කලා ලැදි පාඨක මිත්‍රයන්ට,
නුර්ති හා වේදිකා නාට්‍ය ගී - නූර්ති හා වේදිකා නාට්‍ය වල ගී පද මාලා ඒවායේ ශ්‍රව්‍ය මාධ්‍යත් සමඟ ලබා දෙන අනගි බිලොග් අඩවියක් :තුන්පත් රටා - ලංකීක නර්තනයේ විස්තරයන් හා තොරතුරු භාෂා දෙකෙන්ම (හැකි පමණින්) ඉදිරිපත් කිරීම උදෙසා නර්තනයට ලැදි පිරිසගේ උත්සහයක් :
මෙම අඩවි තුළින් ඔබේ කලා රසයට හේතුකාරක වේවා, ලාකේය කලාවට ඔබේ බැඳිම වැඩි දියුණු වේවායැයිද ඉතසිතින් පතමි.
එසේමැ මෙවැනි වටිනා සත්කාර්්‍යයන් කරන, ඒ සදහා කැප මහන්සි වෙන ලිපිකරුවන්ට තව තවත් ලියන්නට දිරිය ශක්තිය ලැබේවායැයිද ප්‍රාර්ථනා කරමි, ඔවුන්ට පින් අනුමෝදනා වේවා!
පාඨක ඔබට සුභ නව වසරක් වේවා!
-බින්කු-
EAVB_WLRWVJZLTJ
Comments (20)
8:56 PM, December 29, 2009
ෂා නියමයි බින්කු . . . .
9:30 PM, December 29, 2009
wow.. also video s are there..! A good effort....
2:06 AM, December 30, 2009
e wedenam niyamaiiiii!!!!!!! maxaaaaaaaa!!!!
9:53 AM, December 30, 2009
මාත් මේක dilanrf ගෙ ට්වීට් එකකින් දැකලා ගියා. සිරාවටම ලොකු සත්කාර්යයක්!
බිංකුවාටත් සුබ නව වසරක් වේවා!
10:01 AM, December 30, 2009
අපූරුයි බිංකුණ්ඩෝ... මමත් බර පංකාවක්. :D
"නූර්ති හා වේදිකා නාට්‍ය වල ගී පද මාලා හා ඒවායේ ශ්‍රාවක ගොණු සහිත අනගි බිලොග් අඩවියක්"
ශ්‍රාවක ගොණු - වචනෙ වැරදියි නේද? ශ්‍රව්‍ය ගොණු
එහෙම නැත්නම්,
"නූර්ති හා වේදිකා නාට්‍ය වල ගී පද මාලා ඒවායේ ශ්‍රව්‍ය මාධ්‍යත් සමඟ ලබා දෙන අනගි බිලොග් අඩවියක්"
1:02 PM, December 30, 2009
මල්ලී, මම වේදිකා නාට්‍යය සිංදු වලට නම් කැමතියි.. එත් නැටුම් නම් මට දිරවන්නෙම නැති සබ්ජෙක්ට් එකක්.. මම මේකට කමෙන්ට් කරන්නේ නැතුව හිටියේ, මම මේක ලියන එක හොද නැති නිසායි..
කොහොම උනත් නැටුම් වලට ආසා ඇත්තොන්ට මේක ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා...
4:19 PM, December 30, 2009
ශාකුන්තල අයියා,
එවෙලේ වැරද්දක් පෙනුණේ නෑ නෙව, පාඨක ඔබේ අදහස පිළිගෙන එලෙසම නිවැරදි කලා.
බොහොම ස්තුතියි!
හිස්කබල, මචන් මට නිකං මොකද්ද වගේ පිස්සා කියන්න. කලින් එහෙම ආමන්ත්‍රණය කරලා තියෙන ඒක ගැනත් දුකයි වගේ. මම සංගීතයට, චිත්‍රයට, නර්තනයට, වේදිකාවට හා සිනමාවට ආසයි. නමුත් ඒවායින් මම කරන්නේ/ කරන්න පුළුවන් (වයලීන් හා බෙර) වාදනය, චිත්‍ර කලාව හා (උඩරට) නර්තනය විතරයි. විෂයක් විදිහට නැටුම් කලාවේ ගොඩාක් දේවල් තියෙනවා තමා, ඒවා අනිත් කලා විෂ්‍යයන්ට සාපේක්ෂව අඩු වැඩි කියලා නෑ, ඒක වගේමයි කියලායි දැනෙන්නේ. ඒ වගේම කලාවේ ඒ ඒ ක්‍රේෂත්‍රයට කැමැති, ඇකැමැති, දක්ෂ, අදක්ෂ, රස විදින, නීරසයැයි දැනෙන අය ඉන්නවා. ඒ කලාවේ හෝ මනුෂ්‍ය වර්ගයාගේ ලක්ෂණයක් වෙන්න ඇති. ඉතින් ඔයාගේ හැඟිම මට තේරුම් ගන්න පුළුවන් මචන්, ඉතින් ඒත් අනිත් අය ඇතිනේ මං වගේ නර්තනයට ආදරේ අය.
කාල වේලාවක් තියෙනකොට උදව්වට හා දැනුම් බේරුම් තියෙන කට්ටයක් හෝ කෙනෙක් ඉන්නකොට (ලංකීක (ඇතැම් විට ජාත්‍යන්තර) චිත්‍ර කලාව හා සිනමාව ගැන එකක් කරන්න ඕනේ. :)
තමීර, Panni, කල්පනා හා දූකා, ස්තුතියි! මේ ප්‍රතිචාරයන් ඔවුන්ට දිරියක් වෙවි!.
10:00 AM, December 31, 2009
machan siravata godak vatina wedak.ela kiri!
12:28 PM, December 31, 2009
ඉතාම වැදගත් බ්ලොග් අඩවියක්...දැනුවත් කිරීම ගැන තුති! :)
6:45 AM, January 01, 2010
Very valuable information. Thanks!
4:24 AM, January 11, 2010
http://belovedcountry.wordpress.com/
10:59 PM, January 16, 2010
මටත් හම්බඋනා මෙ නුර්ති ගි ටික. කොහොම උනත් වටින වැඩක්
11:02 PM, January 16, 2010
http://belovedcountry.wordpress.com/ මෙ කටත් ගිහින් බලන්න කියලා මෙක දැකපු හැමොගෙන්ම මම ඉල්ලනවා. මෙක බලලා තමයි මම අපෙ ගුරුවරු ගැන
http://ravamrt.blogspot.com/2010/01/blog-post_12.html
පොස්ට් එක දැම්මෙ.....
10:48 AM, February 01, 2010
ඇත්තටම මේ ගැන් සතුටුයි........ දැනගන්න ලැබුනා සිංහල බ්ලොග්කරුවන්ගේ ඊළඟ සාදය බින්කුවා විසින් කරනවා කියලා...... කවදද ?
3:52 PM, February 01, 2010
සෑමදෙනාටම ස්තුතියි! දැන් මේ බිලෝග් දෙක සංසදයට ඇතුළු කරලා.
උෂාන්, හික්! ඒක විහිළුවක්.
6:19 AM, March 14, 2010
කාලෙකින් ඔබේ බ්ලොග් අඩවියේ යමක් දුටුවේ නෑ. අවිවේකයද?
7:42 PM, March 30, 2010
what is this?
10:39 PM, June 28, 2010
දැන් ලියන්නේ නැතෙයි... පරණ සෙට් එක ඇක්ටිව් නැති එක හරි අඩුවක්...
ඒයි... ඇහෙනවදෝ...
7:11 PM, August 11, 2010
ඔන්න ආපහු ලියන්න යන්නේ ඕං!
7:11 PM, August 11, 2010
දැං එනවෝ!
Post a Comment
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.
Note: Only a member of this blog may post a comment.