අසන්න සහෘදය,
අපි සැවොම කුරිරු ඉරණමකට බඳුන් වී සිටින්නෙමු.
ඉතිහාසයේ කොතැනක හෝ වැරදී ඇත.
අප නොකල ඒ වැරැද්දට
දඬුවම් විදින්නෙමු.
ඔවුන්, අපව භේද භින්න කලාහුය.
අපි භේද භින්නයේ අවියෙන්
අනිකාට,
ගසන්නෙමු - පෙළන්නෙමු - මරන්නෙමු
ගලන ලෙයින් සැනසෙන්නෙමු
ගලන්නේ අපේම ලේ නොවේදැයි
අපට නොවැටහෙන්නේ ඇයි?
දෙවියනි!
අඳුරු තිමිර බිඳ ගනිමු සොයුර
පෙර මඟ ඔබත් මමත්
ලියන්නට නිමල ඉතිහාසය
අමුතුවෙන්...
බුද්ධදාස හේවගේ ගේ ‘යාත්‍රාවක මිනිස්සු’ කෘතියෙන් උපුටා ගත්තකි.
මට මෙය දුන් ජොනී අයියාට ස්තුතිය.
