සොඳුරු මොහොතක හමුවි ඔබ මට පෑ අහිංසක සෙනෙහසේ…
කිසිඳු අඩුවක් දැනුනෙ නෑ හද පිනාගියෙ ඇයි නොමදැනේ…
පිවිතුරුය සිත මහට දුන් ඔබෙ එයයි හද සොරකම් කලේ…
දිවිය සරලව ගතවුනද ආදරය නැත මට ලං වුනේ…
ලංවූ දෙයකින් හද බිඳුන මිස නැතිය ඒ හද පිනවුනේ…
අතීතය මිරිඟුවක් පසුපස ලුහුබඳිනු දුටු පෙර දිනේ…
කෙලෙස අමතක කරන්නද එය නිසා දිවියම නැතිවුනේ…
දයාවක සෙවනැල්ල යට හිඳ ඔබට ඇමතූ මුල් දිනේ…
දැනුනු සිසිලස නැතිය ආයෙත් කිසිඳු හදකින් හමුවුනේ…
අතැර දැමු ඒ අතීතය පොළොවට ම පස්කර විගසිනේ…
පිදුවෙ සිත්මල ඔබේ පාමුල පරව යන්නට පෙර දිනේ…
පරව යන්නේ කෙලෙසකද එය සොඳුරු හදකට හිමි වුනේ…
ආදරය නම් කිමද යන්නට නියම අරුතද හමු වුනේ…
දිවිය දිරියක් කරන්නට ඔබ පෑ සෙනේ මිස අද දිනේ…
කුමක් හදවත ඉතිරි වේවිද ඔබෙ සුවඳ ලෙස හෙට දිනේ…
පැදි පෙල : සමර බණ්ඩාර රත්නායක (සමබර)
උපුටනය : කල්පනා (port of thoughts) බිලෝගයෙන්
Comments (2)
7:44 PM, August 26, 2009
7:47 PM, August 26, 2009
ලස්සන වගේම හිතට වදින (ලව් කචල් ගිය අයට හොදට) දැනේන කවියක්
මේක කියවනකොට මතත් වෙන්නේ
අතිතය සිහිනයක් පමනයි සැබැ සුවදක් නැ
එදා සෙනහෙන් නොබැදුනානම් මෙදා දුකකුත් නැ
කියන සින්දුව
බින්කු මෙ කවිය ඉදිරිපත් කරාට ස්තුතියි!
Post a Comment
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.
Note: Only a member of this blog may post a comment.