අසන්නට නොව නරඹන්නට, සිතන්නට The Pianist

ImageHost.org
එදා උතුරේ පැල්පතකට ප්‍රභාරයක් එල්ල වී විනාශ වු ඔහුට හමුදා සෙබලෙකුගේ හෝ කොටි සෙබලෙයෙකුගේ තුවක්කු කටකින් මියැදෙන්නට සිදුවන අවධානම මැද්දේ පණපිටින් ජිවත් වීමට දස දහසකුත් අපහසුතා වලට මුහුණදීමට සිදුවිය. එයිනුත් බේරි ඔහුට සරණාගත කදවුරැ බිමේ දුෂ්කර ජිවිත වලට මුහුණ දෙන්නට වු අවස්ථා බොහොමයකි.

The Pianist නම් චිත්‍රපටිය පොලන්තයේ විසු Wladyslaw Szpilman නම් පෝලන්ත යුදෙව් ජාතික ශ්‍රේෂ්ඨ පියානෝ වාදකයා එලෙසම දෙවන ලෝක යුද්ධය තුල මුහුණ දුන් අත්දැකිම් ඇසුරෙන් තැනුවෙකි. දෙවන ලෝක යුද්ධය ආරම්භ වන්නට මත්තේ යුදෙව් ජනයාට බහුතර ජර්මන් රජය ගෙන නිතිය හේතුවෙන් සිදුවු අසාරධණත්වය ඇසුරෙන් ඇරඹෙන මේ චිත්‍රපටිය ඒ ජර්මන් ජාතියටම අයත් වු හිත මිතුරන් හා හමුදා සෙබලෙක් නිසා පණ සුරැකෙයි. ආදරය, කරැණාව, මිත්‍රත්වය, සතුට, දුක, අනුකම්පාව, දෝහි වීම් ඔස්සේ ගලා යන The Pianist චිත්‍රපටිය ඇකඩම්, කේසාර් (César), ගොයා, BAFTA හා Plame සම්මාන වලට පාත්‍ර වුවෙකි. මුලදී හෙමින් ගලා යන මෙය පසුව උද්වේගකාරී වී නැවත මුල සමාන පසුබිමකට ගමන් කරයි. රෑප රචනයෙන් අනුන වු මෙහි අනවශ්‍ය ලෙසට ලේ වැගරිම් හා නිරැවත මතු නොකෙරෙන බැවින් ඕනෑම කෙනෙක්ට බැලිය හැකි වෙයි. (සම්පුර්ණයෙන්ම නොව). යුද්ධයට මැදි වු කෙනෙක් මුහුණ දෙන්නට සිදුවන්නාවු ඇතැම් දුක්කන්දරා තේරැම් ගන්නට ඕනෑම මිනිසෙකු බැලිය යුතු චිත්‍රපටියකි The Pianist.


ImageHost.org


Schindler's List චිත්‍රපටිය ගැන චමිතගේ කොදෙව්වේ ලිව් සටහන හා බැදුණකි. ඒ ලිපිය සදහන් Schindler's List චිත්‍රපටිය ඇතුලුව මා ප්‍රියතම චිත්‍රපටි ගොන්නට එකකි. මගේ අත්තර්ජාල සම්බන්ධතාවේ ධාරිතාවේ සීමා සහිත බව නිසාත් කාර්ර්‍යබහුලත්වය නිසා චිත්‍රපටි නැරඹිම යම්දුරට අඩු වුවත් කොදෙව්ව තුලින් වරින් වර වටිනාකමක් ඇති චිත්‍රපටි හදුන්වා දෙන්නට බලාපොරොත්තු වෙමි.


කොදෙව්වේ සිදු කල වෙනස්කම් හේතුවෙන් ඔබට ගැටලුවක් හෝ අපහසුතාවයක් වී නම් ඒවාද කියන්නේ නම් බෙහෙවින් අගය කරමි.

Comments (9)

ධනික (මානවයා)

6:52 AM, May 10, 2009

මෙම මමද නරඹා ඇත්තෙමි. සැබවින්ම රසවිඳිය හැකි චිත්‍රපටයකි.

Sam

7:13 AM, May 10, 2009

සම්පූර්න දවස් දෙකක්ම (705 min) වෙන් කරන්න පුලුවන්නම් Band of Brothers තවත් හොද අර්ධ වාර්තාමය ජිත්තරපටියක්, දෙවන ලෝක යුද්දයේ බ්‍රාවෝ රෙජිමෙන්තුව ගැන.

nuwansl

8:09 AM, May 10, 2009

බලන්න ඔන.වෙලාව තමයි???

Dimu

10:41 AM, May 10, 2009

පොඩි වැරැද්දක් තියනවා. ඔයා හැම තැනම කියල තියෙන්නෙ The piantst කියලා. ඒක The Pianist කියලා නිවැරදි විය යුතුයි.

මට මේක අහු වුනේ ඔයාගෙ post එකෙන් cut & paste කරල torrent එකක් හොයනකොට ආවෙ නැති හින්දයි. ඒක නිවැරදි කරන්න.

-බිன்ku-

9:07 PM, May 10, 2009

බොහොමත්ම ස්තුතියි දිමු, මා එය නිවැරදි කලා. ස්තුතියි අත්වැරැද්ද පෙන්වා දුන්නාට.

නලින් (Boman)

9:13 PM, May 10, 2009

මමත් මේක බැලුවා මාස කිහිපයකට ඉස්සර. යුද්ධයේ රලු බව අතරින් ජීවිතය උදෙසා අරගල කරන මිනිසෙකු වටා ගෙතුන සංවේදී කතා පුවතක්. මේකෙ ඒඩ්‍රියන් බ්‍රොඩි විශිෂ්ට රංගනයක නිරත වෙනවා. අර නිහඬවම පියානෝව වාදනය කරන අවස්ථාව හරිම සංවේදීයි.

malee_msg

3:00 AM, May 11, 2009

මේක මගේ ලගත් තියනවා! උපරිම වර්ගයේ චිත්‍රපටයක්.. මේ විදියට දුක් වින්ද අය ගැන තවත් දැන ගන්න ඕනි නම් ඈන් ෆ්‍රෑන්ක් ලිව්ව යෞවනියකගේ දින පොත කියවන්න.

deeps

7:53 AM, May 12, 2009

බොහොම ස්තුති ලින්ක්ස් ටිකට. විභාග ඉවර උන ගමන් අනිවා බලනවා

නලින් (Boman)

3:06 PM, September 28, 2010

මමත් මේක බැලුවා මාස කිහිපයකට ඉස්සර. යුද්ධයේ රලු බව අතරින් ජීවිතය උදෙසා අරගල කරන මිනිසෙකු වටා ගෙතුන සංවේදී කතා පුවතක්. මේකෙ ඒඩ්‍රියන් බ්‍රොඩි විශිෂ්ට රංගනයක නිරත වෙනවා. අර නිහඬවම පියානෝව වාදනය කරන අවස්ථාව හරිම සංවේදීයි.

Post a Comment

සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.