පෝය හද එළි නිවාපන්
තරු රැස් දහරා මැකීයන්
දිවා හිරු රැස් නිවී පලයන්
අදුර විත් ජිවිතයට වැදීයන්
එපා එපා මට ආලෝකයන්
කණාමැදිරියෝ ඉගිල පලයන්
මේ කුහක ලෝකයෙන්
මාව නොපෙනිම මැකීයන්
වත්සුණු තැළි පිළි ගිලිහි වැටිද්දෙන්
නෙතග සිනහා රැල් මැකෙද්දෙන්
වෙලෙන සියල‍්ලෝ ඈත්ව යද්දෙන්
මේ ආත්මය අදුරෙම ගිලිද්දෙන්
කුමට සුවද විහිදෙන පුෂ්පයෝ මට
රන් පත් ඇති සමනළුනි කිම තොපේ පල?
සැගව යන්නට නොහැකි නම් මට
මේ විසල් ලෝකයෙන් මොහොතකට ?
ආලෝක දහරා එපා මට
කදුළු වැල් එපා මට
තොපි කවුරුත් එපා මට
අදුර ඇවිදින් වාඩිගන් ලග
මම මැකී යමි අදුරේම
සාප නොකරමි කිසිවකුට
පැටලුනු බැමි ලිහාගියොතින්
සැගව යමි අදුරේම
මැකී යමි අදුරේම....
මාලී අක්කාගේ මේ නිදැස මටම කියාපු එකක් වගේ. කෙල්ලේක් හින්දා නම් නෙමේ වෙන හේතුන් නිසායි.
http://abnormalminds.blogspot.com/2009/01/blog-post_10.html
මේ ලින්ක් එකෙන් ගත්තේ, මගේ නම් නෙමේ මෙ නිදැස. ඒ අක්කාගේයි. මගේ ජිවිතයට සමීප නිසයි දැම්මේ. නිදැසට අක්කට අදහස් දෙන්න. මට දෙනවා නම් ඒ නිදැස වෙනුවෙන් නම් එපා.
Life SUCKS!
Subscribe to:
Post Comments (Atom)
Comments (5)
10:06 AM, January 10, 2009
ඔව්
නමුත් හෑම වෙලාවෙම නෙමේ මචන් සමහර වෙලවට එහෙමයි
5:53 PM, January 10, 2009
එහෙම කියන්න කාලයක් තිබ්බා, එත් ඒ කාලේ ඉවරයි. ජිවිතේ එපාම එපා වෙලා ඉන්නේ මම. බැඳි බැම් නිසායි ඉන්නේ මම.
8:52 PM, January 10, 2009
හොලා.. හොලා......මගේ කවිය හොලාඅලන් මේ හොලා.. ලොල්ස්....
විහිළුවක් හොදේ...
මල්ලි කලකිරෙන්නත් එපා.. හැමදේම වෙන්නේ හොදට කියලා හිත හදාගනින් !
10:10 PM, January 10, 2009
අක්කට කියන්න තියෙන්නෙ මම කලේ පුංච් විහිළුවක් කියලා.අක්කගෙන් මම සමාව ඉල්ලනවා කියන්න....
එත් අක්කගෙ කවිය හිතට රිදෙන්නම වැදුනා.!
6:02 PM, January 11, 2009
@Malee: හී හී...
@Dimuth: මටත් :)
Post a Comment
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.
Note: Only a member of this blog may post a comment.