකිව යුත්තේ කවුරු කවුරුන්ද?
Comments (4)
7:58 PM, March 25, 2009
> රූපවාහිනී හා මාධ්‍ය තුලින් දකිනා දේම විමසා නොබලා අයාලේ අනුගමන කරයි..
මේ ප්‍රකාශය ගැන ෂුවර් ද ? අනික මේ විදියට විමසා නොබලා කටයුතු කරන්නේ පාසල් සිසුන් විතරද ?
මේකටත් ඉතිං මට කියන්න තියෙන්නේ - හැමදාම, හැමදේටම මම කියන විදියට - මේක සමස්ථයක් වශයෙන් සලකා බලා ගන්න පුළුවන් තීරණයක් නොව, ඒ ඒ පුද්ගලයා මත රඳාපවතින දෙයක් කියල.
10:15 PM, March 25, 2009
අධ්‍යාපනය බල්ලට ගිහින් කියලා වැඩක් නෑ එහෙමත් ගුරුභවතෙක් තමා ජිවිතය ගැන පොඩි හරි දැනුමක් ලබා දෙන්නෙ අනික් අය උගන්නන ඒවත් වැරදි(බොහොමයක් උසස් පෙළ විෂයන් වල එහෙම හැමොම නෙමෙ සමහරක්) එහෙම වෙලා තියෙන්නෙ හරියට විෂය දැන හෝ නොදැන විභාගය පමණක් පාස් විමේ අරමුනින් ඉගැන්විම හා ඉගෙන ගනීමයි. ලංකවේ ඉස්සර තත්වෙ මිට වඩා ගොඩාක් හොදයි මිනිස්සු ඉගෙන ගත්තෙ ඉගෙන ගන්න පුළුවන් නිසා ඉගෙන ගන්නම ඔනේ නිසා නෙමේ.
පුදුමයක් ද අපේ විශ්ව විද්‍යාල වලින් එලියට එන ඉන්ගිනේරුවන්ට පාලමක් හදන්න අවුරුදු ගානක් ගියාට කෝමද යුද්ධ හමුදාවෙ කොල්ලො සතියෙන් දෙකෙන් කොටි පුපුරවපුවා හදන්නෙ? පොරවල් ඉන්නෙ එතන කෝ අධ්‍යාපනික පොරවල්? එගොල්ලො සල්ලි පස්සෙ යනව ඉතින් ළමයිත් එහෙම තමා මේ බූත ක්‍රමේ වෙනස් කරනකන් ඕම තමා
8:14 AM, March 26, 2009
@සුපුන්, මම කිව්වේ ලමයි ගැනම විතරක් නෙමේ, යොවුන් අයත් අදාල කොටයි. වැඩිහිටියන් වැරදි කරන අතරම ළමයි හා යොවුන් අය වැරදි කලවිට බණිනු ලබයි, නමුත් එසේ කලේ තමාගේ නිරුවත බලාගෙනයැයි පිලි ගන්නට මැලි වෙයි.
@Madura, බල්ලාට ගිහින් කියලා වැඩක් නැහැ. අධ්‍යාපනය විතරක් මීට වග කියන්න බැහැනේ. තවත් සාධක තියෙනවා නොවැ. යුද්ධය ගැන නම් මම මුකුත් කියන්නේ නැහැ, ඒක ඉස්සරහට අවශ්‍ය කාලයකදි තිර්ණ කරාවි. දැනට මොකක් කිව්වත් කියන්න ඕන දෙයක් තියෙනවා වගේම විවෘතව හිතන්නේ නැහැනේ.
3:15 PM, September 28, 2010
> රූපවාහිනී හා මාධ්‍ය තුලින් දකිනා දේම විමසා නොබලා අයාලේ අනුගමන කරයි..
මේ ප්‍රකාශය ගැන ෂුවර් ද ? අනික මේ විදියට විමසා නොබලා කටයුතු කරන්නේ පාසල් සිසුන් විතරද ?
මේකටත් ඉතිං මට කියන්න තියෙන්නේ - හැමදාම, හැමදේටම මම කියන විදියට - මේක සමස්ථයක් වශයෙන් සලකා බලා ගන්න පුළුවන් තීරණයක් නොව, ඒ ඒ පුද්ගලයා මත රඳාපවතින දෙයක් කියල.
Post a Comment
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.