Showing posts with label යුද්ධ/ගැටුම්. Show all posts
Showing posts with label යුද්ධ/ගැටුම්. Show all posts

විජයග්‍රහණය

ImageHost.org

පිපිරෙන පිපිරෙන රතිඤඤාවට සතයක් සතයක් ගාණේ යැවේ නම්,
වැටෙන වැටෙන කිරිබත් ඇටයක් ඇටයක් ගාණේ ඒ බඩටට යයි නම්,
නටවා නටවා කරකවන දෑත් දරමින් කැට ගව්වක් ගව්වක් ගාණේ කාසි එකතු කරයි නම්...

ඒ වු කලී විජයග්‍රහණය වෙයි අපේ!


නොතේරේ නම්, නුරුස්සන්නේ නම් මඟ හැර යත්වා!

අසන්න සහෘදය


අසන්න සහෘදය,
අපි සැවොම කුරිරු ඉරණමකට බඳුන් වී සිටින්නෙමු.
ඉතිහාසයේ කොතැනක හෝ වැරදී ඇත.
අප නොකල ඒ වැරැද්දට
දඬුවම් විදින්නෙමු.
ඔවුන්, අපව භේද භින්න කලාහුය.
අපි භේද භින්නයේ අවියෙන්
අනිකාට,
ගසන්නෙමු - පෙළන්නෙමු - මරන්නෙමු
ගලන ලෙයින් සැනසෙන්නෙමු
ගලන්නේ අ‍පේම ලේ නොවේදැයි
අපට නොවැටහෙන්නේ ඇයි?
දෙවියනි!
අඳුරු තිමිර බිඳ ගනිමු සොයුර
පෙර මඟ ඔබත් මමත්
ලියන්නට නිමල ඉතිහාසය
අමුතුවෙන්...

බුද්ධදාස හේවගේ ගේ ‘යාත්‍රාවක මිනිස්සු’ කෘතියෙන් උපුටා ගත්තකි.

මට මෙය දුන් ජොනී අයියාට ස්තුතිය.


නිර්ලැජ්ජිත Tamilnet.tv පාපතරණියන්...


එක්තරා බිලෝගයක Tamilnet.tv ගැන හදුන්වාදීමක් කල විටදී ඒ ගැන නොලිව්වත් පසුගිය දිනෙක තවත් බිලෝගයක ඇදෑතුමක් යොමුකර තිබු නිසා ඒ ඔස්සේ මට දකින්නට ලැබුණු පිළිකුල් සහගත, නිර්ලැජ්ජිත, අධම ගණයේ රෑප හා වචන ගැන කෝපයෙන් හා අනුකම්පාවෙන් ලියමි.

ජුලියස් සීසර්ට අත්පුඩි ගසනවිට ඔහු උද්දාමයට පත්වී හිටි අතරම එසේ අත්පුඩි ගසන්නන් අතර තමාට පිහිපාරවල් එල්ල කරන දත මැද ගෙන සිටි අය සිටි බව නොදන්නට ඇති. ඒ ලෙසම වෙස් වලාගෙන එන විනාශයන්ද බහුල වෙයි. එක්කෙනෙකු Tamilnet.tv ගැන සදහන් කලේ “මම tamilnet ඇඳුම යොදා ඇත්තේ එය ත්‍රස්තවිරෝධි නිසා ය. ලොව පුරා සහ ලංකාවේ සිට ක්‍රියාත්මක වන කොටි ප්‍රචාරණ ජාලයට එරෙහිව එවැනි දේ අවශ්‍යය.“ එය සත්‍යයක් වුවත් එම අඩවිය ඒකී අරමුණෙන් බැහැරව ලංකික භාවයටත් ඒ හා බැදි බෞද්ධයෙකුගේ ගතිලක්ෂණ වලට අපහාසයක් වෙමින් සංගමයක් හැදියාවක් නැති තත්වයට වැටි ඇති අයුරැ ගෝචනීය. ඒකී තත්වය වඩාත් දරැණුවෙන්නේ ඉංශ්‍රිසි මාධ්‍යයෙන් පළ කිරිම නිසායි.

මට මතක ආකාරයට මේ අඩවිය ගැන මම මුලින් දැන ගත්තේ 2007 හෝ 2008 වසරේදීයි. එකල ලිපි මෙතරම් තත්වයක නො තිබුණත් අද එහි කතෘවරැන් අසහ්‍ය චිත්‍රපටි හා රෑප නරඹමින් ඊට කොටි හිනවාදින් වැනි අයගේ මුහුණු බද්ධ කරමින් ඇතැම් විටෙක අසහ්‍ය වචනද පල කරයි. එම ජයාරෑප වල සදාචාරත්මක බවක් නැති බැවින් මෙහිදී පළ කල නොහැකිය. එතරම්ම පිළිකුල් සහගතය. මා දන්නා තරමින් දැනට කොටි හිතවාදින් එවැන්නක් මෙසේ එළිපිට කර නැත (එසේ කර ඇත්නම් දන්වනු මැනැවි). මෙයින් සිදුවන්නේ Tamilnet.tv කතෘවරැ වැනි විකෘතියන්ට සිත් දුෂණ කරමින් විකෘති රස වින්දනයක් දිම පමණි. එසේම මේ නිසා බාහිර පුද්ගලයන් අප ගැන වැරදි අවබෝධයක් ලැබිමේ අවධානමක් පවතී. සිංහලයින් ඇතුලු ලංකිකයන් එතරම් පහත් ජාතියක් නොවේ. ලෝක ඉතිහාසයේ එවැනි දේ සිදු වෙද්දි දුටුගැමුණු රජු සටනින් දිනා එළාර රජු වෙනුවෙන් චෛත්‍යයක් සාදන්න තරම් හැදියාවක් තිබ්බ රටක මෙවැන්නක් අනුමත කල හැකිද?

දෙමල ජනයා ගැන ජාතිකයැයි කියන බොහෝ දෙනා කෙසේ සිතුවත් දෙමල ජනතාව යනු අපේ සොයුරැ ජනයායි. යුද්ධයෙන් දෙපැත්තෙන්ම වැඩියෙන් බැට කෑවේ ඔවුනුයි. නවද ලංකිකයෙකුගේ තවත් ගුණාංගයක් නම් පරම සතුරෙකුගේ මරණයේදී, මරණයෙන් පසුව අපහාස නොකිරීමයි.නමුත් හීෂණ සමයන් නිසාත් දේශපාලන නිසාත් ඒ ගුණාංග පලදු වු අතර ඒවැනි ලක්ෂණ ගණනාවක් Tamilnet.tv තුලින් දැකිම ගැන සතුටු විය යුතුද නැතහොත් කණගාටුවිය යුතුද කියා නොතේරේ.

එහි වඩාත්ම ගෝචනීය කරැණක් වෙන්නේ අසරණ මියැදුණු දෙමළ සොයුරන්ගේ ජයාරෑප වලින් කරනා නෝබිනා හැසිරිමයි.
ImageHost.org
ImageHost.org
ImageHost.org
ImageHost.org
තවත් වෙනත් ඒවා ගිහින්ම බලන්න: www.tamilnet.tv

අනෙක් කරැණ නම් අනුන්ගේ ජයාරෑප වලට අසහ්‍යත්වයක් එකතු කිරිමයි. අනුන් එසේ කල පලියට අපිත් එසේ කළ යුතුද?
ImageHost.org
ImageHost.org

හමුදාවේ කිර්තීයට මෙය අපහාසත්මක නොවේද:
ImageHost.org


නමුත් මෙවැනි රෑප එහි පළ කිරිම එක අතින් වටී, නමුන් එහි වටිනාකම නැති කරන්නේ ඒ අයම නොවේද? (අවසානේ මහින්දටත් එහි මඩක් ගෑවෙයි). හින්දු ආගමේ චරිත සදහන් කරන්නත් එවුන් සැහැසි වෙයි.
ImageHost.org
ImageHost.org
ImageHost.org
ImageHost.org
ImageHost.org


tamilnet.tv කතෘවරැනි, නුඹලාට කොටින්ට එරෙහි වන්නට අවශ්‍ය වුයේ නම් විය යුතු වුයේ tamilnet.comහි ශෛලිය හා එහි සැකැස්ම අනුව ඒ ආකාරයෙන් ඔවුනට විරැද්ධ ලෙස ලිපි ලිවිමයි. ප්‍රවෘත්ති පල කිරිමයි, tamilnet.comහී සත්‍ය අසත්‍යභාවය පෙන්වීමයි.නැතිව මේ ආකාරයෙන් අසම්මත නිර්ලැජ්ජිත ලෙස ලිපි ලිවිම නොවේ. ඊට වඩා මේ අඩවිය නො තිබිම යෙහෙයකි.

මේ අඩවිය ගැන ඔබේ පක්ෂපාති / විරැද්ධ අදහස් අගයමි.
මේ ගැන ඔවුන්ටත් ආරක්ෂක අමාත්‍යංශයටත් දැන්වුවෙමි.

'බක්?' "ඒ මොකද්ද?" නම්...මේකත් බලපං

කොවුල් අඬහැරය නො ඇසේ නම්,
කරකවලා රේඩියෝ අහපං
කොණ්ඩ කැවූම් බදින්න නොදනී නම්,
කූකරෙන් රෝලස් බැදපං
පිරුවට චාම්ව අදින්න ලැජ්ජා නම්,
යාරකට දෙකක් ඇදපං
කිරි උතුරවන්නට ලිප මොලවන්න බැරි නම්,
ගිහින් සෝඩා උදුරවපං
වත්තේ රබන් පදේට හතරබීරී නම්,
වහලා දොරට තඩි බාපං
ගණුදෙණු කරන්න යන්න කම්මැලි නම්,
අරුන් එක්ක සවාරි පලයං
සිප්පි එක්ක පංච කෙලින්න අමතක නම්,
මැෂිමේ කෝල් ඔෆ් ඩුට් ගහපං
ඔන්චිල්ලා පදින්න 'අපොයි බයයි අනේ' නම්,
දෙකකුලෙන් පුටුව පද්දපං


අල්ලපු ගෙදර උන්දෑ එක්ක අමනාප නම්,
අර මෙහෙයුමට අත්පුඩි ගහපං
කදවුරේ පාර්වතීගේ මර අඳෝනා නෑසේ නම්,
ගිහිං දුවට තාලේට රණ ගී කියපං
පුතා එනතුරු සෝමවතීගෙ බය ගාණක් නැත්නම්,
පූතාට සෙල්ලං තුවක්කුවක් අරං දීපං
සොච්චම් වන්දීය එක්ක මීනියට පස් දාන එකී පව් නම්,
උන්ගේ පොස්ටර් දහසක් ජන්දේට ගහපං
ඇඳන් යට ෂෙල් වැස්සට තෙත්වන මැටි බිම වියලි නම්,
මස්සිනාට ගිහිං හැඟීමුත්තං කියා දීපං
මලමිනී මතින් නැග කටපුරා හිනැහෙන්න ඕන නම්,
ලෝකේටම ඇහෙන්න කෑ ගහපං
“අපි සුද්දවත්තයෝ”
“නුඹලා ත්‍රස්තවාදියෝ”
කියලාම.
ඉතින්
ගහේ එරබදු මල් නොපිපෙනා වසන්තයට,
වත්තේ පොපි මල් වවාපං

අන්තවාදීව කෑගසන, දෙපැත්තටම ත්‍රස්තවාදීන්යැයිද තමුන් නීර්දෝශී බවක්ද කියන කොටි හා ආණ්ඩුවේ පැත්තේම අයවලුන් වෙනුවෙනි.

ඒකාධිපතිත්වයක් යට….අපි හා බුරුමය

සුනන්ද දේශප්‍රිය
පසුගිය දා ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාණ්ඩුවේ සහායට පැමිණි එක් රටක් වුයේ මියන්මාරය නොහොත් බුරුමය යි. රජයේ ජනමාධ්‍යයන්හි මේ සහාය සම්බන්ධයෙන් මහත් උජාරු කතා පළව තිබුණි. අප ඇත්ත වශයෙන්ම ප්‍රජාත්නත්‍රවාදය ගරු කරන රටක් නම් බුරුමයෙන් ලැබෙන සහාය ගැන ලැජ්ජා විය යුතු ය. මන්ද යත් අප මහත් ආඩම්බරයෙන් අගය කරන යහ පාලනය සහ මානව හිමිකම් නැත්තට ම නැති රටක් ලෙස මියන්මාරය නම් දරා සිටින නිසා ය. මානව හිමිකම් පිළිබද ප්‍රශ්නයේ දි අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාව සමඟ සිටින රටවල ලැයිස්තුවක් ලියුව හොත් අපට අප රට ගැන මහත් දුකක් ඇතිවනු ඇත.


ඇත්ත වශයෙන් ම නම් අප සිටිය යුත්තේ බුරුම ආණ්ඩුව සමග නොව ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස දශක ගණනාවක් පුරා සිර ගත කොට සිටින එරට නියම නායිකාව වන සං සුකී සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලයේ නියුතු බෞද්ධ භික්ෂුන් ප්‍රමුඛ සිවිල් සමාජය සමග ය. නමුත් කණගාටුවට කරුණ වන්නේ අඩුම වශයෙන් එරට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගල කරන ජනයාට වචනයෙන්වත් සහායක් දීමට මෙරට ආණ්ඩුව අසමත් වී සිටීම ය. මියන්මාරය ශ්‍රී ලංකාවට සහාය දෙන්නේ මෙරට ආණ්ඩුවට ඇති ආදරය නිසා නොවේ. ස්වකීය ප්‍රජාතන්ත්‍ර විරෝධී පිළිවෙත සදහා සහාය අන්තර් ජාතික තලයේ දි සහාය ලබා ගැනීමට ය. රොබට් මුගාබේ ගේ සිම්බාබ්වේ සිට කස්ත්‍රෝගේ කියුබාව දක්වා වන සෑම ඒකාධිපති පාලනයක් ම එලෙස සහාය දෙන්නේ ස්වකීය ජනතා විරෝධි පාලනයන්ට ශ්‍රී ලංකාණ්ඩුවේ සහාය ලබා ගැනීම පිණිස ය.
මේ එක රටක වත් නිදහස් සහ ස්වාධීන නිසි කළට පවත් වන මැතිවරණ, ජනමාධ්‍ය නිදහස, අධිකරණ ස්වාධිනත්වය හෝ අනෙක් මානව අයිතිවාසිකම් හෝ නැත.
පසුගිය වසරෙහි මියන්මාරයේ බෞද්ධ භික්ෂුන් විසින් නායකත්වය දෙන ලද ප්‍රජාතන්ත්‍රවාදි නැගිටීමක් අපි හැම දනිමු. එය යකඩින් සහ ගින්දරෙන් තලා පෙලා මැඩලන ලදී. දෙදහසකට වැඩි පිරිසක් සිරගත කරනු ලැබුනි. කොපමණ දෙනා කොපමණ කළකට සිරගත කරනු ලැබ ඇත්දැයි කිසිවකු දන්නේ නැත. ඉන් සමහරකු සිර ගත කර ඇත්තේ 65 වසරක සිර දඩුවමකට ය. මේ නඩු අසන්නේ කොහිද සිර ගත කරනු ලැබ ඇත්තේ කොහිද කියා හරියට දන්නා කෙනෙක් ද නැත.
ශ්‍රී ලංකාවේ අද පෙර නොවී විරූ අදහස් වාරණයක් පවති. මෙම වාරණය බිද හෙලීමට ඉදිරියට පැමිණෙමින් ඇති එක් පිරිසක් නම් නිර්භය කවීන් ය. එම කවි ගැන ලිවීම මම සාහිත්‍ය ලේඛකයින්ට තබමි. මෙම ආරම්භය රළ වේගයක් බවට පත්විමට ඉඩ සලසමින් ඔවුන් දිරිමත් කිරීම අද ඉතා වැදගත් ය. ජවිපෙ සහ ආණ්ඩුව තරඟයට මිනීි මැරූ 1988-1990 යුගයේ ද මෙවැනි විරෝධතා කවි කළ එළි බැස්සේ ය.
මියන්මාරයේ බෞද්ධ භික්ෂු කැරැල්ල මර්දනයෙන් පසු ද මෙැවනි කවි වසන්තයක් ඇති විය. පසුගිය පෙරවාරි 14 දිනට යෙදුනු ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් නේ මායේ කිව් නම් අනතර් ජාල බ්ලොග්කරුවකු පෙම් කවක් ලියා පළ කලාය. එය අනතුරුව එහි සඟරාවක පළ කෙරිණ. රුන්ගුන් නුවර සයිබර් කැපේ තුනක අයිතිකරුවක වූ නේ මායේ කිව් එරට අන්තර්ජාල බ්ලොග්කරුවන් අතර සැළකෙන්නේ පෙර ගමන්කරුවකු ලෙස ය. 2008 බෞද්ධ භික්ෂුන්ගේ කරැල්ල අවස්ථාවෙහි එහි ඩිජිටල් ජායාරූප ලොව වටා යැවීමේ ප්‍රමුඛයකු වුයේ ඔහු ය.
ඔහු ලියා පළ කළ පෙම් කව පෙරවාරි 14 නම් විය. එහි ලියැවි තිබුණේ මෙසේ ය: ආදරය ගැඹුරින්ම විය යුතු ය. අව්‍යාජව උන්මාදයෙන් මෙන් විය යුතු ය. නැතිනම් ඒ වනාහී ආදරයක් නොවේ. නමුත් මේ පෙම් කව යට සැගවුණු අරුතක් ඇතිබව හමුදා ජුන්ටාවේ ඔත්තුකකරුවෝ සොයා ගත්හ. කවියේ සෑම පේලියකම ආරම්භක අකුරු ලියා තිබුණේ ඒ අකුරු එක් කළවිට හමුදා නායකයාට අපහාසයට පත්කැරෙන පරිදි ය. එයින් මෙසේ කියැවුණි. ජෙනරල් තාන් ෂේ බල තන්හාවෙන් පිස්සු වැටී ඇත.
කවියා විසිවසරකුත් මාස හයකට සිර ගත කෙරුණි. කවියා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී අන්ග් තියෑන් කවියා වෙනුවෙන් පෙනී සිට උසාවියට අපහාස කළැයි හාර මාසකට සිර ගත කෙරුනි.

කවියේ දළ ඉංග්‍රිසි පරිවර්ථනය වෙබ් ලිපියකින් උපුටා ගත්තෙමි. ඔහු සිර ගත කෙරුනු අකුරු කළු අකුරින් දැක්වේ.

14th february

Ar rin bek ka pyaw dair
(Aaron Beck, the psychiatrist, said)
Nar nar khan sah dat hma khan sah hma
(Only if you know how to suffer painfully)
Yoo yoo moo moo go phyit nay hma
(Only if you are crazy - crazy )
Kyi myat tet a noot pyinnya lo
(Can you appreciate a great work of Art)
Hmoo hmoan hmaing way zay det dat poan model ma lay yay
(Dear little photomodel who makes me dizzy)
Kyi daunk kyi mah kya hma a thair kwair det yawgah det
(They say it is a broken liver disease, a great and terrible one) [note: Broken heart in Burmese is usually expressed as a broken liver.]
Than baung myah zwa thaw chit tat thu myah
(Millions of those who know how to love)
Shwe a teet cha hta thaw let myah phyint let khoak tee yway yair bar
(Laugh and clap those gold-gilded hands)




පසු සටහන:
සටන් විරාම කාලයේ ලියූ ලිපි දෙකක ජේද දෙකක් වෙනුවෙන් මාධ්‍යවේදී තිස්සෙයිනායගම් සිරගත කරන සේ ශ්‍රී ලංකාණ්ඩුව ප්‍රජාතන්ත්‍රවිරෝධී නීතියක් යටතේ නඩු පරවා තිබේ.
අන්තර්ජාලයෙන් කියවා බා ගත කර ගත් ලිපි දෙකක් ලඟ තබා ගැනීම නිසා මානව හිමිකම් නිතිඥයකු වන 63 හැවිරිදි සාන්ත ප්‍රනාන්දු පසුගිය 27 දා ගුවන් තොටුපලේ ගමන්මලු පරීක්ෂාවකින් පසු අත් අඩංගුවට ගන්නා ගැනේ. දැන් මාසයක් රඳවා තබා ගත හැකි පරිදි රුදවුම් නියෝගයකට යටත් කර ඇත.
පොලිස් පහර දීමකට සම්බන්ධ මානව හිමිකම් නඩුවක් වෙනුවෙන් පෙනී සිටි නිතිඥ අමිත ආරියරත්න ගේ කාර්යාලය සහමුලින් ම පුළුස්සා දමයි. අපරාධකකරු සොයා ගැනීමට නැත.
සිය සැමියා වූ සන්ඩේ ලීඩර් කතුවරයා වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ පුද්ගලයින් තමන් දන්නා බවත් ඒ කව්රුන්දැයි පෙබරවාරි 15 දින හෙළිදරව් කරන බවටත් රජයේ ප්‍රධානීන් කළ ප්‍රකාශය ගැන සොයා බලන ලෙස මොනිං ලිඩර් කතුවරිය වු සොනාලි සමරසිංහ කළ ඉල්ලීම පොලීසිය ප්‍රතික්ෂේප කරයි.
ඝාතනය තැතකින් බේරී දිවි ගලවා ගත් රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන්ට තාවකාලිකව රට හැර යාමට සිදු විය. එම ඝාතන තැත සම්බන්ධ පොලිස් පරීක්ෂන ඉබි ගමනින් බව එම පුවත්පත කිය යි.
පැහැරගෙන ගොස් පොලිස් අත් අඩංගුවෙහි සිටින සුදරෝලි කර්තෘ අධිකරණමය ක්‍රියාවලියකට භාජනය විමට පෙර රටෙහි බලගතුම නිලධාරියකු වන ආරක්ෂ ලේකම්වරයා ඔහු ත්‍රස්තවාදියෙකැයි ලෝකයට කිය යි. ඔහු තෙමසක රඳවා ගැනීමේ නියෝගයකට යටත් කැරේ.
ජනමාධ්‍ය උපදේශකයකු සහ ශ්‍රාස්ත්‍රඥයකු වන මහාචාර්‍ය දම්මික ගංගනාත් දිසානායක පැහැර ගෙන යන ලදුව රට හැර යන සේ තර්ජනය කර මුදා හැරේ.


ප්‍රජාතන්ත්‍රවාදය

ආණ්ඩුව යුද්ධයක් කරගෙන යයි. ආණ්ඩුව සිතන ආකාරයට එය යුක්ති සහගත හා සාධාරණ යුද්ධයකි. එහි අරමුණ දමිළ ජනතාවට විමුක්තිය ගෙනදීම බවද ආණ්ඩුව කියයි. ඒ අර්ථයෙන් ගත් කල එල්ටීටීඊ සංවිධානය යනු ආණ්ඩුවේද දමිළ ජනතාවගේද‚රටේ බහුතරයක් වන සිංහල ජනතාවගේද සතුරාය. මේ පොදු සතුරාට විරුද්ධව කරන සටන සිය මුළු වැර යොදා ආණ්ඩුව කරගෙන යන්නා සේම රටේ සියලු භෞතික හා මානව සම්පත්ද‚ මතවාදයන්ද ඒ කේන්ද්‍රය වෙත යොමු කිරීම ආණ්ඩුවේ වුවමනාවයි. ඒ සඳහා අතිශය බලවත් විධායකයේ සියලු ශක්තීන් යොදවා තිබේ. ඒ හැරෙන්නට රාජ්‍යයේ සියලු මතවාදී හා මර්දන යාන්ත්‍රණයන්ද ඒ කෙරෙහි දිශානත කොට තිබේ. අන් කවර කාලයකටත් වඩා යුද්ධය සාධාරකරණය කැරෙන රණවීරත්වය උත්කර්ෂයට නැංවෙන දැවැන්ත මාධ්‍ය ක්‍රියාන්විතයක් රටේ ක්‍රියාත්මක වෙයි. ඒ සඳහා යොදවා ඇති රාජ්‍ය මාධ්‍ය ජාලයට අමතරව පෞද්ගලික මාධ්‍ය ජාලයක්ද ස්වකැමැත්තෙන්ම යුද සාධාරණකරණ ක්‍රියාන්විතයේ යෙදී සිටිති.

ඊටත් අමතරව රටේ මතවාදී ආධිපත්‍යය දරන පූජ්‍ය පූජකයන් බුද්ධිමතුන් සමාජ ක්‍රියාකාරීන් ලේබකයන් කලාකරුවන් මාධ්‍යවේදීන් ආදීන් ඇතුළත් පුද්ගල තීරුවෙන් අතිබහුතරයද ආණ්ඩුවේ ක්‍රියාන්විතයට ආශිර්වාද කරති. මේ සියලු තත්ත්වයන් යටතේ සමාජය මතවාදීමය වශයෙන් බරපතළ ධ්‍රැවීකරණයකට භාජනය කිරීමට ආණ්ඩුව විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමත්වී තිබේ. ඒ අනුව 9/11 ප්‍රහාරයෙන් පසුව අමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් "එක්කෝ අප. නැත්නම් ත්‍රස්තවාදය" තෝරාගන්නා ලෙස කී කියමනටත් වඩා බලවත්භාවයක් ගෝඨාභය රාජපක්ෂ මහතා බෝම්බ ප්‍රහාරයෙන් බේරුණු අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා "එක්කෝ අප. නැත්නම් එල්ටීටීඊය" තෝරාගන්නා ලෙස කළ විධානයට ලැබී තිබේ.ජනාධිපතිවරයා බලාපොරොත්තු වූ පරිදිම සමාජය පැහැදිලි ධ්‍රැව දෙකකට බෙදිණි. එක් පාර්ශ්වයක් ජනාධිපතිවරයාගේ මග ම තෝරාගත්තේය. ඒ පිරිස අතිවිශාල බහුතරයකි.

අනෙක් පාර්ශ්වය මේ මොහොතේ අතිශය සුළුතරයකි. ඔවුන් ජනාධිපතිවරයාගේ මතයටත් වාර්ගික ගැටලුව යුද ක්‍රියාන්විතයක් හරහා විසඳනවාටත් ඉඳුරාම විරුද්ධ පිරිසකි. එල්ටීටීය වනාහී ලංකාවේ වාර්ගික ගැටලුව දිගු කලක් තිස්සේ විසඳීමට අවංක උත්සාහයක් නොගැනීමේ ප්‍රතිඵලයක් ලෙස බිහිවූ එහිම ඓන්ද්‍රීය සංඝඨකයක් ලෙසත් එල්ටීටීඊය සමූලඝාතනය වීම වූ කලි දමිළ ජනතාවගේ අයිතිවාසිකම් අරගළයේ එක්තරා පරාජයක් බවත් ඔවුහු අඩු වැඩි වශයෙන් කල්පනා කරති. මේ මතවාදී තීරුව තුළ එල්ටීටීයේ සකලවිධ ක්‍රියාවන් කොන්දේසි විරහිතව සාධාරූකරණය කරන්නන් සුළු පිරිසක් සිටිය හැකි නමුත් අතිශය බහුතරයක් එසේ නොවෙති. ඔවුහු එල්ටීටීය දමිළ අයිතිවාසිකම් අරගළය කෙරෙහි දක්වන දායකත්වය පිළිබඳව විමර්ශනාත්මක හා විවේචනාත්මක අදහසක් දරන්නෝ වෙති. එහෙත් මේ මොහොතේ එල්ටීටීයේ පැවැත්මේ අවශ්‍යතාව ධනාත්මක කෝණයකින් දකින්නෝද වෙති. එහි දීර්ඝ අර්ථයෙන් ඔවුන් එල්ටීටීඊයේ විනාශයක් ප්‍රාර්ථනා කරන්නේ නැත. (එහෙත් සියල්ල සිදුවන්නේ ප්‍රාර්ථනාවන් අනුව නොවේ. එල්ටීටීයේ පැවැත්ම තීරණය කරන්නේ එල්ටීටීය විසින්ම මිස අන් අය එල්ටීටීය ගැන සිතන හෝ ප්‍රාර්ථනා කරන ආකාරයට නොවේ. බොහෝ අයට එල්ටීටීය වචනයෙන් විස්තර කළ නොහැකි වන්නේද එහෙයිනි.) එසේම ඔවුහු ආණ්ඩුවේ හමුදා විසින් කරන නීති විරෝධී පැහැරගෙන යෑම් අතුරුදන් කිරීම් සිවිල් ජනයා වෙත අහසින් බෝම්බ හෙලීම් සිවිල් ජනයා ඝාතනය කිරීම් අනුමත නොකරන්නා සේම එල්ටීටීටීඊ සංවිධානය කරන එවැනි දේද අනුමත කරන්නේ නොකරන්නෝ වෙති. එසේම ආණ්ඩුවේ හමුදා විසින් එල්ටීටීඊ සාමාජිකයන් ඝාතනය අනුමත නොකරන්නා සේම එල්ටීටීය විසින් ආණ්ඩුවේ හමුදා සොල්දාදුවන් ඝාතනයද අනුමත නොකරන්නෝ වෙති. එසේ වන්නේ සමස්තයක් ලෙස ගත් කල බහුතරයකගේ පාලනය නිසා සුළුතරයක් මත ඇතිකරන පීඩනයට එරෙහිව අවි අතට ගන්නවුන් විනාශ කිරීමෙන් ඔවුන්ගේ 'ඉල්ලීම් විනාශ කිරීමේ' ක්‍රමවේදය යල් පැනගිය හා අසාධාරණ එකක් ලෙස ඔවුන් විශ්වාස කරන නිසාය.

එහෙත් ආණ්ඩුවේ සිතීමේ සහ ක්‍රියාකිරීමේ වපසරිය තුළ මේ සියල්ලෝමද එල්.ටී.ටී.ඊ. කාරයන් සේ හංවඩු ගැසෙන්නෝය. ඔවුන්ගේ අදහස්වලට මෙවැනි යුදකාමී මොහොතක සමාජයේ ඉඩක් නැත. ජනප්‍රිය මාධ්‍ය ඒවාට ඉඩදෙන්නේ ද නැත. ඒ සියල්ලටමත් වඩා එවැනි අදහස් දැරීම වූ කලි සැඟැවුණු මාරයෙකුට අතවැනීමක් වන තත්ත්වයකට රට පත්ව තිබේ.

රාජ්‍යයේ සියලු යාන්ත්‍රණයන් විසින් රට එක් දිශාවකට යොමුකර ඇති මොහොතක සියලු දෙනා කොන්දේසි විරහිතව රජය සමග සිටිය යුතුයැයි සිතන්නට රජයට අයිතියක් ඇති නමුත් එය එසේම සිදුවන්නේ නැත. එනිසා සුළුතරයක් නමුත් වෙනස් අදහසක් පළකරන්නන් සිටින බවත් ඔවුන්ට යුක්ති සහගත ඉඩක් තිබිය යුතු බවත් සලකා රජයක් කටයුතු කිරීම අවශ්‍යය. මේ මතවාදයන් අතුරෙන් නිවැරදි වන්නේ කුමක්දැයි තෝරන්නේ වර්තමානය විසින් නොව ඉතිහාසය විසින් නිසාය.

ප්‍රජාචන්ච්‍රවාදයේ නොව ප්‍රජාතන්ත්‍රවාදයේ හරය එයයි.

උපුටා ගැනිම Lanka Dissent වෙතිනි. මෙම මතයන්ට එකඟ වීම නොවිමට ඔබට අයිතියක් ඇති අතර යුද්ධය පිළිතුරක් මිස විසදුමක් නොවන බව මා විශ්වාස කරන බැවින් එයට එකඟ විම මට කළ නොහැක්කෙකි. මිනිසාගේ තුල තිබෙන ක්‍රෝධය වෛරය පිරිමසා ගැනිමක් මිස එය වෙන කිසිවෙක් නොවේ.



වෛරය අවෛරයෙන් සිසිඳේවා!

දිවි පිදිම



ImageHost.org

අපි දිවිපිදුවෙමු
ඔබ ඔබේ ජාතිය වෙනුවෙන්
මා මගේ ජාතිය වෙනුවෙන්
බිම්කඩක අයිතිය පතා
අවසන් වෙඩි හඩ ද
වියැකුණු පසු
අවසන් ලේ පොදද හෙලා අවසන දැනෙයි
අප දෙපසටම
ඔබත් මාත් අතර වෙනස
ඔබ ඔතනත්
මා මෙතනත්
ඉපදීම බව
මගේ දේශපේ‍්‍රමය
ඔබේ දේශපේ‍්‍රමයට
මඳකිනුදු නොවෙනස් බව
අප මරාගත් ඔය බිම් කඩ
ඔය කියනා පුණ්‍ය භූමිය
ඊයේ ඔබේ… අද මගේ…
හෙට කාගේ ද?
බේරුම් කළ හැකි එකෙක් වෙත් ද මේ දියත
එකිනෙකා මරා නොගෙනම






තම ජාතිය වෙනුවන් යැයි යුධ බිමේ සටන් කරන දෙමලාගේද සරණක් පතා පැන එන දෙමලාගේද,තම රට (ජාතිය ) වෙනුවෙන් යැයි සටන් බිමට යන සිංහලයාගේද බස් රථයේ ප්‍රාණබියෙන් ගමන් ගන්නා සිංහලායාගේද බලාපොරොත්තුව කිම? නිදහසයි, පිලිගැනිමයි. එය ඉටු වේද අපේ සමාජයත් සමඟින්?

සමාජය හා එයින් පැවත එන සංසදයට...

සිංහල බිලොග් සංසදයේ බොහෝ සාමාජිකයන්ට සාපේක්ෂව මම නවකයෙකු වෙමි. මා අතින් මෙම ලිපියෙන් කිසිදු කෙනෙකුට අවමන් කිරිමේ අරමුණක් නැති අතර මා කියන ලියන දෙයින් කෙනෙකුට අපහසුතාවයක් වී නම් කමා වෙත්වා. මෙම ලිපිය මීට සුමාන කිහිපයකට ලියන ලද්දක් වුවත් ප්‍රමාද වී හෝ පල කරමි.


පසුගිය කාලවලදි මා දුටු ගෝචනීය තත්වයක් නම් සංසදයේ කිහිපදෙනෙකු තවත් පිරිසකට/කෙනෙක්ට ඔවුන්ගේ අදහස් හෝ පෞද්ගලික තරහක් හෝ අරභයා කෙලින්
හෝ වක්‍රාකාරව වාග් ප්‍රභාර එල්ල කිරිමයි.ඇතැමුන් ඒ සඳහා බිලොග් අඩවි පිහිටුවා තිබු අතර තවකෙක් වෙන වෙනත් ලිපි වල එසේ කරයි. මෙහි ගෝචනීය තත්වයක් වෙන්නේ වැරැද්ද දුටු කල්හි පෙන්වා දිම හෝ විමසිම කිරිම හෝවෙනුවට ජාති, ආගම්, මෙන්ම පාසල් රැකියා හා වාසය කරන තැනද සදහන් කරමින්ද අසහ්‍ය වචන භාවිතා කරමින් නිර්ලැජ්ජිත ලෙස භාවිතා කතා කිරිමයි. සංසදයේ අපි පැවත එන්නේ සමාජයෙනි, මන්ද අපි සමාජයේම කොටසක් වෙන නිසාය. එනයින් මෙවැන්නක් සිදුවන කල සමාජයේ ඇතැම් ජන කොටස් ගැන කවර කතාද? විශේෂයෙන් සියළු පක්ෂ ඇතුළුත්ව අපේ දේශපාලන භූමිකාව තුළ සෑමවිටම මෙන් අනුන්ගේ වැරැද්දම දකින අතරේ හොඳ නො දකියි, දුටු තැනද අගය නොකර බැණ වදියි. එලෙස කරන ඔවුන් තමාගේ වැරදි නොදකිමින් අනුන්ගේ වැරදිම සොයයි, ඉන්පසු ඔවුන්ගේ දියුණුවට අකුල් හෙලයි. තමාගේ මතයට විරුද්ධව යන්නන්ට ඔවුන් ලේබණද ගසයි.

සිරස බලමින් සිරසටම බණින්නාක්මෙන් මූඩ ලෙස අනුන්ට එසේ මඩ ගැසිමට තැත්කර තමාගේම ඇගේහි අත්වලෙහි මඩ තවරා ගනී. මේ තත්වය දුරදිග ගොස් තව තවත් මේ වැනි දේ කරද්දී සංසදය මඩ ජාලයක් වීමත් නිර්නාමික හා අනුන්ගේ නම් භාවිතා කරමින් අදහස් දක්වන කරදරකාරයනේ ක්‍රියා වැඩිවිය හැකිය. එයින් ඇතැම් අය කලකිරීමට පත්ව ලිවිම නැවැත්විමක් සිදුවිය හැක. ඇඩොන මගින් වෙබ් පිටු වාරණය කිරිමට වඩා තමා කියන කරන දේ ගැන විමසිල්ලෙන් හා සිහි බුද්ධියෙන් කිරිම වටි. ක්‍රිස්ත්‍රියානුවෙක් වන ලියානෝ ඩාවින්සිගේ පර්යේෂණ හා කෘති සටහන් ඔහු දේවයන් වහසේට එරෙහිව යන්නේ යැයි අන්ධ විශ්වාසයෙන් පල්ලිය ඇතුළු කොටසක් පුළුස්සා දැමුහ, එවැන්නක් වුවද අප අතරේ විය හැක්කේ නැතිවා නොවේ.

එක් අඩවියක සදහන් කරුණු මෙහිලා ආවරණය කිරිම වටි. රටක දියුණුව සදහා අවශ්‍ය වෙන්නේ නම්‍යගිලි, අනුන් හෙලා නොදකින, තමාගේ කාර්යය හරියට ඉටු කරන දුර්දර්ශීව සිතමින් අළුත් දෑ සිතන ජනතාවක් තුළිනි. එසේ කිරිමට අභිමානවත් බෞද්ධ රටක් වු ලක්වැසියන් වන අපිට බැරි මන්ද? අපේ ජාතික කොඩියේ නිරූපිත බෝකොළ සතර හෙවත් සතර බ්‍රහ්ම ලක්ෂණයන් ඇත්තේන්ම අපි අනුගමන කරනවාද? මෙත්තා හෙවත් මෛත්‍රිය සෑම ජාතියකටම ආගමටම හා ජිවියන්ට (මනුෂ කොටින්ට ඇතුළුව) සිතුවිල්ලෙන්, වචනෙන් හා ක්‍රියාවෙන් දක්වා ඔවුන්ගේ යහපත පැතිමත් ඔවුන්ගේ සම්පත් කෙරෙහි ඊර්ෂ්‍යා නොකර ඒ ගැන තමා සතුටට වන (මුදිතා ගුණය) ගමන් දුඛිත පත් වු වෙනත් අයගේ දුක දුරු කිරිම (කරුණා ගුණය) හා අනුන් කරන කියන දෑ මැදිහත්ව ඉවසීම (උපේක්ෂාව) යන මානුෂ්‍ය ගුණ අපේ රටේ හා ලොකයේ දැවෙන බොහො ගැටළු වලට විසදුමක් නොවේද? (මෙවැනි ලක්ෂණ අපේ ධජයේ තිබුණායයි උදම් ඇනිමට වඩා ඒවා අනුගමන කිරිම අගනේය.) යුද්ධය හුදෙක් තව විනාශයට හා දුක් කන්දරාවකට ඇද දමන වෛරකාරි අරමුණකින් සිදු වෙන්නෙකි. නිවැරදි දේ කිරිම වැරදි දේ කිරිමට වඩා දුෂ්කර වු පරිදි අපේ වැරදි කිරිම හා ඒවාට අනුමත කිරිම සාධරණද?

ලොකය අද යම් දුරක සුන්දරව පවතින්නේ කටුක වුවත් කේසේ හෝ නිවරද්‍ය මාර්ගය අනුගමන කළ බුදුන්, ක්‍රිස්තුස්, ගාන්ධි, මාරින් කිං, තේරේසා මෑණියන් නිසාය. ඔවුන් තුලින් අවංක, නිහතමානි හා සතර බ්‍රහ්ම යන මානුෂ්‍ය ගුණ වලින් යුක්ත වුහ. හිට්ලර්, බුෂ් වැනි කෑර මතයකන් ඉතුරු කලවුන් ළඟ තිබුණේ දුෂිත ආකල්පත් අධිමානයත් නිසාවෙනි. තමා සම්මතයෙහි පිහිටා තමාගෙන් පවුලට සංසදයට සමාජයට සාමය පැතිරවිම රටේ යහජිවනයට හේතුවෙයි.


වෛරයෙන් වෛරය නොසිඳේ
මෛත්‍රියෙන් වෛරය සිඳේ
අවිගත්තේ අවියෙන් මියැඳේ
සිතට ගනු මෙය සබඳේ


Binku
Binku

| ඔබේ අවධානයට... | For Your Attention |

I received the following message from an Sinhala group in facebook yesterday. However, I don't know how accurate and true its contents are, and I'm also not sure what potential propaganda benefit the Eelaamists will gain from the acts mentioned in this message.

Nevertheless, there is no harm if we are to be a bit more cautious and sensible in our own actions. Therefore, please read it, and act prudently.

The entire message received is given below:



ඊයේ මට මුහුණුපොතේ බෞද්ධ කණ්ඩායමකින් පහත සදහන් පණිවිඩය ලැබිණි. එනමුත් එහි අත්තර්ගත පණිවිඩය නිවරද්‍ය සහ අවංකබව මට කිව නොහැකිය. එමෙන්ම මෙහි කියැවෙන ඊළම් ත්‍රස්ත සංවිධානයේ ගුප්ත ක්‍රියාවලියේ අරමුණද මට නොතෙරේ.

එසේ වුවත්, අපි පරීකෂාකාරි විමත් අපි ක්‍රියාවලි ගැන වුවිට එහි හානියක් අපිට නොවනු ඇත. එබැවින් මෙය කියවා දුර්දර්ශීව ක්‍රියා කරන්න.

එම පණිවිඩය මෙසේ සඳහන් වෙයි:


___________________________________________________
Here is an extraction of a message we received earlier today...



using one of my spy accounts with a tamil name, I managed to grab a piece of very important news from a Pro-LTTE group.
They are planning to use fake Sinhala accounts to add Sinhala Girls with profile pics as friends, and use such photographs to create presentations or videos tagging Sinhala Girls as prostitutes and School Girls as child prostitutes, after which they would be posted in video sharing sites such as Youtube, or free web hosting sites.They have already created hundreds of such sites and Pictures of Sinhala Girls stolen from either facebook or hi5, School Girls in some cases, are brandished as prostitutes with price tags below pictures.
This is a very serious issue.If this continues with us unaware,Thousands of innocent Sinhala Girls living in and out of Sri Lanka will be victimised, their characters, family lives, careers and even education would be jeopardised.
Tiger bastards would lean to any dirty extent, bestowed with frustration.They will not spare even children. I`ve seen pics of Smiling innocent School Girls, some not more than age 12, 13 as they appear, carded as prostitutes in some of these blog spots tiger supporters have created, pictures stolen from social websites like facebook no doubts.

PLEASE INFORM YOUR RESPECTIVE GROUP MEMBERSHIP REGARDING THIS..AND SPECIALLY YOUR LOVED ONES IF THEY HAVE PROFILES IN EITHER FB OR HI5..ASK THEM TO BE EXTRA PRECAUCIOUS..WARN THEM NOT TO ADD UNKNOWN OR SUSPICIOUS LOOKING PROFILES..

THEY ARE GOING TO LAUNCH A HUGE CYBER CAMPAIGN TO TARNISH OUR NATIONAL IMAGE NEXT WEEK..IN PAR TO THAT THEY WILL TRY TO STEAL AS MANY PICS AS POSSIBLE..PLEASE WARN EVERYBODY..
__________________________________________________________



විජය සැමරුම සමඟ ලාකේය වත්මන් තත්වය ගැන මගේ මතය...


අද එනම් පෙබරවාරි 16 වෙනිදාට ජනතා විමුක්ති පෙරමුණ හෙවත් එකල දේශප්‍රේමි ජනතා ව්‍යාපරය විසින් වෙඩි පහරකින් නිහඬ කර විසි එක්වෙනි වසරක් සැපිරෙයි. ඔහු සමඟ මි‍යැදුණු අය අතරින් මාගේ පියාගේ ඥාතියෙකුද සිටි. විජයට මා ගෞරව කරන්නේ ඒ නිසා නොව ඔහු මිනිසුන්ට ඇත්තටම ආදරය කළ මිනිසෙකු වන නිසාය. මෙහිදී 'ඇත්තටම' යන අර්ථාදියෙන්ම ඔහු තමාට මිනිස්සු ආදරය කරනු ආශාවෙන් විදි කෙනෙකි. ඒ ආකාරයෙන්ම ඔහු පෙරලා මිනිසුන්ට ආදරය ක
අතර සිංහළ හා ද්‍රවිඩ ජනයා පසමිතුරු කොණයකින් එකිනෙකා දෙස බලන කාලයක ඔහුට ද්‍රවිඩ ජනයාගෙන් බහුතරයක්ගේ භක්ති්‍යාදරය අවංකවම දිනා ගත හැකිවිය. මන්ද විජය තම වර්ගයාට අවංකම ලෙන්ගතු මිනිසෙකු වග ඔවුන් විශ්වාස කල බැවිනි. ඔහු එය අත්පත් කර ගත්තේ සරළ වු අවංක වු සිතුවිල්ලක් තුලිනි. එකළ (දැනුත් යම් දුරට තිබෙන) සිංහළ මානසිකත්වය තුළ සිංහළයා පමණක් 'අප' වෙද්දි දෙමළා යනු 'උන්' නොහොත් 'අනෙකා' වනවිට ඔහු දෙමළාද අපේම එකෙකු ලෙස අවංකම සිතු අතරම එය ප්‍රසිද්ධියේ කථා කළ අතර ඒ අනුවද ක්‍රියා කිරිමට පසුබට නොවුහ. ඔහුගේ මරණයට හේතුසාධක වුයේ මෙයයි. "ඊළමවාදී හුරතලාට ජනතාවගෙන් දඩුවම්" යනුවෙන් මිනීමැරු ඊනියා දේශප්‍රේමියෝ හේතු පාඨ ඉදිරිපත් කළහ. (ඊනියා දේශප්‍රේමියෝ - මා ඒ ලෙස කියන්නේද හේතුන් හා අත්දැකිම් නිසාය, ඔවුන්ගෙන් අපේ දේශයට සිදුවු මෙහෙයක් නැති අතර මෙහෙයක් වෙන්නට තිබි අයද, අවස්ථාද අහිමි විය)

සිංහළ හා ද්‍රවිඩ වු මුලු මහත් සමාජ සංස්ථාවම වෛරයෙන් ක්‍රෝධයෙන් මංමුලාවෙන් සැබෑ ප්‍රශ්ණ අමතක කර ස්වප්නයෙන්ද වසා ගනිමින් පිළිකාවක් සේ පැතිර යන්නට ගත් වර්ගවාදී යුද්ධය ඔහු නොපැකිල ප්‍රතික්ෂෙප කලේය. (වර්ගවාදී යුද්ධයක් නැතැයි කවුරු කීවද මා එසේ සිතන්නේ නිදහස ලැබිමෙන් පසු අපිළිවෙලකාර දේශපාලනය තුලින් උග්‍ර වු ගැටුම් නිසා ප්‍රභාකරනුත් පීඩිත දෙමළ පිරිසකුත් සමඟින් නිදහස් දෙමළ(දැන් කෑදර සිංහළයනුත් සිටි) කොටි ඊළම නම් ත්‍රස්තවාදින් බිහි වු බව විශ්වාස කරන නිසාවෙනි. )
"මේ යුද්ධය නිසා හැකි හැම කෙනෙක්ම රටින් පැනලා යද්දී හමුදාවට බැඳිලා මරෙන්න එන්නේ කවුද? දෙමළ සිංහළ ගොවියන්ගේ, කම්කරුවන්ගේ, ධීවරයන්ගේ පුත්තු. ජිවත් වෙන්න වෙනත් රැකියාවක් හොය ගන්න අමාරු නිසාම සොල්දාදුවෝ හැටියට හමුදාවන්ට බැඳිලා මරෙන්නේ කවුද? සිංහල ගොවියන්ගේ, කම්කරුවන්ගේ,
ධීවරයන්ගේ පුත්තු" එදා මෙන්ම අදත් මෙය අදාල නොවේද?

යුද්ධය තුලින් දේශපාලකයන් මෙන්ම බොහෝ දෙනෙකුගේ (සියල්ලොම නොවේ) තුළ තිබෙන අමානුශ්‍ය සිතුවිලිත්, දේශපාලන නැටිල්ලි වංචාවන්ටත් මෙන්ම අදුර්දර්ශි බවටත් මෙය පහරක් නොවේද?

ජාතිකත්වයේ ව්‍යාජ සේද සළුපිළි වලින් සැරසී එකම ප්‍රශ්ණයෙන් මිරිකෙන නිර්ධනයින් දෙපසට වී කරගෙන යන යුද්ධයේ තේරුමක් නැතිබව ඔහු විස්තර කරමින් ජනප්‍රියත්වය දෙවැනිකොට යථාර්ථ ප්‍රශ්ණය කථා කිරිමට ඔහු පසුබට නොවිය.

"අපිට පේදුරුතුඩුවෙත් දෙවුන්දර තුඩුවේත් කියන්න තියෙන්නේ එකම දේශපාලයනයයි"

ඔහුට සැබෑ ප්‍රශ්ණය වුයේ ඕනෑම තැනකදී කථා කරන්නට පුළුවන් විමය, ඇත්තෙහි ක්‍රියා කිරිමට කල් යල් බැලීම ඔහු වැල්කී සිටියේය.

"විජේගේ අදහස හරි තමයි. ඒත් ඔව්වා මිනිස්සුට ටිකක් සැර වැඩි වෙයිද දන්නේ නෑ. අපි ඔවා ටිකක් හෙමින් තමයි දාන්න ඕනෑ." ඔහු වටේ සිටි පැරණි ප්‍රවීණයෝ මුමුණන්නට වුහ. වර්ගවාදයාටද ඒ හා බැදුණ යුද්ධයටද විරුද්ධ වීම දෙපැත්ත කැපෙන ආයුධයක් බවත්, ඒ නිසා සිංහළ සමාජය සමඟ යෑමේදිසත්‍යවාදය සැඟවීම යෝග්‍ය බව ඔවුහු තර්ක කලහ. "මේක බලාගෙන ඉන්න පුලුවන් වෙලාවකුත් නෙවෙයි. මේ මිනිස්සුගේ ජිවිත ගැන ප්‍රශ්ණයක්. අපි දන්නා සත්‍යය පුළුවන් විදියට මිනිස්සුන්ට තේරුම් කරලා දෙමු. විජයගේ අදහස විය. මේ අභ්යෝගය දිරවා ගත නො හැකිවු ප්‍රවීනයෝ ඔහුගෙන් ඈත් වෙද්දි රැඩිකල් නව නායකයන් පෙලක් ඔහු හා එක්විය. වර්ගවඩී යුද්ධයට එරෙහිව ජාතික සමඟිය වෙනුවෙන් ක්‍රියාකාරි ශක්තිමත් සිංහළ ජන ව්‍යාපාරයක් ගොඩ නගන්නට ඔවුහු සමත් වුහ.

යුද්ධයේ ආශ්චර්යජනක වීර කථා හා ඉතිහාසයෙන් ජාතියේ වංශකථා ආශ්‍රයෙන් සිංහල ජනයාගේ ලේ උණුකර (දැනුත් වුණ/වෙමින් පවතින) කුමන හෝ උප්පරවැට්ටියකින් රාජ්‍ය බලය ඩැහැගැනීමට මාන බලමින් සිටි හොරා පොලිස් කැලෑ ආණ්ඩුකරුවන්ට (හාස්‍යට තිබෙන්නේ එම පක්ෂය පෙර ටික කලකට කලින් වෙනතුරු ඊට ප්‍රතිවිරුද්ධව කෑ ගැසීමයි. ) මෙය තවදුරටත් ඉවසා දැරිය හැකි දෙයක් නොවිය. විජය ඉවර කරන්නට ඔවුන්ගේ උත්තරිතර මණ්ඩලය තීර්ණය කළහ.

විලියම් ශේක්සිපියර් "ජුලියස් සීසර්' ලියැද්දී අතිශයින් නිවර්ද්‍ය විය, සීසර්ට "ජය වේවා" යැයි කියු මිනිස්සු, සීසර් මරා දැමු පසු ඔහුගේ මිනිමැරුවෝ කැෂියස්ටත් ඒ ලෙසින්ම "ජය වේවා"යැයි කියමින් කෑ ගැසු ලෙසටම විජයට ආදර කළ ඔහු මරණය දැක අවංකම හෝ කිඹුල් කඳුළින් වැලපුනු බොහෝ මිනිස්සු නෝබෝ කලකින් විජය මරා දැමු හා බාධාකළ ව්‍යාපාරයන්ගේ වර්ගවාදී පෙලපාලි හා ක්‍රියාවලි වලට එක් විය. ඔහු සමඟ සිටි නියමුවෝ අද ආණ්ඩු හා විපක්ෂ තුලත් තවකුන් විදේශ රටවවලත් පැන ගියහ.පසු කාලයේ අවුල් ආණුවේ ක්‍රියාකලාපයන් මේ රට ආධාගයට ඇද දැමුහ.

ඔහු කළ දේශපාලනය ජනප්‍රිය වන්නක් නොවන අතර ඔහුගේ ජනප්‍රිය පෞරුෂය උපයෝගී කර ගනිමින් ජනප්‍රිය නොවන රැදුරු සත්‍යය හැකි පමණින් ජනයාට පෙන්වාපෑමට උත්සාහ කළා විය හැකිය.

"විජය මැරුවට අපිට කෙටිකාලීනව පාඩුවක් වෙයි. ඒත් බය වෙන්න එපා. සිංහළ මිනිස්සු බොහොම ඉක්මනට ඉතිහාසය අමතක කරනවා." විජය මරා දැමිමට තීන්දු ගත් මහා මණ්ඩල රැස්වීමේදී එක් නායකයෙකු දැරුවායැයි ප්‍රචලිත අදහසද නිවැරදි නොවෙන්නේ නොවේ.

සිංහළ සිනමාව තුළ බොහෝ කලක් සුපිරි නළුවාසේ වැජඹුණු ගාමිණි ෆොන්සේකාගේන් පසු එම ස්ථානය අත්කර ගත් නළුවා විජයයි. මාළු කඩේ, එළවළු පොළේ, නගරයේ පදික වේදිකාවේ, ගමේ කඩමණ්ඩියේ වීරය ඔහු විය. දහසක් තහංචි මැද විවිධාකාර ප්‍රේම ලෝකයන්හි මනෝමාලිගා තැනු තරුණියන්ගේ සිහින කුමරුද ඔහු විය. සිංහළ සිනමා වංශ කථාවේ එවැන් වු අවසන් සුරිපි නළුවා විජයයැයි කීම අතිශයෝක්ක්තියක් නොවේ. ඒ ඇයිදැයි වෙනම සාකච්ජා කිරිම මේ ලිපියේ අරමුණට බැහැර වුවෙකි. විජයගේ සිනමා ගමන් මග ගැන විස්තරයක් ලංකා-ඊ-නිව්ස් අඩවියෙන් කියැවිය හැකිය.

සිංහළ ජන‍යා හා සමඟ සංවාදයකින් තරව උතුරේ සංග්‍රාම භුමියේ තනි වු ද්‍රවිඩ ජනයා හමු වී ඔවුන් සමග කතිකාවක් ඇති කිරිමට විජය සමත් විය. ඉන්දියාවේ සිටි විවිධ ද්‍රවිඩ නායකයන් මුණ ගැසිමත් ඔවුන් සමගත් ජාතික ප්‍රශ්ණයට ස්ථිරසාර පිළිතුරක් ගොඩ නැගිමට ඔහු තැන් කළේය. ඔහුගේ මරණය සමඟම ඒ සියල්ල වාගේ මියැදි ගිය බව සැබෑවි. ඒ මහජන ව්‍යාපාරයද දියැවි ගියේය. ඒකීය ලංකාවක් වෙනුවෙන් වාර්ගික සහොදරත්වය උදෙසා සෑම දෙනාටම සමානත්වය රජ යන බුදු දහමේ සදහන් ලිජ්ජවි ධර්මයට අනාකුල රාජ්‍යක් ගැන අදහස් පවා අද දිනයේ ජනප්‍රිය නොවන විශ්වාස නො කරන වුළු වේදනාකාරී සත්‍යයි. මන්ද අපේ බොහෝ දෙනෙක්ගේ අන්ධ බලපොරොත්තුව යුද්ධය ජයගෙන භූමි අත්පත් කරගෙන දෙමළා මෙල්ල කරනතුරු නිසාවෙනි.

සාතන සංස්කෘතය අද ලංකාවේ සාමන්‍ය දෙයක් බවට පත් වී තිබෙයි. ලසන්ත වික්‍රමතුංග නම් පුවත්කලාවේදියෙකු ඊයේ පෙරේදාවක මරා දැමුවත් අද හෙට එය අමතක කර දමා අප කරබාගෙන ජිවිතයටමුහුණ දෙනු ඇත. (අපි මුහුණ දෙන අයුරුද ගෝචනීයය.) අනිද්දා හො ඉන් අනිද්දා තවකෙකු මෙසේම කවුරු හෝ මරා දමනු ඇත. මොහොතක් විශ්මිත වන අප නැවත නිසොල්මනේ අපෙ ගමන යන්නෙමු. ඉඳින් මා කලින් දිනෙක මෙම වියමනේම කියු ලෙසටම යුද්ධයේ නාමයෙන් ලේ නහර තිබෙන මිනිස්සුන් මියැදිම හා අබාධිත විම මිස කුමක් වෙන්නද?

වාර්ගික යුද්ධයේ තීර්ණාත්මක ජයග්‍රාහී ස්ථානයක මේ මොහොතේ අපේ රට ලංකාව සිටි නමුත් "ලංකාව මේ යුද්ධය දිනයි, නමුත් මේ අරගලය දිනන්න අමාරුවෙයි" කිව් ඉන්දියානු දේශපාලනඥයෙකුගේ ප්‍රකාශණය අපි බැරෑරුම් ලෙසින් සැලකුවද අමතක කර දැමුවාක්මෙනි. මේ අරගලයේ සමථ කිරිම උදෙසා අප රටට අසාමාන්‍ය වු නායකයෙක් අවශ්‍ය බව මගේ අදහසයි. එනම් ද්‍රවිඩ ජනයාගේ ආදරය දිනා ගත හැකි අවංක නිහතමානී සිංහල නායකයෙකු අපට අවශ්‍ය වෙයි. විජය ඒකල සිටි එවැනි නායයකු විය හැකිය. (එලෙසින් 'හැකිය' කිව්වේ ඔහු එකම කෙනායැයි කීමට මා ජිවත් නොවු නිසවෙනි). ඔහු නැති තැන ශ්‍රි ලාකේය දේශපාලන කරලියේ හිස්තැන් පවතින්නේ ඒ නිසා විය හැක.


ඉතිහාසයේ අපිට වැරදුණු තැන් (අපි දැන් දන්නා විශ්වාසය කරන ඉතිහාසයට වඩා සැගවුණු පැති ඇති බව මගේ විශ්වාසයයි.) සමඟින් බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබු අපි අපේ දේශපාලනයේ තුලින් වුණු වැරදි තුලින් පැතුරුණු සිංහළයාගේ හා ද්‍රවිඩ* අර්බුදයේ විසදුම උදෙසා අනාගතයේ හෝ දියසෙන් කුමාරයෙකු නැගිය යුතු කතිකාවතේ විජයන්ගේ මානවාදී අදහස්ද වැදගත් වනු ඇති බව මගේ මතයයි. විජය කුමාරතුරංග මහතාණෙනි මානවවාදී වු ඔබගේ නාමය මීට වඩා යහපත් වු යම් දිනෙකමිනිසුන් ඔබ සිහිපත් කරණු ඇති.
( *නමුත් එම සිංහළයාගේ හා ද්‍රවිඩ අර්බුදය මුලින්ම සුළුවෙන් සිට දරුණු වුයේ ශ්‍රි වික්‍රම රාජසිංහා සමයේය, එයත් අපේ නිදහස නැති විමේ ප්‍රධාන හේතුවකි.)


ImageHost.org
ජායාරූපය: සිංහලයා අඩවියෙනි.

සවාදයට විවෘතයි...



Tony Birtely නම් මාධ්‍ය වේදියෙක් මරාගෙන මැරෙන ප්‍රභාරයකට පෙර අත්ඩංගුවට ගත් (මේ තැනත්තියගේ පාප්පොච්චරය මම ඒ දවස්; 2007 වල කියවලා තිබ්බා) තැත්තියෙක් - මරාගෙන මැරුණු තැනැත්තියෙක්ගේ මෑණියෙක්, ප්‍රභාරයකින් මැරුණු දුදරුවන් සිටින මව්පියන් සිටින මෑණියක් දෙස බැලු කොණ්යන්...




සවාදයට විවෘතයි...

කරුණාකර ජාති, ආගම්, වර්ග ගැන බැන කතා නො කර විවෘත මනසින් බලන්න. මේ ඒ ගැන නෙමේනේ කතා කරන්නේ? මේ යුද්ධය අපේම වැරද්දකින් ඉස්සර කල බිජ වු එකක් නෙමේද?(මගේ අපක්ෂපාති අදහස එයයි ). ඔබට අදහස් දැරිමටත් මෙන්ම ප්‍රකාශ කිරිමටත් අයිතියක් ඇත. අනික් අයගේ අදහසට ගරු කරන තරමට ඔබටත් තැනක් ලබෙනු ඇත. අදහස් මෙන්ම ජාති ආගම් ගැනද මෙය ආදලයි නොවේද?