පොලිසියේ සිදුවිම හා පොලිසියේ වත්මන් තත්වය ගැන වචනයක්.

පසුගිය ලිපිය හා සැබැදියි.

*****


පසුගිය රාත්‍රියේදි ලංකා ඊ නිව්ස් තුලින් පල වී තිබු ප්‍රවෘත්තිය දුටුවිට ඒ ගැන මගේ මිතුරෙකු විමසු විටදි එය ඇත්තක් බව පැවසු නිසාත් ඒ ගැන වෙනත් ඉංග්‍රිසි හා සිංහල ප්‍රවෘත්ති වෙබ් අවවි වල පලවී නො තිබු නිසා (එවිට ලංකාවෙ වෙලාවෙන් උදය කාලයයි.) මේ සිදුවිම ගැන කෝපයක් සමගම පසුව සටහනක් ලිවිමේ අදහසින් එහි සදහන් වී තිබු ප්‍රවෘත්තිය පල කලෙමි. එම ලිපියට අදහස් දැක්වු සියලු පුද කරමි.

මෙම හොඳ පොලිස් නිලධාරියෙකු අතින් සිදුවුවත් මෙහි වැරද්ද සමස්තයක් වශයෙන් පොලිස් කාර්‍යාශය වහ කිව යුතු බව මගේ අදසයි. මෙවැනිම නොවුවත් මෙවැනි සිදුවිම් බොහොමයක් අපේ පොලිසිය තුල දැකිය හැකිය. එමෙන්ම පොදුවේ මහජනයා තුල පොලිස් සේවාව තුල විශ්වාසයක් නැති අතර එයලංකාවේ දුෂිතම ආයතනයක් ලෙස හැදින්වෙයි. ( මේ බව සදහන් කරන කල්හි මට පසුගිය පොලිස්පතියාගේම හාස්‍යජනක කතාවක් මතක් වෙයි. එකලට පෙර වසරේ පොලිසිය ලංකාවේ දුෂිතම ආයතනය ලෙස පලමු ස්ථානයේ ලෙස වාර්තාවකින් දැක්වු අතර මේකී පොලිස් පොලිස්පතියා සිය අස්විමේදි පුවත්පතකට ප්‍රකාශ කලේ දුෂිතම ආයතනය ලෙස සැලකු පොලිසිය ඔහු විසින් දෙවැනි තැනට දැමු බවය! ඔහුගේ (බොහෝ ලංකිකයන්ගේද ) ඉලක්කම් විජ්ජාව තේරුම් ගත හැකි වෙයි.) මෙසේ දුෂිතයැයි සැලකෙන පොලිසියද මේ ආකාරයේ විකාරාදියේ ක්‍රියා සිදුවේ නම් අපට විශ්වාස කල හැක්කේ කාවද? පොලිසියේ සිදුවන බොහෝ පරික්ෂණද දවසින් දෙකකින් යටයයි. අවසානයේ විසදුමක් නැති අතරම බොහෝ විටම සැකපිට අත්ඩංගුවට ගන්නේ වැරද්දක් නොකල අයවය. මෙවැනි දේවල් වලට පොලිසියට ගෙවන්නේත් අපේම බදු මුදලයි (පොලිස්කාරයෙකුගේ මේ වැටුපට හැර වෙනත් ආදායම් මාර්ග වෙනම කතාවකි.). මේ තත්වය වත්මන් රජයේ මෙන්ම පෞගිය රජයන් තුල එළිපිටම දැකගත හැකි වුවත් කිසිදුපැහැදිලි ක්‍රියාපිලිවෙලක් ගත්තේද නැති අතර ඔවුන්ව තම අරමුණු සදහා යොදවා ගන්නටත් තමන්ගේ සමීපතයන් පත් කරනු ලැබිණි. 1956 කාලයේදි රටේ සිදු වු අපරාධ හා දුෂණ වලට වගකිව යුතු අපරාධකරුවන්ද තවමත් පොලිසියේ ඉහළ තනතුරු වල සිටිති.

බෝහෝ විදේශ රටවල පොලිස් සේවාව යනු වාරප්‍රසාද ලැබෙන උසස් රැකියාවක් වන අතර පොලිස් සේවාවට බැදිමට පාඪමාලාවක් හැදැරිය යුතු අතරම ඊට අමතරව පරික්ෂන වලට මුහුණ දිමට සිදුවෙයි. සේවාවට පත්කලද එතැනින් නොනැවතින ඔවුනේ ගිණුම්, ක්‍රියාවන් වැනි ක්‍රියා ගැන විමසිල්ලෙන් සිටින අතරම අවශ්‍යවිටදි ඔවුන්ට ආරක්ෂාවද සපයයි. එවැනි ක්‍රියාපිලිවෙලක් අපේ රටේ කාගෙන් බලාපොරොත්තු විය හැකිද?


(මේ තුලින් සියළු දෙනාම දුෂිත බව අදහස් නොකරන අතර එම අයටද පොලිසියේ නිසිතැන හිමි වී නැති තරම්ය. ඔවුන්ට තම කාර්‍යන් නිදහ්සේ සිදි කිරිමට වාතාවරණයක්ද නැති අතරේ පලිගැනිම් වලට ලක්වීමේ අවධානමට මුහුණ දෙයි. ඒ ස්වල්ප දෙනාට මගේ ප්‍රණාමය.)


*****



පොලිස් රෝහලේ යකා නැටූ කොස්තාපල් වෙඩි කා නසී, පෙම් හබයක් නිසා රෝහලම කැළඹෙයි

නාරාහේන්පිට පොලිස් රෝහලේ කාන්තා පොලිස් නිලධාරිනියන් පිරිසක් සිය ප්‍රාණ ඇපයට ගෙන එහි පොලිස් කාන්තා නේවාසිකාගාරයේ හතර අතට වෙඩි තබමින් පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ යකා නැටූ පොලිස් කොස්තාපල්වරයෙක් පොලිස් විශේෂ කාරය බළකාය විසින් වෙඩි තබා ඝාතනය කරනූ ලැබීය.

25 වැනිදා රාත්‍රි 9.15 සිට 11.30 පමණ වනතුරු මෙම පොලිස් නිලධාරියා පොලිස් කාන්තාවන් පිරිසක් සිය ප්‍රාණ ඇපයට ගෙන හතර අතට වෙඩි තැබීම නිසා මූළු පොලිස් රෝහලම පූංචි යූද පිටියක් බවට පත් විය.

පොලිස් රෝහලේම රාජකාරී කළ පොලිස් කාන්තාවකගේ ප්‍රේමය නොලැබීම නිසා දැඩි ලෙස කෝපයට පත් වූ මෙම පොලිස් නිලධාරියා එම පොලිස් කාන්තාව මරා දැමීමට උත්සාහ කිරීම නිසා මෙම තත්ත්වය උද්ගත විය. එම පොලිස් කාන්තාව අනූනවයෙන් දිවි ගලවා ගත් අතර මෙම සිද්ධියේදී උප පොලිස් පරීකෂකවරියක් සහ පොලිස් කාන්තාවක් බරපතල තුවාල ලැබූහ. මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයාගෙන් බේරීමට කාන්තා පොලිස් නේවාසිකාගාරයේ සිව්වැනි මහලෙන් බිමට පැන ඇති කාන්තා උප පොලිස් පරීකෂක නිරෝෂනී රතුගමගේ බරපතල තුවාල ලැබූවාය. මේ අතර වෙඩි ප්‍රහාරයකට ලක්වූ කාන්තා පොලිස් කොස්තාපල් ඒ. සාගරිකා ද තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙසේ සාහසික ආකාරයට හැසිරුණූ පොලිස් කොස්තාපල්වරයාගෙන් පොලිස් කාන්තාවන් බේරාගෙන ඔවූන් නිරුපද්‍රිතව ඉවතට ගැනීමට නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති දයාල් දීගහවතුර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් දැඩි පරිශ්‍රමයක් දැරූහ.

මෙම සිද්ධියෙන් මරුමූවට පත්වූයේ හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ තිස් දෙහැවිරිදි ඒ. ඉන්ද්‍රසිරි නමැති පොලිස් කොස්තාපල්වරයෙකි. පොලිස් කොස්තාපල් ඉන්ද්‍රසිරි පොලිස් රෝහලේ පාලන අංශයේ රාජකාරි කළ නිලධාරියෙකි. මොහූ පොලිස් රෝහලේම රාජකාරි කරන කාන්තා නිලධාරිනියක සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යෑමට දැඩි උත්සාහයක් දරා තිබේ. එහෙත් එම නිලධාරිනිය මොහූට පවසා ඇත්තේ තමා වෙනත් කෙනකු සමඟ විවාහ වීමට ගිවිසගෙන සිටින බවයි. එහෙත් ඉන් නොනැවතුනූ මෙම නිලධාරියා දිගින් දිගටම ඇයට ඇවිටිලි කරමින් ඇයගේ ආදරය ලබා ගැනීමට උත්සාහ කළේය.

ඉන්ද්‍රසිරිගේ ආයාචනා ගණනකට නොගත් කොස්තාපල්වරිය ඔහූට කැමැත්ත ප්‍රකාශ කර නැත. පසූව මෙම නිලධාරියා මෙම පොලිස් කාන්තාවට මරණීය තර\ජන කිරීමට පටන් ගෙන ඇත.
මෙවර සිංහල අලුත් අවූරුදු උත්සවයට අපි දෙදෙනාටම කිරිබත් කෑමට හැකි නොවන අයූරින් කටයූතු කරන බවට තර\ජනය කළ ඉන්ද්‍රසිරි මරාගෙන මැරෙන බව කියමින් පොලිස් කාන්තාවට දුරකථන ඇමතුම් ලබා දී තිබේ.

"මම ඔයාට ජීවත් වෙන්න ඉඩ තියන්නෙ නැහැ. පොලිස් රෝහල ඇතුළේදීම ඔයාට වෙඩි තියලා මැරුවහම ඔයාගෙ මිනී පෙටිටියට ජාතික කොඩිය දාලා අරගෙන යයි. ඒත් මම මැරුනහම මගේ පෙටිටිය නිකම්ම අරගෙන යයි" කියමින් ඉන්ද්‍රසිරි දිගින් දිගටම පොලිස් කොස්තාපල්වරියට තර\ජනය කර ඇත. පෙරෙදා රාත්‍රි 8.00 ට පමණ මොහූ පොලිස් කාන්තාවට දුරකථන ඇමතුමක් දී අද රාත්‍රි මරා දමන බව කියමින් ඇයට තර\ජනය කර තිබේ.

එදින රාත්‍රි ඉන්ද්‍රසිරි සිය රාජකාරි ගිනි අවියද රුගෙන නිල ඇඳුමින් සැරසී පොලිස් රෝහල පිටූපස ඇති කාන්තා නේවාසිකාගාරයට ගොස් ඇත. එහි පහළ මාලයේ දොරටූවට වෙඩි තැබූ ඉන්ද්‍රසිරි ඊට ඇතුළුවීමට උත්සාහ කර ඇත. එහෙත් එහි දොර විවෘත කර ගැනීමට ඔහූට හැකිවී නැත. නේවාසිකාගාරයේ සිව්වැනි මහලේ කාමරයක සිටි පොලිස් කොස්තාපල්වරියට මෙම වෙඩි හඬ ඇසී ඇති අතර ඇය දැඩි ලෙස බියට පත්ව දෙවැනි මහලට දිව ගොස් එහි වෙනත් කාමරයක සැඟවී ඇත. නේවාසිකාගාරයේ දොරටූව විවෘත කර ගැනීමට නොහැකි වූ පසූ එහි අනෙක් පස පිහිටි යකඩ බටය ඔස්සේ සිව්වැනි මහලට පැමිණ ඇති ඉන්ද්‍රසිරි පොලිස් කාන්තාවගේ කාමරය වෙත ගොස් තිබේ.


පසූව මොහූ එම පොලිස් කාන්තාව නවාතැන් ගන්නා කාමරයේ හතර අතට වෙඩි තැබීමට පටන් ගෙන ඇත. මෙම වෙඩි තැබීම නිසා නේවාසිකාගාරයේ සිටි පොලිස් කාන්තාවන් දැඩි ලෙස බියට පත්ව විලාප නගමින් කෑ ගසා ඇත.

මෙම සිද්ධිය සැලවූ වහාම ක්‍රියාත්මක වූ නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීකෂක දයාල් දීගහවතුර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් කාන්තා නේවාසිකාගාරය වෙත පැමිණ තිබේ.

ඒ වනවිට පොලිස් කොස්තාපල් ඉන්ද්‍රසිරි නේවාසිකාගාරයේ සිව්වැනි මහලේ සියලුම කාමර පරීකෂා කර වෙඩි ප්‍රහාර එල්ල කරමින් සිය ප්‍රේමය ලබා ගැනීමට සිටි කොස්තාපල්වරිය සොයමින් සිටියේය.

එහෙත් ඔහූට එම කොස්තාපල්වරිය සොයා ගැනීමට හැකිවී නැත. පසූව ඉන්ද්‍රසිරි නේවාසිකාගාරයේ කාමරයක සිටි උප පොලිස් පරීකෂකවරියන් දෙදෙනකු සහ පොලිස් කාන්තාවක් සිය ප්‍රාණ ඇපයට ගෙන ඔවූන් අතරින් එක් නිලධාරිනියක් පහළ මාලයට එවා තවත් ආයූධ සහ ජීව උණ්ඩ රුගෙන එන ලෙස නියෝග කර තිබේ.

ඒ අතරතුර පොලිස් කොස්තාපල්වරයාගේ ග්‍රහණයේ සිටි එක් උප පොලිස් පරීකෂකවරියක් දිවි ගලවා ගැනීමට සිව්වැනි මහලෙන් බිමට පැන ඇත. එහිදී ඇය බරපතල තුවාල ලැබූ අතර පොලිස් නිලධාරීන් ඇයව රෝහල්ගත කිරීමට කටයූතු කර තිබේ.

මේ අතර මෙහි ඇතිවී තිබූ තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර\ය බළකාය එහි කැඳවීමට නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයා කටයූතු කළේය. පොලිස් විශේෂ කාර\ය බළකායේ නිලධාරි පිරිසක් එහි පැමිණ කාන්තා නේවාසිකාගාරයේ සිව්වැනි මහලට ඉතාම සූකෂම අයූරින් ඇතුළු වූහ. ඒ වනවිට කොස්තාපල්වරයා පොලිස් කාන්තාවක් සිය ග්‍රහණයට ගෙන ඇය සිව්වැනි මහලෙන් බිමට තල්ලුකර දැමීමට උත්සාහ කරමින් සිටියේය. ඒ අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර\ය බළකායේ නිලධාරීන් මෙම පොලිස් කොස්තාපල්වරයාට වෙඩි තබා තිබේ.
එහිදී බරපතල තුවාල ලැබූ කොස්තාපල්වරයා රෝහල්ගත කිරීමට රුගෙන යද්දී මිය ගොස් ඇත.

මෙම කොස්තාපල්වරයා ඒ වන විට වෙඩි ප්‍රහාර 110 ක් පමණ එල්ල කර තිබූ අතර ඔහූ සතුව තිබූ ටී 56 ගිනි අවියද පොලිසිය සොයා ගත්තේය. නාරාහේන්පිට පොලිසිය සහ කොළඹ අපරාධ කොටිඨාසය මේ පිළිබඳ පරීකෂණ පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුනූ - දිවයින


මත ගැටුමක් මත ඇති වූ ආරවුලක් දර්‍ුයුග යාම නිසා නාරාහේන්පිට පොලිස් රෝහලේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වර-යෙක් එම රෝහලේ කාන්තා පොලිස් බැරැක්කයට කඩා වැ්‍යූ පොලිස් කාන්තා නිලධාරිනියන් ප්‍රාණඇපයට ගෙන ්‍යුගට හරහට කළ වෙඩි තැබීම පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රාණඇපකරුවන් නිදහස් කර ගැනීමේ කණ්ඩායමක් කැඳවීමට පොලීසියට සිදුවී ඇත. එහි්‍යූ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අදාළ පොලිස් කොස්තාපල්වරයා අතර ්‍යූර්ඝ වේලාවක් පුරා වෙඩි හුවමාරුවක්ද සිදුවී තිබේ. අවසානයේ්‍යූ පොලිස් කොස්තාපල්වරයා විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරියන් ප්‍රාණ ඇපයට ගෙන පොලිස් රෝහලේ වෙඩි වරුසාවක වෙඩි ප්‍රහාරයකට ලක්වී මරුමුවට පත්ව ඇත. පොලිස් රෝහල් භූමිය තුළ මෙම බිහිසුණු සිද්ධිය වී තිබෙන්නේ පෙරේදා (25) රාත්‍රියේ්‍යූය.

පොලිස් කොස්තාපල්වරයා රාත්‍රී රාජකාරී භාරගනිමින් ටී.56 අවියද ඇතිව රාත්‍රියේ හොර රහසේ කාන්තා බැරැක්කයට ඇතුළු වී ඇති බවත් ඔහු එහි්‍යූ කාන්තා පොලිස් කොස්තාපල්-වරියක් සොයා හතර වටේට වෙඩි තබා ඇති බවත් සඳහන්ය. එම අවස්ථාවේ කාන්තා කොස්තාපල්වරිය එහි සිට නැත. අනතුරුව එහි සිටි සෙසු කාන්තා නිලධාරිනියන් ප්‍රාණඇපයට ගනිමින් කාන්තා බැරැක්කය තුළ හතර වටේට වෙඩි තබමින් කළහකාරී ලෙස හැසිරීමට පටන්ගෙන තිබේ. මෙම සිද්ධිය වී ඇත්තේ පොලිස් රෝහල් භූමියේ පිහිටි ගොඩනැගිල්ලක තෙවැනි මහලේය. මෙම සිද්ධියෙන් බියට පත් උප පොලිස් පරීක්‍ෂකවරයෙක් ජනේලයෙන් බිමට පැන තුවාල ලබා තිබේ. ඊට අමතරව කොස්තාපල්වරයෙක්ද වෙඩි වැ්‍යූ තුවාල ලබා ඇත.

විශේෂ කාර්ය බලකාය කැඳවා තත්ත්වය පාලනය නොකරන්නට එම නිලධාරියා අතින් විශාල විනාශයක් වීමට ඉඩ තිබුණු බව පොලිස් රෝහල් ප්‍රධානියෙක් 'ලක්බිම'ට කීය. එය එසේ වූවත් අදාළ නිලධාරියා හොඳ නිලධාරියෙක් බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

ලක්බිම

Comments (7)

Sam

11:09 AM, March 28, 2009

ලංකාවේ ඇති ත්‍රස්ත්‍රවාදි පුරස්නය, රැග් පුරස්නය සහ මෙකී නොකී බොහෝමයක් පුරස්නවල්වට හේතුව හරි හමන් නීතියක් රටේ නැති නිසායී. එක එකා, එක එකාට ඕනෑ ආකරයේන් (සමහර විටක හොද චේතනාවෙනුත් ) කටයුතු කොරනවා. ඒකට හේතුව නිතිය රකින්න තියන ආයතනය එම කාර්යය හරියට කොරන්නේ නැති නිසා. කවුරු දැන් මොන කතා කීවත්, දැන් තියෙනා යුද්දයටත් හේතුව හරි හමන් පොලෝසි කිරීමක් ලංකාවේ නොතිබීම. ඒ සිහලු කාරනා සලකා බලා මමනම් කියන්නේ ලංකාවේ පලවෙනි කරුමය පොලීසිය කියලයී. මොන යුද්දය දිනුවත්, අපිට හරි හමන් පොලීසියක් නැත්තම්, සාමයක් ඇතිවෙන්නේ නැහැ.

ගවේෂණ

12:07 PM, March 28, 2009

this what happens when emotions and professions collide.
Reminds me of Nash node's 24 golden rules.. :D

ගවේෂණ

12:11 PM, March 28, 2009

oops. sorry . my bad. not 24 it's 7. :)

ගොඩයා

6:48 PM, March 28, 2009

ඕක මොකෙටයි අපේ උක්කුවාත් ඉන්නේ පොලිසියේ, එතුමා කලේ මස්ස් වැද්දෝ එක්ක මුවෝ එක්ක අල්ලන ඔට්ටු අල්ලන එකනේ.

-බිன்ku-

7:54 PM, March 28, 2009

ඔව් සෑම් මාමේ, එක ඇත්ත තමා. කාලයක් ත්‍රස්තවාදී වැඩ කලේත් මේ අයනේ. අනික මාමේ ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිට කියලා කියන්නේත් කට කහනවට වෙන්න බැහැනේ.

ගවේෂණ අයියා, Yeah! It's true. this also reminded about his posts too.

ගොඩයා, ඉතිං ඒ ඇත්තාගෙන් දේශපාලකයෝ මස් කනවා නේද?

Bo

3:47 AM, March 29, 2009

මල්ලී, හරිම ඛේදජනක තත්වයක්, හරි මනෝ සංයමයක් නැති අය මෙහෙම හැසිරෙන එක කොහොමටත් වලක්වා ගත හැකි නොවේ. කොතරම් උගතුන් වුවත් තම හැඟීම් වලට වහල්වී නොයෙක් දුසිරිත් වල අධම ක්‍රියාවල යෙදෙන පිරිස් බොහෝමයි. අපේ සමාජය හරිගස්සන්න බැරි තරම් වැරදිලාද?

ගවේෂණ

3:15 PM, September 28, 2010

oops. sorry . my bad. not 24 it's 7. :)

Post a Comment

සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.