සිංහල බිලොග් සංසදයේ බොහෝ සාමාජිකයන්ට සාපේක්ෂව මම නවකයෙකු වෙමි. මා අතින් මෙම ලිපියෙන් කිසිදු කෙනෙකුට අවමන් කිරිමේ අරමුණක් නැති අතර මා කියන ලියන දෙයින් කෙනෙකුට අපහසුතාවයක් වී නම් කමා වෙත්වා. මෙම ලිපිය මීට සුමාන කිහිපයකට ලියන ලද්දක් වුවත් ප්‍රමාද වී හෝ පල කරමි.
පසුගිය කාලවලදි මා දුටු ගෝචනීය තත්වයක් නම් සංසදයේ කිහිපදෙනෙකු තවත් පිරිසකට/කෙනෙක්ට ඔවුන්ගේ අදහස් හෝ පෞද්ගලික තරහක් හෝ අරභයා කෙලින් හෝ වක්‍රාකාරව වාග් ප්‍රභාර එල්ල කිරිමයි.ඇතැමුන් ඒ සඳහා බිලොග් අඩවි පිහිටුවා තිබු අතර තවකෙක් වෙන වෙනත් ලිපි වල එසේ කරයි. මෙහි ගෝචනීය තත්වයක් වෙන්නේ වැරැද්ද දුටු කල්හි පෙන්වා දිම හෝ විමසිම කිරිම හෝවෙනුවට ජාති, ආගම්, මෙන්ම පාසල් රැකියා හා වාසය කරන තැනද සදහන් කරමින්ද අසහ්‍ය වචන භාවිතා කරමින් නිර්ලැජ්ජිත ලෙස භාවිතා කතා කිරිමයි. සංසදයේ අපි පැවත එන්නේ සමාජයෙනි, මන්ද අපි සමාජයේම කොටසක් වෙන නිසාය. එනයින් මෙවැන්නක් සිදුවන කල සමාජයේ ඇතැම් ජන කොටස් ගැන කවර කතාද? විශේෂයෙන් සියළු පක්ෂ ඇතුළුත්ව අපේ දේශපාලන භූමිකාව තුළ සෑමවිටම මෙන් අනුන්ගේ වැරැද්දම දකින අතරේ හොඳ නො දකියි, දුටු තැනද අගය නොකර බැණ වදියි. එලෙස කරන ඔවුන් තමාගේ වැරදි නොදකිමින් අනුන්ගේ වැරදිම සොයයි, ඉන්පසු ඔවුන්ගේ දියුණුවට අකුල් හෙලයි. තමාගේ මතයට විරුද්ධව යන්නන්ට ඔවුන් ලේබණද ගසයි.
සිරස බලමින් සිරසටම බණින්නාක්මෙන් මූඩ ලෙස අනුන්ට එසේ මඩ ගැසිමට තැත්කර තමාගේම ඇගේහි අත්වලෙහි මඩ තවරා ගනී. මේ තත්වය දුරදිග ගොස් තව තවත් මේ වැනි දේ කරද්දී සංසදය මඩ ජාලයක් වීමත් නිර්නාමික හා අනුන්ගේ නම් භාවිතා කරමින් අදහස් දක්වන කරදරකාරයනේ ක්‍රියා වැඩිවිය හැකිය. එයින් ඇතැම් අය කලකිරීමට පත්ව ලිවිම නැවැත්විමක් සිදුවිය හැක. ඇඩොන මගින් වෙබ් පිටු වාරණය කිරිමට වඩා තමා කියන කරන දේ ගැන විමසිල්ලෙන් හා සිහි බුද්ධියෙන් කිරිම වටි. ක්‍රිස්ත්‍රියානුවෙක් වන ලියානෝ ඩාවින්සිගේ පර්යේෂණ හා කෘති සටහන් ඔහු දේවයන් වහසේට එරෙහිව යන්නේ යැයි අන්ධ විශ්වාසයෙන් පල්ලිය ඇතුළු කොටසක් පුළුස්සා දැමුහ, එවැන්නක් වුවද අප අතරේ විය හැක්කේ නැතිවා නොවේ.
එක් අඩවියක සදහන් කරුණු මෙහිලා ආවරණය කිරිම වටි. රටක දියුණුව සදහා අවශ්‍ය වෙන්නේ නම්‍යගිලි, අනුන් හෙලා නොදකින, තමාගේ කාර්යය හරියට ඉටු කරන දුර්දර්ශීව සිතමින් අළුත් දෑ සිතන ජනතාවක් තුළිනි. එසේ කිරිමට අභිමානවත් බෞද්ධ රටක් වු ලක්වැසියන් වන අපිට බැරි මන්ද? අපේ ජාතික කොඩියේ නිරූපිත බෝකොළ සතර හෙවත් සතර බ්‍රහ්ම ලක්ෂණයන් ඇත්තේන්ම අපි අනුගමන කරනවාද? මෙත්තා හෙවත් මෛත්‍රිය සෑම ජාතියකටම ආගමටම හා ජිවියන්ට (මනුෂ කොටින්ට ඇතුළුව) සිතුවිල්ලෙන්, වචනෙන් හා ක්‍රියාවෙන් දක්වා ඔවුන්ගේ යහපත පැතිමත් ඔවුන්ගේ සම්පත් කෙරෙහි ඊර්ෂ්‍යා නොකර ඒ ගැන තමා සතුටට වන (මුදිතා ගුණය) ගමන් දුඛිත පත් වු වෙනත් අයගේ දුක දුරු කිරිම (කරුණා ගුණය) හා අනුන් කරන කියන දෑ මැදිහත්ව ඉවසීම (උපේක්ෂාව) යන මානුෂ්‍ය ගුණ අපේ රටේ හා ලොකයේ දැවෙන බොහො ගැටළු වලට විසදුමක් නොවේද? (මෙවැනි ලක්ෂණ අපේ ධජයේ තිබුණායයි උදම් ඇනිමට වඩා ඒවා අනුගමන කිරිම අගනේය.) යුද්ධය හුදෙක් තව විනාශයට හා දුක් කන්දරාවකට ඇද දමන වෛරකාරි අරමුණකින් සිදු වෙන්නෙකි. නිවැරදි දේ කිරිම වැරදි දේ කිරිමට වඩා දුෂ්කර වු පරිදි අපේ වැරදි කිරිම හා ඒවාට අනුමත කිරිම සාධරණද?
ලොකය අද යම් දුරක සුන්දරව පවතින්නේ කටුක වුවත් කේසේ හෝ නිවරද්‍ය මාර්ගය අනුගමන කළ බුදුන්, ක්‍රිස්තුස්, ගාන්ධි, මාරින් කිං, තේරේසා මෑණියන් නිසාය. ඔවුන් තුලින් අවංක, නිහතමානි හා සතර බ්‍රහ්ම යන මානුෂ්‍ය ගුණ වලින් යුක්ත වුහ. හිට්ලර්, බුෂ් වැනි කෑර මතයකන් ඉතුරු කලවුන් ළඟ තිබුණේ දුෂිත ආකල්පත් අධිමානයත් නිසාවෙනි. තමා සම්මතයෙහි පිහිටා තමාගෙන් පවුලට සංසදයට සමාජයට සාමය පැතිරවිම රටේ යහජිවනයට හේතුවෙයි.
වෛරයෙන් වෛරය නොසිඳේ
මෛත්‍රියෙන් වෛරය සිඳේ
අවිගත්තේ අවියෙන් මියැඳේ
සිතට ගනු මෙය සබඳේ
මෛත්‍රියෙන් වෛරය සිඳේ
අවිගත්තේ අවියෙන් මියැඳේ
සිතට ගනු මෙය සබඳේ
තවත් කියවන්නට නම්:
අභිමානය
දැක්කොත් දැක්කා විතරයි
දිවි මඟ නිරවුල් කරන සත්‍යයේ සිතුම් පිළිවෙත
ථුල්ලතිස්ස තෙරුන් ගේ කථාව
කාලි යකින්නිය ගේ කථාව
කොසඹෑ නුවර රණ්ඩු දබර කරපු භික්ෂූන් ගේ කථාව
කුම්භ ඝෝෂක සිටුතුමාගේ කථා වස්තුව
අභිමානය
දැක්කොත් දැක්කා විතරයි
දිවි මඟ නිරවුල් කරන සත්‍යයේ සිතුම් පිළිවෙත
ථුල්ලතිස්ස තෙරුන් ගේ කථාව
කාලි යකින්නිය ගේ කථාව
කොසඹෑ නුවර රණ්ඩු දබර කරපු භික්ෂූන් ගේ කථාව
කුම්භ ඝෝෂක සිටුතුමාගේ කථා වස්තුව
Comments (6)
10:09 PM, February 20, 2009
ela kiri
12:19 AM, February 21, 2009
දයාබර බින්කු,
වයස 19ක් වූ ඔබගේ අදහස් මම ඉතාමත් අගය කරමි. අපේ රටට අවශ්‍ය ඔබ වැන්නන්ය. ඔබගේ නිහතමානී අදහස් මේ සංසදයේ දස අත පැතිරී එයින් බලාපොරොත්තු වන යහපත් සමාජයක් බිහිවේවා යයි මමද පතමි.
කෙනෙක් නිර්නාමික වන්නේ යම්කිසි කරුණක් නිසාය. කාන්තාවන් නිර්නාමික වීම හෝ ආරූඪ නාමයකින් පෙනී සිටීම ඔවුන්ගේ ආරක්ෂාවට බව පිලිගත හැක.
අනෙක් අය ආරූඪ නම් යොදාගන්නේ 'සැඟවී ගල් ගැසීමටය.' මේ මනෝ විද්‍යාඥයන්ගේ මතයයි. කලකට පෙර මේ ගැන මගේ මතය පලකල විට එක්තරා ආරූඪ නමකින් පෙනී සිටි මහත්මයෙක් වහාම කියා සිටියේ 'ගොන් කතා කීමට' අවසරයක් අනවශ්‍ය බව කියා තම සෙලුව වසා ගැනීමෙනි.
මේ සංසදය ඉතාමත්ම මහඟු මාධ්‍යයකි. පෙර නොවූ විරූ අභියෝග, මේ මාධ්‍යය තුලින් ජය ගත හැකිය. මේ මාධ්‍යය තුලින් දුර පිටිසර පලාත්වල පාසැල් ලමුන් අපිට හමුවෙති. ඔවුන් මේ රටේ අනාගත පුරවැසියන්ය. ඔවුන් යහමග යැවීම අප සතුය. ඒ ලමයි දිරිමත් කල යුතුය, ඔවුන්ගේ වැරදි නිවැරදි කල යුතුය. සදාචාරය අපේ පණ මෙන් රැකිය යුතුය. සභ්‍යත්වයද එසේමය. මා උපන් ගමට සමීපව ඇති නිහිළුව මහා විදුහලේ සිසුන්ට මම ඉතාමත් සන්තෝසයෙන් ප්‍රතිචාර දැක්වූවෙමි. අනවශ්‍ය භේද ඇති කර ගන්නේ නැතිව කලයුතු යුතු කම් අපි කල යුතුය.
7:05 AM, February 21, 2009
මල්ලී කියන්න ඕනෙම දේ හොඳට කියලා තියෙනවා. ඉතාමත්ම සතුටුයි ඔබ වැනි කෙනෙක් අප අතරේ ඉන්න එක.
11:18 PM, February 21, 2009
great!
සම්පූර්ණයෙන්ම එකඟයි මලයා
10:14 PM, February 22, 2009
නියමයි මල්ලි.. ඔයා හරියටම කියලා තියනවා!
3:12 AM, February 28, 2009
මල්ලි, සාර්ථක ලියමනක්, කිව යුතු දෑ ඉතාම සංශිප්තව, හොඳින් ලියා තිබෙනවා. අප අතර විවිධාකාර පුද්ගලයෝ සිටිති. නමුත් ඒ කිසිවෙක් අපට එපා යැයි බැහැර කළ නොහැක. පුළුවන් තරම් ඉවසීමෙන් කටයුතු කළ යුතුයි.
Post a Comment
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.
Note: Only a member of this blog may post a comment.