ලංකාව හා ගාන්ධිතුමා

මහත්මාගාන්ධි වුකල්හි බුදුන් හා මාගේ දෙමව්පියන් හැරුණුකොට මගේ ජිවිතයට මගපෙන්වන්නායි. එතුමාගේ මුලික දර්ශණය අපේ රටේ ඇතැම් පුද්ගලයින්ට නුරුසන්නේ නැති වුවත් එතුමා ඒ හැර රටකට වැදගත් බොහෝ දර්ශණ කිව් බව බොහෝ දෙනෙකු නොදන්නා අතරම එතුමාගේ ඒකී මුලික දර්ශණයද විවේෂණය කරති. මේ ලිපිය මා ගත්තේ සිළුමිණ පුවත්පතේ ලිපියකිනි, මේ කතාව තුල ගාන්ධිතුමා සතුව තිබු සාමන්‍ය ජනයා ගැන දැක්මත් තම අසල්වැසි රට ගැන දැනුමත් අපේ රටේ මැත දොඩවන දේශපාලකයින්ට කම්මුල් පහරක් වැන්නක්ය.

මහාත්මා ගාන්ධිතුමා ලංකාවට පැමිණියේ යැයි සැලැකෙන්නේ එක්දහස් නවසිය තිස් ගණන්වල මුල් හරියේ දී ය. එතුමා මහනුවරට ද පැමිණෙන බව දැනගත් උඩරට ප‍්‍රභූවරයෙක් එතුමා බැහැදැක සත්කාර සම්මාන කිරීමට හිතා ගත්තේ ය.

“මම එතුමා වෙනුවෙන් වෙනම ම සුවපහසු කුඩා මැදුරක් මගේ වලව්වට ම සම්බන්ධ කරලා හදන්න ඕන.” උඩරට ධනවත් ප‍්‍රභුවරයා තම අන්තේවාසික පිරිසට කියා සිටියේ ය. සියල්ල සූදානම් කෙරිණි.

“මහාත්මා ගාන්ධිට මගේ වලව්වේ හැම දෙයක් ම බලා හදා ගන්ටත් එතකොට අවස්ථාවක් ලැබේවි.” ප‍්‍රභූවරයා තව දුරටත් කල්පනා කළේ ය.

“එතුමා කල්පනා කරාවි මගේ ජීවන මට්ටම. උන්නැහැ මං ගැන හිතල පුදුම වෙන්ටත් පුළුවන්.” තරමක අහංකාර පරවශ කෙනෙකු වූ ඔහුට තව තවත් ප‍්‍රභූ කල්පනා රැසක් ගලා එන්නට පටන් ගත්තේ ය.

මහාත්මා උඩරටට පැමිණි පසු ව එතුමා සමඟ ප‍්‍රභූවරයා තම වලව්වට ආවේ ය. මහාත්මා නිහඬ ව ගමන් කළේ ය.

මේ ප‍්‍රභූවරයා විඳින සැප සම්පත් දෙස නෙත් හෙළුවේ ය. අපූරුවට පළිඟු බිත්ති සකසා තිබුණි. සිමෙන්ති පොළොවක් වෙනුවට කිරිගරුඬ කැබලි බිම අල්වා තිබිණි. ධනස්කන්ධයක් විය පැහැදම් කොට උණු වතුර සහිත නාන කාමරයක් වී ය.

විදුලි සීනු හා විදුලි බුබුළු වලින් හැම තැනක් ම ඒකාලෝක කර තිබිණි. මෙය සාමාන්‍ය නිවහනක් නොව ධන කුවේරයකුගේ මැදුරක් බව මහාත්මාට පසක් විය.

ඇඳ පුටු මේස හා අල්මාරි තනා තිබුණේ අගනා තේක්ක බුරුත වැනි ලී වලිනි. ඒවා ඔප් ගන්වා තිබුණේ දුටුවකුගේ දෑස දල්වනු සඳහා ය.

ඇඳන් වලට අතුරා තිබුණේ බාගදා කාස්මීරයෙන් ගෙන්වන ලද බුමුතුරුණු වලිනි.

“ඔබතුමන්ට මගේ මේ මන්දිරයේ ගත කරන කාලය අමතක නොවන අත්දැකීමක් වෙන්නට පුළුවන්.” ප‍්‍රභූවරයා මහත්මාට කී ය. මහාත්මා කට කොනකින් සුපුරුදු සේ මඳහසක් පෑවේ ය.

කෑම බීමෙන් ද කිසිදු අඩුවක් නොවී ය. හැම සුවපහසුකමක් ම ලද මහාත්මාගෙන් මේ ප‍්‍රභූවරයා පොඩි ප‍්‍රශ්නයක් නැඟුවේ ය.

කුමක් ද ඒ ප‍්‍රශ්නය?

“ඔබතුමා මොනවද මගේ මන්දිරය ගැන හිතන්නේ?”

මහාත්මා මඳ වේලාවක් නිහඬ ව සිටියේ ය. ඒ නිශ්ශබ්දතාව ප‍්‍රභූවරයා වටහා ගත නොහැකි වී ය. මහාත්මාගේ මහා නිහැඩියාවට පසුව කුමක් හෝ පවසනු ඇතැයි ප‍්‍රභූවරයා කල්පනා කළේ ය.

මහාත්මා ප‍්‍රභූවරයාගෙන් ඇසුවේ කුමක් ද?

“ඔබ ඔය කියන ‘මන්දිරය’ ඇතුලේ ඉන්නේ සන්තෝසෙන් ද?”

ප‍්‍රභූවරයා කිසිවක් නොකියා හෙමින් හිස චලනය කරනු මහාත්මාට පෙනිණ. කතාව වෙනත් අතකට මාරු වෙන්නට විය. ලංකාවේ අතීත ශී‍්‍ර විභූතිය ගැන යමක් මහාත්මා දැන සිටිය බව ප‍්‍රභූවරයාට දැනිණි. මේ රටට ලෝකේ මිනිස්සු විවිධ නම්වලින් හැඳින්වුවා.

‘ඉන්දියන් සාගරයේ මුතු ඇටය’
ඒදන් උයන’
‘හිරු වැටෙන දේශය’
‘බුදුන් වැඩි දේශය’
‘දුකින් තොර දිවයින’
‘පෙරදිග මුතු ඇටය’
‘තල් හා මුතු පිරුණු දිවයින’

එච්චර ද තව නම් රැසක් දී තිබුණා. ඒ සියල්ල මහාත්මා මතක් කළේ ඉංගී‍්‍රසියෙනි.

ඒත් කී දෙනෙක් මේ පුංචි රටේ සන්තෝසයෙන් හෝ ඉන්නවාද? මේ වාසනාවන්ත භූමිය සත්තකින් ම වාසනාවන්ත ද? මේ භූමිය බන්ධන වලින් යුත් නොවන්නේ ද? ඒ බැමි කවදා මිදේ ද?

සැබැවින් ම මේ රටේ පොදු මහජනතාව මේ සුන්දර ලංකාවේ ස්වාභාවික පල භුක්ති විඳනවා ද? හුඟක් ම වැදගත් ප‍්‍රශ්නය තමයි අපි අහන්නට ඕන.

“මෙහි මිනිසුන් ජීවත් වෙන්නේ සතුටින් ද?”

මෙහිදි ‘මිනිසුන්’ යැයි හැඳින්වෙන්නේ මෙහි වෙසෙන ඔය 50000 ක් පමණ අය බදු ගෙවන සල්ලි කාරයින් නොවේ. එහෙමත් නැත්නම් වරප‍්‍රසාද ලත් උදවිය නොවේ. එහෙම නම් කවුරුන් ද?

ඒ උදවියට දුක් දොම්නස් දැනෙන බවක් පේන්නෙ නෑ. එහෙම නොදැනෙන්නෙ ඔවුන් හැම සුඛ විහරණයක් ම තමන්ට රිසි නිසි පරිදි ලබා ගන්නා නිසා වෙන්නට ඕන. ඔවුන් භුක්ති විඳින වරප‍්‍රසාද නිසා වෙන්නට ඕන.

නමුත් අපි මෙහිදී සැලකිල්ල යොමු කරන්නේ එසේ නොවූ බහුතරය ගැන. එවන් පිරිසක් මෙහි දුක් දොම්නස් සහිත ව කල් ගෙවනවා.

ඒ පිරිස මිලියන හයක් හතක් විතර වෙනවා. ඒ උදවියත් මේ රම්‍ය දූපතේ අයිතිකාරයෝ’ ඒ අය ගෙන් තමයි අපි ඔය ප‍්‍රශ්නය අහන්නට තිබෙන්නේ?

“මේ මිනිසුන් සිටින්නේ සතුටින් ද?”

ඉන් පසු ව මහාත්මා හා උඩරට ප‍්‍රභූවරයා අතර කෙබඳු සංවාදයක් සිදුවිණි දැයි සඳහන් වී නැත.

කෙසේ වෙතත් වැඩි කලක් ලංකාවේ නොරැඳුණු මහාත්මා ගාන්ධි විශාල පිරිසකට ‘අහිංසාවාදය’ පිළිබඳ දේශනයක් පවත්වා තම ගම්රට බලා ගිය බව සඳහන් වේ.


විෂයය කරුණු උපුටා ගනු ලැබුවේ ඩී.සී. විජේවර්ධන මහතා විසින් ලියන ලද ‘බෝ මැඩ විප්ලවය’ හෙවත් ‘ද රිවෝල්ඩ් ඉන් ද ටෙම්පල්’ නම් වූ ඉංගී‍්‍රසි කෘතියෙනි.

මේ පොතත් සමාජය, අවිහිංසාව හා ගාන්ධිවාදය ඇතුළු කරුණු ඉගෙනිමට කියවිමට සුදුසුයැයි මම යෝජනා කරමි. එමෙන්ම ගාන්ධි චරිතාපදනයද ඒවැනි තවත් පොතකි. කතෘ මතක නැති නමුත් පසු ලිපියෙක සොයා පලකරන්නම්.

Comments (12)

2:58 AM, March 30, 2009

මහත්මා ගාන්ධි ලංකාවට අවා කියල මන් අදනේ දන්නේ. වැඩක් නැහැ බුදුහාමුදුරුවෝ ආපහු ආවත් අපේ මිනිස්සු මොකුත් ඉගෙන ගන්නේ නැහැ

ශාකුන්තල

5:32 AM, March 30, 2009

ගාන්ධි තුමාගේ අවිහිංසාවාදය මමත් බෙහෝ දුරට අනුගමනය කරනවා. නමුත් එයින් පිට පනින අවස්ථාත් ඉඳහිට තියෙනවා. යම්කිසි සිද්ධියකදී ඒ අවස්ථාවට වඩාත්ම උචිත ක්‍රියාමාර්ගය ගත යුතුයි.

ලංකාවෙ මිනිස්සු ගැන ගාන්ධි තුමා කියපු අපූරු කියමනක් තියෙනවා... හරියටම මතක නැහැ. ලංකාවෙ මිනිස්සු කෙනෙක් වැඩක් කළාමත් බණිනවා. නොකර හිටියමත් බණිනවා. වැඩ කරන කෙනාට වැඩියෙන් බැණුම් අහන්න වෙනවා. මට හරියටම මතක නැහැ ඒක... :(

Sam

7:45 AM, March 30, 2009

ශාකුන්තල ඔය කියන්නේ අනගාරික දර්මපාල ගොයීයා කී කතාවක්.

ගාන්දී කීවේ, ලංකාව ඉන්දියාවෙ දුවෙක් වගේය (India's daughter state) කියලයී. අනේ ඉතින් ඉන්දියාවත් එදා ඉදන් අපිට සලකන්නේ (ඉන්දියානු) දුවෙක් වගේ නම් තමයී.

-බිன்ku-

8:16 AM, March 30, 2009

ශාකුන්තල අයියා කිව්වේ අනගාරික ධර්මපාලතුමාගේ කතාවක් තමා. ඔව් සෑම්, මම අසා තිබෙනවා කවුදෝ එසේ කිව් බවක්, දැන් තමා දන්නේ ගාන්ධිතුමා කියලා.

කෙසේ වෙනත් අවිහිංසාවාදය සීමාවෙන් පිටපනිනවායැයි කියන්නේ කොහොමද?, එහි දකින අර්ථයට වඩා ඇතුල් අර්ථය තේරුම් ගත්තෝත්, විවෘතව බැලුවොත් විතරයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මගේ සහෘදයෙකුත් මගෙන් කලිං ලිපියකට මෙසේ විමසලා තිබ්බා. මම කෙටියෙන් විස්තරයක් කියන්නම්. ගාන්ධිතුමා තම සටන මෙහෙවුවේ ත්‍රසතවාදි කණ්ඩායමට වඩා පටු වුද බලවත් වුද කණ්ඩායමක් එක්කයි. කොටින් අපිට දුන්, දෙන වද වලට වඩා වැඩි වද උන් දුන්නා වුවත් මුළු ඉන්දියාවම දේශප්‍රේමී හැඟිමකින් කටයුතු කරන පසුබිමකයි ගාන්ධි සිය ව්‍යාපාරය මෙහෙවුවේ. දැන් තිබෙන ඉන්දියාන්-පකිස්ථාන් සටනේ මුල් අවදියෙදිත් ගාන්ධි තම දර්ශණයත් මෙහෙවුවා. එතුමාගේ නියම දර්ශණය අනුව නම් කොටින්ගේ දර්ශණයටත් අපේ දේශපාලන කරන ඇත්තන්ටත් පරස්පරයි. මම තව දුරටත් අවිහිංසාව හා යුද්ධයට විරුධ විම වැනි මාතෘකා ගැන කතා නො කරන්න තීර්ණ කරලා ඉන්නේ, මොකද කොච්චර කිව්වත් ව්ංවෘතව මේ සිදුමිම දෙස බලන බොහොදෙනෙක් තම මතයත් වෛරයත් අරමුණු කරගෙන ප්‍රකාශ කරන නිසාත් මම නිහඬ වෙන්න තීර්ණ කරලා ඉන්නේ, මගේ අතින් ඒ අය කුලප්පු කරන්නත් ඇන්ගේ ලේ නටවන්න මට අවශ්‍ය නැහැනේ. නමුත් මම එකක් විස්වාස කරනවා දවසට එහි ප්‍රතිඵලය තේරේවි‍යයි කියා. ඒ සමඟම යුධ බිමේදි සිය රුධිරය දහඩිය හෙලන රණවිරුවන්ට ප්‍රාණාමය පුද කරමින්ද මේ තත්වය උදාකල අපේ මිනිස්සුන්ටද දේශපාලකයන්ටද යම් දිනෙක කර්ම විපාක විදිමට සිදුවෙන්නයැයි පතමින් නවතින්නම්.

මම මේ ලිපියෙන් මතු කලේ යුද්ධමය කාරණා සම්බන්ධයෙන් නොවේ. නෞම්ත් එක් අදහසක් නිසායි මට මේ අවසන් සටහන තියන්න හිතුණේ. මම හිතන්වා තව දුරටත් මේ ගැන කතා නො කරවි කියලා. මම මේ ලිපිය පල කලේ වෙනත් පැත්තක් ගැනනේ.

-බිன்ku-

8:34 AM, March 30, 2009

ශාකු අයියා, මට දහස් වරක් සමාවෙන්න අයියාගේ අදහස වරද්දවා තේරුම් ගත්තාට. මට තේරුණේ අවිහිංසාවාදය නිර්ථික දෙයක් කියා කිව්වා ලෙසයි, එහෙමනේ මට අහන්න ලැබෙන්නේ ඒ ගැන කතා කරනකොට. කොහොම වුණත් වෙලාවක අවිහිංසාවේන් ඉන්න අමාරුයි තමා, මට වුණත් එකම තමා මචෝ. කොහොම වුණත් එහෙම ඉන්න බලන්න මචං. බුදුරාජනන් වහන්සේත් වදාලේ එහෙමනේ.

රයිගමයා

8:49 AM, March 30, 2009

@ Sam

>ඔය කියන්නේ අනගාරික දර්මපාල ගොයීයා කී කතාවක්.

"දර්මපාල ගොයියා"...?
කී බෝඩ් එකේ ප්‍රශ්ණයක්ද?

-බිன்ku-

9:00 AM, March 30, 2009

තරහා ගන්න එපා මචෝ ලියන්නේ මේ විදියටම තමා, වෙන තැන් වලත් ඉස්සර ලිව්වා ඒවායෙත්. ගාන්ධිතුමාටත් කියලා තියෙන්නේ ගාන්දී කියලානේ.

තරහ එපා මචෝ.

රයිගමයා

9:47 AM, March 30, 2009

@ බිංකු
මම කීවේ sam ට.
ආ... ආ...

Sam

10:33 AM, March 30, 2009

රයීගමටත් ධර්මපාල ගොයීයාට වගේනේ තරහා ගිහිල්ල තියෙන්නේ. හංගන්න දෙයක් නැහැ මලේ, අනගාරික දර්මපාල වගේ ඇමරිකානු NGO කාරයන් ගැන මට වැඩි ප්‍රසාදයක් නැහැ. ඒ ගැන දීර්ග විස්තරයක් මම මෙතන ලියලා තියනවා. http://unprotectedthoughts.com/2009/01/anagarika-dharmapala-kalu-suddha.cfm (ඕනෑනම් සිංහලේනුත් ලියන්නම්.)

ගාන්දි ගැන නම් මට තියෙන්නේ අනන්තීය ප්‍රසාදයක්. කොටින්ම කියනවානම් එතුමාගේ ගමට පවා මම ගොහිල්ලා තියෙනවා. මම නම් හිතන්නේ, මර්වින් සිල්වා ඇමති තුමා වගේ, ගාන්දි තුමා කියන්න ඕනේ නැහැ, උන්දෑට ගරු කරන්න. ගාන්දී කියන නමම ඇති. විශේශ ආමන්ත්‍රනයකින් ගරු කරන්න යනවානම්, "තුමා" ට වඩා වැදගත් වචනයක් හොයා ගන්න වේවි.

ඒ කෙසේ වෙතත්, ගාන්දිගෙත් වැරදි නැතිව නෙවෙයී. උන්දෑ කලු අප්‍රිකානුවන්ට කීවේ, කිසිම ශීලාචාර කමක් නැති වදුරෝ රැලක් කියලායී. උන්දෙලාට රට කොරන්න හැකියාවක් නැතෙයී කියලායී. කොටින්ම කියනවානම්, ඉන්දියානුවන්ට වෙන්කොරලා තිබුනු කොටසට කලු ජාතිකයන්ට එන්න දුන්නයැයී කියලා, ගාන්දි උද්ගෝශනය කරා.

1904දී ජොහෑනස්බර්හිදී උන්දෑ කියනේ අප්‍රිකාව පාලනය කල යුත්තේ සුදු ජාතීන් විසින් පමනක් බවයී. අප්‍රිකාවි උන්දෑගේ අරගලය ඉන්දියානුවන්ටත්, සුදු ජාතින් හා සමාන අයීතීන් ලබා ගැනීම මිස, සියලු මිනිසුන් සමයැයී (MLK වගේ) කියන පදනම සදහා නොවෙයී. මේ කාරනය ගාන්දිගේ ජීවිත කාලය තුරාම දකීන්න පුලුවන්.

ගාන්දි විසින් ගොඩනැගූ, ඉන්දියානුවන් කලු ජාතිකයන්ට වඩා උසස්යැයී යන වර්ගවාදී මතය බොහෝ කාලයක් අප්‍රිකාවේ පැවතුනා. ඉඩි අමීන් වගේ අන්තවාදී අප්‍රිකානු නායකයන් පවා මුලින්ම පිට දේශාක්කාරයන්යැයී කියලා පහර ගහන්නේ ඉන්දියානුවන්ට.

ගාන්දීගේ වැරදි තව බොහෝමයයී. මා මේ කීවේ, කිසිම පුද්ගලයෙක්, ගාන්දී පවා, අතිමහත් ලැදියාවෙන් පමහක් අදහන්න බැරි බව කියන්නයී.

ඒ කාරනා කෙසේ වෙතත්, උන්දෑගේ ගුන කෝටියයී. ඉගන ගන්න දේ බොහෝමයී. උන්දෑ ලෝකය දුටු ආකාරයත්, එහි ඇති අඩු ලුහුඩු වලින් ප්‍රයෝජන ලබා ගත් ආකාරයත් අලංකාරයී. අපිට මේ තියන කරදර වලට හේතුව, අපිට ගාන්දි වගේ නායකයක් ලැබෙන්නේ නැතිව, ධර්මපාල වගේ කලු සුද්දන් ලැබීමයී.

-බිன்ku-

9:42 PM, March 30, 2009

සෑම් මාමේ, මාමා කිව් කරුණු මම දැන සිටියේ නැහැ නොවැ. ස්තුතියි කිව්වාට. ඕනෑම කෙනෙක් සර්ව නිර්දෝශි නෑ නේද? ඒ වගෙම දෝශිත් නැහැනේ.

Palitha

10:25 PM, March 30, 2009

ගාන්ධි කියනනේ දේශපාලනිකව යොදා ගන්නා චරිතයක්. සෑම් සදහන් කර තියෙන පරිදි ඔහුගේ දුර්වලතා තිබුණත් සමහර සාම කාක්කෝ ගාන්ධිව පරමාදර්ශයක් කරන්න ලංකාවේ උත්සාහ ගත්තා. දැන් ඒගොල්ලන්ගේ නියම පෙනුම ඇවිත් තියෙන්නෙ. කොහොම වුනත් මට කියන්න තියෙන්නේ ගාන්ධිගේ උපාය උපක්‍රම භාවිතයේදී සන්දර්භය තේරුම්ගැනීම වැදගත් බවයි.

ශාකුන්තල

12:07 AM, March 31, 2009

@බිன்ku,
:-)

@Sam,

> ශාකුන්තල ඔය කියන්නේ අනගාරික දර්මපාල ගොයීයා කී කතාවක්.

ඒකයි මම කීවේ මට හරියටම මතක නෑ කියලා.

Post a Comment

සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.