නොමියැදෙමි!


සිතැති මුත්
නො එන
මිරිගු සිහින...
සුපෙම් මුත්
නො විදින
මතක මාවත්...
නොරිසි මුත්
නො නවතින
සිසිල් සුසුම්...
කටුක මුත්
නො මියැදෙන
අරමුණු සහිඳ...
කෙසේ මුත්
නො නවතින
දිරිය ගෙන...


නො මියැදෙමි!

Comments (6)

නලින් (Boman)

6:18 AM, February 14, 2009

ජීවිතයමයි සැබෑ මරණේ කියල කතාවකුත් තියනවනෙ. මරණයට බියෙන් පැනල ගිහින් ජීවිතය ඇතුලෙ මැරි මැරි උපදිනවා. හරේ කියුව වගේ ඉන්න ටිකේ නොමැරී ඉන්න උත්සාහ කරන්න ඕනෙ. ඒත් ටිකක් අමාරුයි. හැබැයි බැරිවෙන එකකුත් නැහැ.

malee_msg

7:35 AM, February 14, 2009

නියමයි මල්ලියෝ...ලස්සන අදහසක්..

පී.එස් - මේ අනේ ඔයා එදා දුන්නු ලින්ක් එක මොකක්ද? මම අනම් මනං ලින්ක් වලට යන්න බයයි අප්පා.. වෛරස් වලට මම බුදු බයයි..!

Unknown

9:14 AM, February 14, 2009

@malee msg
අපි නම් ලිනක්ස් නිසා වෛරස් තියා යකාටවත් බය නෑ. අන්තර්ජාලයේ ඕන මුල්ලක රිංගනවා බය නැතුව.

Narada

1:33 PM, February 14, 2009

ඇත්ත, ජිවත් වෙන්න අමාරුයි තමා, ඒත් ජිවත් වෙන්න එපායැ. මෙ ලොකේට උපන්නා නම්, ලොකේත් එක්ක හැදි වැඩුනා නම් යහපත් දෙයක් නො කරම මියැදෙන එකයි උතුම්ම වෙන්නේ. අරමුණක් දිහා යන එක තවත් අමාරුයි, එත් එය ඉටු කර ගැනිම සාර්ථකත්වයයි.

මලී අක්කේ, ඒ මම එව්වේ මුණුත් පොතේ ලිපියයි. බය වෙන්න එපා අක්කේ මම එහෙම වැඩ කරන්නේ නෑ.

ඩෝසන්

12:58 AM, February 16, 2009

කවිය හරිම ලස්සනයි. තව ලියන්න මල්ලි.

malee_msg

5:47 AM, February 16, 2009

අනේ සුදු මල්‍ලියේ.. මම මුණු පොත භාවිතා කරන්නේ නැහැ නේ.. ඉතිං මොකැයි කරන්නේ...

Post a Comment

සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.

Note: Only a member of this blog may post a comment.