Short Film By: Ferdinand Dimadura
මට මේ විඩීයෝ පිටපත ගැන මගේ සමීපතයෙක් කිව්වේ. ඔහුට ඒ ගැන තුතිය.
මේ විඩීයෝව මාව අතිතයට ගෙනගියා කිව්වෝත් නිවැරදියි. ඉන් එක් මොහොතක් නම් නුවර KFC එකට යනවිට ඒ අසලම delight ඒකට ඉස්සරහ දරැවෙක් වඩාගෙන බිම වාඩිවී ඉන්න අම්ා කෙනෙක් හිටියා. ඇයගේ තත්වය ගැන හිතලා ඇයට මම බුරියානි එකක් දුන්විට ඇයත් ඇයගේ ඒ පොඩි නංගිත් එක්ක කෑ හැටි මගේ මතක සටහන් ගොන්නේ තවමත් සක්මන් කරයි. එතැන් සිටම නුවර සතිපතා පැමිණිවිට ඇයට කුමක් හෝ දීම පුරැද්දක් වෙලා තිබ්බේ. උසස් පෙල ලියන්නට පෙර දිනෙක ආ විට ඈ දක්න්නට නො ලැබුණු අතර මට පසුව දැන ගන්නට ලැබුණේ ඇයව සැක කටයුතුයැයි පොලිසිය අල්ලා ඇති බවයි. මා කිව්වේ මේ විඩීයෝව සමග බැදුණ මගේ අතිතය විතරයි.
ඇත්තටම අපි නිපරාදේ වියදම් කරමින් මේවාට යද්දී පාරේ එහා පැත්තේ හෝ දොරටුවේ හිගමන් අදින කොච්චරක් ඇතිද? ඔවුන් ගැන ඔයාලා හිතුවාද?
Subscribe to:
Post Comments (Atom)
Comments (15)
4:09 AM, April 25, 2009
5:05 AM, April 25, 2009
බින්කු මේ විඩියො එක පෙන්නේ නෑහෑනේ.in.explo
5:09 AM, April 25, 2009
සංවේදි සින්දුවක්.හුගදෙනෙක් අනවශය දේවල් වලට මුදල් වියදම් කරනවා.එත් ඒ මුදලින් තව කිදෙනෙකුගේ බඩ ගින්න නිවන්න පුලුවන්ද කියන එක හිතන්නේ නැ.
5:26 AM, April 25, 2009
ඕකම තමා මමත් මේ අනිත් අයට කියන්නේ :-)
7:17 AM, April 25, 2009
හලො බින්කු, දැන් ලංකාවෙ කොත්තු කෑවම විතරද බඩේ අමාරු හැදෙන්නෙ? ඒකද ඔයා මේ කියන්නෙ? හලෝ , පිරටක හිටි පලියට ඔය වගේ තක තීරු කතා කියන්න එපා. තමුන්නාසේ දැකල තියෙනවද ඔය අනිත් රටවල් වල කුස්සි වල පිරිසුදු කම?? බොරු ෂෝ දාලා පොර වෙන්න හදන්න එපා
7:26 AM, April 25, 2009
අපිට මේ තුලින් හිතන්න දේවල් හුගක් තියෙනවා. නමුත් අපි හුග දෙනෙක් නොදකින, දැක්කත් නොදැක්කා සේ සිටිමට සේ උත්සහදරන මේ තත්වයට මුලු මහත් සමාජයම වගකිව යුතුයි. අපිට තනි තනිව වුවත් යම් සිමාවක් තුල කල හැකි දේ හුගක් තිබෙනවා. එය ඉටු කල හොත් සමාජයට සිදු කරන මෙහයක් මෙන්ම ආත්මතෘප්තියක් ලගා කර ගැනීමක්ද වනවා. මෙවන්නක් ඉදිරිපත් කිරීම ගැන ඔබට තුති.
11:37 AM, April 25, 2009
අනේ ගොනෝ! දොර දන් දීල සමාජ ප්‍රශ්න විසදන්න පුලුවන්ද? දැන් කේ.එෆ්.සි යනව කියන්නේ නිරපරාද වියදමක්ද? තෝ නං හොදයි ජෙ.වී.පී එකට. පොල් බූරු කතාවක් මයි කට ඇරියොත් . අඩෝ උඹෙ නහය මුක්කන් නේද?
11:49 PM, April 25, 2009
1:34 PM, April 26, 2009
Panhinda, VBmaster, දිලාන්, කතාව ඇත්ත තමා. පරාර්ථීකාමී අය අඩුයිනේ කොහොමත්. ඒ ඒ ටික දෙනා සද්දයක් බද්දයක් නැතිව කරන දේ නිසයි ලෝකේ මෙතරම් හෝ සුන්දර වෙන්නේ.
ඔක්ස්ෆ්'ර්ඩ් ඩොකා,චොප්පේ, Moderate, බඩුලාල්,ස්තුතියි ඔබේ අදහසට.
6:51 AM, April 27, 2009
මේක දැක්කම මට මතක් උනේ නන්දා මාලිනී ගෙ සිංදුවක්. "මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි පා යුග නැති ඔබ දකින තුරා - කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි නෙත් යුග නැති ඔබ දකින තුරා" සංවේදී සින්දුවල්
9:43 PM, April 27, 2009
මිගාරයියා ස්තුතියි, සොයා අහන්න ඕනේ එකත්!
10:05 AM, April 30, 2009
matanam anduna....
10:26 PM, April 30, 2009
මගේ අදහස නම් මේකයි ලංකාවෙ වැඩි හරියක් ඉන්නේ බොරැ හිඟන වෙස් දරාගත් උදවිය. ඒ අතර අසරණ අය ඇත්තටම නැති බැරි අය නැහැ කියන එක නෙමෙයි මම කියන්නෙ. මම අදහස් කරන්නෙ නිකන් ඉඳගෙන කන්න පුරැදුවෙච්ට ගොඩක් පිරිසක් ඉන්නව කියන එකයි. මහාචාර්ය රත්නපාලයන් මේගැන සමීකෂණය කරල පොතක් ලියල තියනව ශ්‍රී ලංකාවේ යාචකයා කියල.(http://vidula-sinhala.blogspot.com/2008/12/blog-post_03.html)ඉතින් අසරණකම හිඟාකෑම රැකියාවක් කරගත්ත අයට දුක්විඳල හම්බ කරන දේවල් දුන්න කියල පිනක් සිදුවෙන්නෙවත් ඒ අයගෙ ජීවන තත්වය ඉහල යන්නෙවත් නැහැ. මම නම් කරන්නෙ එහෙම හොරැන්ට දෙන්නෙ නැතිව සල්ලි ඒකතු කරල වැඩිහිටි නිවාසෙකට හරි අනාථ ළමයි ඉන්න නිවාසෙකට හරි කෑම වේලක් දෙන එකයි. ඒ අය සන්තෝසෙන් කනව දැකල මම සෑහෙන සතුටක් ලබනව. සතුට = හිත පිනායාම = පින
10:50 PM, May 08, 2009
මේක මම දැන් දැක්කේ, මාත් මේ ගැන ලිව්වා. මටත් ඉතින් කියන්න තියෙන්නෙ බින්කු සහදරය කියන දේම තමා
3:07 PM, September 28, 2010
matanam anduna....
Post a Comment
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.
Note: Only a member of this blog may post a comment.