මගුලක්

ඌරන් කැකලු තලනවීට වලී කුකලන්ට මගුල් වන්නාසේම බුද්ධාගම විකු එක් දේශපාලක පක්ෂයක හා ඊනියා චින්තන ප්‍රවාහයක දුර නොදකින අන්තවාදී වචන හා අපහාස යොදා ගනිමින් කෝටි හිතවාදීහු වාසි ගන්නා එක් අවස්ථාවක්:


කණගාටුයි...
මේ සිටිනා මුස්ලිම් සිසුවියන් ලැජ්ජාවට හෝ යම් හේතුවකට මාරැ කරන බව පැහැදිලිය (නැත්නම් මේ ඇත්තටම එසේ නිතීයක් ඇති).
ඇයි ඒ?
මේ එකක් නොව මෙවැනිම අය මට ඔනතරම් හමු වී ඇති අතරම ඇතැම් ප්‍රධාන ආගමික පාසල් වල අන්‍ය ආගමික අයට ඒ පාසලේ අදාල වු ආගමික වාතාවන් සිදු කිරීමට සිදු වන අතර ඇතැම් ඒවායේ නිතීද පනවයි. මා කලක් ශිල්ප ලැබු අන්‍ය ආගමික පාසෙල්දීත් මට සිදු වුයේ පිරිත් නුලක් බැදිවිට විනයභර ගුරුතුමාගේ නියෝගය මත (පාසලේ නිතීයක්ලු ) ශිෂ්‍ය නායකයන් ලව්වා කැපවු අතර ඊට මා විරුද්ධ වී දවස් කිහිපයක පන්ති තහනමකට යටත් වෙන්නට මට සිදුවිය. ආගමක් යනු නිතීයක් නොවේ, හැදියාවයි. මිනිසෙකු සකසන සැකසෙන ක්‍රිමවේදයයි. බුදුදහම ආගමක් නොවන අතර එහී සංස්කෘතියක්ද නොපවතී, එය හුදෙක් සත්‍යාත්මක දර්ශණයක් පමණි. අන් ආගම් දර්ශණ වලට ගරැ කිරිමත් එහි ප්‍රධාන වෙයි. නමුත් කණගාටුවට අපේ රටේ ආගම යොදාගනිමින් (බුද්ධාගමද ඇතුලුව) ඒක ඒක විකාරලාපයන් කරයි කියයි. ඊට ඈත අතීතයේ නොතිබී නිතී පනවන්නත් යයි.

ඊනියා වහසි බස්, බටහිරටම බැණ බැණ රටට ලොවට වැඩක් නොවන මතවාදීන්ට:
කරැණාකර බුදුදහම මාර්කට් නොකරනු මැනැවි. නලීන් මහතානි, ඔබ ලොව හොදම විද්‍යාඥ මහතෙකු නම් බුදු වදාල හෝ බුදුදහමේ (සුත්‍රගත) තිබෙනා දේ උපයෝගී කරමින් ලොවට වැඩදායි වු තවත් දෑ හදුන්වා දෙනු මැනැවි.

වචනයට වඩා ක්‍රියාව වටිනේයි.

තවත් වටිනා ලිපි දෙකක්: අදහස් අවකාශය තුලින් උපුටා දක්වමි
ආගමික අන්තවාදයේ කරුමය : පසුගිය දවසක අපි විශාල කලබැගෑනියක් නිර්මාණය කල සිදුවීමක් සිදුවුණි. ඒ අනවසරයෙන් ශබ්ද විකාශ යන්ත්‍ර භාවිත කිරීමේ වරදරට හිමි නමක් අත් අඩංගුවට ගැනීමත්, ඉන්පසු අධිකරණයේ එම නඩුව කැඳවූ විට භික්ෂූන් වහන්සේ නැගී නොසිටීමත් යන කරුණු නිසා. විකාර සහගත රටක් වන ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ මූලික විඳීමට බාධා කිරීම ආතල් එකක් කර ගැනීම නිසා මේ සිවිල් නීති කඩ කිරීම සාධාරණිකරණය කරන්නට කොළඹ තාප්ප පුරා පෝස්ටර් ඇලවුනා. අපි දන්නා තරමින් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුව ලංකාව ඉරානයේ හෝ වෙනත් අරාබි රටක් මෙන් ආගමික රාජ්‍යයක් නොවන බව හැමෝම දන්නා කරුණක්. ඒ අනුව රටේ සිවිල් නීතියට ගරු කිරීම ආගමික නායකයන් හට වුවත් අදාලය යන සරල කාරණාව මුලින්ම තේරුම් ගැනීමට මේ අන්තවාදී බුද්ධ පුත්‍රයන් හට නොහැකි වීම ගැන ඇත්තේ ලොකු කණගාටුවක්. මේ ස්වාමීන් වහන්සේට අනුව පාරේ වම් පැත්තෙන් ගමන් කිරීමට පූජක පක්ෂයට හැකිවිය යුතුයි. මොකද ඔවුන්ගේ අමන තර්ක අනුව රටේ මූලික නීතියට ඉක්මවා යන බලයක් ඔවුන් සතුව ඇතැයි උපකල්පනය කරන නිසා. දැන් මූලික සිද්ධිය දෙසට අවධානය යොමු කරමු.

කාලයකට ඉහත පන්සලක් නිවස අසල පිහිටා තිබීමේ අවාසනාවට මම ද මුහුණ දුන්නා. ආගම යනු මිනිසුන්ගේ මානසික සුවය සදන දෙයක් වුවද ඉරිදා උදේ පාන්දර ඇරඹෙන මේ පිරිත් දේශනාව ශබ්ද විකාශන යන්තූ මගින් ප්‍රදේශය පුරා රැව් දෙන විට , සතියේ දවස් හයක් පුරාවට මානසික , ශාරීරික විඩාවට පත්වුනු නූතන යුගයේ ලාංකිකයාගේ භූමිකාව නියෝජනය කරන අපිට ඉරිදා උදයේ අමතර පැයක් නිදා ගැනීමට තියෙන අවස්ථාව අහිමි වෙනවා. පිරිත් වාදනය අසන්නට අවශ්‍ය නම් ඒක අවශ්‍ය පුද්ගලයා අසනවා විනා බලෙන් මිනිසුන් මත පටවා අනෙකාගේ නිදහසට යම් ආකාරයකින් හෝ බාධා කරන මේනියාව මොකද්ද කියන එක තේරුම් ගන්නට හරි අමාරුයි. හරියට බස් වල යනකොට වාදනය වන කැසට්, රේඩියෝ මගින් රියදුරා අපේ නිදහසට බාධා කිරීම වගේ වැඩක්.

අන්තවාදී මුහුණවර ගත් ජාතික වාදී , ආගම් වාදී ව්‍යාපාර හරහා ශෝකාන්ත බවට පත්වූ ඇෆ්ගනිස්ථානය පිළිබඳව කතාව කියවල හමාර කලේ ඊයේ. මෙවැනි ව්‍යාපාර හරහා බැට කෑ රටවල් සඳහා උදාහරණ ඕනෑ තරම් තියෙනවා. මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් සහ වඩා යහපත් සමාජයක් උදෙසා වන සමාජ දේශපාලන ව්‍යාපාරයක සේයාවක් වත් දකින්නට නැති ශ්‍රී ලංකාවේදී ඒ වෙනුවට බිහි වන නොයෙක් උරුමයන් යුයි කියාගත් කරුම පක්ෂ වලට පින්සිදු වන්නට මෙවැනි මතවාද පවත්තවා ගෙන යාමට අවශ්‍යය පිටිවහල තවමත් ලැබෙනවා. ඒක නිසා කරුණාකර රටේ සිවිල් නීතියට ගරු කිරීම වඩා වැදගත් බව මේ උන්නාන්සේලා තේරුම් ගන්නට කාලය එළඹිලා. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුව පුරවැසියකුට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස දී ඇති නිසා කරුණාකර ආගම අප මත බලෙන් පටවන්නට එපා කියන කාරණාව මතක් කර දෙන්නට සිද්ධ වෙනවා.

හාමුදුරුවනේ,

ලංකාව කියන්නෙ පන්සලක් නෙවෙයි. ඒක නිසා අපිට වද දෙන්න එපා

අන්තවාදයේ කරුමය 2: අන්තවාදයේ කරුමය නමින් මුලින් ලියන ලද ලිපියට සෘජු ප්‍රතිචාර නොදක්වා තැන් තැන් වල ලියා තිබූ බැවින් නැවත මුල් ලිපියේ අර්ථය පැහැදිලි කිරීමට ලියන්නෙමි. නමුත් මුලින්ම කීමට ඇත්තේ කශේරුකාව පිළිබඳ ප්‍රශ්න විසඳා ගැනීම කෝකටත් හොඳ බවය.

මුල් ලිපිය නැවත සැලකිල්ලෙන් කියවා බැලුවහොත් ලංකාව යනු ආගමික රාජ්‍යක නොවන බව අවධාරණය කර ඇත්තේ ආගම සමග ඇති තරහක් හෝ වෙනත් ආකාරයේ නෝක්කාඩුවක් නිසා නොව පුරවැසියන්ගේ මූලික නිදහසට බාධා කිරීමට ආගමට මුවා වීමට එරෙහි වීම උදෙසාය. අනෙත් වැදගත් කාරණය වන්නේ ආගම මිනිසුන් මත බලෙන් පැටවීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බව අවධාරණය කරනු පිණිසය.

ඛේදවාචයක් බවට පත්වූ ශ්‍රී ලාංකාවේ සිය මධ්‍ය පාන්තික කුහක භාවය ද , හිස් කමද වසා ගැනීමට නොයෙකුත් විකාර රූපී රංගන වල යෙදෙන ලාංකිකයන් මත පදනම් වූ කරුම පක්ෂ වලට පින්සිදු වන්නට සිවිල් නීති කඩ කිරීම සාධාරණි කරණය කරන්නට කොළඹ තාප්ප පුරා පෝස්ටර් ඇලවෙන රටක දී මේ ලියැවීම් විකාරයකි. ශබ්ද විකාශන යන්ත්‍ර පිළිබඳ මූලික නීති පැනවූයේ ලංකාව තුල මිනිසුන්ට අවම වශයෙන් රාත්‍රි කාලයටවත් සැනසිල්ලේ සිටින්නට හැකි වන ලෙසටය. නමුත් තමන්ගේ අසල් වැසියා සුවසේ නිදා ගැනීම නිසා තමන්ගේ ආතල් බිඳ ගන්නා අපේ අමනයන් හට මේ නිතී නිසා හිත රිදේ. ආගම යනු අධ්‍යාත්මික සුවය සලසා ගැනීමට අවශ්‍ය දෙයකි. ජීවිතයේ දුක් ගංගාවක් නම් එය තරණය කර අධ්‍යාත්මික සැනසීම කරා එළඹීමට ඇති පාරුවක් ලෙස ආගම සැලකිය හැක. නමුත් කරන්නට වැඩක් නැති කමින් පෙලෙන ලාංකිකයා හට අවශ්‍ය පාරුවේ නැගී යාම වෙනුවට පාරුව කරේ තබාගෙන යාමය. මෙය අද දවසේ ආගම් වලට පමණක් නොව නොයෙක් ආකාරයේ අන්තවාදයන් හට යොමු වුනු ලාංකිකයන් හට අදාලය. එම නිසා අනුන්ගේ ආතල් කැඩීමට ඔබට ඇති ආසාව නිසා කරුම පක්ෂ සහ නොයෙකුත් සංවිධාන ඔබ ලා සමග රමණයේ යෙදුනු පමණින් ඔබ සමග රමණයේ යෙදීමට අප බැඳී නැත.

එම නිසා පෙර ලිපියේ අවසානයේ ලියූ දෙය නැවත ලියමි.

ලංකාව පන්සලක් නෙවෙයි. ඒක නිසා අපිට වද දෙන්න එපා.


(I am writing this with fully upset after watching the video.)


Comments (16)

Palitha

11:30 PM, April 19, 2009

ආගමික අන්තවාදයෙන් රටම ගිලගැනීමට යන ‍ලංකාවේ ඊට අදාළ මූලික ලක්ෂන තමා මේ. එනම් අන්ආගම් යටපත් කිරීම. මීලගට ප්‍රහාරයට ලක්වන්නේ (දැනටමත් ලක්වෙමින් සිටී) කාන්තාවයි. ආගමික සදාචාරය මුවාවෙන් කාන්තාවට වැට බැදීම.

Migara

3:27 AM, April 20, 2009

මේ ලිපිය දැක්ක ගමන් මට පෙනුනේ මේ ලිපියත් වැඩිදුර කියවන්න දීපු ලිපියත් ප්‍රතිවිරෝධී ඒවා නේද යන වග. ශ්‍රී ලංකාවට රාජ්‍ය ආගමක් නැතිවීම හොඳ බව කියන අතර, පාසල් වල පවතින නිර්-ආගමික නීති මුස්ලිම් සිසුවියන් විසින් උල්ලංඝණය කිරීම ඔබ අනුමත කරනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ අප්පච්චිල0 ඉන්න යුරෝපයෙත්, මුස්ලිම් සිසුවියන්ට ෆර්දාව ඇඳිම තහනම්. අපේ රටේ විතරයි එක එක කට්ටියට ඕන විදියට නීති වෙනස් කර ගන්නේ. රටේ නීතියට ඉහත කී හාමුදුරුවන් අවනත විය යුතු නම්, පාසලේ නීතියට - ඒවා නිර්-ආගමික නීති පද්ධතියක් නම් - අවනත විය යුතුයි. සමහරුන්ට රෝම ලන්දේසි නීතියත්, සමහරුන්ට තේසවලාමෙයි නීතියත්, සමහරුන්ට උඩරට නීතියත් තියෙන ඉඩම් නීතියේ තත්වයට පාසල් නීති පත්විය යුතු නැත.

Palitha

3:51 AM, April 20, 2009

@ මිගාර,
සැබැවින්ම බටහිර සංකල්ප මත හිරවී ඇත්තේ ඔබම බව මදක් ඔබ ලියූ දේ නැවත කියවුවහොත් ඔබටම අවබෝධ වේ. සංකල්ප අපට අවශ්‍යය, නමුත් ඒවා සමංජ ප්‍රගමනයෙන් වියුක්ත දේවල් නොවිය යුතුය. ඔබ විසින් දක්වා ඇති පරිදිම බටහිර විසින් එකී සංකල්ප බිද දමනු ලැබීම සම්පූර්ණ සත්‍යයකි. නමුත් අප ඔවුන් කරන දේම කළ යුතු නැත.
නිර් ආගමික නීතිය යනු යමෙකුගේ ඇදහීමට, සංස්කෘතියට බාධා කිරීම නොවේ. ඒවා නීත්‍යනුකූල නොකිරීමයි. සංස්කෘතික සංවේදිතාව නොමැති වීම කොළඹ සමාජයේදී නොදැනුවත් කම නොව අනන්‍යතා ගැටළුවකි. සංවේදී මනුස්සයෙක් ලෙස එම වීඩියෝ පටය නැරඹීමෙන් ඔබට එම ගැහැණු ළමුන්‍ කෙරෙහි අනුකම්පාවක් නොසිතේ නම් සැබැවින්ම එය සංකල්ප වල ගැටළුවක් නොව මනුස්සකමේ ගැටලුවකි. මා විශ්වාස කරන බුදුදහමෙන් ඔය වැනි අමනුස්ස නීති වලට අනුබල දෙන්නේ නැත. කුමන අපා‍යක එවැනි නීති තිබුනද අපේ බුදුහාමුදුරුවන් සිටියානම් ආගමේ නාමයෙන් ඔය වැනි නීති පැනවීමට ඉඩ නොදෙනවා මෙන්ම එකී චීවරධාරීන් සිවුර ගලවා පන්නා දමනු ඇත. මා විශ්වාස කරනුයේ එවැනි දහමකි. එහි කරුණාව, මෛත්‍රියට ලංවීමට බටහිර ලෝකයට හිතන්නට වත් නොහැකිය.

Migara

5:32 AM, April 20, 2009

@ Palitha

//නමුත් අප ඔවුන් කරන දේම කළ යුතු නැත.
නිර් ආගමික නීතිය යනු යමෙකුගේ ඇදහීමට, සංස්කෘතියට බාධා කිරීම නොවේ. ඒවා නීත්‍යනුකූල නොකිරීමයි.
නමුත් ඔබට නොපෙනෙන්නා වූ මහා කරුමය නම් බෞද්ධයන් ගැන හා ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන කත කරන විට පමණක් ඔය ස්ථාවරයෙන් බැහැර වීමයි. බෞද්ධගමට ප්‍රමුඛස්ථනය දීමට විරුද්ධ වන්නේත් ඔය කට්ටියමයි. ඒ ගැන මඳක් සිතා බලන්න


//සංවේදී මනුස්සයෙක් ලෙස එම වීඩියෝ පටය නැරඹීමෙන් ඔබට එම ගැහැණු ළමුන්‍ කෙරෙහි අනුකම්පාවක් නොසිතේ නම් සැබැවින්ම එය සංකල්ප වල ගැටළුවක් නොව මනුස්සකමේ ගැටලුවකි

ඔබ විසින් උලුප්පන්නා වූ ඔය මනුස්සකම උතුරු නැගෙනහිර කොටි කටේ ඉන්න භික්ෂූන් වහන්සේලා වෙත යොමු නොවීමට හේතු කිම? ඔවුන් සිංහල නිසාද? මුහුදු මහා විහාරයේ භික්ෂූන් වහන්සේලා දානය සපයා ගන්න ආකරය ගැන ඔබ ලිවුවේ කවදාද? මුස්ලිම් චන්ඩින්ගේ තර්ජන මැද ඔවුන් ගෙවන ජීවිතය නැන ඔබේ මනුස්සකම යොමු නොවුනේ ඇයි? ඒ දේශපාලන කුහකත්වය නිසාද?

Anonymous

7:42 AM, April 20, 2009

@මිගාර
බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම සාධාරණීකරණය කල යුත්තේ කෙසේද? ඔබ එසේ කියන ආකාරයට ලංකාවේ සිටීනම් බෞද්ධ විය යුතුද? වෙනත් ආගමිකයන් බෞද්ධයන්ට පහත්ව සිටිය යුතුද? ඔබ බෞද්ධයෙකු වූයෙත් අනෙකෙකු අන්‍ය ආගමික වූයෙත් ජාන මගින්ද? ඉපදෙන විට ඔබ බෞද්ධ ද?

මා නිර්නාමික වූ නිසා දැන් ඔබට මම ලියන දේ ගැනවත් මම වැඩ කරන ස්ථානය ගැනවත්, ඉගෙන ගන්න ස්ථානය ගැනවත් මගේ ආගම ගැනවත් ලේබල් සොයාගැනීම අපහසුය. එම නිසා අසා ඇති ප්‍රශ්න ගැන අවධානය යොමු කරන්න.

-බිன்ku-

10:55 AM, April 20, 2009

මිගාර මාමේ මේ ප්‍රශ්ණ ගැන බෞද්ධවාදී වෙන්නේ නැතිව පොඩ්ඩක් හිතමුකෝ. මම දැම්ම එව්වා පරස්පරයි කියන්නත් බෑ එහෙම. එකේ සම්බන්ධයක් තියෙනවා. මමත් බෞද්ධයෙක්, විරැද්ධ වන්නේ වීචර ඇගේ දරාගෙන දොඩවන දේවදත්තලාටයි. උන් වහන්සේ බුදුන් වහන්සේගෙන් අසවල් නිතී දහයක් දාන්න ඇහුවා, එව්වත් චක්‍රකාරව බුද්ධාගමට සම්බන්දයි. ඒත් බුදුන් වහන්සේ අනුමත නො කළ සේක. එහෙව් එකේ අර ගෝයියෝ සුද්දෝ කලා කියලා අපිත් කරා නම් මොකෝ වගේ කියලා හරි කියන එක හරි නෑ නොව මහත්තයෝ? බුද්ධාගම රටේ බුහුතරයකගේ ආගම බවඇත්ත, එහෙව් කියලා අනිත් අය කොරන වැඩ ඉස්සර කාලේ කොරපු වැඩ කොරන්න ඕනේ නැහැනේ? අන්‍ය ආගම්කාරයෝගේ එව්වාට ගරැ කරන්නත් ඒවායේ පරහක් තිබේ නම් හරියට පෙන්වා දෙන ඒකනේ වෙන්න ඕනේ,නැතිව නිතී දාලා හදන එක නෙමේ. ඇ‍ෆ්ස්ථානයේ මුස්ලිම් කාන්තාවෝ මුලු මුහුණම වැසෙන්න තිබ්බ නිතීය මුස්ලිම් නිතීය අනුවම කෙමෙන් කෙමෙන් ඈත් වෙනවා, වෙනස් කරනවා.ඒ නිසාම දැනටත් එතරම් අවුලක් නෑ එකේ, ඒත් අපි? පර්දාව ගලවන්නයි අනං මනං නිතී දාන්නයි මහණකම උපයෝගී කරගෙන මාන්නයෙන් කටයුතු කරන්නයි ඕන නෑනේ?

මම මෙනත ඇරඹුවේ එකපාර්චිකව නම් නෙමේ ඔන්න. ඔන්න භෞද්ධ මටත් වුන විනැහියයක්. ඒක පෙනුනේ නැහැනේ ඔබතුමාට? මුස්ලිම් පල්ලී වල මහ හඩින් යාඤා දාන ඒකත් සැණකෙලි ඝෝෂා වලට එහෙමත් මේ නිතීය නිසා වැලකෙනනේ? එහෙව් කියලා පිරිතට අනවශ්‍ය අයුරට ගමටම ඇහෙන්න දාන්න දිලත් නෑ නොවැ? බුදුන් වහන්සේ තමා හුදෙක් මනුෂ්‍යයෙක් වන බව හදුන්වා ගත් කල්හී හාමුරැදුවෝ මනුස්සයන්ට පැනවු නිතීය ගරැ නොකරන එක හරිද? එහෙනම් හැම පෝයටම පන්සල් යන අයටත් ඒ නිතී අවලංගු විය යුතු නොවැ? පිදිය යුත්තන්ට පුදනවා මිස වෙනම හැදි වලින් පුදන ඒක නෙමේනේ වෙන්න ඕනේ? බුදෟදාගම ප්‍රමුඛ තැනක් ගන්න ඕනේ හරි විදිහ තමා අන්‍ය ආගම් වලට ගරැ කරමින් ඔවුන්ගේද සුභසාධනයටද ඇදැහීම් වලට අනාකුලව කටයුතු කිරිමයි. වස්සාන කාලයේ දැනටත් වැඩ වෙසෙන්නේ බුදුන් වහන්සේ අන්‍ය ආගම් වලට ගරැ කල නිසා නොවැ?

"උතුරු නැගෙනහිර කොටි කටේ ඉන්න භික්ෂූන් වහන්සේලා වෙත යොමු නොවීමට හේතු කිම? ඔවුන් සිංහල නිසාද? මුහුදු මහා විහාරයේ භික්ෂූන් වහන්සේලා දානය සපයා ගන්න ආකරය ගැන ඔබ ලිවුවේ කවදාද? මුස්ලිම් චන්ඩින්ගේ තර්ජන මැද ඔවුන් ගෙවන ජීවිතය නැන ඔබේ මනුස්සකම යොමු නොවුනේ ඇයි? ඒ දේශපාලන කුහකත්වය නිසාද?"
එහෙම එකක් ඇතැම් යම් ප්‍රදේශ වල තිබ්බ බවත් මම පිළි ගන්නවා, එ්ත් හැම කාලේම හැමදාම තිබ්බෙත් නෑ. කොටි හාමුරැදුවන් මැරැවා තමා. ඒ පරණ ඒවා අල්ලාගෙන කතා කරන්නේ කිම? එහෙම නම් කලු ජුලිය ගැනත් දාන්නම් ඕන්න. මට පෞද්ගලිකවම එහෙම හිරහැරයට ලක් වෙච්ච අය හමුවෙලා තියෙනවා. මුස්ලිම් චන්ඩින් මගින් පහරදීම් කිහිපයක් වාර්තා වුවත් ඔබ නොදුටු බොහෝ පැති තියෙනවා. ඔය ගම්මාන වල තේරැවන් බොහෝ විට යැපෙන්නේ ඒ දෙමල මුස්ලිම් අයගේ දාන වලින්. අහස් උසට පීළිම නතන දඹදිව වන්දනා යන්නට මුදල් එකතු කරන දේශපාලක ස්වාමීන් වහන්සේලාට අපේ දායකයෝට නිච්චයක් නැත්තේ ඇයි?
බුදුන් කෙසේවත් නොහිතු දේ අපිට හාමුරුදුවෝගෙන් එපා හාමුරුදුවනි!

Palitha

7:53 PM, April 20, 2009

@ Migara,
සැබැවින්ම ඔබ පවසා ඇති ආකාරයට ආගමික ආක්‍රමණයක් නැගෙනහිර පවතින බව මමද අසා ඇත්තෙමි. විහේෂයෙන් අෂ්රොෆ් ඇමතිවරයාගේ ‍සමයේදී එය වඩා ප්‍රබලව දක්නට ලැබුනා. තවද බලෙන් සිදුකරන අන්‍යාගමීකරනය ද මම බෙ‍හෙවින් විරුද්ධ වෙමි. සෘජු ලෙස සිදුවන මෙවැනි සංස්කෘතික ආක්‍රමනයන් මෙන්ම අප විරුද්ධ නොවන චින සංස්කෘතික ආක්‍රමණය ගැනද මම බ්ලොග් සටහනක් තැබුවා ඔබට මතක ඇති. කෙසේ වුවද බුදු දහමට හා සංස්කෘතියට එල්ලවන අනිසි බලපැම් හා අපහසුතා සදහා ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාවේ සංඝ සමාජයට මෙන්ම බොදු සමංජයට අවශ්‍ය ශක්තිය තිබෙනවා. එය බහුතරය මගින් සෘජුවම ලැබෙන්නක්. නමුත් එකී පිරිස් අවශ්‍ය මැදිහත්විම සිදුකරනවාද යන්න ප්‍රශ්ණයක්. විශේෂයෙන් නිකාය වශයෙන් බෙදීම, කෝටිපති පන්සල් වීමේ තරගකාරිත්වය, දේශපාලනය පසුපස යෑම, ජාවාරම්කරුවන්, මහාපරිමාණ හොරු සිය දායකයින් කරගැනීම වැනි ක්‍රියා සිදුකරනවා ඇරෙන්න සැබෑ ලෙස බුදුදහමේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරනවාද යන්න වත්මන් බොදු සමාජයට මම යොමු කරන ප්‍රශ්නයක්. විශේෂයෙන් බහුතර පිරිසක් සිටියදී වුවද පැමිණෙන ගැටළු සදහා මුහුණදීගත නොවිම සැබැවින්ම දුර්වලතාවයක්.
නමුත් කුඩා ආගම් දෙස බැලීමේදී තත්ත්වය මීට වෙනස්. ඔවුන් ශ්‍රී ලංකාව තුලදී ඉතා කුඩා පිරිසක් පමණයි. කේවල් කිරීමේ ශක්තිය අඩුයි. එම නිසා තමන්‍ට ‍එරෙහිව නිති පැනවූ විට ඊට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව දුර්වලයි. එම නිසා එකී දුර්වල පිරිස වෙනුවෙන් පෙනී සිටීමයි ඔබ වැරදි ලෙස වටහාගෙන ඇත්තේ.

-බිன்ku-

8:12 PM, April 20, 2009

පාලිත එක්ක මම සම්පුර්ණයෙන්ම එකගයි! විවාදයක් නෑ ඒ ගැන.

malee_msg

12:07 AM, April 21, 2009

ඇත්ත බිංකුවෝ ඇත්ත‍‍‍...! ඒත් මක්කැයි කොරන්නේ?

Anonymous

12:10 AM, April 21, 2009

pala hora kotiya .thope sanharema ewaryi .tho adapiya.lankawata hamudawata mada gahana koti patiya.tho ratin panala giya kotiyek.tho pan paththara wala kali danea thota danna deyak nathuwada.muge koti adawiya balanna epa.

ශාකුන්තල

2:20 AM, April 21, 2009

මුස්ලිම් සිසුවියන් ගැන කතන්දරේ මුලින් කියන්නම්. මගේ සමීප මිතුරෙකුට මේ වීඩියෝ දර්ශනය පෙන්වුවාම ඔහු කීවේ ඔහුගෙ අක්කලාගේ පාසලේත් මෙය සිදු වන බවයි. මුස්ලිම් සිසුවියන් මෙසේ කරන්නේ අනෙක් අය අතර තමන් වෙනස් ආකාරයකට පෙනීම වළක්වා ගන්නයි.

තවත් ප්‍රකට කාරණයක් කියන්නම්. දුර බැහැර පළාත් වල සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න එන මුස්ලිම් සිසුවියන්ගේ 'මුස්ලිම් ගතිය' කල් ගත වෙද්දි ටිකක් අඩු වෙනවා. හැම සරසවියකම මෙය සිදු වෙනවා දැයි කියන්න මම දන්නෙ නැහැ. මුළු මූණම වහගෙන ආපු අයගෙ මූණු ටික කලක් යද්දි එළියට එනවා. මේක 70 දශකයේත් මෙහෙම ම බව මට කීවේ ඒ කාලයේ කැළණි සරසවියේ අධ්‍යාපනය ලැබූ කෙනෙක්.

බම්බලපිටියේ MC පැත්තෙ ආවනම් ඉතිරි කාරණාවත් බලාගන්න පුළුවන්. ඩෙනිම - ටී ෂර්ට් එක - පර්දාව..

කොහොම වුණත් මේ අය මොකක්දෝ නිදහසක් හොයන බව පැහැදිලියි.


බෞද්ධ පන්සල් වල සිද්ධිය ඊළඟට කියන්නම්. උප්පැන්න සහතිකයෙ හැටියට මම බෞද්ධාගමිකයෙක්. නමුත් සත්‍ය වශයෙන්ම මම බෞද්ධාගමිකයෙක් නොවී බෞද්ධ දර්ශනය පිළිපදින්න උත්සාහ දරන්නෙක්. ගමටම ඇහෙන්න පිරිත් දාල බලෙන් අස්සවන එක බුදු දහමට නිගරුවක්. ඒ ගැන කතා දෙකක් නැහැ. බුදුරදුන් කවදාවක් කිසිවෙකුට ධර්මය ‍බලෙන් පොවන්නට ගියේ නැහැ. ඒ නිසා අදහස් අවකාශයේ පළ වූ ඒ ලිපි ‍සමඟ මම සම්පූර්ණයෙන් එකඟයි.


@Anonymous,
බින්කු සමඟ බ්ලොග්කරණය මගිනුත්, චැට් මගිනුත් අදහස් හුවමාරු කරගත් කාලය ඇතුළත එවැන්නක් මට වැටහී ගියේ නැහැ. බින්කු වෙනස් ම ආරක බ්ලොග්කරුවෙක් බවයි මගේ අදහස. ඒ නිසා බින්කු කොටියෙකු යයි ඔබ කළ හැඳින්වීමට මම විරුද්ධයි.


---
මුස්ලිම් සහෝදරයන් මෙය කියවනවා නම් වරදවා වටහා නොගන්නා ලෙස ඉල්ලීමක් කරනවා. මුස්ලිම් සංස්කෘතියේ මට එකඟ වෙන්න බැරි කාරණාවක් ගැන කතා කළා පමණයි. අපහාසයක් යයි වරදවා වටහා නොගන්න.

Migara

3:31 AM, April 21, 2009

@ බින්කු
ඉස්සෙල්ලම සටහනක් පැහැදිලිව කියෙව්වොත් හොඳා. බිංකු කොලුවගේ බළලා මල්ලෙන් එළියට පනින්නේ මේ ප්රකාශයේ දී.
"ඒත් අපි? පර්දාව ගලවන්නයි අනං මනං නිතී දාන්නයි මහණකම උපයෝගී කරගෙන මාන්නයෙන් කටයුතු කරන්නයි ඕන නෑනේ?"
ෆර්දාව ගලවන්න මහණකම උපයෝගී කර ගත්තේ කවදද? වල්ගේ පාග ගන්න එපා. අපි මෙතන කතා කරන්නේ පාසල් විනය නීති ගැනයි. ඒවා සකසන්නේ හාමුදුරුවරු නොවෙයි. යමෙකුට පාසල් නීති වලට එකඟ වෙන්න බැරි නම් තියෙන්නේ වෙන පාසලක් හොයා ගන්න එකයි. යම් පාසලකට ‍ෆර්දාව ඇඳීම තහනම් නම් කළ යුත්තේ එය ඇඳීම නිර්දේශ කරන ලද මුස්ලිම් පාසලකට ඇතුලත් කිරීමයි. අනික් අතට මේ වගේ මුස්ලිම් පාසලකට ඇතුළු කරන මුස්ලිම් නොවන සිසුවියන් අනිවාර්යයෙන් ෆර්දාව ඇඳිය යුතුමයි. ඒ ඒ පාසලේ විනය නීති ඒ ඒ පරිදි නිසා ඒවාට විරුද්ධ ‍වීමේ තේරුමක් නැහැ. තවමත් රාජකීය විදුහලේ මුස්ලිම් සිසුන්ට යටි රැවුල වවන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම කිසිම ආගමික සංකේතයක් (කුරුසය, කොන්තය, පිරිත් නූල්) පළඳින්න ඉඩ දෙන්නනේත් නැහැ. මට තියෙන ප්රුශ්නෙ තමා මොන හාමුදුරුවොද රාජකීය විදුහලේ විනය නීති හදන්නේ කියල. හාමුදුරුවරුන්ට නිග්රහ කරන එක දැන්වත් නවත්තන්න.

"මුස්ලිම් පල්ලී වල මහ හඩින් යාඤා දාන ඒකත් සැණකෙලි ඝෝෂා වලට එහෙමත් මේ නිතීය නිසා වැලකෙනනේ?"
නැවතත් ඔබ වල්ගය පාගා ගත්තා. මගේ අදහස නම්, රටේ නීතිය හාමුදුරුනමක් පිලිපැදිය යුතු නම්, පාසලේ නීතිය මුස්ලිම් සිසුවියන් විසින් ද පිළිපැදිය යුතු බවයි. ඔබ මින් පළමු වැන්නට එකඟ වෙන අතර දෙවැන්න ප්ර්තික්ෂේප කරනවා. මොකද මේ මූණු දෙකක්?

-බිன்ku-

6:44 AM, April 21, 2009

@Anonymous
ane bohoma sthuthiy ehema kiwwata. mama koti puthek nam ai mama ada downtown wala rally ekata giye nadde? :P lankawen yana okkoma aya koti'da? rate yam yam waradi pennala dena ekath koti'da? ane paw oyala ganai mata duka, ekata adanna one nahane mama. :P

මම නම් හිතන්නේ මේක එම ආගමේ පවතින නිතින් නිසා සිදුවන අපහසුතාවයක් බවයි.අප ඉගෙනුම ලබන ආයතනය හො රැකියාව කරන ස්ථානයේ නිල ඇදුමක් ඇත්නම් එහි සියළුම සාමාජිකයින්ට එය පොදු වුවකි.එහිදි ආගමික වශයෙන් වෙන් වෙන්ව කටයුතු කිරිමේ හැකියාවක් නොමැත.නිදසුනක් ලෙස යුධ හමුදා සාමාජිකයින් හමුදා නිල ඇදුම ඇදිය යුතු අතර එයට ආගමක් ලෙස වෙනසක් කිරිමට හැකියාවක් නොමැත.පාසල්ද එසේය.එහිත් නිල ඇදුමක් පවත්වාගෙන යයි නම් එය එම පාසලේ ඉගෙනුම ලබන සියළු දෙනාටම පොදු වුවකි.එසේම පාසල් නිල ඇදුම ආගමක් නියොජනය නොවන්නක් බවත් අප මතක තබා ගත යුතුය.මෙය ආගම් තුල එම ආගම තුල පවතින නිතින් නිසා සිදුවු අපහසුතාවයක් මිස බුදුදහම අන් ආගම් වලට කරනු ලබන බලපැමක් ලෙස නොසිතිය යුතුය.

-බිன்ku-

7:31 AM, April 21, 2009

මිගාර අයියා, මම මහණකමට අපහාස කලේ නෑ කියටවත්. මෙහිදී මහණකම උපයෝගී කරගත් අය ලෙස කිව්වේ සමස්තයම නොවේ, ඒ බව තේරුම් ගන්න. දේශපාලන කරන හා වෙනත් ඇතැම් හාමුරුදුවන් ගැනයි මම සදහන් කලේ, ඒ වැනි හාමුරුදුවන්ද් දුසිරිතේ යෙදෙන චීතනය පොරවා ගත් පුද්ගලයන් (ඔවුන්ට ඇත්තෙන්ම හාමුරුදුවන් කියා අමතන්නට මම ඇකැමතියි ) ඕන තරම් සොය ගන්න පුලුවන්, ඔවුන්ගෙනුත් ඇතැම් කිහිප දෙනෙක් ගැනයි කිව්වේ.

මම හිටි මල්ලයක් නෑ පනින්නට, හැකි නම් කියන්නකෝ ඒ ගැනත්. ඔබම කියනවා රාජකීයේ "කිසිම ආගමික සංකේතයක් (කුරුසය, කොන්තය, පිරිත් නූල්) පළඳින්න ඉඩ දෙන්නනේත් නැහැ." කියලා, ඒසේ කිව්වේ මොන තෝරතුරකින්ද? අතීතයේ එය කතොලික පාසලක් බවට තිබ්බ කාලේ එහෙම ඇති. ඒක දැන් නෑ නොවැ? යටි රැවුල වැවිම කොහොමත් අවසර දෙන්න දෙයක් නෑ. එය මුස්ලිම් සහෝදරයන්ට ගැටලුවකුත් නෙමේ. කරුණාකර නැති දෙයක් මතු කරන්න එපා. මම පෞද්ගලිකවම අකැමති දෙයක් තමා පාසල් ආගම් වලින් වරග කරලා තියෙන එක ගැන, ඉතින් ඒ තත්වය ගැන නෙමේනේ කතා කලේ. ප්‍රශ්ණේ තියෙන්නේ කට්ටියක් මේ වගේ නිති පනවන්න බල කිරිම ගැනයි. ඒ කවුද කියලා මම කලින් ඉඟිකලානේ. මෙකට බුදු දහමේ බලපෑමක් නෑ, ඒ බව මම කලිනුත් කිව්වානේ. ප්‍රශ්ණේ තියෙන්නේ බෞද්ධ සංස්කෞතියක් ගැන කතා කරමින් නිතී දාන්න යන අයයි.

"මුස්ලිම් පාසලකට ඇතුළු කරන මුස්ලිම් නොවන සිසුවියන් අනිවාර්යයෙන් ෆර්දාව ඇඳිය යුතුමයි."
එකට අඩුම තරමේ එහෙම අයව බදවා ගන්නේ නෑ මචෝ, පාසල් වලත් ආගම් වලින් භේද කරලා තියෙන එක මම ඇකැමතිම එකක්. දෙවැන්නේන් මම අදහස් කලේ මේ නිතීයට ආගම් ඔක්කොටම පොදුයි කියන්නයි, එය වලිගයක් වෙන්නේ කොහොමද?

-බිன்ku-

7:38 AM, April 21, 2009

ශාකු අයියේ, කතාව ඇත්ත. ඇෆ්ස්ථානයේත් මේ වගේ එකක් වෙනවා. ඒ වගේ වෙනස්කම් ඔවුන් තුල ඇති වෙන්නට සලස්වන්න හැරිය යුතුයි වගේම අපි ඒවාට ඔලුව දාන්නත් නීති පනවන්නත් ඕනේ නෑනේ. එකයි මම මතු කලේ. නමුත් කෙනෙක් දෙන්නේක් වැරදි විදියට වටහාගෙන වගේ.

අපි මෙතන කතා කලේ කිසිම ආගමක්ට අපහාස කරන්න නෙමේ, ආගම් වල මුවාවෙන් වෙන දේවල් ගැනයි. ඒ හේතුවන් ආගම් වලට නිගාවීමක්නේ වෙන්නේ.

Post a Comment

සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.