රාත්‍රියේහි නිදි වර්ජිතව සිටින මම අන්ධකාරයට කන් යොමා සිටිමි. ලෝකයම නිසලව නිදා සිටියි.නිශ්ශබ්දතාවය මිස අන් කිසිවක් ඇසෙන්නට නැත.මම වඩාත් හොදින් කන්දෙමි.එවිට ඒ නිශ්ශබ්දතාවය තුලින් විවිධාකාර සියුම් ශබ්ද මතුවන්නට පටන් ගනියි..ලගින්ම ඇසෙන්නේ මා අසල වැතිර සිටින මාගේ කිරිකැටි ලදරුවාගේ ආශ්වාශ ප්රාශ්වාස කරන ශබ්දයයි ඔහු හුස්ම ගන්නේ කිසියම් රිද්මයක් ඇත්තාසේ මට හැගී යයි.
මේසයට ඇගිල්ලෙන් තට්ටු කර ගීතයක තාලය අල්ලන්නාක් මෙන් මම ඒ රිද්මය සිතින් මැන බැලීමි. මිනිසා ආශ්වාස ප්රාශ්වාස කරන්නේ රිද්මයකට අනුව බව පලමු වරට මට පසක් වෙයි..
මම ළය මත අත තබා මගේම ආශ්වාස ප්රාශ්වාස යේ ඇති රිද්මය වටහා ගතිමි..ඒ රිද්මය අනුව මගේ ළය උස් පහත් වෙයි..වඩාත් කුතුහලයට පත් වන මම මගේම අත ගෙන නාඩි අල්ලා බැලීමි.නාඩි වටෙන්නේද එක්තරා රිද්මයකට අනුව බව එවිට මට පෙනී යයි..ආශ්වාස ප්රාශ්වාස කිරීම හෘදය ස්පන්දනය වීම, නාඩි වැටීම රිද්මයකට අනුව සිදුවන බැවින් මුලු ශරීර යන්ත්රහයම ඒ රිද්මයට අනුව ක්රියා කරන බව නිසැකය..මේ නිසා මිනිසාගේ ගමන බිමන වැඩපල කතාබහ ආදී සියල්ලක්ම රිද්මය ආත්ම කොට පවතී..මිනිසා ඇවිදින සැටියෙන් ඒ රිද්මය අපට හදුනා ගත හැකිය.. ඔහු පා නගන්නේ සමාන්තර ලෙස පියවර තබමිනි.ඒ රිද්මය අනුව ඔහු ගේ දෑත් එහා මෙහා පැද්දයි..අසම ලෙස පා තබා ඇවිද්දහොත් වැඩි දුරක් යාමට මත්තෙන් ඔහුට වෙහෙසක් දැනේ..ඔහු උදැල්ල බිම පහරා පොළව කොටන්නේ ද ඔරුව පදින්නේ ද කිණිහිරය මත තබා යකඩය තලන්නේ ද පට්ටලය මත දඩුකද තබා කියතෙන් ඉරන්නේ ද කිසියම් රිද්මයකට අනුවය. වී කොටන වී පොළන දර පලන පොල් ගාන ක්රියාකාරකම් වල අති රිද්මය ඒවායින් නැගෙන හඩින් හදුනා ගත හැකිය.. සාමාන්යය කතාබහක ඇති රිද්මය පහසුවෙන් නොපෙනේ.එහෙත් මිනිසා හැගීම් වලින් ආකූලව කතා කරනවිට ඔහු ගේ කතා විලාශය ශෛලිගත ස්වරූපයක් ගනී..එවිට එහි අති රිද්මය වඩා පහසුවෙන් හදුනා ගත හැක.ජීවිතය විශ්වය හා රිද්මය එකක්ම නොවේදයි වරෙක මට සිතෙයි..
- මහගමසේකරයන්ගේ ජීවිතය විශ්වය හා රිද්මය තුලිනි. -
කුඩා කාලයේ සිට සිතේ තිබු මේ වාග්මාලාව නැවතත් මතකයට ගෙනා රනිල් අයියාට ස්තුතිය.
Subscribe to:
Post Comments (Atom)
Comments (4)
10:52 AM, March 15, 2009
ජීවිතේම රිද්මයක් තමා. දුකට පස්සෙ සැප,කදුලු ලගට සිනාව, ඊට පස්සෙ සේරම ආයිත් අනික් පැත්ත පෙරලෙනවා.
පොත හොදයි වගේ. හොයන් කියවන්න ඕනෙ. පලවෙනි ඡෙදේ අන්තිමට තියෙන එක විදින්න නම් තව ටිකක් කල් බලන් ඉන්න වෙයි..:P
ස්තුතියි බින්කුස් බෙදා ගත්තට..
12:40 PM, March 15, 2009
අතිතයන් ගග ගලා බසි......
11:54 PM, March 16, 2009
පොත කියවන්න ඕනි
8:25 AM, March 26, 2009
ස්තුතියි දැක්වු අදහස් කියල්ලටම. තවත් ලියන්න බලන්නම්.
Post a Comment
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.
Note: Only a member of this blog may post a comment.