Failure and Sucess (The Way I See It #26)


"Failure's hard, but success is far more dangerous. If you're successful at the wrong thing, the mix of praise and money and opportunity can lock you in forever."



-Po Bronson-

ලඟදි ගත්තු Starbucks Coffee නම් කොපිහලක කෝප්පයක දාලා තිබ්බ මේ පණිවිඩය දැම්මේ අපේ, විශේෂයෙන් අපේ රටට වැදගත් කියා සිතුන නිසාවෙනි.

ජීවිතය, විශ්වය හා රිද්මය

රාත්‍රියේහි නිදි වර්ජිතව සිටින මම අන්ධකාරයට කන් යොමා සිටිමි. ලෝකයම නිසලව නිදා සිටියි.නිශ්ශබ්දතාවය මිස අන් කිසිවක් ඇසෙන්නට නැත.මම වඩාත් හොදින් කන්දෙමි.එවිට ඒ නිශ්ශබ්දතාවය තුලින් විවිධාකාර සියුම් ශබ්ද මතුවන්නට පටන් ගනියි..ලගින්ම ඇසෙන්නේ මා අසල වැතිර සිටින මාගේ කිරිකැටි ලදරුවාගේ ආශ්වාශ ප්රාශ්වාස කරන ශබ්දයයි ඔහු හුස්ම ගන්නේ කිසියම් රිද්මයක් ඇත්තාසේ මට හැගී යයි.
මේසයට ඇගිල්ලෙන් තට්ටු කර ගීතයක තාලය අල්ලන්නාක් මෙන් මම ඒ රිද්මය සිතින් මැන බැලීමි. මිනිසා ආශ්වාස ප්රාශ්වාස කරන්නේ රිද්මයකට අනුව බව පලමු වරට මට පසක් වෙයි..
මම ළය මත අත තබා මගේම ආශ්වාස ප්රාශ්වාස යේ ඇති රිද්මය වටහා ගතිමි..ඒ රිද්මය අනුව මගේ ළය උස් පහත් වෙයි..වඩාත් කුතුහලයට පත් වන මම මගේම අත ගෙන නාඩි අල්ලා බැලීමි.නාඩි වටෙන්නේද එක්තරා රිද්මයකට අනුව බව එවිට මට පෙනී යයි..ආශ්වාස ප්රාශ්වාස කිරීම හෘදය ස්පන්දනය වීම, නාඩි වැටීම රිද්මයකට අනුව සිදුවන බැවින් මුලු ශරීර යන්ත්රහයම ඒ රිද්මයට අනුව ක්රියා කරන බව නිසැකය..මේ නිසා මිනිසාගේ ගමන බිමන වැඩපල කතාබහ ආදී සියල්ලක්ම රිද්මය ආත්ම කොට පවතී..මිනිසා ඇවිදින සැටියෙන් ඒ රිද්මය අපට හදුනා ගත හැකිය.. ඔහු පා නගන්නේ සමාන්තර ලෙස පියවර තබමිනි.ඒ රිද්මය අනුව ඔහු ගේ දෑත් එහා මෙහා පැද්දයි..අසම ලෙස පා තබා ඇවිද්දහොත් වැඩි දුරක් යාමට මත්තෙන් ඔහුට වෙහෙසක් දැනේ..ඔහු උදැල්ල බිම පහරා පොළව කොටන්නේ ද ඔරුව පදින්නේ ද කිණිහිරය මත තබා යකඩය තලන්නේ ද පට්ටලය මත දඩුකද තබා කියතෙන් ඉරන්නේ ද කිසියම් රිද්මයකට අනුවය. වී කොටන වී පොළන දර පලන පොල් ගාන ක්රියාකාරකම් වල අති රිද්මය ඒවායින් නැගෙන හඩින් හදුනා ගත හැකිය.. සාමාන්යය කතාබහක ඇති රිද්මය පහසුවෙන් නොපෙනේ.එහෙත් මිනිසා හැගීම් වලින් ආකූලව කතා කරනවිට ඔහු ගේ කතා විලාශය ශෛලිගත ස්වරූපයක් ගනී..එවිට එහි අති රිද්මය වඩා පහසුවෙන් හදුනා ගත හැක.ජීවිතය විශ්වය හා රිද්මය එකක්ම නොවේදයි වරෙක මට සිතෙයි..

- මහගමසේකරයන්ගේ ජීවිතය විශ්වය හා රිද්මය තුලිනි. -


කුඩා කාලයේ සිට සිතේ තිබු මේ වාග්මාලාව නැවතත් මතකයට ගෙනා රනිල් අයියාට ස්තුතිය.



බොන කිරිවලටත් සත්ව තෙල්!


මෙරට කිරිපිටි ආනයනය කරන බහු ජාතික සමාගම් සහ පිටකොටුවේ තොග වෙළඳුන් මෙරටට ගෙන්වා කිරිපිටි යැයි විකුණන්නේ සම්පූර්ණ යොදය (මේදය) ඉවත් කර ෆාම් ඔයිල් සහ සත්ව තෙල් එකතු කර නැවැත සකස් කළ කිරි ආහාර බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පසු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුර ජයසූරිය මහතා දැඩි චෝදනාවක් කළේය.

ජයසූරිය මහතා මෙසේ චෝදනා කළේ මව්බිම ලංකා පදනම විසින් කොළඹ පදනම් ආයතනයේ ඊයේ (12) පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින්ය.

මෙලමයින් අර්බුදයත් සමඟ ඇතිවූ සැකයක් මත මව්බිම ලංකා පදනම වෙළඳපොළේ විකිණීමට ඇති කිරිපිටි සාම්පල් 10 ක් ලබා ගෙන ඒවා වයඹ විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් හා උපකුලපතිවරුන් සිවුදෙනකු ඉදිරියේ සාක්ෂි සහිත අත්සන් කොට මුද්‍රා තබා යුරෝපයේ ප්‍රධානතම ස්වාධීන පරීක්ෂණාගාරයක් වන එංගලන්තයේ ඉක්ලිප්ස් (A.C.L.I.P.S.E.) ආයතනයට එම කිරිපිටි වල මේදය පරීක්ෂා කිරීමට යැවූ බවත් කී ආචාර්ය ජයසූරිය ඕස්ට්‍රේලියානු නවසීලන්ත සම්මත ක්‍රමය අනුව සම්පූර්ණ යොදය සහිත කිරි ග්‍රෑම් 100 ක මේදය 26.3% සහ බියුටරික් අම්ල 0.9 ක් තිබිය යුතු අතර එය ප්‍රතිශතයක් වශයෙන් 3.5% ක් විය යුතු බවත් කීවේය.

එසේ වුවද මෙරට ආනයනය කරන ලද පරීක්ෂණය සඳහා යැවූ සෑම කිරි සාම්පල් එකක බියුටරික් අම්ල ග්‍රෑම් 0.9 ට වඩා අඩු වී ඇති බවත් එසේ වන්නේ එම කිරිපිටි වලට වෙන තෙල් වර්ගයක් එකතු කිරීම නිසා බවත් ආචාර්ය ජයසූරිය මහතා සඳහන් කළේය.

විශේෂයෙන්ම බියුටරික් අම්ලය තිබිය හැක්කේ රෝමාන්තික සතුන් වන ගවයන්ගේ හා එළුවන්ගේ පමණක් බැවින් වෙනත් තෙල් වර්ගයක් කිරිපිටි වලට එකතු කර ඇත්නම් ඒ බව කිරිවල බියුටරික් අම්ලය මැනීමෙන් සොයා ගත හැකි බවත් ආචාර්ය ජයසූරිය මහතා කීය.

මව්බිම ලංකා පදනමේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙසේ ද කීය.
එළකිරි වල තිබෙන මේදය ඉවත් කර වෙනත් මේදයක් එකතු කරනවා නම් එම කිරි හඳුන්වන්නේ නැවත සකස් කළ කිරි ආහාර ලෙසයි. බටහිර රටවල හෝ ඉන්දියාවේ මෙවැනි කිරි ආහාර කිරිපිටි වශයෙන් විකිණීම සම්පූර්ණයෙන් තහනම්.

නැවත සකස් කළ කිරි ආහාර නිපදවීම සඳහා එළකිරි වල ´බටර් ෆැට්` කියන එක ඉවත් කරලා ඒ වෙනුවට ෆාම් ඔයිල්, ඌරු තෙල් සහ කකුල් තෙල් එකතු කරනවා. එළකිරි මේදය ඝණයි. උදාහරණයක් විධියට ලංකාවේ එළකිරි මේදය කිලෝ 1 ක් රුපියල් 850 ක් වෙනකොට ෆාම් ඔයිල් කිලෝ 1 ක් රුපියල් 150 යි.

බහුජාතික සමාගම් කිරිපිටි කියලා මේ රටට ආනයනය කරලා අපට විකුණන්නේ නැවැත සකස් කළ කිරි ආහාරයි.

කිරිපිටි කියන්නේ අපේ රටේ අත්‍යවශ්‍ය ආහාරයක්. වර්ෂයකට කිරිපිටි මෙට්‍රික් ටොන් 61,000 ක් ගෙන්වන අතර ඒ සඳහා රුපියල් බිලියන 260,271 ක් වැය වෙනවා.

සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ගෙන්වනවා යැයි කියා නැවත සකස් කළ කිරි ආහාර ගෙන්වීමෙන් ආනයනකරුවන් වංචා සහගතව මෙතෙක් උපයා ඇති ලාභය රුපියල් මිලියන 2,000 ක් වෙනවා.

කිරිපිටි වල මේදය ඉවත් කර ඒ සඳහා එකතු කළ මේදය නිසා සෞබ්‍යයට හානි කරනවාද නැද්ද යන්න පිළිබඳව අපි තවමත් සොයා බලා නැහැ.

අත්‍යවශ්‍ය ආහාර ගෙන්වීමේ බදු සහන වලට මුලා වෙලා කිරිපිටි වෙනුවට නැවත සකස් කළ කිරි ආහාර ගෙන්වීමෙන් මෙම සමාගම් රජයට වංචා කර ඇති බදු වටිනාකම රුපියල් බිලියන 07 ක් වෙනවා. මේ සඳහා ලබා දෙන 15% ක වැට් බදු සහනයත් රේගුව මුලා කරලා ලබා ගෙන තිබෙනවා.

කිරිපිටි ගෙන්වන මුවාවෙන් නැවත සකස් කළ කිරි ආහාර ගෙන්වීම පාරිභෝගික ආරක්ෂණ පනත යටතේ වගේම ආහාර පනත යටතෙත් දඬුවම් ලැබිය හැකි වරදක්. මෙම සමාගම් ගෙන්වන එම කිරි ආහාර යළි දියකර එළකිරි වලටත් විකුණනවා.

මව්බිම ලංකා පදනමේ සභාපති ආරියසීලි වික්‍රමනායක, අධ්‍යක්ෂක කුලතුංග රාජපක්ෂ සහ වෛද්‍ය සුමිත් වන්නි ආරච්චි යන මහත්වරුන්ද මෙහිදී කතා කළහ.

පාරිභෝගික ඔබට මේ පිලිබඳ වැඩි විස්තර දැන ගැනීමට කැමතිනම් අංක 07777 47055 දුරකථනය අමතා මව්බිම ලංකා පදනමේ සුසන්ත රාවත්ත මහතා ඇමතිය හැක.

උපුටා ගැනුම: ලංකා ඊ නිව්ස් වෙතින්.

අස්ථි රෝග පෙන්නා අනිසි බයක් ඇති කර විකුණවා මදිවට මෙහෙමත් වැඩ?

අපේම පාශු කර්මාත්තය ගොඩ නැගිමට දේශපාලනිකරණ නොවු වැඩපිලිවෙලක් අතවශ්‍ය වෙන්නේ මෙවන් යුගයකදි
සක්විතිලාට කෝතවලාට බැන බැන සිටින අපි මේ බව දැන දැන නිහඬ මන්ද?

ආදරේට තහනම් නුවරය...?

ImageHost.org



මහනුවර නගරයේ දැකුම්කළු බවේ ප්‍රධාන සංකේතය දළද මාලිගාව සහ ඒ හා බැදි නුවර වැවයි. නුවර වැව ප්‍රමාණයෙන් කුඩා වුවත් එය නගරයට එක් කරන්නේ පිරිපුන් චමත්කාරයකි. පසුගියදාවක මෙම වැව ඉස්මත්තේ තනා ඇති ඇතැම් බංකුවලට කිසියම් පිරිසක් විවිසින් කළුතෙල් දමා තවත් බංකු පෙරලා දමා ඇත. ප්‍රදේශවාසීන් පවසන්නේ තරුණ තරුණියන් මෙම බංකුමත අනාචාරයේ හැසිරෙන බවය. එය වලකාලීම සඳහා මෙය කල බවත්ය. මෙම වැව අසලින් නිරන්තරවම ගමන් ගන්නා ආචාර්‍යවරයෙකු "කෙල්ලෙක් කොල්ලෙක් බංකුවක් උඩ වාඩීවී සිටියහොත් අපේ ඇතැම් වනචර මිනිසුන් හිතන්නේ ආදරය, ප්‍රේමය කියන්නේ වනචර දෙයක් කියලා. ඔතන එහෙම කිසිම දෙයක් වෙන්නේ නෑ. ආදරය, ප්‍රේමය වනචරය, ප්‍රචණ්ඩය කියලා උගන්වන ඉගෙන ගන්නා රටක මෙහෙම වෙනවා. තත්පරයක්, තත්පරයක් ගානේ මිනිසුන් අමු අමුවේ මරා දමන රටක මරන්න එපා කියලා, යුද්ධය එපා කියා ඔය බංකු පෙරලන කළුතෙල් ගාන ඊනියා සදාචාරවාදීන් පොස්ටරයක්වත් ගහන්නේ නෑ. මේක තමයි ලෝකෙන් උතුම් රට." කිවේ මහත් වේදනාවෙන්.

ඇත්ත වශයෙන්ම මේවාට වග කිව යුත්තේ කවුරුන්ද?ඒ කී පෙම්වතුන් (සම(හ)රක්) මෙසේ හැසිරේ නම් ගන්නට වෙන ක්‍රියාමාර්ග තිබුණේ නැතිවාද? මෙම බංකු වල ගිමන් හරින අය කොහේ අරින්නද? පවුල් පිටින් නුවර සචාර කරන දෙමව්පියන් තම දරුවන් සමඟින් වැවේ සතුන්, මාළුවන් පෙන්වා සතුටු වෙන්නේ කෙසේද? නුවර සචාරය කරන විදේශකයන් වාඩිවී තම කැමරා කාචයට සුදුසු දර්ශනයක් එන තුරු සිටින්නේ කොහේද? පෝයදාවට සිල් ගන්නා සිල්වතුන් සිල් ගන්නේ කොහේද? විඩාබර ජිවින චක්‍රයෙන් මිදි වැවට එන අය, නොයෙකුත් ප්‍රශ්ණ හමුවේ පිඩීත අය ඇවිත් වාඩි වී සිත සාද ගන්නේ කොහේද? (වැවට පැනලාද?). අවංක පෙම්වතුන් නො මැත්තේ නොවේ, ඔවුන්ද යන්නේ කොහේද? (මන්ද ඇතැම් අය මල් වත්තට හොටෙල් කාමර වලට යන්නට තරම් වනචර නැති නිසාවෙනි.) කවුද මේ මූඩකමට වග කියන්නේ? ඔවුන්ට මේ බව අමතක් වීද? නැත්නම්? බුදුන් වැඩි දේශයේ බුදුන්ගේ ධාතුව වැඩ සිටින සෙන්කඩපුරයේ මෙසේද විදුවිය යුත්තේ? ඒසේ නම් ඇයි බුදුන් වදාල අවිහිංසාව, කරුණාව, මෛත්‍රිය, උපේක්ශාව, මුදිතාව යන ගුණ අමතක?



විකල්ප ඇසුරෙන්.

දිවි පිදිම



ImageHost.org

අපි දිවිපිදුවෙමු
ඔබ ඔබේ ජාතිය වෙනුවෙන්
මා මගේ ජාතිය වෙනුවෙන්
බිම්කඩක අයිතිය පතා
අවසන් වෙඩි හඩ ද
වියැකුණු පසු
අවසන් ලේ පොදද හෙලා අවසන දැනෙයි
අප දෙපසටම
ඔබත් මාත් අතර වෙනස
ඔබ ඔතනත්
මා මෙතනත්
ඉපදීම බව
මගේ දේශපේ‍්‍රමය
ඔබේ දේශපේ‍්‍රමයට
මඳකිනුදු නොවෙනස් බව
අප මරාගත් ඔය බිම් කඩ
ඔය කියනා පුණ්‍ය භූමිය
ඊයේ ඔබේ… අද මගේ…
හෙට කාගේ ද?
බේරුම් කළ හැකි එකෙක් වෙත් ද මේ දියත
එකිනෙකා මරා නොගෙනම






තම ජාතිය වෙනුවන් යැයි යුධ බිමේ සටන් කරන දෙමලාගේද සරණක් පතා පැන එන දෙමලාගේද,තම රට (ජාතිය ) වෙනුවෙන් යැයි සටන් බිමට යන සිංහලයාගේද බස් රථයේ ප්‍රාණබියෙන් ගමන් ගන්නා සිංහලායාගේද බලාපොරොත්තුව කිම? නිදහසයි, පිලිගැනිමයි. එය ඉටු වේද අපේ සමාජයත් සමඟින්?