
උණු තේ කෝප්පයට වැටුණු
කළු කූඹියා ඇඟිලි තුඩට ගෙන
කටින් පිඹ මේසය මත
පරෙස්සමින් තැබුවෙමි
මගේ කඳුළක් වැටී
ඌ ගිලී මිය යතැයි බියෙන්
මුහුණ පසෙකට හරවා ගතිමි
එහෙත් කූඹියා මිය ගොසිනි
තේ කෝප්පය සීතල විය
කූඹියා මලේ මාතින්ද?
සීනි බෝතලය හරිහැටි නොවැසූ
ගෙදර කෙනකුගේ වරදින්ද?
විත්තිකරුවා කවුරුන්ද?
විත්තිකරුවා මා නොවූවත්
මරණයේ සාක්ෂිකාරිය මා ය
උණු වතුරේ තැම්බී මිය ගිය
කූඹියා සිහිනෙන් පෙනී
දෙව්ලොව ගිය බව කීවොත් මිස
මට කූඹියා අමතක වන්නේ ද නැත
කළු කූඹියා ඇඟිලි තුඩට ගෙන
කටින් පිඹ මේසය මත
පරෙස්සමින් තැබුවෙමි
මගේ කඳුළක් වැටී
ඌ ගිලී මිය යතැයි බියෙන්
මුහුණ පසෙකට හරවා ගතිමි
එහෙත් කූඹියා මිය ගොසිනි
තේ කෝප්පය සීතල විය
කූඹියා මලේ මාතින්ද?
සීනි බෝතලය හරිහැටි නොවැසූ
ගෙදර කෙනකුගේ වරදින්ද?
විත්තිකරුවා කවුරුන්ද?
විත්තිකරුවා මා නොවූවත්
මරණයේ සාක්ෂිකාරිය මා ය
උණු වතුරේ තැම්බී මිය ගිය
කූඹියා සිහිනෙන් පෙනී
දෙව්ලොව ගිය බව කීවොත් මිස
මට කූඹියා අමතක වන්නේ ද නැත
සුනේත‍්‍රා රාජකරුණානායකගේ
නෙළුම් චක‍්‍රය කවි එකතුවෙන්.
2006 දෙසැම්බර් මස 31දි මව්බිම පුවත්පත්‍රයේ පලවිය.නෙළුම් චක‍්‍රය කවි එකතුවෙන්.
මට මෙය දුන් ජොනී අයියාට ස්තුතිය.
Comments (4)
8:57 AM, May 01, 2009
සරල සිද්දියක් උනත් ඒ ගැන හිතේ ඇතිවුනු හැගීම් ලස්සනට කියල තියෙනව..හොද නිර්මාණයක්...
11:15 AM, May 01, 2009
චිත්ත රූප මෑවීමට සමත් හොද නිර්මානයක් .
4:59 PM, May 05, 2009
අපුරු නිර්මාණයක් !!!
8:16 PM, May 05, 2009
ලොකු තේරුමක් කැටි කල සරළ වචන ටිකක්...
Post a Comment
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.
Note: Only a member of this blog may post a comment.