Showing posts with label අදහස්/පිලිතුරැ. Show all posts
Showing posts with label අදහස්/පිලිතුරැ. Show all posts

ලිෂාන්ගේ "අන් සතු (මා) රුව" හා ලෝ දහම

ImageHost.org
මම විඳිමි ඈ රුව
පෙනෙන ලෙස තඹරුව
බිඟු ඇසින්
කරන ලෙද බලකලත් සිතුවිලි
ඇය හටම
කරන ලෙද ආලය හද තුලින්
කෙසේ කරමිද
ආලය වෙන කෙනෙකුට නතු වූ හදවතින්

නෙළුම් මල දිහා බඹරෙකු බැලුවත් එයට වසා පැණි බීවත් එය ඔහුගේ නොවෙයි, ඒ මල වැදු ජල නිම්නයටත් සදා අයිති විය නොවිය හැකියි. මන්ද එය කෙනෙකු නෙලා ගනු ඇති බැවිනි, ඉක්බිඳිව වුවද ඔහු මලට සුවදැති පැන් ඉස සරසා තවකෙකුට විකුණයි. මිලදී ගත් ඒ තැනැත්තා එය පන්සලට* පුදයි. නමුතු ඒ නෙළුම් මල කාලරූපීව පරවී බුදු ගෙදර සුවඳවත් කර රෑපයෙන් අලංකාරමත් කර පරවී කෙඩෑර වී යයි. ලෝ දහම එසේ නොවේද? මේ සංසාරේ පුරා දුකාත්මය හා සතුටාත්මක අතර දෝලන වෙමින් ප්‍රේමීය බව වියෝමීය බව අතර සැරී සරන්නට ඔබටත් මටත් සිදූ වනූ ඇති. ඔබ කුමක් කෙනෙක් වුවද, කුමන නීලයක කෙනෙකු වුවද කෙනෙකුට කොතරම් පෙම් කලද වැලපුණද එයයි යථාර්තය. ඔබට ඔබේම කියා කෙනෙකු ඔබට නැත්තේය, ඒ හුදෙක් ඔබේ කියා මවා ගැනීමකි.

*(මට මෙහීදි මැවෙන්නේ දළඳා මාලිගාවයි, මන්ද මාගේ කළුදුල් ඒ ප්‍රේමයේදීද මුලින් එතැන ගොස් නෙළුමක් පුදා පිරිත් නුලකින් ඈගේ අත සැරසු බැවිනි)
ලීෂාන්ගේ බ්ලොග් රෝල තුලින් සිතට මැව් වැකි පෙලක් ඔබ ඉඳිරියේ තබන්නට අවසර! ( වෙනත් නිදැස් කවි තුලින් මනෝකාමය අදහස් දැන්වුවත් නලීන්ගේ සඳ මුහුණ ගැන ලිව්ම හැරෙන්න තවම මට ලියන්නට බැරි විය. ඇතැම් නිර්මාණ තුලින් අදහස් දැන්වුවද ඒවා මෙහීලා සඳහන් කරන්නට බැරි වීම කණගාටු වෙමින් අදින් කොදෙව්වේද ඉඩ වෙන් කරමි. මා තව තවත් පෙරට වඩා අනුරාගී අකුරු පණගන්වමින් කලාව හුදෙකලා නොකර අත්වැල් බැද ගනිමි. මිනිස් සිතකට ස්පර්ශ කරන්නට සමත් විද්‍යාවෙන් පෝෂිත වන්නේද කලාවයි, නවීන විද්‍යාව තුලින් නැසී පූනරුත්තාපාන වෙමින් ලෝකය සරස්වයි. ( මේ ගැන යම් දිනෙක යම් ආකාරයක ඉදිරිපත් කරන්නට අවසර! )



Chicken a la Carte හා බැදුණ මගේ අතීතය

Short Film By: Ferdinand Dimadura


මට මේ විඩීයෝ පිටපත ගැන මගේ සමීපතයෙක් කිව්වේ. ඔහුට ඒ ගැන තුතිය.

මේ විඩීයෝව මාව අතිතයට ගෙනගියා කිව්වෝත් නිවැරදියි. ඉන් එක් මොහොතක් නම් නුවර KFC එකට යනවිට ඒ අසලම delight ඒකට ඉස්සරහ දරැවෙක් වඩාගෙන බිම වාඩිවී ඉන්න අම්ා කෙනෙක් හිටියා. ඇයගේ තත්වය ගැන හිතලා ඇයට මම බුරියානි එකක් දුන්විට ඇයත් ඇයගේ ඒ පොඩි නංගිත් එක්ක කෑ හැටි මගේ මතක සටහන් ගොන්නේ තවමත් සක්මන් කරයි. එතැන් සිටම නුවර සතිපතා පැමිණිවිට ඇයට කුමක් හෝ දීම පුරැද්දක් වෙලා තිබ්බේ. උසස් පෙල ලියන්නට පෙර දිනෙක ආ විට ඈ දක්න්නට නො ලැබුණු අතර මට පසුව දැන ගන්නට ලැබුණේ ඇයව සැක කටයුතුයැයි පොලිසිය අල්ලා ඇති බවයි. මා කිව්වේ මේ විඩීයෝව සමග බැදුණ මගේ අතිතය විතරයි.

ඇත්තටම අපි නිපරාදේ වියදම් කරමින් මේවාට යද්දී පාරේ එහා පැත්තේ හෝ දොරටුවේ හිගමන් අදින කොච්චරක් ඇතිද? ඔවුන් ගැන ඔයාලා හිතුවාද?

නිර්ලැජ්ජිත Tamilnet.tv පාපතරණියන්...


එක්තරා බිලෝගයක Tamilnet.tv ගැන හදුන්වාදීමක් කල විටදී ඒ ගැන නොලිව්වත් පසුගිය දිනෙක තවත් බිලෝගයක ඇදෑතුමක් යොමුකර තිබු නිසා ඒ ඔස්සේ මට දකින්නට ලැබුණු පිළිකුල් සහගත, නිර්ලැජ්ජිත, අධම ගණයේ රෑප හා වචන ගැන කෝපයෙන් හා අනුකම්පාවෙන් ලියමි.

ජුලියස් සීසර්ට අත්පුඩි ගසනවිට ඔහු උද්දාමයට පත්වී හිටි අතරම එසේ අත්පුඩි ගසන්නන් අතර තමාට පිහිපාරවල් එල්ල කරන දත මැද ගෙන සිටි අය සිටි බව නොදන්නට ඇති. ඒ ලෙසම වෙස් වලාගෙන එන විනාශයන්ද බහුල වෙයි. එක්කෙනෙකු Tamilnet.tv ගැන සදහන් කලේ “මම tamilnet ඇඳුම යොදා ඇත්තේ එය ත්‍රස්තවිරෝධි නිසා ය. ලොව පුරා සහ ලංකාවේ සිට ක්‍රියාත්මක වන කොටි ප්‍රචාරණ ජාලයට එරෙහිව එවැනි දේ අවශ්‍යය.“ එය සත්‍යයක් වුවත් එම අඩවිය ඒකී අරමුණෙන් බැහැරව ලංකික භාවයටත් ඒ හා බැදි බෞද්ධයෙකුගේ ගතිලක්ෂණ වලට අපහාසයක් වෙමින් සංගමයක් හැදියාවක් නැති තත්වයට වැටි ඇති අයුරැ ගෝචනීය. ඒකී තත්වය වඩාත් දරැණුවෙන්නේ ඉංශ්‍රිසි මාධ්‍යයෙන් පළ කිරිම නිසායි.

මට මතක ආකාරයට මේ අඩවිය ගැන මම මුලින් දැන ගත්තේ 2007 හෝ 2008 වසරේදීයි. එකල ලිපි මෙතරම් තත්වයක නො තිබුණත් අද එහි කතෘවරැන් අසහ්‍ය චිත්‍රපටි හා රෑප නරඹමින් ඊට කොටි හිනවාදින් වැනි අයගේ මුහුණු බද්ධ කරමින් ඇතැම් විටෙක අසහ්‍ය වචනද පල කරයි. එම ජයාරෑප වල සදාචාරත්මක බවක් නැති බැවින් මෙහිදී පළ කල නොහැකිය. එතරම්ම පිළිකුල් සහගතය. මා දන්නා තරමින් දැනට කොටි හිතවාදින් එවැන්නක් මෙසේ එළිපිට කර නැත (එසේ කර ඇත්නම් දන්වනු මැනැවි). මෙයින් සිදුවන්නේ Tamilnet.tv කතෘවරැ වැනි විකෘතියන්ට සිත් දුෂණ කරමින් විකෘති රස වින්දනයක් දිම පමණි. එසේම මේ නිසා බාහිර පුද්ගලයන් අප ගැන වැරදි අවබෝධයක් ලැබිමේ අවධානමක් පවතී. සිංහලයින් ඇතුලු ලංකිකයන් එතරම් පහත් ජාතියක් නොවේ. ලෝක ඉතිහාසයේ එවැනි දේ සිදු වෙද්දි දුටුගැමුණු රජු සටනින් දිනා එළාර රජු වෙනුවෙන් චෛත්‍යයක් සාදන්න තරම් හැදියාවක් තිබ්බ රටක මෙවැන්නක් අනුමත කල හැකිද?

දෙමල ජනයා ගැන ජාතිකයැයි කියන බොහෝ දෙනා කෙසේ සිතුවත් දෙමල ජනතාව යනු අපේ සොයුරැ ජනයායි. යුද්ධයෙන් දෙපැත්තෙන්ම වැඩියෙන් බැට කෑවේ ඔවුනුයි. නවද ලංකිකයෙකුගේ තවත් ගුණාංගයක් නම් පරම සතුරෙකුගේ මරණයේදී, මරණයෙන් පසුව අපහාස නොකිරීමයි.නමුත් හීෂණ සමයන් නිසාත් දේශපාලන නිසාත් ඒ ගුණාංග පලදු වු අතර ඒවැනි ලක්ෂණ ගණනාවක් Tamilnet.tv තුලින් දැකිම ගැන සතුටු විය යුතුද නැතහොත් කණගාටුවිය යුතුද කියා නොතේරේ.

එහි වඩාත්ම ගෝචනීය කරැණක් වෙන්නේ අසරණ මියැදුණු දෙමළ සොයුරන්ගේ ජයාරෑප වලින් කරනා නෝබිනා හැසිරිමයි.
ImageHost.org
ImageHost.org
ImageHost.org
ImageHost.org
තවත් වෙනත් ඒවා ගිහින්ම බලන්න: www.tamilnet.tv

අනෙක් කරැණ නම් අනුන්ගේ ජයාරෑප වලට අසහ්‍යත්වයක් එකතු කිරිමයි. අනුන් එසේ කල පලියට අපිත් එසේ කළ යුතුද?
ImageHost.org
ImageHost.org

හමුදාවේ කිර්තීයට මෙය අපහාසත්මක නොවේද:
ImageHost.org


නමුත් මෙවැනි රෑප එහි පළ කිරිම එක අතින් වටී, නමුන් එහි වටිනාකම නැති කරන්නේ ඒ අයම නොවේද? (අවසානේ මහින්දටත් එහි මඩක් ගෑවෙයි). හින්දු ආගමේ චරිත සදහන් කරන්නත් එවුන් සැහැසි වෙයි.
ImageHost.org
ImageHost.org
ImageHost.org
ImageHost.org
ImageHost.org


tamilnet.tv කතෘවරැනි, නුඹලාට කොටින්ට එරෙහි වන්නට අවශ්‍ය වුයේ නම් විය යුතු වුයේ tamilnet.comහි ශෛලිය හා එහි සැකැස්ම අනුව ඒ ආකාරයෙන් ඔවුනට විරැද්ධ ලෙස ලිපි ලිවිමයි. ප්‍රවෘත්ති පල කිරිමයි, tamilnet.comහී සත්‍ය අසත්‍යභාවය පෙන්වීමයි.නැතිව මේ ආකාරයෙන් අසම්මත නිර්ලැජ්ජිත ලෙස ලිපි ලිවිම නොවේ. ඊට වඩා මේ අඩවිය නො තිබිම යෙහෙයකි.

මේ අඩවිය ගැන ඔබේ පක්ෂපාති / විරැද්ධ අදහස් අගයමි.
මේ ගැන ඔවුන්ටත් ආරක්ෂක අමාත්‍යංශයටත් දැන්වුවෙමි.

මගුලක්

ඌරන් කැකලු තලනවීට වලී කුකලන්ට මගුල් වන්නාසේම බුද්ධාගම විකු එක් දේශපාලක පක්ෂයක හා ඊනියා චින්තන ප්‍රවාහයක දුර නොදකින අන්තවාදී වචන හා අපහාස යොදා ගනිමින් කෝටි හිතවාදීහු වාසි ගන්නා එක් අවස්ථාවක්:


කණගාටුයි...
මේ සිටිනා මුස්ලිම් සිසුවියන් ලැජ්ජාවට හෝ යම් හේතුවකට මාරැ කරන බව පැහැදිලිය (නැත්නම් මේ ඇත්තටම එසේ නිතීයක් ඇති).
ඇයි ඒ?
මේ එකක් නොව මෙවැනිම අය මට ඔනතරම් හමු වී ඇති අතරම ඇතැම් ප්‍රධාන ආගමික පාසල් වල අන්‍ය ආගමික අයට ඒ පාසලේ අදාල වු ආගමික වාතාවන් සිදු කිරීමට සිදු වන අතර ඇතැම් ඒවායේ නිතීද පනවයි. මා කලක් ශිල්ප ලැබු අන්‍ය ආගමික පාසෙල්දීත් මට සිදු වුයේ පිරිත් නුලක් බැදිවිට විනයභර ගුරුතුමාගේ නියෝගය මත (පාසලේ නිතීයක්ලු ) ශිෂ්‍ය නායකයන් ලව්වා කැපවු අතර ඊට මා විරුද්ධ වී දවස් කිහිපයක පන්ති තහනමකට යටත් වෙන්නට මට සිදුවිය. ආගමක් යනු නිතීයක් නොවේ, හැදියාවයි. මිනිසෙකු සකසන සැකසෙන ක්‍රිමවේදයයි. බුදුදහම ආගමක් නොවන අතර එහී සංස්කෘතියක්ද නොපවතී, එය හුදෙක් සත්‍යාත්මක දර්ශණයක් පමණි. අන් ආගම් දර්ශණ වලට ගරැ කිරිමත් එහි ප්‍රධාන වෙයි. නමුත් කණගාටුවට අපේ රටේ ආගම යොදාගනිමින් (බුද්ධාගමද ඇතුලුව) ඒක ඒක විකාරලාපයන් කරයි කියයි. ඊට ඈත අතීතයේ නොතිබී නිතී පනවන්නත් යයි.

ඊනියා වහසි බස්, බටහිරටම බැණ බැණ රටට ලොවට වැඩක් නොවන මතවාදීන්ට:
කරැණාකර බුදුදහම මාර්කට් නොකරනු මැනැවි. නලීන් මහතානි, ඔබ ලොව හොදම විද්‍යාඥ මහතෙකු නම් බුදු වදාල හෝ බුදුදහමේ (සුත්‍රගත) තිබෙනා දේ උපයෝගී කරමින් ලොවට වැඩදායි වු තවත් දෑ හදුන්වා දෙනු මැනැවි.

වචනයට වඩා ක්‍රියාව වටිනේයි.

තවත් වටිනා ලිපි දෙකක්: අදහස් අවකාශය තුලින් උපුටා දක්වමි
ආගමික අන්තවාදයේ කරුමය : පසුගිය දවසක අපි විශාල කලබැගෑනියක් නිර්මාණය කල සිදුවීමක් සිදුවුණි. ඒ අනවසරයෙන් ශබ්ද විකාශ යන්ත්‍ර භාවිත කිරීමේ වරදරට හිමි නමක් අත් අඩංගුවට ගැනීමත්, ඉන්පසු අධිකරණයේ එම නඩුව කැඳවූ විට භික්ෂූන් වහන්සේ නැගී නොසිටීමත් යන කරුණු නිසා. විකාර සහගත රටක් වන ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ මූලික විඳීමට බාධා කිරීම ආතල් එකක් කර ගැනීම නිසා මේ සිවිල් නීති කඩ කිරීම සාධාරණිකරණය කරන්නට කොළඹ තාප්ප පුරා පෝස්ටර් ඇලවුනා. අපි දන්නා තරමින් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුව ලංකාව ඉරානයේ හෝ වෙනත් අරාබි රටක් මෙන් ආගමික රාජ්‍යයක් නොවන බව හැමෝම දන්නා කරුණක්. ඒ අනුව රටේ සිවිල් නීතියට ගරු කිරීම ආගමික නායකයන් හට වුවත් අදාලය යන සරල කාරණාව මුලින්ම තේරුම් ගැනීමට මේ අන්තවාදී බුද්ධ පුත්‍රයන් හට නොහැකි වීම ගැන ඇත්තේ ලොකු කණගාටුවක්. මේ ස්වාමීන් වහන්සේට අනුව පාරේ වම් පැත්තෙන් ගමන් කිරීමට පූජක පක්ෂයට හැකිවිය යුතුයි. මොකද ඔවුන්ගේ අමන තර්ක අනුව රටේ මූලික නීතියට ඉක්මවා යන බලයක් ඔවුන් සතුව ඇතැයි උපකල්පනය කරන නිසා. දැන් මූලික සිද්ධිය දෙසට අවධානය යොමු කරමු.

කාලයකට ඉහත පන්සලක් නිවස අසල පිහිටා තිබීමේ අවාසනාවට මම ද මුහුණ දුන්නා. ආගම යනු මිනිසුන්ගේ මානසික සුවය සදන දෙයක් වුවද ඉරිදා උදේ පාන්දර ඇරඹෙන මේ පිරිත් දේශනාව ශබ්ද විකාශන යන්තූ මගින් ප්‍රදේශය පුරා රැව් දෙන විට , සතියේ දවස් හයක් පුරාවට මානසික , ශාරීරික විඩාවට පත්වුනු නූතන යුගයේ ලාංකිකයාගේ භූමිකාව නියෝජනය කරන අපිට ඉරිදා උදයේ අමතර පැයක් නිදා ගැනීමට තියෙන අවස්ථාව අහිමි වෙනවා. පිරිත් වාදනය අසන්නට අවශ්‍ය නම් ඒක අවශ්‍ය පුද්ගලයා අසනවා විනා බලෙන් මිනිසුන් මත පටවා අනෙකාගේ නිදහසට යම් ආකාරයකින් හෝ බාධා කරන මේනියාව මොකද්ද කියන එක තේරුම් ගන්නට හරි අමාරුයි. හරියට බස් වල යනකොට වාදනය වන කැසට්, රේඩියෝ මගින් රියදුරා අපේ නිදහසට බාධා කිරීම වගේ වැඩක්.

අන්තවාදී මුහුණවර ගත් ජාතික වාදී , ආගම් වාදී ව්‍යාපාර හරහා ශෝකාන්ත බවට පත්වූ ඇෆ්ගනිස්ථානය පිළිබඳව කතාව කියවල හමාර කලේ ඊයේ. මෙවැනි ව්‍යාපාර හරහා බැට කෑ රටවල් සඳහා උදාහරණ ඕනෑ තරම් තියෙනවා. මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් සහ වඩා යහපත් සමාජයක් උදෙසා වන සමාජ දේශපාලන ව්‍යාපාරයක සේයාවක් වත් දකින්නට නැති ශ්‍රී ලංකාවේදී ඒ වෙනුවට බිහි වන නොයෙක් උරුමයන් යුයි කියාගත් කරුම පක්ෂ වලට පින්සිදු වන්නට මෙවැනි මතවාද පවත්තවා ගෙන යාමට අවශ්‍යය පිටිවහල තවමත් ලැබෙනවා. ඒක නිසා කරුණාකර රටේ සිවිල් නීතියට ගරු කිරීම වඩා වැදගත් බව මේ උන්නාන්සේලා තේරුම් ගන්නට කාලය එළඹිලා. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුව පුරවැසියකුට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස දී ඇති නිසා කරුණාකර ආගම අප මත බලෙන් පටවන්නට එපා කියන කාරණාව මතක් කර දෙන්නට සිද්ධ වෙනවා.

හාමුදුරුවනේ,

ලංකාව කියන්නෙ පන්සලක් නෙවෙයි. ඒක නිසා අපිට වද දෙන්න එපා

අන්තවාදයේ කරුමය 2: අන්තවාදයේ කරුමය නමින් මුලින් ලියන ලද ලිපියට සෘජු ප්‍රතිචාර නොදක්වා තැන් තැන් වල ලියා තිබූ බැවින් නැවත මුල් ලිපියේ අර්ථය පැහැදිලි කිරීමට ලියන්නෙමි. නමුත් මුලින්ම කීමට ඇත්තේ කශේරුකාව පිළිබඳ ප්‍රශ්න විසඳා ගැනීම කෝකටත් හොඳ බවය.

මුල් ලිපිය නැවත සැලකිල්ලෙන් කියවා බැලුවහොත් ලංකාව යනු ආගමික රාජ්‍යක නොවන බව අවධාරණය කර ඇත්තේ ආගම සමග ඇති තරහක් හෝ වෙනත් ආකාරයේ නෝක්කාඩුවක් නිසා නොව පුරවැසියන්ගේ මූලික නිදහසට බාධා කිරීමට ආගමට මුවා වීමට එරෙහි වීම උදෙසාය. අනෙත් වැදගත් කාරණය වන්නේ ආගම මිනිසුන් මත බලෙන් පැටවීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බව අවධාරණය කරනු පිණිසය.

ඛේදවාචයක් බවට පත්වූ ශ්‍රී ලාංකාවේ සිය මධ්‍ය පාන්තික කුහක භාවය ද , හිස් කමද වසා ගැනීමට නොයෙකුත් විකාර රූපී රංගන වල යෙදෙන ලාංකිකයන් මත පදනම් වූ කරුම පක්ෂ වලට පින්සිදු වන්නට සිවිල් නීති කඩ කිරීම සාධාරණි කරණය කරන්නට කොළඹ තාප්ප පුරා පෝස්ටර් ඇලවෙන රටක දී මේ ලියැවීම් විකාරයකි. ශබ්ද විකාශන යන්ත්‍ර පිළිබඳ මූලික නීති පැනවූයේ ලංකාව තුල මිනිසුන්ට අවම වශයෙන් රාත්‍රි කාලයටවත් සැනසිල්ලේ සිටින්නට හැකි වන ලෙසටය. නමුත් තමන්ගේ අසල් වැසියා සුවසේ නිදා ගැනීම නිසා තමන්ගේ ආතල් බිඳ ගන්නා අපේ අමනයන් හට මේ නිතී නිසා හිත රිදේ. ආගම යනු අධ්‍යාත්මික සුවය සලසා ගැනීමට අවශ්‍ය දෙයකි. ජීවිතයේ දුක් ගංගාවක් නම් එය තරණය කර අධ්‍යාත්මික සැනසීම කරා එළඹීමට ඇති පාරුවක් ලෙස ආගම සැලකිය හැක. නමුත් කරන්නට වැඩක් නැති කමින් පෙලෙන ලාංකිකයා හට අවශ්‍ය පාරුවේ නැගී යාම වෙනුවට පාරුව කරේ තබාගෙන යාමය. මෙය අද දවසේ ආගම් වලට පමණක් නොව නොයෙක් ආකාරයේ අන්තවාදයන් හට යොමු වුනු ලාංකිකයන් හට අදාලය. එම නිසා අනුන්ගේ ආතල් කැඩීමට ඔබට ඇති ආසාව නිසා කරුම පක්ෂ සහ නොයෙකුත් සංවිධාන ඔබ ලා සමග රමණයේ යෙදුනු පමණින් ඔබ සමග රමණයේ යෙදීමට අප බැඳී නැත.

එම නිසා පෙර ලිපියේ අවසානයේ ලියූ දෙය නැවත ලියමි.

ලංකාව පන්සලක් නෙවෙයි. ඒක නිසා අපිට වද දෙන්න එපා.


(I am writing this with fully upset after watching the video.)


පොලිස් පෝලී

එක් ලිපියක් නිසා මට මතක් වු විකල්පයේ ලිපියක් මෙහි දැමුවෙමි.

දිනය - 2009 අප්‍රේල් 12 වැනිදා
වේලාව - සවස 6 යි.
ස්ථානය - පිළිමතලාව නගරය

මාගේ සහෝදරයාත් මමත් පිළිමතලව නගරයට පැමිණියේ අපගේ ඥාති ගෙදරකට යාම සඳහායි. එම ගෙදරට ගෙනයාමට යමක් මිළදී ගැනීමේ අටියෙන් කඩයකට ගොඩ වූ අප දෙදෙනා අවශ්‍ය කළමනා මිළදී ගැනිමෙන් පසු බසයකට ගොඩවිම සඳහා බස්නැවතුම් පොළ වෙත පියනැගුවෙමු. අතර මගදී නගරයේ තැපැල් කන්තෝරුව ඉදිරිපිට තිබූ රතිඤ්ඤා තට්ටුව අසල මදක් නැවතුනේ රතිඤ්ඤා පෙට්ටියක් මිළදී ගැනීම සඳහාය. එම වේලාවේම එහි පැමිණි කඩුගන්නාව රථවාහන පෙලීසියේ නිළධාරීන් දෙනෙකු රැගත් සුදු පැහැති මෝටර් සයිකලය රතිඤ්ඤා තට්ටුව ඉදිරිපිට නතර කෙරිණි.(අවශ්‍ය නම් යතුරු පැදියේ අංකය ද මා සතුව ඇත.) යතුරු පැදිය පිටුපස අසුනේ සිටි පොලිස් නිළධාරියා ඉන් බැස තට්ටුව වෙත ගොස් නිලාකූරු පෙට්ටි හයක් හා රතිඤ්ඤා පෙට්ටි දෙකක් රැගෙන එය බෑගයක දමාගෙන පිටව ගියේ ‛‛ මුදලාලී ගිහින් එන්නම්’’ කියාගෙන ය. එම නිලා කූරු පෙට්ටියක මිළ රුපියල් 75කි. රතිඤ්ඤා පෙට්ටියක මිළ රුපියල් 100 කි.
සිද්ධිය දුටු මා ඒ පිළිබඳව මුදලාලිගෙන් විමසුවෙමි. ‛‛ මොනව කරන්නද මහත්තය නොදුන්නොත් ඉතින් මේ ලෑල්ල මෙතන තියාගෙන වෙළදාම් කරල ඉවරයි. මාව එලවල දායි. ඔය එක කට්ටියක් විතරයි. තවත් අය එයි. කොච්චර ආවත් දෙන්න එපැයි ’’ මුදලාලිගේ මුහුණේ ඇත්තේ විස්සෝප ස්වභාවයකි. මමත් මල්ලීත් රතිඤ්ඤා පැකට්ටුවක්ද මිළදීගෙන එතැනින් එන්නට සැරසෙද්දීම තවත් පොලිස් නිළධාරින් දෙදෙනෙකු රැගත් මෝටර් සයිකලයක් පැමිණ රතිඤ්ඤා තට්ටුව අසල නවතනු පෙනිනි.

චන්දන - කටුගස්තොට


ගම්පහ දිස්ත්‍රික්කයේ එක් ප්‍රදේශයක පොලිසියේ නිලධාරින් ඒ ආසන්න තැනක (එයත් එක්තරා ප්‍රකට පාසලක් ආසන්නයේ පිහිටි එකකි (මා දන්නා තරමට මතට තිත නීති අනුව එය නිතී විරෝධි වේ.) මත්පැන් විකුණන ස්ථානයක මත්පැන් මිට ආසන්නව උත්සව සමයේදි බෝතල් ගණනාවක් (පුද්ගලයෙකුට බෝතල් හතරක් හෝ පහක් වැනි ප්‍රමාණයක ගෙනියාමත් තහනම් වේ. මෙහිදී පොලිස්කාරයන්ට ඒ නිතීයද අදාල නොවෙයි. ) මිලදී ගන්නා අතරම ඒ සුරාසැලට ආසන්නයේ තැබෑරැමේ පොලිසියේ සේවය කරන අයවලුන් බීමත් වන බවත් රණ්ඩු ඇති කර ඇතිගන්නා බව මම ඒ ප්‍රදේශයේ නෑ ගෙදරක නැවති කාලයේදී දැක ඇත්තේමි.

පොලිසිය වු කල්හි රටේ වැදගත්ම ආයතනයක් වෙයි, රටක පැවැත්මට පොලිසිය වැදගත් වන අතර එම අංශයේ යහපැවැත්මට නිසි විමසිල්ලක් දැක්විය යුතු වුවද එසේ සිදු නොවෙයි. රටේ නිතීය අපක්ෂපාතීව කටයුතු කල යුතු වුවත් බොහෝ විට සිදු යවන්නේ (හොර ) ආදයම් මාර්ගයක් හෝ දේසපාලන අතකොලුවෙක් හෝ ගංජා/දඩමස් ජවාරමට ආරකෂාවක් ලෙස පොලිසියේ බොහෝ දුෂිත නුසුදුසු පුද්ගලින් නිසා සිදුවෙයි. පොලිසියේ සේවය කිරිම හෝ හමුදාවේ සේවය කිරිම වෙත් අනවශ්‍ය ලෙස මතු කිරීම සුදුසු නෙවෙයි, එය ඇතැම් රටවල තහනම් වෙයි. නමුත් අවාසනාවට අපේ හිටපු‍ පෝලිස්පතියෙක් තම කවුන්ටර් වල නිල ඇදුමෙන් තරග කරන්නට තරම් වෙයි. ඔහුගේ කාලයේ යට ගිය පරික්ෂණ (සෝම හිමි කෝමිසමටත් මෙතුමා ඇතුලත්ය) සිදුවු අනෝදනාත්මක සිදුවීම් (නිහාල් මිනීමැරැම ) හමුවේ කටින් බතල හිටවු අතර සිය නිය කාලය අවසන් කරනවිටදී තමා වැඩ අරඹන විට රටේ දුෂිතම ආයතනය වු පොලිසිය දෙවැනි තැනට ගෙනා බව පවසන ලදී. කෙසේ වුවත් පොලීසිය රටේ තිබිය යුතු උත්තීර වෘත්තියක් විනා වෙන කිසිවෙක් නොවේ. පොලිසිය මෙසේ හැසිරේ නම් ජනයා ගැන කිම? නැති බැරි දුප්පතෙක් අල්ලපු වත්තේන් කෙහෙල් කැනක් ඉස්සුවට තලන අතර ලොක්කෙක් පුරා වස්තුවක් සොරකම් කර අසු වු විට ඇප දී සැලයිට් ගා යැවිම පොලිසියේ බහුතර කාර්යක් වී හමාරය.

ImageHost.org

නිල කබාය තුල ස්ත්‍රී දුෂකයෝ

ගාලූ පාරට මුහුණලා පිහිටි ජය තිලකලාගේ පර්චස් තුනහමාරේ ඉඩම, ලක්‍ෂ තිස් අටකට තීන්දු කළේ ඉහටත් උඩින් වූ ණයතුරුස් ගෙවා දැමීමට වෙනත් විකල්පයක් නොතිබූ බැවිනි.

එහෙත් මුලින්ම ලක්‍ෂ විස්සකුත්, ඉතිරිය හයමසක් ගිය තැනත් ගෙවන බවට ගැනුම්කාරිය තීන්දු කිරීමත් සමඟ ඊට උඩින් යන්නට ඔවුන්ට සිතුණේ නැත.

ඒ, ගැනුම්කාරිය ගම අහල පහළම හොඳින් දන්නා හඳුනන්නියක වීම නිසාය. හයමසක් ගිය තැන ඔප්පු ලියැවෙන්නේයැයි සිතූ ජයතිලකලා සිය අත්සන් යෙදූ හිස් කඩදාසි හයක් ද නීතිඥවරියට ලබාදෙමින් විසිලක්‍ෂයෙන් ණයතුරුස් ගෙවා දැම්මේය.

මේ පරිච්ඡේදය අපට වැදගත් වන්නේ පැමිණිල්ලක් කිරීමට පොලීසියට යන කාන්තාවක පොලිස් නිලධාරීන් විසින් දූෂණය කරයි’ යන පසු සටහන වෙනුවෙනි.

එහි කාන්තාව වන්නේ අකුරු නොදන්නා ජයතිලක වෙනුවෙන් අකුරු ලියන්නට ඉදිරිපත් වන ජයතිලකගේ නංගීය. මෙතැන් සිට මාලනී නමින් හැඳින්වෙන 43, හැවිරිදි දෙදරු මවක වන ඇය, මිරිහාන විශේෂ විමර්ශන ඒකකයත් සමඟ අයියාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගනුදෙනුව අරඹන්නේ පසුගිය ජනාවරි 20දා සිටය.

ර්‍කිව්ව විදිහට ඉඩම ගත්ත අය මාස හයෙන් අපට සල්ලි දුන්නෙ නෑ. මම ඒ ගමන මේ ගිවිසුම ලියපු (නීතිඥවරිය) ජයන්ති මිස්ට ගිහින් කිව්ව. එයා කිව්වෙ එහෙනම් ඔයාල බැනර් එකක් දාලා ඉඩම විකුණල අරයගෙ ලක්‍ෂ 20 දෙන්න කියලා. අපි ඒ විදිහට බැනර් එකක් දැම්මම මිනිස්සු ආවා. එතකොට මම කලින් ගත්ත අක්කට කිව්ව ඉඩම ගන්න කට්ටිය ඉන්නවා. විකුණපු ගමන් ඔයාගෙ ලක්‍ෂ 20 දෙනව කියලා.

එතකොට එයා කිව්වා ලක්‍ෂ 20ට මම මේක සින්නක්කරේට අරන් තියෙන්නෙ ඔයාල කොහොමද විකුණන්නෙ කියලා. එතකොටයි අපි දන්නෙ ජයන්ති මිස් සම්පූර්ණයෙන් අපිව රවට්ටලා අර ගෑනිට ඕන විදියට ලක්‍ෂ 20ට ඉඩමෙ ඔප්පුව ලියලා කියලා

මේ මාලනීගේ නෑනා ඉඩමේ ආරාවුල පිළිබඳ කියන විස්තරයය. එතැන් සිට නෑනාත්, ජයතිලකත් අකුරු දන්නා මාලනී ද ඉස්සර කරගනිමින් මේ අවනඩුවද ගෙන ළඟපාත පොලිසියෙන් පොලිසියට යමින් මාස ගණනක් රස්තියාදු වූහ. වැල්ලවත්ත, මොරටුව හා ගල්කිස්ස යන පොලිස් ස්ථානවල එසේ දෙමාසයක්ම රස්තියාදු වූ ඔවුන් ඊළඟට නවතින්නේ නීති ආධාර කොමිෂන් සභාව තුළය. ඉන් ලැබෙන උපදෙස් මත නුගේගොඩ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවන මාලනී ඇතුළු පිරිස අවසාන වශයෙන් මිරිහාන විශේෂ විමර්ශන ඒකකයේ උප පොලිස් පිරීක්‍ෂක ප්‍රනාන්දු වෙත යොමු කෙරේ.

ර්‍ඒ ජනවාරි 20දා එස්.අයි. ප්‍රනාන්දු මහත්තයා එවෙලෙම ක්‍රියාත්මක වෙලා දවස් දෙක තුනකින් ඉඩමට වංචා කරපු අයට දැනුම්දීම් කෙරුවා පොලිසියට එන්න කියලා. එන්නැති වෙනකොට වරෙන්තු අරන් ගිහින් ඒ ගෑනු කෙනාව ගෙනාවා. එදා අපිත් පොලිසියෙ හිටියා. හවස් වෙනකම් ඒ ගෑනු කෙනා තියාගෙන ඉඳලා උසාවි නොදාම හවස සිවිල් පිට ආපු කවුරුහරි කෙනෙක් එක්ක යැව්වා. ඇයි එහෙම කෙරුවෙ කියල ඇහුවත් අපට හරි උත්තරයක් ලැබුණෙ නෑ’

මාලනී මේ කියන්නේ ඊට පසුව උදා වූ ඒ අහිමිරි ඉරිදාවට පූර්විකාවක් එක්කරමිනි. ගෙවුණු කාලය පුරාම පැමිණිල්ලට අදාළ සියලූ සොයා බැලීම් කර ඇත්තේ මාලනීය. ඒ අකුරු නොදන්නා ජයතිලක අයියාට උදව්වක් වශයෙනි. කුලියට ඇඳුම් මැසීම සිය ජීවිකාව කරගත් මාලනී, නිතර පොලිසියට කාලය වැය කරන්නට බැරිකමට දුරකතනයෙන් එස්.අයි. ප්‍රනාන්දුගෙන් තොරතුරු විමසුවාය.

ර්‍මට ඩිරෙක්ට් කතා කරන්න ක්‍රමයක් නෑ. අයියල එස්.අයි. ප්‍රනාන්දු මහත්තයට කතා කළාම එයා කියන්නේ කෝ නංගිට දෙන්න කියලා. ඒකයි මම කතා කෙරුවෙ’

ඒ අනුවම යමින් මුදල් වංචාවට සම්බන්ධ කාන්තාව උසාවි නොදාම මුදාහැරීම ගැන ද මාලනී එස්.අයි. ප්‍රනාන්දුගෙන් දුරකතනයෙන් විමසුවාය.

ර්‍ඒක මෙහෙම පොලිසියෙදි කියන්න බෑ මාලනී, පෞද්ගලිකව හමුවෙලා කියන්න ඕනෙ. ඔයා ඉරිදට නුගේගොඩට එන්න. අපි දවල් කෑම කන ගමන් කතා කරමු.

මේ එස්.අයි. ප්‍රනාන්දු මාලනීගේ ප්‍රශ්නයට දුන් දුරකතන පිළිතුරය.

ර්‍ඊට පස්සෙ ප්‍රනාන්දු මහත්තයට මම ආයෙ කතා කළාම කිව්ව ඉරිදා 11ට නුගේගොඩ කොමර්ෂල් බැංකුව ළඟට එන්න කියල. මම සාරියක් ඇඳගෙන ගියෙ. හුඟක් වෙලා බලලා නැති හින්ද ආයෙ කෝල් කළා. එතකොට කිව්වා දැන් ඔයාගෙ අයියල මෙහෙ ඇවිත් ඉන්නවා. මම තව පැයකින් එන්නම් ඉන්න කියලා. ඔය සිද්ධියට කලින් අර වංචා කරපු ගෑනු කෙනා අපේ අයියලගෙ කුලියට දීල තියෙන කඩේට ඇවිත් කියලා තියෙනවා මාලනී මේකට සම්බන්ධවෙලා ඉන්නවා. එයාගෙ ඇඳුම් ගලෝනව කියලා. මම මේකත් ප්‍රනාන්දු මහත්තයට කියල තිබුණේ.

ර්‍පස්සෙ මම හිටපු තැනට ත්‍රීවිල් එකක් ඇවිත් නවත්තල, ඒකෙන් ඔළුව දාලා මට කිව්ව, ප්‍රනාන්දු මහත්තය ඔයාව එක්කගෙන එන්න කිව්ව කියලා. ඒ, පී.සී. රංජිත්. එයත් පොලිසියේදී දැකල මට හුරුයි. මම එයත් එක්ක ත්‍රීවිල් එකේ ගියා. පාගොඩ පාරේ තිබුණ හෝටලයක් කියල හිතන්න බැරි හෝටලයක දොර ළඟම ත්‍රීවිල් එක නැවැත්තුව. එතකොට අර පී.සී. රංජිත් කිව්ව ර්‍අක්ක බයවෙන්න එපා, උඩට යන්න ප්‍රනාන්දු මහත්තය උඩ’ කියලා. මම උඩට ගියා. එතකොට ගෑනියෙක් ළඟ පුටුවක ඉඳගෙන ඉඳල ප්‍රනාන්දු මහත්තය නැගිට්ට, ර්‍ආ මාලනී එන්න මේ ඔයා දන්න කෙනෙක්නේ කිව්ව. ඒ ගෑනු කෙනෙත් ලක්‍ෂ 03ක සල්ලි වංචාවක් වෙලා අපි යන දවස්වලම පොලිසියට ආපු කෙනෙක් නිසා මම එයාව අඳුන ගත්ත. මං එයාගෙන් ඇහැව්වා ඇයි ඔයා ආවෙ කියලා. මොකුත් කිව්වෙ නෑ. ටිකකින් තවත් පිරිමි කෙනෙක් ආව. මට අමුත්තක් දැනුණා. බයට බඩයි පපුවයි රිදෙන්න ගත්ත. මම ඒක අර ගෑනු කෙනාට කිව්ව. එයා කිව්වා බයවෙන්න එපා ඔයා ආවෙ ප්‍රශ්නෙ කතා කරන්නනෙ කියලා. එතකොට ප්‍රනාන්දු මහත්තය අපි ළඟට ඇවිත් කිව්වා ර්‍බයවෙන්න එපා අපි ඔය ප්‍රශ්නෙ කතා කරමු.’ කියලා. කට්ටියම කාමරේකට ගියා. ඒකෙ ඇඳක් පුටු දෙක තුනක් තිබුණා. මම ඇඳේ වාඩිවුණා. ටිකකින් එස්.අයි. ප්‍රනාන්දු මහත්තය අර පිරිමි කෙනාව මට පෙන්නල කිව්වා, මෙයා පිළියන්දල පොලිසියෙ අයි.පී. (පොලිස් පරීක්‍ෂක) ලක්‍ෂ්මන් කියල. අපි දෙන්න ඉස්සර ඉඳලම යාලූවො. පොලිසියට බැඳුණෙත් එකට. එයා අයි.පී වුණා. මම එස්.අයි කියලා. එයාගෙ හුඟක් විස්තර කියෙව්වා. පවුලෙ ප්‍රශ්න, වයිෆ්ගෙ ප්‍රශ්න කිව්වා. එතකොට මම කිව්වා මම ආවෙ මගේ ප්‍රශ්නෙ ගැන කතා කරන්නනේ, කොහොමද අර ගෑනි ගියේ කියලා. ර්‍මට කරන්න දෙයක් නෑ මාලනී. ඒක ඉහළින් ආපු නියෝගයක් කියල ප්‍රනාන්දු මහත්තය කිව්ව. ආයෙම කිව්ව ආ ඔයා කෑම කන්නනෙ ආවෙ කෝ දෙන්න සල්ලි කියලා. මම රුපියල් දාහක් දුන්නා. ඒක පී.සී. රංජිත් ගිහින් හෝටලේ වේටර් කෙනෙකුට දුන්නා.

එතන කලින් ඉඳලම මෙයාල බිබී ඉඳල බෝතල් වගයක් තිබුණ. බාගෙට කාපු බයිට් පීරිසියකුත් තිබුණ. මම ඉන්න කොටත් අර ගෑනි බිව්වා. ආයෙත් ප්‍රනාන්දු මහත්තයා කිව්ව බයවෙන්න එපා. ඒ පැත්තෙ අයට සල්ලි බලය තියෙනවා. ඒ හින්ද වැඩේ අමාරුයි. ඒත් මම කොහොම හරි සඳුදට ඔයාලට ලක්‍ෂ 10 අරන් දෙන්නම්. මුලින් ඒක ගන්න. පස්සෙ ඉතුරු ටික අරන් දෙන්නම් කියල. 30 සඳුද අපිට පොලිසියට එන්න කියලා තිබුණ. එතකොට අර ගෑනියි පී.සී. රංජියි එතනින් නැගිටල ගියා. එතකොට ප්‍රනාන්දු මහත්තය මට බීම දුන්නා බොන්න කියලා. මම එපා කියලා යන්න හැදුවා. එහෙම කොහෙ යන්නද අපි ගිහින් බස්සන්නම් කිව්ව. ටික වේලාවකින් ලක්‍ෂ්මනුත් ගියා. ප්‍රනාන්දු මහත්තයත් මාත් එක්ක පැය කාලක් විතර කතා කර කර ඉඳල මට එතන ඉන්න කියල කලබලෙන් වගේ ගියා. එතකොට ලක්‍ෂ්මන් ආවා. මම ඇහැව්ව කෝ ප්‍රනාන්දු මහත්තය කියලා. එයා එහා පැත්තෙ කිව්වා. මම එහා කාමරේ එබිකම් කරල බලනකොට එයා තුවායක් විතරක් ඇඳගෙන හිටියා. මාව දැකල කිව්ව වොෂ් එකක් දාගන්න ආව කියල. එතකොට ලක්‍ෂ්මන් දුවල ගිහින් ප්‍රනාන්දු මහත්තයව එව්වා. මට ලොකු අමුත්තක් තේරුණු හින්දා මම කිව්වා ඔයාලගෙ පෞද්ගලික දේවල් මම කාටවත් කියන්නෙ නෑ මට යන්න ඕනෙ කියලා. ඒත් යන්න දුන්නෙ නෑ. ඔයා දැන් අපිට හිතවත්නෙ. මේ බීම එක බොන්න කියලා මට කහපාට බීමක් දුන්නා. මම බෑ කිව්වත් බල කරපු නිසා ටිකක් බිව්වා. ටිකකින් අමුත්තක් දැනුණ. කට්ටිය කලබලෙන් එහා මෙහා යනව දැක්කා. ප්‍රනාන්දු මහත්තයයි අර ගෑනියි නාන කාමරේ ඉන්නව දැක්කා. මට සිහිමද ගතිය එනකොට අර පීසියි ලක්‍ෂ්මනුයි මාව වත්තන් කරගෙන කාමරේට ගෙනියන්න හැදුවා. මම අත්ගසල එයාලව පන්නල කාමරේ දොර වහගත්තා. පස්සෙ දිගටම දොරට ගහන්න ගත්තා. එතකොට ජනේලෙන් ඔළුව දාලා අර කෑම ගෙනාපු වේටර් කිව්ව දොර අරින්න කියලා. මම දොර ඇරිය.

අනතුරුව සිදු වූ කිසිවක් මාලනීට මතක නැත. ඇය යළි එදිනම රාත්‍රී 10.00ට පමණ නිවස අසලට ගෙන ගොස් දමා සිටියදී මුලින්ම හමුවන්නේ නෑනාටය.

ර්‍එයා කෑගැහැව්ව මාව ප්‍රනාන්දු මහත්තය අරන් ගියා. මං ඉවරයි. පොලිසියට ඔක්කොම කටඋත්තර දෙන්නම් කියලා. අපි ගල්කිස්සෙ පොලිසියට එවෙලෙම ගෙනිච්චා. ඒත් මෙයාට කල්පනාව නැති වෙනවා. පස්සෙ කළුබෝවිලට අරන් ගියා.’

ඒ අනුව කළුබෝවිල රෝහලේ දින හතරක් නේවාසික ප්‍රතිකාර ලබා ගන්නා මාලනී, නිත්‍ය වශයෙන්ම දූෂණයකට ලක්ව සිටින බව වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී තිබේ. ඇගේ යට ඇඳුමේ තැවරී ඇති ශුක්‍රාණු ඩීඑන්ඒ පරීක්‍ෂණයකට ලක් කොට දූෂකයන් නිශ්චිතවම හඳුනාගත හැකි බවද වෛද්‍ය මතයයි. ඊට අමතරව බාහිර පෙනුමෙන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව පසුගිය හත්වැනිදා ගංගොඩවිල අධිකරණ භූමියේදී පැවැත්විණ.

මං ඉස්පිරිතාලෙ ඉන්න කොට ප්‍රනාන්දු මහත්තය මට ඇවිත් කිව්වා මගෙ අතින් ලොකු වරදක් වුණා, ඒකට මට සමාවෙන්න මාලනී, ඒත් මේකට මාවයි, පී.සී. රංජිවයි ගාවන්න එපා, මට දරුවො දෙන්නෙක් ඉන්නවා. මේකෙන් මගෙ රස්සාව නැතිවෙයි, එතකොට දරුවො බඩගින්නෙ කියලා.’ මාලනී කියයි.

ර්‍මේ කතාව කියවු ඔබට හැඟෙන්නේ කුමක්ද?

ර්‍ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන’ යැයි සමාජය ප්‍රශ්න කරන විට පොලිසියේ කවුරුද ගැහැනුන් දූෂණය නොකරන’ යනාදී ලෙස අපට පෙරළා ප්‍රශ්න කරන්නට සිදුවී තිබෙන බව නොවේද?

නීතිය හා සාමය සුරකින බවට දිවි හිමියෙන් පොරොන්දු වී සිටින නිල කබාය තුළම ස්ත්‍රී දූෂකයෙකු සැඟවී සිටින බව හඳුනාගන්නේ කෙසේද?

තවත් සැකකරුවන් දෙදෙනෙකු නිදැල්ලේ
මෙම දූෂණ සිද්ධියට සම්බන්ධ මිරිහාන විශේෂ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්‍ෂක ප්‍රනාන්දු හා පොලිස් කොස්තාපල් රංජිත් යන සැකකරුවන් මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවුවද පොලිස් පරීක්‍ෂක ලක්‍ෂ්මන් නමින් පෙනී සිටි තැනැත්තා හෝ සිද්ධිය වු අවස්ථාවේ හෝටල් කාමරයේ සිටි කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන නොමැත. අයි.පී. ලක්‍ෂ්මන් නමැත්තා පිළියන්දල පොලිසියේ සේවය කරන බව මුලින් කැයිවුණ ද පසුව පොලිසියේම පරීක්‍ෂණ කණ්ඩායම් එය ප්‍රතික්ෂේප කළේය.

සිද්ධිය වූ අවස්ථාවේ හෝටල් කාමරයේ සිටි කාන්තාව ද පොලිසියට කැඳවා ප්‍රශ්න කර පසුව මුදා හැර තිබේ.

කාමරයට ආහාර සැපයු හෝටල් සේවකයා පොලිසියේදී එම කාන්තාව හඳුනාගෙන ඇතත්, ඇයත් පොලිසියත් අතර පවතින දැඩි මිතු දම තුළ ඇය මුදාහැරියාදැයි දන්නේ පොලීසියම පමණි.

නුගේගොඩ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු විශේෂ කණ්ඩායමක් ඉදිරි පරීක්‍ෂණ සිදුකරමින් සිටී.

සේවය අත්හිටෙව්වා

පරීක්‍ෂණ පවත්වන ඉහළ නිලධාරියෙක්
සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ සේවය අත්හිටුවා තිබෙනවා. තුන්වැනි පුද්ගලයා සිවිල් කෙනෙක්. තවම අත්අඩංගුවට ගෙන නැහැ.

පළමු සැකකරුවන් ඔහුව හඳුනනවනෙ?
ඔව්, ඒත් ඔවුන් කියන්නෙ තුන්වැන්නෙක් හිටයෙ නැ කියලයි. ඔවුන් හෝටලයට ගිය බවවත් ඔවුන් පිළිගන්නෙ නෑ.

එම ස්ථානයේ සිටි අනෙක් කාන්තාව අත්අඩංගුවට නොගන්නේ ඇයි?
මොකටද එයාව ඇරස්ට් කරන්නෙ? එයා වරදක් කරල නෑනෙ. හෝටලයකට ගිහින් තමන් කැමති පිරිසක් එක්ක කාල බීල විනෝද වෙන එක වරදක් නෙමේනෙ. ඒ කාන්තාව වගේම පැමිණිලිකාරියත් හෝටලයට ගිහින් තියෙන්නෙ කැමැත්තෙන්.

අනුරාධා නිල්මිණී
උපුටා ගැනීම රාවය පුවත්පතෙන්



ඒකාධිපතිත්වයක් යට….අපි හා බුරුමය

සුනන්ද දේශප්‍රිය
පසුගිය දා ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාණ්ඩුවේ සහායට පැමිණි එක් රටක් වුයේ මියන්මාරය නොහොත් බුරුමය යි. රජයේ ජනමාධ්‍යයන්හි මේ සහාය සම්බන්ධයෙන් මහත් උජාරු කතා පළව තිබුණි. අප ඇත්ත වශයෙන්ම ප්‍රජාත්නත්‍රවාදය ගරු කරන රටක් නම් බුරුමයෙන් ලැබෙන සහාය ගැන ලැජ්ජා විය යුතු ය. මන්ද යත් අප මහත් ආඩම්බරයෙන් අගය කරන යහ පාලනය සහ මානව හිමිකම් නැත්තට ම නැති රටක් ලෙස මියන්මාරය නම් දරා සිටින නිසා ය. මානව හිමිකම් පිළිබද ප්‍රශ්නයේ දි අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාව සමඟ සිටින රටවල ලැයිස්තුවක් ලියුව හොත් අපට අප රට ගැන මහත් දුකක් ඇතිවනු ඇත.


ඇත්ත වශයෙන් ම නම් අප සිටිය යුත්තේ බුරුම ආණ්ඩුව සමග නොව ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස දශක ගණනාවක් පුරා සිර ගත කොට සිටින එරට නියම නායිකාව වන සං සුකී සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලයේ නියුතු බෞද්ධ භික්ෂුන් ප්‍රමුඛ සිවිල් සමාජය සමග ය. නමුත් කණගාටුවට කරුණ වන්නේ අඩුම වශයෙන් එරට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගල කරන ජනයාට වචනයෙන්වත් සහායක් දීමට මෙරට ආණ්ඩුව අසමත් වී සිටීම ය. මියන්මාරය ශ්‍රී ලංකාවට සහාය දෙන්නේ මෙරට ආණ්ඩුවට ඇති ආදරය නිසා නොවේ. ස්වකීය ප්‍රජාතන්ත්‍ර විරෝධී පිළිවෙත සදහා සහාය අන්තර් ජාතික තලයේ දි සහාය ලබා ගැනීමට ය. රොබට් මුගාබේ ගේ සිම්බාබ්වේ සිට කස්ත්‍රෝගේ කියුබාව දක්වා වන සෑම ඒකාධිපති පාලනයක් ම එලෙස සහාය දෙන්නේ ස්වකීය ජනතා විරෝධි පාලනයන්ට ශ්‍රී ලංකාණ්ඩුවේ සහාය ලබා ගැනීම පිණිස ය.
මේ එක රටක වත් නිදහස් සහ ස්වාධීන නිසි කළට පවත් වන මැතිවරණ, ජනමාධ්‍ය නිදහස, අධිකරණ ස්වාධිනත්වය හෝ අනෙක් මානව අයිතිවාසිකම් හෝ නැත.
පසුගිය වසරෙහි මියන්මාරයේ බෞද්ධ භික්ෂුන් විසින් නායකත්වය දෙන ලද ප්‍රජාතන්ත්‍රවාදි නැගිටීමක් අපි හැම දනිමු. එය යකඩින් සහ ගින්දරෙන් තලා පෙලා මැඩලන ලදී. දෙදහසකට වැඩි පිරිසක් සිරගත කරනු ලැබුනි. කොපමණ දෙනා කොපමණ කළකට සිරගත කරනු ලැබ ඇත්දැයි කිසිවකු දන්නේ නැත. ඉන් සමහරකු සිර ගත කර ඇත්තේ 65 වසරක සිර දඩුවමකට ය. මේ නඩු අසන්නේ කොහිද සිර ගත කරනු ලැබ ඇත්තේ කොහිද කියා හරියට දන්නා කෙනෙක් ද නැත.
ශ්‍රී ලංකාවේ අද පෙර නොවී විරූ අදහස් වාරණයක් පවති. මෙම වාරණය බිද හෙලීමට ඉදිරියට පැමිණෙමින් ඇති එක් පිරිසක් නම් නිර්භය කවීන් ය. එම කවි ගැන ලිවීම මම සාහිත්‍ය ලේඛකයින්ට තබමි. මෙම ආරම්භය රළ වේගයක් බවට පත්විමට ඉඩ සලසමින් ඔවුන් දිරිමත් කිරීම අද ඉතා වැදගත් ය. ජවිපෙ සහ ආණ්ඩුව තරඟයට මිනීි මැරූ 1988-1990 යුගයේ ද මෙවැනි විරෝධතා කවි කළ එළි බැස්සේ ය.
මියන්මාරයේ බෞද්ධ භික්ෂු කැරැල්ල මර්දනයෙන් පසු ද මෙැවනි කවි වසන්තයක් ඇති විය. පසුගිය පෙරවාරි 14 දිනට යෙදුනු ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් නේ මායේ කිව් නම් අනතර් ජාල බ්ලොග්කරුවකු පෙම් කවක් ලියා පළ කලාය. එය අනතුරුව එහි සඟරාවක පළ කෙරිණ. රුන්ගුන් නුවර සයිබර් කැපේ තුනක අයිතිකරුවක වූ නේ මායේ කිව් එරට අන්තර්ජාල බ්ලොග්කරුවන් අතර සැළකෙන්නේ පෙර ගමන්කරුවකු ලෙස ය. 2008 බෞද්ධ භික්ෂුන්ගේ කරැල්ල අවස්ථාවෙහි එහි ඩිජිටල් ජායාරූප ලොව වටා යැවීමේ ප්‍රමුඛයකු වුයේ ඔහු ය.
ඔහු ලියා පළ කළ පෙම් කව පෙරවාරි 14 නම් විය. එහි ලියැවි තිබුණේ මෙසේ ය: ආදරය ගැඹුරින්ම විය යුතු ය. අව්‍යාජව උන්මාදයෙන් මෙන් විය යුතු ය. නැතිනම් ඒ වනාහී ආදරයක් නොවේ. නමුත් මේ පෙම් කව යට සැගවුණු අරුතක් ඇතිබව හමුදා ජුන්ටාවේ ඔත්තුකකරුවෝ සොයා ගත්හ. කවියේ සෑම පේලියකම ආරම්භක අකුරු ලියා තිබුණේ ඒ අකුරු එක් කළවිට හමුදා නායකයාට අපහාසයට පත්කැරෙන පරිදි ය. එයින් මෙසේ කියැවුණි. ජෙනරල් තාන් ෂේ බල තන්හාවෙන් පිස්සු වැටී ඇත.
කවියා විසිවසරකුත් මාස හයකට සිර ගත කෙරුණි. කවියා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී අන්ග් තියෑන් කවියා වෙනුවෙන් පෙනී සිට උසාවියට අපහාස කළැයි හාර මාසකට සිර ගත කෙරුනි.

කවියේ දළ ඉංග්‍රිසි පරිවර්ථනය වෙබ් ලිපියකින් උපුටා ගත්තෙමි. ඔහු සිර ගත කෙරුනු අකුරු කළු අකුරින් දැක්වේ.

14th february

Ar rin bek ka pyaw dair
(Aaron Beck, the psychiatrist, said)
Nar nar khan sah dat hma khan sah hma
(Only if you know how to suffer painfully)
Yoo yoo moo moo go phyit nay hma
(Only if you are crazy - crazy )
Kyi myat tet a noot pyinnya lo
(Can you appreciate a great work of Art)
Hmoo hmoan hmaing way zay det dat poan model ma lay yay
(Dear little photomodel who makes me dizzy)
Kyi daunk kyi mah kya hma a thair kwair det yawgah det
(They say it is a broken liver disease, a great and terrible one) [note: Broken heart in Burmese is usually expressed as a broken liver.]
Than baung myah zwa thaw chit tat thu myah
(Millions of those who know how to love)
Shwe a teet cha hta thaw let myah phyint let khoak tee yway yair bar
(Laugh and clap those gold-gilded hands)




පසු සටහන:
සටන් විරාම කාලයේ ලියූ ලිපි දෙකක ජේද දෙකක් වෙනුවෙන් මාධ්‍යවේදී තිස්සෙයිනායගම් සිරගත කරන සේ ශ්‍රී ලංකාණ්ඩුව ප්‍රජාතන්ත්‍රවිරෝධී නීතියක් යටතේ නඩු පරවා තිබේ.
අන්තර්ජාලයෙන් කියවා බා ගත කර ගත් ලිපි දෙකක් ලඟ තබා ගැනීම නිසා මානව හිමිකම් නිතිඥයකු වන 63 හැවිරිදි සාන්ත ප්‍රනාන්දු පසුගිය 27 දා ගුවන් තොටුපලේ ගමන්මලු පරීක්ෂාවකින් පසු අත් අඩංගුවට ගන්නා ගැනේ. දැන් මාසයක් රඳවා තබා ගත හැකි පරිදි රුදවුම් නියෝගයකට යටත් කර ඇත.
පොලිස් පහර දීමකට සම්බන්ධ මානව හිමිකම් නඩුවක් වෙනුවෙන් පෙනී සිටි නිතිඥ අමිත ආරියරත්න ගේ කාර්යාලය සහමුලින් ම පුළුස්සා දමයි. අපරාධකකරු සොයා ගැනීමට නැත.
සිය සැමියා වූ සන්ඩේ ලීඩර් කතුවරයා වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ පුද්ගලයින් තමන් දන්නා බවත් ඒ කව්රුන්දැයි පෙබරවාරි 15 දින හෙළිදරව් කරන බවටත් රජයේ ප්‍රධානීන් කළ ප්‍රකාශය ගැන සොයා බලන ලෙස මොනිං ලිඩර් කතුවරිය වු සොනාලි සමරසිංහ කළ ඉල්ලීම පොලීසිය ප්‍රතික්ෂේප කරයි.
ඝාතනය තැතකින් බේරී දිවි ගලවා ගත් රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන්ට තාවකාලිකව රට හැර යාමට සිදු විය. එම ඝාතන තැත සම්බන්ධ පොලිස් පරීක්ෂන ඉබි ගමනින් බව එම පුවත්පත කිය යි.
පැහැරගෙන ගොස් පොලිස් අත් අඩංගුවෙහි සිටින සුදරෝලි කර්තෘ අධිකරණමය ක්‍රියාවලියකට භාජනය විමට පෙර රටෙහි බලගතුම නිලධාරියකු වන ආරක්ෂ ලේකම්වරයා ඔහු ත්‍රස්තවාදියෙකැයි ලෝකයට කිය යි. ඔහු තෙමසක රඳවා ගැනීමේ නියෝගයකට යටත් කැරේ.
ජනමාධ්‍ය උපදේශකයකු සහ ශ්‍රාස්ත්‍රඥයකු වන මහාචාර්‍ය දම්මික ගංගනාත් දිසානායක පැහැර ගෙන යන ලදුව රට හැර යන සේ තර්ජනය කර මුදා හැරේ.


පොලිසියේ සිදුවිම හා පොලිසියේ වත්මන් තත්වය ගැන වචනයක්.

පසුගිය ලිපිය හා සැබැදියි.

*****


පසුගිය රාත්‍රියේදි ලංකා ඊ නිව්ස් තුලින් පල වී තිබු ප්‍රවෘත්තිය දුටුවිට ඒ ගැන මගේ මිතුරෙකු විමසු විටදි එය ඇත්තක් බව පැවසු නිසාත් ඒ ගැන වෙනත් ඉංග්‍රිසි හා සිංහල ප්‍රවෘත්ති වෙබ් අවවි වල පලවී නො තිබු නිසා (එවිට ලංකාවෙ වෙලාවෙන් උදය කාලයයි.) මේ සිදුවිම ගැන කෝපයක් සමගම පසුව සටහනක් ලිවිමේ අදහසින් එහි සදහන් වී තිබු ප්‍රවෘත්තිය පල කලෙමි. එම ලිපියට අදහස් දැක්වු සියලු පුද කරමි.

මෙම හොඳ පොලිස් නිලධාරියෙකු අතින් සිදුවුවත් මෙහි වැරද්ද සමස්තයක් වශයෙන් පොලිස් කාර්‍යාශය වහ කිව යුතු බව මගේ අදසයි. මෙවැනිම නොවුවත් මෙවැනි සිදුවිම් බොහොමයක් අපේ පොලිසිය තුල දැකිය හැකිය. එමෙන්ම පොදුවේ මහජනයා තුල පොලිස් සේවාව තුල විශ්වාසයක් නැති අතර එයලංකාවේ දුෂිතම ආයතනයක් ලෙස හැදින්වෙයි. ( මේ බව සදහන් කරන කල්හි මට පසුගිය පොලිස්පතියාගේම හාස්‍යජනක කතාවක් මතක් වෙයි. එකලට පෙර වසරේ පොලිසිය ලංකාවේ දුෂිතම ආයතනය ලෙස පලමු ස්ථානයේ ලෙස වාර්තාවකින් දැක්වු අතර මේකී පොලිස් පොලිස්පතියා සිය අස්විමේදි පුවත්පතකට ප්‍රකාශ කලේ දුෂිතම ආයතනය ලෙස සැලකු පොලිසිය ඔහු විසින් දෙවැනි තැනට දැමු බවය! ඔහුගේ (බොහෝ ලංකිකයන්ගේද ) ඉලක්කම් විජ්ජාව තේරුම් ගත හැකි වෙයි.) මෙසේ දුෂිතයැයි සැලකෙන පොලිසියද මේ ආකාරයේ විකාරාදියේ ක්‍රියා සිදුවේ නම් අපට විශ්වාස කල හැක්කේ කාවද? පොලිසියේ සිදුවන බොහෝ පරික්ෂණද දවසින් දෙකකින් යටයයි. අවසානයේ විසදුමක් නැති අතරම බොහෝ විටම සැකපිට අත්ඩංගුවට ගන්නේ වැරද්දක් නොකල අයවය. මෙවැනි දේවල් වලට පොලිසියට ගෙවන්නේත් අපේම බදු මුදලයි (පොලිස්කාරයෙකුගේ මේ වැටුපට හැර වෙනත් ආදායම් මාර්ග වෙනම කතාවකි.). මේ තත්වය වත්මන් රජයේ මෙන්ම පෞගිය රජයන් තුල එළිපිටම දැකගත හැකි වුවත් කිසිදුපැහැදිලි ක්‍රියාපිලිවෙලක් ගත්තේද නැති අතර ඔවුන්ව තම අරමුණු සදහා යොදවා ගන්නටත් තමන්ගේ සමීපතයන් පත් කරනු ලැබිණි. 1956 කාලයේදි රටේ සිදු වු අපරාධ හා දුෂණ වලට වගකිව යුතු අපරාධකරුවන්ද තවමත් පොලිසියේ ඉහළ තනතුරු වල සිටිති.

බෝහෝ විදේශ රටවල පොලිස් සේවාව යනු වාරප්‍රසාද ලැබෙන උසස් රැකියාවක් වන අතර පොලිස් සේවාවට බැදිමට පාඪමාලාවක් හැදැරිය යුතු අතරම ඊට අමතරව පරික්ෂන වලට මුහුණ දිමට සිදුවෙයි. සේවාවට පත්කලද එතැනින් නොනැවතින ඔවුනේ ගිණුම්, ක්‍රියාවන් වැනි ක්‍රියා ගැන විමසිල්ලෙන් සිටින අතරම අවශ්‍යවිටදි ඔවුන්ට ආරක්ෂාවද සපයයි. එවැනි ක්‍රියාපිලිවෙලක් අපේ රටේ කාගෙන් බලාපොරොත්තු විය හැකිද?


(මේ තුලින් සියළු දෙනාම දුෂිත බව අදහස් නොකරන අතර එම අයටද පොලිසියේ නිසිතැන හිමි වී නැති තරම්ය. ඔවුන්ට තම කාර්‍යන් නිදහ්සේ සිදි කිරිමට වාතාවරණයක්ද නැති අතරේ පලිගැනිම් වලට ලක්වීමේ අවධානමට මුහුණ දෙයි. ඒ ස්වල්ප දෙනාට මගේ ප්‍රණාමය.)


*****



පොලිස් රෝහලේ යකා නැටූ කොස්තාපල් වෙඩි කා නසී, පෙම් හබයක් නිසා රෝහලම කැළඹෙයි

නාරාහේන්පිට පොලිස් රෝහලේ කාන්තා පොලිස් නිලධාරිනියන් පිරිසක් සිය ප්‍රාණ ඇපයට ගෙන එහි පොලිස් කාන්තා නේවාසිකාගාරයේ හතර අතට වෙඩි තබමින් පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ යකා නැටූ පොලිස් කොස්තාපල්වරයෙක් පොලිස් විශේෂ කාරය බළකාය විසින් වෙඩි තබා ඝාතනය කරනූ ලැබීය.

25 වැනිදා රාත්‍රි 9.15 සිට 11.30 පමණ වනතුරු මෙම පොලිස් නිලධාරියා පොලිස් කාන්තාවන් පිරිසක් සිය ප්‍රාණ ඇපයට ගෙන හතර අතට වෙඩි තැබීම නිසා මූළු පොලිස් රෝහලම පූංචි යූද පිටියක් බවට පත් විය.

පොලිස් රෝහලේම රාජකාරී කළ පොලිස් කාන්තාවකගේ ප්‍රේමය නොලැබීම නිසා දැඩි ලෙස කෝපයට පත් වූ මෙම පොලිස් නිලධාරියා එම පොලිස් කාන්තාව මරා දැමීමට උත්සාහ කිරීම නිසා මෙම තත්ත්වය උද්ගත විය. එම පොලිස් කාන්තාව අනූනවයෙන් දිවි ගලවා ගත් අතර මෙම සිද්ධියේදී උප පොලිස් පරීකෂකවරියක් සහ පොලිස් කාන්තාවක් බරපතල තුවාල ලැබූහ. මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයාගෙන් බේරීමට කාන්තා පොලිස් නේවාසිකාගාරයේ සිව්වැනි මහලෙන් බිමට පැන ඇති කාන්තා උප පොලිස් පරීකෂක නිරෝෂනී රතුගමගේ බරපතල තුවාල ලැබූවාය. මේ අතර වෙඩි ප්‍රහාරයකට ලක්වූ කාන්තා පොලිස් කොස්තාපල් ඒ. සාගරිකා ද තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙසේ සාහසික ආකාරයට හැසිරුණූ පොලිස් කොස්තාපල්වරයාගෙන් පොලිස් කාන්තාවන් බේරාගෙන ඔවූන් නිරුපද්‍රිතව ඉවතට ගැනීමට නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති දයාල් දීගහවතුර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් දැඩි පරිශ්‍රමයක් දැරූහ.

මෙම සිද්ධියෙන් මරුමූවට පත්වූයේ හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ තිස් දෙහැවිරිදි ඒ. ඉන්ද්‍රසිරි නමැති පොලිස් කොස්තාපල්වරයෙකි. පොලිස් කොස්තාපල් ඉන්ද්‍රසිරි පොලිස් රෝහලේ පාලන අංශයේ රාජකාරි කළ නිලධාරියෙකි. මොහූ පොලිස් රෝහලේම රාජකාරි කරන කාන්තා නිලධාරිනියක සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යෑමට දැඩි උත්සාහයක් දරා තිබේ. එහෙත් එම නිලධාරිනිය මොහූට පවසා ඇත්තේ තමා වෙනත් කෙනකු සමඟ විවාහ වීමට ගිවිසගෙන සිටින බවයි. එහෙත් ඉන් නොනැවතුනූ මෙම නිලධාරියා දිගින් දිගටම ඇයට ඇවිටිලි කරමින් ඇයගේ ආදරය ලබා ගැනීමට උත්සාහ කළේය.

ඉන්ද්‍රසිරිගේ ආයාචනා ගණනකට නොගත් කොස්තාපල්වරිය ඔහූට කැමැත්ත ප්‍රකාශ කර නැත. පසූව මෙම නිලධාරියා මෙම පොලිස් කාන්තාවට මරණීය තර\ජන කිරීමට පටන් ගෙන ඇත.
මෙවර සිංහල අලුත් අවූරුදු උත්සවයට අපි දෙදෙනාටම කිරිබත් කෑමට හැකි නොවන අයූරින් කටයූතු කරන බවට තර\ජනය කළ ඉන්ද්‍රසිරි මරාගෙන මැරෙන බව කියමින් පොලිස් කාන්තාවට දුරකථන ඇමතුම් ලබා දී තිබේ.

"මම ඔයාට ජීවත් වෙන්න ඉඩ තියන්නෙ නැහැ. පොලිස් රෝහල ඇතුළේදීම ඔයාට වෙඩි තියලා මැරුවහම ඔයාගෙ මිනී පෙටිටියට ජාතික කොඩිය දාලා අරගෙන යයි. ඒත් මම මැරුනහම මගේ පෙටිටිය නිකම්ම අරගෙන යයි" කියමින් ඉන්ද්‍රසිරි දිගින් දිගටම පොලිස් කොස්තාපල්වරියට තර\ජනය කර ඇත. පෙරෙදා රාත්‍රි 8.00 ට පමණ මොහූ පොලිස් කාන්තාවට දුරකථන ඇමතුමක් දී අද රාත්‍රි මරා දමන බව කියමින් ඇයට තර\ජනය කර තිබේ.

එදින රාත්‍රි ඉන්ද්‍රසිරි සිය රාජකාරි ගිනි අවියද රුගෙන නිල ඇඳුමින් සැරසී පොලිස් රෝහල පිටූපස ඇති කාන්තා නේවාසිකාගාරයට ගොස් ඇත. එහි පහළ මාලයේ දොරටූවට වෙඩි තැබූ ඉන්ද්‍රසිරි ඊට ඇතුළුවීමට උත්සාහ කර ඇත. එහෙත් එහි දොර විවෘත කර ගැනීමට ඔහූට හැකිවී නැත. නේවාසිකාගාරයේ සිව්වැනි මහලේ කාමරයක සිටි පොලිස් කොස්තාපල්වරියට මෙම වෙඩි හඬ ඇසී ඇති අතර ඇය දැඩි ලෙස බියට පත්ව දෙවැනි මහලට දිව ගොස් එහි වෙනත් කාමරයක සැඟවී ඇත. නේවාසිකාගාරයේ දොරටූව විවෘත කර ගැනීමට නොහැකි වූ පසූ එහි අනෙක් පස පිහිටි යකඩ බටය ඔස්සේ සිව්වැනි මහලට පැමිණ ඇති ඉන්ද්‍රසිරි පොලිස් කාන්තාවගේ කාමරය වෙත ගොස් තිබේ.


පසූව මොහූ එම පොලිස් කාන්තාව නවාතැන් ගන්නා කාමරයේ හතර අතට වෙඩි තැබීමට පටන් ගෙන ඇත. මෙම වෙඩි තැබීම නිසා නේවාසිකාගාරයේ සිටි පොලිස් කාන්තාවන් දැඩි ලෙස බියට පත්ව විලාප නගමින් කෑ ගසා ඇත.

මෙම සිද්ධිය සැලවූ වහාම ක්‍රියාත්මක වූ නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීකෂක දයාල් දීගහවතුර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් කාන්තා නේවාසිකාගාරය වෙත පැමිණ තිබේ.

ඒ වනවිට පොලිස් කොස්තාපල් ඉන්ද්‍රසිරි නේවාසිකාගාරයේ සිව්වැනි මහලේ සියලුම කාමර පරීකෂා කර වෙඩි ප්‍රහාර එල්ල කරමින් සිය ප්‍රේමය ලබා ගැනීමට සිටි කොස්තාපල්වරිය සොයමින් සිටියේය.

එහෙත් ඔහූට එම කොස්තාපල්වරිය සොයා ගැනීමට හැකිවී නැත. පසූව ඉන්ද්‍රසිරි නේවාසිකාගාරයේ කාමරයක සිටි උප පොලිස් පරීකෂකවරියන් දෙදෙනකු සහ පොලිස් කාන්තාවක් සිය ප්‍රාණ ඇපයට ගෙන ඔවූන් අතරින් එක් නිලධාරිනියක් පහළ මාලයට එවා තවත් ආයූධ සහ ජීව උණ්ඩ රුගෙන එන ලෙස නියෝග කර තිබේ.

ඒ අතරතුර පොලිස් කොස්තාපල්වරයාගේ ග්‍රහණයේ සිටි එක් උප පොලිස් පරීකෂකවරියක් දිවි ගලවා ගැනීමට සිව්වැනි මහලෙන් බිමට පැන ඇත. එහිදී ඇය බරපතල තුවාල ලැබූ අතර පොලිස් නිලධාරීන් ඇයව රෝහල්ගත කිරීමට කටයූතු කර තිබේ.

මේ අතර මෙහි ඇතිවී තිබූ තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර\ය බළකාය එහි කැඳවීමට නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයා කටයූතු කළේය. පොලිස් විශේෂ කාර\ය බළකායේ නිලධාරි පිරිසක් එහි පැමිණ කාන්තා නේවාසිකාගාරයේ සිව්වැනි මහලට ඉතාම සූකෂම අයූරින් ඇතුළු වූහ. ඒ වනවිට කොස්තාපල්වරයා පොලිස් කාන්තාවක් සිය ග්‍රහණයට ගෙන ඇය සිව්වැනි මහලෙන් බිමට තල්ලුකර දැමීමට උත්සාහ කරමින් සිටියේය. ඒ අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර\ය බළකායේ නිලධාරීන් මෙම පොලිස් කොස්තාපල්වරයාට වෙඩි තබා තිබේ.
එහිදී බරපතල තුවාල ලැබූ කොස්තාපල්වරයා රෝහල්ගත කිරීමට රුගෙන යද්දී මිය ගොස් ඇත.

මෙම කොස්තාපල්වරයා ඒ වන විට වෙඩි ප්‍රහාර 110 ක් පමණ එල්ල කර තිබූ අතර ඔහූ සතුව තිබූ ටී 56 ගිනි අවියද පොලිසිය සොයා ගත්තේය. නාරාහේන්පිට පොලිසිය සහ කොළඹ අපරාධ කොටිඨාසය මේ පිළිබඳ පරීකෂණ පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුනූ - දිවයින


මත ගැටුමක් මත ඇති වූ ආරවුලක් දර්‍ුයුග යාම නිසා නාරාහේන්පිට පොලිස් රෝහලේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වර-යෙක් එම රෝහලේ කාන්තා පොලිස් බැරැක්කයට කඩා වැ්‍යූ පොලිස් කාන්තා නිලධාරිනියන් ප්‍රාණඇපයට ගෙන ්‍යුගට හරහට කළ වෙඩි තැබීම පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රාණඇපකරුවන් නිදහස් කර ගැනීමේ කණ්ඩායමක් කැඳවීමට පොලීසියට සිදුවී ඇත. එහි්‍යූ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අදාළ පොලිස් කොස්තාපල්වරයා අතර ්‍යූර්ඝ වේලාවක් පුරා වෙඩි හුවමාරුවක්ද සිදුවී තිබේ. අවසානයේ්‍යූ පොලිස් කොස්තාපල්වරයා විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරියන් ප්‍රාණ ඇපයට ගෙන පොලිස් රෝහලේ වෙඩි වරුසාවක වෙඩි ප්‍රහාරයකට ලක්වී මරුමුවට පත්ව ඇත. පොලිස් රෝහල් භූමිය තුළ මෙම බිහිසුණු සිද්ධිය වී තිබෙන්නේ පෙරේදා (25) රාත්‍රියේ්‍යූය.

පොලිස් කොස්තාපල්වරයා රාත්‍රී රාජකාරී භාරගනිමින් ටී.56 අවියද ඇතිව රාත්‍රියේ හොර රහසේ කාන්තා බැරැක්කයට ඇතුළු වී ඇති බවත් ඔහු එහි්‍යූ කාන්තා පොලිස් කොස්තාපල්-වරියක් සොයා හතර වටේට වෙඩි තබා ඇති බවත් සඳහන්ය. එම අවස්ථාවේ කාන්තා කොස්තාපල්වරිය එහි සිට නැත. අනතුරුව එහි සිටි සෙසු කාන්තා නිලධාරිනියන් ප්‍රාණඇපයට ගනිමින් කාන්තා බැරැක්කය තුළ හතර වටේට වෙඩි තබමින් කළහකාරී ලෙස හැසිරීමට පටන්ගෙන තිබේ. මෙම සිද්ධිය වී ඇත්තේ පොලිස් රෝහල් භූමියේ පිහිටි ගොඩනැගිල්ලක තෙවැනි මහලේය. මෙම සිද්ධියෙන් බියට පත් උප පොලිස් පරීක්‍ෂකවරයෙක් ජනේලයෙන් බිමට පැන තුවාල ලබා තිබේ. ඊට අමතරව කොස්තාපල්වරයෙක්ද වෙඩි වැ්‍යූ තුවාල ලබා ඇත.

විශේෂ කාර්ය බලකාය කැඳවා තත්ත්වය පාලනය නොකරන්නට එම නිලධාරියා අතින් විශාල විනාශයක් වීමට ඉඩ තිබුණු බව පොලිස් රෝහල් ප්‍රධානියෙක් 'ලක්බිම'ට කීය. එය එසේ වූවත් අදාළ නිලධාරියා හොඳ නිලධාරියෙක් බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

ලක්බිම

පොලිසියේ (ඉ)ලව් කල හද්දිය!


නාරාහේන්පිට පොලිස් රෝහලේ පොලිස් කොස්තාපල්වරයකු එහි සේවයේ නියුතු උප පොලිස් පරීක්‍ෂකවරියකට වෙඩි තැබීමට ගත් උත්සාහයකදී සේවයේ සිටි වෙනත් පොලිස් නිලධාරීයකු තැබූ වෙඩි පහරකින් පොලිස් කොස්තාපල්වරයා මියගොස් තිබේ.

පොලිස් රෝහලේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල් ඩබ්ලිව්. ඉන්ද්‍රසිරි මහතා මෙම කාන්තා පොලිස් පරීක්‍ෂකවරිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවත්, අද දහවල් මේ දෙදෙනා අතර වූ වචන හුවමාරුවකදී පොලිස් කොස්තාපල් වරයා ඔහු සතුව තිබූ ගිනි අවියෙන් වෙඩි තැබීමට උත්සාහ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

පොලිස් කොස්තාපල්වරයාට වෙනත් පොලිස් නිලධාරියකු විසින් වෙඩි තබද්දී කාන්තා පොලිස් පරීක්‍ෂකවරිය පොලිස් රෝහලේ 3 වන මහලේ සිට බිමට පැනීමෙන් සිදුවූ බරපතල තුවාල වලින් ඇයද මියගොස් තිබේ.

උපුටා ගැනුම: ලංකා ඊ නිව්ස්

කාලේ වන වාසේ!

හෙට දවස සැපවත් කරන සුන්දර ලොවක් තැනිම

වේරහැර ධම්මරතන හිමි

වැඩිහිටි ඔබ සතු යුතුකම වන්නේ, දරුවා නිවැරැදි පිළිවෙතක් දෙසට යොමු කිරීමයි. මුදල මතම එල්බ නොසිට, ළමයා තුළ හොඳ සිරිත් පුරුදු පුහුණු කළහොත් පෙරළා ඔහුද ඔබට කළගුණ සලකනු ඇත. පාසලට, බාහිර පන්ති වලට දරුවා යොමු කළ ද සදාචාර අධ්‍යාපනයක් ද ළමයාට ලබා දීම, කළ යුතුම දෙයකි.

වර්තමාන ලෝකයේ ළමා දිනයක් සමරනු ලැබේ. ඒ ඔක්තෝම්බර් පළමු වැනිදා ය. ළමා අයිතීන් පිළිබඳ මෙදින මහා ඉහළින් කතා බහ කරනු ලැබේ. ළමයා යනු, ළපටි මෙලෙක් ගතිගුණ වලින් හෙබි අයෙකි. ඔහු සුන්දරත්වය දකින්නෙකි. නව ලොව සොයා ගමන් කරන ළමයා, තමා අවට පරිසරය පිළිබඳ ඉතා විමසිල්ලෙන් යුතුව කාලය ගෙවයි. සුන්දර ළමා ලෝකය තුළ අසුන්දර කතන්දර සිය දහස් ගණනක් ලියැවී ඇති බව ද ඔබ දන්නවා ඇති. වර්තමානයේ පමණක් නොව ඉතා ඈත අතීතයේ දී පවා ළමයා පිළිබඳ නොසැලකිලිමත්කම් සමාජය තුළ දක්නට තිබිණ.

ඒ පිළිබඳ පැහැදිලි වන අවස්ථා කිහිපයක් බෞද්ධ සාහිත්‍යයේ ද සඳහන් වන්නේ ය. සමාජයේ ජීවත්වන වැඩිහිටි හෝ ළමා පරපුර තලා පෙලා පොඩිකර විනාශ කරනු ලබන අයුරු අප විවිධ අයුරින් අසා ඇත. ලංකාව තුළ වර්තමානයේ දී ළමා හිංසන සිය ගණනින් සිදුවෙයි. ළමයින්ට අපරාධ විවිධ ක්‍රියා සිදුවන අයුරු, පුවත් පත් හා විද්‍යුත් මාධ්‍ය මගින් දක්නට ලැබේ. මේවා කුමන අයුරින් සිදු වූව ද ළමා ලෝකය තුළ ඇති සුන්දරත්වය විනාශ කිරීම සුදුසු නැත. මේ වන විට ළමා දිනය වෙනුවෙන් ලිපි බොහෝ ගණනක් ලියැවී ඇත.

වර්තමානයේ ලෝකය පුරා ළමා ශ්‍රමිකයෝ බොහෝ පිරිසක් වෙසෙති. ළමයින්ගේ ශ්‍රමය සූරා කෑම ඔවුන්ගේ දිවිය අඳුරු කරවයි. ළමයා යනු, වැඩ කාරයකු නොවන බවත්, කම්කරුවකු නොවන බවත්, සමාජයට අවබෝධ කර දිය යුතු ය. රාජ්‍ය මට්ටමින් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කර ළමා මෙහෙවරකම් කරවන අයට නිසි දඬුවම් ලබාදිය යුතු යි.

ළමයින් විකිණීම ද බරපතල අපරාධයකි. මුදල් වෙනුවෙන් ළමයින් විකුණා තමන්ගේ වාසිය ගැන පමණක් සිතන මිනිසුන් වර්තමානයේ සිටිති. මෙය ඉතා පහත්, අධම ක්‍රියාවලියකි. ළමයින් පැහැර ගැනීම් ද අප සමාජයේ බහුලව සිදුවෙයි. විවිධ කල්ලි කණ්ඩායම් ළමයින් ප්‍රාණ ඇපයට තබා ගනිමින් කප්පම් ගැනීමද වර්තමානයේ සුලභව දක්නට ලැබේ. මෙම ක්‍රියාදාමය ශිෂ්ට ලොව අනුමත කරන්නේ නැත. ළමා ලොව තුළ ඬසි ලෙස සැරිසැරීමට ක්‍රියාකිරීමට ඉඩ ප්‍රස්ථා වැඩිහිටි පරපුර විසින් නිර්මාණය කර දිය යුතු ය.

මේ අතර නවීන අධ්‍යාපනය තුළින් ළමයා ඉගෙනීමේ මැෂිමක් බවට පත් කර තිබේ. ළමා කාලයේ කෙළි දෙලෙන් සිටීමට ඇති ඉඩකඩ, මේ වන විට සීමා සහිත කර තිබේ. තරගකාරී අධ්‍යාපන හා විවිධ විද්‍යුත් මාධ්‍ය මඟින් ළමයා අද වැඩිහිටියන්ගේ තත්ත්වයට පත් කර ඇත.

වර්තමානයේ විශ්ව ළමා දිනය සැමරීම වැදගත් වූව ද, දිනකට පමණක් ළමා අයිතීන් ගැන කතා කිරීම, පලක් වන්නේ නැත.

බුදුරජාණන් වහන්සේ ළමයි කෙරෙහි දයානුකම්පාව දැක්වූහ. සුන්දර ළමා ලෝකයට අවශ්‍ය දහම් කථා හා උපදෙස් ද ලබා දුන්හ. නිවැරැදි ජීවන මඟ පෙන්වා දුන්හ. ඔබ කවුරුත් දන්නා සෝපාක ගැන අවධානය යොමු කරන්න.

සෝපාක යනු, එදා මානව හිමිකම් සංවිධානයන් නොතිබුණු යුගයක හිංසාවට ලක් වූ ළමයෙකි. තම සුළු පියාගේ අනේක විධ කරදර බාධාවලට මුහුණදීමට කුඩා සෝපාකට සිදුවිය. අන්තිමේ දී සුළුපියා වද දී අමු සොහොනට ගෙන ගොස් ඔහු මළ මිනියක බැඳ දමා ගිය අයුරු, ඔබට මතක ඇත. මේ අසරණ දරුවාගේ අයිතිය වෙනුවෙන් එදා පෙනී සිටියේ, බුදු සමිඳුන් ය. සෝපාක ඒ බැමි වලින් මුදාගෙන ජේතවනාරාමයට කැඳවාගෙන ගොස් පැවිදි කරවා, ශාසනයේ උසස් ඵල කරා ගමන් කිරීමට අවශ්‍ය උපදෙස් හා ආරක්‍ෂාව ඔහුට ලබා දුන්නේ, අප බුදුපියාණන් වහන්සේ ය. සුනීත යනු ද එවැනිම ළමයෙකි. තරුණ වයසට පත්ව සිටි ඔහුට සමාජයේ හොඳ තැනක් හිමි වූයේ නැත. පහත් සම්මත කුලය නිසාම විවිධ දුක් පීඩාවලට මුහුණ දීමට සිදුවිය. බුදුහිමියෝ ඔහුට පිහිට වූහ. රහත් ඵලය ලබා ලොව පූජනීය තත්ත්වයට පත් වීමට මඟ සැලසූහ. බුදුරජාණන් වහන්සේ ළමා අයිතීන් වෙනුවෙන් පෙනී සිටි මුල්ම පුද්ගලයා ය. සිඟාලෝවාද සූත්‍රය මඟින් ද ළමා මනස සකස් කළ යුතු ක්‍රම තුනක් අවධාරණය කැරේ. ඉන් එකක් නම් ජීවීන් වැළැක්වීමයි. වැඩි හිටි ඔබ දරුවාට පව පින පිළිබඳ කුඩා කළ සිට අවබෝධය ලබා දීම කළ යුතු ය.

සතුන්ට හිංසා කිරීම හොඳ නැති බවත්, සොරකම් කිරීම, බොරු කීම, මත්පැන් පානය ආදිය තම අනාගත දිවිය විනාශ වීමට හේතුවක් බවත් ඔවුනට හොඳින් පහදා දී, නිවැරැදි මඟට ගත යුතු ය.

ළමා අපරාධකරුවන් අතර මහා මං කොල්ලකරුවන්ද සිටින බව පුවත් පත් මඟින් අප දැක ඇත. මෙවන් පසුබිමක් ඇතිවන්නේ දහමින් තොරව නිසි ගුණධර්ම වටහා නොදී, දරුවා ගැන අවධානය යොමු නොකරන නිසා ය. වැඩිහිටි පරපුරේ යුතුකම වන්නේ, ළමයා පවින් මුදා ගැනීමයි.

යහපතෙහි යෙදවීම සඳහා ළමයාට නිවැරැදි පිළිවෙත් කියා දිය යුතු යි. මවට පියාට වැඳීම, ගරු කිරීම, තෙරුවන්ට ගරු කිරීම, තෙරුවන් වැඳීම ගුරුවරුන්ට ගරු කිරීම හා වැඳීම ආදී විවිධ යහපත් පිළිවෙත් වළට යොමු කිරීම, වන්දනා මාන වලට හුරු කිරීම, සිල් සමාදන් කරවීම ආදී යහපත් චාරිත්‍ර පුරුදු පුහුණු කිරීම සමාජයට ඉතා වටිනා සත් පුරුෂයකු ලබා දීමකි. එවන් පිළිවෙත් වලින් බැහැර වූ තැනයි හිරගෙවල් අවශ්‍ය වන්නේ මේ නිසා වැඩිහිටි ඔබ සතු යුතුකම වන්නේ, දරුවා නිවැරැදි පිළිවෙතක් දෙසට යොමු කිරීමයි. මුදල මතම එල්බ නොසිට, ළමයා තුළ හොඳ සිරිත් පුරුදු පුහුණු කළහොත් පෙරළා ඔහුද ඔබට කළගුණ සලකනු ඇත.

හොඳින් ඉගැන්වීම ද කළ යුතු වෙයි. පාසලට, බාහිර පන්ති වලට දරුවා යොමු කළ ද සදාචාර අධ්‍යාපනයක් ද ළමයාට ලබා දීම, කළ යුතුම දෙයකි. ඒ අනුව ඉරිදා දහම් පාසලට දරුවා යොමු කළ යුතුම ය. කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වන වැදගත් කරුණු අතර,

සක්කෝ - හැකියා වර්ධනය කිරීම, දක්ෂතා දියුණු කිරීම,
උජු - අවංකබව,
අනතිමානී – ආඩම්බර නොවීම
සුවචෝ - කීකරු බව

ළමයා වැඩිහිටි ඔවදනට කන්දෙන, ඒවා හොඳින් පිළිගැනීමට සූදානම් වන අයකු කළ යුතු ය. රාහුල පොඩි හාමුදුරුවෝ වැඩිහිටි අවවාද දිනපතාම ලැබේවායි ප්‍රාර්ථනා කළ අයෙකි. එවන් අයුරින් කීකරුකම කුඩා කළ සිටම තිබිය යුතු දෙයකි. ළමයා තුළ මෙවන් ආකාරයේ ගුණ යහපත්කම් වර්ධනය කිරීම තුළින් ගුණාත්මක ළමා පරපුරක් අපේක්‍ෂා කළ හැකි ය. පි‍්‍රය වචනය, සමානාත්මතාව ළමයා තුළ තිබිය යුතුම දෙයකි.

ඔහුට වෙනත් අය කෙසේ කතා කළ ද, ඔහු අනුන්ගේ සිත් නොරිදෙන, නොතැලෙන වචන කතා කිරීම වැදගත් ය. දරුණු වචන භාවිතා කිරීම, චරිත ඝාතන කිරීම, බොරු චෝදනා එල්ල කිරීම වැනි වචනයෙන් වන වැරදි වලින් වැළකීම යහපත් දෙයකි. මේ නිසා කුඩා කළ පටන්ම පි‍්‍රයවාදී වචන කියන්නකු ඇදහිය යුතු කතා කියන්නෙකු බවට දරුවා පත් කළ යුතු යි. සමානාත්මතාව යනු, කාටත් එක අයුරින් සැලකීම යි. තම වත් පොහොසත්කම් ගැන සිතා, අසරණ ළමයින්ට විහිළු තහළු නොකිරීම දුප්පත් බවට නිගා නොකිරීම ඔවුන් සමාජයෙන් කොන් නොකිරීම ළමයින්ට පුරුදු කළ යුතු යහපත් ප්‍රතිපත්ති වේ. ධනය බලය මත ඔවුන් බෙදා වෙන් කිරීම නොකළ යුතු ය. ළමයා තුළ තමන් වැනිම වූ අනික් ළමයින් දෙස ද සමානව බැලීමට හුරු කළ යුතු ය. මෙවැනි යහපත් ප්‍රතිපත්ති දෙසට අවධානය යොමු කළහොත් ළමා ලොව සුන්දර ලොවක් බවට පත් කිරීමට හැකි බව තේරුම් ගන්න. වෛර සිතිවිලි ළමා මනසින් දුරු කර, ඊර්ෂ්‍යා සහගත බව ජනිත නොවන ලෙස උස්මිටිකම් නොපෙන්වා, ළමා මනස තුළට හොඳ පුරුදු හුරු කිරීම වැදගත් වෙයි.

අප බුදුරජාණන් වහන්සේ ළමා ලොව දුක දැක, ඔවුනට සරණ වූ උතුමෙකි. බුදුහිමියන් ගිය මග යමින් ළමා ලෝකය තුළ උදාර ගතිගුණ ජනිත කරලීමට උත්සාහ කරමු.

පන්සලට දේවදත්ත කෙනෙක් ලිපියට සම්බන්ධ ලිපි දෙකට සම්බන්ධයෙනි.

උපුටා ගැනුම බුදුසරණ පුවත්පතෙන්.


පන්සලට දේවදත්ත කෙනෙක් හා සබැදියි.

මම ඒ ලිපිය පල කලේ විවේජනය කිරිමේ අර්ථයෙන් නොවන අතර "ආදරයට තහනම් නුවරය" නමි ලිපිය සේම ඒ තුලින් තමා තුලින්ම පල කරන අදහස් තුලින් සමාජයේ විවිධකාර පැතිකඩ පෙන්වා දීමයි මට කිරිමට අවශ්‍ය වුයේ. ඒ ලිපි දෙකට අදහස් ප්‍රකාශ කල නොකල සියල්ලන්ටම ස්තුතියි. දැන් අපි කතිකාවත අරඹමු. පසුගිය ලිපියේදි බොහෝ දෙනෙකුගේ අදහස වුයේ එය නො දැනුවත්කමින් සිදු වුවෙක් බවයි. ඒ බව මා පිළිගත්තද එය නිවැරදි බව පිලිගන්නට නොහැකිය. ඒ බව විමසා බලන ගමන් තවත් පැති හා පිටස්තර මාතෘකා ඔස්සේ ටිකක් කතා කරමු.


සාමාන්‍යයෙන් පන්සලකට (කෝවිලකට හා මුස්ලිම් පල්ලියකට මෙන්ම ලංකාවේ ඇතැම් කතෝලික පල්ලි වලද) යෑමේදි හැසිරිය යුතු හා ඇදිය යුතු ක්‍රම පවති. ඒ අනුව පන්සලට යෑමේදි හැසිරිය යුතු හා ඇදිය යුතු ක්‍රමයක් එනම් සුදු හෝ ලා පැහැති ඇදුම් හා සංවර ඇදුම් ඇදිය යුතුයැයි මතයක් (මතයක් මිස නීතියක් නෙවේ.) තිබියදි ඔහු ඇද ගියේ මන්ද? සාධාරණව සිතන්න, මේ ඇදුමම හෝ කොට රෙදි යාරෙකින් මැසු හිර ඇදුමක් හෝ කොට සායක් කලිසමක් ඇද කාන්තාවක් ගියොත් කුමක් සිදුවේද? එය ඔහුට අදාල නොවේද? (ඔහු යන්නෙන් අදහස් කලේ පිරිමින්ට බව සලකන්න) ෴


අද නගරයේ මෙන්ම ග්‍රාමික පිරිමි, මිශ්‍ර විද්‍යාල මෙන්ම බාලිකා විද්‍යාලවල වුවද 8වසරෙන් පසු බොහෝ සිසුවන් සිංහල ඉංග්‍රිසි අසහ්‍ය වචනත් සංඥාවල තේරුමත් දන්නා අතර ඇතැම් බොහෝ දෙනෙක් ලිංගිකත්වය ගැන අක්‍රිමවත් දැනුමද ලබා සිටියි. ඒ නිසාම ඔවුන්ගේ විනාශයට හේතු වෙයි (විවාහයට පෙර ලිංගික හැසිරිම්, අඩු වයසින් සිදු කරන ලිංගික හැසිරිම් වැනි.. මේ කරුණ මා සදහන් කලේ එක් පෝසට් එකක සදහන් වු මේ ලිපිය නිසාවෙනි.(එහි සත්‍ය අසත්‍යභාවය මා නොදතත් එය සිදු වීමේ ප්‍රවිණතාවයක් ඇති බව මගේ විශ්වාසයයි.)෴

විභාග හා ලකුණු පසුපස දුවන අපේ අධ්‍යාපන ක්‍රමයේදි බොහෝවිට සිසුවන්ට ජිවිතයට අවශ්‍ය වන කරුණු, අධ්‍යාපන, සිරිත් විරිත් ආචාරධර්ම ඉගැන්විම බොහෝදුරට සිදුනොවෙයි. එසේම රූපවාහිනී හා මාධ්‍ය තුලින් දකිනා දේම විමසා නොබලා අයාලේ අනුගමන කරයි. ඉතිං මේ වැරදි වලට වගකිව යුත්තේ කවුරු කවුරුන්ද?

පන්සලට දේවත්ත කෙනෙක්?



ImageHost.org

කැළණිය විහාර බිමේ ගන්නා ලද මෙම ජායාරූපයේ සිටිනා පුද්ගලයා ඇද සිටිනා ඇදුමේ හැටියට පන්සලක තබා සාමාන්‍යයෙන් මගතොටක ඇදිමට යොග්‍ය ඇදුමක්ද? මෙවැනි පුද්ගලයින් බොහෝමයක් සමාජයේදි එළිපිට සිටිති. ඔවුන් ගැන නිහඬ මන්ද? මිට වග කිව යුත්තේ ආර්ථික ක්‍රමයද? නොහොත් අධ්‍යාපන ක්‍රමයද? දෙමව්පියන්ද?

සුළු පිරිසක් හෝ එක් කෙනෙකු හෝ මනඃකල්පිතව හෝ හේතුකොට බංකු පෙරලන, නිති පනවන, වෙබ් අඩවි වලට තහචි පනවන කල මෙවැන්නන්ට නිහඩ මන්ද? කල යුත්තේ එසේ කිරිම නොව විකෘති වු සමාජයේ ඒ වැරදි වල මුල සොයා ප්‍රතිකාර කිරිමයි.


ආදරේට තහනම් නුවරය...?

ImageHost.org



මහනුවර නගරයේ දැකුම්කළු බවේ ප්‍රධාන සංකේතය දළද මාලිගාව සහ ඒ හා බැදි නුවර වැවයි. නුවර වැව ප්‍රමාණයෙන් කුඩා වුවත් එය නගරයට එක් කරන්නේ පිරිපුන් චමත්කාරයකි. පසුගියදාවක මෙම වැව ඉස්මත්තේ තනා ඇති ඇතැම් බංකුවලට කිසියම් පිරිසක් විවිසින් කළුතෙල් දමා තවත් බංකු පෙරලා දමා ඇත. ප්‍රදේශවාසීන් පවසන්නේ තරුණ තරුණියන් මෙම බංකුමත අනාචාරයේ හැසිරෙන බවය. එය වලකාලීම සඳහා මෙය කල බවත්ය. මෙම වැව අසලින් නිරන්තරවම ගමන් ගන්නා ආචාර්‍යවරයෙකු "කෙල්ලෙක් කොල්ලෙක් බංකුවක් උඩ වාඩීවී සිටියහොත් අපේ ඇතැම් වනචර මිනිසුන් හිතන්නේ ආදරය, ප්‍රේමය කියන්නේ වනචර දෙයක් කියලා. ඔතන එහෙම කිසිම දෙයක් වෙන්නේ නෑ. ආදරය, ප්‍රේමය වනචරය, ප්‍රචණ්ඩය කියලා උගන්වන ඉගෙන ගන්නා රටක මෙහෙම වෙනවා. තත්පරයක්, තත්පරයක් ගානේ මිනිසුන් අමු අමුවේ මරා දමන රටක මරන්න එපා කියලා, යුද්ධය එපා කියා ඔය බංකු පෙරලන කළුතෙල් ගාන ඊනියා සදාචාරවාදීන් පොස්ටරයක්වත් ගහන්නේ නෑ. මේක තමයි ලෝකෙන් උතුම් රට." කිවේ මහත් වේදනාවෙන්.

ඇත්ත වශයෙන්ම මේවාට වග කිව යුත්තේ කවුරුන්ද?ඒ කී පෙම්වතුන් (සම(හ)රක්) මෙසේ හැසිරේ නම් ගන්නට වෙන ක්‍රියාමාර්ග තිබුණේ නැතිවාද? මෙම බංකු වල ගිමන් හරින අය කොහේ අරින්නද? පවුල් පිටින් නුවර සචාර කරන දෙමව්පියන් තම දරුවන් සමඟින් වැවේ සතුන්, මාළුවන් පෙන්වා සතුටු වෙන්නේ කෙසේද? නුවර සචාරය කරන විදේශකයන් වාඩිවී තම කැමරා කාචයට සුදුසු දර්ශනයක් එන තුරු සිටින්නේ කොහේද? පෝයදාවට සිල් ගන්නා සිල්වතුන් සිල් ගන්නේ කොහේද? විඩාබර ජිවින චක්‍රයෙන් මිදි වැවට එන අය, නොයෙකුත් ප්‍රශ්ණ හමුවේ පිඩීත අය ඇවිත් වාඩි වී සිත සාද ගන්නේ කොහේද? (වැවට පැනලාද?). අවංක පෙම්වතුන් නො මැත්තේ නොවේ, ඔවුන්ද යන්නේ කොහේද? (මන්ද ඇතැම් අය මල් වත්තට හොටෙල් කාමර වලට යන්නට තරම් වනචර නැති නිසාවෙනි.) කවුද මේ මූඩකමට වග කියන්නේ? ඔවුන්ට මේ බව අමතක් වීද? නැත්නම්? බුදුන් වැඩි දේශයේ බුදුන්ගේ ධාතුව වැඩ සිටින සෙන්කඩපුරයේ මෙසේද විදුවිය යුත්තේ? ඒසේ නම් ඇයි බුදුන් වදාල අවිහිංසාව, කරුණාව, මෛත්‍රිය, උපේක්ශාව, මුදිතාව යන ගුණ අමතක?



විකල්ප ඇසුරෙන්.