පුනක්කු නොකන නරියෝ හූ කියත්, (ඒ වගත් සේම...)



http://www.youtube.com/watch?v=PFjBn3Do5yg
ලොවම දකින අපේ නිරුවතක්

(උඩ බලාගෙන කෙල ගහන්න කලිං
සුද්දෝ කී දෙනෙක් ඉන්වාද කියලාත් ගණං කරන්නකෝ සාත්තර දන්න අය )

Comments (6)

දිලාන්

1:34 PM, May 14, 2009

පැහැදිලිවම මෙතන ලොකු වරදක් වෙලා තියෙනවා.මෙතරම් කාලයක් යනතුරු, මුදල් වෙන්කර තිබියදිත් අදාල නේවාසිකාගාරය නිම නොකිරිම වරදක්.තමන්ට ඇති එකම නේවාසිකාගාරය මෙසේ අතරමග ඇනහිටිම නිසා සිසුන්ගේ විරෝධය පාලකයන්ට එල්ලවිම සාධාරණ දෙයක්.මෙතනදි සිසුන් විරොධතාවය පෙන්වන්න යොදාගත්තේ හු කියන එක.

අනික ඔයවගේ ගොඩනැගිල්ලකට ටෙන්ඩර් කටයුතුවලට අවුරුදු දෙකක් ගන්නවා කියන්නේ විහිලුවක්. මෙතන සත්‍ය සිද්ධිය දන්න අයට හොදටම පැහැදිලි වෙනවා ඇති, මෙතන පාලකයන්ගේ අඩුපාඩුවක් තියෙන බව.ඒක නිසා මට හිතෙන විදියටනම් ශිෂ්‍ය නරයෝ ගහන කෙල වැටුනොත් වැටෙන්නේ පාලකයන්ගේ මුනට තමයි.

Uraj Deemantha

3:23 PM, May 14, 2009

මචන් ඔය කොයි ඇමතියත් එකයි...... අපේ කාර්මික විදුහල් බාර ඇමතියත් ඔය ටිකම තමා..........!!

පහසුකම් දෙනවා නම් හරියට පිළිවෙලකට ඒවා දෙන්න ඕනේ. නැත්තම් නොදී ඉන්න ඕනේ.

Chrishi

5:06 PM, May 14, 2009

මෙතන ඉන්නේ Mr.රුබෙල්ලට අනුව තණකොල කන ලංකවෙ 30% වන ජනතාව වගේ..!!!!

මේවා ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව හෑල්ලු කරන්න කරන අධිරජ්‍යවාදී කුමන්ත්‍රන........!!!!!! මහරාජාව රටින් පන්නන ඕනෙ මේ කරන වැඩ වලට..!!!!(මේ Mr......... ගේ අදහස)

හපොයි

Anonymous

10:18 PM, May 14, 2009

සුද්දා හිටියා කියලා අමන වැඩ කර කර උන් ඉස්සරහා ලකුණු දාගන්න ඉඩ දෙනවද විශ්වාට?

අනිත් එක සුද්දා ගේ රටේ ශිෂ්‍යයොත් ඔය වගේ වැ‍ඩකදි පාරට බහිනවා මිසක් සාමකාමීව ගෙදර යන්නේ නෑ.

විශ්වාගේ හෙළුවැල්ල මිසක් වෙන ‍දෙයක් මෙතනදි පෙනිලා නෑ. සිදු වෙන අසාධාරණ වලට රෙද්දක් ඇද‍ගෙන ඔය මිනිහා කොහොම ඔය වගේ තැනකට එනවද මන්දා

Post a Comment

සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.

Note: Only a member of this blog may post a comment.