උතුරු සංවර්ධනයට ඇති ජනාධිපති කාර්යසාධක බලකායට ජය වේවා!

ලංකා ඊ නිව්ස් විසින් මැයි 14 දින පල කල පුවතක්

උතුරු සංවර්ධනයට කිසිදු දෙමළකු නැති ජනාධිපති කාර්යසාධක බලකායක්

රජය විසින් දියත් කිරීමට යෝජිත උතුරු පළාත සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 19 දෙනකුගෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක් පිහිටුවා තිබේ. මෙහි නායකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා විසින් නම් කරනු ලැබ ඇත.

මෙම කාර්ය සාධක බලකාය විසින් උතුරු ප්‍රදේශයේ සංවර්ධනය, නැවත පදිංචි කිරීම හා ආරක්‍ෂක කටයුතු ඉතා වේගවත් න්‍යාය පත්‍රයක් යටතේ ඉටු කිරීමට සූදානම් වන අතර ජනාධිපතිවරයාට ඇති ව්‍යවස්ථානුකූල බලතල ඔස්සේ මෙම පත් කිරීම් සිදු කළ බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
උතුරු ප්‍රදේශයේ කඩිනම් සංවර්ධනය සඳහා අවශ්‍ය සැලසුම් වැඩසටහන් හා ව්‍යාපෘති පිළිබඳ සොයා බලා ඒවා ක්‍රියාත්මක කිරීම, අවතැන් පුද්ගලයන් අදාල ප්‍රදේශවල නැවත පදිංචි කිරීම යටිතල පහසුකම්, ආර්ථික සංවර්ධනය හා සමාජ සුබසාධනය සියලූ කටයුතු පිළිබඳ තීරණ ගැනීම්, ක්‍රියාත්මක කිරීම හා පසුවිපරම මෙම කමිටුව විසින් ඉටු කළ යුතු කාරණා වේ. සංවර්ධන කටයුතු ආරම්භ කිරීමෙන් පසු විටින් විට එහි ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළ යුතුය. 19 දෙනකුගෙන් යුත් කාර්‍ය සාධක බලකායේ සුවිශේෂත්වය වන්නේ කිසිදු ද්‍රවිඩ පුද්ගලයකු ඒ සඳහා ඇතුලත්ව නොතිබීමය.

එහි සාමාජිකයන් වන්නේ,
1. බැසිල් රාජපක්‍ෂ (පාර්ලිමේන්තු මන්ත්‍රී)
2. ලලිත් වීරතුංග (ජනාධිපති ලේකම්)
3. ගෝඨාභය රාජපක්‍ෂ (ආරක්‍ෂක ලේකම්)
4. සුමිත් අබේසිංහ (මුදල් හා ක්‍රමසම්පාදන ලේකම්)
5. යූ.එල්.එම්. හාල්ඩීන් (ආපදා සහන හා නැවත පදිංචි කිරීම් –ලේකම්)
6. ඩබ්. කේ. කේ. කුමාරසිරි (ලේකම් – ජාතිය ගොඩනැගීමේ හා වතු යටිතල පහසුකම්)
7. එස්. අමරසේකර (ලේකම් – මහා මාර්ග හා මාර්ග සංවර්ධන)
8. එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු (ලේකම් – විදුලි බල හා බලශක්ති)
9. ජේ.ආර්.ඩබ්. දිසානායක (ලේකම් – ඉඩම් හා ඉඩම් සංවර්ධන)
10. වෛද්‍ය අතුල කහඳලියනගේ (ලේකම් – සෞඛ්‍ය හා පෝෂණ)
11. එයා චීෆ් මාෂල් ජී.ඩී. පෙරේරා (ආරක්‍ෂක කර්‍ය මණ්ඩල ප්‍රධානී)
12. ලූතිනන් ජනරාල් සරත් ෆොන්සේකා (යුද හමුදාපති)
13. වයිස් අද්මිරාල් ඩබ්.කේ.ජේ. කරන්නාගොඩ (නාවික හමුදාපති)
14. එයා මාෂල් රොෂාන් ගුණතිලක (ගුවන් හමුදාපති)
15. එච්.ඒ.ජේ.එස්.කේ. වික්‍රමරත්න (පොලිස්පති)
16. රියර් අද්මිරාල් එස්.පී. වීරසේකර (සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජනරාල්)
17. මේජර් ජනරාල් ජ්.ඒ. චන්ද්‍රසිරි (යුද හමුදා ප්‍රධාන මාණ්ඩලික නිලධාරී හා උතුරු පළාත් නිසි බලධාරී)
18. එස්.බී. දිවාරත්න (අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්)
19. බී. අබේගුණවර්ධන (හිටපු අධ්‍යක්‍ෂ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව) මහත්වරුන්ය.

කොච්චර ෂෝක්ද? කරුණාවත් පිල්ලේවත් ඇද්දා ගෙන උන්වත් නැතිව කරන නාඩගම! (එක්සත්) ජාතික පක්ෂයේ ලොක්කෝ සටන් විරාමෙය්දීත් එල්.ටී.ටී.ඊ එක්ක කතා කරා මිසක වෙනත් ද්‍රවිඩ පුද්ගලයෙක්වත් ඇද්දා ගත්තෙත් නෑ, සාම සාකච්ජා ක්‍රියාවලියේ ප්‍රධානතම අඩුපාඩුව වුවේ එයයි. දැනුත් වෙන්නට යන්නේ එයම නොවේද? යුද්ධය අනවශ්‍ය අන්දමින් දක්වා ඒ තුලින් සියල්ලම (වංචා) කරන ගමන් (අනිත් වෙනත් වැදගත් දේද යම්දුරකින් අමතක කර) ඉදිරියටත් සංවර්ධන නාමයෙන් ප්‍රශ්න වලට විසදුම් දීමකුත් මඟ හරිවි, සිංහල හා ද්‍රවිඩ ලේ ගංගාව මතින් බඩ වාවා ගෙන කන්නන්ට ජය වේවා! (ඔවුන් කිසිදා පුනක්කු නොකති.)

පුනක්කු නැති තැන්වල පුනක්කු ඇත, ඉදිකට්ටක් හෝ ඒ අස්සේත් තියෙන්නට බැරි නැත. ඉන්නවා නම් පරිස්සමෙන්!

Comments (15)

Chrishi

4:42 PM, May 14, 2009

ඔහොම තමයි දෙමල ජාතිකයන්ගේ ප්‍රශ්න විසඳන්න යන්නේ. ලොක්කා මේ පොස්ට් එක දැක්කොත් කියයි ලංකාවේ දෙමල ජාතිකයන් ගැන එයාට නැති කැක්කුමක් කැනඩාවේ ඉන්න එකෙක්ට කොහෙන්ද තියෙන්නෙ කියලා !!

7:08 PM, May 14, 2009

ප්‍රශ්නේ තියෙන්නේ අපිටනේ
ඉතින් අපිට ඕනේ ව්දිහට එපායැ ප්‍රශ්නේ විසඳන්න

Anandawardhana

7:08 PM, May 14, 2009

බොහොම අගෙයි. සියලු දෙමලුන් කොටි සේ සලකන ආන්ඩුවක පිලිවෙතට මේක ගැලපෙනව නෙව :-p කොටින්ව කොහොමද විස්වාස කරන්නෙ?

C4

7:59 PM, May 14, 2009

ඇයි ඔක මෙහෙම හිතන්න බරිද මහින්ද උතුමා දමිළ ජනතාවට බොහොම කරුණාවයිනේ ඉතින් මෙතනදිත් වෙලා තියෙන්නේ එක හොදට පෙන්විමක්නේ සියලුම දෙ අපිම කර දෙනවා කියන උතුම් චෙතනාව පෙරදැරි කරගන වෙන්න ඇති එකදු දමිළ යෙක් ගාව නොගත්තේ

meegodaya/saman

8:06 PM, May 14, 2009

"ම"-ගේ අදහස නම් නැවුම්,(පහක් දානවා මම !)නමුත් බින්කු කියනවා වගේ මුන් විසඳනවද?තමුන්ටම විසඳව‍ ගන්නවද?දැනටමත් ලොක්කා යටතේ සමාගම් 20 ගනනක්.....????(ස්වයං වාරණය කළෙමි)

බිன்ku ගේ පුත් -බன்ku-

11:26 PM, May 14, 2009

වරෙන් බිංකූ වරෙන් උඹලා වගේ උන් මේ දවස් වල කඩේ ගිහිල්ලා ගොඩක් වාසි ගන්නවා.උඹ වගේ ජානගත patriot පොරවල්ලට මෙහෙ සෑහෙන ඉල්ලුමක් තියෙනවා.ඔය buisness එකේ shares මේ දවස් වල ගොඩක් ගනන් ගිහින් දුප්පත් උන්ට ගන්න බැරි තරං.

ප.ලි.
BBC ,CNN ,AlJasira බල බල ඉන්න මෝඩයො කොහොමද ලංකාව ගැන දන්නෙ?

-බිன்ku-

5:20 PM, May 15, 2009

@බன்ku,
මගේ 'patriot' මම තිය ගන්නම්, හරියට කියනවා නම් කාටවත් නැති කැසිල්ලක් පුතාට ඇයි? 'patriot' එච්චර ගණන් නම් ගන්න ඕනේ නෑ, පුතා ඉල්ලං කාපු පුනක්කුම කාපන්. මේ ලිපිය ලිව්වේ ඔය චැනල් එකකවත් කිව්ව එකක් නෙමේ පුතේ හරිද? (මං බලන එව්ව ගැන කොහේවත් ඉන්න උඹලාට කොහේන්ද? හරියට කියවා ගත්තා නම් පුතා?

Ramachandra

1:39 AM, May 16, 2009

හොද සටහනක්.උතුරු "වසන්තයේ"ඇත්ත ස්වභාවය තමයි මේ.ප්‍රභාකරන්ගේ හිස ගෙන ඒමෙන් පසු සාමයේ සුප් එක බෙදාගන්න කෙල හලාගෙන ඉන්න අදේශපාලනික පංචස්කන්ධවලට(බ්ලොග්කරුවන් ඇතුලුව)- ඔය සුප් එකේ ලුනු වැඩියි.වමනෙ යයි.

නිලන්‍ත

7:52 AM, May 17, 2009

මේකට අවශ්‍ය කරන සේරම මේ කමිටුවෙ ඉන්නවනෙ. ඉතිං මොකටද අනවශ්‍ය අය බොරුවට පුරවගන්නෙ. මේක ඇවිල්ල ජාති භේදයකින් තොරව කටයුතු කිරීම. ශ්‍රී ලාංකිකයන් වශයෙන් පමනක් සිතීම තමා ඔය. කරුණාට හෝ පිල්ලෙයාන්ට හෝ සංවර්ධන කටයුතු ගැන දැනීමක් නෑනෙ. ඒ අය ආංඩුවට ගත්තෙ අර විමුක්තිකාමියෝයැයි කියාගන්නා එහෙමත් නැත්තං නොමග ගිය තරුනයන් යැයි හඳුන්වනු ලැබූ කට්ටියට විමුක්තිය ලබා දෙන්න උදව් කිරීමටනෙ. ඇමතිතුමාත්, මහ ඇමතිතුමාත් මේ උතුරු වසන්ත සංවර්ධනයෙන් යම් පුහුනුවක් ලබා ගත්තට පස්සෙ ඒ අයත් මේ වැඩවලට හවුල් කර ගනී.
එතෙක් ඔය ගොල්ලො ජාතිබේධ අවුලුවන්නෙ නැතිව හිටියොත් හොඳයි නේද.
මං කිව්වෙ මේ සුප් නොබොන දේශපාලනික පංචස්කන්ධ වලට සහ බිංකුට.

Anonymous

10:06 AM, May 17, 2009

This comment has been removed by a blog administrator.

nuwansl

10:21 AM, May 17, 2009

හෑම දෙයකම හොද සහ නරක වශයෙන් දෙපෑත්ත්ක් තියෙනවා.අපි හෑම වෙලේම සර්ව අසුබවාදි විය යුතු නෑ.කවදාවත් විනාශ කරන්න බෑරි ත්‍රස්තවාදි කන්ඩායමක් අපි පරාජය කලා.මේක තමයි රටෙ දියුනුවට සංවර්දනයට තිබුනු ලොකුම පිලිලය.මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ට නම් මේක මිල කරන්න බෑරි දෙයක්.ඉන් අනතුරුව පිලිවෙලකට මේ ප්‍රදේශ සංවර්දනයත් සිදු වේවි. ඈයි අපි ආයෙත් ජාති වාදය අවුස්සන්නේ?අනිත් එක වෙන වෙබ් එකක තිබු කුනු ගොඩවල් ඈයි මේකෙ දලා හෑල්ලු වෙන්නේ.ඔබෙන් හරවත් යමක් දෙන්න බින්කු මල්ලි.

-බිன்ku-

6:08 PM, May 17, 2009

Anonymous, Sorry for deleting your comment. Dirty words are not allowed in my blog. If you can not say anything for this post, just let it go, I never mind.
Thanks for spending your fingertip to press buttons on keyboards, Cheers! Go outside and enjoy our victory!

-බිன்ku-

6:54 PM, May 17, 2009

නිලන්ත හා නුවන් අයියලාට, මූලින් අදහස් වලට ස්තුතියි, අවංකවම ඔයලාගේ අදහසුයි මට මෙතන අවශ්‍ය වුයේ, මට අවුලන්නට අවශ්‍ය 'ජාතිභේදයක්' හො එවැන්නක් නෑ, මාව පෞද්ගලිකවම දන්නා සමීප ස්වල්ප දෙනෙක් එ බව දන්නවා, ඒවාත් මට කොහෙවත් මාර්කට් කිරිමේ අවශ්‍යතාවයකුත් නෑ. වරද්දවා නො සිතන ලෙස මම ඉල්ලා සිටිනවා.

මෙ යුද්ධය කෙසේ වෙනත් අර්බුදය ඇරඹන්නේ සුද්දාගේ කාලේක ඉඳන් සිටයි, එහිදි ඔවුන් පත් කල ආණුඩුක්‍රම ව්‍යවස්ථාව තුල අසාධාරණ ක්‍රම පත කර තිබු අතරම නිදහස ලැබු පසු එ ක්‍රම වෙනස් කිරිමේදී වැදගත් කාරනා මඟ හැරියා, ඉන්පසු ඒ තත්වය දරුණු වුයේ බණ්ඩාරනායකා විසින් සිංහාල භාෂාව පමණක් රාජ‍ය භාෂාව කල විට එ පිඩනයත් අපෙ අදුර්දර්ශී සිංහලයන් දෙමල Wඅසියන්ට කර්දර කරා, එයයි ප්‍රදකරන් දෙමල සංවිධනය විමුක්ති සංවිධානයක් ලෙස පටන් ගෙන දරුණු වුයේ, පසු කාලෙක මම මේ ගැන ලිපි මාලාවක් ලියන්නම් අපක්ශපාතීව. හිතන්න ඔයලා යම් රටක යුද්ධයෙන් පීඩා විදලා නැවත ජනපද වල පිහිටුවා කියල, එ වෙනත් ජන කොට්ට්ඨාශයට අයත් නමුත් තම ජන වර්ගයාට අයත් නොවන කෙනෙක්වත් නැතිකොට මුකුත් දැනෙන්නේ නද්ද? එවගේම මේ හේතුවෙන් යම් යම් අර්බුද හා දේශපාලිනක ගැටුම් හෝ ඒ එවැන්නක් ඇතිවිම පෙනෙන්නෙ නැද්ද? අයර්ලත්තයේ තත්වයන් අපෙ රටේ ඇති විය යුතු නෑ, කරුණා අම්මන්ට වඩා හොඳ දේශපාලකයන් නැත්තේම නෑ අපෙ පාර්ලිමේත්තුවේ, (මට ලක්ශමන් නැති අඩුව මෙහිලා දැනෙන්නේ ඒ නිසායි ) එ අයගේ පක්ශ නොතකා අදහස් අකල්ප වල වෙනසක් කර එක් හෝඅ තනතුරක් දිම වැදගත් කියා මා සිතන්නේ, යුද්ධ කාලය වගෙම මේ කාලය තුලදීත් විවෘතව මධ‍ය්ස්ථව නිසි කලමනාකරණයක් තුලින් ගොඩ එන්න බරිත් නෑ.
කටයුතු වගයක් නිසා මේ දිනවල මා ඉන්නෙ නිවසෙන් පිට, ඒ නිසා සිංහල යතුරු කරන්නේ එසැනින් එකෙන් නිසා දෝශ වලට කමත්වා.

Chrishi

3:06 PM, September 28, 2010

ඔහොම තමයි දෙමල ජාතිකයන්ගේ ප්‍රශ්න විසඳන්න යන්නේ. ලොක්කා මේ පොස්ට් එක දැක්කොත් කියයි ලංකාවේ දෙමල ජාතිකයන් ගැන එයාට නැති කැක්කුමක් කැනඩාවේ ඉන්න එකෙක්ට කොහෙන්ද තියෙන්නෙ කියලා !!

meegodaya/saman

3:06 PM, September 28, 2010

"ම"-ගේ අදහස නම් නැවුම්,(පහක් දානවා මම !)නමුත් බින්කු කියනවා වගේ මුන් විසඳනවද?තමුන්ටම විසඳව‍ ගන්නවද?දැනටමත් ලොක්කා යටතේ සමාගම් 20 ගනනක්.....????(ස්වයං වාරණය කළෙමි)

Post a Comment

සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.