‘අද උදේත් ඇය දොරටුව පාවුලේ
සිනහ මල් පොකුරක් තබා ගියාය’
කොල් බඩ මිතුරු සුළඟට
පිටුපා
ගං දියේ කසු කුසුව
දෙසවනින් පලවා
බොල් පිළිම වෙස් බැන්ද
තවත් එක දවසක
ඉන්ද්‍රජාලික
දියසරැල්ලක් වගේ
මතුවුනා නුඹ පුංචි කිඳුරිය
හඹා යන ජීවිතය
කරදරකාරී හිරුට එරෙහිව
වියදම් කරන
සිනහ මල් කිනිත්තයි නුඹ
අලුත් දවසක පෙරමගට
පිරිත් පැන් ඉහින
වෙන වෙන අරුත් දෙන
එකම ගමනක ඇදෙන
මා ඔයට බඳු
නියත දහමක්
අපට නැති හැටි සොඳුර
මංසලක් වේ
අප අපවම සොයා
තනි තනිව යා යුතු ….
කවි නිමිත්තක පැටලුනත්
නුඹ අද
යාන්ත්‍රික කය රැගෙන
යාත්‍රා කළ යුතුය
තවත් තැනකට හෙට මම
රැහැන් පැටලුම් හැර
තිබුණාවේ
එතන එහෙමම
‘අර මල් පොකුර’
සුසුම් පදයක රුඳුන
තෙපුල් දෙන
සැමරුමක් විලසින
පද පෙළ :
ඩි.එම්. ටිම්රාන් කීර්ති
‘විල්තෙර-ලංකා’ (2009 අගොස්තු 09 ඉරිදා)
උපුටන : Quote Poems Though
රූපය : MoBlog
Comments (0)
Post a Comment
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.
Note: Only a member of this blog may post a comment.