සම්මත සිනමා න්‍යායගත කිරීම්වලට අනුව සිනමාව
අඳුරත් – ආලෝකයත් – චලනයත් අතර ක්‍රීඩාවකි.
අපගේ ඊනියා දැනුමේ ආධිපත්‍යයට පටහැනිව
අප දෙස බලා සිටින්නෙකු බලාසිටින්නේ
ආලෝකයේ සිට නොව, අඳුරු ලපයක
සිටය. එනිසාවෙන් අපගේ දැක්මට
අන්ධ ලක්ෂ්‍යක්ද ඇත.
අපගේ යථාර්ථවත් තිරය
සිදුරු කරන මේ ලක්ෂ්‍ය
පෙරලා අප දෙස බලා සිටිනා නිසා
මට මාව අහිමිවන තත්ත්වයක්
දක්වා මගේ දැක්ම අභියෝගාත්මකය.
මේ බැල්ම අයෙකුට සිය ආශාව පරිපූර්ණ
කරගැනීමට කිසිවිටෙකත් ඉඩ නොතබයි.
අප සිදුර දෙස බලන්න කරනා උත්සාහය ව්‍යර්ථ
කරමින් සිදුර නිරන්තරව චලනය වේ. ඒ අනුව
මගේ ආශාවේ චලන ආධිපත්‍ය මගෙන් පරිබාහිරය.
මෙතුවක් මා සිතා සිටියේ 'මම' සිනමාව බලනා
බවයි. නමුත් සිනමා තිරය මා දිහාද බලා සිටී. දන්
මගේ ආශාව කෙවැනිද? ආශාවන් කිසිවිටෙකත් පරිපූර්ණ වේද?
යන ගැටලූව දැන් ජිජැකියානු පරාවර්තනයකින්
මෙසේ විමසීමට හැක. ආශා කරන්නේ කෙසේදැයි අපි දන්නේද?
සිනමාව අපිට ආශාකරන හැටි කියාදෙනවා ද?
මීට,
ලූමියර් දරුවන්.
උපුටා ගැනීම පෙරදිග සුළං සඟරාවෙනි.
Comments (3)
11:03 PM, August 31, 2009
හේ සාම්ප්‍රදායික් ත්‍රාස කතාන්දර දෙස නව මානයකින් බැලූ සිනමා අදියුරුවෙකි. එය පැරණි වයින් අලුත් බෝතලයක ට දමා බැලීමක් වැනිය.
2:17 AM, September 19, 2009
ඇත්තෙන්ම!
3:03 PM, September 28, 2010
ඇත්තෙන්ම!
Post a Comment
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.
Note: Only a member of this blog may post a comment.