Showing posts with label වෙනත්. Show all posts
Showing posts with label වෙනත්. Show all posts

THIS BLOG PAGE IS NO LONGER ACTIVE AND NOT MONITORED

Please visit my personal website at https://www.narada.ca/

Thank you for visiting.

ලංකීක කලාවට ආදර කරන ඔබට...

කලා ලැදි පාඨක මිත්‍රයන්ට,
නුර්ති හා වේදිකා නාට්‍ය ගී - නූර්ති හා වේදිකා නාට්‍ය වල ගී පද මාලා ඒවායේ ශ්‍රව්‍ය මාධ්‍යත් සමඟ ලබා දෙන අනගි බිලොග් අඩවියක් :




නූර්ති හා වේදිකා නාට්‍ය ගී


තුන්පත් රටා - ලංකීක නර්තනයේ විස්තරයන් හා තොරතුරු භාෂා දෙකෙන්ම (හැකි පමණින්) ඉදිරිපත් කිරීම උදෙසා නර්තනයට ලැදි පිරිසගේ උත්සහයක් :




තුන්පත් රටා

එම අඩවියේම ඉංශ්‍රිසි අඩවිය :
http://en-thunpathrataa.blogspot.com/


මෙම අඩවි තුළින් ඔබේ කලා රසයට හේතුකාරක වේවා, ලාකේය කලාවට ඔබේ බැඳිම වැඩි දියුණු වේවායැයිද ඉතසිතින් පතමි.


එසේමැ මෙවැනි වටිනා සත්කාර්්‍යයන් කරන, ඒ සදහා කැප මහන්සි වෙන ලිපිකරුවන්ට තව තවත් ලියන්නට දිරිය ශක්තිය ලැබේවායැයිද ප්‍රාර්ථනා කරමි, ඔවුන්ට පින් අනුමෝදනා වේවා! 

පාඨක ඔබට සුභ නව වසරක් වේවා!
-බින්කු-

EAVB_WLRWVJZLTJ

ලිෂාන්ගේ "අන් සතු (මා) රුව" හා ලෝ දහම

ImageHost.org
මම විඳිමි ඈ රුව
පෙනෙන ලෙස තඹරුව
බිඟු ඇසින්
කරන ලෙද බලකලත් සිතුවිලි
ඇය හටම
කරන ලෙද ආලය හද තුලින්
කෙසේ කරමිද
ආලය වෙන කෙනෙකුට නතු වූ හදවතින්

නෙළුම් මල දිහා බඹරෙකු බැලුවත් එයට වසා පැණි බීවත් එය ඔහුගේ නොවෙයි, ඒ මල වැදු ජල නිම්නයටත් සදා අයිති විය නොවිය හැකියි. මන්ද එය කෙනෙකු නෙලා ගනු ඇති බැවිනි, ඉක්බිඳිව වුවද ඔහු මලට සුවදැති පැන් ඉස සරසා තවකෙකුට විකුණයි. මිලදී ගත් ඒ තැනැත්තා එය පන්සලට* පුදයි. නමුතු ඒ නෙළුම් මල කාලරූපීව පරවී බුදු ගෙදර සුවඳවත් කර රෑපයෙන් අලංකාරමත් කර පරවී කෙඩෑර වී යයි. ලෝ දහම එසේ නොවේද? මේ සංසාරේ පුරා දුකාත්මය හා සතුටාත්මක අතර දෝලන වෙමින් ප්‍රේමීය බව වියෝමීය බව අතර සැරී සරන්නට ඔබටත් මටත් සිදූ වනූ ඇති. ඔබ කුමක් කෙනෙක් වුවද, කුමන නීලයක කෙනෙකු වුවද කෙනෙකුට කොතරම් පෙම් කලද වැලපුණද එයයි යථාර්තය. ඔබට ඔබේම කියා කෙනෙකු ඔබට නැත්තේය, ඒ හුදෙක් ඔබේ කියා මවා ගැනීමකි.

*(මට මෙහීදි මැවෙන්නේ දළඳා මාලිගාවයි, මන්ද මාගේ කළුදුල් ඒ ප්‍රේමයේදීද මුලින් එතැන ගොස් නෙළුමක් පුදා පිරිත් නුලකින් ඈගේ අත සැරසු බැවිනි)
ලීෂාන්ගේ බ්ලොග් රෝල තුලින් සිතට මැව් වැකි පෙලක් ඔබ ඉඳිරියේ තබන්නට අවසර! ( වෙනත් නිදැස් කවි තුලින් මනෝකාමය අදහස් දැන්වුවත් නලීන්ගේ සඳ මුහුණ ගැන ලිව්ම හැරෙන්න තවම මට ලියන්නට බැරි විය. ඇතැම් නිර්මාණ තුලින් අදහස් දැන්වුවද ඒවා මෙහීලා සඳහන් කරන්නට බැරි වීම කණගාටු වෙමින් අදින් කොදෙව්වේද ඉඩ වෙන් කරමි. මා තව තවත් පෙරට වඩා අනුරාගී අකුරු පණගන්වමින් කලාව හුදෙකලා නොකර අත්වැල් බැද ගනිමි. මිනිස් සිතකට ස්පර්ශ කරන්නට සමත් විද්‍යාවෙන් පෝෂිත වන්නේද කලාවයි, නවීන විද්‍යාව තුලින් නැසී පූනරුත්තාපාන වෙමින් ලෝකය සරස්වයි. ( මේ ගැන යම් දිනෙක යම් ආකාරයක ඉදිරිපත් කරන්නට අවසර! )



සීමන්ගේ A-ටූ-Z කෙරුවාව!


A මිනිහා අදත් Bලා නේද?
Cමන් අයියා ඔහොමම තමයි, ඩෝසරේට Dසල් ගහනවා වගේ තමයි බොන්න ගියාම, Eයේත් හොඳටම බීලා ආවේ, ඒයාගේ අයියා නම් හොඳ වැදගත් සල්ලිකාරයා. Fගනිස්තානේට ගල්කටස් විකුනණවා, මේකා Gවි‍තේ නිකං අපරාදේ කාලකන්නි කරගන්නවා.
Hච්චර හොඳ පරම්පරාවක මිනිහෙක්නේ
Iයියෝ කියලා වැඩක් නෑ, Jන් අක්කාටත් එපා වෙලා බැරිම තමයි දමලා යන්න ගියේ, Kළමක් කියනවා කියලා තුන් හිතකින් හිතන්නවත් එපා Lලෙන්න වැලේ වැල් නැතිව මිනිහා ඉන්නකොට තමයි දුක හිතිලා Mමා නෝන සීන් එකට Nටර් වුණේ. කෝ, Oවා මිනිහාට ගාණක්වත් නැහැ. Pටරයා රෑට රෑට රිගනවා කියලා කවුදෝ Qව්වාම "කමක් නෑ ඩෝ උගේ Rතිකේ ශක්තිමත්, මට ඊයෙත් බාගයක් අරං දුන්නා" කිව්වාලු, දැන් S පෙනීමත් හොඳටම අඩුයි, හන්දියේ කඩේ T මේකා ජොබ් එක කරන කාලේ Uත් කලබ් එකේ කොල්ලන්ට හොරෙන් Vවා හදලා දීලාත් මාට්ටු උනා, එක දවසක් නිවාඩු අරගෙන දවස් දෙකක් නෑවිත් ලිව් ඩබල් කරන නිසා ඒ දවස්වල මිනිහාට කිව්වේ W සීමන් කියලා. දොස්තර උන්නැහේ X රේ එකක් අරං කිව්වාලු මෙහෙම කේස් එකක් Yද්‍යා ඉතිහාසේමවත් නැතුව ඇති කියලා.
කරුමක්කාරයා! ඔය යන්නේ පාර පුරා Zග් සැග් වෙවී!

Assignments අස්සේ



අපේ සමහරක් බිලෝග්කරුවන් කාලයක් බිලෝග් පෝසට් එකක් ලියන්න බැරි වෙලා නැවත ලියන්න ගන්නකොට කියන්නේ "Assginements and Exams වල" හිර වෙලා හිටියා, ඒ හින්දා වෙලාවක් නැති වුණා කියලානේ. (කියන්නේ ඒ හින්දාම නෙමේ කියන එක වෙනම කතාවක්. එක්කෝ අන්තිම තත්පරයේ මැරිගෙන යන්න යන්නේ ( මාත් එහෙම නැත්තේම නෑ වෙලාවක, හික්ස් )). ඕකට හොඳ හෑල්ලක් තියෙනවා මෙන්න:


http://www.youtube.com/watch?v=BpWM0FNPZSs
Video Description: This is my senior project at Savannah College of Art and Design. Where my idea comes from is that every time when I am busy, I feel that I am not fighting with my works, I am fighting with those post-it notes and deadline. I manipulating the post-it notes to do pixel-like stop motion and there are some interactions between real actor and post-its.


මේකේ ඉතිං අවුලක් තියෙනවා Facebook එකයි Twitter එකයි අඩු එක. කොහොම වුණත් හොඳ කට්ටක් කාලා හඳපු එකක් මේක.

මේ කාට හරි උපන්දින සුභ පැතුමක් කරන්න ඔනේ නම් ඔන්න ප්ලෑනයක් තියෙනවා. මේ විඩියෝ එක යවන්න.

ප.ලි.: අපේ නම් මේ වගේ නිර්මාණශිලිත්වය තියෙන එව්වා අඩුයි, නැත්ත්නම් වෙනස් ආකාරයේ ඒවාත් ඊට වඩා අඩුයි එක්ක. එවැනි දෑ කරන්නට පෙළඹනවා අඩු ඇයි?

අනේ යකෝ! Sri Lankan Cricket Fans' party never stops at The cricket


ක්‍රිකට් යන නාමය ඇසුණත් කරමින් සිටින කාර්‍යන් ගසා දමා දුවන ලංකීකයන් අප අතර බෙහෙවින් සිටින අතර ඉන් ඇතැමෙක් ලංකාවේ ක්‍රිකට් තරඟයක් පැවැත්වන විට යෑමට අමතක නො කරයි ( මෙම ලියුම්කරුගේ පාසල් සමයේදිද එවැනි 'ක්‍රිකට වන්දනා' ගමන් නොවරදවා සිදු වු අතර ඉන් දෙතුනකටද ඔහු සහභාගි වි ඇත.). එහිදී ක්‍රිකට් වන්දනාකරුවන් රස විදමින් තරගාවලිය නැරඹිම, ඔර්ල්සවන් දීම වැනි ක්‍රියා වලට එහා ගිය රසවත් සිදුවීම් වලින් බහුල වෙයි.
(අමිහිරි සිදුවිම් නැතුවා නොවේ) මෙම වීඩියෝ රාමුව එවැනි රස සිදුවීම් කිහිපයකුත් කැමරාවට අසුවන ලෝලියන්ගේද ක්‍රිඩකයන්ගේද ක්‍රියා දැකීමෙන් අපුර්තවයක් එක් කරන අතර විදේශිකයන්ද ලංකීක ක්‍රිකට් කණඩායමට ප්‍රිය කරනු දැකීම මඳ ආඩම්බරයකුත් දැනෙයි.

http://www.youtube.com/watch?v=khnjHhr_cis
Video Description:

මෙම විඩියෝ රාමුව 2008දී ආර්.ප්‍රේමදාස ක්‍රිඩාගණයේදී ලංකාව හා ඉන්දියාව අතර පැවැති තරගාවලියේදී අතරමඟ ඇඳ හැලුණු වර්ෂාවක් හෙතුවෙන් කල්දැමු විටදී එම කාලය තුළ රූපවාහිනී තීර තුලින් නරඹන අයට විනෝද වීම සඳහා විසින් අවස්ථාවක් දුන් අතර එහි මිහිරි මතකයන්ගෙන් කිහිපයකුයි මේ.

As seen on the giant screen at the R. Premadasa Stadium in year of 2008, A bevy of beauties swayed to live music from an impromptu brass band, the beer flowed, and a good time was had by all. People love seeing themselves on television. The cameras panned across the ground and that only sent the fans into a tizzy. Girls batted their eyelids, feigned beauty-pageant waves, high-fived each other; men and boys broke into dance; others showed off tee shirts with graffiti; some covered their faces momentarily before getting up to do something funny; and one elderly lady in a sari even did her own take on the Funky Chicken. Others mingled around at the Keels kiosk, munching on pizza or fish rolls, sipping beer, even as the rain dripped down and they dodged big puddles. Snack vendors went through the bleachers, serving soft drinks and hot dogs with a smile.

Unlike the Indian team, who had returned to their hotel, the Sri Lankan players sat around on the balcony, lapping up the festive mood. That only added to the crowd's vigor. When Jade Roberts, Sri Lanka's physiotherapist, tried to dodge the big screen the crowd started chanting for him to come back, and he sheepishly grinned. Cue hysteria from the ladies. Paul Farbrace, the assistant coach, wasn't as obliging, but did get a kick out of seeing himself on the screen.

The highlight, however, was when one sharp cameraman panned in on Lasith Malinga in the stands. The crowd went berserk as Malinga flashed his hundred-watt smile and waved back, and when his Sri Lankan team-mates on the dressing room balcony saw him, they engaged themselves in a bit of banter, communicated via the giant screen.



ජාති හා ආගම් විවිධත්වයෙන් යුත් නමුත් භේද දුරුලා රටක් වෙනුවෙන් තරඟ වදින ලංකා ක්‍රිකට් කණ්ඩායමට T20 තර්ගාවලියේදී ජයගෝස නවන්නට සුභාසිරි පතමු.

ImageHost.org
පොස්ටරය රාමචන්ද්‍රගේ අඩවියෙනි.

දේශද්‍රෝහීන්ට වෛරයෙනි,

කරුණාකර රතිඤඤා කොම්පැණියේ බිස්නස් වලට ඉඩ දෙන්න, ශ්‍රමය මදි නම් දැන් ඕනෑ තරම් ඇත, ඒ දේශප්‍රේමීත්වයයි.

කරුණාකර කිරිබත් වපුර වපුරා කන්න කවන්න දෙන්න, එවිට ගොවියන් දැන් සියදිවි නොනසා ගනු ඇත, ඒ සෞභාගයයි.

කරුණාකර තැබෑරැමට යන්න දෙන්න, රටට බදු වලින් දියුණු විය හැකිය එයින් ණය ගෙවිය හැකිය, ඒ පෞරෂත්වයයි.


රතිඤඤා වෙඩි ගඳ යනකං කිරිබත් පිරුණු වෙනකං ඉන්නේ නැතිව මේ පිස්සුවත් බලා බලා නොහිඳ මොකක් හරි දෙයක් කරපල්ලා.
කරුණාකර ඔලු කට්ටේ තියෙන මහා සිරසේ පාවිච්චි කරපල්ලා, කිව්ව දේට නොන්ඩි නම් පාරට ගිහිං උඹලා කැත කරපු පාර අතු ගහලා එන්නකෝ!


( එලෙසම නියමාකාරයෙන් නිහඬව සිතින් මේ මොහොත සැමරු හා යම් වැඳගත් දෙයක් ඉටු කල කතා කල සහෝදර සහෝදරියන්ටත් ප්‍රණාමය. යථාර්තය සත්‍ය වංශයෙන්ම මතු පිටට නොපෙනෙයි. වෙනදාට ධජය දුටුවත් හැඟිමක් නොදැනුනේ අවංකවම දේශමානීකමක් ඇති නිසාද? (දේශමානීබවත් යුද්ධයක දිනීමත් වෙනස් වෙයි. )
මේ ගැන ලියැවෙන මගේ අවසන් සටහනයි, ලිවිමෙන් එකෙක් හෝ වටහා ගෙන කටයුතු කිරිමේ (මෝඩ හෝ වේවා) අපේක්ෂාවෙන් ලිව්වේම්. ඒවෙනුවෙන් මහත්වු මානයක් ඇත්තන් හා ක්ශේරුකා හා හිසක් නැත්තන'ගේ බැණුම් හා අපහාස ඉවසමි.

දිරිය ලංකා! தொகுப்பில் இல்லை! Encourage Lanka!

විජයග්‍රහණය

ImageHost.org

පිපිරෙන පිපිරෙන රතිඤඤාවට සතයක් සතයක් ගාණේ යැවේ නම්,
වැටෙන වැටෙන කිරිබත් ඇටයක් ඇටයක් ගාණේ ඒ බඩටට යයි නම්,
නටවා නටවා කරකවන දෑත් දරමින් කැට ගව්වක් ගව්වක් ගාණේ කාසි එකතු කරයි නම්...

ඒ වු කලී විජයග්‍රහණය වෙයි අපේ!


නොතේරේ නම්, නුරුස්සන්නේ නම් මඟ හැර යත්වා!

සිරස ගොන් දෙපැයේ වහ ගෙදර නරඹමු!


කාන්තා ‍ප්‍රේමි පුනක්කු පාඨක ඔබ වෙනුවෙන් විරස(ක) ‍ගෙන එන "වහ ගෙදර" බින්කුගේ රෑප කොදෙව්වේ සිට සජිව විකාශ කෙරෙයි! පුනක්කු කන නොකන ඔබටත් ආරාධනා!


ගොන් දෙපැය අනුග්‍රාහක අංගොඩ සායනය විසින් පුනක්කු භෝජනක ඔබටත් තෑගි දිනා ගන්නට අවස්ථාවක්:
ImageHost.org
(ණයට ප්‍රචාර කරන ලදි.)


රෑප කොදෙව්වට subscribe වෙන්නත් ප්‍රතිචාර වලටත් ඔබට ආරාධනා!
ප්‍රතිචාර ‍මෙතැන හෝ එහිදි දැමිය හැකියි

(අයිතිය සුලෝචන සමග කස්ටියට)

'අයිස්' වගේ "කුල්" ඩ්‍රැම්ස්!

මම මේක දැක්කේ කොත්තුවේ බිලෝගයක. අයිස් වලින් හදපු වාදන භාණ්ඩ වාදනය නම් 'කුල්' තමා.

http://www.youtube.com/watch?v=zntpPOXdczk

අන්තිමට කැඩෙන ඒක ගැනත් කඩන ඒක ගැනත් නම් අපරාදේ තමා. අයිස් කොහොමත් දිය වන සුලුයි ‍වගේම අනිත්‍යයි නොවැ.
මේ අපුරැ භාණ්ඩේ හදන විදිහ මෙන්න මෙතනින් බලා ගන්න:
http://www.youtube.com/watch?v=u4XIcsg4QuM

ලොට්ටයක්

"බින්කු කොටි කලු සුදදෙක් නම් කියවං" නමින් හදිසි කෝපයකින් පල කල ලිපිය මකා දැමුවෙමි. අදහස් දැක්වු සියලු දෙනාටමත් මට අභුත අපහාස කල ඒ තැනැත්තාටත් ස්තුතියි.

මරේ මරු!

වෙලාවක් තියෙන අය මේ අඩවියට යන්නකෝ.සින්දු වගේ සද්දයක් එන හින්දා ස්පීකරේත් දාන්නකෝ.

මරේ මරු!


http://www.mytwinhauntsme.com/





ඔන්න ගිහිං ආපහු එන්න එපා මෙහේට.


කරුණා කරමු සිරිපා

සම්පත් ගුණතිලක

ශ්‍රී පාද කරුණා කිරීම සඳහා තවත් ජනපි‍්‍රය නොවු මාවතක් ඇත. එය නම් කුරුවිට නගරයේ සිට එරත්න බලා පැමිණ ඉන්පසු ශ්‍රීපාද අඩවිය හරහා ගමන් කරන්නා වූ ඉතා ශෝභමාන පරිසරයකින් අනූන වූ කුඩා දිය ඇලි රාශියකින් ගහන නෙක නෙක තුරුලතාවලින් සෙවන දෙන්නා වූ මාර්ගයකි. දිගටම ඇවිද යන විට පරිසරයේ විචිත්‍රවත් බව අත්විඳීය හැක. එකකට එකක් උස් වු කඳුපන්තින්ගේ ඇති රසය අත්විඳිමින් ගලා හැලෙන්නා වූ දිය දහරාවන්ගේ හඬට සවන් දෙමින් (යම් අවස්ථාවලදි වන සතුන් නැරඹීමටද හැකි බවත් එය ඉතා විරල අවස්ථාවක) ඔබට ගමන් කළ හැක.


මේ එළැඹ ඇත්තේ ශ්‍රීපාද වන්දනා සමයයි. ශ්‍රී ලංකාවේ බෞද්ධ මෙන්ම අබෞද්ධ ජනතාවගේද අති මහත් වූ ගෞරවාදරයට බඳුන් වූ මහා කාරුණික ගෞතම බුදුපියාණන්ගේ සිරිපා පියුම වන්දනා කිරීම සඳහා සැදී පැහැදී සිටින වන්දනාකරුවන් උදෙසා මේ ලිපිය ලිවීමට සිත් පහළ විය.

සමන්ත කූඨය තරණය කිරීම සඳහා භාවිතා කරනු ලබන්නා වූ ජනපි‍්‍රයම මාවත වන්නේ හැටන් නගරයේ සිට නල්ලතන්නිය වෙත පැමිණ ඉන් පසු සමනොළ ගිර දක්වා දිවෙන මාර්ගයයි. ඉතා ජනාකීර්ණ මාවතක් වු මෙම මාවත සිරිපා කරුණා කරන ජනතාවගෙන් විශාලම පිරිසක් භාවිතයට ගන්නා වු ඉතා ජනපි‍්‍රයම මාර්ගයයි. නමුත් අතීතයේදි බෞද්ධ ජනතාව විසින් භාවිතා නොකරන ලද්දා වූද ඓතිහාසික කරුණු කාරනා වලින් හීන වූද ඉතා කෘත්‍රිම මාර්ගයක් වන මෙය වසර 1800 සියවසේදී මෙය හැඳීන්වූයේ මහනුවර මාර්ගය ලෙසයි (විලියම් ස්කීන් නම් ඉංගී‍්‍රසි ජාතික සිවිල් නිළධාරියකු විසින් ලියා ඇති ග්‍රන්ථයක් මෙහි සිතියමක් අඩංගුව ඇත) නමුත් වන්දනාකරුවන්ගේ වැඩි පහසුව නිසා මෙය වැඩි වශයෙන් භාවිතා කරනු ලබයි.

සිරිපා කරුණා කිරීම සඳහා භාවිතයට ගනු ලබන්නා වූ තවත් මාවතක් වන්නේ රත්නපුර නගරයේ සිට පලාබද්දල දක්වා ගොස් (පලාබද්දල අතීතයේදී පලාපත්දොල යනුවෙන්ද ව්‍යවහාර කෙරිණ) ගිලිමලේ (ගිලීමලේ යනු කඳු අතර ගිලී ගිය ගමක් නිසා මෙනම පටබැඳුනු බව ජනප්‍රවාදයේ සඳහන්ය. නුවර යුගයේදී රජවාසල සඳහා පුවක් සැපයූ ගමයි) හරහා වැටී ඇති ඉතා ඓතිහාසික වටිනාකමකින් අනූන වූ පැරණි රජදරුවන් පවා භාවිතයට ගනු ලැබූූ මාවතකි. (මේ මාර්ගයට රජ මාවත යනුවෙන්ද ව්‍යවහාර කෙරේ රජවරුන් මේ මාර්ගයේ සිරිපා පියුම කරුණා කළ නිසා එනම පටබැඳුනු බව ජනප්‍රවාදයේ සඳහන්ය) ඒ මාර්ගයේ ගමන් කරන ඔබට දැක ගන්නට ලැබෙන්නා වූ ඓතිහාසික ස්ථාන මින් පසු විස්තර කෙරේ.

මුලින්ම ඔබට ලිහිණි හෙල නම් වූ ස්ථානයක් මුණ ගැසේ. අතීතයේදී ලිහිණිනම් කාන්තාවක් මේ හෙලෙන් පහලට වැටී ඇති බවත් ඇය සිහිකරනු වස් මෙ නම පට බැඳී ඇති බව ජනප්‍රවාදෙයේ සඳහන්ය. අදටත් සිරිපා කරුණා කරන වන්දනාකරුවන් ‘ලිහිණි අක්කේ අපි යනවා’ යනුවෙන් හෙල දෙසට කෑ ගසා ඇය සිහි කරන බව දක්නට ඇත. ලිහිණි හෙල අසල ඉතා පැරණි අම්බලමක් (අද මෙය දක්නට නැත. ගොඩනැගිල්ලක අත්තිවාරම පමණක් ඇත) ඇත. එය ප්‍රකට කිවිඳියක වූ ගජමන් නෝනා විසින් සාදන ලද්දක් බවද සඳහන් වේ. (අදටත් එය හඳුන්වන්නේ නෝනගේ අම්බලම යනුවෙනි) මනරම් වූ පරිසර පද්ධතීන් ගෙන් අනූන වූ මාර්ගයක් වන මෙය හැටන් පාරේ ඇති කෘත්‍රිම භාවය දක්නට නොමැත.

ඉන් පසු ඔබට දිය බෙත්මද ගෙත්තම් පානද වේ. රත්නපුර පාරේ ගෙත්තම් පාන පිළිබඳ ඓතිහාසික කරුණු රැසක් සඳහන් වේ. එනම් සුමන සමන් දේවාරාධනයෙන් සමන්ත කූඨය මත සිරිපා සළකුණ සටහන් කිරීම උදෙසා වැඩම කළ අප බුදුපියාණන් වහන්සේ මාර්ගයේ තිබුණ දුෂ්කරතාවය නිසා උන්වහන්සේගේ සිවුර ඉරීගිය මොහොතේ කටුවක ආධාරයෙන් එය පිළිසකර කරගත් ස්ථානයයි. (අද ද වන්දනාකරුවන් එම කරුණ සිහි කරමින් මුලින්ම සිරිපා කරුණා කරන (කෝඩු ) අය ලවා ඉදිකටුවක පටලවා ගත් නූලක් ගෙත්තමක ආකාරයෙන් එහි රඳවා තබයි) ඉන් පසු ධර්මරාජ ගලත් හැරමිට පානත් (හැරමිටි පාන යනු බුදුරදුන් සමන්ථකූඨය තරණය කරන අවස්ථාවේදී එම ස්ථානයේදී හැරමිටියක ආධාරයෙන් ගමන් ගත් බැවින් මෙ නම පටබැඳුන බව ජනප්‍රවාදයේ සඳහන්ය) හැර මිටි පානේදී ඔබට විශාල ප්‍රමාණයේ අම්බලම් කීපයක් මුණ ගැසේ. ඒවායෙහි නැවතී ගිමන් නිවාගෙන ඉදිරියට කරුණා කිරීමට පුළුවන. (හැරමිටිපානට සමන්ථකූඨය ඉතා ශෝභමානව දිස් වේ. රාත්‍රියට මෙය සිත පිනවන දසුනකි)

ඉන් පසු ආඬියාවලතැන්න ස්ථානය මුණ ගැසේ. කෝට්ටේ යුගයේදි රජකල පළමුවැනි රාජසිංහ රජු විසින් ශ්‍රීපාදස්ථානය ආඬීන්ට පවරා තිබූ යුගයේදී මිය ගිය ආඬිගුරුන් කෙනෙකු සිහිවීම පිණිස මෙම නම භාවිතා කරන බව ජනප්‍රවාදයේ සඳහන් වේ. ඒ ස්ථානයට සිරිපා අඩවියේ ඇති ශෝභාව උපරිමාකායෙන් අත්විදිය හැකිය. බාන සමනොළ (සමහර උදවිය මෙයට බෑන සමනල ලෙසද භාවිතා කෙරේ) කන්දත් නුවරවිළ කන්දත් කුණුදිය පර්වතයත් දැක ගත හැකිය.

මින් පසු එළැඹෙන්නේ ගමනේ අති දුෂ්කර වූ ස්ථානයන්ය. ඇහැළ කරනුව (අතීතයේදී වන්දනාකරුවන් මේ ස්ථානයේදි සුදු පිරුවට ඇද සිරිපා කරුණා කිරීම සඳහා පේ උන බව සඳහන් වේ) මහ ගිරිදඹ (හැටන් පාරේ හමුවන ස්ථානය ඉතා පහසුවෙන් තරණය කිරීමට පහසුවෙන් රත්නපුර පාරේ ඇති ස්ථානය ඉතා වෙහෙස කර ස්ථානයකි. නමුත් සුමන සමන් දෙවියන්ගේ ගුණ සිහිකරමින් උන් වහන්සේගේ කරුණාව යදිමින් වන්දනාකරුවන් මෙම ස්ථානය පසු කරයි. (දඹය නගින අවස්ථාවේදී මහ මළුව ඉතා මනරම් දිස්වේ. හැටන් පාරේ එන වන්දනාකරුවන්ට මෙම අත්දැකීම අත්විදීමට අවස්ථාවක් නැත. මන්දයත් ඔවුන් මළුවට පිවිසෙන්නේ පිටුපසින් බැවින්) හැටන් පාරේ සමනොළ ගිර එතරම් ශෝභමාන බවක් නොවූවද රත්නපුර පාරේ මෙම ස්ථානයේදී පර්වත රාජයා අති මනරම් අයුරින් දිස්වේ. ඉන් පසු මහ මළුවටද සමන් දේවාලයටද, සොලොස් මහෙ පහනටද ගමන් කළ හැකිය.ශ්‍රී පාද කරුණා කිරීම සඳහා තවත් ජනපි‍්‍රය නොවු මාවතක් ඇත. එය නම් කුරුවිට නගරයේ සිට එරත්න බලා පැමිණ ඉන්පසු ශ්‍රීපාද අඩවිය හරහා ගමන් කරන්නා වූ ඉතා ශෝභමාන පරිසරයකින් අනූන වූ කුඩා දිය ඇලි රාශියකින් ගහන නෙක නෙක තුරුලතාවලින් සෙවන දෙන්නා වූ මාර්ගයකි.

දිගටම ඇවිද යන විට පරිසරයේ විචිත්‍රවත් බව අත්විඳීය හැක. එකකට එකක් උස් වු කඳුපන්තින්ගේ ඇති රසය අත්විඳිමින් ගලා හැලෙන්නා වූ දිය දහරාවන්ගේ හඬට සවන් දෙමින් (යම් අවස්ථාවලදි වන සතුන් නැරඹීමටද හැකි බවත් එය ඉතා විරල අවස්ථාවක) ඔබට ගමන් කළ හැක. ඉන් පසු පිවිසෙන්නේ වර්ණගල නම් ස්ථානයටයි. මේ ස්ථානයේදී වර්ණගල කඳුවැටියත් (වර්ණග කඳුවැටිය සමනලගිරට නමස්කාර කරමින් එදෙසට නැමී ඇති කඳුවැටියක් බව ජනප්‍රවාදයේ සඳහන්ය.) අතිඅලංකාර වර්ණගල දිය ඇල්ලත් දැක ගත හැකිය.

මෙම මාර්ගය භාවිතා කරනු ලබන්නාවු වන්දනාකරුවන් විසින් ගෙන නොයා යුතු දෙය වන්නේ පානීය ජලයයි. ඔබට ඇවැසි තරම් පිරිසුදු පානීය ජලය එහි ඇත. ඔබ විසින් ගෙන යා යුත්තේ එම ජලය පුරවා ගැනීමට ඇවැසි බඳුන් පමණි. පරිසරයේ ඇති චමත්කාර ජනක අසිරිය විඳ ගනිමින් සමහර අවස්ථාවල කන්ද නගිමින්ද යම් අවස්ථාවන් වල තැන්න පසු කරමින්ද යන නිසා ගතට දැනෙන විඩාව අඩුවේ. එනමුත් ගමන් කිරීමට අපහසු ස්ථාන නැත්තේ ද නොවේ. නමුත් එම ස්ථානයක් පසු කිරීමේදි ඉතා ප්‍රවේශමත් ගමන් කළ යුතුය. ඉතා ළගින් වෙළෙඳ සැලක් පිහිටා නැති බැවින් අවශ්‍ය ආහාරපාන ගෙන යන්නේ නම් මැනවි. පසුව මෙම මාර්ග මා කලින් සඳහන් කළ රත්නපුර පලාබද්දල මාර්ගයට සම්බන්ධ වේ. (හැරමිටිපාන නම් ස්ථානයේදී ) එරත්න සිටම මෙහි විදුලි ආලෝකය සපයා ඇති අතර දැනට භාවිතා කරනු ලබන්නා වූ මාවත් අතර දීර්ඝම මාර්ගය මෙයයි.

ගවේෂණ අයියාගේ ලිපිය මතක් වුණ නිසයි මේ ලිපිය දැම්මෙත්. මෙයත් බුදු සරණ පුවත්පතින් උපුටා ගත්තෙමි. (එහි වරදක් වේ නම් සමාවෙන්න.)


මටත් සිරිපා ගමනක් යන්නට ඇත්ත්නම් ලඟදිම හරි?


ගුගලයට බළල් ඇසක් අරං! : කොම්පුටරේ!

ගුගල්හි Street View නම් සේවාව ගැන විස්තරයක්, ඒ හා බැදි හාස්‍යජනක දේ හා එයින් ගත හැකි තවත් ප්‍රයෝජන ගැන විස්තරයක් මම "ගුගලයට බළල් ඇසක් අරං! " නමින් ලිපියක් ලිව්වා. එය කියවන්නට ඔයාලටත් ආරාධනා:

http://komputare.blogspot.com/2009/03/blog-post.html




සුමානයකට පෙර සින්ඩරයට ඇතුලත් කිරිමට අයදුම්කලද තවත් පෝසට් කිහිපයක් දමන්නැයි ලැබුණු ප්‍රතිචාරයක් ලැබුණු අතර දැනට "කොම්පුටරේ!" සින්ඩරයේ නැති නිසා මෙසේ ලියන්නට වුණි.

පන්සලට දේවත්ත කෙනෙක්?



ImageHost.org

කැළණිය විහාර බිමේ ගන්නා ලද මෙම ජායාරූපයේ සිටිනා පුද්ගලයා ඇද සිටිනා ඇදුමේ හැටියට පන්සලක තබා සාමාන්‍යයෙන් මගතොටක ඇදිමට යොග්‍ය ඇදුමක්ද? මෙවැනි පුද්ගලයින් බොහෝමයක් සමාජයේදි එළිපිට සිටිති. ඔවුන් ගැන නිහඬ මන්ද? මිට වග කිව යුත්තේ ආර්ථික ක්‍රමයද? නොහොත් අධ්‍යාපන ක්‍රමයද? දෙමව්පියන්ද?

සුළු පිරිසක් හෝ එක් කෙනෙකු හෝ මනඃකල්පිතව හෝ හේතුකොට බංකු පෙරලන, නිති පනවන, වෙබ් අඩවි වලට තහචි පනවන කල මෙවැන්නන්ට නිහඩ මන්ද? කල යුත්තේ එසේ කිරිම නොව විකෘති වු සමාජයේ ඒ වැරදි වල මුල සොයා ප්‍රතිකාර කිරිමයි.


බොන කිරිවලටත් සත්ව තෙල්!


මෙරට කිරිපිටි ආනයනය කරන බහු ජාතික සමාගම් සහ පිටකොටුවේ තොග වෙළඳුන් මෙරටට ගෙන්වා කිරිපිටි යැයි විකුණන්නේ සම්පූර්ණ යොදය (මේදය) ඉවත් කර ෆාම් ඔයිල් සහ සත්ව තෙල් එකතු කර නැවැත සකස් කළ කිරි ආහාර බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පසු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුර ජයසූරිය මහතා දැඩි චෝදනාවක් කළේය.

ජයසූරිය මහතා මෙසේ චෝදනා කළේ මව්බිම ලංකා පදනම විසින් කොළඹ පදනම් ආයතනයේ ඊයේ (12) පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින්ය.

මෙලමයින් අර්බුදයත් සමඟ ඇතිවූ සැකයක් මත මව්බිම ලංකා පදනම වෙළඳපොළේ විකිණීමට ඇති කිරිපිටි සාම්පල් 10 ක් ලබා ගෙන ඒවා වයඹ විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් හා උපකුලපතිවරුන් සිවුදෙනකු ඉදිරියේ සාක්ෂි සහිත අත්සන් කොට මුද්‍රා තබා යුරෝපයේ ප්‍රධානතම ස්වාධීන පරීක්ෂණාගාරයක් වන එංගලන්තයේ ඉක්ලිප්ස් (A.C.L.I.P.S.E.) ආයතනයට එම කිරිපිටි වල මේදය පරීක්ෂා කිරීමට යැවූ බවත් කී ආචාර්ය ජයසූරිය ඕස්ට්‍රේලියානු නවසීලන්ත සම්මත ක්‍රමය අනුව සම්පූර්ණ යොදය සහිත කිරි ග්‍රෑම් 100 ක මේදය 26.3% සහ බියුටරික් අම්ල 0.9 ක් තිබිය යුතු අතර එය ප්‍රතිශතයක් වශයෙන් 3.5% ක් විය යුතු බවත් කීවේය.

එසේ වුවද මෙරට ආනයනය කරන ලද පරීක්ෂණය සඳහා යැවූ සෑම කිරි සාම්පල් එකක බියුටරික් අම්ල ග්‍රෑම් 0.9 ට වඩා අඩු වී ඇති බවත් එසේ වන්නේ එම කිරිපිටි වලට වෙන තෙල් වර්ගයක් එකතු කිරීම නිසා බවත් ආචාර්ය ජයසූරිය මහතා සඳහන් කළේය.

විශේෂයෙන්ම බියුටරික් අම්ලය තිබිය හැක්කේ රෝමාන්තික සතුන් වන ගවයන්ගේ හා එළුවන්ගේ පමණක් බැවින් වෙනත් තෙල් වර්ගයක් කිරිපිටි වලට එකතු කර ඇත්නම් ඒ බව කිරිවල බියුටරික් අම්ලය මැනීමෙන් සොයා ගත හැකි බවත් ආචාර්ය ජයසූරිය මහතා කීය.

මව්බිම ලංකා පදනමේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙසේ ද කීය.
එළකිරි වල තිබෙන මේදය ඉවත් කර වෙනත් මේදයක් එකතු කරනවා නම් එම කිරි හඳුන්වන්නේ නැවත සකස් කළ කිරි ආහාර ලෙසයි. බටහිර රටවල හෝ ඉන්දියාවේ මෙවැනි කිරි ආහාර කිරිපිටි වශයෙන් විකිණීම සම්පූර්ණයෙන් තහනම්.

නැවත සකස් කළ කිරි ආහාර නිපදවීම සඳහා එළකිරි වල ´බටර් ෆැට්` කියන එක ඉවත් කරලා ඒ වෙනුවට ෆාම් ඔයිල්, ඌරු තෙල් සහ කකුල් තෙල් එකතු කරනවා. එළකිරි මේදය ඝණයි. උදාහරණයක් විධියට ලංකාවේ එළකිරි මේදය කිලෝ 1 ක් රුපියල් 850 ක් වෙනකොට ෆාම් ඔයිල් කිලෝ 1 ක් රුපියල් 150 යි.

බහුජාතික සමාගම් කිරිපිටි කියලා මේ රටට ආනයනය කරලා අපට විකුණන්නේ නැවැත සකස් කළ කිරි ආහාරයි.

කිරිපිටි කියන්නේ අපේ රටේ අත්‍යවශ්‍ය ආහාරයක්. වර්ෂයකට කිරිපිටි මෙට්‍රික් ටොන් 61,000 ක් ගෙන්වන අතර ඒ සඳහා රුපියල් බිලියන 260,271 ක් වැය වෙනවා.

සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ගෙන්වනවා යැයි කියා නැවත සකස් කළ කිරි ආහාර ගෙන්වීමෙන් ආනයනකරුවන් වංචා සහගතව මෙතෙක් උපයා ඇති ලාභය රුපියල් මිලියන 2,000 ක් වෙනවා.

කිරිපිටි වල මේදය ඉවත් කර ඒ සඳහා එකතු කළ මේදය නිසා සෞබ්‍යයට හානි කරනවාද නැද්ද යන්න පිළිබඳව අපි තවමත් සොයා බලා නැහැ.

අත්‍යවශ්‍ය ආහාර ගෙන්වීමේ බදු සහන වලට මුලා වෙලා කිරිපිටි වෙනුවට නැවත සකස් කළ කිරි ආහාර ගෙන්වීමෙන් මෙම සමාගම් රජයට වංචා කර ඇති බදු වටිනාකම රුපියල් බිලියන 07 ක් වෙනවා. මේ සඳහා ලබා දෙන 15% ක වැට් බදු සහනයත් රේගුව මුලා කරලා ලබා ගෙන තිබෙනවා.

කිරිපිටි ගෙන්වන මුවාවෙන් නැවත සකස් කළ කිරි ආහාර ගෙන්වීම පාරිභෝගික ආරක්ෂණ පනත යටතේ වගේම ආහාර පනත යටතෙත් දඬුවම් ලැබිය හැකි වරදක්. මෙම සමාගම් ගෙන්වන එම කිරි ආහාර යළි දියකර එළකිරි වලටත් විකුණනවා.

මව්බිම ලංකා පදනමේ සභාපති ආරියසීලි වික්‍රමනායක, අධ්‍යක්ෂක කුලතුංග රාජපක්ෂ සහ වෛද්‍ය සුමිත් වන්නි ආරච්චි යන මහත්වරුන්ද මෙහිදී කතා කළහ.

පාරිභෝගික ඔබට මේ පිලිබඳ වැඩි විස්තර දැන ගැනීමට කැමතිනම් අංක 07777 47055 දුරකථනය අමතා මව්බිම ලංකා පදනමේ සුසන්ත රාවත්ත මහතා ඇමතිය හැක.

උපුටා ගැනුම: ලංකා ඊ නිව්ස් වෙතින්.

අස්ථි රෝග පෙන්නා අනිසි බයක් ඇති කර විකුණවා මදිවට මෙහෙමත් වැඩ?

අපේම පාශු කර්මාත්තය ගොඩ නැගිමට දේශපාලනිකරණ නොවු වැඩපිලිවෙලක් අතවශ්‍ය වෙන්නේ මෙවන් යුගයකදි
සක්විතිලාට කෝතවලාට බැන බැන සිටින අපි මේ බව දැන දැන නිහඬ මන්ද?

අයිබෝවන්ඩ!

ආයුබෝ වේවා ඔබලා සැමට, මට ආසවක් තිබ්බා වියමනක් ලියන්න.සිංහල බොලොග් සංගමේ එකේක් වුනාට මම කියවනවා මිසක් ලිව්වේ නැහැනේ. ඉතින් මම ඔන්න ලියන්න ගත්තා. හිතට එන ඔනෙ කෙහෙල්මලක් ලියලා දාන්න ඕනා. එන යන කට්ටිය මට ගල් මුල් වගෙම ඕනේ නම් මල් එහෙමත් දිලා යන්නකෝ. මට හොඳ හයියක් වේවි, ලංකවේ ඉන්නකොට පෙට්ටි හැලෙන්න තර්ක දාපු මං දැන් ඉන්නේත් තනි වෙලා, අම්මලා තාත්තලා හොඳක් වෙයි කියලා හිතුවට ඇත්තටම මගෙ ජිවිතේම ව්‍යාකුල වෙලා වගේ, අමෘතයක් වුන මගේ ආදරේත් එහෙම වුන අන්තිමට, ඔනේ වුනාට තාම මැරෙන්නේ නැති මං මරෙන කල් හරි පුලුවන් වෙලවක තියෙන කෙහෙල්මලක් කියල දාන්න ඕනා.

ඔයලා හැමොටම ආතල්, එළකිරි වගේ සුභ නව වසරක් වේවා!