ලංකීක කලාවට ආදර කරන ඔබට...

කලා ලැදි පාඨක මිත්‍රයන්ට,
නුර්ති හා වේදිකා නාට්‍ය ගී - නූර්ති හා වේදිකා නාට්‍ය වල ගී පද මාලා ඒවායේ ශ්‍රව්‍ය මාධ්‍යත් සමඟ ලබා දෙන අනගි බිලොග් අඩවියක් :




නූර්ති හා වේදිකා නාට්‍ය ගී


තුන්පත් රටා - ලංකීක නර්තනයේ විස්තරයන් හා තොරතුරු භාෂා දෙකෙන්ම (හැකි පමණින්) ඉදිරිපත් කිරීම උදෙසා නර්තනයට ලැදි පිරිසගේ උත්සහයක් :




තුන්පත් රටා

එම අඩවියේම ඉංශ්‍රිසි අඩවිය :
http://en-thunpathrataa.blogspot.com/


මෙම අඩවි තුළින් ඔබේ කලා රසයට හේතුකාරක වේවා, ලාකේය කලාවට ඔබේ බැඳිම වැඩි දියුණු වේවායැයිද ඉතසිතින් පතමි.


එසේමැ මෙවැනි වටිනා සත්කාර්්‍යයන් කරන, ඒ සදහා කැප මහන්සි වෙන ලිපිකරුවන්ට තව තවත් ලියන්නට දිරිය ශක්තිය ලැබේවායැයිද ප්‍රාර්ථනා කරමි, ඔවුන්ට පින් අනුමෝදනා වේවා! 

පාඨක ඔබට සුභ නව වසරක් වේවා!
-බින්කු-

EAVB_WLRWVJZLTJ

නුවර වසන්තය

නුවර වැව

නුවර වැව් කෙම් කොණට
වසන්තය ඇවිතින්
රොබරෝසියා මල් තවම පිපෙනවා ඇති
මල් පෙති මතින් පිය නඟන
අපි නැතිමුත්
ඉස්සර පුරුද්දට...

පිණි වැටෙනා හිමිදිර
මිඳුමෙන් පෙවෙන
හන්තාන තවම බැලුම්ලානවා ඇති
මං මාවත් සැරිසරන
අපි නැතිමුත්
ඉස්සර පුරුද්දට...

රෑ අඳුරු අහසට
සිතුවම් රටා මවන
තරු මල් තවම පිපෙනවා ඇති
තරු ගැන කවි ගොතන
අපි නැතිමුත්
ඉස්සර පුරුද්දට...

නුවර අහස් බිම යට
හෙලු මතක සුසුම් පෙළ
අපේ සමනළ වසන්තයැයි
සිතුවේ නෑ කවුරුත්
ඒත් නුවරට වසන්තය ඇවිත් ඇති
අපි දැන් නැතිමුත්
තවමත් ඉස්සර පුරුද්දට....

කොමඩි විනිසුරුවන්ගේ හැඳි මිටේ නුවණ

පූජා දිසානායක
at විකල්ප
ImageHost.org
 

පිට කොටුවෙන් තමාට ගැලපෙන රොබෝ කාන්තාවක් මිල දී ගෙන ගිය කොමඩි ස්ටාර් කෙනෙක් කාන්තාවන් අපහාසයට, උපහාසයට, අවමානයට හා අවතක්සේරුවට ලක් කරමින් කළ, බාල බොළඳ විහිළු රස වින්ද කොමඩි විනිසුරුවන් එය ඉහළින්ම අගය කිරීම හාස්‍යජනකය. මෙය සිදු වූයේ ස්වර්ණවාහිනියේ කොමඩි ස්ටාර් වැඩ සටහනේ විනිශ්චයකදීය. එම වැඩ සටහනේ අවසන් හතර දෙනාගේ වටයේදී එක් තරඟකරුවකු ඉදිරිපත් කළ අංගය කාන්තාවන් අපහාසයට, උපහාසයට, අවමානයට හා අවතක්සේරුවට ලක් කළ අගතිගාමී එකක් විය. තමා මිල දී ගත් රොබෝ ගැහැණියගේ අංගෝපාංග ගැන විස්තර කරන ඔහු ගැහැණුන්ගේ නුවණ හැඳි මිටට සමාන කළේය. රොබෝ ගැහැණිය වගේම සැබෑ ගැහැණුන්ද හදවතක් නැති අය බව උපහාසමය ආකාරයට ඇඟවීම් කළේය. එම ආචීර්ණකල්පිත අගතිගාමී මත පුනරුච්චාරණයෙන් විනිසුරු මඩුල්ලද හොඳහැටි විනෝද වූ ආකාරයක් පෙනෙන්නට තිබිණ. එපමණක් නොව, තද කර ගත් සිනාවෙන් යුතුව ඔවූහූ තරඟකරුවාට උපරිම ලකුණු ලබා දෙමින් ඔහුගේ දක්‍ෂතාවය අගය කළහ.

විනිසුරුවන් ලෙස එදා කටයුතු කළේ රෝයිද සිල්වා, රොනී ලීච් හා කුමාර තිරිමාදුර යන තිදෙනාය. තිදෙනාම එකසේ තරඟකරුවා අගය කරමින් මුළු ලකුණුම ඔහුට ලබා දුන්හ. මේ විහිළුවේ විහිළුව ගැන මට මතක් වූයේ ඊට පෙර වැඩ සටහනකදී කාන්තාවන් අපහාසයට පත් කරන අංගයක් ඉදිරිපත් කළ තරඟකරුවකුට එදින විනිශ්චය මණ්ඩලයේ කටයුතු කළ සුමණා අමරසිංහ සහ වසන්ත මොළගොඩ යන දෙදෙනා කළ ප්‍රකාශයන් නිසාය. එදින සුමණා අමරසිංහ කාන්තාවන් අපහාසයට පත් කරන විහිළුවලට එකඟ වන්න බැරි බව කියමින් හා එවැනි විහිළුවලින් වළකින ලෙස කියමින් එම තරඟකරුවාට අඩු ලකුණු ලබා දුන්නාය. වසන්තද ඒ ආකාරයටම ප්‍රකාශ කරමින් අඩු ලකුණු ලබා දුන්නේය. අනෙක් විනිශ්චයකරුවා ලෙස කටයුතු කළේ රෝයිද සිල්වාය. එදා ඔහුද සුමණා අමරසිංහ සහ වසන්ත මොළගොඩ අනුව යමින් එවැනි විහිළුවලට එකඟ නොවන ප්‍රකාශයක් කළේය. එහෙයින් මේ කියන දිනයේ අවම වශයෙන් රෝයිද සිල්වාටවත් පෙර දිනයේ සුමණා අමරසිංහ සහ වසන්ත මොළගොඩ සමඟ දුන් විනිශ්චය මතක් වේයැයි බලා සිටියෙමි. එවැනි කිසිදු මතකයක් ඔහු තුළ නැති බවත් ඔහුද ගැහැණුන් අවතක්සේරුවට, අපහාසයට, අපහසුවට පත් කරන සමාජ නිර්මිතයේ තවත් එක් පුරුෂයකු පමණක් බව ඔප්පු කරමින් අනෙක් දෙදෙනාට සමාන වී සිටියේය. තරඟකරුවන් විනිශ්චය කරන්නන් තරඟකරුවට වැඩි ඉදිරි දැක්මක් හෝ දැනුමක් ඇත්තන් නොවන බව සනාථ කරමින්, තමාගේ උරුමයට පත් ගැහැණිය සුරතල් කළ තරඟකරුවාට එම තිදෙනාම සමාන වී සිටියහ.

මේ සිදුවීම හරහා මේ රටේ පුරවැසියන් වූ ස්ත්‍රී පාර්ශ්වය සම්බන්ධයෙන් මේ රටේ ජනමාධ්‍ය කටයුතු කරන ආකාරය හා ඔවුන්ගේ අගතිගාමී ආකල්ප ගැන දිගු කතිකාවක් කළ හැකිය. මේවා සම්බන්ධයෙන් මේ රටේ පුරවැසි ස්ත්‍රී පුරුෂයන් හඬක් නොනැගීමේ අනතුර ගැන කතා කළ හැකිය. නමුත්, අපේ පුරුවැසි සමාජයට ඉතා කෙටි ප්‍රශ්න තුනකින් දමා ගසමින් මම මගේ විරෝධය පළ කරමි. එදා වැරැද්ද පෙනුනේ කාන්තාවක් විනිශ්චය මණ්ඩලයේ සිටි නිසාද? මෙදා වැරැද්ද නොපෙනුනේ කාන්තාවක් නොසිටි නිසාද? එයින් පෙනෙන්නේ ස්ත්‍රී පුරුෂ සමබර බවක් නැති විනිශ්චය මණ්ඩල තීරණවල අයුක්ති සහගත බවද? එසේත් නොමැතිනම් මෙයට හේතුව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව අසංවේදී, පුරුෂ බල පරාක්‍රමයම ක්‍රියාත්මක ජනමාධ්‍ය භාවිතාවේ ඇති සදාචාර විරෝධී බවද?

අනේ හාමුරුදුරුවනේ...

ImageHost.org

උපාසකම්මා ඉපදුනු හීන කුලේ
මහණ කරන්නයි යන්නේ ඇගේ කොළු..
ඌට නිකායක් වෙන් කර තබා තියේ
අප මුණි බණේ ඒකද හාමුදුරුවනේ...




පිරිත් නූල් බඳිමින් ජන හතුරන්ට
යතුරු කැරළි අදනය යට ගසාගෙන..
අපවත් වෙන්න පෙර සහලේ ඥාතිවරූ
මහණ කරණ එකදැයි මුණි බණේ අණේ...



කුණු හෝදන්න මහතැන් වල අපේ රටේ
පන්සල තමුන්නැහෙගේ හොද වෙල්ලාව..
ටිකට් විකුණලා පෙරහැර කරන කොට
කරඬුවෙ ඉදීවිද ධාතුන් වහන්සෙලා...



රට දැය සමය රැක ගත්තේ චීවරයයි
රට දැය සමය සුරකින්නෙත් චීවරයයි..
එවන් සසුන සමහර හිමිවරු නසතී..
කුලගොත් ඥාති සංග්රලහ නිලතල සොයමින්...



කුඩාපොල වගේ විරු හාමුදුවරූ
අදත් අප අතර හිද මේ ලෙස කියතී..
රටකන උන්ව වනසා රට දැය රැකුම
තමයි අපෙ අද දවසේ මහණකම...


හිතාදර හිච්කොක් වෙත,



ImageHost.org
සම්මත සිනමා න්‍යායගත කිරීම්වලට අනුව සිනමාව
අඳුරත් – ආලෝකයත් – චලනයත් අතර ක්‍රීඩාවකි.
අපගේ ඊනියා දැනුමේ ආධිපත්‍යයට පටහැනිව
අප දෙස බලා සිටින්නෙකු බලාසිටින්නේ
ආලෝකයේ සිට නොව, අඳුරු ලපයක
සිටය. එනිසාවෙන් අපගේ දැක්මට
අන්ධ ලක්ෂ්‍යක්ද ඇත.
අපගේ යථාර්ථවත් තිරය
සිදුරු කරන මේ ලක්ෂ්‍ය
පෙරලා අප දෙස බලා සිටිනා නිසා
මට මාව අහිමිවන තත්ත්වයක්
දක්වා මගේ දැක්ම අභියෝගාත්මකය.
මේ බැල්ම අයෙකුට සිය ආශාව පරිපූර්ණ
කරගැනීමට කිසිවිටෙකත් ඉඩ නොතබයි.
අප සිදුර දෙස බලන්න කරනා උත්සාහය ව්‍යර්ථ
කරමින් සිදුර නිරන්තරව චලනය වේ. ඒ අනුව
මගේ ආශාවේ චලන ආධිපත්‍ය මගෙන් පරිබාහිරය.
මෙතුවක් මා සිතා සිටියේ 'මම' සිනමාව බලනා
බවයි. නමුත් සිනමා තිරය මා දිහාද බලා සිටී. දන්
මගේ ආශාව කෙවැනිද? ආශාවන් කිසිවිටෙකත් පරිපූර්ණ වේද?
යන ගැටලූව දැන් ජිජැකියානු පරාවර්තනයකින්
මෙසේ විමසීමට හැක. ආශා කරන්නේ කෙසේදැයි අපි දන්නේද?
සිනමාව අපිට ආශාකරන හැටි කියාදෙනවා ද?

මීට,
ලූමියර් දරුවන්.


උපුටා ගැනීම පෙරදිග සුළං සඟරාවෙනි.