අසන්න සහෘදය


අසන්න සහෘදය,
අපි සැවොම කුරිරු ඉරණමකට බඳුන් වී සිටින්නෙමු.
ඉතිහාසයේ කොතැනක හෝ වැරදී ඇත.
අප නොකල ඒ වැරැද්දට
දඬුවම් විදින්නෙමු.
ඔවුන්, අපව භේද භින්න කලාහුය.
අපි භේද භින්නයේ අවියෙන්
අනිකාට,
ගසන්නෙමු - පෙළන්නෙමු - මරන්නෙමු
ගලන ලෙයින් සැනසෙන්නෙමු
ගලන්නේ අ‍පේම ලේ නොවේදැයි
අපට නොවැටහෙන්නේ ඇයි?
දෙවියනි!
අඳුරු තිමිර බිඳ ගනිමු සොයුර
පෙර මඟ ඔබත් මමත්
ලියන්නට නිමල ඉතිහාසය
අමුතුවෙන්...

බුද්ධදාස හේවගේ ගේ ‘යාත්‍රාවක මිනිස්සු’ කෘතියෙන් උපුටා ගත්තකි.

මට මෙය දුන් ජොනී අයියාට ස්තුතිය.


සැබෑ පෙම්වතුන්


මේ සටහන් කලකට ඉහත සහෝදරයෙකු මාර්ගයෙන් දැක්කේ. එදා සිටම මගේ මතකයේ විටෙක එන නිසාම මෙහි දාන්න හිතුවේ.




Chicken a la Carte හා බැදුණ මගේ අතීතය

Short Film By: Ferdinand Dimadura


මට මේ විඩීයෝ පිටපත ගැන මගේ සමීපතයෙක් කිව්වේ. ඔහුට ඒ ගැන තුතිය.

මේ විඩීයෝව මාව අතිතයට ගෙනගියා කිව්වෝත් නිවැරදියි. ඉන් එක් මොහොතක් නම් නුවර KFC එකට යනවිට ඒ අසලම delight ඒකට ඉස්සරහ දරැවෙක් වඩාගෙන බිම වාඩිවී ඉන්න අම්ා කෙනෙක් හිටියා. ඇයගේ තත්වය ගැන හිතලා ඇයට මම බුරියානි එකක් දුන්විට ඇයත් ඇයගේ ඒ පොඩි නංගිත් එක්ක කෑ හැටි මගේ මතක සටහන් ගොන්නේ තවමත් සක්මන් කරයි. එතැන් සිටම නුවර සතිපතා පැමිණිවිට ඇයට කුමක් හෝ දීම පුරැද්දක් වෙලා තිබ්බේ. උසස් පෙල ලියන්නට පෙර දිනෙක ආ විට ඈ දක්න්නට නො ලැබුණු අතර මට පසුව දැන ගන්නට ලැබුණේ ඇයව සැක කටයුතුයැයි පොලිසිය අල්ලා ඇති බවයි. මා කිව්වේ මේ විඩීයෝව සමග බැදුණ මගේ අතිතය විතරයි.

ඇත්තටම අපි නිපරාදේ වියදම් කරමින් මේවාට යද්දී පාරේ එහා පැත්තේ හෝ දොරටුවේ හිගමන් අදින කොච්චරක් ඇතිද? ඔවුන් ගැන ඔයාලා හිතුවාද?

නිර්ලැජ්ජිත Tamilnet.tv පාපතරණියන්...


එක්තරා බිලෝගයක Tamilnet.tv ගැන හදුන්වාදීමක් කල විටදී ඒ ගැන නොලිව්වත් පසුගිය දිනෙක තවත් බිලෝගයක ඇදෑතුමක් යොමුකර තිබු නිසා ඒ ඔස්සේ මට දකින්නට ලැබුණු පිළිකුල් සහගත, නිර්ලැජ්ජිත, අධම ගණයේ රෑප හා වචන ගැන කෝපයෙන් හා අනුකම්පාවෙන් ලියමි.

ජුලියස් සීසර්ට අත්පුඩි ගසනවිට ඔහු උද්දාමයට පත්වී හිටි අතරම එසේ අත්පුඩි ගසන්නන් අතර තමාට පිහිපාරවල් එල්ල කරන දත මැද ගෙන සිටි අය සිටි බව නොදන්නට ඇති. ඒ ලෙසම වෙස් වලාගෙන එන විනාශයන්ද බහුල වෙයි. එක්කෙනෙකු Tamilnet.tv ගැන සදහන් කලේ “මම tamilnet ඇඳුම යොදා ඇත්තේ එය ත්‍රස්තවිරෝධි නිසා ය. ලොව පුරා සහ ලංකාවේ සිට ක්‍රියාත්මක වන කොටි ප්‍රචාරණ ජාලයට එරෙහිව එවැනි දේ අවශ්‍යය.“ එය සත්‍යයක් වුවත් එම අඩවිය ඒකී අරමුණෙන් බැහැරව ලංකික භාවයටත් ඒ හා බැදි බෞද්ධයෙකුගේ ගතිලක්ෂණ වලට අපහාසයක් වෙමින් සංගමයක් හැදියාවක් නැති තත්වයට වැටි ඇති අයුරැ ගෝචනීය. ඒකී තත්වය වඩාත් දරැණුවෙන්නේ ඉංශ්‍රිසි මාධ්‍යයෙන් පළ කිරිම නිසායි.

මට මතක ආකාරයට මේ අඩවිය ගැන මම මුලින් දැන ගත්තේ 2007 හෝ 2008 වසරේදීයි. එකල ලිපි මෙතරම් තත්වයක නො තිබුණත් අද එහි කතෘවරැන් අසහ්‍ය චිත්‍රපටි හා රෑප නරඹමින් ඊට කොටි හිනවාදින් වැනි අයගේ මුහුණු බද්ධ කරමින් ඇතැම් විටෙක අසහ්‍ය වචනද පල කරයි. එම ජයාරෑප වල සදාචාරත්මක බවක් නැති බැවින් මෙහිදී පළ කල නොහැකිය. එතරම්ම පිළිකුල් සහගතය. මා දන්නා තරමින් දැනට කොටි හිතවාදින් එවැන්නක් මෙසේ එළිපිට කර නැත (එසේ කර ඇත්නම් දන්වනු මැනැවි). මෙයින් සිදුවන්නේ Tamilnet.tv කතෘවරැ වැනි විකෘතියන්ට සිත් දුෂණ කරමින් විකෘති රස වින්දනයක් දිම පමණි. එසේම මේ නිසා බාහිර පුද්ගලයන් අප ගැන වැරදි අවබෝධයක් ලැබිමේ අවධානමක් පවතී. සිංහලයින් ඇතුලු ලංකිකයන් එතරම් පහත් ජාතියක් නොවේ. ලෝක ඉතිහාසයේ එවැනි දේ සිදු වෙද්දි දුටුගැමුණු රජු සටනින් දිනා එළාර රජු වෙනුවෙන් චෛත්‍යයක් සාදන්න තරම් හැදියාවක් තිබ්බ රටක මෙවැන්නක් අනුමත කල හැකිද?

දෙමල ජනයා ගැන ජාතිකයැයි කියන බොහෝ දෙනා කෙසේ සිතුවත් දෙමල ජනතාව යනු අපේ සොයුරැ ජනයායි. යුද්ධයෙන් දෙපැත්තෙන්ම වැඩියෙන් බැට කෑවේ ඔවුනුයි. නවද ලංකිකයෙකුගේ තවත් ගුණාංගයක් නම් පරම සතුරෙකුගේ මරණයේදී, මරණයෙන් පසුව අපහාස නොකිරීමයි.නමුත් හීෂණ සමයන් නිසාත් දේශපාලන නිසාත් ඒ ගුණාංග පලදු වු අතර ඒවැනි ලක්ෂණ ගණනාවක් Tamilnet.tv තුලින් දැකිම ගැන සතුටු විය යුතුද නැතහොත් කණගාටුවිය යුතුද කියා නොතේරේ.

එහි වඩාත්ම ගෝචනීය කරැණක් වෙන්නේ අසරණ මියැදුණු දෙමළ සොයුරන්ගේ ජයාරෑප වලින් කරනා නෝබිනා හැසිරිමයි.
ImageHost.org
ImageHost.org
ImageHost.org
ImageHost.org
තවත් වෙනත් ඒවා ගිහින්ම බලන්න: www.tamilnet.tv

අනෙක් කරැණ නම් අනුන්ගේ ජයාරෑප වලට අසහ්‍යත්වයක් එකතු කිරිමයි. අනුන් එසේ කල පලියට අපිත් එසේ කළ යුතුද?
ImageHost.org
ImageHost.org

හමුදාවේ කිර්තීයට මෙය අපහාසත්මක නොවේද:
ImageHost.org


නමුත් මෙවැනි රෑප එහි පළ කිරිම එක අතින් වටී, නමුන් එහි වටිනාකම නැති කරන්නේ ඒ අයම නොවේද? (අවසානේ මහින්දටත් එහි මඩක් ගෑවෙයි). හින්දු ආගමේ චරිත සදහන් කරන්නත් එවුන් සැහැසි වෙයි.
ImageHost.org
ImageHost.org
ImageHost.org
ImageHost.org
ImageHost.org


tamilnet.tv කතෘවරැනි, නුඹලාට කොටින්ට එරෙහි වන්නට අවශ්‍ය වුයේ නම් විය යුතු වුයේ tamilnet.comහි ශෛලිය හා එහි සැකැස්ම අනුව ඒ ආකාරයෙන් ඔවුනට විරැද්ධ ලෙස ලිපි ලිවිමයි. ප්‍රවෘත්ති පල කිරිමයි, tamilnet.comහී සත්‍ය අසත්‍යභාවය පෙන්වීමයි.නැතිව මේ ආකාරයෙන් අසම්මත නිර්ලැජ්ජිත ලෙස ලිපි ලිවිම නොවේ. ඊට වඩා මේ අඩවිය නො තිබිම යෙහෙයකි.

මේ අඩවිය ගැන ඔබේ පක්ෂපාති / විරැද්ධ අදහස් අගයමි.
මේ ගැන ඔවුන්ටත් ආරක්ෂක අමාත්‍යංශයටත් දැන්වුවෙමි.

'අයිස්' වගේ "කුල්" ඩ්‍රැම්ස්!

මම මේක දැක්කේ කොත්තුවේ බිලෝගයක. අයිස් වලින් හදපු වාදන භාණ්ඩ වාදනය නම් 'කුල්' තමා.

http://www.youtube.com/watch?v=zntpPOXdczk

අන්තිමට කැඩෙන ඒක ගැනත් කඩන ඒක ගැනත් නම් අපරාදේ තමා. අයිස් කොහොමත් දිය වන සුලුයි ‍වගේම අනිත්‍යයි නොවැ.
මේ අපුරැ භාණ්ඩේ හදන විදිහ මෙන්න මෙතනින් බලා ගන්න:
http://www.youtube.com/watch?v=u4XIcsg4QuM

"මචාන්"ලාටත් "අඩෝ"ලාටත්...

'අලුත්' අවුරැද්දට අලුත්යැයි කියන්නට දෙයක් නැති තරම්ය. ඔවුන්ට තමුන් පසුගිය වසරේ වද වු, ප්‍රරාථනා කරපු දෑ අමතක තරම්ය. මේ අකාරයට දුරැතු මාස‍යේදීත් ගෙවාගෙන යයි. සිදුවන වෙනසක් දියුණුවක් නැත. වෙළදුන්ගේ හා ජංගම දුරකථන ජාලය සරැ කරගෙන නමුන්ගේ පොකට්ටුව හිස් කර ගනියි. බොහෝ දෙනෙක් අවුරැද්දේ නෑගම් යෑම ගණුදෙනු කිරිම වැනි දෑ දැනුදු කෙරෙන්නේ ඕනෑවට එපාවට මෙනි. මෙසේ අලුත් අවුරැද්ද 'නවීණකරණ' වුවද අවුරැදු චාර්ත්‍ර සිරිත් විරිත් වෙනස් වුවද කුමක් වුවද සිදුවිය යුතු වටිනාතම දෙයක් නම් තමාගේ වැරද්දක් හෝ හදා ගනිමින් වෙනසක් ඇති කර ගැනිමයි. ඊට හොදම කාලය නම් බක් මාසයයි (මගේ මතයේ හැටියට). වෙසක් මාසයේ සද්ධාවත් ඇතිකර ගෙන ඒ ධෛර්යය සමගින් ඉදිරියට ගොස් දුරැතු මාසයේදි පසුගිය මාසවල ප්‍රතිශතය බලාගෙන ඒවායේ අඩුපාඩු හදාගෙන ඉතුරැ මාස වල හදා ගැනිම ප්‍රයෝගිකව උචිතය.

ඒ වෙනස තමා තුලම ඇති කර ගැනීම අතවශ්‍යයයි. පසුගිය කාලවලදී ලියන්න බොහෝ දේ තිබුණත් කාර්යබහුලකමත් කැම්මැලිකමත් නිසා ලියැවුණේ නැති තරම්. ඒ සමගම මගේ අධ්‍යාපණ කටයුතු වුයේත් මන්දගාමීව වගේ. අවුරැද්දකින් මම ලංකාවට ආපසු එන්න තිබ්බ බලාපොරොත්තුව වෙනස් කරලා, දැනුමත් අත්දැකිමුත් එක්ක නැවත පසු කාලයකදී එන්න හිතා ගත්තා. ඉස්සරහට කාලය තවත් කලමනා කරලා ලියන්නත් කියවන්නත් වෙන දේට යොදවන්නත් ඕනෑ. කොම්පුටරේ මා විසින් ආරම්භ කලාට එහි වැඩි හරියක් ලිව්වේ ප්‍රවීන් අයියායි. වෙනත් අය දායකත්ව දැක්වුවත් තවමත් මම එහි ලිව්වේ එකම එකකි, ලැජ්ජාවට කරැණක් නොවැ? එහිත්, කොදෙව්වේත් ලියන්න දේවල් තිබ්බට නොලිව් ඒවා ලියන්නවත් ඕනෑ මීට පස්සේ.

මට කෙනෙක් කී දෙවල් වලට හදිසි කෝපයකින් ලිපියක් ලිව්වත් ඒ සිද්ධියෙන් දැන් මට දැනෙන්නේ ශක්තියක්. ඒ කෙනාට බොහොම ස්තුතියි. මගේ සමීපතයෙක් මට විද්‍යුත් තැපැලකින් විමසලා මට මෙහෙමත් කියලා තිබ්බා; “උබ අහලා තියනවාද? කියවලා තියනවාද? ඩේල් කානගි කියලා පොරක් ගැන? උෟ ගැන මට වඩා උෟ දන්නවා ඇති? එයා කියලා තියනවා '' ඔබට එන අයුක්ති සහගත විවෙචන බොහෝ වෙස් වලාගන එන අශිර්වාදයන්ය. එයින් බොහෝ විට අදහස් වන්නේ ඔබ යමකුගේ ඊර්ෂියාවත් අභිමානයත් අවුස්සා ඇති බවය “කිසිවකු කිසිවිටක මළ බල්ලේකුට පයින් නොගසන බව මතක තබා ගන්න “ මේක මට වගේම බිලෝග් අවකාශයේදී අපහාසයට, ලේබලයට ලක් වන අයට වැදගත් වෙවි.

"First they ignore you, then they laugh at you, then they fight you, then you win." ලෙස ගාන්ධිතුමා කියන්නෙත් එක නොවැ?

මට දිරි දුන්නු, අදහස් ‍විවේචන ලිව්, කතා කල, කියවු සතුරැ මිතුරැ සියලු දෙනාටම ස්තුතියි. ඒ වගේම තවදුරටත් අදහස්, විවේචන, දිරි ගැන්විම්, බැණුම්, මඩ ඕනෑම දෙයක් මම බලාපොරොත්තු වෙනවා.


යුධ ගිණිදැල්, අනෝදනා සියල්ල සත්‍යයේ නාමයෙන් යම් දිනයක නිවේවා! ජාතියක් වශයෙන් නොවී රටක් ලෙසින් ශ්‍රි ලංකාව ලොවේ බැබලේවා! බිලෝග් අවකාශයේ සතුරැ මිතුරැ සියලුම දෙනාටම ලැබුවාවු අලුත් අවුරැද්දේදී ජිවිතේ හීන, ප්‍රාර්ථනා ඉටුකර ගන්නට හේතු ශක්තිය ධෛර්යය ලැබේවා!

ලොට්ටයක්

"බින්කු කොටි කලු සුදදෙක් නම් කියවං" නමින් හදිසි කෝපයකින් පල කල ලිපිය මකා දැමුවෙමි. අදහස් දැක්වු සියලු දෙනාටමත් මට අභුත අපහාස කල ඒ තැනැත්තාටත් ස්තුතියි.

මගුලක්

ඌරන් කැකලු තලනවීට වලී කුකලන්ට මගුල් වන්නාසේම බුද්ධාගම විකු එක් දේශපාලක පක්ෂයක හා ඊනියා චින්තන ප්‍රවාහයක දුර නොදකින අන්තවාදී වචන හා අපහාස යොදා ගනිමින් කෝටි හිතවාදීහු වාසි ගන්නා එක් අවස්ථාවක්:


කණගාටුයි...
මේ සිටිනා මුස්ලිම් සිසුවියන් ලැජ්ජාවට හෝ යම් හේතුවකට මාරැ කරන බව පැහැදිලිය (නැත්නම් මේ ඇත්තටම එසේ නිතීයක් ඇති).
ඇයි ඒ?
මේ එකක් නොව මෙවැනිම අය මට ඔනතරම් හමු වී ඇති අතරම ඇතැම් ප්‍රධාන ආගමික පාසල් වල අන්‍ය ආගමික අයට ඒ පාසලේ අදාල වු ආගමික වාතාවන් සිදු කිරීමට සිදු වන අතර ඇතැම් ඒවායේ නිතීද පනවයි. මා කලක් ශිල්ප ලැබු අන්‍ය ආගමික පාසෙල්දීත් මට සිදු වුයේ පිරිත් නුලක් බැදිවිට විනයභර ගුරුතුමාගේ නියෝගය මත (පාසලේ නිතීයක්ලු ) ශිෂ්‍ය නායකයන් ලව්වා කැපවු අතර ඊට මා විරුද්ධ වී දවස් කිහිපයක පන්ති තහනමකට යටත් වෙන්නට මට සිදුවිය. ආගමක් යනු නිතීයක් නොවේ, හැදියාවයි. මිනිසෙකු සකසන සැකසෙන ක්‍රිමවේදයයි. බුදුදහම ආගමක් නොවන අතර එහී සංස්කෘතියක්ද නොපවතී, එය හුදෙක් සත්‍යාත්මක දර්ශණයක් පමණි. අන් ආගම් දර්ශණ වලට ගරැ කිරිමත් එහි ප්‍රධාන වෙයි. නමුත් කණගාටුවට අපේ රටේ ආගම යොදාගනිමින් (බුද්ධාගමද ඇතුලුව) ඒක ඒක විකාරලාපයන් කරයි කියයි. ඊට ඈත අතීතයේ නොතිබී නිතී පනවන්නත් යයි.

ඊනියා වහසි බස්, බටහිරටම බැණ බැණ රටට ලොවට වැඩක් නොවන මතවාදීන්ට:
කරැණාකර බුදුදහම මාර්කට් නොකරනු මැනැවි. නලීන් මහතානි, ඔබ ලොව හොදම විද්‍යාඥ මහතෙකු නම් බුදු වදාල හෝ බුදුදහමේ (සුත්‍රගත) තිබෙනා දේ උපයෝගී කරමින් ලොවට වැඩදායි වු තවත් දෑ හදුන්වා දෙනු මැනැවි.

වචනයට වඩා ක්‍රියාව වටිනේයි.

තවත් වටිනා ලිපි දෙකක්: අදහස් අවකාශය තුලින් උපුටා දක්වමි
ආගමික අන්තවාදයේ කරුමය : පසුගිය දවසක අපි විශාල කලබැගෑනියක් නිර්මාණය කල සිදුවීමක් සිදුවුණි. ඒ අනවසරයෙන් ශබ්ද විකාශ යන්ත්‍ර භාවිත කිරීමේ වරදරට හිමි නමක් අත් අඩංගුවට ගැනීමත්, ඉන්පසු අධිකරණයේ එම නඩුව කැඳවූ විට භික්ෂූන් වහන්සේ නැගී නොසිටීමත් යන කරුණු නිසා. විකාර සහගත රටක් වන ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ මූලික විඳීමට බාධා කිරීම ආතල් එකක් කර ගැනීම නිසා මේ සිවිල් නීති කඩ කිරීම සාධාරණිකරණය කරන්නට කොළඹ තාප්ප පුරා පෝස්ටර් ඇලවුනා. අපි දන්නා තරමින් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුව ලංකාව ඉරානයේ හෝ වෙනත් අරාබි රටක් මෙන් ආගමික රාජ්‍යයක් නොවන බව හැමෝම දන්නා කරුණක්. ඒ අනුව රටේ සිවිල් නීතියට ගරු කිරීම ආගමික නායකයන් හට වුවත් අදාලය යන සරල කාරණාව මුලින්ම තේරුම් ගැනීමට මේ අන්තවාදී බුද්ධ පුත්‍රයන් හට නොහැකි වීම ගැන ඇත්තේ ලොකු කණගාටුවක්. මේ ස්වාමීන් වහන්සේට අනුව පාරේ වම් පැත්තෙන් ගමන් කිරීමට පූජක පක්ෂයට හැකිවිය යුතුයි. මොකද ඔවුන්ගේ අමන තර්ක අනුව රටේ මූලික නීතියට ඉක්මවා යන බලයක් ඔවුන් සතුව ඇතැයි උපකල්පනය කරන නිසා. දැන් මූලික සිද්ධිය දෙසට අවධානය යොමු කරමු.

කාලයකට ඉහත පන්සලක් නිවස අසල පිහිටා තිබීමේ අවාසනාවට මම ද මුහුණ දුන්නා. ආගම යනු මිනිසුන්ගේ මානසික සුවය සදන දෙයක් වුවද ඉරිදා උදේ පාන්දර ඇරඹෙන මේ පිරිත් දේශනාව ශබ්ද විකාශන යන්තූ මගින් ප්‍රදේශය පුරා රැව් දෙන විට , සතියේ දවස් හයක් පුරාවට මානසික , ශාරීරික විඩාවට පත්වුනු නූතන යුගයේ ලාංකිකයාගේ භූමිකාව නියෝජනය කරන අපිට ඉරිදා උදයේ අමතර පැයක් නිදා ගැනීමට තියෙන අවස්ථාව අහිමි වෙනවා. පිරිත් වාදනය අසන්නට අවශ්‍ය නම් ඒක අවශ්‍ය පුද්ගලයා අසනවා විනා බලෙන් මිනිසුන් මත පටවා අනෙකාගේ නිදහසට යම් ආකාරයකින් හෝ බාධා කරන මේනියාව මොකද්ද කියන එක තේරුම් ගන්නට හරි අමාරුයි. හරියට බස් වල යනකොට වාදනය වන කැසට්, රේඩියෝ මගින් රියදුරා අපේ නිදහසට බාධා කිරීම වගේ වැඩක්.

අන්තවාදී මුහුණවර ගත් ජාතික වාදී , ආගම් වාදී ව්‍යාපාර හරහා ශෝකාන්ත බවට පත්වූ ඇෆ්ගනිස්ථානය පිළිබඳව කතාව කියවල හමාර කලේ ඊයේ. මෙවැනි ව්‍යාපාර හරහා බැට කෑ රටවල් සඳහා උදාහරණ ඕනෑ තරම් තියෙනවා. මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් සහ වඩා යහපත් සමාජයක් උදෙසා වන සමාජ දේශපාලන ව්‍යාපාරයක සේයාවක් වත් දකින්නට නැති ශ්‍රී ලංකාවේදී ඒ වෙනුවට බිහි වන නොයෙක් උරුමයන් යුයි කියාගත් කරුම පක්ෂ වලට පින්සිදු වන්නට මෙවැනි මතවාද පවත්තවා ගෙන යාමට අවශ්‍යය පිටිවහල තවමත් ලැබෙනවා. ඒක නිසා කරුණාකර රටේ සිවිල් නීතියට ගරු කිරීම වඩා වැදගත් බව මේ උන්නාන්සේලා තේරුම් ගන්නට කාලය එළඹිලා. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුව පුරවැසියකුට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස දී ඇති නිසා කරුණාකර ආගම අප මත බලෙන් පටවන්නට එපා කියන කාරණාව මතක් කර දෙන්නට සිද්ධ වෙනවා.

හාමුදුරුවනේ,

ලංකාව කියන්නෙ පන්සලක් නෙවෙයි. ඒක නිසා අපිට වද දෙන්න එපා

අන්තවාදයේ කරුමය 2: අන්තවාදයේ කරුමය නමින් මුලින් ලියන ලද ලිපියට සෘජු ප්‍රතිචාර නොදක්වා තැන් තැන් වල ලියා තිබූ බැවින් නැවත මුල් ලිපියේ අර්ථය පැහැදිලි කිරීමට ලියන්නෙමි. නමුත් මුලින්ම කීමට ඇත්තේ කශේරුකාව පිළිබඳ ප්‍රශ්න විසඳා ගැනීම කෝකටත් හොඳ බවය.

මුල් ලිපිය නැවත සැලකිල්ලෙන් කියවා බැලුවහොත් ලංකාව යනු ආගමික රාජ්‍යක නොවන බව අවධාරණය කර ඇත්තේ ආගම සමග ඇති තරහක් හෝ වෙනත් ආකාරයේ නෝක්කාඩුවක් නිසා නොව පුරවැසියන්ගේ මූලික නිදහසට බාධා කිරීමට ආගමට මුවා වීමට එරෙහි වීම උදෙසාය. අනෙත් වැදගත් කාරණය වන්නේ ආගම මිනිසුන් මත බලෙන් පැටවීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බව අවධාරණය කරනු පිණිසය.

ඛේදවාචයක් බවට පත්වූ ශ්‍රී ලාංකාවේ සිය මධ්‍ය පාන්තික කුහක භාවය ද , හිස් කමද වසා ගැනීමට නොයෙකුත් විකාර රූපී රංගන වල යෙදෙන ලාංකිකයන් මත පදනම් වූ කරුම පක්ෂ වලට පින්සිදු වන්නට සිවිල් නීති කඩ කිරීම සාධාරණි කරණය කරන්නට කොළඹ තාප්ප පුරා පෝස්ටර් ඇලවෙන රටක දී මේ ලියැවීම් විකාරයකි. ශබ්ද විකාශන යන්ත්‍ර පිළිබඳ මූලික නීති පැනවූයේ ලංකාව තුල මිනිසුන්ට අවම වශයෙන් රාත්‍රි කාලයටවත් සැනසිල්ලේ සිටින්නට හැකි වන ලෙසටය. නමුත් තමන්ගේ අසල් වැසියා සුවසේ නිදා ගැනීම නිසා තමන්ගේ ආතල් බිඳ ගන්නා අපේ අමනයන් හට මේ නිතී නිසා හිත රිදේ. ආගම යනු අධ්‍යාත්මික සුවය සලසා ගැනීමට අවශ්‍ය දෙයකි. ජීවිතයේ දුක් ගංගාවක් නම් එය තරණය කර අධ්‍යාත්මික සැනසීම කරා එළඹීමට ඇති පාරුවක් ලෙස ආගම සැලකිය හැක. නමුත් කරන්නට වැඩක් නැති කමින් පෙලෙන ලාංකිකයා හට අවශ්‍ය පාරුවේ නැගී යාම වෙනුවට පාරුව කරේ තබාගෙන යාමය. මෙය අද දවසේ ආගම් වලට පමණක් නොව නොයෙක් ආකාරයේ අන්තවාදයන් හට යොමු වුනු ලාංකිකයන් හට අදාලය. එම නිසා අනුන්ගේ ආතල් කැඩීමට ඔබට ඇති ආසාව නිසා කරුම පක්ෂ සහ නොයෙකුත් සංවිධාන ඔබ ලා සමග රමණයේ යෙදුනු පමණින් ඔබ සමග රමණයේ යෙදීමට අප බැඳී නැත.

එම නිසා පෙර ලිපියේ අවසානයේ ලියූ දෙය නැවත ලියමි.

ලංකාව පන්සලක් නෙවෙයි. ඒක නිසා අපිට වද දෙන්න එපා.


(I am writing this with fully upset after watching the video.)


පොලිස් පෝලී

එක් ලිපියක් නිසා මට මතක් වු විකල්පයේ ලිපියක් මෙහි දැමුවෙමි.

දිනය - 2009 අප්‍රේල් 12 වැනිදා
වේලාව - සවස 6 යි.
ස්ථානය - පිළිමතලාව නගරය

මාගේ සහෝදරයාත් මමත් පිළිමතලව නගරයට පැමිණියේ අපගේ ඥාති ගෙදරකට යාම සඳහායි. එම ගෙදරට ගෙනයාමට යමක් මිළදී ගැනීමේ අටියෙන් කඩයකට ගොඩ වූ අප දෙදෙනා අවශ්‍ය කළමනා මිළදී ගැනිමෙන් පසු බසයකට ගොඩවිම සඳහා බස්නැවතුම් පොළ වෙත පියනැගුවෙමු. අතර මගදී නගරයේ තැපැල් කන්තෝරුව ඉදිරිපිට තිබූ රතිඤ්ඤා තට්ටුව අසල මදක් නැවතුනේ රතිඤ්ඤා පෙට්ටියක් මිළදී ගැනීම සඳහාය. එම වේලාවේම එහි පැමිණි කඩුගන්නාව රථවාහන පෙලීසියේ නිළධාරීන් දෙනෙකු රැගත් සුදු පැහැති මෝටර් සයිකලය රතිඤ්ඤා තට්ටුව ඉදිරිපිට නතර කෙරිණි.(අවශ්‍ය නම් යතුරු පැදියේ අංකය ද මා සතුව ඇත.) යතුරු පැදිය පිටුපස අසුනේ සිටි පොලිස් නිළධාරියා ඉන් බැස තට්ටුව වෙත ගොස් නිලාකූරු පෙට්ටි හයක් හා රතිඤ්ඤා පෙට්ටි දෙකක් රැගෙන එය බෑගයක දමාගෙන පිටව ගියේ ‛‛ මුදලාලී ගිහින් එන්නම්’’ කියාගෙන ය. එම නිලා කූරු පෙට්ටියක මිළ රුපියල් 75කි. රතිඤ්ඤා පෙට්ටියක මිළ රුපියල් 100 කි.
සිද්ධිය දුටු මා ඒ පිළිබඳව මුදලාලිගෙන් විමසුවෙමි. ‛‛ මොනව කරන්නද මහත්තය නොදුන්නොත් ඉතින් මේ ලෑල්ල මෙතන තියාගෙන වෙළදාම් කරල ඉවරයි. මාව එලවල දායි. ඔය එක කට්ටියක් විතරයි. තවත් අය එයි. කොච්චර ආවත් දෙන්න එපැයි ’’ මුදලාලිගේ මුහුණේ ඇත්තේ විස්සෝප ස්වභාවයකි. මමත් මල්ලීත් රතිඤ්ඤා පැකට්ටුවක්ද මිළදීගෙන එතැනින් එන්නට සැරසෙද්දීම තවත් පොලිස් නිළධාරින් දෙදෙනෙකු රැගත් මෝටර් සයිකලයක් පැමිණ රතිඤ්ඤා තට්ටුව අසල නවතනු පෙනිනි.

චන්දන - කටුගස්තොට


ගම්පහ දිස්ත්‍රික්කයේ එක් ප්‍රදේශයක පොලිසියේ නිලධාරින් ඒ ආසන්න තැනක (එයත් එක්තරා ප්‍රකට පාසලක් ආසන්නයේ පිහිටි එකකි (මා දන්නා තරමට මතට තිත නීති අනුව එය නිතී විරෝධි වේ.) මත්පැන් විකුණන ස්ථානයක මත්පැන් මිට ආසන්නව උත්සව සමයේදි බෝතල් ගණනාවක් (පුද්ගලයෙකුට බෝතල් හතරක් හෝ පහක් වැනි ප්‍රමාණයක ගෙනියාමත් තහනම් වේ. මෙහිදී පොලිස්කාරයන්ට ඒ නිතීයද අදාල නොවෙයි. ) මිලදී ගන්නා අතරම ඒ සුරාසැලට ආසන්නයේ තැබෑරැමේ පොලිසියේ සේවය කරන අයවලුන් බීමත් වන බවත් රණ්ඩු ඇති කර ඇතිගන්නා බව මම ඒ ප්‍රදේශයේ නෑ ගෙදරක නැවති කාලයේදී දැක ඇත්තේමි.

පොලිසිය වු කල්හි රටේ වැදගත්ම ආයතනයක් වෙයි, රටක පැවැත්මට පොලිසිය වැදගත් වන අතර එම අංශයේ යහපැවැත්මට නිසි විමසිල්ලක් දැක්විය යුතු වුවද එසේ සිදු නොවෙයි. රටේ නිතීය අපක්ෂපාතීව කටයුතු කල යුතු වුවත් බොහෝ විට සිදු යවන්නේ (හොර ) ආදයම් මාර්ගයක් හෝ දේසපාලන අතකොලුවෙක් හෝ ගංජා/දඩමස් ජවාරමට ආරකෂාවක් ලෙස පොලිසියේ බොහෝ දුෂිත නුසුදුසු පුද්ගලින් නිසා සිදුවෙයි. පොලිසියේ සේවය කිරිම හෝ හමුදාවේ සේවය කිරිම වෙත් අනවශ්‍ය ලෙස මතු කිරීම සුදුසු නෙවෙයි, එය ඇතැම් රටවල තහනම් වෙයි. නමුත් අවාසනාවට අපේ හිටපු‍ පෝලිස්පතියෙක් තම කවුන්ටර් වල නිල ඇදුමෙන් තරග කරන්නට තරම් වෙයි. ඔහුගේ කාලයේ යට ගිය පරික්ෂණ (සෝම හිමි කෝමිසමටත් මෙතුමා ඇතුලත්ය) සිදුවු අනෝදනාත්මක සිදුවීම් (නිහාල් මිනීමැරැම ) හමුවේ කටින් බතල හිටවු අතර සිය නිය කාලය අවසන් කරනවිටදී තමා වැඩ අරඹන විට රටේ දුෂිතම ආයතනය වු පොලිසිය දෙවැනි තැනට ගෙනා බව පවසන ලදී. කෙසේ වුවත් පොලීසිය රටේ තිබිය යුතු උත්තීර වෘත්තියක් විනා වෙන කිසිවෙක් නොවේ. පොලිසිය මෙසේ හැසිරේ නම් ජනයා ගැන කිම? නැති බැරි දුප්පතෙක් අල්ලපු වත්තේන් කෙහෙල් කැනක් ඉස්සුවට තලන අතර ලොක්කෙක් පුරා වස්තුවක් සොරකම් කර අසු වු විට ඇප දී සැලයිට් ගා යැවිම පොලිසියේ බහුතර කාර්යක් වී හමාරය.

ImageHost.org

නිල කබාය තුල ස්ත්‍රී දුෂකයෝ

ගාලූ පාරට මුහුණලා පිහිටි ජය තිලකලාගේ පර්චස් තුනහමාරේ ඉඩම, ලක්‍ෂ තිස් අටකට තීන්දු කළේ ඉහටත් උඩින් වූ ණයතුරුස් ගෙවා දැමීමට වෙනත් විකල්පයක් නොතිබූ බැවිනි.

එහෙත් මුලින්ම ලක්‍ෂ විස්සකුත්, ඉතිරිය හයමසක් ගිය තැනත් ගෙවන බවට ගැනුම්කාරිය තීන්දු කිරීමත් සමඟ ඊට උඩින් යන්නට ඔවුන්ට සිතුණේ නැත.

ඒ, ගැනුම්කාරිය ගම අහල පහළම හොඳින් දන්නා හඳුනන්නියක වීම නිසාය. හයමසක් ගිය තැන ඔප්පු ලියැවෙන්නේයැයි සිතූ ජයතිලකලා සිය අත්සන් යෙදූ හිස් කඩදාසි හයක් ද නීතිඥවරියට ලබාදෙමින් විසිලක්‍ෂයෙන් ණයතුරුස් ගෙවා දැම්මේය.

මේ පරිච්ඡේදය අපට වැදගත් වන්නේ පැමිණිල්ලක් කිරීමට පොලීසියට යන කාන්තාවක පොලිස් නිලධාරීන් විසින් දූෂණය කරයි’ යන පසු සටහන වෙනුවෙනි.

එහි කාන්තාව වන්නේ අකුරු නොදන්නා ජයතිලක වෙනුවෙන් අකුරු ලියන්නට ඉදිරිපත් වන ජයතිලකගේ නංගීය. මෙතැන් සිට මාලනී නමින් හැඳින්වෙන 43, හැවිරිදි දෙදරු මවක වන ඇය, මිරිහාන විශේෂ විමර්ශන ඒකකයත් සමඟ අයියාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගනුදෙනුව අරඹන්නේ පසුගිය ජනාවරි 20දා සිටය.

ර්‍කිව්ව විදිහට ඉඩම ගත්ත අය මාස හයෙන් අපට සල්ලි දුන්නෙ නෑ. මම ඒ ගමන මේ ගිවිසුම ලියපු (නීතිඥවරිය) ජයන්ති මිස්ට ගිහින් කිව්ව. එයා කිව්වෙ එහෙනම් ඔයාල බැනර් එකක් දාලා ඉඩම විකුණල අරයගෙ ලක්‍ෂ 20 දෙන්න කියලා. අපි ඒ විදිහට බැනර් එකක් දැම්මම මිනිස්සු ආවා. එතකොට මම කලින් ගත්ත අක්කට කිව්ව ඉඩම ගන්න කට්ටිය ඉන්නවා. විකුණපු ගමන් ඔයාගෙ ලක්‍ෂ 20 දෙනව කියලා.

එතකොට එයා කිව්වා ලක්‍ෂ 20ට මම මේක සින්නක්කරේට අරන් තියෙන්නෙ ඔයාල කොහොමද විකුණන්නෙ කියලා. එතකොටයි අපි දන්නෙ ජයන්ති මිස් සම්පූර්ණයෙන් අපිව රවට්ටලා අර ගෑනිට ඕන විදියට ලක්‍ෂ 20ට ඉඩමෙ ඔප්පුව ලියලා කියලා

මේ මාලනීගේ නෑනා ඉඩමේ ආරාවුල පිළිබඳ කියන විස්තරයය. එතැන් සිට නෑනාත්, ජයතිලකත් අකුරු දන්නා මාලනී ද ඉස්සර කරගනිමින් මේ අවනඩුවද ගෙන ළඟපාත පොලිසියෙන් පොලිසියට යමින් මාස ගණනක් රස්තියාදු වූහ. වැල්ලවත්ත, මොරටුව හා ගල්කිස්ස යන පොලිස් ස්ථානවල එසේ දෙමාසයක්ම රස්තියාදු වූ ඔවුන් ඊළඟට නවතින්නේ නීති ආධාර කොමිෂන් සභාව තුළය. ඉන් ලැබෙන උපදෙස් මත නුගේගොඩ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවන මාලනී ඇතුළු පිරිස අවසාන වශයෙන් මිරිහාන විශේෂ විමර්ශන ඒකකයේ උප පොලිස් පිරීක්‍ෂක ප්‍රනාන්දු වෙත යොමු කෙරේ.

ර්‍ඒ ජනවාරි 20දා එස්.අයි. ප්‍රනාන්දු මහත්තයා එවෙලෙම ක්‍රියාත්මක වෙලා දවස් දෙක තුනකින් ඉඩමට වංචා කරපු අයට දැනුම්දීම් කෙරුවා පොලිසියට එන්න කියලා. එන්නැති වෙනකොට වරෙන්තු අරන් ගිහින් ඒ ගෑනු කෙනාව ගෙනාවා. එදා අපිත් පොලිසියෙ හිටියා. හවස් වෙනකම් ඒ ගෑනු කෙනා තියාගෙන ඉඳලා උසාවි නොදාම හවස සිවිල් පිට ආපු කවුරුහරි කෙනෙක් එක්ක යැව්වා. ඇයි එහෙම කෙරුවෙ කියල ඇහුවත් අපට හරි උත්තරයක් ලැබුණෙ නෑ’

මාලනී මේ කියන්නේ ඊට පසුව උදා වූ ඒ අහිමිරි ඉරිදාවට පූර්විකාවක් එක්කරමිනි. ගෙවුණු කාලය පුරාම පැමිණිල්ලට අදාළ සියලූ සොයා බැලීම් කර ඇත්තේ මාලනීය. ඒ අකුරු නොදන්නා ජයතිලක අයියාට උදව්වක් වශයෙනි. කුලියට ඇඳුම් මැසීම සිය ජීවිකාව කරගත් මාලනී, නිතර පොලිසියට කාලය වැය කරන්නට බැරිකමට දුරකතනයෙන් එස්.අයි. ප්‍රනාන්දුගෙන් තොරතුරු විමසුවාය.

ර්‍මට ඩිරෙක්ට් කතා කරන්න ක්‍රමයක් නෑ. අයියල එස්.අයි. ප්‍රනාන්දු මහත්තයට කතා කළාම එයා කියන්නේ කෝ නංගිට දෙන්න කියලා. ඒකයි මම කතා කෙරුවෙ’

ඒ අනුවම යමින් මුදල් වංචාවට සම්බන්ධ කාන්තාව උසාවි නොදාම මුදාහැරීම ගැන ද මාලනී එස්.අයි. ප්‍රනාන්දුගෙන් දුරකතනයෙන් විමසුවාය.

ර්‍ඒක මෙහෙම පොලිසියෙදි කියන්න බෑ මාලනී, පෞද්ගලිකව හමුවෙලා කියන්න ඕනෙ. ඔයා ඉරිදට නුගේගොඩට එන්න. අපි දවල් කෑම කන ගමන් කතා කරමු.

මේ එස්.අයි. ප්‍රනාන්දු මාලනීගේ ප්‍රශ්නයට දුන් දුරකතන පිළිතුරය.

ර්‍ඊට පස්සෙ ප්‍රනාන්දු මහත්තයට මම ආයෙ කතා කළාම කිව්ව ඉරිදා 11ට නුගේගොඩ කොමර්ෂල් බැංකුව ළඟට එන්න කියල. මම සාරියක් ඇඳගෙන ගියෙ. හුඟක් වෙලා බලලා නැති හින්ද ආයෙ කෝල් කළා. එතකොට කිව්වා දැන් ඔයාගෙ අයියල මෙහෙ ඇවිත් ඉන්නවා. මම තව පැයකින් එන්නම් ඉන්න කියලා. ඔය සිද්ධියට කලින් අර වංචා කරපු ගෑනු කෙනා අපේ අයියලගෙ කුලියට දීල තියෙන කඩේට ඇවිත් කියලා තියෙනවා මාලනී මේකට සම්බන්ධවෙලා ඉන්නවා. එයාගෙ ඇඳුම් ගලෝනව කියලා. මම මේකත් ප්‍රනාන්දු මහත්තයට කියල තිබුණේ.

ර්‍පස්සෙ මම හිටපු තැනට ත්‍රීවිල් එකක් ඇවිත් නවත්තල, ඒකෙන් ඔළුව දාලා මට කිව්ව, ප්‍රනාන්දු මහත්තය ඔයාව එක්කගෙන එන්න කිව්ව කියලා. ඒ, පී.සී. රංජිත්. එයත් පොලිසියේදී දැකල මට හුරුයි. මම එයත් එක්ක ත්‍රීවිල් එකේ ගියා. පාගොඩ පාරේ තිබුණ හෝටලයක් කියල හිතන්න බැරි හෝටලයක දොර ළඟම ත්‍රීවිල් එක නැවැත්තුව. එතකොට අර පී.සී. රංජිත් කිව්ව ර්‍අක්ක බයවෙන්න එපා, උඩට යන්න ප්‍රනාන්දු මහත්තය උඩ’ කියලා. මම උඩට ගියා. එතකොට ගෑනියෙක් ළඟ පුටුවක ඉඳගෙන ඉඳල ප්‍රනාන්දු මහත්තය නැගිට්ට, ර්‍ආ මාලනී එන්න මේ ඔයා දන්න කෙනෙක්නේ කිව්ව. ඒ ගෑනු කෙනෙත් ලක්‍ෂ 03ක සල්ලි වංචාවක් වෙලා අපි යන දවස්වලම පොලිසියට ආපු කෙනෙක් නිසා මම එයාව අඳුන ගත්ත. මං එයාගෙන් ඇහැව්වා ඇයි ඔයා ආවෙ කියලා. මොකුත් කිව්වෙ නෑ. ටිකකින් තවත් පිරිමි කෙනෙක් ආව. මට අමුත්තක් දැනුණා. බයට බඩයි පපුවයි රිදෙන්න ගත්ත. මම ඒක අර ගෑනු කෙනාට කිව්ව. එයා කිව්වා බයවෙන්න එපා ඔයා ආවෙ ප්‍රශ්නෙ කතා කරන්නනෙ කියලා. එතකොට ප්‍රනාන්දු මහත්තය අපි ළඟට ඇවිත් කිව්වා ර්‍බයවෙන්න එපා අපි ඔය ප්‍රශ්නෙ කතා කරමු.’ කියලා. කට්ටියම කාමරේකට ගියා. ඒකෙ ඇඳක් පුටු දෙක තුනක් තිබුණා. මම ඇඳේ වාඩිවුණා. ටිකකින් එස්.අයි. ප්‍රනාන්දු මහත්තය අර පිරිමි කෙනාව මට පෙන්නල කිව්වා, මෙයා පිළියන්දල පොලිසියෙ අයි.පී. (පොලිස් පරීක්‍ෂක) ලක්‍ෂ්මන් කියල. අපි දෙන්න ඉස්සර ඉඳලම යාලූවො. පොලිසියට බැඳුණෙත් එකට. එයා අයි.පී වුණා. මම එස්.අයි කියලා. එයාගෙ හුඟක් විස්තර කියෙව්වා. පවුලෙ ප්‍රශ්න, වයිෆ්ගෙ ප්‍රශ්න කිව්වා. එතකොට මම කිව්වා මම ආවෙ මගේ ප්‍රශ්නෙ ගැන කතා කරන්නනේ, කොහොමද අර ගෑනි ගියේ කියලා. ර්‍මට කරන්න දෙයක් නෑ මාලනී. ඒක ඉහළින් ආපු නියෝගයක් කියල ප්‍රනාන්දු මහත්තය කිව්ව. ආයෙම කිව්ව ආ ඔයා කෑම කන්නනෙ ආවෙ කෝ දෙන්න සල්ලි කියලා. මම රුපියල් දාහක් දුන්නා. ඒක පී.සී. රංජිත් ගිහින් හෝටලේ වේටර් කෙනෙකුට දුන්නා.

එතන කලින් ඉඳලම මෙයාල බිබී ඉඳල බෝතල් වගයක් තිබුණ. බාගෙට කාපු බයිට් පීරිසියකුත් තිබුණ. මම ඉන්න කොටත් අර ගෑනි බිව්වා. ආයෙත් ප්‍රනාන්දු මහත්තයා කිව්ව බයවෙන්න එපා. ඒ පැත්තෙ අයට සල්ලි බලය තියෙනවා. ඒ හින්ද වැඩේ අමාරුයි. ඒත් මම කොහොම හරි සඳුදට ඔයාලට ලක්‍ෂ 10 අරන් දෙන්නම්. මුලින් ඒක ගන්න. පස්සෙ ඉතුරු ටික අරන් දෙන්නම් කියල. 30 සඳුද අපිට පොලිසියට එන්න කියලා තිබුණ. එතකොට අර ගෑනියි පී.සී. රංජියි එතනින් නැගිටල ගියා. එතකොට ප්‍රනාන්දු මහත්තය මට බීම දුන්නා බොන්න කියලා. මම එපා කියලා යන්න හැදුවා. එහෙම කොහෙ යන්නද අපි ගිහින් බස්සන්නම් කිව්ව. ටික වේලාවකින් ලක්‍ෂ්මනුත් ගියා. ප්‍රනාන්දු මහත්තයත් මාත් එක්ක පැය කාලක් විතර කතා කර කර ඉඳල මට එතන ඉන්න කියල කලබලෙන් වගේ ගියා. එතකොට ලක්‍ෂ්මන් ආවා. මම ඇහැව්ව කෝ ප්‍රනාන්දු මහත්තය කියලා. එයා එහා පැත්තෙ කිව්වා. මම එහා කාමරේ එබිකම් කරල බලනකොට එයා තුවායක් විතරක් ඇඳගෙන හිටියා. මාව දැකල කිව්ව වොෂ් එකක් දාගන්න ආව කියල. එතකොට ලක්‍ෂ්මන් දුවල ගිහින් ප්‍රනාන්දු මහත්තයව එව්වා. මට ලොකු අමුත්තක් තේරුණු හින්දා මම කිව්වා ඔයාලගෙ පෞද්ගලික දේවල් මම කාටවත් කියන්නෙ නෑ මට යන්න ඕනෙ කියලා. ඒත් යන්න දුන්නෙ නෑ. ඔයා දැන් අපිට හිතවත්නෙ. මේ බීම එක බොන්න කියලා මට කහපාට බීමක් දුන්නා. මම බෑ කිව්වත් බල කරපු නිසා ටිකක් බිව්වා. ටිකකින් අමුත්තක් දැනුණ. කට්ටිය කලබලෙන් එහා මෙහා යනව දැක්කා. ප්‍රනාන්දු මහත්තයයි අර ගෑනියි නාන කාමරේ ඉන්නව දැක්කා. මට සිහිමද ගතිය එනකොට අර පීසියි ලක්‍ෂ්මනුයි මාව වත්තන් කරගෙන කාමරේට ගෙනියන්න හැදුවා. මම අත්ගසල එයාලව පන්නල කාමරේ දොර වහගත්තා. පස්සෙ දිගටම දොරට ගහන්න ගත්තා. එතකොට ජනේලෙන් ඔළුව දාලා අර කෑම ගෙනාපු වේටර් කිව්ව දොර අරින්න කියලා. මම දොර ඇරිය.

අනතුරුව සිදු වූ කිසිවක් මාලනීට මතක නැත. ඇය යළි එදිනම රාත්‍රී 10.00ට පමණ නිවස අසලට ගෙන ගොස් දමා සිටියදී මුලින්ම හමුවන්නේ නෑනාටය.

ර්‍එයා කෑගැහැව්ව මාව ප්‍රනාන්දු මහත්තය අරන් ගියා. මං ඉවරයි. පොලිසියට ඔක්කොම කටඋත්තර දෙන්නම් කියලා. අපි ගල්කිස්සෙ පොලිසියට එවෙලෙම ගෙනිච්චා. ඒත් මෙයාට කල්පනාව නැති වෙනවා. පස්සෙ කළුබෝවිලට අරන් ගියා.’

ඒ අනුව කළුබෝවිල රෝහලේ දින හතරක් නේවාසික ප්‍රතිකාර ලබා ගන්නා මාලනී, නිත්‍ය වශයෙන්ම දූෂණයකට ලක්ව සිටින බව වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී තිබේ. ඇගේ යට ඇඳුමේ තැවරී ඇති ශුක්‍රාණු ඩීඑන්ඒ පරීක්‍ෂණයකට ලක් කොට දූෂකයන් නිශ්චිතවම හඳුනාගත හැකි බවද වෛද්‍ය මතයයි. ඊට අමතරව බාහිර පෙනුමෙන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව පසුගිය හත්වැනිදා ගංගොඩවිල අධිකරණ භූමියේදී පැවැත්විණ.

මං ඉස්පිරිතාලෙ ඉන්න කොට ප්‍රනාන්දු මහත්තය මට ඇවිත් කිව්වා මගෙ අතින් ලොකු වරදක් වුණා, ඒකට මට සමාවෙන්න මාලනී, ඒත් මේකට මාවයි, පී.සී. රංජිවයි ගාවන්න එපා, මට දරුවො දෙන්නෙක් ඉන්නවා. මේකෙන් මගෙ රස්සාව නැතිවෙයි, එතකොට දරුවො බඩගින්නෙ කියලා.’ මාලනී කියයි.

ර්‍මේ කතාව කියවු ඔබට හැඟෙන්නේ කුමක්ද?

ර්‍ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන’ යැයි සමාජය ප්‍රශ්න කරන විට පොලිසියේ කවුරුද ගැහැනුන් දූෂණය නොකරන’ යනාදී ලෙස අපට පෙරළා ප්‍රශ්න කරන්නට සිදුවී තිබෙන බව නොවේද?

නීතිය හා සාමය සුරකින බවට දිවි හිමියෙන් පොරොන්දු වී සිටින නිල කබාය තුළම ස්ත්‍රී දූෂකයෙකු සැඟවී සිටින බව හඳුනාගන්නේ කෙසේද?

තවත් සැකකරුවන් දෙදෙනෙකු නිදැල්ලේ
මෙම දූෂණ සිද්ධියට සම්බන්ධ මිරිහාන විශේෂ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්‍ෂක ප්‍රනාන්දු හා පොලිස් කොස්තාපල් රංජිත් යන සැකකරුවන් මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවුවද පොලිස් පරීක්‍ෂක ලක්‍ෂ්මන් නමින් පෙනී සිටි තැනැත්තා හෝ සිද්ධිය වු අවස්ථාවේ හෝටල් කාමරයේ සිටි කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන නොමැත. අයි.පී. ලක්‍ෂ්මන් නමැත්තා පිළියන්දල පොලිසියේ සේවය කරන බව මුලින් කැයිවුණ ද පසුව පොලිසියේම පරීක්‍ෂණ කණ්ඩායම් එය ප්‍රතික්ෂේප කළේය.

සිද්ධිය වූ අවස්ථාවේ හෝටල් කාමරයේ සිටි කාන්තාව ද පොලිසියට කැඳවා ප්‍රශ්න කර පසුව මුදා හැර තිබේ.

කාමරයට ආහාර සැපයු හෝටල් සේවකයා පොලිසියේදී එම කාන්තාව හඳුනාගෙන ඇතත්, ඇයත් පොලිසියත් අතර පවතින දැඩි මිතු දම තුළ ඇය මුදාහැරියාදැයි දන්නේ පොලීසියම පමණි.

නුගේගොඩ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු විශේෂ කණ්ඩායමක් ඉදිරි පරීක්‍ෂණ සිදුකරමින් සිටී.

සේවය අත්හිටෙව්වා

පරීක්‍ෂණ පවත්වන ඉහළ නිලධාරියෙක්
සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ සේවය අත්හිටුවා තිබෙනවා. තුන්වැනි පුද්ගලයා සිවිල් කෙනෙක්. තවම අත්අඩංගුවට ගෙන නැහැ.

පළමු සැකකරුවන් ඔහුව හඳුනනවනෙ?
ඔව්, ඒත් ඔවුන් කියන්නෙ තුන්වැන්නෙක් හිටයෙ නැ කියලයි. ඔවුන් හෝටලයට ගිය බවවත් ඔවුන් පිළිගන්නෙ නෑ.

එම ස්ථානයේ සිටි අනෙක් කාන්තාව අත්අඩංගුවට නොගන්නේ ඇයි?
මොකටද එයාව ඇරස්ට් කරන්නෙ? එයා වරදක් කරල නෑනෙ. හෝටලයකට ගිහින් තමන් කැමති පිරිසක් එක්ක කාල බීල විනෝද වෙන එක වරදක් නෙමේනෙ. ඒ කාන්තාව වගේම පැමිණිලිකාරියත් හෝටලයට ගිහින් තියෙන්නෙ කැමැත්තෙන්.

අනුරාධා නිල්මිණී
උපුටා ගැනීම රාවය පුවත්පතෙන්



'බක්?' "ඒ මොකද්ද?" නම්...මේකත් බලපං

කොවුල් අඬහැරය නො ඇසේ නම්,
කරකවලා රේඩියෝ අහපං
කොණ්ඩ කැවූම් බදින්න නොදනී නම්,
කූකරෙන් රෝලස් බැදපං
පිරුවට චාම්ව අදින්න ලැජ්ජා නම්,
යාරකට දෙකක් ඇදපං
කිරි උතුරවන්නට ලිප මොලවන්න බැරි නම්,
ගිහින් සෝඩා උදුරවපං
වත්තේ රබන් පදේට හතරබීරී නම්,
වහලා දොරට තඩි බාපං
ගණුදෙණු කරන්න යන්න කම්මැලි නම්,
අරුන් එක්ක සවාරි පලයං
සිප්පි එක්ක පංච කෙලින්න අමතක නම්,
මැෂිමේ කෝල් ඔෆ් ඩුට් ගහපං
ඔන්චිල්ලා පදින්න 'අපොයි බයයි අනේ' නම්,
දෙකකුලෙන් පුටුව පද්දපං


අල්ලපු ගෙදර උන්දෑ එක්ක අමනාප නම්,
අර මෙහෙයුමට අත්පුඩි ගහපං
කදවුරේ පාර්වතීගේ මර අඳෝනා නෑසේ නම්,
ගිහිං දුවට තාලේට රණ ගී කියපං
පුතා එනතුරු සෝමවතීගෙ බය ගාණක් නැත්නම්,
පූතාට සෙල්ලං තුවක්කුවක් අරං දීපං
සොච්චම් වන්දීය එක්ක මීනියට පස් දාන එකී පව් නම්,
උන්ගේ පොස්ටර් දහසක් ජන්දේට ගහපං
ඇඳන් යට ෂෙල් වැස්සට තෙත්වන මැටි බිම වියලි නම්,
මස්සිනාට ගිහිං හැඟීමුත්තං කියා දීපං
මලමිනී මතින් නැග කටපුරා හිනැහෙන්න ඕන නම්,
ලෝකේටම ඇහෙන්න කෑ ගහපං
“අපි සුද්දවත්තයෝ”
“නුඹලා ත්‍රස්තවාදියෝ”
කියලාම.
ඉතින්
ගහේ එරබදු මල් නොපිපෙනා වසන්තයට,
වත්තේ පොපි මල් වවාපං

අන්තවාදීව කෑගසන, දෙපැත්තටම ත්‍රස්තවාදීන්යැයිද තමුන් නීර්දෝශී බවක්ද කියන කොටි හා ආණ්ඩුවේ පැත්තේම අයවලුන් වෙනුවෙනි.

ඒකාධිපතිත්වයක් යට….අපි හා බුරුමය

සුනන්ද දේශප්‍රිය
පසුගිය දා ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාණ්ඩුවේ සහායට පැමිණි එක් රටක් වුයේ මියන්මාරය නොහොත් බුරුමය යි. රජයේ ජනමාධ්‍යයන්හි මේ සහාය සම්බන්ධයෙන් මහත් උජාරු කතා පළව තිබුණි. අප ඇත්ත වශයෙන්ම ප්‍රජාත්නත්‍රවාදය ගරු කරන රටක් නම් බුරුමයෙන් ලැබෙන සහාය ගැන ලැජ්ජා විය යුතු ය. මන්ද යත් අප මහත් ආඩම්බරයෙන් අගය කරන යහ පාලනය සහ මානව හිමිකම් නැත්තට ම නැති රටක් ලෙස මියන්මාරය නම් දරා සිටින නිසා ය. මානව හිමිකම් පිළිබද ප්‍රශ්නයේ දි අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාව සමඟ සිටින රටවල ලැයිස්තුවක් ලියුව හොත් අපට අප රට ගැන මහත් දුකක් ඇතිවනු ඇත.


ඇත්ත වශයෙන් ම නම් අප සිටිය යුත්තේ බුරුම ආණ්ඩුව සමග නොව ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස දශක ගණනාවක් පුරා සිර ගත කොට සිටින එරට නියම නායිකාව වන සං සුකී සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලයේ නියුතු බෞද්ධ භික්ෂුන් ප්‍රමුඛ සිවිල් සමාජය සමග ය. නමුත් කණගාටුවට කරුණ වන්නේ අඩුම වශයෙන් එරට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගල කරන ජනයාට වචනයෙන්වත් සහායක් දීමට මෙරට ආණ්ඩුව අසමත් වී සිටීම ය. මියන්මාරය ශ්‍රී ලංකාවට සහාය දෙන්නේ මෙරට ආණ්ඩුවට ඇති ආදරය නිසා නොවේ. ස්වකීය ප්‍රජාතන්ත්‍ර විරෝධී පිළිවෙත සදහා සහාය අන්තර් ජාතික තලයේ දි සහාය ලබා ගැනීමට ය. රොබට් මුගාබේ ගේ සිම්බාබ්වේ සිට කස්ත්‍රෝගේ කියුබාව දක්වා වන සෑම ඒකාධිපති පාලනයක් ම එලෙස සහාය දෙන්නේ ස්වකීය ජනතා විරෝධි පාලනයන්ට ශ්‍රී ලංකාණ්ඩුවේ සහාය ලබා ගැනීම පිණිස ය.
මේ එක රටක වත් නිදහස් සහ ස්වාධීන නිසි කළට පවත් වන මැතිවරණ, ජනමාධ්‍ය නිදහස, අධිකරණ ස්වාධිනත්වය හෝ අනෙක් මානව අයිතිවාසිකම් හෝ නැත.
පසුගිය වසරෙහි මියන්මාරයේ බෞද්ධ භික්ෂුන් විසින් නායකත්වය දෙන ලද ප්‍රජාතන්ත්‍රවාදි නැගිටීමක් අපි හැම දනිමු. එය යකඩින් සහ ගින්දරෙන් තලා පෙලා මැඩලන ලදී. දෙදහසකට වැඩි පිරිසක් සිරගත කරනු ලැබුනි. කොපමණ දෙනා කොපමණ කළකට සිරගත කරනු ලැබ ඇත්දැයි කිසිවකු දන්නේ නැත. ඉන් සමහරකු සිර ගත කර ඇත්තේ 65 වසරක සිර දඩුවමකට ය. මේ නඩු අසන්නේ කොහිද සිර ගත කරනු ලැබ ඇත්තේ කොහිද කියා හරියට දන්නා කෙනෙක් ද නැත.
ශ්‍රී ලංකාවේ අද පෙර නොවී විරූ අදහස් වාරණයක් පවති. මෙම වාරණය බිද හෙලීමට ඉදිරියට පැමිණෙමින් ඇති එක් පිරිසක් නම් නිර්භය කවීන් ය. එම කවි ගැන ලිවීම මම සාහිත්‍ය ලේඛකයින්ට තබමි. මෙම ආරම්භය රළ වේගයක් බවට පත්විමට ඉඩ සලසමින් ඔවුන් දිරිමත් කිරීම අද ඉතා වැදගත් ය. ජවිපෙ සහ ආණ්ඩුව තරඟයට මිනීි මැරූ 1988-1990 යුගයේ ද මෙවැනි විරෝධතා කවි කළ එළි බැස්සේ ය.
මියන්මාරයේ බෞද්ධ භික්ෂු කැරැල්ල මර්දනයෙන් පසු ද මෙැවනි කවි වසන්තයක් ඇති විය. පසුගිය පෙරවාරි 14 දිනට යෙදුනු ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් නේ මායේ කිව් නම් අනතර් ජාල බ්ලොග්කරුවකු පෙම් කවක් ලියා පළ කලාය. එය අනතුරුව එහි සඟරාවක පළ කෙරිණ. රුන්ගුන් නුවර සයිබර් කැපේ තුනක අයිතිකරුවක වූ නේ මායේ කිව් එරට අන්තර්ජාල බ්ලොග්කරුවන් අතර සැළකෙන්නේ පෙර ගමන්කරුවකු ලෙස ය. 2008 බෞද්ධ භික්ෂුන්ගේ කරැල්ල අවස්ථාවෙහි එහි ඩිජිටල් ජායාරූප ලොව වටා යැවීමේ ප්‍රමුඛයකු වුයේ ඔහු ය.
ඔහු ලියා පළ කළ පෙම් කව පෙරවාරි 14 නම් විය. එහි ලියැවි තිබුණේ මෙසේ ය: ආදරය ගැඹුරින්ම විය යුතු ය. අව්‍යාජව උන්මාදයෙන් මෙන් විය යුතු ය. නැතිනම් ඒ වනාහී ආදරයක් නොවේ. නමුත් මේ පෙම් කව යට සැගවුණු අරුතක් ඇතිබව හමුදා ජුන්ටාවේ ඔත්තුකකරුවෝ සොයා ගත්හ. කවියේ සෑම පේලියකම ආරම්භක අකුරු ලියා තිබුණේ ඒ අකුරු එක් කළවිට හමුදා නායකයාට අපහාසයට පත්කැරෙන පරිදි ය. එයින් මෙසේ කියැවුණි. ජෙනරල් තාන් ෂේ බල තන්හාවෙන් පිස්සු වැටී ඇත.
කවියා විසිවසරකුත් මාස හයකට සිර ගත කෙරුණි. කවියා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී අන්ග් තියෑන් කවියා වෙනුවෙන් පෙනී සිට උසාවියට අපහාස කළැයි හාර මාසකට සිර ගත කෙරුනි.

කවියේ දළ ඉංග්‍රිසි පරිවර්ථනය වෙබ් ලිපියකින් උපුටා ගත්තෙමි. ඔහු සිර ගත කෙරුනු අකුරු කළු අකුරින් දැක්වේ.

14th february

Ar rin bek ka pyaw dair
(Aaron Beck, the psychiatrist, said)
Nar nar khan sah dat hma khan sah hma
(Only if you know how to suffer painfully)
Yoo yoo moo moo go phyit nay hma
(Only if you are crazy - crazy )
Kyi myat tet a noot pyinnya lo
(Can you appreciate a great work of Art)
Hmoo hmoan hmaing way zay det dat poan model ma lay yay
(Dear little photomodel who makes me dizzy)
Kyi daunk kyi mah kya hma a thair kwair det yawgah det
(They say it is a broken liver disease, a great and terrible one) [note: Broken heart in Burmese is usually expressed as a broken liver.]
Than baung myah zwa thaw chit tat thu myah
(Millions of those who know how to love)
Shwe a teet cha hta thaw let myah phyint let khoak tee yway yair bar
(Laugh and clap those gold-gilded hands)




පසු සටහන:
සටන් විරාම කාලයේ ලියූ ලිපි දෙකක ජේද දෙකක් වෙනුවෙන් මාධ්‍යවේදී තිස්සෙයිනායගම් සිරගත කරන සේ ශ්‍රී ලංකාණ්ඩුව ප්‍රජාතන්ත්‍රවිරෝධී නීතියක් යටතේ නඩු පරවා තිබේ.
අන්තර්ජාලයෙන් කියවා බා ගත කර ගත් ලිපි දෙකක් ලඟ තබා ගැනීම නිසා මානව හිමිකම් නිතිඥයකු වන 63 හැවිරිදි සාන්ත ප්‍රනාන්දු පසුගිය 27 දා ගුවන් තොටුපලේ ගමන්මලු පරීක්ෂාවකින් පසු අත් අඩංගුවට ගන්නා ගැනේ. දැන් මාසයක් රඳවා තබා ගත හැකි පරිදි රුදවුම් නියෝගයකට යටත් කර ඇත.
පොලිස් පහර දීමකට සම්බන්ධ මානව හිමිකම් නඩුවක් වෙනුවෙන් පෙනී සිටි නිතිඥ අමිත ආරියරත්න ගේ කාර්යාලය සහමුලින් ම පුළුස්සා දමයි. අපරාධකකරු සොයා ගැනීමට නැත.
සිය සැමියා වූ සන්ඩේ ලීඩර් කතුවරයා වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ පුද්ගලයින් තමන් දන්නා බවත් ඒ කව්රුන්දැයි පෙබරවාරි 15 දින හෙළිදරව් කරන බවටත් රජයේ ප්‍රධානීන් කළ ප්‍රකාශය ගැන සොයා බලන ලෙස මොනිං ලිඩර් කතුවරිය වු සොනාලි සමරසිංහ කළ ඉල්ලීම පොලීසිය ප්‍රතික්ෂේප කරයි.
ඝාතනය තැතකින් බේරී දිවි ගලවා ගත් රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන්ට තාවකාලිකව රට හැර යාමට සිදු විය. එම ඝාතන තැත සම්බන්ධ පොලිස් පරීක්ෂන ඉබි ගමනින් බව එම පුවත්පත කිය යි.
පැහැරගෙන ගොස් පොලිස් අත් අඩංගුවෙහි සිටින සුදරෝලි කර්තෘ අධිකරණමය ක්‍රියාවලියකට භාජනය විමට පෙර රටෙහි බලගතුම නිලධාරියකු වන ආරක්ෂ ලේකම්වරයා ඔහු ත්‍රස්තවාදියෙකැයි ලෝකයට කිය යි. ඔහු තෙමසක රඳවා ගැනීමේ නියෝගයකට යටත් කැරේ.
ජනමාධ්‍ය උපදේශකයකු සහ ශ්‍රාස්ත්‍රඥයකු වන මහාචාර්‍ය දම්මික ගංගනාත් දිසානායක පැහැර ගෙන යන ලදුව රට හැර යන සේ තර්ජනය කර මුදා හැරේ.


"සිදු විය හැකි දේ නුඹ නොදන්නවා වෙන්න පුළුවන්" - The Curious Case of Benjamin Button (2008)

Binku


මරණාසන්න වියපත් කාන්තාවක් සිය දියණියගෙන් තමා සතුව තිබු සිය මුල් සැමියා විසින් ලිව් පොතක් කියවන්නැයි ඉල්ලයි. ඒ තුලින් මහලු නිවාසයක සාත්තු සේවික යුවලක් යටතේ හැදි වැඩුණු විකල දරුවෙකු මහළුවියෙන් තරුණ වියද නො නැවිති ඒ ඔස්සේ ගලා ගෙන යන The Curious Case of Benjamin Button චිත්‍රපටිය ආදරය, වියෝව, ඊරිශියාව, ක්‍රෝධය, තණ්හාව වැනි මිනිසුන්ගේ ගැඟිම් මුසුව උපත, මරණය, අබාගත වීම, යුද්ධය වැනි අත්දැකිම් සමුදායක් කැටිකර දක්වන්නට උත්සහ දරයි. සිය අබාධිත බව නිසා ළමා වියේ සොඳුරුබව අහිමිවන Benjamin Button නැවියෙකු ලෙසද පසුව පෙම්වත්තයෙකු ලෙසද අත්දැකිම් වලට මුහුණ දුන් ඔහු පියෙක් විමත් ඒ හා බැදුණු අනුවේදනිය සිදුවිම් තුලින්ද ජිවිතයේ ඇතැම් දේ වැලැක්විය නො හැකි බව (You can't stop what's coming)පසක් කරමින් අපේ ජිවිතයේ මුහුණ දෙනු ලබන විවිධ ප්‍රශ්ණ වලට පුර්වාදර්ශයක් සපයයි. වරෙක වැඩ කල නැවේහි කපාතින් මයික් ගණිකා මඩමේදි බීමත්ව කියන කතාව සිය දරුවන්ගේ දක්ෂතා නොසලකා ඔවුන් තම අරමුණු වලට යොදවන දෙමව්පියන්ට පාඩමක් බදුය.

David Fincher හා තීර රචක Eric Rothගේද, ප්‍රධාන නළු Brad Pittගේද නිළි Cate Blanchettගේද දක්ෂතා නිසාත් හැඩගැන්විමත් නිසා ඇතැම් බොහෝ චිත්‍රපටි වලට වඩා වෙනස් මඟක් ගනි. සිය පෙම්වතියගේ ජිවිතේ අභාග්‍ය සම්පන්නම මොහොතක් පෙන්වීමේදී කෙළින් එය පෙන්විමේ සම්ප්‍රදාය අනුගමන නොකර එය එසේ 'සිදු වුවානම්' සිදු විය හැකි දේ සමඟම ඒසේ 'සිදුවි' යන අයුරුත් පෙන්විම එවැනි අවස්ථාවකි. කථාව පුරාම විවිධ අවස්ථාවලදි ඒ ඒ මිනිසුන් මුහුණ දෙන සිදුවිම් නිසා ඔවුන්ගේ ගැඟිම් හා සිතුවිලි කෙලින් නො කියා කියමින් Benjaminගේ අවරෝහණ ජිවිතයේද, Daisyගේ වැනිම වු අපගේද ජිවිතේ වැලැක්විය නොහැකි පොදු සාධකයකිනි.

ඔස්කාර් සම්මාන තුනකට නිර්දේශ වු මෙම චිත්‍රපටිය Fiscott Fitzgaldගේ කෙටි කතාවක් ඔස්සේ තැනු මෙය ජිවිතයේ විවිධ අත්දැකිම් හා සිදුවිම් නිසා හෙම්බත් වු සියළු දෙනාටම වැදගත් චිත්‍රපටියකි.

ImageHost.org


මෙතැනින් ගෙන ඔබත් නරඹන්න (මෙතනින් ශිර්ෂපාඨ ගන්න )