Showing posts with label පෞද්ගලික/මිතුරන්. Show all posts
Showing posts with label පෞද්ගලික/මිතුරන්. Show all posts

නුවර වසන්තය

නුවර වැව

නුවර වැව් කෙම් කොණට
වසන්තය ඇවිතින්
රොබරෝසියා මල් තවම පිපෙනවා ඇති
මල් පෙති මතින් පිය නඟන
අපි නැතිමුත්
ඉස්සර පුරුද්දට...

පිණි වැටෙනා හිමිදිර
මිඳුමෙන් පෙවෙන
හන්තාන තවම බැලුම්ලානවා ඇති
මං මාවත් සැරිසරන
අපි නැතිමුත්
ඉස්සර පුරුද්දට...

රෑ අඳුරු අහසට
සිතුවම් රටා මවන
තරු මල් තවම පිපෙනවා ඇති
තරු ගැන කවි ගොතන
අපි නැතිමුත්
ඉස්සර පුරුද්දට...

නුවර අහස් බිම යට
හෙලු මතක සුසුම් පෙළ
අපේ සමනළ වසන්තයැයි
සිතුවේ නෑ කවුරුත්
ඒත් නුවරට වසන්තය ඇවිත් ඇති
අපි දැන් නැතිමුත්
තවමත් ඉස්සර පුරුද්දට....

ලිෂාන්ගේ "අන් සතු (මා) රුව" හා ලෝ දහම

ImageHost.org
මම විඳිමි ඈ රුව
පෙනෙන ලෙස තඹරුව
බිඟු ඇසින්
කරන ලෙද බලකලත් සිතුවිලි
ඇය හටම
කරන ලෙද ආලය හද තුලින්
කෙසේ කරමිද
ආලය වෙන කෙනෙකුට නතු වූ හදවතින්

නෙළුම් මල දිහා බඹරෙකු බැලුවත් එයට වසා පැණි බීවත් එය ඔහුගේ නොවෙයි, ඒ මල වැදු ජල නිම්නයටත් සදා අයිති විය නොවිය හැකියි. මන්ද එය කෙනෙකු නෙලා ගනු ඇති බැවිනි, ඉක්බිඳිව වුවද ඔහු මලට සුවදැති පැන් ඉස සරසා තවකෙකුට විකුණයි. මිලදී ගත් ඒ තැනැත්තා එය පන්සලට* පුදයි. නමුතු ඒ නෙළුම් මල කාලරූපීව පරවී බුදු ගෙදර සුවඳවත් කර රෑපයෙන් අලංකාරමත් කර පරවී කෙඩෑර වී යයි. ලෝ දහම එසේ නොවේද? මේ සංසාරේ පුරා දුකාත්මය හා සතුටාත්මක අතර දෝලන වෙමින් ප්‍රේමීය බව වියෝමීය බව අතර සැරී සරන්නට ඔබටත් මටත් සිදූ වනූ ඇති. ඔබ කුමක් කෙනෙක් වුවද, කුමන නීලයක කෙනෙකු වුවද කෙනෙකුට කොතරම් පෙම් කලද වැලපුණද එයයි යථාර්තය. ඔබට ඔබේම කියා කෙනෙකු ඔබට නැත්තේය, ඒ හුදෙක් ඔබේ කියා මවා ගැනීමකි.

*(මට මෙහීදි මැවෙන්නේ දළඳා මාලිගාවයි, මන්ද මාගේ කළුදුල් ඒ ප්‍රේමයේදීද මුලින් එතැන ගොස් නෙළුමක් පුදා පිරිත් නුලකින් ඈගේ අත සැරසු බැවිනි)
ලීෂාන්ගේ බ්ලොග් රෝල තුලින් සිතට මැව් වැකි පෙලක් ඔබ ඉඳිරියේ තබන්නට අවසර! ( වෙනත් නිදැස් කවි තුලින් මනෝකාමය අදහස් දැන්වුවත් නලීන්ගේ සඳ මුහුණ ගැන ලිව්ම හැරෙන්න තවම මට ලියන්නට බැරි විය. ඇතැම් නිර්මාණ තුලින් අදහස් දැන්වුවද ඒවා මෙහීලා සඳහන් කරන්නට බැරි වීම කණගාටු වෙමින් අදින් කොදෙව්වේද ඉඩ වෙන් කරමි. මා තව තවත් පෙරට වඩා අනුරාගී අකුරු පණගන්වමින් කලාව හුදෙකලා නොකර අත්වැල් බැද ගනිමි. මිනිස් සිතකට ස්පර්ශ කරන්නට සමත් විද්‍යාවෙන් පෝෂිත වන්නේද කලාවයි, නවීන විද්‍යාව තුලින් නැසී පූනරුත්තාපාන වෙමින් ලෝකය සරස්වයි. ( මේ ගැන යම් දිනෙක යම් ආකාරයක ඉදිරිපත් කරන්නට අවසර! )



Chicken a la Carte හා බැදුණ මගේ අතීතය

Short Film By: Ferdinand Dimadura


මට මේ විඩීයෝ පිටපත ගැන මගේ සමීපතයෙක් කිව්වේ. ඔහුට ඒ ගැන තුතිය.

මේ විඩීයෝව මාව අතිතයට ගෙනගියා කිව්වෝත් නිවැරදියි. ඉන් එක් මොහොතක් නම් නුවර KFC එකට යනවිට ඒ අසලම delight ඒකට ඉස්සරහ දරැවෙක් වඩාගෙන බිම වාඩිවී ඉන්න අම්ා කෙනෙක් හිටියා. ඇයගේ තත්වය ගැන හිතලා ඇයට මම බුරියානි එකක් දුන්විට ඇයත් ඇයගේ ඒ පොඩි නංගිත් එක්ක කෑ හැටි මගේ මතක සටහන් ගොන්නේ තවමත් සක්මන් කරයි. එතැන් සිටම නුවර සතිපතා පැමිණිවිට ඇයට කුමක් හෝ දීම පුරැද්දක් වෙලා තිබ්බේ. උසස් පෙල ලියන්නට පෙර දිනෙක ආ විට ඈ දක්න්නට නො ලැබුණු අතර මට පසුව දැන ගන්නට ලැබුණේ ඇයව සැක කටයුතුයැයි පොලිසිය අල්ලා ඇති බවයි. මා කිව්වේ මේ විඩීයෝව සමග බැදුණ මගේ අතිතය විතරයි.

ඇත්තටම අපි නිපරාදේ වියදම් කරමින් මේවාට යද්දී පාරේ එහා පැත්තේ හෝ දොරටුවේ හිගමන් අදින කොච්චරක් ඇතිද? ඔවුන් ගැන ඔයාලා හිතුවාද?

"මචාන්"ලාටත් "අඩෝ"ලාටත්...

'අලුත්' අවුරැද්දට අලුත්යැයි කියන්නට දෙයක් නැති තරම්ය. ඔවුන්ට තමුන් පසුගිය වසරේ වද වු, ප්‍රරාථනා කරපු දෑ අමතක තරම්ය. මේ අකාරයට දුරැතු මාස‍යේදීත් ගෙවාගෙන යයි. සිදුවන වෙනසක් දියුණුවක් නැත. වෙළදුන්ගේ හා ජංගම දුරකථන ජාලය සරැ කරගෙන නමුන්ගේ පොකට්ටුව හිස් කර ගනියි. බොහෝ දෙනෙක් අවුරැද්දේ නෑගම් යෑම ගණුදෙනු කිරිම වැනි දෑ දැනුදු කෙරෙන්නේ ඕනෑවට එපාවට මෙනි. මෙසේ අලුත් අවුරැද්ද 'නවීණකරණ' වුවද අවුරැදු චාර්ත්‍ර සිරිත් විරිත් වෙනස් වුවද කුමක් වුවද සිදුවිය යුතු වටිනාතම දෙයක් නම් තමාගේ වැරද්දක් හෝ හදා ගනිමින් වෙනසක් ඇති කර ගැනිමයි. ඊට හොදම කාලය නම් බක් මාසයයි (මගේ මතයේ හැටියට). වෙසක් මාසයේ සද්ධාවත් ඇතිකර ගෙන ඒ ධෛර්යය සමගින් ඉදිරියට ගොස් දුරැතු මාසයේදි පසුගිය මාසවල ප්‍රතිශතය බලාගෙන ඒවායේ අඩුපාඩු හදාගෙන ඉතුරැ මාස වල හදා ගැනිම ප්‍රයෝගිකව උචිතය.

ඒ වෙනස තමා තුලම ඇති කර ගැනීම අතවශ්‍යයයි. පසුගිය කාලවලදී ලියන්න බොහෝ දේ තිබුණත් කාර්යබහුලකමත් කැම්මැලිකමත් නිසා ලියැවුණේ නැති තරම්. ඒ සමගම මගේ අධ්‍යාපණ කටයුතු වුයේත් මන්දගාමීව වගේ. අවුරැද්දකින් මම ලංකාවට ආපසු එන්න තිබ්බ බලාපොරොත්තුව වෙනස් කරලා, දැනුමත් අත්දැකිමුත් එක්ක නැවත පසු කාලයකදී එන්න හිතා ගත්තා. ඉස්සරහට කාලය තවත් කලමනා කරලා ලියන්නත් කියවන්නත් වෙන දේට යොදවන්නත් ඕනෑ. කොම්පුටරේ මා විසින් ආරම්භ කලාට එහි වැඩි හරියක් ලිව්වේ ප්‍රවීන් අයියායි. වෙනත් අය දායකත්ව දැක්වුවත් තවමත් මම එහි ලිව්වේ එකම එකකි, ලැජ්ජාවට කරැණක් නොවැ? එහිත්, කොදෙව්වේත් ලියන්න දේවල් තිබ්බට නොලිව් ඒවා ලියන්නවත් ඕනෑ මීට පස්සේ.

මට කෙනෙක් කී දෙවල් වලට හදිසි කෝපයකින් ලිපියක් ලිව්වත් ඒ සිද්ධියෙන් දැන් මට දැනෙන්නේ ශක්තියක්. ඒ කෙනාට බොහොම ස්තුතියි. මගේ සමීපතයෙක් මට විද්‍යුත් තැපැලකින් විමසලා මට මෙහෙමත් කියලා තිබ්බා; “උබ අහලා තියනවාද? කියවලා තියනවාද? ඩේල් කානගි කියලා පොරක් ගැන? උෟ ගැන මට වඩා උෟ දන්නවා ඇති? එයා කියලා තියනවා '' ඔබට එන අයුක්ති සහගත විවෙචන බොහෝ වෙස් වලාගන එන අශිර්වාදයන්ය. එයින් බොහෝ විට අදහස් වන්නේ ඔබ යමකුගේ ඊර්ෂියාවත් අභිමානයත් අවුස්සා ඇති බවය “කිසිවකු කිසිවිටක මළ බල්ලේකුට පයින් නොගසන බව මතක තබා ගන්න “ මේක මට වගේම බිලෝග් අවකාශයේදී අපහාසයට, ලේබලයට ලක් වන අයට වැදගත් වෙවි.

"First they ignore you, then they laugh at you, then they fight you, then you win." ලෙස ගාන්ධිතුමා කියන්නෙත් එක නොවැ?

මට දිරි දුන්නු, අදහස් ‍විවේචන ලිව්, කතා කල, කියවු සතුරැ මිතුරැ සියලු දෙනාටම ස්තුතියි. ඒ වගේම තවදුරටත් අදහස්, විවේචන, දිරි ගැන්විම්, බැණුම්, මඩ ඕනෑම දෙයක් මම බලාපොරොත්තු වෙනවා.


යුධ ගිණිදැල්, අනෝදනා සියල්ල සත්‍යයේ නාමයෙන් යම් දිනයක නිවේවා! ජාතියක් වශයෙන් නොවී රටක් ලෙසින් ශ්‍රි ලංකාව ලොවේ බැබලේවා! බිලෝග් අවකාශයේ සතුරැ මිතුරැ සියලුම දෙනාටම ලැබුවාවු අලුත් අවුරැද්දේදී ජිවිතේ හීන, ප්‍රාර්ථනා ඉටුකර ගන්නට හේතු ශක්තිය ධෛර්යය ලැබේවා!

සමාජය හා එයින් පැවත එන සංසදයට...

සිංහල බිලොග් සංසදයේ බොහෝ සාමාජිකයන්ට සාපේක්ෂව මම නවකයෙකු වෙමි. මා අතින් මෙම ලිපියෙන් කිසිදු කෙනෙකුට අවමන් කිරිමේ අරමුණක් නැති අතර මා කියන ලියන දෙයින් කෙනෙකුට අපහසුතාවයක් වී නම් කමා වෙත්වා. මෙම ලිපිය මීට සුමාන කිහිපයකට ලියන ලද්දක් වුවත් ප්‍රමාද වී හෝ පල කරමි.


පසුගිය කාලවලදි මා දුටු ගෝචනීය තත්වයක් නම් සංසදයේ කිහිපදෙනෙකු තවත් පිරිසකට/කෙනෙක්ට ඔවුන්ගේ අදහස් හෝ පෞද්ගලික තරහක් හෝ අරභයා කෙලින්
හෝ වක්‍රාකාරව වාග් ප්‍රභාර එල්ල කිරිමයි.ඇතැමුන් ඒ සඳහා බිලොග් අඩවි පිහිටුවා තිබු අතර තවකෙක් වෙන වෙනත් ලිපි වල එසේ කරයි. මෙහි ගෝචනීය තත්වයක් වෙන්නේ වැරැද්ද දුටු කල්හි පෙන්වා දිම හෝ විමසිම කිරිම හෝවෙනුවට ජාති, ආගම්, මෙන්ම පාසල් රැකියා හා වාසය කරන තැනද සදහන් කරමින්ද අසහ්‍ය වචන භාවිතා කරමින් නිර්ලැජ්ජිත ලෙස භාවිතා කතා කිරිමයි. සංසදයේ අපි පැවත එන්නේ සමාජයෙනි, මන්ද අපි සමාජයේම කොටසක් වෙන නිසාය. එනයින් මෙවැන්නක් සිදුවන කල සමාජයේ ඇතැම් ජන කොටස් ගැන කවර කතාද? විශේෂයෙන් සියළු පක්ෂ ඇතුළුත්ව අපේ දේශපාලන භූමිකාව තුළ සෑමවිටම මෙන් අනුන්ගේ වැරැද්දම දකින අතරේ හොඳ නො දකියි, දුටු තැනද අගය නොකර බැණ වදියි. එලෙස කරන ඔවුන් තමාගේ වැරදි නොදකිමින් අනුන්ගේ වැරදිම සොයයි, ඉන්පසු ඔවුන්ගේ දියුණුවට අකුල් හෙලයි. තමාගේ මතයට විරුද්ධව යන්නන්ට ඔවුන් ලේබණද ගසයි.

සිරස බලමින් සිරසටම බණින්නාක්මෙන් මූඩ ලෙස අනුන්ට එසේ මඩ ගැසිමට තැත්කර තමාගේම ඇගේහි අත්වලෙහි මඩ තවරා ගනී. මේ තත්වය දුරදිග ගොස් තව තවත් මේ වැනි දේ කරද්දී සංසදය මඩ ජාලයක් වීමත් නිර්නාමික හා අනුන්ගේ නම් භාවිතා කරමින් අදහස් දක්වන කරදරකාරයනේ ක්‍රියා වැඩිවිය හැකිය. එයින් ඇතැම් අය කලකිරීමට පත්ව ලිවිම නැවැත්විමක් සිදුවිය හැක. ඇඩොන මගින් වෙබ් පිටු වාරණය කිරිමට වඩා තමා කියන කරන දේ ගැන විමසිල්ලෙන් හා සිහි බුද්ධියෙන් කිරිම වටි. ක්‍රිස්ත්‍රියානුවෙක් වන ලියානෝ ඩාවින්සිගේ පර්යේෂණ හා කෘති සටහන් ඔහු දේවයන් වහසේට එරෙහිව යන්නේ යැයි අන්ධ විශ්වාසයෙන් පල්ලිය ඇතුළු කොටසක් පුළුස්සා දැමුහ, එවැන්නක් වුවද අප අතරේ විය හැක්කේ නැතිවා නොවේ.

එක් අඩවියක සදහන් කරුණු මෙහිලා ආවරණය කිරිම වටි. රටක දියුණුව සදහා අවශ්‍ය වෙන්නේ නම්‍යගිලි, අනුන් හෙලා නොදකින, තමාගේ කාර්යය හරියට ඉටු කරන දුර්දර්ශීව සිතමින් අළුත් දෑ සිතන ජනතාවක් තුළිනි. එසේ කිරිමට අභිමානවත් බෞද්ධ රටක් වු ලක්වැසියන් වන අපිට බැරි මන්ද? අපේ ජාතික කොඩියේ නිරූපිත බෝකොළ සතර හෙවත් සතර බ්‍රහ්ම ලක්ෂණයන් ඇත්තේන්ම අපි අනුගමන කරනවාද? මෙත්තා හෙවත් මෛත්‍රිය සෑම ජාතියකටම ආගමටම හා ජිවියන්ට (මනුෂ කොටින්ට ඇතුළුව) සිතුවිල්ලෙන්, වචනෙන් හා ක්‍රියාවෙන් දක්වා ඔවුන්ගේ යහපත පැතිමත් ඔවුන්ගේ සම්පත් කෙරෙහි ඊර්ෂ්‍යා නොකර ඒ ගැන තමා සතුටට වන (මුදිතා ගුණය) ගමන් දුඛිත පත් වු වෙනත් අයගේ දුක දුරු කිරිම (කරුණා ගුණය) හා අනුන් කරන කියන දෑ මැදිහත්ව ඉවසීම (උපේක්ෂාව) යන මානුෂ්‍ය ගුණ අපේ රටේ හා ලොකයේ දැවෙන බොහො ගැටළු වලට විසදුමක් නොවේද? (මෙවැනි ලක්ෂණ අපේ ධජයේ තිබුණායයි උදම් ඇනිමට වඩා ඒවා අනුගමන කිරිම අගනේය.) යුද්ධය හුදෙක් තව විනාශයට හා දුක් කන්දරාවකට ඇද දමන වෛරකාරි අරමුණකින් සිදු වෙන්නෙකි. නිවැරදි දේ කිරිම වැරදි දේ කිරිමට වඩා දුෂ්කර වු පරිදි අපේ වැරදි කිරිම හා ඒවාට අනුමත කිරිම සාධරණද?

ලොකය අද යම් දුරක සුන්දරව පවතින්නේ කටුක වුවත් කේසේ හෝ නිවරද්‍ය මාර්ගය අනුගමන කළ බුදුන්, ක්‍රිස්තුස්, ගාන්ධි, මාරින් කිං, තේරේසා මෑණියන් නිසාය. ඔවුන් තුලින් අවංක, නිහතමානි හා සතර බ්‍රහ්ම යන මානුෂ්‍ය ගුණ වලින් යුක්ත වුහ. හිට්ලර්, බුෂ් වැනි කෑර මතයකන් ඉතුරු කලවුන් ළඟ තිබුණේ දුෂිත ආකල්පත් අධිමානයත් නිසාවෙනි. තමා සම්මතයෙහි පිහිටා තමාගෙන් පවුලට සංසදයට සමාජයට සාමය පැතිරවිම රටේ යහජිවනයට හේතුවෙයි.


වෛරයෙන් වෛරය නොසිඳේ
මෛත්‍රියෙන් වෛරය සිඳේ
අවිගත්තේ අවියෙන් මියැඳේ
සිතට ගනු මෙය සබඳේ


Binku
Binku

නොමියැදෙමි!


සිතැති මුත්
නො එන
මිරිගු සිහින...
සුපෙම් මුත්
නො විදින
මතක මාවත්...
නොරිසි මුත්
නො නවතින
සිසිල් සුසුම්...
කටුක මුත්
නො මියැදෙන
අරමුණු සහිඳ...
කෙසේ මුත්
නො නවතින
දිරිය ගෙන...


නො මියැදෙමි!

මාතෘකාවක් නැති ලියමනක්...

කොහොමද ඉතින්? කාලෙකට පස්සේ නේද? ;)

ඉතිං මේ වියමනට පහුගිය දවස් ටිකේ කෑලි දම්ම මිසක් ලිව්වේ නෑනේ අනිත් ඒවායේ අදහස් උදහස් දැම්මා මිසක්. කාර්යබහුලකමටම නේමේ හිතට හරි නති එකත් ඒ එක්කම ලියන්න දේවල් අවුලක් වෙලා තිබ්බේ. ඒත් වර වර වියමනේ පොඩි පොඩි කෑලි දාලා අත්හදා බැලුවා. ඒ තුලින් මම ඉගෙන ගත්ත දේවල් මට වටිනවා. ඒ වගේම මම තව එකක් පටන් ගත්තා කොම්පුටරේ.blogspot කියලා එකක් ඒ තුලින් ඒ සම්බන්ධ දෙවල් දාන්නයි බලාපොරොත්තුව ඉන්නේ.ඉතින් මේ වියමන මගේ දින පොතක් වගේ එකක්; මගේ හැඟිම්, මගේ අදහස් පිට කරන්න තියෙන එකක්. මං ඇත්තටම ඉන්නේ එක්තරා අවුලකින්, පුදුම අවුලෙන්! මාස ගනාවක සිට. ඉතින් මේකේ තියෙන සමහරක් එව්වා සමහරක් අයට නොදිරවන්න පුළුවන්. එහෙම ඇත්තෝට මට සමාවෙත්වා. ඔනේම කෙනෙක්ට මට අදහස් ප්‍රකාශ කරන් යන්න, මං කාගේවත් අදහස් මොකටවත් මකන්නේ නෑ.ඒත් මාව රිදවන ආකරයේ එකක් මුහුණුපොතේ තැනක දාලා තිබ්බා එක ගැන කණගාටුවෙන් ඉන්නේ.(එච්චරම නෑ ඒත්) එක එක අයගෙ කණ්නාඩි වෙනස්නේ. සමහරක් අය මට එක් අතකින් හෝ සමාන වෙන්න ඇති. තව කෙනේක් මට විරුද්ධ වෙන්න ඇති. කෙනෙක් කියලා තිබ්බා අනිත් අයටත් pain තිබ්බට එව්වා ලොකේට පෙන්වන්නේ නැහැලු, ඒ කතාව ඇත්තක් නොවෙන බව මම දන්නවා. කොහොම වුනත් මම වෙනස් බව මම පිලි ගන්නවා. ඒත් මට (වගේම අනිත් අයටත්) අයිතියක් තියෙනවානේ එයලාගේ හැඟිම් අනිත් යට හානියක් නො වෙන විදියට හෙලි කරන්න. අනික මම මේ අවුලේ ඉන්න එකට කාවවත් අම්මලාවත් සදහන් කරලා නැහැනේ. අම්මලාගේ වරද්දක් නෙමේ එක. අම්මලා වෙනුවෙන් මම මගේ පැතුම් බලාපොරොත්තු හිර කරන් මගේ තුවාලේ මම විඳ දරා ගන්නවා. මරණය මගේ ඔලුවේ දොංකාරය දෙන්නේ අයි මන්ද? මට තවත් දුක මෙව හින්ද මම දරුණු වෙල එකටත් මම මටම පව් පුරවා ගන්න එක, එකත් මගේ හිතට වදයක්.

මට තේරෙන්නේ නෑ අයි මට මේ වුණේ කියලා. මං හිතන්නේ නෑ ලොකේට හැමදේම වෙන්නේ මාව මේ තත්වේකට වටෙන්න කියලා. වෙන දේවල් වලින් මම ආගධයටම වටිල ඉන්නේ, එකේන් උඩ එන්න හදන හැම වතාවකම ඔලුවට මොකක් හරි පත් වුන එකයි වුණේ.

සතුටින් හිටපු කලයක් තිබ්බා මට.2007 මැද හරියේ සිට 2008 බිනර වෙනකල්. දැනට මං ජිවත් වෙනවා නම් ප්‍රධානම හෙතුවලින් එකක් එක. ජිවිතය ගැන මිහිරි ආකල්පයක් තිබ්බේ මට එදා, එත් එවා බොරු වගේයි දැනේන්නේ. ජිවිතය ගැනත් කියලා දුන්නු ආදරයේ පද වැල් කියලා දුන්නු සුදු සුරඟනාවියෙක් හිටි කලයක්. මගේ අම්මලා තාත්තලත් මිට වඩා මට ආදරණිය බව දැනුන කාලයක්. ඒ වගේම මගේ සහෘදයෝට ස්තුති කරන්න ඕනේ. HarsH, ඉස්සා, Buddy අක්කා...මේකී නොකී කිහිප දෙනේක් ඉන්නවා.

මට අරමුණක් තියෙනවා ඒ අරමුණ ඉටු කර ගන්න මගේම කියලා මාර්ගයක් තියෙනවා, මගේම විදියක. මං මටම වරද්දාගෙන හෝ මගේම විදියෙන් මගේ ජිවිතය ගොඩ නගන්නයි මට ඔනේ. ඒ තුලින් මට ලොකේට සේවයක් කරන්නයි මට ඕනේ. ඒත් මගේ ඒ දේවල් අනික් අයගේ මිණුම් වල අනුවත් එක එක එව්වා නිසා ඒ විදිහට මට අහන්න ලැබුනේ
"උඹට පිස්සුද? ලොකේම මෙහේ එන්න බලනවා. උඹ ආපහු යන්න බලනවා"
කියන අදහස් තමා. මම මගේ ඒවා තියන් ඉන්නවාට පිටස්තර අය හිතන්නේ ලංකාව දාලා ආපු හේතුවක් වගේ දෙයක්, වෙලාවක මගේ හිත වෙනස් වෙන්න කියලා ලංකවේ වැරදි හරි මෙහේ හොඳම පෙනවන්න එක ගැන මට දැනෙන්නේ කලකිරිමක් විතරයි.

ඉතින් මම කරන්නේ මම මට මුකුත් නො වෙච්චි විදිහට මම ඒ අරමුණ මගේ විදිහට කරන ගමන් අභියොග වලට මුහුණ දෙන එක හිතින් මවාගෙන තවකාලිකව හිත හදා ගන්න එකයි. මං විනාඩියක් පැයක් හිනැහුනත් දවසක් පුරම විදවන්න වෙන හින්දයි, හැමදාම එකට දෙයක් වෙනවාමයි.

සමාවෙන්න මං මේ හෑල්ල මේකේ දාලා ඔයාලාව වෙහෙස කරාට.තව කියන්න දේවල් හිතේම තියන් මම කැපෙන්නම්. මම මගේ දින පොතේ ලියනවා වගේ ලිව්වේ එකතරා දුරකට. එක හොඳයි හිතේ තියන්ම විදවනවට වඩා...

සමහරක් විට මං වගේ අය ඇති තවත්. ඔයාලා තනි නෑ, එක තේරුම් ගන්න මේක උදව්වක් වේවා!


*****
(මගේ හැඟිම් හොඳට දාලා තිබ්බ දින පොතක් ඇබ්නෝමල් කෙනෙක්ට හම්බ වෙලා තිබ්බා)

පුංචි පුංචි සත්තු ආලෝකය දිහාට ඇදිලා එන්නේ ආදරේට...ආසාවට...ඒ ආස කරන ආලෝකයම.. ඒ දැල්ලම උන්ව පුච්චලා දානවා කියලා දන්නවා නම් උන් ඒ පැත්තවත් බලන එකක් නෑ...කිලෝමීටර් ගණන් පියාඹ පියාඹ එළිය හොයන්නේ නැතුව ගුල් වලටම වෙලා ඉදීවි..ආදරේ කරන දේවල්.. ආස කරන දේවල් දිහා ඇහැක්වත් ඇර නොබලාවී..ඒත් අනේ උන් මැරෙනවා..ආදරේ නිසා ආලෝකය නිසා..දැන දැනම හෝ නොදැන උන් මැරෙනවා..ඉටි පන්දම් දැල්ල ලග පණ අදින උන්ගෙම ඈයෝ දැක දැක පිච්චිලා අළු වෙලා යන්න ඒ එළිය දිහාටම ඇදෙනවා කාළකණ්නි.


ඇයි මම මේ තරම් ඇලෙන්නේ..? ඇයි මට පැත්තකට වෙලා ඉන්න බැරි..? ඇයි මම මේ තරම් දුක් විදින්නේ..?එක වරක් වැරදුනා. තව එක සැරයක් දෙසැරයක් තුන් සැරයක්.? කීසැරයක් මම වරද්ද ගන්නද හදන්නේ? ඇයි මට හැම දේම දමාගහලා පැත්තකට වෙලා ඉන්න? ඇයි මම මේ තරම් දුර්වල? ඇයි මම හැමදේම යකාට ගිය දෙන් කියලා හැමදෙනාගෙන්ම ඈත් නොවෙන්නේ..? ඇයි මම දැන දැනම මාව රිද්ද ගන්නේ? ඇයි මම එක කටුවකින් ගැලවෙන්න තව කටුවක් ඇනගන්න හදන්නේ? ඇයි මම මගේ හිත පුරාම බ්‍ල්‍ඩ් එකකින් ඉරි ඇදගන්නේ?මට එහෙම වෙන්න ඕනිද?මේ දුක මම දැන දැනම බදාගන්න හදන්නේ ඇයි..?මේ වදකාර ජිවිතේට තව අය ලං කරගන්න හදන්නේ ඇයි මං?හැමෝගෙන්ම ඈත් වෙන්න ගිහිං අළුත් අය ලං කරගන්න හදන්නේ ඇයි මං? ඇයි මම මේ විකාර කරන්නේ? ඇත්තටම මට පිස්සු


දුකත් දන්නවා
දුකට හේතුවත් දන්නවා
දුක නැති කිරීමේ මාර්ගයත් දන්නවා
ඒත් ඇයි දුක නැති කරගන්නේ
නැත්තේ?
අම්මායි තාත්තයි
මාව බැදලා හිරකරලා
ගල් කරලා
නැත්තං මෙලහට මම
කොහේ හරි...හැමෝගෙන්ම මිදිලා...
ඒත් ***** එහෙම ඉන්න
ඉ‍ඩක් නෑ.. හැම තැනම දන්න උන්..
ඇයි හත්වලාවේ මොන මගුලකටද
මම
ඉපදුනේ...?


සටහන: මෙ තරමේ එකක් නෙමේ මට දැනෙන්නේ. ඒත් එක අතකින්, එක පොටකින්, පද කිහිපයක් මට සමාන නිසායි දැම්මේ...පුදුම තර්කයක්. මේ වගේ අය පිස්සෝ නෙමේ, ඒ රොගයට හේතුවක් තියෙන්න ඔනේ. අපිට පේන්නේ නෑ රෝග ලක්ෂ දිහා බලන් 'පිස්සු' 'මෝඩ' තහඩුවක් දාන නිසා :( .

මෙ දින පොත දැම්ම ඇබ්නෝමල්ට මට සමා වෙත්වා මගේ එකේ මෙහෙම දැම්මට. මම කලින් කිව්ව කෙනෙක් ගැන, ඒ තැන්තා නිසයි මෙහෙම දැම්මේ

සිත බැදී ජිවිතයේ කවිය

පෝය හද එළි නිවාපන්
තරු රැස් දහරා මැකීයන්
දිවා හිරු රැස් නිවී පලයන්
අදුර විත් ජිවිතයට වැදීයන්

එපා එපා මට ‍‍ආලෝකයන්
කණාමැදි‍රියෝ ඉගිල පලයන්
මේ කුහක ලෝකයෙන්
මාව නොපෙනිම මැකීයන්

වත්සුණු තැළි පිළි ගිලිහි වැටිද්දෙන්
නෙතග සිනහා රැල් මැකෙද්දෙන්
‍වෙලෙන සියල‍්ලෝ ඈත්ව යද්දෙන්
මේ ආත්මය අදුරෙම ගිලිද්දෙන්

කුමට සුවද විහිදෙන පුෂ්පයෝ මට
රන් පත් ඇති සමනළුනි කිම තොපේ පල?
සැගව යන්නට නොහැකි නම් මට
‍මේ විසල් ලෝකයෙන් මොහොතකට ?

ආලෝක ‍දහරා එපා මට
කදුළු වැල් එපා මට
තොපි කවුරුත් එපා මට
අදුර ඇවිදින් වාඩිගන් ලග

මම මැකී යමි අදුරේම
සාප නොකරමි කිසිවකුට
පැටලුනු බැමි ලිහා‍‍ගියොතින්
සැගව යමි අදුරේම
මැකී යමි අදුරේම....


මාලී අක්කාගේ මේ නිදැස මටම කියාපු එකක් වගේ. කෙල්ලේක් හින්දා නම් නෙමේ වෙන හේතුන් නිසායි.

http://abnormalminds.blogspot.com/2009/01/blog-post_10.html
මේ ලින්ක් එකෙන් ගත්තේ, මගේ නම් නෙමේ මෙ නිදැස. ඒ අක්කාගේයි. මගේ ජිවිතයට සමීප නිසයි දැම්මේ. නිදැසට අක්කට අදහස් දෙන්න. මට දෙනවා නම් ඒ නිදැස වෙනුවෙන් නම් එපා.


Life SUCKS!

අයිබෝවන්ඩ!

ආයුබෝ වේවා ඔබලා සැමට, මට ආසවක් තිබ්බා වියමනක් ලියන්න.සිංහල බොලොග් සංගමේ එකේක් වුනාට මම කියවනවා මිසක් ලිව්වේ නැහැනේ. ඉතින් මම ඔන්න ලියන්න ගත්තා. හිතට එන ඔනෙ කෙහෙල්මලක් ලියලා දාන්න ඕනා. එන යන කට්ටිය මට ගල් මුල් වගෙම ඕනේ නම් මල් එහෙමත් දිලා යන්නකෝ. මට හොඳ හයියක් වේවි, ලංකවේ ඉන්නකොට පෙට්ටි හැලෙන්න තර්ක දාපු මං දැන් ඉන්නේත් තනි වෙලා, අම්මලා තාත්තලා හොඳක් වෙයි කියලා හිතුවට ඇත්තටම මගෙ ජිවිතේම ව්‍යාකුල වෙලා වගේ, අමෘතයක් වුන මගේ ආදරේත් එහෙම වුන අන්තිමට, ඔනේ වුනාට තාම මැරෙන්නේ නැති මං මරෙන කල් හරි පුලුවන් වෙලවක තියෙන කෙහෙල්මලක් කියල දාන්න ඕනා.

ඔයලා හැමොටම ආතල්, එළකිරි වගේ සුභ නව වසරක් වේවා!