මහනුවර නගරයේ දැකුම්කළු බවේ ප්‍රධාන සංකේතය දළද මාලිගාව සහ ඒ හා බැදි නුවර වැවයි. නුවර වැව ප්‍රමාණයෙන් කුඩා වුවත් එය නගරයට එක් කරන්නේ පිරිපුන් චමත්කාරයකි. පසුගියදාවක මෙම වැව ඉස්මත්තේ තනා ඇති ඇතැම් බංකුවලට කිසියම් පිරිසක් විවිසින් කළුතෙල් දමා තවත් බංකු පෙරලා දමා ඇත. ප්‍රදේශවාසීන් පවසන්නේ තරුණ තරුණියන් මෙම බංකුමත අනාචාරයේ හැසිරෙන බවය. එය වලකාලීම සඳහා මෙය කල බවත්ය. මෙම වැව අසලින් නිරන්තරවම ගමන් ගන්නා ආචාර්‍යවරයෙකු "කෙල්ලෙක් කොල්ලෙක් බංකුවක් උඩ වාඩීවී සිටියහොත් අපේ ඇතැම් වනචර මිනිසුන් හිතන්නේ ආදරය, ප්‍රේමය කියන්නේ වනචර දෙයක් කියලා. ඔතන එහෙම කිසිම දෙයක් වෙන්නේ නෑ. ආදරය, ප්‍රේමය වනචරය, ප්‍රචණ්ඩය කියලා උගන්වන ඉගෙන ගන්නා රටක මෙහෙම වෙනවා. තත්පරයක්, තත්පරයක් ගානේ මිනිසුන් අමු අමුවේ මරා දමන රටක මරන්න එපා කියලා, යුද්ධය එපා කියා ඔය බංකු පෙරලන කළුතෙල් ගාන ඊනියා සදාචාරවාදීන් පොස්ටරයක්වත් ගහන්නේ නෑ. මේක තමයි ලෝකෙන් උතුම් රට." කිවේ මහත් වේදනාවෙන්.
ඇත්ත වශයෙන්ම මේවාට වග කිව යුත්තේ කවුරුන්ද?ඒ කී පෙම්වතුන් (සම(හ)රක්) මෙසේ හැසිරේ නම් ගන්නට වෙන ක්‍රියාමාර්ග තිබුණේ නැතිවාද? මෙම බංකු වල ගිමන් හරින අය කොහේ අරින්නද? පවුල් පිටින් නුවර සචාර කරන දෙමව්පියන් තම දරුවන් සමඟින් වැවේ සතුන්, මාළුවන් පෙන්වා සතුටු වෙන්නේ කෙසේද? නුවර සචාරය කරන විදේශකයන් වාඩිවී තම කැමරා කාචයට සුදුසු දර්ශනයක් එන තුරු සිටින්නේ කොහේද? පෝයදාවට සිල් ගන්නා සිල්වතුන් සිල් ගන්නේ කොහේද? විඩාබර ජිවින චක්‍රයෙන් මිදි වැවට එන අය, නොයෙකුත් ප්‍රශ්ණ හමුවේ පිඩීත අය ඇවිත් වාඩි වී සිත සාද ගන්නේ කොහේද? (වැවට පැනලාද?). අවංක පෙම්වතුන් නො මැත්තේ නොවේ, ඔවුන්ද යන්නේ කොහේද? (මන්ද ඇතැම් අය මල් වත්තට හොටෙල් කාමර වලට යන්නට තරම් වනචර නැති නිසාවෙනි.) කවුද මේ මූඩකමට වග කියන්නේ? ඔවුන්ට මේ බව අමතක් වීද? නැත්නම්? බුදුන් වැඩි දේශයේ බුදුන්ගේ ධාතුව වැඩ සිටින සෙන්කඩපුරයේ මෙසේද විදුවිය යුත්තේ? ඒසේ නම් ඇයි බුදුන් වදාල අවිහිංසාව, කරුණාව, මෛත්‍රිය, උපේක්ශාව, මුදිතාව යන ගුණ අමතක?
විකල්ප ඇසුරෙන්.
Comments (25)
10:10 PM, March 04, 2009
උන්ගේ ඊනියා සදාචාරය
10:16 PM, March 04, 2009
කතාව නම් ඇත්ත. පෙම් යුවලක් තුරුලු වී සිටීම අනාචාරයේ හැසිරීමක් වගේ දකින මේ උදවිය බැරි වෙලාවත් ඔය නුවර වැවට උඩින් තියෙන රජ මල්වත්තට (kings park) එහෙම ගිහින් නැතුව ඇති. මොකද මේවට අනාචාරයේ හැසිරෙනව කියනවනම් එතන සිද්ධ වෙන දේවල් වලට කියන්න දෙයක් මට නම් හිතා ගන්නවත් බෑ. මම මේ කියන්නෙ ඇස් දෙකටම දැකපු දේවල්.
10:23 PM, March 04, 2009
මුන්ගෙ ආච්චිලාට හාල්ගරන්න.... කාලකන්නි...
10:31 PM, March 04, 2009
බින්කු සහොදරයා මෙතන .මෙක කරන්න හෙතුව කරපු උන්ගේ සදාචාර බවවත් එක රැක ගන්න තියන ඇම්ම වත් නොමෙයි .උන්ගේ කුහක කම ඊර්සියාව මෙ ඊනියා සදාචාරය තියන උන් තමන්ට නොලැබෙන සතුට(සැප)අනිත් එකාටත් ඔනි නැ කියලා හිතන උන් එවාගේම අපෙ එවුන්ට අනුව ආදරය යනු මහා වනචර එකකි .(උනුත් කලත්)ඔය ජාතියේ සදාචාරවන්තයින් තමා සිගිරියෙත් කලුතෙල් ඉලුවෙ
ලංකාවෙ දැන් තියනවා කියන ඔය(ඊනියා) සදාචාරය බුද්ධාගමට එකගද?
අන්තිමට කාටත් කියන්න ඇත්තේ-- අනේ උන්ගේ ඊනියා සදාචාරය
11:48 PM, March 04, 2009
ඔහෙ පලයං..
මේක කලේ ලංකාවෙ කට්ටියක් නෙවෙයි.
මෙන්න මුං..
12:29 AM, March 05, 2009
අනේ අපි දන්නේ නැද්ද නුවර සදාචාරය? කොහෙ වුනත් තියෙන දේම තමයි නුවර ත් තියෙන්නේ. නිකන් බොරුවට ලෝකෙට පෙන්නන්න යනවා තමන් හැදිලා කියලා. හවසට රිංගනවා පොට් අස්සේ. අනේ මුන්ගේ සදාචාරය
12:36 AM, March 05, 2009
ඕක බංකු පෙරලලා කළුතෙල් ගාලා දැන් වැඩේ හරි කියලා හිතපු අය ඇත්තටම අමනයෝ!. බලන්න, එතන නිකං යක්කු නටපු තැනක් වගේ. කිසිම ආගමික හෝ සෞන්දර්යාත්මක හැඟීමක් ඇතිවෙන්නේ නෑ!!. පලාතම කැත කරලා වනසලා!. ඔයිට වැඩිය වෙනත් ක්‍රමයක් තිබිලා නැද්ද ඔය කියන විධියේ අනාචාර නවත්වන්න? මම නම් හිතන්නෑ ඔතන ජෝඩුවකට තුරුල් වෙලා ඉන්නවා හැර වෙන බරපතල දෙයක් කරන්න පුළුවන් කියලා.
1:25 AM, March 05, 2009
L.T.T.E wadak ha...ha..ha..
6:37 AM, March 05, 2009
මමනම් කියන්නේ ඕක හොද වැඩක් කියලයී. බයීබලෙයී කුරානයෙයී දෙකෙම ඔය අසන්වර ක්‍රියා බරපතල ලෙස තහනම් කොරලා තියෙන්නෙ. ගල් ගසා නැත්තම් නගර සීමාවේ එල්ලා ප්‍රසිද්දියේ මරන්න යැයී කියලා තියෙන්නේ. දැන් ඔය වගේ අසන්වරවැඩ නවත්තන්න අනිත් රටවල මුජහඩින්ලත් ගජරාමෙට වැඩ. අපිත් එවට සහයෝගය දෙන්න ඕනේ.
7:43 AM, March 05, 2009
බංකුව උඩ සිද්ධ උනේ මොනවද කියල කියන්න අමාරුයි. මොකද මම නුවර සංස්කෘතිය(මෙතනට මේ වචනය ගැලපේයැයි සිතමි) ගැන වැඩි යමක් නොදන්න නිසා. මොනව සිද්ධ උනත් බංකු පෙරලල කලුතෙල් ගැම වගේ මෝඩ වැඩ කොහෙත්ම සාධාරනීකරනය කල නොහැකියි. පේන හැටියට මේකෙන් මෙතන තියෙන ස්වභාවික අලංකාරය විනාශ වෙලා විතරක් නෙමෙයි මේ බංකුව ප්‍රයෝජනයට ගන්න (අනාචාරයේ නොහැසිරෙන) දහස් ගනනකට අසාධාරනයක් වෙලා තියෙන්නෙ.
මෙහි අනාචාරයේ හැසිරීම යනු සාමාන්‍යයෙන් කෙල්ලෙක් කොල්ලෙක් අතින් අල්ලගෙන කතා කිරීම නම් මේ කර ඇත්තේ ඔළමොට්ටල තකතීරු වැඩකි. ඉන් එහා ගිය සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියේ නොකල යුතු වැඩක් කලද එය වැලකීමට බංකුව පෙරලා කලුතෙල් ගෑම අවසාන ක්‍රියාමාර්ගයටවත් කල යුත්තක් නොවේ.
මෙම බංකු පෙරලා දැමු පිරිසෙහි චේතනාව සත්‍ය වශයෙන්ම ලැජ්ජාවක් ඇති කෙනෙකුට බැලිය නොහැකි තරම් දේ වීම වලක්වාලීම සහ එමගින් තම දරුවන් සංකර සංස්කෘතියකට හුරුවීම වලක්වාලීම නම් මේ එයට සාධාරන, ඥාණවන්ත උත්සාහයක් නොවේ.
9:10 AM, March 05, 2009
හික් හික්... මට මේක දැක්කම සිංදුවක් කියන්න හිතුනා ඇති වෙච්චි සන්තෝසෙට අහගන්න හොදේ කැමති අය අත්පුඩි ගහන්න අකමැති අය මට කම්මුලට ගහලා යන්න.. රිදුනට කමක් නෑ,..
"ඔළුව තදින් නරක් වෙච්චි
මිනිසුන් පිරිසක් වෙසිච්ච
අරුම පුදුම රටක් තියෙනවා ඕයි..
ඒ රටේ මිනිස්සු
තනිකර කෙලින්නේ පිස්සු
ඒ රටේ මින්ස්සු
නටන්නේ පිස්සු.."
මේක මේ අපේ සුන්දර දිවයින ගැන නම් නෙවෙයි හොදේ කියන්නේ... බුහාහාහාහාහා හූ..!!!!!
1:51 PM, March 05, 2009
මේ ගැන තවත් හඩක්! කියවන්න ගොන් සදාචාරය ගැන.
6:02 PM, March 05, 2009
ඔය අන්තිම "චමිල" කියන comment එක දාලා තියෙන්නේ මම නෙමෙයි. මට කොහේවත් මගේ පෝස්ට් එක ප්‍රචාරය කරන්න ඕනේ නෑ. සින්ඩියේ තියෙන්නේ. ඇවිත් බලන්නැතැයි.
7:29 PM, March 05, 2009
ආහ්, ඒ ගැන මට ගානක් නෑ අයියේ. මම දැන හිටියා අයියා නොවෙන බව, මොකද ඒ චමිලව එබුවාම යන්නේ යා යුතු තැන නෙමේනේ.
9:04 PM, March 05, 2009
ලංකාවත් මුස්ලිම් අන්තවාදයකට ඇදෙනවද කොහොද. ඊශ්‍රායෙලෙ Beatles තහනම් කලා, උන් ජුදෙව්වො, මුස්ලිම් අන්තවාදියො ඊට එහා, ක්‍රිස්තියානි අන්තවාදීන් ඊටත් එහා. අපි නිකං අනුන්ගෙ ගොංපාට් අපේ රටටත් ආදර්ශ කරන්න හදනවා වගේ.
ඉන්දියාවෙ ඉන්න පිස්සු හින්දු කාරයෝ පිටරට නළුවන්ගෙ පෝස්ටර් පුච්චනවා. අනේ මන්ද, ලංකාවට මොනව වෙනවද කියල
9:14 PM, March 05, 2009
අන්තිමට කෙල වෙන්නේ අපිවගේ ලොකු ලොකු තැන්වලට යන්න අත්මිට නැති අයටම තමා...
9:21 PM, March 05, 2009
කරුණාකර ඔබ කියන දෑ කීමට පෙර අන් අයට හානියක් වෙත්දැයි සිතනු මැනවි.
එහෙනම් ඕන නැහැ!
9:51 PM, March 05, 2009
අපොයි ඕක කරපු දවසේ මම වැව රවුමේ ගියා(මම යන්නෙ තනියම හරිද...තනිකඩයා)...කලු තෙල් රස්නෙ පිටින් තිබ්බා...
දැන් කාටවත් ඉදගන්න බෑනේ...ඕවගේ ගොඩක් වෙලාවට ඉන්නේ ඈත පලාත් වලින එන පෙම්වත්තුලු...ඇත්තද දන්නේ නෑ..
3:20 AM, March 06, 2009
මොඩ රැලක් කරපු වැඩක්. වැරැද්දක් දැක්කොත් එතනදීම කණට එකක් ගහන්නේ නැතුව මොකද්ද මේ කරල තියෙන මෝඩ වැඩේ
4:53 AM, March 06, 2009
ඔතන තියෙන්නේ තනිකරම කුහකකම විතරක් නෙමෙයි. පොඩි කාලේ ඉඳලා (අපේ යැයි සිතාගත්, ඒත් එංගලන්තයේවත් නැති) වික්ටෝරියානු පුහු සදාචාරයට අනුව හැදූ ලමයි ලොකු වුනාම, ඒකටම කුහක කම සහ ඊර්ශ්‍යාව එකතු වුනහම ඇති වන මානසික අසහනය නිසා තමයි මේ වගේ දේවල් කරන්නේ. තමන්ගේ වැඩක් බලාගන්නේ නැතිව, අනුන් හදන්න යනවා. අන්‍ය මත සහ හැසිරීම් ඉවසන්න බැරි පහත් මානසිකත්වය, අන් අයත් තමාගේ විදිහටම හදාගන්න බැලීම සහ අන් අයගේ පෞද්ගලිකත්වයට ගරු කිරීමේ නොහැකියාව අපේ උරුමයේම කොටසක්.
12:34 AM, March 07, 2009
මේ සිද්දිය නම් කොහොමවත් අනුමත කරන්න බෑහෑ. අපිත් පුහුනුවලට පේරාදෙනි ගියාම අනිවාර්යෙන්ම මාලිගාවට යන්න අමතක කරන්නේ නෑ..ඒ ගියහම අපෙ යාලුවො කට්ටිය සෑහෙන වෙලාවක් ඔය කියන ස්තානයට වෙලා බොහොම සෑහෑල්ලුවෙන් වෑව දිහා බලාගෙන හිත නිදහස් කරගන්නවා..වෙලාව යනව දෑනෙන්නේ නෑ..දෑන් ඉතින් තවත් බලා නොසිට මේ ස්තානය නෑවත පිරිසිදු කිරිම කරලා මුල් තත්වයට පත් කිරිම කල යුතුයි...
1:55 AM, March 23, 2009
පිස්සු වැඩක්............ ඕවා කරපු අය එක්කෝ ආදරේ කරලා නෑ............ නැත්නම් අංගොඩ යවන්න සුදුසුකම් සපුරපු අය.
මමත් නුවර ගියහම මගේ කෙල්ලත් එක්ක වැව රවුමේ ඔය පුටුවක් උඩට වෙලා කොච්චර කතා කර කර ඉන්නවද...........??
මම දන්න විදිහට නම් ඔය පුටුවක් උඩට වෙලා අනාචාරේ හැසිරෙන්න බෑ.........!!
එහෙම කරනවා නම් ඒ වෙලාවේ ඒකට විරුද්ධ වෙනවා මිසක්, මේ වගේ තකතීරු වැඩ කරලා හරියනවද.................??
12:00 PM, March 23, 2009
12:17 PM, March 23, 2009
අපි ආපස්සට යනව. සීගිරි සිතුවමිවලත් තාර ගාපු විත්තිය කටිටිය අහල ඇතිනෙ. ලංකාව කාල ගිය මිනිස්සු ඉතිරි කරල ගියෙ ඔචිචරයි නේද? පුහු සුචරිතවාදෙ? වික්ටෝරියානු මහ රැජිනගෙන් ණයට ගත්ත පිරුවටේ.
තව ටිකක් කල් යනකොට කියන්න ඉඩ තියෙනව සීගිරි සිතුවමි නිසා තරුණ පරම්පරාව වල් වෙනවාය කියල.
ආයෙ ඉසුරුමුනි පෙමි යුවල දුටුවාම හැගීමි කුපිතවෙනවාය කියලත් කියන්න ඉඩ තියෙනව.
අනේ කාලේ වනේ වාසේ කියල තමයි අන්තිමට කියන්න වෙන්නෙ.
තමන්ට විදින්න බැරි නිදහස අනිත් මිනිස්සු බුක්තිවිදිනව දරාගෙන ඉන්න පුළුවන් තරමි ශිෂ්ඨ කමක් වර්තමානයේ සිංහල ජානවලින් ගිහිහෙමින් පවතින බවයි පේන්න තියෙන්‍නෙ.
හැබෑට බින්කු ඕක ඔය නුවර ඇත්තො අනුමත කරනවද? ඒ කුහකමට එහා යන දෙයක් කරන්න කවුරුවත් නැත්ද? සීගිරි සිතුවම් වල තාර අයින් කරන්නන කටිටිය ඉන්දියාවෙනුත් ආවා. ඔය කලුතෙල් බංකුටික තාම එහෙම්මමද?
3:16 PM, September 28, 2010
බංකුව උඩ සිද්ධ උනේ මොනවද කියල කියන්න අමාරුයි. මොකද මම නුවර සංස්කෘතිය(මෙතනට මේ වචනය ගැලපේයැයි සිතමි) ගැන වැඩි යමක් නොදන්න නිසා. මොනව සිද්ධ උනත් බංකු පෙරලල කලුතෙල් ගැම වගේ මෝඩ වැඩ කොහෙත්ම සාධාරනීකරනය කල නොහැකියි. පේන හැටියට මේකෙන් මෙතන තියෙන ස්වභාවික අලංකාරය විනාශ වෙලා විතරක් නෙමෙයි මේ බංකුව ප්‍රයෝජනයට ගන්න (අනාචාරයේ නොහැසිරෙන) දහස් ගනනකට අසාධාරනයක් වෙලා තියෙන්නෙ.
මෙහි අනාචාරයේ හැසිරීම යනු සාමාන්‍යයෙන් කෙල්ලෙක් කොල්ලෙක් අතින් අල්ලගෙන කතා කිරීම නම් මේ කර ඇත්තේ ඔළමොට්ටල තකතීරු වැඩකි. ඉන් එහා ගිය සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියේ නොකල යුතු වැඩක් කලද එය වැලකීමට බංකුව පෙරලා කලුතෙල් ගෑම අවසාන ක්‍රියාමාර්ගයටවත් කල යුත්තක් නොවේ.
මෙම බංකු පෙරලා දැමු පිරිසෙහි චේතනාව සත්‍ය වශයෙන්ම ලැජ්ජාවක් ඇති කෙනෙකුට බැලිය නොහැකි තරම් දේ වීම වලක්වාලීම සහ එමගින් තම දරුවන් සංකර සංස්කෘතියකට හුරුවීම වලක්වාලීම නම් මේ එයට සාධාරන, ඥාණවන්ත උත්සාහයක් නොවේ.
Post a Comment
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.
Note: Only a member of this blog may post a comment.