Showing posts with label උපුටා ගැනිම්. Show all posts
Showing posts with label උපුටා ගැනිම්. Show all posts

කොමඩි විනිසුරුවන්ගේ හැඳි මිටේ නුවණ

පූජා දිසානායක
at විකල්ප
ImageHost.org
 

පිට කොටුවෙන් තමාට ගැලපෙන රොබෝ කාන්තාවක් මිල දී ගෙන ගිය කොමඩි ස්ටාර් කෙනෙක් කාන්තාවන් අපහාසයට, උපහාසයට, අවමානයට හා අවතක්සේරුවට ලක් කරමින් කළ, බාල බොළඳ විහිළු රස වින්ද කොමඩි විනිසුරුවන් එය ඉහළින්ම අගය කිරීම හාස්‍යජනකය. මෙය සිදු වූයේ ස්වර්ණවාහිනියේ කොමඩි ස්ටාර් වැඩ සටහනේ විනිශ්චයකදීය. එම වැඩ සටහනේ අවසන් හතර දෙනාගේ වටයේදී එක් තරඟකරුවකු ඉදිරිපත් කළ අංගය කාන්තාවන් අපහාසයට, උපහාසයට, අවමානයට හා අවතක්සේරුවට ලක් කළ අගතිගාමී එකක් විය. තමා මිල දී ගත් රොබෝ ගැහැණියගේ අංගෝපාංග ගැන විස්තර කරන ඔහු ගැහැණුන්ගේ නුවණ හැඳි මිටට සමාන කළේය. රොබෝ ගැහැණිය වගේම සැබෑ ගැහැණුන්ද හදවතක් නැති අය බව උපහාසමය ආකාරයට ඇඟවීම් කළේය. එම ආචීර්ණකල්පිත අගතිගාමී මත පුනරුච්චාරණයෙන් විනිසුරු මඩුල්ලද හොඳහැටි විනෝද වූ ආකාරයක් පෙනෙන්නට තිබිණ. එපමණක් නොව, තද කර ගත් සිනාවෙන් යුතුව ඔවූහූ තරඟකරුවාට උපරිම ලකුණු ලබා දෙමින් ඔහුගේ දක්‍ෂතාවය අගය කළහ.

විනිසුරුවන් ලෙස එදා කටයුතු කළේ රෝයිද සිල්වා, රොනී ලීච් හා කුමාර තිරිමාදුර යන තිදෙනාය. තිදෙනාම එකසේ තරඟකරුවා අගය කරමින් මුළු ලකුණුම ඔහුට ලබා දුන්හ. මේ විහිළුවේ විහිළුව ගැන මට මතක් වූයේ ඊට පෙර වැඩ සටහනකදී කාන්තාවන් අපහාසයට පත් කරන අංගයක් ඉදිරිපත් කළ තරඟකරුවකුට එදින විනිශ්චය මණ්ඩලයේ කටයුතු කළ සුමණා අමරසිංහ සහ වසන්ත මොළගොඩ යන දෙදෙනා කළ ප්‍රකාශයන් නිසාය. එදින සුමණා අමරසිංහ කාන්තාවන් අපහාසයට පත් කරන විහිළුවලට එකඟ වන්න බැරි බව කියමින් හා එවැනි විහිළුවලින් වළකින ලෙස කියමින් එම තරඟකරුවාට අඩු ලකුණු ලබා දුන්නාය. වසන්තද ඒ ආකාරයටම ප්‍රකාශ කරමින් අඩු ලකුණු ලබා දුන්නේය. අනෙක් විනිශ්චයකරුවා ලෙස කටයුතු කළේ රෝයිද සිල්වාය. එදා ඔහුද සුමණා අමරසිංහ සහ වසන්ත මොළගොඩ අනුව යමින් එවැනි විහිළුවලට එකඟ නොවන ප්‍රකාශයක් කළේය. එහෙයින් මේ කියන දිනයේ අවම වශයෙන් රෝයිද සිල්වාටවත් පෙර දිනයේ සුමණා අමරසිංහ සහ වසන්ත මොළගොඩ සමඟ දුන් විනිශ්චය මතක් වේයැයි බලා සිටියෙමි. එවැනි කිසිදු මතකයක් ඔහු තුළ නැති බවත් ඔහුද ගැහැණුන් අවතක්සේරුවට, අපහාසයට, අපහසුවට පත් කරන සමාජ නිර්මිතයේ තවත් එක් පුරුෂයකු පමණක් බව ඔප්පු කරමින් අනෙක් දෙදෙනාට සමාන වී සිටියේය. තරඟකරුවන් විනිශ්චය කරන්නන් තරඟකරුවට වැඩි ඉදිරි දැක්මක් හෝ දැනුමක් ඇත්තන් නොවන බව සනාථ කරමින්, තමාගේ උරුමයට පත් ගැහැණිය සුරතල් කළ තරඟකරුවාට එම තිදෙනාම සමාන වී සිටියහ.

මේ සිදුවීම හරහා මේ රටේ පුරවැසියන් වූ ස්ත්‍රී පාර්ශ්වය සම්බන්ධයෙන් මේ රටේ ජනමාධ්‍ය කටයුතු කරන ආකාරය හා ඔවුන්ගේ අගතිගාමී ආකල්ප ගැන දිගු කතිකාවක් කළ හැකිය. මේවා සම්බන්ධයෙන් මේ රටේ පුරවැසි ස්ත්‍රී පුරුෂයන් හඬක් නොනැගීමේ අනතුර ගැන කතා කළ හැකිය. නමුත්, අපේ පුරුවැසි සමාජයට ඉතා කෙටි ප්‍රශ්න තුනකින් දමා ගසමින් මම මගේ විරෝධය පළ කරමි. එදා වැරැද්ද පෙනුනේ කාන්තාවක් විනිශ්චය මණ්ඩලයේ සිටි නිසාද? මෙදා වැරැද්ද නොපෙනුනේ කාන්තාවක් නොසිටි නිසාද? එයින් පෙනෙන්නේ ස්ත්‍රී පුරුෂ සමබර බවක් නැති විනිශ්චය මණ්ඩල තීරණවල අයුක්ති සහගත බවද? එසේත් නොමැතිනම් මෙයට හේතුව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව අසංවේදී, පුරුෂ බල පරාක්‍රමයම ක්‍රියාත්මක ජනමාධ්‍ය භාවිතාවේ ඇති සදාචාර විරෝධී බවද?

අනේ හාමුරුදුරුවනේ...

ImageHost.org

උපාසකම්මා ඉපදුනු හීන කුලේ
මහණ කරන්නයි යන්නේ ඇගේ කොළු..
ඌට නිකායක් වෙන් කර තබා තියේ
අප මුණි බණේ ඒකද හාමුදුරුවනේ...




පිරිත් නූල් බඳිමින් ජන හතුරන්ට
යතුරු කැරළි අදනය යට ගසාගෙන..
අපවත් වෙන්න පෙර සහලේ ඥාතිවරූ
මහණ කරණ එකදැයි මුණි බණේ අණේ...



කුණු හෝදන්න මහතැන් වල අපේ රටේ
පන්සල තමුන්නැහෙගේ හොද වෙල්ලාව..
ටිකට් විකුණලා පෙරහැර කරන කොට
කරඬුවෙ ඉදීවිද ධාතුන් වහන්සෙලා...



රට දැය සමය රැක ගත්තේ චීවරයයි
රට දැය සමය සුරකින්නෙත් චීවරයයි..
එවන් සසුන සමහර හිමිවරු නසතී..
කුලගොත් ඥාති සංග්රලහ නිලතල සොයමින්...



කුඩාපොල වගේ විරු හාමුදුවරූ
අදත් අප අතර හිද මේ ලෙස කියතී..
රටකන උන්ව වනසා රට දැය රැකුම
තමයි අපෙ අද දවසේ මහණකම...


හිතාදර හිච්කොක් වෙත,



ImageHost.org
සම්මත සිනමා න්‍යායගත කිරීම්වලට අනුව සිනමාව
අඳුරත් – ආලෝකයත් – චලනයත් අතර ක්‍රීඩාවකි.
අපගේ ඊනියා දැනුමේ ආධිපත්‍යයට පටහැනිව
අප දෙස බලා සිටින්නෙකු බලාසිටින්නේ
ආලෝකයේ සිට නොව, අඳුරු ලපයක
සිටය. එනිසාවෙන් අපගේ දැක්මට
අන්ධ ලක්ෂ්‍යක්ද ඇත.
අපගේ යථාර්ථවත් තිරය
සිදුරු කරන මේ ලක්ෂ්‍ය
පෙරලා අප දෙස බලා සිටිනා නිසා
මට මාව අහිමිවන තත්ත්වයක්
දක්වා මගේ දැක්ම අභියෝගාත්මකය.
මේ බැල්ම අයෙකුට සිය ආශාව පරිපූර්ණ
කරගැනීමට කිසිවිටෙකත් ඉඩ නොතබයි.
අප සිදුර දෙස බලන්න කරනා උත්සාහය ව්‍යර්ථ
කරමින් සිදුර නිරන්තරව චලනය වේ. ඒ අනුව
මගේ ආශාවේ චලන ආධිපත්‍ය මගෙන් පරිබාහිරය.
මෙතුවක් මා සිතා සිටියේ 'මම' සිනමාව බලනා
බවයි. නමුත් සිනමා තිරය මා දිහාද බලා සිටී. දන්
මගේ ආශාව කෙවැනිද? ආශාවන් කිසිවිටෙකත් පරිපූර්ණ වේද?
යන ගැටලූව දැන් ජිජැකියානු පරාවර්තනයකින්
මෙසේ විමසීමට හැක. ආශා කරන්නේ කෙසේදැයි අපි දන්නේද?
සිනමාව අපිට ආශාකරන හැටි කියාදෙනවා ද?

මීට,
ලූමියර් දරුවන්.


උපුටා ගැනීම පෙරදිග සුළං සඟරාවෙනි.

(කල්පනා) අභිනික්මනය by ප්‍රීතී රන්දෙණිය



ImageHost.org
නොඅසන්න හිමි සඳේ...
සැරසෙන්නෙ කිම මෙසේ...
ඔබෙ සිරගෙයින් මිදී...
යමි යලි නො එන සේ...
නොකියන්න යළි යළි... නවතින්න පෙර ලෙසේ...
ඔබෙ නපුරු කුරුරු කම්...
විඳවූ තරම් ඇතී...

ගිනි පුපුරු වදන් වැල්...
සිත දෙපලු කරන කල්...
එක් වදන හෝ නැතා...
සිත බිඳෙනු අස්වසා..
සිප ගත්ත දෙපතුලේ...
අත් පහර රිදුම් දේ...
මේ කඳුළු තිලිණ මල්...
ඔබ දුන් තරම් ඇතී...

කුල ගෙදර රකිනටා...
මා සිරුර දව දවා...
අළු වුණත් පිච්චිලා...
ඔබ නෑ වෙනස් වෙලා...
ඔබට වැරදුනේ...
නෑ මටයි වැරදුනේ...
මින් මනත මගතොටේ...
ඉමු දුටු නොදුටු සේ...


පද රචනය : ප්‍රීතී රන්දෙණි
උපුටනය : රනිල් ගුණසේකරගේ "කල්පනා" සටහන් පෙලින්.

(Port of Thoughts) අහිංසක සෙනෙහස by සමර බණ්ඩාර රත්නායක

Loading
යන්න පාරක් එන්න පාරක් නොදැන යන දිවි මංපෙතේ…
සොඳුරු මොහොතක හමුවි ඔබ මට පෑ අහිංසක සෙනෙහසේ…
කිසිඳු අඩුවක් දැනුනෙ නෑ හද පිනාගියෙ ඇයි නොමදැනේ…
පිවිතුරුය සිත මහට දුන් ඔබෙ එයයි හද සොරකම් කලේ…

(විල්තෙර) තිබුණාවේ, ඒ මල් පොකුණ by D.M.ටිම්රාන් කීර්ති

Loading

‘අද උදේත් ඇය දොරටුව පාවුලේ
සිනහ මල් පොකුරක් තබා ගියාය’

කූඹියා


උණු තේ කෝප්පයට වැටුණු
කළු කූඹියා ඇඟිලි තුඩට ගෙන
කටින් පිඹ මේසය මත
පරෙස්සමින් තැබුවෙමි
මගේ කඳුළක් වැටී
ඌ ගිලී මිය යතැයි බියෙන්
මුහුණ පසෙකට හරවා ගතිමි
එහෙත් කූඹියා මිය ගොසිනි

තේ කෝප්පය සීතල විය
කූඹියා මලේ මාතින්ද?
සීනි බෝතලය හරිහැටි නොවැසූ
ගෙදර කෙනකුගේ වරදින්ද?
විත්තිකරුවා කවුරුන්ද?
විත්තිකරුවා මා නොවූවත්
මරණයේ සාක්ෂිකාරිය මා ය
උණු වතුරේ තැම්බී මිය ගිය
කූඹියා සිහිනෙන් පෙනී
දෙව්ලොව ගිය බව කීවොත් මිස
මට කූඹියා අමතක වන්නේ ද නැත

සුනේත‍්‍රා රාජකරුණානායකගේ
නෙළුම් චක‍්‍රය කවි එකතුවෙන්.
2006 දෙසැම්බර් මස 31දි මව්බිම පුවත්පත්‍රයේ පලවිය.
මට මෙය දුන් ජොනී අයියාට ස්තුතිය.

අසන්න සහෘදය


අසන්න සහෘදය,
අපි සැවොම කුරිරු ඉරණමකට බඳුන් වී සිටින්නෙමු.
ඉතිහාසයේ කොතැනක හෝ වැරදී ඇත.
අප නොකල ඒ වැරැද්දට
දඬුවම් විදින්නෙමු.
ඔවුන්, අපව භේද භින්න කලාහුය.
අපි භේද භින්නයේ අවියෙන්
අනිකාට,
ගසන්නෙමු - පෙළන්නෙමු - මරන්නෙමු
ගලන ලෙයින් සැනසෙන්නෙමු
ගලන්නේ අ‍පේම ලේ නොවේදැයි
අපට නොවැටහෙන්නේ ඇයි?
දෙවියනි!
අඳුරු තිමිර බිඳ ගනිමු සොයුර
පෙර මඟ ඔබත් මමත්
ලියන්නට නිමල ඉතිහාසය
අමුතුවෙන්...

බුද්ධදාස හේවගේ ගේ ‘යාත්‍රාවක මිනිස්සු’ කෘතියෙන් උපුටා ගත්තකි.

මට මෙය දුන් ජොනී අයියාට ස්තුතිය.


සිද්ධාර්ථ!

සිද්ධාර්ථ!
ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක
ඉරතුවෙන් ඉර්තුවට සත් මහල් ප්‍රසාද
රජ ඉසුරු අපට නැත
එබැවින් ඔබට මෙන්
ගිහි ගෙයින් යා නොහැක පහසුවෙන්

මා ගියහොත්
අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති
දරුවෝ දණගානා නොදරුවෝය
උන්ට බොන්ඩ ටින් කිරි පිටි හොයා දෙන්ඩ
මා නැත්නම් කෙනෙක් නැති ය
අනාගතය දෑතින් මිට මොලවා ගෙන
මා දිහාම බලා හිඳිති උන් හැම දෙන

නිරංජලා රෑ තිස්සේ නිදි මරාන
කොච්චරවත් දැලි පෙරාන
ඇටයි හමයි
පිටි කොටනවා, කිරි හදනව,
කැඳ උයනවා, රෙදි මදිනව

අම්මා කෙනෙක් වගෙයි
අක්කා කෙනෙක් වගෙයි
ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි
දිළිඳු ගෙයක සාගතයක
උන් තනි කර යා නොහැකිය

සංසාරේ කලකිරිලා මං එන කොට
නිරංජලා හිටියා මුඩුක්කුවක
දරු පැටියෙකුත් එක්ක අතරමංව
කාගෙන් වත් හව්හරණක් නැතිව
ඇගෙ සැමියා මැරිලා බර ඇදලා
ඒ බර මම අර ගත්තේ
ඈ ගැන අනුකම්පාවෙන්

දෑතේ කරගැට සිබ සනසන්නට
ළා ගොයමේ දළු පවන් සලයි
දහදිය මුතු ඇට මල් වරැසා වී
කරල් බරින් පීදි වැගිරෙයි

අඩ සඳ මෝරන නිසසල අහසින්
බිළිඳු හදට කිරි දියර ගලයි
හෙට ඉදිවන නව ලෝකය දැක දැක
පුංචි පුතා හීනෙන් හිනැහෙයි

දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල
යළි ඉපදී ඇත මව් දෙරණේ
සත් රැවනින් තව නිදහන් මතු වී
පුතුගෙ සිනහවෙනි ඔප වැටුනේ
දෑසේ කඳුළැලි පිස දා බලනෙමි
හෙට හිරු එළියට වඩින දිනේ
ණය නැති බිය නැති යුගයක
පුංචි පුතා රජ කරනු පෙනේ

මා ගත වෙහෙසට ආදරයෙන් දිය
උල්පත පාදන පුංචි පුතුන්
ඒ ගත වෙහෙසම සැපතක් වෙයි මට
ඔබ දකිනා කල පුංචි පුතුන්
දෙදහස් පන්සිය වරක් තිස්සේ
මා දුටු සිහිනය පුංචි පුතුන්
ඔබ හට ලෝකය ඉදිකර දී මිස
යා නොහැකිය මට පුංචි පුතුන්

සිද්ධාර්ථ!
එබැවින් අද
නියත විවරණය මට දුන මැනව

මේ ලියන මේසය ළඟ
මේ පුටුව මත හිඳ
මේ ලිපි ගොනු අතර මැද …
හාන පෝරු ගාන - වී වපුරන වෙල් යායක
සටන් පාඨ
වැඩ වර්ජන
කම්හල් දැති රෝද අතර-
ගෑනු පිරිමි එක රොත්තට හිර වී ගෙන
උදේ සවස වැඩට යනෙන කොච්චියක
දෙනෝ දහක් සෙනඟ අතර
බුදු වීමට
තනියම නොව
දෙනෝ දහක් සෙනඟ එක්ක
අපි ඔක්කොම - එකට බුදු වීමට


අපේ ජිවිතේ සමාජයේ රජ යන දුක්ඛ් භාවය පීඩිත වුණ කෙනෙක්ගේ ඇසින් තමාගේ දැනිම හා ආගම තුලින් සැනසිම පතන හැටිත් දරුවා දැකිමෙන් හා තමාගේ යථාර්ථ ජිවිතය සිහි වීමෙන් චචල වන ඔහුගේ සිතත් පීඩනයත් මැනවට මහගම සේකරයන් සිය 'ප්‍රබුද්ධ' කෘතියෙන් කියාපායි.


ජීවිතය, විශ්වය හා රිද්මය

රාත්‍රියේහි නිදි වර්ජිතව සිටින මම අන්ධකාරයට කන් යොමා සිටිමි. ලෝකයම නිසලව නිදා සිටියි.නිශ්ශබ්දතාවය මිස අන් කිසිවක් ඇසෙන්නට නැත.මම වඩාත් හොදින් කන්දෙමි.එවිට ඒ නිශ්ශබ්දතාවය තුලින් විවිධාකාර සියුම් ශබ්ද මතුවන්නට පටන් ගනියි..ලගින්ම ඇසෙන්නේ මා අසල වැතිර සිටින මාගේ කිරිකැටි ලදරුවාගේ ආශ්වාශ ප්රාශ්වාස කරන ශබ්දයයි ඔහු හුස්ම ගන්නේ කිසියම් රිද්මයක් ඇත්තාසේ මට හැගී යයි.
මේසයට ඇගිල්ලෙන් තට්ටු කර ගීතයක තාලය අල්ලන්නාක් මෙන් මම ඒ රිද්මය සිතින් මැන බැලීමි. මිනිසා ආශ්වාස ප්රාශ්වාස කරන්නේ රිද්මයකට අනුව බව පලමු වරට මට පසක් වෙයි..
මම ළය මත අත තබා මගේම ආශ්වාස ප්රාශ්වාස යේ ඇති රිද්මය වටහා ගතිමි..ඒ රිද්මය අනුව මගේ ළය උස් පහත් වෙයි..වඩාත් කුතුහලයට පත් වන මම මගේම අත ගෙන නාඩි අල්ලා බැලීමි.නාඩි වටෙන්නේද එක්තරා රිද්මයකට අනුව බව එවිට මට පෙනී යයි..ආශ්වාස ප්රාශ්වාස කිරීම හෘදය ස්පන්දනය වීම, නාඩි වැටීම රිද්මයකට අනුව සිදුවන බැවින් මුලු ශරීර යන්ත්රහයම ඒ රිද්මයට අනුව ක්රියා කරන බව නිසැකය..මේ නිසා මිනිසාගේ ගමන බිමන වැඩපල කතාබහ ආදී සියල්ලක්ම රිද්මය ආත්ම කොට පවතී..මිනිසා ඇවිදින සැටියෙන් ඒ රිද්මය අපට හදුනා ගත හැකිය.. ඔහු පා නගන්නේ සමාන්තර ලෙස පියවර තබමිනි.ඒ රිද්මය අනුව ඔහු ගේ දෑත් එහා මෙහා පැද්දයි..අසම ලෙස පා තබා ඇවිද්දහොත් වැඩි දුරක් යාමට මත්තෙන් ඔහුට වෙහෙසක් දැනේ..ඔහු උදැල්ල බිම පහරා පොළව කොටන්නේ ද ඔරුව පදින්නේ ද කිණිහිරය මත තබා යකඩය තලන්නේ ද පට්ටලය මත දඩුකද තබා කියතෙන් ඉරන්නේ ද කිසියම් රිද්මයකට අනුවය. වී කොටන වී පොළන දර පලන පොල් ගාන ක්රියාකාරකම් වල අති රිද්මය ඒවායින් නැගෙන හඩින් හදුනා ගත හැකිය.. සාමාන්යය කතාබහක ඇති රිද්මය පහසුවෙන් නොපෙනේ.එහෙත් මිනිසා හැගීම් වලින් ආකූලව කතා කරනවිට ඔහු ගේ කතා විලාශය ශෛලිගත ස්වරූපයක් ගනී..එවිට එහි අති රිද්මය වඩා පහසුවෙන් හදුනා ගත හැක.ජීවිතය විශ්වය හා රිද්මය එකක්ම නොවේදයි වරෙක මට සිතෙයි..

- මහගමසේකරයන්ගේ ජීවිතය විශ්වය හා රිද්මය තුලිනි. -


කුඩා කාලයේ සිට සිතේ තිබු මේ වාග්මාලාව නැවතත් මතකයට ගෙනා රනිල් අයියාට ස්තුතිය.



දිවි පිදිම



ImageHost.org

අපි දිවිපිදුවෙමු
ඔබ ඔබේ ජාතිය වෙනුවෙන්
මා මගේ ජාතිය වෙනුවෙන්
බිම්කඩක අයිතිය පතා
අවසන් වෙඩි හඩ ද
වියැකුණු පසු
අවසන් ලේ පොදද හෙලා අවසන දැනෙයි
අප දෙපසටම
ඔබත් මාත් අතර වෙනස
ඔබ ඔතනත්
මා මෙතනත්
ඉපදීම බව
මගේ දේශපේ‍්‍රමය
ඔබේ දේශපේ‍්‍රමයට
මඳකිනුදු නොවෙනස් බව
අප මරාගත් ඔය බිම් කඩ
ඔය කියනා පුණ්‍ය භූමිය
ඊයේ ඔබේ… අද මගේ…
හෙට කාගේ ද?
බේරුම් කළ හැකි එකෙක් වෙත් ද මේ දියත
එකිනෙකා මරා නොගෙනම






තම ජාතිය වෙනුවන් යැයි යුධ බිමේ සටන් කරන දෙමලාගේද සරණක් පතා පැන එන දෙමලාගේද,තම රට (ජාතිය ) වෙනුවෙන් යැයි සටන් බිමට යන සිංහලයාගේද බස් රථයේ ප්‍රාණබියෙන් ගමන් ගන්නා සිංහලායාගේද බලාපොරොත්තුව කිම? නිදහසයි, පිලිගැනිමයි. එය ඉටු වේද අපේ සමාජයත් සමඟින්?

සිත බැදී ජිවිතයේ කවිය

පෝය හද එළි නිවාපන්
තරු රැස් දහරා මැකීයන්
දිවා හිරු රැස් නිවී පලයන්
අදුර විත් ජිවිතයට වැදීයන්

එපා එපා මට ‍‍ආලෝකයන්
කණාමැදි‍රියෝ ඉගිල පලයන්
මේ කුහක ලෝකයෙන්
මාව නොපෙනිම මැකීයන්

වත්සුණු තැළි පිළි ගිලිහි වැටිද්දෙන්
නෙතග සිනහා රැල් මැකෙද්දෙන්
‍වෙලෙන සියල‍්ලෝ ඈත්ව යද්දෙන්
මේ ආත්මය අදුරෙම ගිලිද්දෙන්

කුමට සුවද විහිදෙන පුෂ්පයෝ මට
රන් පත් ඇති සමනළුනි කිම තොපේ පල?
සැගව යන්නට නොහැකි නම් මට
‍මේ විසල් ලෝකයෙන් මොහොතකට ?

ආලෝක ‍දහරා එපා මට
කදුළු වැල් එපා මට
තොපි කවුරුත් එපා මට
අදුර ඇවිදින් වාඩිගන් ලග

මම මැකී යමි අදුරේම
සාප නොකරමි කිසිවකුට
පැටලුනු බැමි ලිහා‍‍ගියොතින්
සැගව යමි අදුරේම
මැකී යමි අදුරේම....


මාලී අක්කාගේ මේ නිදැස මටම කියාපු එකක් වගේ. කෙල්ලේක් හින්දා නම් නෙමේ වෙන හේතුන් නිසායි.

http://abnormalminds.blogspot.com/2009/01/blog-post_10.html
මේ ලින්ක් එකෙන් ගත්තේ, මගේ නම් නෙමේ මෙ නිදැස. ඒ අක්කාගේයි. මගේ ජිවිතයට සමීප නිසයි දැම්මේ. නිදැසට අක්කට අදහස් දෙන්න. මට දෙනවා නම් ඒ නිදැස වෙනුවෙන් නම් එපා.


Life SUCKS!