වැටෙන වැටෙන කිරිබත් ඇටයක් ඇටයක් ගාණේ ඒ බඩටට යයි නම්,
නටවා නටවා කරකවන දෑත් දරමින් කැට ගව්වක් ගව්වක් ගාණේ කාසි එකතු කරයි නම්...
ඒ වු කලී විජයග්‍රහණය වෙයි අපේ!
නොතේරේ නම්, නුරුස්සන්නේ නම් මඟ හැර යත්වා!
The Port of my thoughts that stumped me...
පසුගිය දා ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාණ්ඩුවේ සහායට පැමිණි එක් රටක් වුයේ මියන්මාරය නොහොත් බුරුමය යි. රජයේ ජනමාධ්‍යයන්හි මේ සහාය සම්බන්ධයෙන් මහත් උජාරු කතා පළව තිබුණි. අප ඇත්ත වශයෙන්ම ප්‍රජාත්නත්‍රවාදය ගරු කරන රටක් නම් බුරුමයෙන් ලැබෙන සහාය ගැන ලැජ්ජා විය යුතු ය. මන්ද යත් අප මහත් ආඩම්බරයෙන් අගය කරන යහ පාලනය සහ මානව හිමිකම් නැත්තට ම නැති රටක් ලෙස මියන්මාරය නම් දරා සිටින නිසා ය. මානව හිමිකම් පිළිබද ප්‍රශ්නයේ දි අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාව සමඟ සිටින රටවල ලැයිස්තුවක් ලියුව හොත් අපට අප රට ගැන මහත් දුකක් ඇතිවනු ඇත.
Ar rin bek ka pyaw dair
(Aaron Beck, the psychiatrist, said)
Nar nar khan sah dat hma khan sah hma
(Only if you know how to suffer painfully)
Yoo yoo moo moo go phyit nay hma
(Only if you are crazy - crazy )
Kyi myat tet a noot pyinnya lo
(Can you appreciate a great work of Art)
Hmoo hmoan hmaing way zay det dat poan model ma lay yay
(Dear little photomodel who makes me dizzy)
Kyi daunk kyi mah kya hma a thair kwair det yawgah det
(They say it is a broken liver disease, a great and terrible one) [note: Broken heart in Burmese is usually expressed as a broken liver.]
Than baung myah zwa thaw chit tat thu myah
(Millions of those who know how to love)
Shwe a teet cha hta thaw let myah phyint let khoak tee yway yair bar
(Laugh and clap those gold-gilded hands)

ආණ්ඩුව යුද්ධයක් කරගෙන යයි. ආණ්ඩුව සිතන ආකාරයට එය යුක්ති සහගත හා සාධාරණ යුද්ධයකි. එහි අරමුණ දමිළ ජනතාවට විමුක්තිය ගෙනදීම බවද ආණ්ඩුව කියයි. ඒ අර්ථයෙන් ගත් කල එල්ටීටීඊ සංවිධානය යනු ආණ්ඩුවේද දමිළ ජනතාවගේද‚රටේ බහුතරයක් වන සිංහල ජනතාවගේද සතුරාය. මේ පොදු සතුරාට විරුද්ධව කරන සටන සිය මුළු වැර යොදා ආණ්ඩුව කරගෙන යන්නා සේම රටේ සියලු භෞතික හා මානව සම්පත්ද‚ මතවාදයන්ද ඒ කේන්ද්‍රය වෙත යොමු කිරීම ආණ්ඩුවේ වුවමනාවයි. ඒ සඳහා අතිශය බලවත් විධායකයේ සියලු ශක්තීන් යොදවා තිබේ. ඒ හැරෙන්නට රාජ්‍යයේ සියලු මතවාදී හා මර්දන යාන්ත්‍රණයන්ද ඒ කෙරෙහි දිශානත කොට තිබේ. අන් කවර කාලයකටත් වඩා යුද්ධය සාධාරකරණය කැරෙන රණවීරත්වය උත්කර්ෂයට නැංවෙන දැවැන්ත මාධ්‍ය ක්‍රියාන්විතයක් රටේ ක්‍රියාත්මක වෙයි. ඒ සඳහා යොදවා ඇති රාජ්‍ය මාධ්‍ය ජාලයට අමතරව පෞද්ගලික මාධ්‍ය ජාලයක්ද ස්වකැමැත්තෙන්ම යුද සාධාරණකරණ ක්‍රියාන්විතයේ යෙදී සිටිති.
ඊටත් අමතරව රටේ මතවාදී ආධිපත්‍යය දරන පූජ්‍ය පූජකයන් බුද්ධිමතුන් සමාජ ක්‍රියාකාරීන් ලේබකයන් කලාකරුවන් මාධ්‍යවේදීන් ආදීන් ඇතුළත් පුද්ගල තීරුවෙන් අතිබහුතරයද ආණ්ඩුවේ ක්‍රියාන්විතයට ආශිර්වාද කරති. මේ සියලු තත්ත්වයන් යටතේ සමාජය මතවාදීමය වශයෙන් බරපතළ ධ්‍රැවීකරණයකට භාජනය කිරීමට ආණ්ඩුව විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමත්වී තිබේ. ඒ අනුව 9/11 ප්‍රහාරයෙන් පසුව අමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් "එක්කෝ අප. නැත්නම් ත්‍රස්තවාදය" තෝරාගන්නා ලෙස කී කියමනටත් වඩා බලවත්භාවයක් ගෝඨාභය රාජපක්ෂ මහතා බෝම්බ ප්‍රහාරයෙන් බේරුණු අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා "එක්කෝ අප. නැත්නම් එල්ටීටීඊය" තෝරාගන්නා ලෙස කළ විධානයට ලැබී තිබේ.ජනාධිපතිවරයා බලාපොරොත්තු වූ පරිදිම සමාජය පැහැදිලි ධ්‍රැව දෙකකට බෙදිණි. එක් පාර්ශ්වයක් ජනාධිපතිවරයාගේ මග ම තෝරාගත්තේය. ඒ පිරිස අතිවිශාල බහුතරයකි.අනෙක් පාර්ශ්වය මේ මොහොතේ අතිශය සුළුතරයකි. ඔවුන් ජනාධිපතිවරයාගේ මතයටත් වාර්ගික ගැටලුව යුද ක්‍රියාන්විතයක් හරහා විසඳනවාටත් ඉඳුරාම විරුද්ධ පිරිසකි. එල්ටීටීය වනාහී ලංකාවේ වාර්ගික ගැටලුව දිගු කලක් තිස්සේ විසඳීමට අවංක උත්සාහයක් නොගැනීමේ ප්‍රතිඵලයක් ලෙස බිහිවූ එහිම ඓන්ද්‍රීය සංඝඨකයක් ලෙසත් එල්ටීටීඊය සමූලඝාතනය වීම වූ කලි දමිළ ජනතාවගේ අයිතිවාසිකම් අරගළයේ එක්තරා පරාජයක් බවත් ඔවුහු අඩු වැඩි වශයෙන් කල්පනා කරති. මේ මතවාදී තීරුව තුළ එල්ටීටීයේ සකලවිධ ක්‍රියාවන් කොන්දේසි විරහිතව සාධාරූකරණය කරන්නන් සුළු පිරිසක් සිටිය හැකි නමුත් අතිශය බහුතරයක් එසේ නොවෙති. ඔවුහු එල්ටීටීය දමිළ අයිතිවාසිකම් අරගළය කෙරෙහි දක්වන දායකත්වය පිළිබඳව විමර්ශනාත්මක හා විවේචනාත්මක අදහසක් දරන්නෝ වෙති. එහෙත් මේ මොහොතේ එල්ටීටීයේ පැවැත්මේ අවශ්‍යතාව ධනාත්මක කෝණයකින් දකින්නෝද වෙති. එහි දීර්ඝ අර්ථයෙන් ඔවුන් එල්ටීටීඊයේ විනාශයක් ප්‍රාර්ථනා කරන්නේ නැත. (එහෙත් සියල්ල සිදුවන්නේ ප්‍රාර්ථනාවන් අනුව නොවේ. එල්ටීටීයේ පැවැත්ම තීරණය කරන්නේ එල්ටීටීය විසින්ම මිස අන් අය එල්ටීටීය ගැන සිතන හෝ ප්‍රාර්ථනා කරන ආකාරයට නොවේ. බොහෝ අයට එල්ටීටීය වචනයෙන් විස්තර කළ නොහැකි වන්නේද එහෙයිනි.) එසේම ඔවුහු ආණ්ඩුවේ හමුදා විසින් කරන නීති විරෝධී පැහැරගෙන යෑම් අතුරුදන් කිරීම් සිවිල් ජනයා වෙත අහසින් බෝම්බ හෙලීම් සිවිල් ජනයා ඝාතනය කිරීම් අනුමත නොකරන්නා සේම එල්ටීටීටීඊ සංවිධානය කරන එවැනි දේද අනුමත කරන්නේ නොකරන්නෝ වෙති. එසේම ආණ්ඩුවේ හමුදා විසින් එල්ටීටීඊ සාමාජිකයන් ඝාතනය අනුමත නොකරන්නා සේම එල්ටීටීය විසින් ආණ්ඩුවේ හමුදා සොල්දාදුවන් ඝාතනයද අනුමත නොකරන්නෝ වෙති. එසේ වන්නේ සමස්තයක් ලෙස ගත් කල බහුතරයකගේ පාලනය නිසා සුළුතරයක් මත ඇතිකරන පීඩනයට එරෙහිව අවි අතට ගන්නවුන් විනාශ කිරීමෙන් ඔවුන්ගේ 'ඉල්ලීම් විනාශ කිරීමේ' ක්‍රමවේදය යල් පැනගිය හා අසාධාරණ එකක් ලෙස ඔවුන් විශ්වාස කරන නිසාය.
එහෙත් ආණ්ඩුවේ සිතීමේ සහ ක්‍රියාකිරීමේ වපසරිය තුළ මේ සියල්ලෝමද එල්.ටී.ටී.ඊ. කාරයන් සේ හංවඩු ගැසෙන්නෝය. ඔවුන්ගේ අදහස්වලට මෙවැනි යුදකාමී මොහොතක සමාජයේ ඉඩක් නැත. ජනප්‍රිය මාධ්‍ය ඒවාට ඉඩදෙන්නේ ද නැත. ඒ සියල්ලටමත් වඩා එවැනි අදහස් දැරීම වූ කලි සැඟැවුණු මාරයෙකුට අතවැනීමක් වන තත්ත්වයකට රට පත්ව තිබේ.රාජ්‍යයේ සියලු යාන්ත්‍රණයන් විසින් රට එක් දිශාවකට යොමුකර ඇති මොහොතක සියලු දෙනා කොන්දේසි විරහිතව රජය සමග සිටිය යුතුයැයි සිතන්නට රජයට අයිතියක් ඇති නමුත් එය එසේම සිදුවන්නේ නැත. එනිසා සුළුතරයක් නමුත් වෙනස් අදහසක් පළකරන්නන් සිටින බවත් ඔවුන්ට යුක්ති සහගත ඉඩක් තිබිය යුතු බවත් සලකා රජයක් කටයුතු කිරීම අවශ්‍යය. මේ මතවාදයන් අතුරෙන් නිවැරදි වන්නේ කුමක්දැයි තෝරන්නේ වර්තමානය විසින් නොව ඉතිහාසය විසින් නිසාය.
ප්‍රජාචන්ච්‍රවාදයේ නොව ප්‍රජාතන්ත්‍රවාදයේ හරය එයයි.
උපුටා ගැනිම Lanka Dissent වෙතිනි. මෙම මතයන්ට එකඟ වීම නොවිමට ඔබට අයිතියක් ඇති අතර යුද්ධය පිළිතුරක් මිස විසදුමක් නොවන බව මා විශ්වාස කරන බැවින් එයට එකඟ විම මට කළ නොහැක්කෙකි. මිනිසාගේ තුල තිබෙන ක්‍රෝධය වෛරය පිරිමසා ගැනිමක් මිස එය වෙන කිසිවෙක් නොවේ.

සිංහල බිලොග් සංසදයේ බොහෝ සාමාජිකයන්ට සාපේක්ෂව මම නවකයෙකු වෙමි. මා අතින් මෙම ලිපියෙන් කිසිදු කෙනෙකුට අවමන් කිරිමේ අරමුණක් නැති අතර මා කියන ලියන දෙයින් කෙනෙකුට අපහසුතාවයක් වී නම් කමා වෙත්වා. මෙම ලිපිය මීට සුමාන කිහිපයකට ලියන ලද්දක් වුවත් ප්‍රමාද වී හෝ පල කරමි.