සවාදයට විවෘතයි...



Tony Birtely නම් මාධ්‍ය වේදියෙක් මරාගෙන මැරෙන ප්‍රභාරයකට පෙර අත්ඩංගුවට ගත් (මේ තැනත්තියගේ පාප්පොච්චරය මම ඒ දවස්; 2007 වල කියවලා තිබ්බා) තැත්තියෙක් - මරාගෙන මැරුණු තැනැත්තියෙක්ගේ මෑණියෙක්, ප්‍රභාරයකින් මැරුණු දුදරුවන් සිටින මව්පියන් සිටින මෑණියක් දෙස බැලු කොණ්යන්...




සවාදයට විවෘතයි...

කරුණාකර ජාති, ආගම්, වර්ග ගැන බැන කතා නො කර විවෘත මනසින් බලන්න. මේ ඒ ගැන නෙමේනේ කතා කරන්නේ? මේ යුද්ධය අපේම වැරද්දකින් ඉස්සර කල බිජ වු එකක් නෙමේද?(මගේ අපක්ෂපාති අදහස එයයි ). ඔබට අදහස් දැරිමටත් මෙන්ම ප්‍රකාශ කිරිමටත් අයිතියක් ඇත. අනික් අයගේ අදහසට ගරු කරන තරමට ඔබටත් තැනක් ලබෙනු ඇත. අදහස් මෙන්ම ජාති ආගම් ගැනද මෙය ආදලයි නොවේද?

Comments (16)

Kasun

7:20 PM, January 16, 2009

ඕව්, ඒක තමයි ඇත්ත. ඒත් බොහෝ අය ඔය විදියට හිතන්නේ නැති එකයි ගැටළුව. ගොඩක් ස්තූතියි.

පිටස්තරයා

8:25 PM, January 16, 2009

මමනම් දන්නේ නෑ මොනවා කියන්නද කියලා..

බලලා ඉවර වුනාම කොටි ගැන වෛරයක්වත්, වෙන දෙයක්වත් හිතුනේ නෑ. හිතුනේ මැරුන අය ගැන දුකක් විතරයි. මරාගෙන මැරිච්ච අය ගැනත්.

සමහර විට වැදගත් වෙන්නේ ඒ ටික වෙන්නත් පුලුවන්. කවුරු මැරුනත් මැරෙන්නේ ලංකාවේ අය නිසා.

ස්තූතියි විඩියෝ එකට

Anonymous

8:56 PM, January 16, 2009

කොහොමටත් පරම්පරා ගානක් ගියත් සතයය නම් බොහොම දුරවබෝධි තත්වයක තියෙන්නෙ.

ηiRσ

6:39 AM, January 17, 2009

මට හිතෙන විදියට මේ ලෝකේ ගොඩක් ප්‍රශ්න ඇතිවෙන්න හේතුව තමන්ගේ මතය තමයි තියෙන එකම හරි මතය කියල හිතීමයි. තවත් කෙනෙක්ගේ දෘශ්ඨි කෝණයකින් දෙයක් දිහා බලන්නෙ නැහැ. අනෙක් අයගෙ මත, සිතුම් පැතුම් වලට ගරු කරන්න ඉගෙන ගන්න කම් මේ ප්‍රශ්න විසඳෙයි කියල හිතන්න අමාරුයි.

malee_msg

8:54 AM, January 17, 2009

මේවා බලලා අපි මොනවද මල්ලි කියන්නේ? ‍පට්ට බැල්ලි කියලා අර මැරිච්ච කොටි කෙල්ලට කියන්නද? නැත්තං අපි ගිහින් ඒ කෙල්ලගේ අම්මව මරාගෙන මැරෙන්නද? මම හැම තිස්සෙම කියන්නේ එකම දෙයයි.. යුද්දෙන් මරණය ඇර කිසිම දෙයක් ලැබෙන්නේ නෑ,. අපේ කාලේ යුද්ධය තිබ්බට මේක ඇති වුනේ අපි ඉපදෙන්නත් කලින් කොහේ කොතැන හෝ වරදකින් ඇත්ටම හරිම හේතුව මොකක්ද කියන්න වත් මම දන්නේ නෑ.. හැබැයි ‍එක දෙයක් දන්නවා සිංහල අපිට වඩා දෙමළ හා මුස්ලිම් මිනිස්සු මේ යුද්දේ නිසා දුක් විදිනවා..වැඩියෙන්ම දෙමළ අය.. පව්.. අපි හැමෝම ශ්‍රී ලාංකික කියලා හිතන්න පුළුවන් අය විතරක් ඉන්න දවස වෙනකම් මේ යුද්දේ ඇදෙයි.. මේ යන විදියට සටන් කරලා යුද්දේ ඉවර වෙයි සමහර විට මාසෙකින් නැත්නම් දෙකකින් ඒත් යුද්දෙන් පසු ඇති වන අතුරු සටන් තව බොහෝ අංශ වලින් තිබේවි... අවසානෙදි අපි හැමෝම මිනිස්සු.. අපි හැමෝම මැරෙනවා..එච්චරයි!

Homo Erectus

9:14 AM, January 17, 2009

පරිස්සමෙන් බින්කු!
මේ කථාවේ හතරවන කාන්තාව ඔබේ ආදරනීය ...... වෙන්න පුළුවන්.

ආගන්තුකයා | Stranger

2:33 AM, January 20, 2009

කතාවක් කියන්නම්... ඉන්දියාවයි පකිස්ථානෙයි අතර යුද්දයක් තිබුනා... ඉතින් පකිස්ථානේ හමුදාවේ සොල්දාදුවොත් මැරුනා ඉන්දියාවෙත් මැරුනා... පකිස්ථානේ හමුදාව ඉන්දියාවේ මිනිස්සුන්ට හතුරෝ වුනාට පකිස්තානේ දේශ ප්‍රේමීන් නෙවෙයිද... ඉතින් කවුරුත් කාටවත් ත්‍රස්තවාදීන් කියන්නේ කොහොමද... මේකෙ අරමුන එක මිනිහෙකුගෙ පුද්ගලික ආසාවක් වුනාට මැරෙන්නේ අහිංසක මිනිස්සු... අපි එලව එලව ගල් ගහන්නේ එ අහිංසක මිනිස්සුන්ට නේද....කාටද අපි ගල් ගහන්න ඕනි.....

නිලන්‍ත

8:39 AM, January 21, 2009

මම නම් කියන්නෙ ත්‍රස්තවාදයට තේරෙන භාෂාවෙන් පිලිතුරු දිය යුතුයි. අපේම වරදක් නිසා හටගත් යුද්ධයක් යැයි බිංකු අදහස් කලේ සිංහල මිනිසුන්ගේ වරදක් යැයි සිතමි. ඒ කල යම්කිසි සුලු පිරිසක් විසින් කල දෙයක් වෙනුවෙන් සමස්ථ ජාතියක්ම සදාකාලිකව වන්දිගෙවීම සාධාරනද යන්න බිංකු සිතාබැලිය යුතුය.

ගහන්න ගහන්න වඳින මිනිහා මෝඩයෙකු බව අපි දනිමු.මෙතෙක් කල් අප කලේ එකී වරදට දඞුවම් විඳිමින්,සාකච්ඡා කරමින්, දොලපිදේනි දෙමින් නියාලුවීම නොවේද. ඒ අතීතයේ කල වරදට මුලු මහත් රටකම ඉදිරි ගමන දශක 3ක් තිස්සේ ඇණහිට ඇතිබව ඔබට නොපෙනේයැයි නොසිතමි. මෙකී යුද්ධයට හේතුව සිංහල මිනිසුන් නම් මෙතෙක් LTTE ත්‍රස්තයන් අතින් ඝාතනයට ලක්වූ දෙමළ, මුස්ලිම් විද්වතුන් සහ සාමාන්‍ය ජනතාව කල වරද කුමක්ද? ඒ ඔවුන්ගේ මතයට විරුද්ධව මත ප්‍රකාශ කිරීම නිසා පමණක් නොවේද? අත දරුවන්, මහල්ලන්, පූජකයන්, සංඝයාවහන්සේලා ම්ලේඡ්ච ලෙස කපා කොටා මරාදැමීම දෙස අතීතයේ වු සුලු වරද නිසා තවදුරටත් උපේක්ෂාවෙන් බැලිය යුතුයැයි ඔබ සිතන්නෙහිද?
මරාගෙන මැරෙන ත්‍රස්තවාදය කුමනඅයුරකින් හෝ සාධාරනීකරනය කිරීමට මට නම් හැකියාවක් නැත.
සත්තකින්ම මෙය වාර්ගික යුද්ධයක් නොව
මනෝ ලෝකයක ජීවත්වන ම්ලේඡ්ච උන්මත්තකයෙකුගේ අරමුනක් මුදුන්පත් කරගැනීම සඳහා ඔහු හා එක්වු සහ බලෙන් එක්කරගෙන තවත් මිනිසුන් රාශියකගේ ජීවිත නසාගෙන තමුනුත් ජීවිතය විනාශකරගැනීමට තරම් මනස විකෘතිකල ත්‍රස්තවාදී කන්ඩායමක් සමග සටනකි.

එබැවින් මොනතරම් අහිංසක සහ සාධාරන ලෙස ගෙනහැර දැක්වීමට උත්සාහ කලද බැටලු සම පොරවාගත් වෘකයා වෘකයාමය. උගෙන් ප්‍රවේසම් වනු.

rifki 'birrul waalidain'

10:00 PM, January 24, 2009

hi..!

nice blog...!

Anonymous

12:02 AM, February 10, 2009

@ නිලන්ත:

"ඒ කල යම්කිසි සුලු පිරිසක් විසින් කල දෙයක් වෙනුවෙන් සමස්ථ ජාතියක්ම සදාකාලිකව වන්දිගෙවීම සාධාරනද යන්න බිංකු සිතාබැලිය යුතුය.,---නිලන්ත

මේ කතාවෙන් පේන්නෙ ඔයා හිතනවා කියල සුළු පිරිසක් අතින් හරි මොකක් හරි වැරැද්දක් වෙලා කියලා. ඇත්ත නේන්නම් සුළු පිරිසක් ‍කරපු දෙයකට මුළු මහත් ජාතියක් වන්දි ගෙවන්න ඕන නැහැනේ. හැබියි ඉතිං ඒක සිංහලයගෙ පැත්තෙන් විතරක් නෙමෙයිනේ දෙමළාගේ පැත්තෙනුත් එහෙමම තමයි නේද?

"ගහන්න ගහන්න වඳින මිනිහා මෝඩයෙකු බව අපි දනිමු."---නිලන්ත

ඇත්තනේ.

Narada

2:00 PM, February 14, 2009

අපේම වැරද්දකින් කියලා අදහස් කලේ මෙයයි. ජේ.ආර් සමයේ පසු කලෙක සිංහල මතවාදින් දෙමල ඇතුලු පිරිසට කල අසාධරණයන් නිසා ඇති වුන අතුරු ඵලයක් තමා මේ යුද්ධය. මේකෙන් කවුරු හෝ දින්නත් මියැදෙන්නේ අපේ වගේ ලේ මස් නහර තියෙන මිනිස්සුයි. භාෂා, භුමි, ජාති සහ මතවාද වැනි දේවල් වලට ඇයි මිනිස්සු මෙහෙම මරා ගන්නේ? ලෝකයා යුද්ධ කල බවත් කරන බවත් ඇත්තමුත් බෞද්ධ රටක් වර අපේ රටේ ලේ වගුරුවන්නේ ඇයි? අපි එකම දේශයක අය කියලා හිතන්න බැරි නම් අඩුම තරමේ අපි මිනිස්සු කියලාවත් හිතන්නේ කවදාද? දැන් මේ යන විදිහට මුලු උතුරු පෙදෙසම ගත්තත් ඉන්පසු වෙන දේ ගැන සහතිකවම කියන්නෙ කොහොමද?ඇත්තටම කවුරුත් කාට හෝ හැකි නම් පහදන්න. ඒත් දේශපාලකයන්ගේ වචන මත කියෙව්වත් මෙතෙක් කල් වුණ/වෙන දෙවල්, බොරු වල හැටියට විශ්වස කල හැක්කේ කෙසේද? යුද්ධෙන් පසුව හෝ යම් කාලෙකදි ඒ කිව් දේ නෝ වුනොත් හෝ තත්තවය දරුණු වු කල්හි කවුරුන්ද වග කියන්නේ? ඇතැම් විට එදා වෙද්දි විය යුතු දේ හමාර වී අශ්වයා ඉස්තාලෙන් පැන ගියා වනි තට්ත්වයක් විය හැකිය. ඒ විට අල්ලපු අත්තත් නැති පය ගහපු අත්තත් නැතිවන අපිට වෙන්නේ කුමක්ද? ඇයි අපිට විවුර්තව හිතන්න බැරි ඇත්තටම? මේ ප්‍රශ්ණයට විසදුම යුද්ධයවත් සාම ගිවිසුමවත් නොවේ, මෛත්‍රියයි. ආගන්තුකයා කියන කතාවේ සත්‍යක් තියෙනවා, එහෙම වන්නේ තමුන්/තමාගේ දේ උතුම් කර අනුන්ගේ හෙලා දකින, පහර දෙන නිසායි. එය බොහොමයක් (සියල්ලක් වාගේ)යුද්ධ වල මුලික නියමය වෙන්නේ. එක් කෙනෙක් කියන විදියට මගේ කවුරු හෝ මෙම කතාවෙ හතර වෙනිය විය හැක්කක් බව කියයි, ඇත්තයි. මා සිංහලයෙක් හෝ දෙමළයෙක් හෝ මුස්ලිමානුවෙක් හෝ බර්ගර් ජාතියෙක් වුනත් මට යුද්ධයෙන් යම් දුරක හෝ බලපෑමක් විපතක් වෙන්න තියෙනවා, එය යුද්ධයේ විපාකයක්. විටෙක සම්බන්ධයක් නැති අයව අහු වෙනවා.

Narada

9:45 PM, February 16, 2009

ජේ. ආර් සමයේ දරුණු වුණත් පටන් ගත්තේ බණ්ඩාරනායක සමයේදියි.

Narada

3:34 PM, February 18, 2009

යුද්ධයට වස්තුබීජ වු අපේ ආකල්ප තවත් තැනක ලියැවි ඇති.

යුද්ධය කාගේ වරදින් ඇකිවුනත් අද ඒගැන තියෙන සමාජ මතවාදය ශෝචනීයයි. අපේ ගොඩදෙනෙක් LTTE සාමාජිකයන් දිහා බලන්නෙ පිලිකුල් සහගත විදිහකට. LTTE කීයක් මැරුණත් කමක් නැහැ හමුදාවෙ මැරිච්ච ගණන ඊට අඩුනම්...මේක නොවෙයිද අද ලාංකිකයන්ගේ කත්සේරුව? මේ යුද්ධෙ පටන්ගත්ත හේතුවක් තියෙනවා. ඒ අපි හැමෝටම අපි හැමෝම මිනිස්සු කියන එක අමතක වීම..කොච්චර ‍ප්‍රදේශ අල්ල ගත්තත් අපි ඕක තේරුංගන්නකං මේ යුද්ධෙ ඉවඑවෙන්නෙ නෑ....

විචාරයට විවෘතය
මේ ගැන කතාකරන්න මම සුදානම්

Narada

10:21 PM, February 18, 2009

ඔව්, එක ඇත්ත තමා, එකේ විවාදයක් නෑ. අනික අපේ ගොඩාක් එවුන් සිතන්නේ ඒ මිනිස්සු අපිව මරන්නම එන්නේ කියලා. ඒත් අසරණකමට එන බව ඇයි අමතක?

මේ දවස්වල ඉතින් අපි දන්නෙ නෑ යුද්දෙන් කොච්චර මැරෙනද කියල ඉතින් ගොඩක් අය හිතන් ඉන්නෙ LTTE අය ගොඩක් මැරිල අපේ හමුදාව අවම හානි වෙනව කියල !! ඒත් හොයල බැලුවොත් පෙනෙනව ගොඩක් මලසිරුරු එන්නෙ Seal කරලා කියලා ඒ කියන්නෙ ඒවා පරන වෙලා ගේන්නෙ !! මේව දන්නෙ නැති නිසා අපේ අය රතිඤඤා පත්තු කරල සතුටට පත් වෙනවා.

Post a Comment

සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.

Note: Only a member of this blog may post a comment.