දේශද්‍රෝහීන්ට වෛරයෙනි,

කරුණාකර රතිඤඤා කොම්පැණියේ බිස්නස් වලට ඉඩ දෙන්න, ශ්‍රමය මදි නම් දැන් ඕනෑ තරම් ඇත, ඒ දේශප්‍රේමීත්වයයි.

කරුණාකර කිරිබත් වපුර වපුරා කන්න කවන්න දෙන්න, එවිට ගොවියන් දැන් සියදිවි නොනසා ගනු ඇත, ඒ සෞභාගයයි.

කරුණාකර තැබෑරැමට යන්න දෙන්න, රටට බදු වලින් දියුණු විය හැකිය එයින් ණය ගෙවිය හැකිය, ඒ පෞරෂත්වයයි.


රතිඤඤා වෙඩි ගඳ යනකං කිරිබත් පිරුණු වෙනකං ඉන්නේ නැතිව මේ පිස්සුවත් බලා බලා නොහිඳ මොකක් හරි දෙයක් කරපල්ලා.
කරුණාකර ඔලු කට්ටේ තියෙන මහා සිරසේ පාවිච්චි කරපල්ලා, කිව්ව දේට නොන්ඩි නම් පාරට ගිහිං උඹලා කැත කරපු පාර අතු ගහලා එන්නකෝ!


( එලෙසම නියමාකාරයෙන් නිහඬව සිතින් මේ මොහොත සැමරු හා යම් වැඳගත් දෙයක් ඉටු කල කතා කල සහෝදර සහෝදරියන්ටත් ප්‍රණාමය. යථාර්තය සත්‍ය වංශයෙන්ම මතු පිටට නොපෙනෙයි. වෙනදාට ධජය දුටුවත් හැඟිමක් නොදැනුනේ අවංකවම දේශමානීකමක් ඇති නිසාද? (දේශමානීබවත් යුද්ධයක දිනීමත් වෙනස් වෙයි. )
මේ ගැන ලියැවෙන මගේ අවසන් සටහනයි, ලිවිමෙන් එකෙක් හෝ වටහා ගෙන කටයුතු කිරිමේ (මෝඩ හෝ වේවා) අපේක්ෂාවෙන් ලිව්වේම්. ඒවෙනුවෙන් මහත්වු මානයක් ඇත්තන් හා ක්ශේරුකා හා හිසක් නැත්තන'ගේ බැණුම් හා අපහාස ඉවසමි.

දිරිය ලංකා! தொகுப்பில் இல்லை! Encourage Lanka!

Comments (29)

ගැරඩියා

12:20 AM, May 22, 2009

බන්කු උබ කැනඩා සුද්දි එක්ක සංසර්ගෙය් යෙදනවා හැර ෙමානාද කෙර්?පල වැදි බන කියනවා අවජාතකයා උබලාව මරන්නයි වටින්ෙන්

කරුණාකර කිරිබත් වපුර වපුරා දෙන්නබින්කු,
රතිඤ්ඤා හා වෙනත් විගඩම් වලට මම ද විරුද්ධ වෙමි. ඒත් ත්‍රස්තවාදය (යම්තරමකට හෝ) අවසන් වීම කිරිබතින් සැමරීමේ මම කිසිදු වරදක් නොදකිමි.

Anonymous

1:17 AM, May 22, 2009

දේශමානීබවත් යුද්ධයක දිනීමත් වෙනස් වෙයි.Well said

අනූ

4:03 AM, May 22, 2009

මේ දවස්වල ටීවී එකේ මමත් දැක්කේ පරණ ආවර්ජනා. එල්ටීටීය මරපු අය‍ කීයද? බෝම්බ කීයක් ගැහුවද. පාරෙ මිනිස්සු නටන හැටි. දැං ඉති ඕව කලා ඇති. උතුරෙ ඉන්න අයට උදවු කරන එකයි දැං කරන්න ඕනි.

මිගාර

5:05 AM, May 22, 2009

යුද්දේ දිනලා සිංහලයන් කිරිබතක් කනකොට තමා ඔක්කොටම කුලප්පුව. බෝම්බ පුපුරලා අපේ සිය ගානක් මැරෙද්දි ආතල් දමාපු දෙමළ සරසවි සිසුන් ගැන පොඩ්ඩක්වත් කතා කරන්න අමතක උනේ බින්කු ඇල්ශයිමර් රෝගයෙන් පෙළෙන නිසාවත්ද?

ලාංකාවේ පාරක් පාරක් ගානේ කිරිබත් කනවාට,රතිඤ්ඤා පුපුරනවාට කිහිප දෙනෙකුටම පෙන්නන්න බැරිවි තිබේ.නමුත් ලාංකිය ජනතාව මේ සතුටින් සමරන්නේ තමන් 30 වසරක් විදා අපා දුක විදිම අවසන් විමේ නිදහස නොවන්නේද?
එසේම අපේ ජනතාව මහ මග,පුද බිමේ,බස් රථයේ මිය යනවිට මොවුන් ගැන වචනයක් වත් නොදෙඩු මොවුන් අද අපි මේ ලැබු ජයග්‍රහනය සැමරිම දිරවාගත නොහැකිව හඩයි.නමුත් මේ දවසක් දෙකක් නොව දවස් හතක් වුව තොරන් බැද මගුල් කැ යුතු කරැනකි.
එසේම අපට සිදුවන විනාශයකදි අප පොදුවේ දුක්වෙනවා සේම අප සතුටු විය යුතු අවස්ථාවක අපි එක්ව සතුටු වෙයි.එසේ එක් විමට නොහැකි අය සිටිනවා නම් මේවා නොදැක්කා සේ නොසිට නන් දොඩවන්නේ තවමත් කවුරැන් වෙනුවෙන්ද?

-බිன்ku-

5:26 AM, May 22, 2009

මිගාර, එසේ රෝගයක් ඇත්දැයි ලියන කියන දේවල් වලින් තීනදු දීය හැකිද? ඒ ආතල් ගත්ත ඇතැම් දෙමළ සිසුවන් (පොදුවේ එසේ හදුන්වයි නම් එය ඔබේ වැරද්දක් වෙයි) 'ආතල්' ගැනීමත් ගැන මගේ අත්දැකීමක් හෝ ආරංචියක් (ඔබතුමාගෙන් මිස) නැති නිසා නොලිව්වෙමි, ඒවා ගැන කතා කිරිමට වඩා මේවා ලිවිමට මට අවශ්‍ය වුයේ හුදෙක් මෙහි නිර්ථක බව පෙන්වා දීම පමණි. නැවත කියවා බලන්න.

සසික, එසේ සැමරිම හෝ නොසැමරිම ගැන ඔබලාට අදාලය. පරණ ‍‍ඛේදාජනකයන් නැවත ආවර්ජන කරමින් ලිවිම ඔබ බලාපොරොත්තු වේද? (මා මේ බිලෝගය ලිවිමට ගත් කාලය සිට කොළඹ බෝම්බයක් පිපිරුණු බව මතක නැත.) එසේ ලිව් ඔබ ඇතුලු ඕනෑ තරම් අය සිටි නිසා ඒවායින් පුමාණවත් වුවායැයි සිතමු. වල්ගියත් කියවා බලන්න. " කිව්ව දේට නොන්ඩි නම් පාරට ගිහිං උඹලා කැත කරපු පාර අතු ගහලා එන්නකෝ!" එහි අර්ථය තේරුම් ගැනිම ඔබට බාරය.

ප්‍රවීන්, 'ත්‍රස්තවාදය' අවසන් කිරිම නිසා කල යුතු වඩා යෝග්‍ය වෙනත් ආකාර තිබුණු නිසා එසේ දැමුවෙමි.

ගැරඩියා, ශිෂ්ඨ ලෙස කතා කිරිමට නොදත් ඔබතුමාට මාගේ දේවල් ලිවිමෙන් පලක් නොවෙයි. එනිසා ඔබතුමා ගැන මා අනුකම්පා කරමි.

අනු, එසේ නම් යමක් කමක් කරන්න. නැතහොත් දැනටමත් එක් කෙනෙක් කීසේ ධනය හා සම්පත් වැය කරමින් නටන්න.

ඔබ බ්ලෝග් ලිවිමට පටන් ගත් දින සිට කොලඹ බෝම්බ පිපුරැවේ නැත්තේ එල්ටිටියට අපි ගැන දුක හිතිලා නොව කොළඔ ආරක්ශාව තරකර ඇති නිසාය.එසේම මැතකදිත් අන්ත දුක්කිත ජිවිත ගත කරන ගම් වලට පැන පවුල් පිටින් මරා දැමුවා ඔබ නොදන්නවා ඇත්තේ එ‍් පිලිබදව ඔබට නොදැනෙන නිසාය.
ඔබට මේ විපාකය නොතෙරෙන්නේ ඔබ මේ අත්දැකිම් අත් විද නොමැති බැවිනි.ඔබ පිලියන්දල බසයක පිපිරි ගිය බෝම්බය,කැබිතිගොල්ලැවේ බසයකට එල්ල කල බෝම්බය,‍ආදිය දුටුවා නම් එසේ නොකියයි.
එසේම මේ බෝම්බ පුපුරණවා ඔබට මතක නැතුව නොව ඔබ අමතක කර ඇත.නමුත් ඔබට ප්‍රභාකරන් නැමති ඔබගේ විරයා සමුදුන් ආකාරය නම් තවමත් නින්දෙදිත් මතක් වන බව නම් මේ බාන තෙපර වලින් හොදින් වැටහේ.
එසේම පාරවල් කිරිබත් වලින් අපිරිසිදු විම ලේ වලින් අපිරිසිදු විමට වඩා මම නම් අගයයි.මේපමන කලක් ඒ කෘරිරැ බෝම්බයට විනාශ වි ගිය දේ පිරිසිදු කරගත් අපට ඔය කිරිබත් කැල්ලක් පාරකින් ඉවත් කිරිම එතරම් ගැටළුවක් නොවේ.

Sam

7:19 AM, May 22, 2009

සිරිලංකාවේ මිනිස්සු සතුටු වෙනකොට තමයී කාට කාටත් ජීවිතේ නිරර්තීබාවය අවබෝද වෙන්නේ.

Xslash

8:09 AM, May 22, 2009

machan ubata pissu.uba hoda sihiyenda me kiyavanne...machan thiyana dein sana sipan,karanna bari deval kiyanna epa.ape rate eunge vada ohoma thamai.machan tikaka venas veyan.thuttu deke vidihata hithanna epa.api kauruth harai na,api hamoma varadi karayo,ubath mamath buduvarau nemei ne?thamange kunu thiyan,anunge kunu gana katah venna epa.Budusaranai

-බිன்ku-

10:23 AM, May 22, 2009

සසික, මා ගැන කරුණු කාරණා නොදැන මට ඇත්දැකිම් නැතැයි ඔබ කියයි. මා සියන ලියන සියල්ලක්ම LTTE ගැන සිතායැයි සිතන්නේ නම් ඔබ ගැන උපේකෂාවෙන් අනුකම්පා කිරිම හැරෙන්න මට කල දෙයක් නැත. මා කිසි දිනෙක ඒ ත්‍රස්තවාදී සංවිධානයක හොඳක් කියාද නැත, එසේයැයි ඔබට ප්‍රබන්ධයක් ගොඩ නැඟිය හැකග ඊටද මගේ අමනාපයක් නැත්තේය. කොළඹ බෝම්බ තර්ජනයක් නොමැති වීම ගැන මේ මොහොතේදීත් මම සතුටු වෙමි. නමුත් කැබිතිගොල්ලෑවේ හා නුගේගොඩ බෝම්බ ප්‍රභාර ගැන මට කිසි ගාණක් නොතිබුණේ නම් ඔබේ වැරදිමකි. ගම්මාන වලට පැන පවුල් පිටින් මැරිම ගැනත් එදා අපේ අන්තවාදීන් ද්‍රවිඩයන් මැරු පවුල් වල දුඛිත බව මට අමතකද නැත. ඔබ ඔය තරම් දන්නේ නම් වඩා නරකද පසුබිමේ ආතල් ගැනීමට තිබෙන කියක් හරි ඔවුන්ට හෝ සෙබලුන්ට වියදම් කරා නම්? කිරිබත් වලින් හා එකිනෙක කුණු වලින් පාර පිරිසිදු කිරිම අවුලක් නොවේ නම් රට වෙනුවෙන් එය කරන්න. වචනයට වඩා ක්‍රියාවයි වටින්නේ,මිත්‍රය. නැතහොත් මේ දේශද්‍රෝහියාගේ වචන අමතක කරනු මැන.

-බිன்ku-

10:35 AM, May 22, 2009

Sam, සතුටු වෙලා පස්සේත් ඉස්තාලේ දොර හැරිලා කියලාත් පේන්නේ නැතුවද? ;)

Xslash, ow machan. mata kohomath edath adath pissu thama" me vodka adiyak ahala sihikalpanawak nathiwa inne. oyalata mewa karanna bari dewal kiala haduwanne monawada kiala mata therenne nahane ban, poddak pahadili kara nam sir?

mama nikanma wenas wei, hamadama mama ekama widiye neme, kalayen kalayata mage wenaskam wei. mama thuttu deke gonek thama, bohoma sthuthiy, santhosai ahannath. math waradi karayek thama, eth hamoma waradi karana de, oyath eyath meyath kiala mata eka waraddak widiyata penawa nam mata karanna one na. mama me liwwe mage adahasak, eka kelin no kiya kiwwa nisa awasanawatthayo waligaya pagagena inne.

-බිன்ku-

11:01 AM, May 22, 2009

දේශප්‍රේමීයනි, මාගේ ලිපියට ඌරු ජුවල් නොගෙන කියවා තේරුම් ගනිව. නොතේරේ නම් ලිපිය අමතක කර ගොස් කැමැත්තක් කරව. අප රටට ආදරේ නම් ස්වාධීනව සිතව! යමක් කමක් කරව, අන් අය පොලඹව!

Anonymous

8:18 PM, May 22, 2009

haaaa koti patiyaa form wela ne ...me prabage awajaathaka koti puthekda oya???

සුදාර....

8:25 PM, May 22, 2009

යුධ ජයග්‍රහනය සැමරීමට වඩා මා දකින විශාලම දුර්වලතාවය නම් උතුරේ අසරණ වී ඇති ලක්ෂ සංඛ්‍යාත ජනයා අප එකවරම අමතක කර දැමීමයි. අපි දකුණේ දුන් දන්සල් උතුරේ අසරණ වූ මිනිසුන්ට එක වේලක් වෙනුවෙන් පරිත්‍යාග කලානම් කෙතරම් වටී ද?

-බිன்ku-

8:52 PM, May 22, 2009

Anonymous, වලිගය පෑගු ඔබට ස්තුතියි!

සුදාර...., ඒ වු කල්හී රජයෙන් හා මානව හිමිකම් සංවිධානයෙන් යැවිය යුතු අය සේ ඇතැම් අය සිතනවා ඇති.

@-බිன்ku-
මම ඔබට මෙම ත්‍රස්ථවාදය ගැන හරි අවබෝධයක් නොමැති බව පැවසුවේ ඔබ මේම ලිපිය ලියන ආකාරය අනුව ලාංකිකයින් කිරිබත් කනවාට ඔබ කැමති නැතිමුත් සාමාන්‍ය ජනතාව පාරවල් ගානේ මැරි වැටෙන විට ඔබ එයට අකමැතිබව පැවසුවාද?
එසේම අප මේ සතුටු වන්නේ නිකන් නොව ලාංකිකයින්ට තිබු ප්‍රධානම හිසරදය සුවවිමෙන් ලද සහනය බව ඔබට මතක නැත.ඔබ ඇතුළු සුළු පිරිසකගේ උත්සහය වනුයේ සියල්ල වැරදි බව දැකිම පමනි.නමුත් වැරදි තිබුනද තම ජාතියට අවමානකරන තමන්ගේම ජාතියේ පිරිසක් ඔබවත් මිට පෙර දැක තිබේද?

@සුදාර
ඔබ නොදන්නවා වුනාට දකුනේ ජනතාව ඒ අවතැන්වුවන් අමතක කරනොමැති බව පොඩ්ඩක් පාරට බැස බලන්න,එම ජනතාව වෙනුවෙන් ආධාර දිමට දකුනේ ජනතාව පෙල ගැසෙන ආකාරය.

උතුරේ අවතැන් වූ ජනතාව දකුනේ ජනතාව විසින් කිසිවිටෙකත් අමතක කර නෑත. කිසිවෙකුට එසේ සිතේ නම් ඔහු මෙරට ජීවත් වන්නෙක් නොවිය යුතුය. දකුණේ ජනතාව හැකි සෑම අයුරින් උතුරට ආධාර යැවීමට උත්සාහ කරති. විශ්වවිද්‍යාලයේදී අප දෙවරක්ම වියලි ආහාර හා අලුත් ඇඳුම් එකතු කොට උතුරට යැවීමු.

කිසිදු සරණාගතයෙක් IDP කඳවුරකදී සාගින්නේ මිය ගොස් නැත. හමුදා සෙබලුන් පැය 24 පුරා ආහාර උයමින් ඔවුන්ගේ කුසගිනි නිවාලති. එකවර ලක්ෂයක් පමණ මිනිසුන්ට පහසුකම් සැලසීමේදී අඩුපාඩු සිදුවන්නට පුලුවන. ඒවා යථාකාලයේදී නිවැරදිවනු ඇත.

වැරදි ම පමණක් දකිනවාට වඩා හොඳ පැත්ත ටිකක් හෝ දැකීම සුබයි නේද?

සුදාර....

12:43 AM, May 23, 2009

ශ්‍රී ලංකිකයින්ගේ පරිත්‍යාගයන් ගැනවත් ත්‍රස්තවාදය පරාජය කිරීම ගැනවත් මාගේ තර්කයක් නැත. ඒ සඳහා කළ කැපකිරීම් පිළිබඳවත් කිසිදු තර්කයක් නැත.
නමුත් කළ යුත්තේ ද්‍රෝහියකුගේ මරණය අපේ මඟුලක් කර නොගෙන මෙම ජයග්‍රහණය තුල සැඟවුණ ඛේදවාචකය හඳුනා ගැනීම හා ඊට පිළියම් සෙවීම බව මගේ හැඟීමයි. නැතිනම් හෙට ‍යළිත් ප්‍රභාකරන්ලා බිහිවීම අපට වලකණු නොහැකි වනු ඇත.

ඉෂාර ජයකොඩි

2:06 AM, May 23, 2009

මචන් මමත් කිරිබත් කෑවෙමි. එහෙත් ඒ ප්‍රභාකරන්ගේ මල ගම සැමරීමට නොවේ, මේ රට වසර 25කට අධික කාලයක් තිස්සේ මිහිපිට අපායක් බවට පත්කෙරෙමින් තිබූ ඒ කුරිරු යුද්දයට නිමාවක් වූ නිසාත්, සාමයක් පිලිබදව දැල්වූ බලපොරොත්තුවක් සහිතවත් මම සින්හල අපේ ක්‍රමයට කිරිබත් ටිකක් කා සන්තෝස වුනෙමි. ඒ පිලිබදව කිසිදු අහිතක් ඔබ තුලවත් සින්හල අපි කිසිම කෙනෙක් තුලවත් ඇතැයි මා නොසිතමි. එ සමගම මිනිසෙකුගේ මරණයක් නිසා කා බී සන්තෝස වීමට තරම් අපේ ජාතිය පහත් වේ යැයි මා නොසිතමි. බින්කු කොටි පැටියෙකුයි කියනා අයටයි මේ ; මූ ලන්කාවෙදිනම් "පට්ට" සින්හලයෙකි, කැනඩාවේදී යම් විපර්යාසයකට ලක්වූයේදැයි නොදනිමි.

@සුදාර
මචන් මිට වඩා මගුලක් මම නම් මගේ ජිවිත කාලයටම දැක නැත. ඔබ මිට වඩා සතුටුවු අවස්ථාවක් තිබුනේ නම් පවසනු මැන.

-බිன்ku-

4:09 AM, May 23, 2009

රතිඤඤා වෙඩි ගඳ යනකං කිරිබත් පිරුණු වෙනකං ඉන්නේ නැතිව මේ පිස්සුවත් බලා බලා නොහිඳ මොකක් හරි දෙයක් කරපල්ලා.සසික, කිරිබත් කන්න එපායැයි මා කිසියම් තැනක හෝ කිවේ නැත්තේමි. මා කවුදැයි ඔබ කුමක් සිතුවත් කම් නැත. ප්‍රභාකරන් ඇතුලු කල්ලියගේම අවසානය ගැන මා සතුටු වෙමි, නමුත් එ්ක දිගටම සැමරීම යෝග්‍ය නොවෙතැයි මා සිතමි. එනිසා තදින් 'ආතල්' ගන්නන් අරමුණු කොටව ලිව් මෙය සැර වැඩි වී මා බලාපොරොත්තු වු දේ සිදු නොවන අතර සිදුවන්නේ වෙනකකි. ඔබට මේ ලිපිය නිසා යම් රිදවිමක් වුණි නම් ඊට කමාත්වා. නමුත් කරුණාකර දැන් ආතල් ගැනම නවත්තා යමක් කමක් කර උතුරට පිහිට වෙමින්, අඩුම තරමේ අ‍පවිත්‍ර වු මඟතොට පිරිසුදු කිරීම සිදු කරන්නේ නම් මැනැවි.

ප්‍රවීන්, මා මෙය ලියන මොහොත වනවිට ඔබ විසින් වැදගත් ආකාරයට ලියා තිබුණු අතර ඒ ගැන මා සතුටු වෙමි. එවැන්නක් මීට පෙර චමිල හැර වෙනත් බිලෝග් කරුවන් කෙලින්ම ලියැවුණි නම් මා මෙය නොලියනු ඇත.ඔබෙන් ආදර්ශයක් ගෙන මා තවත් ලිපියක් ලිවිමට අදහස් කර සිටීමි. යුධයෙන් අවතැන් වුවන් අමතක කරලාමයි කියා මට සිතුණේද නැත, නමුත් ලිවිමේදි බීමත් දෙතුන් දෙනෙක් කියවන දෙබසක් ලිව්වේමි.

සුදාර, ඔබ සමඟ මා එකඟ වෙමි. ප්‍රවීන්ගේ ලිපියද කියවනු මැනැවි.

ඉෂාර, ඒ ගැන මාගේ විරුද්ධත්වයක් ඇත්තේ නම් එය පමණක් කරමින් සිටින අයටයි. ඔබ කරන්නාවු ක්‍රියා මා දැක ඇත්තේමි. ජය! එලෙසම දැන් අනිත් අයව කල යුතු දේ කරන්නට පොළඹවනු මැනැවි.
කරැණාකර මෙම ලිපිය කියවන්න ජයග්‍රහණය හා සැමරීම .එය සිතට ගෙන කටයුතු කරන්න. ඒ පමණක් මට ප්‍රමාණවත් වේය, ඔබත් එවැන්නක් ලියන්න, පොළඹවන්න.

harshadewa

9:38 PM, May 24, 2009

මුල සිටම ඔබේ තර්කය වූයේ,
රතිඤඤා පත්තුකර, කිරිබත් කා, මහ පාරේ පිස්සු නැටීම වැරදි බවය. විජයග්‍රහණය සැමරීම අර්ථවත් කල යුතු බවය.

ඉතා හොඳ ආකල්පයක්/ දර්ශණයක් වන මෙය ඇත්තවශයෙන්ම ක්‍රියාවට නැගීම කල නොහැක්කක් බව ඔබ නොදැන සිටියා විය යුතුයි. සමහරවිට ඔබට ටිකක් පන්ඩිත වාක්‍යයක් ලිවීමට මගක් සොයසොයා සිටින විට මෙය හොඳ අවස්ථාවක් වන්නට ඇති ( කොලු කමට පඬිවැඩ කිරීම :) ).

කෙසේ නමුත් මේ කතාවට දිගට හරහට ලැබුනු ප්‍රතිචාර නිසා, දැන් ඔබ හුදෙක්ම තම තර්කය ආරක්ෂා කිරීමේ උතසාහයක යෙදෙනවා විය යුතුයි!

හිතවත් බින්කු, ඔබට (නො)තේරෙන නමුත් තේරුම් ගැනීමට අකමැති දේ නැවතත් කියාසිටීමට සිතුනි.

LTTE ත්‍රස්තවාදයට බියවුනු/ හසුවුනු කෙනෙක් අප අතර නොමැති තරම්. ඔබට කෙසේ වූවත් අපට තිබුනේ;
පාරේ බසයකට නගින මිනිසාට යහතින් බසයෙන් බැසයන්නට පුලුවන්වෙයිද කියන බියයි!
පාරේ ගමන් කරනවිත් ක්ලේමෝ එකකට හසුවේද යන බියයි!
දරුවකු පාසැල් යනව අම්මලාට ඇතිවන බියයි!
තම ස්වාමියා ගෙදර එනකල් විශ්වාස නැති බියයි!
කොලඹ ගොඩනැගිල්ලකට ඇතුල්වන විට බෝම්බ ගසාවි දැයි දැනෙන බියයි!
පිටකොටුවේ මිනිසුන් අතර ඇවිදින විට දැනෙන බෝම්බ බියයි!
රාත්‍රීකාලයේ කොහෙන් හෝ ටකරන් ප්ලේන් එකකින් බෝම්බ දමාවියැයි බියයි!
මෙවැනි තර්ජන නිසා තම ව්‍යාපාරය කඩා වැටේවිදෝයැයි යන බියයි!
ලංකාව කවදා ගොඩ ඇවිත් තම ඊලඟ පරම්පරාවට නිදහසේ දීයුනු වීමට ඉඩකඩක් කවදා ලැබේවිද යන බියයි!

harshadewa

9:39 PM, May 24, 2009

බියෙන් සැකෙන්, තර්ජන ගර්ජන වලට ගුලිවී යටවී, ත්‍රස්ථවාදය රජ කරවූ දේශයක් එයින් නිදහස් වූවිට දැනෙන දේ ඔබට නොදැනන විට මට ඇතිවන්නේ ඉතා දුකකි!

එසේ ඇතිවන්නේ සැබෑ ශ්‍රී ලාංකිකයින්ට පමනක් බව මගේ මතයයි! දැන් ඔබ නැවතත් ඔබේ තර්කය වන, සැබෑ ශ්‍රී ලාංකිකයෙක් වීමට රතිඤඤා පත්තුකර, කිරිබත් කා, මහ පාරේ පිස්සු නැටීම කලයුතුද? යන්න නොගෙනෙනවානම් මැනැවි! මන්ද ඔබත් මමත් හොඳින් දන්නා කරුනු මා ඉහත දක්වා ඇති නිසාය.

රතිඤඤා පත්තුකර, කිරිබත් කා, මහ පාරේ පිස්සු නැටීමෙන් ඵලක් නැතිබව කවුරුත් දන්නා කරුනකි! නමුත් 30 අවුරුද්දක ත්‍රස්ථවාදයෙන් මිදුනු මිනිසුන්ට මහත්මා ගති පෙන්වා සාමනේර වහන්සේ මෙන් ඔබ කියන අන්දමට හැසිරෙන්න පුරුදු කරවීමට පිලිවන්න්නම් අප ජීවත් වන්නේ සියලු කෙලෙස් සහ ආශාවන් දුරලූ සෝවාන් වූ පිරිසක් සමඟ යැයි ඔබ සිතාසිටිනවා විය හැක.

නමුත් පොලොවේ පය ගසා ජීවත් වන අපට සහ 30 අවුරුද්දක් දුක් වින්ද මව්වරුන්ට පියවරුන්ට එසේ සිටීමට නොහැකි වීම වරදක් සේ මා කිසිසේත් විශ්වාස නොකරමි!

(මේ අදහස් දැක්වීමෙන් ඔබේ අදහස් ප්‍රකාෂ කිරීමේ අයිතිය නැති කිරීමක් නොකල බව කරුනාවෙන් පිලිගන්න)

තිලිණ

9:49 PM, May 24, 2009

ලංකාවේ සිටින්නේ නැති අය ලංකාව ගැන බොරු කැක්කුමක් මවා පාන්න උත්සාහ කරන එක නම් විහිලුවක්. ලන්කාවෙ හිටපු උන්ට තමා මේක සමරන්නෙ මොකටද කියලා තේරෙන්නේ.

Supun Sudaraka

1:56 AM, May 25, 2009

මේ‍ක සමරන කෙනෙක් නැත්තං ඒක පිස්සුවක්. මිනිහෙකුට පාරේ බැහැලා යන්න බෑ. බෝම්බ පිපිරුනා. සංගීත සන්දර්ශණයක් බලන්න යන්න බෑ. බෝම්බ පිපිරුණා. බස් එකේ යන්න බෑ බෝම්බ පිපිරුනා... ඉතින් මිනිස්සු "ත්‍රස්තවාදය" මේ ලංකාවෙන් මුලින් උදුරලා දැම්ම දවසේ තමන් ඒ පත්වෙලා හිටපු පීඩනය දරාගන්න බැරිව හිටපු ඒ මිනිස්සු. පාරට බැහැලා තමන්ගේ සතුට ප්‍රකාශ කිරීම...?

ගයන්ත

9:04 PM, May 26, 2009

සමරන එකේ ඇති වැරැද්දක් නෑ.

ඒ උනාට මේ සැමරිල්ල නම් සෙට් වෙන්නෙ නෑ... :(

ආගන්තුකයා

3:59 AM, June 10, 2009

හරියට හරි ගයන්ත... මේ සැමරිල්ල සෙට් වෙන්නේ නෑ.. බිංකු කිව්වට මමත් ඔය ගැන මට පුලුවන් ලෙස මම කරුණු දක්වලා තිබුනා... බිංකු මලයා... ප්‍රශ්ණය තියෙන්නෙ ඔතන තමා... හැමෝම එක එක පාට කණ්ණාඩි දාගෙන මේක දිහා බලනවා... එ තැනැත්තාට අනුව මේ සැමරීමට විරුද්ධ වෙන එකා එක්කෝ කොටියෙක් නැත්නම් දේශද්‍රෝහියෙක් මේක තමා අපට වරදින්නේ.. ප්‍රශ්නේ දිහා පැත්තක් නොගෙන විවෘතව බැලීම තමා මම හිතන විදිහට වැදගත්.. සතුටු වීම කියන්නේ තමන් අවංකව සතුටක් ලැබීම විනා අනෙක් අයටත් සතුටු වීමට බල කර ගන්න සතුටක් නෙමෙයි... මෙතන වෙන්නේ ප්‍රභාකරන් මැරුවට ලංකාවම පාටි දැමිය යුතුයි කියන න්‍යාය.. සතුටු වෙන්න දවසක් එයි ඒ දවස බීලා ගිහින් දෙමල කඩ වලින් කප්පම් ගන්නේ නැති... දේශප්‍රේමය පෙන්වා නොමිලේ කන්න යන්නේ නැති 'සිංහලයෝ' ඇතිවුනාට පසු දවස වෙන්න පුළුවන්.. මේක කොච්චර ප්‍රායෝගිකද දන්නේ නැ.. ඒත් මේ පාටි දාන වැඩේ නිකන් හිඟන්නගෙ තුවාලෙට බෙහෙත් දානව වගේ වැඩක්...

Xslash

3:05 PM, September 28, 2010

machan ubata pissu.uba hoda sihiyenda me kiyavanne...machan thiyana dein sana sipan,karanna bari deval kiyanna epa.ape rate eunge vada ohoma thamai.machan tikaka venas veyan.thuttu deke vidihata hithanna epa.api kauruth harai na,api hamoma varadi karayo,ubath mamath buduvarau nemei ne?thamange kunu thiyan,anunge kunu gana katah venna epa.Budusaranai

Post a Comment

සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.