උපාසකම්මා ඉපදුනු හීන කුලේ
මහණ කරන්නයි යන්නේ ඇගේ කොළු..
ඌට නිකායක් වෙන් කර තබා තියේ
අප මුණි බණේ ඒකද හාමුදුරුවනේ...
පිරිත් නූල් බඳිමින් ජන හතුරන්ට
යතුරු කැරළි අදනය යට ගසාගෙන..
අපවත් වෙන්න පෙර සහලේ ඥාතිවරූ
මහණ කරණ එකදැයි මුණි බණේ අණේ...
කුණු හෝදන්න මහතැන් වල අපේ රටේ
පන්සල තමුන්නැහෙගේ හොද වෙල්ලාව..
ටිකට් විකුණලා පෙරහැර කරන කොට
කරඬුවෙ ඉදීවිද ධාතුන් වහන්සෙලා...
රට දැය සමය රැක ගත්තේ චීවරයයි
රට දැය සමය සුරකින්නෙත් චීවරයයි..
එවන් සසුන සමහර හිමිවරු නසතී..
කුලගොත් ඥාති සංග්රලහ නිලතල සොයමින්...
කුඩාපොල වගේ විරු හාමුදුවරූ
අදත් අප අතර හිද මේ ලෙස කියතී..
රටකන උන්ව වනසා රට දැය රැකුම
තමයි අපෙ අද දවසේ මහණකම...
Comments (10)
9:13 AM, September 22, 2009
චීවටයට යටින් තියෙන නිරුවත් වූ සත්‍ය මෙහි මොනවට එළිදක්වලා තියෙනවා. කවුරුත් කතා කරන්නට අකමැති අමූලික සත්‍ය වූ නිකාය වාදය අදටත් පවතිනවා ඔය කෝටියක් සිල් ඇති චීවරය පොරවන පැවදී සමාජය ඇතුළේ තාම....
11:45 AM, September 22, 2009
සමානාත්මතාවය මූලික කරගෙන ගොඩ නැඟුනු බුද්ධාගමේ . . . මූලික හරයට විරුද්ධ ලෙස වැඩ කරන පලමු වෙනි තැන තමයි ඔතන . . .
4:29 AM, September 23, 2009
උඹ මේකට වෙන්නැති කියන්නෙ
ජ'පුර සරසවියේ නව අධ්‍යයන වර්ෂයට භික්ෂූන් වහන්සේ දෙනමයි - භික්ෂු සංගමය අඛණ්ඩ සත්‍යග්‍රහයක
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2009 අධ්‍යාපන වසර සඳහා බෞද්ධ භික්ෂුන් වහන්සේදෙනමක් පමණක් ඇතුළත් කිරීමට එරෙහිව අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතවීමට විශ්වවිද්‍යාලයීයභික්ෂු සංගමය තීරණය කර තිබේ. විශ්වවිද්‍යාලයේ ප්‍රධාන දොරටුව අභියස දී අද (22) උදේ 8.00 ට මේ සත්‍යග්‍රහය ආරම්භ කෙරේ.
බෞද්ධ භික්ෂුන්ගේ අධ්‍යාපනය තහවුරු කිරීම උදෙසාම ගොඩනැඟූ විද්‍යෝදය විශ්වවිද්‍යාලයහෙවත් වත්මන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය භික්ෂුන්ගෙන් තොර ගිහි සිසුන්ගෙන්පමණක් අධ්‍යාපනය ලබන ආයතනයක් බවට පත්වීමේ භයානක ලකුණු පහළ වී ඇතැයි භික්ෂු සංගමයප්‍රකාශ කරයි.
මුල් යුගයේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා හා ගිහි සිසුන් පමණක් අධ්‍යාපනයලැබූ මෙහි අද භික්ෂුන් වහන්සේලා දෙනමකට පමණක් සීමා කිරීමට ගෙන ඇති පියවර නිසා පාලි, සංස්කෘත, බෞද්ධ දර්ශනය, බෞද්ධ ශිෂ්ටාචාරය යන විෂයයන් හැදෑරීමට සිසුන් නොමැතිව එමඅධ්‍යයනාංශ වැසී යාමේ තර්ජනයක් පවතින බවත්, මේ තත්ත්වය මඟහරවා ගැනීමටවිශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා හෝ උපකුලපතිවරයා කිසිදු පියවරක් ගෙනනොමැති බවත් භික්ෂු සංගමය පෙන්වා දෙයි.
විශ්වවිද්‍යාලයේ භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය සම්පූර්ණයෙන්ම විනාශකර දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව පෙන්වා දෙන භික්ෂු සංගමය 2008 වසරේදීභික්ෂුන් වහන්සේලා 50 නමක් බඳවා ගත් අතර මෙවර බඳවා ගෙන ඇති භික්ෂුන් වහන්සේලාගේසංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බව ද පෙන්වා දෙයි.
http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=3822:2009-09-22-07-04-23&catid=35:2008-10-13-08-30-14&Itemid=27
8:14 AM, September 23, 2009
නුඹ නාඩන් අපිට පිස්සු
1:00 PM, September 23, 2009
පලමුවෙන් Anonymousව ක්මෙන්ට් ඒක දැමු තැනැත්තාට,
දමා ඇති ජාරූපය නිසා හා ඔබ සඳහන් කල සිදුවීම වුණේ මැතකදී නිසා එසේ සිතිම අරුමයක් නොවුවත් මේ පැදි පෙළට ඒකී සිද්ධිය හේතු වුවෙක්ම නොවෙයි. නැට්ට පාගා ගන්න එපා.
පැඳි පෙල නැවත කියවන්න එතකොට නැවත තෙරේවි, නැත්නම් ක්මෙන්ට් දෙක දෙසවත් බලන්න
11:18 PM, September 25, 2009
meka papuwatama vadina maru sinduwak.nanda malinige pawana eke samahara sindu wala adahasa amuwen genna hadana gathiyak thiyena nisa kalathmaka bawa yata gihin thiyenawa.namuth me sinduwe adahasa ehi thibena radical gathiya rekagena nirmanathmakawa idiripath karala thiyenawa
1:24 PM, September 30, 2009
ලස්සනයි
5:23 AM, November 30, 2009
විනාස කාලේ විපරීත බුද්ධිං!
3:05 PM, January 31, 2010
එතනමයි. හරියට හරි.....
2:10 AM, March 22, 2010
Stupid poem.
Post a Comment
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.
Note: Only a member of this blog may post a comment.