ලිෂාන්ගේ "අන් සතු (මා) රුව" හා ලෝ දහම

ImageHost.org
මම විඳිමි ඈ රුව
පෙනෙන ලෙස තඹරුව
බිඟු ඇසින්
කරන ලෙද බලකලත් සිතුවිලි
ඇය හටම
කරන ලෙද ආලය හද තුලින්
කෙසේ කරමිද
ආලය වෙන කෙනෙකුට නතු වූ හදවතින්

නෙළුම් මල දිහා බඹරෙකු බැලුවත් එයට වසා පැණි බීවත් එය ඔහුගේ නොවෙයි, ඒ මල වැදු ජල නිම්නයටත් සදා අයිති විය නොවිය හැකියි. මන්ද එය කෙනෙකු නෙලා ගනු ඇති බැවිනි, ඉක්බිඳිව වුවද ඔහු මලට සුවදැති පැන් ඉස සරසා තවකෙකුට විකුණයි. මිලදී ගත් ඒ තැනැත්තා එය පන්සලට* පුදයි. නමුතු ඒ නෙළුම් මල කාලරූපීව පරවී බුදු ගෙදර සුවඳවත් කර රෑපයෙන් අලංකාරමත් කර පරවී කෙඩෑර වී යයි. ලෝ දහම එසේ නොවේද? මේ සංසාරේ පුරා දුකාත්මය හා සතුටාත්මක අතර දෝලන වෙමින් ප්‍රේමීය බව වියෝමීය බව අතර සැරී සරන්නට ඔබටත් මටත් සිදූ වනූ ඇති. ඔබ කුමක් කෙනෙක් වුවද, කුමන නීලයක කෙනෙකු වුවද කෙනෙකුට කොතරම් පෙම් කලද වැලපුණද එයයි යථාර්තය. ඔබට ඔබේම කියා කෙනෙකු ඔබට නැත්තේය, ඒ හුදෙක් ඔබේ කියා මවා ගැනීමකි.

*(මට මෙහීදි මැවෙන්නේ දළඳා මාලිගාවයි, මන්ද මාගේ කළුදුල් ඒ ප්‍රේමයේදීද මුලින් එතැන ගොස් නෙළුමක් පුදා පිරිත් නුලකින් ඈගේ අත සැරසු බැවිනි)
ලීෂාන්ගේ බ්ලොග් රෝල තුලින් සිතට මැව් වැකි පෙලක් ඔබ ඉඳිරියේ තබන්නට අවසර! ( වෙනත් නිදැස් කවි තුලින් මනෝකාමය අදහස් දැන්වුවත් නලීන්ගේ සඳ මුහුණ ගැන ලිව්ම හැරෙන්න තවම මට ලියන්නට බැරි විය. ඇතැම් නිර්මාණ තුලින් අදහස් දැන්වුවද ඒවා මෙහීලා සඳහන් කරන්නට බැරි වීම කණගාටු වෙමින් අදින් කොදෙව්වේද ඉඩ වෙන් කරමි. මා තව තවත් පෙරට වඩා අනුරාගී අකුරු පණගන්වමින් කලාව හුදෙකලා නොකර අත්වැල් බැද ගනිමි. මිනිස් සිතකට ස්පර්ශ කරන්නට සමත් විද්‍යාවෙන් පෝෂිත වන්නේද කලාවයි, නවීන විද්‍යාව තුලින් නැසී පූනරුත්තාපාන වෙමින් ලෝකය සරස්වයි. ( මේ ගැන යම් දිනෙක යම් ආකාරයක ඉදිරිපත් කරන්නට අවසර! )



සීමන්ගේ A-ටූ-Z කෙරුවාව!


A මිනිහා අදත් Bලා නේද?
Cමන් අයියා ඔහොමම තමයි, ඩෝසරේට Dසල් ගහනවා වගේ තමයි බොන්න ගියාම, Eයේත් හොඳටම බීලා ආවේ, ඒයාගේ අයියා නම් හොඳ වැදගත් සල්ලිකාරයා. Fගනිස්තානේට ගල්කටස් විකුනණවා, මේකා Gවි‍තේ නිකං අපරාදේ කාලකන්නි කරගන්නවා.
Hච්චර හොඳ පරම්පරාවක මිනිහෙක්නේ
Iයියෝ කියලා වැඩක් නෑ, Jන් අක්කාටත් එපා වෙලා බැරිම තමයි දමලා යන්න ගියේ, Kළමක් කියනවා කියලා තුන් හිතකින් හිතන්නවත් එපා Lලෙන්න වැලේ වැල් නැතිව මිනිහා ඉන්නකොට තමයි දුක හිතිලා Mමා නෝන සීන් එකට Nටර් වුණේ. කෝ, Oවා මිනිහාට ගාණක්වත් නැහැ. Pටරයා රෑට රෑට රිගනවා කියලා කවුදෝ Qව්වාම "කමක් නෑ ඩෝ උගේ Rතිකේ ශක්තිමත්, මට ඊයෙත් බාගයක් අරං දුන්නා" කිව්වාලු, දැන් S පෙනීමත් හොඳටම අඩුයි, හන්දියේ කඩේ T මේකා ජොබ් එක කරන කාලේ Uත් කලබ් එකේ කොල්ලන්ට හොරෙන් Vවා හදලා දීලාත් මාට්ටු උනා, එක දවසක් නිවාඩු අරගෙන දවස් දෙකක් නෑවිත් ලිව් ඩබල් කරන නිසා ඒ දවස්වල මිනිහාට කිව්වේ W සීමන් කියලා. දොස්තර උන්නැහේ X රේ එකක් අරං කිව්වාලු මෙහෙම කේස් එකක් Yද්‍යා ඉතිහාසේමවත් නැතුව ඇති කියලා.
කරුමක්කාරයා! ඔය යන්නේ පාර පුරා Zග් සැග් වෙවී!

Assignments අස්සේ



අපේ සමහරක් බිලෝග්කරුවන් කාලයක් බිලෝග් පෝසට් එකක් ලියන්න බැරි වෙලා නැවත ලියන්න ගන්නකොට කියන්නේ "Assginements and Exams වල" හිර වෙලා හිටියා, ඒ හින්දා වෙලාවක් නැති වුණා කියලානේ. (කියන්නේ ඒ හින්දාම නෙමේ කියන එක වෙනම කතාවක්. එක්කෝ අන්තිම තත්පරයේ මැරිගෙන යන්න යන්නේ ( මාත් එහෙම නැත්තේම නෑ වෙලාවක, හික්ස් )). ඕකට හොඳ හෑල්ලක් තියෙනවා මෙන්න:


http://www.youtube.com/watch?v=BpWM0FNPZSs
Video Description: This is my senior project at Savannah College of Art and Design. Where my idea comes from is that every time when I am busy, I feel that I am not fighting with my works, I am fighting with those post-it notes and deadline. I manipulating the post-it notes to do pixel-like stop motion and there are some interactions between real actor and post-its.


මේකේ ඉතිං අවුලක් තියෙනවා Facebook එකයි Twitter එකයි අඩු එක. කොහොම වුණත් හොඳ කට්ටක් කාලා හඳපු එකක් මේක.

මේ කාට හරි උපන්දින සුභ පැතුමක් කරන්න ඔනේ නම් ඔන්න ප්ලෑනයක් තියෙනවා. මේ විඩියෝ එක යවන්න.

ප.ලි.: අපේ නම් මේ වගේ නිර්මාණශිලිත්වය තියෙන එව්වා අඩුයි, නැත්ත්නම් වෙනස් ආකාරයේ ඒවාත් ඊට වඩා අඩුයි එක්ක. එවැනි දෑ කරන්නට පෙළඹනවා අඩු ඇයි?

අනේ යකෝ! Sri Lankan Cricket Fans' party never stops at The cricket


ක්‍රිකට් යන නාමය ඇසුණත් කරමින් සිටින කාර්‍යන් ගසා දමා දුවන ලංකීකයන් අප අතර බෙහෙවින් සිටින අතර ඉන් ඇතැමෙක් ලංකාවේ ක්‍රිකට් තරඟයක් පැවැත්වන විට යෑමට අමතක නො කරයි ( මෙම ලියුම්කරුගේ පාසල් සමයේදිද එවැනි 'ක්‍රිකට වන්දනා' ගමන් නොවරදවා සිදු වු අතර ඉන් දෙතුනකටද ඔහු සහභාගි වි ඇත.). එහිදී ක්‍රිකට් වන්දනාකරුවන් රස විදමින් තරගාවලිය නැරඹිම, ඔර්ල්සවන් දීම වැනි ක්‍රියා වලට එහා ගිය රසවත් සිදුවීම් වලින් බහුල වෙයි.
(අමිහිරි සිදුවිම් නැතුවා නොවේ) මෙම වීඩියෝ රාමුව එවැනි රස සිදුවීම් කිහිපයකුත් කැමරාවට අසුවන ලෝලියන්ගේද ක්‍රිඩකයන්ගේද ක්‍රියා දැකීමෙන් අපුර්තවයක් එක් කරන අතර විදේශිකයන්ද ලංකීක ක්‍රිකට් කණඩායමට ප්‍රිය කරනු දැකීම මඳ ආඩම්බරයකුත් දැනෙයි.

http://www.youtube.com/watch?v=khnjHhr_cis
Video Description:

මෙම විඩියෝ රාමුව 2008දී ආර්.ප්‍රේමදාස ක්‍රිඩාගණයේදී ලංකාව හා ඉන්දියාව අතර පැවැති තරගාවලියේදී අතරමඟ ඇඳ හැලුණු වර්ෂාවක් හෙතුවෙන් කල්දැමු විටදී එම කාලය තුළ රූපවාහිනී තීර තුලින් නරඹන අයට විනෝද වීම සඳහා විසින් අවස්ථාවක් දුන් අතර එහි මිහිරි මතකයන්ගෙන් කිහිපයකුයි මේ.

As seen on the giant screen at the R. Premadasa Stadium in year of 2008, A bevy of beauties swayed to live music from an impromptu brass band, the beer flowed, and a good time was had by all. People love seeing themselves on television. The cameras panned across the ground and that only sent the fans into a tizzy. Girls batted their eyelids, feigned beauty-pageant waves, high-fived each other; men and boys broke into dance; others showed off tee shirts with graffiti; some covered their faces momentarily before getting up to do something funny; and one elderly lady in a sari even did her own take on the Funky Chicken. Others mingled around at the Keels kiosk, munching on pizza or fish rolls, sipping beer, even as the rain dripped down and they dodged big puddles. Snack vendors went through the bleachers, serving soft drinks and hot dogs with a smile.

Unlike the Indian team, who had returned to their hotel, the Sri Lankan players sat around on the balcony, lapping up the festive mood. That only added to the crowd's vigor. When Jade Roberts, Sri Lanka's physiotherapist, tried to dodge the big screen the crowd started chanting for him to come back, and he sheepishly grinned. Cue hysteria from the ladies. Paul Farbrace, the assistant coach, wasn't as obliging, but did get a kick out of seeing himself on the screen.

The highlight, however, was when one sharp cameraman panned in on Lasith Malinga in the stands. The crowd went berserk as Malinga flashed his hundred-watt smile and waved back, and when his Sri Lankan team-mates on the dressing room balcony saw him, they engaged themselves in a bit of banter, communicated via the giant screen.



ජාති හා ආගම් විවිධත්වයෙන් යුත් නමුත් භේද දුරුලා රටක් වෙනුවෙන් තරඟ වදින ලංකා ක්‍රිකට් කණ්ඩායමට T20 තර්ගාවලියේදී ජයගෝස නවන්නට සුභාසිරි පතමු.

ImageHost.org
පොස්ටරය රාමචන්ද්‍රගේ අඩවියෙනි.

මහීෂ ප්‍රශ්ණය


රන්න වෙල්යායේ කන්න කියලා දෙයක් ඉතිරිවෙලා තිබුණේ නැහැ. කේඩෑරී වෙලා ගිය කෙසෙල් පඳුරක් නියර කෙලවරේ තිබුණා. ඒකත් පෑවිල්ලටම පරඩැල් වෙලා.

මමත්, අම්මාත්, තාත්තාත් ඉබාගාතේ උලාකමින් ගියා කෙසෙල් පඳුර ලඟට. කට තෙමෙන්න වතුර බිඳක් බීපු කාලයක් මතකත් නෑ. තාත්තා කෙසෙල් ගහේ පිති එකින් එක පහලට ඇද්දා. යාන්තමට කොලපාට කොලයක් දෙකක් තිබුණා. අමු කොලවල වතුර ගතිය හින්දා අපේ තිබහ නිව්වා. අම්මා පසෙකට වෙලා බලා හිටියේ මම තිබහ නිවා ගන්න තුරු වෙන්න ඕන. තාත්තා කෙසෙල් ගහ පෙරලලා කඳ පලන්න ගත්තා. අම්මාත්, තාත්තාත් මමත් කෙහෙල් බොඩේ කෑවේ මාස ගණනකින් වතුර ටිකක් බිව්වා වගේ. කෙහෙල් බොඩේ දිය සීරාව මැකිලා තිබුණෙ නැහැ.

වෙනදා අපි රන්න වැඩ ඉස්මත්තේ කැලෑ උලා කාලා තිබහ නිවාගන්න වැවට බහිනවා. ඇති තරම් වෙලා වතුරේ ඉඳලා අපි තුන්දෙනා ගොඩට එන්නේ. ඒත් අද වැව් පිටියම යකා නැටුව බිමක් වගේ. හතර අතට ඉරි තලලා - පැලිලා වතුර පොදක් තියා මඩ සීරාවක්වත් නෑ.

දවසක් හැන්දෑවේ අපි වතුරෙ බැහැලා ඉන්න කොට අම්මා කතාවක් කිව්වා. ඒ කතාවේ මාතෘකාව "අම්මාට තාත්තා හමුවුණ හැටි."

අම්මා කතාව කියන්න පටන් ගන්න කොටම තාත්තා හයියෙන් හිනාවෙලා....

"පුතා..........ට කියන්න හොඳ කතාවක්ම තමා." කියලා අම්මා දිහා ආදරෙන් බැලුවා. අම්මට ලැජ්ජා හිතුනා කියලා මට හිතුනේ. මොකද අම්මා ඔය විදිහට බලන්නේ බොහොම කලාතුරකින්. අම්මා වලිගය හෙමිහිට කරකවලා තාත්තාගේ පිටේ වදින්න පහරක් ගැහුවා. "මම හිනාවුණා" තාත්තාත් අම්මත් දෙන්නම හිනාවුණා.

"‍අම්මේ අර කතාව කියන්නකෝ..." මම කිව්වා.

අම්මා ආයෙමත් තාත්තා දිහා බලලා "හ්ම්" කිව්වා.

පුතේ, ඒ කාලේ උඹලගේ තාත්තා ගජ ඉලන්දාරියා. ඒ වගේම හැඩකාරයා මේ අහල පහල ගම් පහත හිටියේ නෑ ඔය වගේ රූප ලස්සන තිබුණ කෙනෙක්.

බලන්න එපායැ අටවක හ!දවගේ අං දෙක දිලිසෙනවා මුණේ තේජස;

කවුරුත් කෙලින් මුණ බලන්නේ නැහැ. ඇඟපත තෙල් බේරෙනවා...

ඒ වගේම චන්ඩියා

දැන් නම් උපාසකයා වගේ නේද පුතේ.... අම්මා කිව්වා.

මම "හ්ම්." කිව්වා.

අම්මා ආයෙත් කතාව කියන්න පටන් ගත්තා.

"‍ඒ කාලේ අපේ අය බොහොම හිටියා අද වගේ නොවෙයි. අපි සේරම හැන්දෑවට වැව් පිටියට එනවා. ඇති තරම් වෙලා වැවේ නානවා. අව්ව තපිනවා; කාගෙවත් කිසි කරදරයක් තිබුණේ නැහැ දැන් වගේ."

"දවසක් මමත්, මගේ නංගිත්, මල්ලිත් එක්ක හැන්දෑවේ වැව් පිටියට ආවා."

මගේ නංගීත් ඒ කාලේ හරිම හැඩකාරි.

"නංගි කිව්වේ අම්මේ කළු පුංචි ද...?" මම ඇහුවා. ඔව්, ඔව් පුතේ.... කලු පුංචි තමයි. අම්මා කිව්වා. ඉතින් පුතේ නංගිත්, මල්ලිත්....

"අම්මේ... මල්ලි කිව්වේ අර මම පුංචිම පුංචි කාලේ ලොරිකාරයෙක් ඕනෑකමින්ම ඇගේ හප්පලා කකුල කැඩුන රතුමාමද...?" "ඔව්, ඔව් පුතේ රතු මාමා තමයි." මට රතුමාමා ගැන හරිම දුකයි. කකුල කඩලා දෙපෝයක් යන්න ඇති. කකුල කඩපු ලොරි කාරයාම දවසක් රෑ රාත්‍රියේ කඹයක් දලා බැඳලා රතු මාමාව ලොරියේ පටවාගෙන යනවා වල්ග කොටා දැකලා තියෙනවා.

ඌ මොනවා කරන්නද මහ හයියෙන් කෑගැහුවලු කවුරුවත් අහල පහල ඒ ජාමේ ඉඳලා නෑ.

රතුමාමාට.... දුවන්න බැරි හින්දා. තමයි ලොරි කාරයාට අහුවෙන්න ඇත්තේ..... නේද අම්මේ "හ්ම්"

අම්මාගේ ඇහෙන් කඳුලක් වැටුනා. මම ටික වේලාවක් නිශ්ශබ්දව අම්මා දිහා බලා හිටියා. අම්මාගේ සිත ඈතට ඈතට පාවෙලා යනවා කියලා මම හිතුවේ.

"‍ඉතින් අම්මේ...."

අම්මා සුසුමක් හෙලලා ආයෙමත් කතාව කියන්න පටන් ගත්තා.

"‍ඉතින් පුතේ....." වැව් පිටියේ අපි ඉන්න කොට කළු පුංචිට කෝලිත්තන් කොරන්න ආවා එකෙක්.... වලිගය ගහනවා.... මුණට.... පිඹිනවා.... ඇගේ හැප්පෙනවා.ම

රතු මාමා පොඩි එකා ඌට යමක් තේරෙන එකෙක් නෙවෙයි. ඌ හිතුවේ සෙල්ලමට වෙන්න ඇති කියලා. "මම මහ හයියෙන් කෑගැහුවා."

එතකොට උඹලගේ තාත්තා එතැනට ආවා. මා දිහා බැලුවා. මම බිම බලා ගත්තා. ඉඳලා හිටලා වැව් පිටියේ දි උඹලගේ තාත්තා මා දිහා හොරැහින් බලනවා මට මතකයි. ඒත් කෙලින්ම මුණ දිහා බැලුවේ එදා. කළු පුංචි ලඟ හිටියා නාම්බා උඹලගේ තාත්තා.... ට පිම්බා. මං දැන ගත්තා මහ සෝලියක් වෙන වග. ඒත් මම කට පියාගෙන හිටියා. නාම්බා දෙවෙනි පාරටත් පිම්බා උඹලගේ තාත්තා.... ට

උඹලගේ තාත්තා පැන්න ගමන් නාම්බගේ කිරිජ්ජපල්ලට ඇන්නා. නාම්බා මොර දීගෙන වැව්පිටිය ඉස්මත්තටම දුවගෙන ගියා. ඊට පස්සෙ කළු පුංචි බයෙන් වගේ මගේ ලඟට තුරුල් වුණා.

උඹ බයවෙන්න එපා, උඹලට කරදරයක් වෙන්න මම ඉඩ තියන්නෙ නැහැ..... කියලා උඹලගේ තාත්තා කිව්ුවා.

එහෙම කියන කොට උඹලගේ තාත්තගේ මුහුණේ තිබුණේ මහා තේජස් පෙනුමක්. ටික වේලාවකට පස්සෙ උඹලගේ තාත්තා අපි ලඟින් ඈතට ගියා. තවත් එක වචනයක්වත් කතා නොකර පෙනෙන නොපෙනෙන දුරින් ලැගලා අපි දිහා වරින් වරේ බැලුවා.

"නෑ..... නෑ...... පුතේ......"

"‍උඹලගේ අම්මා මා දිහා දිගටම බලාගෙන හිටියා, තාත්තා මැද්දට පැනලා කිව්වාම අම්මගේ මුණ රතුවුණා."

ඔය විදිහට හැමදාම හැන්දෑවට උඹලගේ තාත්තා වැව් පිටියේ දී අපි දිහා බලලා යන්න යනවා.

කළු පුංචි වලිග කොටා එක්ක පෑහුනාට පස්සේ මං තනිවුණා.

දවසක් වැවේ වතුර බොන කොට කවුදෝ මගේ පස්සෙන් ඉන්නවා වගේ දැනුනා. මම ගැස්සිලා හැරිලා බැලුවා.

"මොකද බය වුණාද.....? වතුර බීලා ඉවරද....?" කියලා උඹලගේ තාත්තා ඇහුවා.

මම වැව ඉස්මත්තේ කුඹුක් ගහ ගාවට ගියා. උඹලගේ තාත්තා හෙමිහිට මගෙ පස්සෙන් ආවා.

"මම මේ.... යමක් කියන්න.... හිතාන හිටියේ. කලබල වෙන්න එපා. අකමැතිනම් මෙහෙම දෙයක් මම ඇහුවේ නැහැ කියලා හිතාගන්න.. මම ගැන... වැරදියට හිතන්න එපා. තනිවෙලා ඉන්න නිසයි අහන්නේ... ඔහේ කාටවත් බහදීලා තියනවද...?" උඹලගේ තාත්තා ඇහුවා. මට උත්තරයක් දෙන්න තරම් ආත්ම ශක්තියක් තිබුණේ නැහැ උඹලගේ තාත්තා ඉදිරියේ. ඒ ප්‍රශ්නයම ආයෙත් ඇහුවා. "මම නිශ්ශබ්දව ඔළුවා වැනුවා."

"එහෙම නැත්නම්...." මට මනාප නම් කියන්න උඹලගේ තාත්තා කිවුවා. ඒ හඬේ මහා පුදුම ආදරයක් ගිලිලා තිබුණා. මම බිම බලාන හිටියා.

පහු වෙනිදා උඹලගේ තාත්තා කුඹුක් ගහ යටට එයි කියලා මම බලන් හිටියා. මම හිතුවා වගේම තාත්තා ආවා. මම වචනයක්වත් කිවුවේ නැහැ. ඒත් තාත්තා තේරුම් ගත්තා මම කැමති බව.

එදා ඉඳලා අද මේ මොහොත වනතුරුම උඹලගේ තාත්තා මට දේව දූතයෙක් වගේ. මගේ දුක සැප බෙදා ගන්නවා. මාව තනිකරලා කොහේවත් යන්නේ නැහැ. උඹ මගේ බඩට ආපු දවසේ ඉඳලා උඹලගේ තාත්තා මට හැම රැකවරණයක්ම දුන්නා. උම ඉපදුන දවසේ මහා වැස්ස. උඹලගේ තාත්තා මාවත් උඹවත් බඩ යටට කරගෙන වැස්සෙන් ආරක්‍ෂා කරපු හැටි මට මතක් වෙනවා. අම්මගේ කටහ' වෙනස් වුණා. මම අම්මා දිහා බැලුවා ඇහෙන් කඳුලක් වැටුණා.

මම තාත්තා දිහා බැලුවා. තාත්තා අතීතයට ගිහිල්ලා.... ඈත කුඹුකේ දිහා බලා ඉන්නවා තාත්තාගේ නහය දිගේ කඳුලක් බේරිලා බිමට වැටුණා. සතුටු කඳුලක් වෙන්නැති.

ඔන්න ඔහොම තමයි පුතේ තාත්තා අම්මට මුණ ගැහුනේ, අම්මාගේ හඬ වෙනස් වෙලා බොහෝම සතුටෙන්, මුණ පුරාම හිනාව පැතිරුණා. තාත්තා හෙමින් පස්සාගාතය අම්මගේ අත ලඟට ගෙනාවා.

"කතන්දරේ හොඳද...?" තාත්තා ඇහුවා හරි ෂෝක් මම කිව්වා.

මගේ පුතාත් තාත්තා වගේ හැදෙන්න ඕන...... අම්මා කිව්වා.

තාත්තා කල්පනාවක..... මට පුදුමේ අපේ අය වේගයෙන් වඳ වෙලා යන එක ගැන.... තාත්තා කිව්වා.

වඳ වෙනවා කිව්වෙ...? අම්මා තාත්තා දිහා බැලුවා.

"‍ඊයේ හිටපු නාම්බෝ පස් දෙනේ අද නෑ. ගිය සුමානේ තුන්දෙනෙක් ඊට ඉස්සරවෙලා වලිග කොටා.... ආගිය අතක් නෑ. මොකද්ද මේ නස්පැත්තිය.

මහ කැලේ ගියාවද්ද...? අම්මා කිව්වා. නෑ.... නෑ, එහෙම වෙන්න බැහැ. මහ කැලේ ගියානම් දවසයි....... දෙකයි....... වෙන මොකක් හරි නස්පැත්තියක්ම තමයි. තාත්තා කිව්වා.

තාත්තේ ලොරි කාරයෙක්වත් අල්ල ගත්තද...? රතු මාමා අල්ල ගත්ත වගේ."

මම මේ නොකියා හිටියේ පුතේ..... මටත් සැක එහෙම තමයි. තාත්තා ආයෙමත් කල්පනාවට වැටුණා.

මම හිතන් ඉන්නේ රාත්‍රියට කතරගම් පාරේ මුරකරන්න යන්න තාත්තා කිවුවා.

අනේ.......... ඔහේ විතරක් යන්න එපා. යන්නම ඕනනම් තව නාම්බෝ කීපදෙනෙක් කතා කරගෙන වැව් බැම්මේ පැත්කක් මුරකොරගෙන ඉන්න. එතැනින් පහලට නොවේ ලොරිකාරයොත් වැඩියෙන්ම යන්නේ...... අම්මා කිව්වා. "හොඳයි බලමු" තාත්තා කිව්වේ තීරණාත්මක ස්වරයකින්.

එදා හැන්දෑවේ තාත්තා සහ තවත් කීපදෙනෙක් වැව් බැම්මේ පැත්තක මුරට ගියා. අම්මා දෙගොඩ හරි යාමයක් වනතුරු නිදි නැතිව වරින් වර වමාරා කෑවා. මට නම් වරින් වරේ නින්ද ගියා. පසුවදා උදෙන්ම තාත්තා ඇවිත් මට කතා කරන කොටයි ඇහැරුණේ.

තාත්තේ, ඊයේ රෑ මොකද වුණේ....? මම ඇහුවා.

දෙගොඩහරි ජාමේ ලොරිකාරයෝ දෙන්නෙක් වැව් බැම්ම අද්දර ලොරි නවත්තලා බලාන හිටියා.

අම්මා කතාව අහගන්න තවත් ලං වුණා.

එක මිනිහෙකුගේ අතේ දිග කඹ හතරක්, පහක් තිබුණා. අනෙකා අතේ දිග පොල්ලක් තිබුණා. ඒකෙ කෙලවර යකඩ උලක් තිබුණා. සරම කැහැපොට ගහලා ඔළුවේ ලේන්සුවක් බැඳලා හිටපු මිනිහා කියපු දේවලින්.... දැන් මට තේරෙනවා අපේ එවුන්ට වෙලා තියෙන නස්පැත්තිය.

ඒකා කිව්වා, හාජි අයියා, අද කොහොම හරි දෙන්නෙක්වත් දාගමු. හෙට උදේට මහියංගනයෙ දි බාමු. බඩු විකිණෙයි පටස්ගාලා. ෂල්ලි තමා එතකොට එහෙම කියලා මහ හයියෙන් හිනාවුණා. එතකොට අනෙක් මිනිහා කිව්වා "නුවරින් පැන ගන්න එක තමා අමාරු." කියලා.

හරි හරි කෝට් බෑයට ජරාවක් දෙමු. එතකොට ෂරි කියලා......

හත්දෙයියනේ කියලා අම්මා ඔළුව බිම ඇන ගත්තා. එහෙනම් වලිග කොටාටත් වෙන්න ඇත්තේ ඕකම තමා.

ඊයේ රෑ කවුරුවත් වැව් බැම්ම පැත්තට ගියේ නැහැ. කල්වේලා ඇතිව අපි කිව්වා හැමෝටම වැව් ඉස්මත්තට යන්න කියලා.

මමත් කලුවෙත් කුඹුකෙට මුවාවෙලා මේ කතාව අහගෙන හිටියේ.... තාත්තා කිවුවා.

ඊට පස්සෙ හැමදාම රාත්‍රියේ තාත්තා නාම්බෝ එකා, දෙන්නා එක්ක වැව් බැම්ම අද්දර මුරට යනවා. අපේ අයට පාර හරහා යන්න එපා කියලා වැව් පිටියට එලවනවා. තාත්තා මේ රාජකාරිය පටන් ගත්තේ අපේ සනුහරේ රකින්න. නමුත් අම්මා හැමදාම බයේ හිටියේ. හැම රාත්‍රියකටම අම්මා වැව අද්දරින් ලොරියක් යන කොට කන් දෙක ඒ දිහාවට හරවා ගෙන අහගෙන ඉන්නවා. ඒක අම්මගේ පුරුද්දක් බවට පත්වුණා ටික දවසක් යනකොට.

දවසක් රාත්‍රියේ තාත්තා මහ හයියෙන් කෑ ගැහුවා. අම්මා කෑ ගහගෙන වැව අද්දර බැම්ම දිහාවට දිව්වා. මමත් අම්මගේ පස්සෙන් දිව්වා.

"හත්දෙයියනේ.... මේ මොන අපරාධයක්ද....?" අම්මා විලාප දුන්නා. තාත්තා සමඟ නාම්බෝ තුන්දෙනෙක් කකුල් පටලවා කඹවලින් බැඳලා ලොරියට අඳිනවා. නාම්බෝ ලොරි බඳට අංවලින් අනිනවා. පිඹිනවා. කඹ කඩා ගන්න වෙර දැරුවට ඒවා කඩන්න බැරි තරම් හයියයි. අදින්න, අදින්න හිරවෙනවා විතරයි. අම්මා තාත්තා ලඟට ගියා මාවත් ඇදගෙන.

"යමං පුතේ...... ඕනෑ දේසයකට... උඹලගේ තාත්තා නැතුව මට ඉඳලා වැඩක් නෑ." කියලා කිව්වා. අම්මාගේ බෙල්ලටත් එතකොටම කඹයක් වැටුණා. මම අම්මාගේ පස්සෙන්ම ගියා. ලොරියට අදින්න කලින්ම නැග ගත්තා.

තාත්තාගේ බෙල්ල, කකුල් හොඳටෝම හිරවෙලා. මම තාත්තට ලං වුණා. තාත්තා මගේ ඔළුව ලෙව කෑවා. අම්මා දිහා බැලුවා. හෙමිහිට මොනවාදෝ කිව්වා.

"මේ අපේ අන්තිම ගමන." එක නාම්බෙක් තාත්තාට කිව්වා. තාත්තා හිස වැනුවා. අම්මා තොර තෝංචියක් නැතිව කඳුලු පෙරනවා. තාත්තා ඒ දිහා බලලා බිම බලා ගත්තා. කකුල් ගැට ගහලා නිසා එක ඉරියව්වකට ඉන්න තාත්තාට බැහැ. නාම්බෝ තුන් දෙනා දඟලනවා. ඒ අතරේ එකකේ කකුල් පැටලිලා ඇද වැටුනා. නැගිටින්න උත්සාහ කලත්, නැගිටින්න බැහැ. ලොරිය පිම්මේ දුවනවා.

අම්මා හුඟ වෙලාවකට පස්සේ තාත්තාගෙන් ඇහුවා මොකද වුණේ කියලා. අපි හතර දෙනා වෙනදා වගේම මහ කුඹුකෙට මුවා වෙලා පාර දිහා බලන් හිටියා. පාර හරහා යන්න අපේ කෙනෙක් ඒවිද කියලා.

දන්නෙම නෑ. හතර දෙනාගේම කකුල් පැටලෙන්න මද්ද ගහනතුරු. කකුල්වලට මද්ද ගහන කොටම ඔලුවටත් මද්ද වැටුනා. අපි හිතුවේ නැති වෙලාවක වුණේ. මට උඹත්, දරුවත් මතක් වුණා. ඒකයි හයියෙන් කෑ ගැහුවේ. මම දන්නවා කන්දී ගෙන ඉන්න බව.... කමක් නැහැ.... මැරුනත් අපි තුන්දෙනා එකට මැරෙන එක හොඳයි. තාත්තා කිව්වා.

මට දුක මේ නාම්බෝ තුන්දෙනා....... උන් අපේ උන් වෙනුවෙන් ජීවිතය පුදකරන එවුන්. උන් මැරෙන්නෙ නැහැ..... ජීවත් වෙනවා.

"වීරයෝ මැරෙන්නෙ නැහැ පුතේ......" තාත්තා කිව්වා.

පැය දෙකක් විතර යන කොට අපි ඔක්කොහම නිශ්ශබ්ද වෙලා හිටියේ. එකවරම ලොරිය නැවතුනා, ඔළුවේ ලේන්සුව බැඳ ගත්තු මිනිහෙක් ඇවිත් ලොරියේ පස්සා දොර ඇරියා. අපි හුස්ම ගන්න බැරිව හිටියේ. සිසිල් සුලඟක් ලොරිය ඇතුලට ආවා. ඒ මිනිසා අපි දිහා බලලා තළු මැරුවා.

"නිශ්ශබ්දව හිටපල්ලා." කියලා ආයෙමත් දොර වැහුවා.

ලොරිය පිම්මේ ගමන ඇරඹුවා. තවත් ටික වෙලාවකින් ලොරිය හෙමිහිට යන්න පටන් ගත්තා. ගමන් වේගය එන්න එන්නම අඩු වෙලා නැවතුනා. මම හිතුවේ ගමනාන්තය වෙන්න ඇති කියලා. මහ හයියෙන් කෑගහන සද්දයක් ඇසුනා. හීන් පොද වැස්ස වැටෙන බව මට දැනුනා. අරිනවා..... අරිනවා... කියලා කව්දෝ කෑ ගැහුවා. ආයෙමත් ලොරියෙ පස්සා දොර ඇරුනා.

"හ්ම්... කී දෙනෙක්ද....? පහයි."

කොහෙන්ද ගත්තේ......?

අම්බලන්තොටින්....... කෝ ලයිසන්......... මට මේ වගේ වචන ගොඩක් ඇහුනා.

"ගේනවා පොලීසියටම ගැඹුරු හඬක් ඇහුනා. තාත්තා කිවුවා........ බය වෙන්න එපා, දෙවියන් අපේ මුණ බැලුවා කියලා. එතකොට අම්මා කිව්වා මම කතරගම දෙවියන්ට කන්නලවු කරා කියලා."

නාම්බෝ තුන්දෙනාගේ මුන දිලිසුනා. දෙයියනේ පිහිටයි. ආයෙමත් තාත්තා කිව්වා. අපි පොලිසියට අරගෙන ආවා. ලොරියෙන් බැස්සුවා. එතකොට තමයි ඇඟට ලේ ඉනුවේ. තාත්තාගේ අඟක් කැඩුනා. දකුණු කකුලේ හැම තැනම තුවාල. නාම්බෝ තුන්දෙනෙකුගේ පස්ස ගාත් කැඩිලා. පිටේ තුවාල. ලොරියේ ඒ මේ අත වැදිලා.

අපි පොලිසිය අසල තිබුණ ගස්වල බැන්දා. තාත්තා තනිවම කොස් ගහේ අම්මා ඊට එහා තිබුණ මාර ගහේ බැන්දා.

තව නාම්බෙකුත් ඒ ගහේම බැන්දා. අනික් නාම්බෝ දෙන්නා තවත් මාර ගහක බැන්දා. මම අම්මා ලඟට වෙලා හිටියා. මාව බැන්දෙ නැහැ.

තාත්තා තනිවම බැන්දේ හැඩි දැඩි නිසා වෙන්න ඇති. කියලා මට හිතුනේ. තාත්තා අපි ඉන්න තැනට එන්න උත්සාහ කලා. එහාට මෙහාට කඹේ අද්දා. කලබල කලා. පොලිසියේ කෙනෙක් තාත්තාගේ පිටට වේගයෙන් පහරක් ගැහුවා. තාත්තා මුළු වෙර දාලා ඒ මිනිහගේ මුහුණට පිම්බා. ඔලුව කරකවලා අඟෙන් පහරක් දෙන්න හැදුවත් කඹේ කොට නිසා බෙල්ල තදවෙනවා. අම්මාගේ ඇහේ කඳුළු. අම්මා තාත්තා දිහා බලා ගෙන හිටියේ කලබල කරන්න එපා කියලා වගේ. තාත්තා හැරෙන හැරෙන පැත්තට පහර දුන්නා. අහලින් පහලින් යන්න ආව කෙනෙකුට පවා මුළු වෙර දාලා පහර දෙන්නා හදනවා. ඒ හැම වතාවෙම තාත්තාගේ බෙල්ල හිරවෙනවා.

මේ විදිහට තාත්තා කලබල කරන්නේ අපි ඉන්න තැනට එන්න ඕන නිසා කියලා අම්මා කිව්වා.

එදා මුළු රාත්‍රියේම තාත්තා කලබල කලා. අම්මා ඇහැ පියෙව්වෙ නැහැ කියලා කිව්වා.

තාත්තා මහ හයියෙන් කෑ කෝ ගහනවා. මොරදෙනවා. පහුවෙනිදා උදේ වෙනකොට තාත්තා හොඳටෝම කේන්තියෙන් හිටියේ. අවසිහියෙන් වෙන්නැති කියලා මට හිතුනේ. හරියට එදා වලිග කොටා අල්ලාගෙන ගියා කියලා ආරංචි වුණ දවසේ වගේ.

තාත්තාගේ හතර වටේ හැමතැනකම ගොම්පස්, ඇඟපත පුරාමත් ගොම්පස් ගැවිලා. මේ විදිහට තාත්තා ඉන්නවා මම කවදාවත් දැකලා නැහැ.

"‍අම්මේ, තාත්තාගේ හැසිරීම හරිම අමුතුයි" මම කිව්වා අම්මාගේ ඇස්වල කඳුළු වැටෙනවා.

"ඇයි අම්මේ ලොරි කාරියෝ අපිව අල්ලා ගෙන ආවේ....?" මම ඇහුවා.

"පුතේ අපිව මරලා අපේ මස් විකුණන්න මින්ස්සුන්ට අපේ මස් නැතිව බත් වේලක් කන්න බැහැ. අපේ කිරිත් අරන්, අපෙන් පොහොර ටිකත් අරන්, වතුපිටිවල වැඩත් අරන් අන්තිමේ අපේ මසුත් කාලා අපේ හමෙන් බෙර බැදගෙන, ඒක ගහ ගහ පන්සලේ ඉඳන් ධාතුන් වහන්සේලා වැඩමවනවා දානේ ගෙදරට, එතැන උයලා පිහලා දානේ දෙන්නෙත් අපේ මස්. මොනවා කරන්නද පුතේ.... අබුද්දස්ස කාලේ හැටි අපෙන් වැඩ ගන්න පැරණි අය අපට කිව්වේ "‍අම්බරුවා" කියලා. එකේ තේරුම අං තියෙන ස්වාමියා කියෝන එක. ඒ තරමටම ගෙදරකට අපි නැතුව බැහැ.

“‍කොහොම උනත් අම්මේ මිනිසුන්ට අපිව මරලා මස් කන්න දුක නැතිද?”

"‍එහෙම තියනවා නම් මෙහෙම වේයැයි පුතේ...."

තාත්තා ආයෙමත් කලබල කරනවා. අම්මත් මොර දෙනවා. තාත්තා පිස්සෙක් වගේ හැසිරෙන්නේ.

තාත්තා හැම වෙලාවේම බැලුවේ අපි ඉන්න තැනට එන්න. අම්මා දිහා මා දිහා වරින් වරේ ඉස්සි ඉස්සී බලනවා.

තාත්තට අපි ලඟ නැතිව ඉවසුමක් නැහැ කියලා මට තේරුණා.

තාත්තා එතැනින් යන්න ආව කෙනෙකුට පහර දීලා එතැන එකම ගාලගෝට්ටියයි. අපි කාටවත් දෙවෙනි දවසෙත් කෑම නැහැ. වතුර බිඳක්වත් නැහැ.

"අපි බඩගින්නේ ඉන්න නිසයි තාත්තා කලබල කරන්නේ...." අම්මා කිව්වා.

එදා දවසෙත් ඉර බැහැලා ගියේ බොහොම හෙමින්. රතුපාට ආකාහේ ඉර තිබුණේ ගිනි බෝලයක් වගේ.

තුන්වෙනි දවස වෙනකොට අපි හිටියේ බොහොම හෙම්බත් වෙලා, වමාරා කන්නවත් දෙයක් ඉතුරු වෙලා නෑ. තොලකට හොඳටම වේලිලා.

එදා උදේ පාන්දරම කලිසන් හා සුදු බැනියම් ඇඳගත්තු කණ්ඩායමක් සරඹ කරන්න අපි ඉන්න තැනට ආවා. අපි බිම වැතිරිලා අතපය ඒ මේ අතට විසිකරන මිනිස්සු දිහා බලා හිටියා. අපිත් වැව් පිටියේ හිටියා නම් ඔහොම තමයි කියන්නා වගේ නාම්බෝ ඒ මිනිස්සු දිහා බලන් හිටියා.

මේ අතරේ අත පය විසිකරපු කණ්ඩායමේ කෙනෙක් තාත්තාගේ පිටට පහරක් දුන්නා. අම්මා කෑ ගැහුවා. මට ඇහුනා. මම "තාත්තේ" කියලා කෑගහන්න උත්සහා කලත් මගේ හඬ පිටවුනේ නැහැ.

තාත්තා විදුලි වේගයෙන් ආපහු හැරිලා අර මිනිහගේ තට්ටම පසාරු වෙන්න අඟෙන් පහරක් දුන්නා. ඒ මිනිහා ලේ පෙරාගෙන එතැන තිබුන කම්බි වැටේ පැටළුනා. තාත්තා තව පහරක් දුන්නා. එතකොටම කාකි ඇඳුම් ඇදගත්ත කෙනෙක් තාත්තා ලඟට දුවගෙන ආවා. අම්මා විලාප තිබ්බා. ඒ මිනිහා අතේ තිබුණ දිග තුවක්කු බටයකින් තාත්තගේ බඩ පසාරු වෙන්න වෙඩි තිබ්බා. දෙවෙනි වෙඩිපාර තාත්තට වැදෙන්න කලින් තාත්තා ඒ මිනිහ දිහා බලලා ඇහුවා "ඇයි සහෝදරයා වෙඩි තිබ්බේ?" කියලා එතකොටම දෙවැනි වෙඩි පාරත් වැදුනා. තාත්තා හතරගාතේ දාලා බිම ඇද වැටුනා.

තාත්තා මැරිලා වසර ගණනාවක් ගත වුනත්, අදටත් මට විසඳගන්න බැරි ප්‍රශ්ණයක් තියෙනවා. ඒ තාත්තා අන්තිමට අහපු ප්‍රශ්ණේ.

"ඇයි සහෝදරයා වෙඩි තිබ්බේ?"

ImageHost.org