නිල කබාය තුල ස්ත්‍රී දුෂකයෝ

ගාලූ පාරට මුහුණලා පිහිටි ජය තිලකලාගේ පර්චස් තුනහමාරේ ඉඩම, ලක්‍ෂ තිස් අටකට තීන්දු කළේ ඉහටත් උඩින් වූ ණයතුරුස් ගෙවා දැමීමට වෙනත් විකල්පයක් නොතිබූ බැවිනි.

එහෙත් මුලින්ම ලක්‍ෂ විස්සකුත්, ඉතිරිය හයමසක් ගිය තැනත් ගෙවන බවට ගැනුම්කාරිය තීන්දු කිරීමත් සමඟ ඊට උඩින් යන්නට ඔවුන්ට සිතුණේ නැත.

ඒ, ගැනුම්කාරිය ගම අහල පහළම හොඳින් දන්නා හඳුනන්නියක වීම නිසාය. හයමසක් ගිය තැන ඔප්පු ලියැවෙන්නේයැයි සිතූ ජයතිලකලා සිය අත්සන් යෙදූ හිස් කඩදාසි හයක් ද නීතිඥවරියට ලබාදෙමින් විසිලක්‍ෂයෙන් ණයතුරුස් ගෙවා දැම්මේය.

මේ පරිච්ඡේදය අපට වැදගත් වන්නේ පැමිණිල්ලක් කිරීමට පොලීසියට යන කාන්තාවක පොලිස් නිලධාරීන් විසින් දූෂණය කරයි’ යන පසු සටහන වෙනුවෙනි.

එහි කාන්තාව වන්නේ අකුරු නොදන්නා ජයතිලක වෙනුවෙන් අකුරු ලියන්නට ඉදිරිපත් වන ජයතිලකගේ නංගීය. මෙතැන් සිට මාලනී නමින් හැඳින්වෙන 43, හැවිරිදි දෙදරු මවක වන ඇය, මිරිහාන විශේෂ විමර්ශන ඒකකයත් සමඟ අයියාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගනුදෙනුව අරඹන්නේ පසුගිය ජනාවරි 20දා සිටය.

ර්‍කිව්ව විදිහට ඉඩම ගත්ත අය මාස හයෙන් අපට සල්ලි දුන්නෙ නෑ. මම ඒ ගමන මේ ගිවිසුම ලියපු (නීතිඥවරිය) ජයන්ති මිස්ට ගිහින් කිව්ව. එයා කිව්වෙ එහෙනම් ඔයාල බැනර් එකක් දාලා ඉඩම විකුණල අරයගෙ ලක්‍ෂ 20 දෙන්න කියලා. අපි ඒ විදිහට බැනර් එකක් දැම්මම මිනිස්සු ආවා. එතකොට මම කලින් ගත්ත අක්කට කිව්ව ඉඩම ගන්න කට්ටිය ඉන්නවා. විකුණපු ගමන් ඔයාගෙ ලක්‍ෂ 20 දෙනව කියලා.

එතකොට එයා කිව්වා ලක්‍ෂ 20ට මම මේක සින්නක්කරේට අරන් තියෙන්නෙ ඔයාල කොහොමද විකුණන්නෙ කියලා. එතකොටයි අපි දන්නෙ ජයන්ති මිස් සම්පූර්ණයෙන් අපිව රවට්ටලා අර ගෑනිට ඕන විදියට ලක්‍ෂ 20ට ඉඩමෙ ඔප්පුව ලියලා කියලා

මේ මාලනීගේ නෑනා ඉඩමේ ආරාවුල පිළිබඳ කියන විස්තරයය. එතැන් සිට නෑනාත්, ජයතිලකත් අකුරු දන්නා මාලනී ද ඉස්සර කරගනිමින් මේ අවනඩුවද ගෙන ළඟපාත පොලිසියෙන් පොලිසියට යමින් මාස ගණනක් රස්තියාදු වූහ. වැල්ලවත්ත, මොරටුව හා ගල්කිස්ස යන පොලිස් ස්ථානවල එසේ දෙමාසයක්ම රස්තියාදු වූ ඔවුන් ඊළඟට නවතින්නේ නීති ආධාර කොමිෂන් සභාව තුළය. ඉන් ලැබෙන උපදෙස් මත නුගේගොඩ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවන මාලනී ඇතුළු පිරිස අවසාන වශයෙන් මිරිහාන විශේෂ විමර්ශන ඒකකයේ උප පොලිස් පිරීක්‍ෂක ප්‍රනාන්දු වෙත යොමු කෙරේ.

ර්‍ඒ ජනවාරි 20දා එස්.අයි. ප්‍රනාන්දු මහත්තයා එවෙලෙම ක්‍රියාත්මක වෙලා දවස් දෙක තුනකින් ඉඩමට වංචා කරපු අයට දැනුම්දීම් කෙරුවා පොලිසියට එන්න කියලා. එන්නැති වෙනකොට වරෙන්තු අරන් ගිහින් ඒ ගෑනු කෙනාව ගෙනාවා. එදා අපිත් පොලිසියෙ හිටියා. හවස් වෙනකම් ඒ ගෑනු කෙනා තියාගෙන ඉඳලා උසාවි නොදාම හවස සිවිල් පිට ආපු කවුරුහරි කෙනෙක් එක්ක යැව්වා. ඇයි එහෙම කෙරුවෙ කියල ඇහුවත් අපට හරි උත්තරයක් ලැබුණෙ නෑ’

මාලනී මේ කියන්නේ ඊට පසුව උදා වූ ඒ අහිමිරි ඉරිදාවට පූර්විකාවක් එක්කරමිනි. ගෙවුණු කාලය පුරාම පැමිණිල්ලට අදාළ සියලූ සොයා බැලීම් කර ඇත්තේ මාලනීය. ඒ අකුරු නොදන්නා ජයතිලක අයියාට උදව්වක් වශයෙනි. කුලියට ඇඳුම් මැසීම සිය ජීවිකාව කරගත් මාලනී, නිතර පොලිසියට කාලය වැය කරන්නට බැරිකමට දුරකතනයෙන් එස්.අයි. ප්‍රනාන්දුගෙන් තොරතුරු විමසුවාය.

ර්‍මට ඩිරෙක්ට් කතා කරන්න ක්‍රමයක් නෑ. අයියල එස්.අයි. ප්‍රනාන්දු මහත්තයට කතා කළාම එයා කියන්නේ කෝ නංගිට දෙන්න කියලා. ඒකයි මම කතා කෙරුවෙ’

ඒ අනුවම යමින් මුදල් වංචාවට සම්බන්ධ කාන්තාව උසාවි නොදාම මුදාහැරීම ගැන ද මාලනී එස්.අයි. ප්‍රනාන්දුගෙන් දුරකතනයෙන් විමසුවාය.

ර්‍ඒක මෙහෙම පොලිසියෙදි කියන්න බෑ මාලනී, පෞද්ගලිකව හමුවෙලා කියන්න ඕනෙ. ඔයා ඉරිදට නුගේගොඩට එන්න. අපි දවල් කෑම කන ගමන් කතා කරමු.

මේ එස්.අයි. ප්‍රනාන්දු මාලනීගේ ප්‍රශ්නයට දුන් දුරකතන පිළිතුරය.

ර්‍ඊට පස්සෙ ප්‍රනාන්දු මහත්තයට මම ආයෙ කතා කළාම කිව්ව ඉරිදා 11ට නුගේගොඩ කොමර්ෂල් බැංකුව ළඟට එන්න කියල. මම සාරියක් ඇඳගෙන ගියෙ. හුඟක් වෙලා බලලා නැති හින්ද ආයෙ කෝල් කළා. එතකොට කිව්වා දැන් ඔයාගෙ අයියල මෙහෙ ඇවිත් ඉන්නවා. මම තව පැයකින් එන්නම් ඉන්න කියලා. ඔය සිද්ධියට කලින් අර වංචා කරපු ගෑනු කෙනා අපේ අයියලගෙ කුලියට දීල තියෙන කඩේට ඇවිත් කියලා තියෙනවා මාලනී මේකට සම්බන්ධවෙලා ඉන්නවා. එයාගෙ ඇඳුම් ගලෝනව කියලා. මම මේකත් ප්‍රනාන්දු මහත්තයට කියල තිබුණේ.

ර්‍පස්සෙ මම හිටපු තැනට ත්‍රීවිල් එකක් ඇවිත් නවත්තල, ඒකෙන් ඔළුව දාලා මට කිව්ව, ප්‍රනාන්දු මහත්තය ඔයාව එක්කගෙන එන්න කිව්ව කියලා. ඒ, පී.සී. රංජිත්. එයත් පොලිසියේදී දැකල මට හුරුයි. මම එයත් එක්ක ත්‍රීවිල් එකේ ගියා. පාගොඩ පාරේ තිබුණ හෝටලයක් කියල හිතන්න බැරි හෝටලයක දොර ළඟම ත්‍රීවිල් එක නැවැත්තුව. එතකොට අර පී.සී. රංජිත් කිව්ව ර්‍අක්ක බයවෙන්න එපා, උඩට යන්න ප්‍රනාන්දු මහත්තය උඩ’ කියලා. මම උඩට ගියා. එතකොට ගෑනියෙක් ළඟ පුටුවක ඉඳගෙන ඉඳල ප්‍රනාන්දු මහත්තය නැගිට්ට, ර්‍ආ මාලනී එන්න මේ ඔයා දන්න කෙනෙක්නේ කිව්ව. ඒ ගෑනු කෙනෙත් ලක්‍ෂ 03ක සල්ලි වංචාවක් වෙලා අපි යන දවස්වලම පොලිසියට ආපු කෙනෙක් නිසා මම එයාව අඳුන ගත්ත. මං එයාගෙන් ඇහැව්වා ඇයි ඔයා ආවෙ කියලා. මොකුත් කිව්වෙ නෑ. ටිකකින් තවත් පිරිමි කෙනෙක් ආව. මට අමුත්තක් දැනුණා. බයට බඩයි පපුවයි රිදෙන්න ගත්ත. මම ඒක අර ගෑනු කෙනාට කිව්ව. එයා කිව්වා බයවෙන්න එපා ඔයා ආවෙ ප්‍රශ්නෙ කතා කරන්නනෙ කියලා. එතකොට ප්‍රනාන්දු මහත්තය අපි ළඟට ඇවිත් කිව්වා ර්‍බයවෙන්න එපා අපි ඔය ප්‍රශ්නෙ කතා කරමු.’ කියලා. කට්ටියම කාමරේකට ගියා. ඒකෙ ඇඳක් පුටු දෙක තුනක් තිබුණා. මම ඇඳේ වාඩිවුණා. ටිකකින් එස්.අයි. ප්‍රනාන්දු මහත්තය අර පිරිමි කෙනාව මට පෙන්නල කිව්වා, මෙයා පිළියන්දල පොලිසියෙ අයි.පී. (පොලිස් පරීක්‍ෂක) ලක්‍ෂ්මන් කියල. අපි දෙන්න ඉස්සර ඉඳලම යාලූවො. පොලිසියට බැඳුණෙත් එකට. එයා අයි.පී වුණා. මම එස්.අයි කියලා. එයාගෙ හුඟක් විස්තර කියෙව්වා. පවුලෙ ප්‍රශ්න, වයිෆ්ගෙ ප්‍රශ්න කිව්වා. එතකොට මම කිව්වා මම ආවෙ මගේ ප්‍රශ්නෙ ගැන කතා කරන්නනේ, කොහොමද අර ගෑනි ගියේ කියලා. ර්‍මට කරන්න දෙයක් නෑ මාලනී. ඒක ඉහළින් ආපු නියෝගයක් කියල ප්‍රනාන්දු මහත්තය කිව්ව. ආයෙම කිව්ව ආ ඔයා කෑම කන්නනෙ ආවෙ කෝ දෙන්න සල්ලි කියලා. මම රුපියල් දාහක් දුන්නා. ඒක පී.සී. රංජිත් ගිහින් හෝටලේ වේටර් කෙනෙකුට දුන්නා.

එතන කලින් ඉඳලම මෙයාල බිබී ඉඳල බෝතල් වගයක් තිබුණ. බාගෙට කාපු බයිට් පීරිසියකුත් තිබුණ. මම ඉන්න කොටත් අර ගෑනි බිව්වා. ආයෙත් ප්‍රනාන්දු මහත්තයා කිව්ව බයවෙන්න එපා. ඒ පැත්තෙ අයට සල්ලි බලය තියෙනවා. ඒ හින්ද වැඩේ අමාරුයි. ඒත් මම කොහොම හරි සඳුදට ඔයාලට ලක්‍ෂ 10 අරන් දෙන්නම්. මුලින් ඒක ගන්න. පස්සෙ ඉතුරු ටික අරන් දෙන්නම් කියල. 30 සඳුද අපිට පොලිසියට එන්න කියලා තිබුණ. එතකොට අර ගෑනියි පී.සී. රංජියි එතනින් නැගිටල ගියා. එතකොට ප්‍රනාන්දු මහත්තය මට බීම දුන්නා බොන්න කියලා. මම එපා කියලා යන්න හැදුවා. එහෙම කොහෙ යන්නද අපි ගිහින් බස්සන්නම් කිව්ව. ටික වේලාවකින් ලක්‍ෂ්මනුත් ගියා. ප්‍රනාන්දු මහත්තයත් මාත් එක්ක පැය කාලක් විතර කතා කර කර ඉඳල මට එතන ඉන්න කියල කලබලෙන් වගේ ගියා. එතකොට ලක්‍ෂ්මන් ආවා. මම ඇහැව්ව කෝ ප්‍රනාන්දු මහත්තය කියලා. එයා එහා පැත්තෙ කිව්වා. මම එහා කාමරේ එබිකම් කරල බලනකොට එයා තුවායක් විතරක් ඇඳගෙන හිටියා. මාව දැකල කිව්ව වොෂ් එකක් දාගන්න ආව කියල. එතකොට ලක්‍ෂ්මන් දුවල ගිහින් ප්‍රනාන්දු මහත්තයව එව්වා. මට ලොකු අමුත්තක් තේරුණු හින්දා මම කිව්වා ඔයාලගෙ පෞද්ගලික දේවල් මම කාටවත් කියන්නෙ නෑ මට යන්න ඕනෙ කියලා. ඒත් යන්න දුන්නෙ නෑ. ඔයා දැන් අපිට හිතවත්නෙ. මේ බීම එක බොන්න කියලා මට කහපාට බීමක් දුන්නා. මම බෑ කිව්වත් බල කරපු නිසා ටිකක් බිව්වා. ටිකකින් අමුත්තක් දැනුණ. කට්ටිය කලබලෙන් එහා මෙහා යනව දැක්කා. ප්‍රනාන්දු මහත්තයයි අර ගෑනියි නාන කාමරේ ඉන්නව දැක්කා. මට සිහිමද ගතිය එනකොට අර පීසියි ලක්‍ෂ්මනුයි මාව වත්තන් කරගෙන කාමරේට ගෙනියන්න හැදුවා. මම අත්ගසල එයාලව පන්නල කාමරේ දොර වහගත්තා. පස්සෙ දිගටම දොරට ගහන්න ගත්තා. එතකොට ජනේලෙන් ඔළුව දාලා අර කෑම ගෙනාපු වේටර් කිව්ව දොර අරින්න කියලා. මම දොර ඇරිය.

අනතුරුව සිදු වූ කිසිවක් මාලනීට මතක නැත. ඇය යළි එදිනම රාත්‍රී 10.00ට පමණ නිවස අසලට ගෙන ගොස් දමා සිටියදී මුලින්ම හමුවන්නේ නෑනාටය.

ර්‍එයා කෑගැහැව්ව මාව ප්‍රනාන්දු මහත්තය අරන් ගියා. මං ඉවරයි. පොලිසියට ඔක්කොම කටඋත්තර දෙන්නම් කියලා. අපි ගල්කිස්සෙ පොලිසියට එවෙලෙම ගෙනිච්චා. ඒත් මෙයාට කල්පනාව නැති වෙනවා. පස්සෙ කළුබෝවිලට අරන් ගියා.’

ඒ අනුව කළුබෝවිල රෝහලේ දින හතරක් නේවාසික ප්‍රතිකාර ලබා ගන්නා මාලනී, නිත්‍ය වශයෙන්ම දූෂණයකට ලක්ව සිටින බව වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී තිබේ. ඇගේ යට ඇඳුමේ තැවරී ඇති ශුක්‍රාණු ඩීඑන්ඒ පරීක්‍ෂණයකට ලක් කොට දූෂකයන් නිශ්චිතවම හඳුනාගත හැකි බවද වෛද්‍ය මතයයි. ඊට අමතරව බාහිර පෙනුමෙන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව පසුගිය හත්වැනිදා ගංගොඩවිල අධිකරණ භූමියේදී පැවැත්විණ.

මං ඉස්පිරිතාලෙ ඉන්න කොට ප්‍රනාන්දු මහත්තය මට ඇවිත් කිව්වා මගෙ අතින් ලොකු වරදක් වුණා, ඒකට මට සමාවෙන්න මාලනී, ඒත් මේකට මාවයි, පී.සී. රංජිවයි ගාවන්න එපා, මට දරුවො දෙන්නෙක් ඉන්නවා. මේකෙන් මගෙ රස්සාව නැතිවෙයි, එතකොට දරුවො බඩගින්නෙ කියලා.’ මාලනී කියයි.

ර්‍මේ කතාව කියවු ඔබට හැඟෙන්නේ කුමක්ද?

ර්‍ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන’ යැයි සමාජය ප්‍රශ්න කරන විට පොලිසියේ කවුරුද ගැහැනුන් දූෂණය නොකරන’ යනාදී ලෙස අපට පෙරළා ප්‍රශ්න කරන්නට සිදුවී තිබෙන බව නොවේද?

නීතිය හා සාමය සුරකින බවට දිවි හිමියෙන් පොරොන්දු වී සිටින නිල කබාය තුළම ස්ත්‍රී දූෂකයෙකු සැඟවී සිටින බව හඳුනාගන්නේ කෙසේද?

තවත් සැකකරුවන් දෙදෙනෙකු නිදැල්ලේ
මෙම දූෂණ සිද්ධියට සම්බන්ධ මිරිහාන විශේෂ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්‍ෂක ප්‍රනාන්දු හා පොලිස් කොස්තාපල් රංජිත් යන සැකකරුවන් මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවුවද පොලිස් පරීක්‍ෂක ලක්‍ෂ්මන් නමින් පෙනී සිටි තැනැත්තා හෝ සිද්ධිය වු අවස්ථාවේ හෝටල් කාමරයේ සිටි කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන නොමැත. අයි.පී. ලක්‍ෂ්මන් නමැත්තා පිළියන්දල පොලිසියේ සේවය කරන බව මුලින් කැයිවුණ ද පසුව පොලිසියේම පරීක්‍ෂණ කණ්ඩායම් එය ප්‍රතික්ෂේප කළේය.

සිද්ධිය වූ අවස්ථාවේ හෝටල් කාමරයේ සිටි කාන්තාව ද පොලිසියට කැඳවා ප්‍රශ්න කර පසුව මුදා හැර තිබේ.

කාමරයට ආහාර සැපයු හෝටල් සේවකයා පොලිසියේදී එම කාන්තාව හඳුනාගෙන ඇතත්, ඇයත් පොලිසියත් අතර පවතින දැඩි මිතු දම තුළ ඇය මුදාහැරියාදැයි දන්නේ පොලීසියම පමණි.

නුගේගොඩ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු විශේෂ කණ්ඩායමක් ඉදිරි පරීක්‍ෂණ සිදුකරමින් සිටී.

සේවය අත්හිටෙව්වා

පරීක්‍ෂණ පවත්වන ඉහළ නිලධාරියෙක්
සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ සේවය අත්හිටුවා තිබෙනවා. තුන්වැනි පුද්ගලයා සිවිල් කෙනෙක්. තවම අත්අඩංගුවට ගෙන නැහැ.

පළමු සැකකරුවන් ඔහුව හඳුනනවනෙ?
ඔව්, ඒත් ඔවුන් කියන්නෙ තුන්වැන්නෙක් හිටයෙ නැ කියලයි. ඔවුන් හෝටලයට ගිය බවවත් ඔවුන් පිළිගන්නෙ නෑ.

එම ස්ථානයේ සිටි අනෙක් කාන්තාව අත්අඩංගුවට නොගන්නේ ඇයි?
මොකටද එයාව ඇරස්ට් කරන්නෙ? එයා වරදක් කරල නෑනෙ. හෝටලයකට ගිහින් තමන් කැමති පිරිසක් එක්ක කාල බීල විනෝද වෙන එක වරදක් නෙමේනෙ. ඒ කාන්තාව වගේම පැමිණිලිකාරියත් හෝටලයට ගිහින් තියෙන්නෙ කැමැත්තෙන්.

අනුරාධා නිල්මිණී
උපුටා ගැනීම රාවය පුවත්පතෙන්



Comments (10)

ගයන්ත

6:05 PM, April 18, 2009

DAMN!!!

෴ .:GiniMakara:.෴

7:30 PM, April 18, 2009

පොලිසිවල උසාවිවල ඉන්න අධමයන් ගැනනම් කියල වැඩක් නැහැ. මිනිස්සුන්ට අයතු බලපෑම් කරමින් අල්ලස් ගනිමින් විශේෂයෙන් නීතිඥයො කොච්ටර අල්ලස් ගන්නවද බලන්න. නඩු කල් දම දමා සල්ලි ගසා කන මිනී කාක්කො ‍තමා නීතිඥයො කියන්නෙ. පොලිසි වලදි එහෙන් ස්ත්‍රී දුෂණ කරල නීතිවලින් පැනල යනව. මෙහෙන් උසාවි වල අය නඩු අවුරැදු ගනන් ඇද ඇද නීති වලින් පැන යන්න ඉනිමන් තියනව. නඩුව ඇදෙන තරමට සාක්කුවට හොඳයි. මේ වගේ අමන පොලිස් කාරයෙන්ට නීතිඥයන්ට එරෙහිව ජනතාව විධිහට අපි දැන්වත් මොනව හරි කරන්න ඔනෙ. ඇත්තටම මානව හිමිකම් ගැන කතා කරන උදවියට මේව ගැන පේන්නෙ නැත්තෙ ඇයිද මන්ද. මානව හිමිකම් කියන්නෙ LTTE එකට කඩේ යන එක විතරක් වෙන්න ඇති.

-බිன்ku-

8:15 PM, April 18, 2009

@ගිණි මකරා වෙත: ඒ නීතියේ වැරද්දක් මිස බොහෝ මානව හිමිකම් සංවිධාන වල අරමුණු වල ඇතුලත් නෑ. ඒ ගැන හැදැරෑවෝත් ඔබටම තේරේවි. ඒ වගේම ඒ බොහෝ ආයතන (UN හැර) දෙපාර්චෂකයටම චෝදනා එල්ල කලා.

අනූ

9:55 PM, April 18, 2009

පොලිසි නං ඔහොමම තමයි. ඔය පළවෙනි වතාව නෙමේනෙ. ගොඩක් වෙලාවට ඉහල තානාන්තර වල ඉන්න අය ඔය වගේ අයව ආරක්ෂා කරනව මොකද සාමාන්‍යයෙන් ඡන්දෙට වගේ වැඩ කරන ඇමතිහෙන්චයියලා පොලිසියට ආවම නිදහස් කරගන්න පොලිසියෙන් සහයෝගයක් තියන නිසා.

කොහොම උනත් හොද පොලිස් නිලදරුවෝ නැතුවම නෙවෙයි. ඒත් ඉතිං නීතිය ආරක්ෂා කරන්න ඉන්න අයගෙන් මෙහෙම දෙවල් වෙනකොට අසරන වෙන්නෙ සාමාන්‍ය ජනතාව.

පිටස්තරයා

10:07 PM, April 18, 2009

නීතිය කිය කිය අපිට දාලා තියෙන දැලේ තරම

උන්ටම ගිය රට.

෴ .:GiniMakara:.෴

1:07 AM, April 19, 2009

@ බිன்ku මම අදහස් කළේ මෙවැනි සිදුවීම් නිසා පීඩනයට පත්වුන අසරණයට පත්වුන අය වෙනුවෙන් පෙනී සිටින්න සංවිධානයක් තිබිය යුතුයි යන්නයි. නැතුව නීතිය හදන හරි පොලිසිය හදන හරි සංවිධාන නෙමෙයි. මම දැනගෙන හිටියෙ නැහැ මානව හිමිකම් සංවිධානවල න්‍යායපත්‍රයන් තුල ඒවා අඩංගුවී නැහැ කියල

Migara

10:36 AM, April 19, 2009

මෙතන කතාව ගැන ආ‍යෙත් මගේ විවාද‍යක් නැහැ. මොකද මේ කි‍යන කාන්තාව හිටි‍යේ මගේ වාට්ටුවේ හින්දා. ඒත් සදාචාරාත්මක වාර්තාකරන‍ය ගැන නම් ප්‍රශ්න කීප‍යක් ති‍යෙවා
මම දන්නා විදි‍යට මේ කාන්තාව පිලිබඳ අධිකරණ වෛද්‍ය වාර්තාව තවම පිට වෙලා නැහැ. එහි හරි‍යටම තිබූ කරුණු මා ඩන්නා මුත්, අධිකරණ ක්‍රි‍යාවලි‍ය නිසා මට එ‍ය හෙලි කිරීමට හැකි‍යාවක් නැහැ. නමුත් රාව‍ය දක්වන කරුණු 100%ක් නිවරදි නොවන බව නම් කි‍යන්න පුලුවන්. අනික් අතට මේ වගේ නඩුවකට සම්බන්ධ කට උත්තර මේ විදි‍යට පළ කිරීමෙන් අවාසි වෙන්නේ ඒ අහින්සක කාන්තාවටම‍යි

රතුතරුව

1:53 AM, April 20, 2009

මේ කරල තියෙන අපරාධය නම් හුඟක් බරපතලයි.වැරැද්ද සාධාරනීකරනය කරන්න කීයටවත් උත්සහ කරන්නෙ නැහැ මම. හැබැයි මෙහෙම දෙයක් මට හිතෙනව. මේ කාන්තාවට පොලීසියේ මහත්වරු සමග දවල් කෑමකට යාම ගැන දෙපාරක් හිතන්න තිබුනා. අඩුම තරමින් තව කවුරුහරි එක්ක යන්න තිබුනා. කොහොම නමුත් දැන් කරන්න තියෙන්නෙ නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීම. මේ සිදුවීම අපි කාටත් හොඳ පාඩමක්. කිසිම කෙනෙක්ව මේ කාලෙ විශ්වාස කරන්න බැහැ.

-බිன்ku-

9:59 AM, April 20, 2009

මිගාර මාමා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. නඩුවක තීන්දුව සම්බන්ධයෙන් තොරතුරැ දැමිම ඒ කාන්තාවකට එක අතින් සමාජයේ අවාසියක් වෙනවා ඇති. ඒ ගැන මගේත් විවාදයක් නෑ. රාවයේ ඇතැම් කරැණුත් වැරදි ඇති, නමුන් සෛ් හෝ ඇත්ත කියන්න හැදුවා නොවැ? මෙ වගේම විස්තර සැපයුවා තීන්දුව දෙන්නත් කලීන්, ඒ උදාහරණයක් තමා සෝම හිමි සිදුවීම. මේ සිද්ධියත් ඒ සිද්දීය වගේ යට යන්න කලිං හෙදිරව් කල එක හොදයි, වාර්තාකරණයේදී හැකිතරම් සත්‍ය විය යුතුයි මිස පරම සත්‍ය වෙන්නේ නැහැනේ?

-බිன்ku-

10:01 AM, April 20, 2009

රතු තරැව කතාව ඇත්ත, අපි නොදන්න නොලිව්ව බල කිරීමක් රැවටිල්ලක් වුණාද කියලා කවුද දන්නේ? අනික නිතීය වුණත් ක්‍රියාත්මක වීමත් සැකයි නේද?

Post a Comment

සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.