පිපිරෙන පිපිරෙන රතිඤඤාවට සතයක් සතයක් ගාණේ යැවේ නම්,
වැටෙන වැටෙන කිරිබත් ඇටයක් ඇටයක් ගාණේ ඒ බඩටට යයි නම්,
නටවා නටවා කරකවන දෑත් දරමින් කැට ගව්වක් ගව්වක් ගාණේ කාසි එකතු කරයි නම්...
ඒ වු කලී විජයග්‍රහණය වෙයි අපේ!
වැටෙන වැටෙන කිරිබත් ඇටයක් ඇටයක් ගාණේ ඒ බඩටට යයි නම්,
නටවා නටවා කරකවන දෑත් දරමින් කැට ගව්වක් ගව්වක් ගාණේ කාසි එකතු කරයි නම්...
ඒ වු කලී විජයග්‍රහණය වෙයි අපේ!
නොතේරේ නම්, නුරුස්සන්නේ නම් මඟ හැර යත්වා!
Comments (9)
1:36 AM, May 21, 2009
මේ ලබාගත් විජයග්‍රහණය පණ දෙවැනි කොට රැක ගනිමු, අපි.....
3:33 AM, May 21, 2009
කොහෙවත් යවන්න ඕනි නැහැ.. යුද්දෙදි මැරුණු හමුදාවේ කොල්ලෙක්ගේ ගෙයක් හදා දුන්නා නම් ඔයිට වටිනවා.. හැබැයි ඉතිං ඒවායෙන් ආතල් ගන්න දන්නේ බොහොම ටික දෙනෙක් නිසා හැමෝටම පහසු විදිය මේක වෙන්න ඇති !
3:38 AM, May 21, 2009
නැටුවට කමක් නෑ ඒ උද්‍යෝගයෙන්ම රට හදන්න වැඩ කරනවනං...ඒ වගේම ඔය නට නටා පාරෙ යන උදවිය අනිත් අයට කරදරයක් නොකර යනවනම් හොඳයි. ඊයෙ පෙරේද මැට්ටො ටිකක් රැජිණ මාවතේදි පාරෙ ගිය විදේශ ජාතිකයෙක්ට 'පර සුද්දා! පර සුද්දා!' කියලා කෑ ගගහ ගිහින්. ඒ මනුස්සයට සිංහල නොතේරෙන නිසා (හොඳ වෙලාවට ) උඩ බිම බල බල ඉඳල.
3:41 AM, May 21, 2009
එවා කලාට ආතල් නැහැ මචං.
4:38 AM, May 21, 2009
අනේ මල්ලි උබට එක මතක් උනේත් නියම වෙලාවයනේ දැන් කිරිබත් කාලා වලමුත් හොදලා ඉවරයි දවස් දෙක තුනකට කලින්වත් කිවුවානම් බලන්න තිම්බා ඉස්සරහටවත් බලමු
7:12 AM, May 21, 2009
අපූරු අදහස. :)
8:20 PM, May 21, 2009
ඇත්තටම ලංකාවේ නිදහසක් ගැන හැගීමක් නොවේ. තමන්ගේ ආතල් කඩපු එකා එල්ටීටීය කියලා හිතපු ලාංකිකයන්‍ට ඇතිවූ ආත්මාර්තකාමී නිදහස සැමරීමකුයි ඔය කළේ(අදහස පෙරදිග සුලං )එහෙම නැතුව ඒක දේශප්‍රේමය හෝ ජාතික නිදහස කියලා අර්ථගැන්වීම වැරදියි
9:39 PM, May 21, 2009
පාලිත, ඇත්ත තමා ඒකත්. මොකද මේ LTTE ඒක හුදෙක් එක් පාර්ශචිකයක් විතරයි (ඒක උඩ බලා කෙල ගැසීමක් වැනිය, මන්ද ඒ සංවිධානය එදා ඇති වෙන්නට හේතු වුයේ අපේම දේශපාලුවන් නිසා). මේ ආකාරයට අනුන් ගැන තමාට අවංකවම හිතන අයගේ, සැමදා සංවේදි වන අය සිටි නම් ඒ අසරණයන්ට විසදුමක් දී ආතල් ගන්නේ නම් එයයි නිදහස.
3:05 PM, September 28, 2010
අනේ මල්ලි උබට එක මතක් උනේත් නියම වෙලාවයනේ දැන් කිරිබත් කාලා වලමුත් හොදලා ඉවරයි දවස් දෙක තුනකට කලින්වත් කිවුවානම් බලන්න තිම්බා ඉස්සරහටවත් බලමු
Post a Comment
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.
Note: Only a member of this blog may post a comment.