දිවි පිදිම



ImageHost.org

අපි දිවිපිදුවෙමු
ඔබ ඔබේ ජාතිය වෙනුවෙන්
මා මගේ ජාතිය වෙනුවෙන්
බිම්කඩක අයිතිය පතා
අවසන් වෙඩි හඩ ද
වියැකුණු පසු
අවසන් ලේ පොදද හෙලා අවසන දැනෙයි
අප දෙපසටම
ඔබත් මාත් අතර වෙනස
ඔබ ඔතනත්
මා මෙතනත්
ඉපදීම බව
මගේ දේශපේ‍්‍රමය
ඔබේ දේශපේ‍්‍රමයට
මඳකිනුදු නොවෙනස් බව
අප මරාගත් ඔය බිම් කඩ
ඔය කියනා පුණ්‍ය භූමිය
ඊයේ ඔබේ… අද මගේ…
හෙට කාගේ ද?
බේරුම් කළ හැකි එකෙක් වෙත් ද මේ දියත
එකිනෙකා මරා නොගෙනම






තම ජාතිය වෙනුවන් යැයි යුධ බිමේ සටන් කරන දෙමලාගේද සරණක් පතා පැන එන දෙමලාගේද,තම රට (ජාතිය ) වෙනුවෙන් යැයි සටන් බිමට යන සිංහලයාගේද බස් රථයේ ප්‍රාණබියෙන් ගමන් ගන්නා සිංහලායාගේද බලාපොරොත්තුව කිම? නිදහසයි, පිලිගැනිමයි. එය ඉටු වේද අපේ සමාජයත් සමඟින්?

Comments (5)

Anonymous

6:08 PM, March 04, 2009

"අප මරාගත් ඔය බිම් කඩ
ඔය කියනා පුණ්‍ය භූමිය
ඊයේ ඔබේ… අද මගේ…
හෙට කාගේ ද?"
අන්තිමට හැමෝටම ඉතිරිවෙන්නේ රියන් 4ක බිම් කෑල්ලක් විතරයි කියල හිතන් නැති එකේ විපාකය තමයි.

Anonymous

7:00 PM, March 04, 2009

මම

කලු කොටුවෙන්
සුදු කොටුවට

සුදු කොටුවෙන්
කලු කොටුවට

ඉදිරියටම මිස
නොබලා පිටුපස

රැයෙත් දහවලෙත්
ඉදිරියටම මිස
නොබලා පිටුපස

එපා වෙනකන්
උන්ට සෙල්ලම

පෙළ සැදෙමි
ඉදිරියට යමි

අණට මිස
පහර නොදමි

කරමි මම යුද්ධ
මේ කොටු 64 තුල

පුහුණුවක් නැත මට
පුහුණුවක් ඇත උන්ට

මා

මියැදුණොත්



උන්ගේ වරදට.

malee_msg

9:19 AM, March 05, 2009

ත්‍රස්තවාදී නුඹත්
දේශප්‍රේමී මමත්
‍හෙලා මේ මිහිමත
රුධිර දහරා පෙළක්
හෙලා අවසන් හුස්ම පොදත්
දිරයි මේ පොළව මත
එකම දේ වෙද්දි අපි දෙන්නට
ඇයි අපි වෙන් වෙලා?

malee_msg

3:17 PM, September 28, 2010

ත්‍රස්තවාදී නුඹත්
දේශප්‍රේමී මමත්
‍හෙලා මේ මිහිමත
රුධිර දහරා පෙළක්
හෙලා අවසන් හුස්ම පොදත්
දිරයි මේ පොළව මත
එකම දේ වෙද්දි අපි දෙන්නට
ඇයි අපි වෙන් වෙලා?

චින්තක

3:17 PM, September 28, 2010

මම

කලු කොටුවෙන්
සුදු කොටුවට

සුදු කොටුවෙන්
කලු කොටුවට

ඉදිරියටම මිස
නොබලා පිටුපස

රැයෙත් දහවලෙත්
ඉදිරියටම මිස
නොබලා පිටුපස

එපා වෙනකන්
උන්ට සෙල්ලම

පෙළ සැදෙමි
ඉදිරියට යමි

අණට මිස
පහර නොදමි

කරමි මම යුද්ධ
මේ කොටු 64 තුල

පුහුණුවක් නැත මට
පුහුණුවක් ඇත උන්ට

මා

මියැදුණොත්



උන්ගේ වරදට.

Post a Comment

සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.

Note: Only a member of this blog may post a comment.