පොලිස් පෝලී

එක් ලිපියක් නිසා මට මතක් වු විකල්පයේ ලිපියක් මෙහි දැමුවෙමි.

දිනය - 2009 අප්‍රේල් 12 වැනිදා
වේලාව - සවස 6 යි.
ස්ථානය - පිළිමතලාව නගරය

මාගේ සහෝදරයාත් මමත් පිළිමතලව නගරයට පැමිණියේ අපගේ ඥාති ගෙදරකට යාම සඳහායි. එම ගෙදරට ගෙනයාමට යමක් මිළදී ගැනීමේ අටියෙන් කඩයකට ගොඩ වූ අප දෙදෙනා අවශ්‍ය කළමනා මිළදී ගැනිමෙන් පසු බසයකට ගොඩවිම සඳහා බස්නැවතුම් පොළ වෙත පියනැගුවෙමු. අතර මගදී නගරයේ තැපැල් කන්තෝරුව ඉදිරිපිට තිබූ රතිඤ්ඤා තට්ටුව අසල මදක් නැවතුනේ රතිඤ්ඤා පෙට්ටියක් මිළදී ගැනීම සඳහාය. එම වේලාවේම එහි පැමිණි කඩුගන්නාව රථවාහන පෙලීසියේ නිළධාරීන් දෙනෙකු රැගත් සුදු පැහැති මෝටර් සයිකලය රතිඤ්ඤා තට්ටුව ඉදිරිපිට නතර කෙරිණි.(අවශ්‍ය නම් යතුරු පැදියේ අංකය ද මා සතුව ඇත.) යතුරු පැදිය පිටුපස අසුනේ සිටි පොලිස් නිළධාරියා ඉන් බැස තට්ටුව වෙත ගොස් නිලාකූරු පෙට්ටි හයක් හා රතිඤ්ඤා පෙට්ටි දෙකක් රැගෙන එය බෑගයක දමාගෙන පිටව ගියේ ‛‛ මුදලාලී ගිහින් එන්නම්’’ කියාගෙන ය. එම නිලා කූරු පෙට්ටියක මිළ රුපියල් 75කි. රතිඤ්ඤා පෙට්ටියක මිළ රුපියල් 100 කි.
සිද්ධිය දුටු මා ඒ පිළිබඳව මුදලාලිගෙන් විමසුවෙමි. ‛‛ මොනව කරන්නද මහත්තය නොදුන්නොත් ඉතින් මේ ලෑල්ල මෙතන තියාගෙන වෙළදාම් කරල ඉවරයි. මාව එලවල දායි. ඔය එක කට්ටියක් විතරයි. තවත් අය එයි. කොච්චර ආවත් දෙන්න එපැයි ’’ මුදලාලිගේ මුහුණේ ඇත්තේ විස්සෝප ස්වභාවයකි. මමත් මල්ලීත් රතිඤ්ඤා පැකට්ටුවක්ද මිළදීගෙන එතැනින් එන්නට සැරසෙද්දීම තවත් පොලිස් නිළධාරින් දෙදෙනෙකු රැගත් මෝටර් සයිකලයක් පැමිණ රතිඤ්ඤා තට්ටුව අසල නවතනු පෙනිනි.

චන්දන - කටුගස්තොට


ගම්පහ දිස්ත්‍රික්කයේ එක් ප්‍රදේශයක පොලිසියේ නිලධාරින් ඒ ආසන්න තැනක (එයත් එක්තරා ප්‍රකට පාසලක් ආසන්නයේ පිහිටි එකකි (මා දන්නා තරමට මතට තිත නීති අනුව එය නිතී විරෝධි වේ.) මත්පැන් විකුණන ස්ථානයක මත්පැන් මිට ආසන්නව උත්සව සමයේදි බෝතල් ගණනාවක් (පුද්ගලයෙකුට බෝතල් හතරක් හෝ පහක් වැනි ප්‍රමාණයක ගෙනියාමත් තහනම් වේ. මෙහිදී පොලිස්කාරයන්ට ඒ නිතීයද අදාල නොවෙයි. ) මිලදී ගන්නා අතරම ඒ සුරාසැලට ආසන්නයේ තැබෑරැමේ පොලිසියේ සේවය කරන අයවලුන් බීමත් වන බවත් රණ්ඩු ඇති කර ඇතිගන්නා බව මම ඒ ප්‍රදේශයේ නෑ ගෙදරක නැවති කාලයේදී දැක ඇත්තේමි.

පොලිසිය වු කල්හි රටේ වැදගත්ම ආයතනයක් වෙයි, රටක පැවැත්මට පොලිසිය වැදගත් වන අතර එම අංශයේ යහපැවැත්මට නිසි විමසිල්ලක් දැක්විය යුතු වුවද එසේ සිදු නොවෙයි. රටේ නිතීය අපක්ෂපාතීව කටයුතු කල යුතු වුවත් බොහෝ විට සිදු යවන්නේ (හොර ) ආදයම් මාර්ගයක් හෝ දේසපාලන අතකොලුවෙක් හෝ ගංජා/දඩමස් ජවාරමට ආරකෂාවක් ලෙස පොලිසියේ බොහෝ දුෂිත නුසුදුසු පුද්ගලින් නිසා සිදුවෙයි. පොලිසියේ සේවය කිරිම හෝ හමුදාවේ සේවය කිරිම වෙත් අනවශ්‍ය ලෙස මතු කිරීම සුදුසු නෙවෙයි, එය ඇතැම් රටවල තහනම් වෙයි. නමුත් අවාසනාවට අපේ හිටපු‍ පෝලිස්පතියෙක් තම කවුන්ටර් වල නිල ඇදුමෙන් තරග කරන්නට තරම් වෙයි. ඔහුගේ කාලයේ යට ගිය පරික්ෂණ (සෝම හිමි කෝමිසමටත් මෙතුමා ඇතුලත්ය) සිදුවු අනෝදනාත්මක සිදුවීම් (නිහාල් මිනීමැරැම ) හමුවේ කටින් බතල හිටවු අතර සිය නිය කාලය අවසන් කරනවිටදී තමා වැඩ අරඹන විට රටේ දුෂිතම ආයතනය වු පොලිසිය දෙවැනි තැනට ගෙනා බව පවසන ලදී. කෙසේ වුවත් පොලීසිය රටේ තිබිය යුතු උත්තීර වෘත්තියක් විනා වෙන කිසිවෙක් නොවේ. පොලිසිය මෙසේ හැසිරේ නම් ජනයා ගැන කිම? නැති බැරි දුප්පතෙක් අල්ලපු වත්තේන් කෙහෙල් කැනක් ඉස්සුවට තලන අතර ලොක්කෙක් පුරා වස්තුවක් සොරකම් කර අසු වු විට ඇප දී සැලයිට් ගා යැවිම පොලිසියේ බහුතර කාර්යක් වී හමාරය.

ImageHost.org

නිල කබාය තුල ස්ත්‍රී දුෂකයෝ

ගාලූ පාරට මුහුණලා පිහිටි ජය තිලකලාගේ පර්චස් තුනහමාරේ ඉඩම, ලක්‍ෂ තිස් අටකට තීන්දු කළේ ඉහටත් උඩින් වූ ණයතුරුස් ගෙවා දැමීමට වෙනත් විකල්පයක් නොතිබූ බැවිනි.

එහෙත් මුලින්ම ලක්‍ෂ විස්සකුත්, ඉතිරිය හයමසක් ගිය තැනත් ගෙවන බවට ගැනුම්කාරිය තීන්දු කිරීමත් සමඟ ඊට උඩින් යන්නට ඔවුන්ට සිතුණේ නැත.

ඒ, ගැනුම්කාරිය ගම අහල පහළම හොඳින් දන්නා හඳුනන්නියක වීම නිසාය. හයමසක් ගිය තැන ඔප්පු ලියැවෙන්නේයැයි සිතූ ජයතිලකලා සිය අත්සන් යෙදූ හිස් කඩදාසි හයක් ද නීතිඥවරියට ලබාදෙමින් විසිලක්‍ෂයෙන් ණයතුරුස් ගෙවා දැම්මේය.

මේ පරිච්ඡේදය අපට වැදගත් වන්නේ පැමිණිල්ලක් කිරීමට පොලීසියට යන කාන්තාවක පොලිස් නිලධාරීන් විසින් දූෂණය කරයි’ යන පසු සටහන වෙනුවෙනි.

එහි කාන්තාව වන්නේ අකුරු නොදන්නා ජයතිලක වෙනුවෙන් අකුරු ලියන්නට ඉදිරිපත් වන ජයතිලකගේ නංගීය. මෙතැන් සිට මාලනී නමින් හැඳින්වෙන 43, හැවිරිදි දෙදරු මවක වන ඇය, මිරිහාන විශේෂ විමර්ශන ඒකකයත් සමඟ අයියාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගනුදෙනුව අරඹන්නේ පසුගිය ජනාවරි 20දා සිටය.

ර්‍කිව්ව විදිහට ඉඩම ගත්ත අය මාස හයෙන් අපට සල්ලි දුන්නෙ නෑ. මම ඒ ගමන මේ ගිවිසුම ලියපු (නීතිඥවරිය) ජයන්ති මිස්ට ගිහින් කිව්ව. එයා කිව්වෙ එහෙනම් ඔයාල බැනර් එකක් දාලා ඉඩම විකුණල අරයගෙ ලක්‍ෂ 20 දෙන්න කියලා. අපි ඒ විදිහට බැනර් එකක් දැම්මම මිනිස්සු ආවා. එතකොට මම කලින් ගත්ත අක්කට කිව්ව ඉඩම ගන්න කට්ටිය ඉන්නවා. විකුණපු ගමන් ඔයාගෙ ලක්‍ෂ 20 දෙනව කියලා.

එතකොට එයා කිව්වා ලක්‍ෂ 20ට මම මේක සින්නක්කරේට අරන් තියෙන්නෙ ඔයාල කොහොමද විකුණන්නෙ කියලා. එතකොටයි අපි දන්නෙ ජයන්ති මිස් සම්පූර්ණයෙන් අපිව රවට්ටලා අර ගෑනිට ඕන විදියට ලක්‍ෂ 20ට ඉඩමෙ ඔප්පුව ලියලා කියලා

මේ මාලනීගේ නෑනා ඉඩමේ ආරාවුල පිළිබඳ කියන විස්තරයය. එතැන් සිට නෑනාත්, ජයතිලකත් අකුරු දන්නා මාලනී ද ඉස්සර කරගනිමින් මේ අවනඩුවද ගෙන ළඟපාත පොලිසියෙන් පොලිසියට යමින් මාස ගණනක් රස්තියාදු වූහ. වැල්ලවත්ත, මොරටුව හා ගල්කිස්ස යන පොලිස් ස්ථානවල එසේ දෙමාසයක්ම රස්තියාදු වූ ඔවුන් ඊළඟට නවතින්නේ නීති ආධාර කොමිෂන් සභාව තුළය. ඉන් ලැබෙන උපදෙස් මත නුගේගොඩ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවන මාලනී ඇතුළු පිරිස අවසාන වශයෙන් මිරිහාන විශේෂ විමර්ශන ඒකකයේ උප පොලිස් පිරීක්‍ෂක ප්‍රනාන්දු වෙත යොමු කෙරේ.

ර්‍ඒ ජනවාරි 20දා එස්.අයි. ප්‍රනාන්දු මහත්තයා එවෙලෙම ක්‍රියාත්මක වෙලා දවස් දෙක තුනකින් ඉඩමට වංචා කරපු අයට දැනුම්දීම් කෙරුවා පොලිසියට එන්න කියලා. එන්නැති වෙනකොට වරෙන්තු අරන් ගිහින් ඒ ගෑනු කෙනාව ගෙනාවා. එදා අපිත් පොලිසියෙ හිටියා. හවස් වෙනකම් ඒ ගෑනු කෙනා තියාගෙන ඉඳලා උසාවි නොදාම හවස සිවිල් පිට ආපු කවුරුහරි කෙනෙක් එක්ක යැව්වා. ඇයි එහෙම කෙරුවෙ කියල ඇහුවත් අපට හරි උත්තරයක් ලැබුණෙ නෑ’

මාලනී මේ කියන්නේ ඊට පසුව උදා වූ ඒ අහිමිරි ඉරිදාවට පූර්විකාවක් එක්කරමිනි. ගෙවුණු කාලය පුරාම පැමිණිල්ලට අදාළ සියලූ සොයා බැලීම් කර ඇත්තේ මාලනීය. ඒ අකුරු නොදන්නා ජයතිලක අයියාට උදව්වක් වශයෙනි. කුලියට ඇඳුම් මැසීම සිය ජීවිකාව කරගත් මාලනී, නිතර පොලිසියට කාලය වැය කරන්නට බැරිකමට දුරකතනයෙන් එස්.අයි. ප්‍රනාන්දුගෙන් තොරතුරු විමසුවාය.

ර්‍මට ඩිරෙක්ට් කතා කරන්න ක්‍රමයක් නෑ. අයියල එස්.අයි. ප්‍රනාන්දු මහත්තයට කතා කළාම එයා කියන්නේ කෝ නංගිට දෙන්න කියලා. ඒකයි මම කතා කෙරුවෙ’

ඒ අනුවම යමින් මුදල් වංචාවට සම්බන්ධ කාන්තාව උසාවි නොදාම මුදාහැරීම ගැන ද මාලනී එස්.අයි. ප්‍රනාන්දුගෙන් දුරකතනයෙන් විමසුවාය.

ර්‍ඒක මෙහෙම පොලිසියෙදි කියන්න බෑ මාලනී, පෞද්ගලිකව හමුවෙලා කියන්න ඕනෙ. ඔයා ඉරිදට නුගේගොඩට එන්න. අපි දවල් කෑම කන ගමන් කතා කරමු.

මේ එස්.අයි. ප්‍රනාන්දු මාලනීගේ ප්‍රශ්නයට දුන් දුරකතන පිළිතුරය.

ර්‍ඊට පස්සෙ ප්‍රනාන්දු මහත්තයට මම ආයෙ කතා කළාම කිව්ව ඉරිදා 11ට නුගේගොඩ කොමර්ෂල් බැංකුව ළඟට එන්න කියල. මම සාරියක් ඇඳගෙන ගියෙ. හුඟක් වෙලා බලලා නැති හින්ද ආයෙ කෝල් කළා. එතකොට කිව්වා දැන් ඔයාගෙ අයියල මෙහෙ ඇවිත් ඉන්නවා. මම තව පැයකින් එන්නම් ඉන්න කියලා. ඔය සිද්ධියට කලින් අර වංචා කරපු ගෑනු කෙනා අපේ අයියලගෙ කුලියට දීල තියෙන කඩේට ඇවිත් කියලා තියෙනවා මාලනී මේකට සම්බන්ධවෙලා ඉන්නවා. එයාගෙ ඇඳුම් ගලෝනව කියලා. මම මේකත් ප්‍රනාන්දු මහත්තයට කියල තිබුණේ.

ර්‍පස්සෙ මම හිටපු තැනට ත්‍රීවිල් එකක් ඇවිත් නවත්තල, ඒකෙන් ඔළුව දාලා මට කිව්ව, ප්‍රනාන්දු මහත්තය ඔයාව එක්කගෙන එන්න කිව්ව කියලා. ඒ, පී.සී. රංජිත්. එයත් පොලිසියේදී දැකල මට හුරුයි. මම එයත් එක්ක ත්‍රීවිල් එකේ ගියා. පාගොඩ පාරේ තිබුණ හෝටලයක් කියල හිතන්න බැරි හෝටලයක දොර ළඟම ත්‍රීවිල් එක නැවැත්තුව. එතකොට අර පී.සී. රංජිත් කිව්ව ර්‍අක්ක බයවෙන්න එපා, උඩට යන්න ප්‍රනාන්දු මහත්තය උඩ’ කියලා. මම උඩට ගියා. එතකොට ගෑනියෙක් ළඟ පුටුවක ඉඳගෙන ඉඳල ප්‍රනාන්දු මහත්තය නැගිට්ට, ර්‍ආ මාලනී එන්න මේ ඔයා දන්න කෙනෙක්නේ කිව්ව. ඒ ගෑනු කෙනෙත් ලක්‍ෂ 03ක සල්ලි වංචාවක් වෙලා අපි යන දවස්වලම පොලිසියට ආපු කෙනෙක් නිසා මම එයාව අඳුන ගත්ත. මං එයාගෙන් ඇහැව්වා ඇයි ඔයා ආවෙ කියලා. මොකුත් කිව්වෙ නෑ. ටිකකින් තවත් පිරිමි කෙනෙක් ආව. මට අමුත්තක් දැනුණා. බයට බඩයි පපුවයි රිදෙන්න ගත්ත. මම ඒක අර ගෑනු කෙනාට කිව්ව. එයා කිව්වා බයවෙන්න එපා ඔයා ආවෙ ප්‍රශ්නෙ කතා කරන්නනෙ කියලා. එතකොට ප්‍රනාන්දු මහත්තය අපි ළඟට ඇවිත් කිව්වා ර්‍බයවෙන්න එපා අපි ඔය ප්‍රශ්නෙ කතා කරමු.’ කියලා. කට්ටියම කාමරේකට ගියා. ඒකෙ ඇඳක් පුටු දෙක තුනක් තිබුණා. මම ඇඳේ වාඩිවුණා. ටිකකින් එස්.අයි. ප්‍රනාන්දු මහත්තය අර පිරිමි කෙනාව මට පෙන්නල කිව්වා, මෙයා පිළියන්දල පොලිසියෙ අයි.පී. (පොලිස් පරීක්‍ෂක) ලක්‍ෂ්මන් කියල. අපි දෙන්න ඉස්සර ඉඳලම යාලූවො. පොලිසියට බැඳුණෙත් එකට. එයා අයි.පී වුණා. මම එස්.අයි කියලා. එයාගෙ හුඟක් විස්තර කියෙව්වා. පවුලෙ ප්‍රශ්න, වයිෆ්ගෙ ප්‍රශ්න කිව්වා. එතකොට මම කිව්වා මම ආවෙ මගේ ප්‍රශ්නෙ ගැන කතා කරන්නනේ, කොහොමද අර ගෑනි ගියේ කියලා. ර්‍මට කරන්න දෙයක් නෑ මාලනී. ඒක ඉහළින් ආපු නියෝගයක් කියල ප්‍රනාන්දු මහත්තය කිව්ව. ආයෙම කිව්ව ආ ඔයා කෑම කන්නනෙ ආවෙ කෝ දෙන්න සල්ලි කියලා. මම රුපියල් දාහක් දුන්නා. ඒක පී.සී. රංජිත් ගිහින් හෝටලේ වේටර් කෙනෙකුට දුන්නා.

එතන කලින් ඉඳලම මෙයාල බිබී ඉඳල බෝතල් වගයක් තිබුණ. බාගෙට කාපු බයිට් පීරිසියකුත් තිබුණ. මම ඉන්න කොටත් අර ගෑනි බිව්වා. ආයෙත් ප්‍රනාන්දු මහත්තයා කිව්ව බයවෙන්න එපා. ඒ පැත්තෙ අයට සල්ලි බලය තියෙනවා. ඒ හින්ද වැඩේ අමාරුයි. ඒත් මම කොහොම හරි සඳුදට ඔයාලට ලක්‍ෂ 10 අරන් දෙන්නම්. මුලින් ඒක ගන්න. පස්සෙ ඉතුරු ටික අරන් දෙන්නම් කියල. 30 සඳුද අපිට පොලිසියට එන්න කියලා තිබුණ. එතකොට අර ගෑනියි පී.සී. රංජියි එතනින් නැගිටල ගියා. එතකොට ප්‍රනාන්දු මහත්තය මට බීම දුන්නා බොන්න කියලා. මම එපා කියලා යන්න හැදුවා. එහෙම කොහෙ යන්නද අපි ගිහින් බස්සන්නම් කිව්ව. ටික වේලාවකින් ලක්‍ෂ්මනුත් ගියා. ප්‍රනාන්දු මහත්තයත් මාත් එක්ක පැය කාලක් විතර කතා කර කර ඉඳල මට එතන ඉන්න කියල කලබලෙන් වගේ ගියා. එතකොට ලක්‍ෂ්මන් ආවා. මම ඇහැව්ව කෝ ප්‍රනාන්දු මහත්තය කියලා. එයා එහා පැත්තෙ කිව්වා. මම එහා කාමරේ එබිකම් කරල බලනකොට එයා තුවායක් විතරක් ඇඳගෙන හිටියා. මාව දැකල කිව්ව වොෂ් එකක් දාගන්න ආව කියල. එතකොට ලක්‍ෂ්මන් දුවල ගිහින් ප්‍රනාන්දු මහත්තයව එව්වා. මට ලොකු අමුත්තක් තේරුණු හින්දා මම කිව්වා ඔයාලගෙ පෞද්ගලික දේවල් මම කාටවත් කියන්නෙ නෑ මට යන්න ඕනෙ කියලා. ඒත් යන්න දුන්නෙ නෑ. ඔයා දැන් අපිට හිතවත්නෙ. මේ බීම එක බොන්න කියලා මට කහපාට බීමක් දුන්නා. මම බෑ කිව්වත් බල කරපු නිසා ටිකක් බිව්වා. ටිකකින් අමුත්තක් දැනුණ. කට්ටිය කලබලෙන් එහා මෙහා යනව දැක්කා. ප්‍රනාන්දු මහත්තයයි අර ගෑනියි නාන කාමරේ ඉන්නව දැක්කා. මට සිහිමද ගතිය එනකොට අර පීසියි ලක්‍ෂ්මනුයි මාව වත්තන් කරගෙන කාමරේට ගෙනියන්න හැදුවා. මම අත්ගසල එයාලව පන්නල කාමරේ දොර වහගත්තා. පස්සෙ දිගටම දොරට ගහන්න ගත්තා. එතකොට ජනේලෙන් ඔළුව දාලා අර කෑම ගෙනාපු වේටර් කිව්ව දොර අරින්න කියලා. මම දොර ඇරිය.

අනතුරුව සිදු වූ කිසිවක් මාලනීට මතක නැත. ඇය යළි එදිනම රාත්‍රී 10.00ට පමණ නිවස අසලට ගෙන ගොස් දමා සිටියදී මුලින්ම හමුවන්නේ නෑනාටය.

ර්‍එයා කෑගැහැව්ව මාව ප්‍රනාන්දු මහත්තය අරන් ගියා. මං ඉවරයි. පොලිසියට ඔක්කොම කටඋත්තර දෙන්නම් කියලා. අපි ගල්කිස්සෙ පොලිසියට එවෙලෙම ගෙනිච්චා. ඒත් මෙයාට කල්පනාව නැති වෙනවා. පස්සෙ කළුබෝවිලට අරන් ගියා.’

ඒ අනුව කළුබෝවිල රෝහලේ දින හතරක් නේවාසික ප්‍රතිකාර ලබා ගන්නා මාලනී, නිත්‍ය වශයෙන්ම දූෂණයකට ලක්ව සිටින බව වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී තිබේ. ඇගේ යට ඇඳුමේ තැවරී ඇති ශුක්‍රාණු ඩීඑන්ඒ පරීක්‍ෂණයකට ලක් කොට දූෂකයන් නිශ්චිතවම හඳුනාගත හැකි බවද වෛද්‍ය මතයයි. ඊට අමතරව බාහිර පෙනුමෙන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව පසුගිය හත්වැනිදා ගංගොඩවිල අධිකරණ භූමියේදී පැවැත්විණ.

මං ඉස්පිරිතාලෙ ඉන්න කොට ප්‍රනාන්දු මහත්තය මට ඇවිත් කිව්වා මගෙ අතින් ලොකු වරදක් වුණා, ඒකට මට සමාවෙන්න මාලනී, ඒත් මේකට මාවයි, පී.සී. රංජිවයි ගාවන්න එපා, මට දරුවො දෙන්නෙක් ඉන්නවා. මේකෙන් මගෙ රස්සාව නැතිවෙයි, එතකොට දරුවො බඩගින්නෙ කියලා.’ මාලනී කියයි.

ර්‍මේ කතාව කියවු ඔබට හැඟෙන්නේ කුමක්ද?

ර්‍ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන’ යැයි සමාජය ප්‍රශ්න කරන විට පොලිසියේ කවුරුද ගැහැනුන් දූෂණය නොකරන’ යනාදී ලෙස අපට පෙරළා ප්‍රශ්න කරන්නට සිදුවී තිබෙන බව නොවේද?

නීතිය හා සාමය සුරකින බවට දිවි හිමියෙන් පොරොන්දු වී සිටින නිල කබාය තුළම ස්ත්‍රී දූෂකයෙකු සැඟවී සිටින බව හඳුනාගන්නේ කෙසේද?

තවත් සැකකරුවන් දෙදෙනෙකු නිදැල්ලේ
මෙම දූෂණ සිද්ධියට සම්බන්ධ මිරිහාන විශේෂ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්‍ෂක ප්‍රනාන්දු හා පොලිස් කොස්තාපල් රංජිත් යන සැකකරුවන් මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවුවද පොලිස් පරීක්‍ෂක ලක්‍ෂ්මන් නමින් පෙනී සිටි තැනැත්තා හෝ සිද්ධිය වු අවස්ථාවේ හෝටල් කාමරයේ සිටි කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන නොමැත. අයි.පී. ලක්‍ෂ්මන් නමැත්තා පිළියන්දල පොලිසියේ සේවය කරන බව මුලින් කැයිවුණ ද පසුව පොලිසියේම පරීක්‍ෂණ කණ්ඩායම් එය ප්‍රතික්ෂේප කළේය.

සිද්ධිය වූ අවස්ථාවේ හෝටල් කාමරයේ සිටි කාන්තාව ද පොලිසියට කැඳවා ප්‍රශ්න කර පසුව මුදා හැර තිබේ.

කාමරයට ආහාර සැපයු හෝටල් සේවකයා පොලිසියේදී එම කාන්තාව හඳුනාගෙන ඇතත්, ඇයත් පොලිසියත් අතර පවතින දැඩි මිතු දම තුළ ඇය මුදාහැරියාදැයි දන්නේ පොලීසියම පමණි.

නුගේගොඩ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු විශේෂ කණ්ඩායමක් ඉදිරි පරීක්‍ෂණ සිදුකරමින් සිටී.

සේවය අත්හිටෙව්වා

පරීක්‍ෂණ පවත්වන ඉහළ නිලධාරියෙක්
සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ සේවය අත්හිටුවා තිබෙනවා. තුන්වැනි පුද්ගලයා සිවිල් කෙනෙක්. තවම අත්අඩංගුවට ගෙන නැහැ.

පළමු සැකකරුවන් ඔහුව හඳුනනවනෙ?
ඔව්, ඒත් ඔවුන් කියන්නෙ තුන්වැන්නෙක් හිටයෙ නැ කියලයි. ඔවුන් හෝටලයට ගිය බවවත් ඔවුන් පිළිගන්නෙ නෑ.

එම ස්ථානයේ සිටි අනෙක් කාන්තාව අත්අඩංගුවට නොගන්නේ ඇයි?
මොකටද එයාව ඇරස්ට් කරන්නෙ? එයා වරදක් කරල නෑනෙ. හෝටලයකට ගිහින් තමන් කැමති පිරිසක් එක්ක කාල බීල විනෝද වෙන එක වරදක් නෙමේනෙ. ඒ කාන්තාව වගේම පැමිණිලිකාරියත් හෝටලයට ගිහින් තියෙන්නෙ කැමැත්තෙන්.

අනුරාධා නිල්මිණී
උපුටා ගැනීම රාවය පුවත්පතෙන්



'බක්?' "ඒ මොකද්ද?" නම්...මේකත් බලපං

කොවුල් අඬහැරය නො ඇසේ නම්,
කරකවලා රේඩියෝ අහපං
කොණ්ඩ කැවූම් බදින්න නොදනී නම්,
කූකරෙන් රෝලස් බැදපං
පිරුවට චාම්ව අදින්න ලැජ්ජා නම්,
යාරකට දෙකක් ඇදපං
කිරි උතුරවන්නට ලිප මොලවන්න බැරි නම්,
ගිහින් සෝඩා උදුරවපං
වත්තේ රබන් පදේට හතරබීරී නම්,
වහලා දොරට තඩි බාපං
ගණුදෙණු කරන්න යන්න කම්මැලි නම්,
අරුන් එක්ක සවාරි පලයං
සිප්පි එක්ක පංච කෙලින්න අමතක නම්,
මැෂිමේ කෝල් ඔෆ් ඩුට් ගහපං
ඔන්චිල්ලා පදින්න 'අපොයි බයයි අනේ' නම්,
දෙකකුලෙන් පුටුව පද්දපං


අල්ලපු ගෙදර උන්දෑ එක්ක අමනාප නම්,
අර මෙහෙයුමට අත්පුඩි ගහපං
කදවුරේ පාර්වතීගේ මර අඳෝනා නෑසේ නම්,
ගිහිං දුවට තාලේට රණ ගී කියපං
පුතා එනතුරු සෝමවතීගෙ බය ගාණක් නැත්නම්,
පූතාට සෙල්ලං තුවක්කුවක් අරං දීපං
සොච්චම් වන්දීය එක්ක මීනියට පස් දාන එකී පව් නම්,
උන්ගේ පොස්ටර් දහසක් ජන්දේට ගහපං
ඇඳන් යට ෂෙල් වැස්සට තෙත්වන මැටි බිම වියලි නම්,
මස්සිනාට ගිහිං හැඟීමුත්තං කියා දීපං
මලමිනී මතින් නැග කටපුරා හිනැහෙන්න ඕන නම්,
ලෝකේටම ඇහෙන්න කෑ ගහපං
“අපි සුද්දවත්තයෝ”
“නුඹලා ත්‍රස්තවාදියෝ”
කියලාම.
ඉතින්
ගහේ එරබදු මල් නොපිපෙනා වසන්තයට,
වත්තේ පොපි මල් වවාපං

අන්තවාදීව කෑගසන, දෙපැත්තටම ත්‍රස්තවාදීන්යැයිද තමුන් නීර්දෝශී බවක්ද කියන කොටි හා ආණ්ඩුවේ පැත්තේම අයවලුන් වෙනුවෙනි.

ඒකාධිපතිත්වයක් යට….අපි හා බුරුමය

සුනන්ද දේශප්‍රිය
පසුගිය දා ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාණ්ඩුවේ සහායට පැමිණි එක් රටක් වුයේ මියන්මාරය නොහොත් බුරුමය යි. රජයේ ජනමාධ්‍යයන්හි මේ සහාය සම්බන්ධයෙන් මහත් උජාරු කතා පළව තිබුණි. අප ඇත්ත වශයෙන්ම ප්‍රජාත්නත්‍රවාදය ගරු කරන රටක් නම් බුරුමයෙන් ලැබෙන සහාය ගැන ලැජ්ජා විය යුතු ය. මන්ද යත් අප මහත් ආඩම්බරයෙන් අගය කරන යහ පාලනය සහ මානව හිමිකම් නැත්තට ම නැති රටක් ලෙස මියන්මාරය නම් දරා සිටින නිසා ය. මානව හිමිකම් පිළිබද ප්‍රශ්නයේ දි අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාව සමඟ සිටින රටවල ලැයිස්තුවක් ලියුව හොත් අපට අප රට ගැන මහත් දුකක් ඇතිවනු ඇත.


ඇත්ත වශයෙන් ම නම් අප සිටිය යුත්තේ බුරුම ආණ්ඩුව සමග නොව ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස දශක ගණනාවක් පුරා සිර ගත කොට සිටින එරට නියම නායිකාව වන සං සුකී සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලයේ නියුතු බෞද්ධ භික්ෂුන් ප්‍රමුඛ සිවිල් සමාජය සමග ය. නමුත් කණගාටුවට කරුණ වන්නේ අඩුම වශයෙන් එරට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගල කරන ජනයාට වචනයෙන්වත් සහායක් දීමට මෙරට ආණ්ඩුව අසමත් වී සිටීම ය. මියන්මාරය ශ්‍රී ලංකාවට සහාය දෙන්නේ මෙරට ආණ්ඩුවට ඇති ආදරය නිසා නොවේ. ස්වකීය ප්‍රජාතන්ත්‍ර විරෝධී පිළිවෙත සදහා සහාය අන්තර් ජාතික තලයේ දි සහාය ලබා ගැනීමට ය. රොබට් මුගාබේ ගේ සිම්බාබ්වේ සිට කස්ත්‍රෝගේ කියුබාව දක්වා වන සෑම ඒකාධිපති පාලනයක් ම එලෙස සහාය දෙන්නේ ස්වකීය ජනතා විරෝධි පාලනයන්ට ශ්‍රී ලංකාණ්ඩුවේ සහාය ලබා ගැනීම පිණිස ය.
මේ එක රටක වත් නිදහස් සහ ස්වාධීන නිසි කළට පවත් වන මැතිවරණ, ජනමාධ්‍ය නිදහස, අධිකරණ ස්වාධිනත්වය හෝ අනෙක් මානව අයිතිවාසිකම් හෝ නැත.
පසුගිය වසරෙහි මියන්මාරයේ බෞද්ධ භික්ෂුන් විසින් නායකත්වය දෙන ලද ප්‍රජාතන්ත්‍රවාදි නැගිටීමක් අපි හැම දනිමු. එය යකඩින් සහ ගින්දරෙන් තලා පෙලා මැඩලන ලදී. දෙදහසකට වැඩි පිරිසක් සිරගත කරනු ලැබුනි. කොපමණ දෙනා කොපමණ කළකට සිරගත කරනු ලැබ ඇත්දැයි කිසිවකු දන්නේ නැත. ඉන් සමහරකු සිර ගත කර ඇත්තේ 65 වසරක සිර දඩුවමකට ය. මේ නඩු අසන්නේ කොහිද සිර ගත කරනු ලැබ ඇත්තේ කොහිද කියා හරියට දන්නා කෙනෙක් ද නැත.
ශ්‍රී ලංකාවේ අද පෙර නොවී විරූ අදහස් වාරණයක් පවති. මෙම වාරණය බිද හෙලීමට ඉදිරියට පැමිණෙමින් ඇති එක් පිරිසක් නම් නිර්භය කවීන් ය. එම කවි ගැන ලිවීම මම සාහිත්‍ය ලේඛකයින්ට තබමි. මෙම ආරම්භය රළ වේගයක් බවට පත්විමට ඉඩ සලසමින් ඔවුන් දිරිමත් කිරීම අද ඉතා වැදගත් ය. ජවිපෙ සහ ආණ්ඩුව තරඟයට මිනීි මැරූ 1988-1990 යුගයේ ද මෙවැනි විරෝධතා කවි කළ එළි බැස්සේ ය.
මියන්මාරයේ බෞද්ධ භික්ෂු කැරැල්ල මර්දනයෙන් පසු ද මෙැවනි කවි වසන්තයක් ඇති විය. පසුගිය පෙරවාරි 14 දිනට යෙදුනු ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් නේ මායේ කිව් නම් අනතර් ජාල බ්ලොග්කරුවකු පෙම් කවක් ලියා පළ කලාය. එය අනතුරුව එහි සඟරාවක පළ කෙරිණ. රුන්ගුන් නුවර සයිබර් කැපේ තුනක අයිතිකරුවක වූ නේ මායේ කිව් එරට අන්තර්ජාල බ්ලොග්කරුවන් අතර සැළකෙන්නේ පෙර ගමන්කරුවකු ලෙස ය. 2008 බෞද්ධ භික්ෂුන්ගේ කරැල්ල අවස්ථාවෙහි එහි ඩිජිටල් ජායාරූප ලොව වටා යැවීමේ ප්‍රමුඛයකු වුයේ ඔහු ය.
ඔහු ලියා පළ කළ පෙම් කව පෙරවාරි 14 නම් විය. එහි ලියැවි තිබුණේ මෙසේ ය: ආදරය ගැඹුරින්ම විය යුතු ය. අව්‍යාජව උන්මාදයෙන් මෙන් විය යුතු ය. නැතිනම් ඒ වනාහී ආදරයක් නොවේ. නමුත් මේ පෙම් කව යට සැගවුණු අරුතක් ඇතිබව හමුදා ජුන්ටාවේ ඔත්තුකකරුවෝ සොයා ගත්හ. කවියේ සෑම පේලියකම ආරම්භක අකුරු ලියා තිබුණේ ඒ අකුරු එක් කළවිට හමුදා නායකයාට අපහාසයට පත්කැරෙන පරිදි ය. එයින් මෙසේ කියැවුණි. ජෙනරල් තාන් ෂේ බල තන්හාවෙන් පිස්සු වැටී ඇත.
කවියා විසිවසරකුත් මාස හයකට සිර ගත කෙරුණි. කවියා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී අන්ග් තියෑන් කවියා වෙනුවෙන් පෙනී සිට උසාවියට අපහාස කළැයි හාර මාසකට සිර ගත කෙරුනි.

කවියේ දළ ඉංග්‍රිසි පරිවර්ථනය වෙබ් ලිපියකින් උපුටා ගත්තෙමි. ඔහු සිර ගත කෙරුනු අකුරු කළු අකුරින් දැක්වේ.

14th february

Ar rin bek ka pyaw dair
(Aaron Beck, the psychiatrist, said)
Nar nar khan sah dat hma khan sah hma
(Only if you know how to suffer painfully)
Yoo yoo moo moo go phyit nay hma
(Only if you are crazy - crazy )
Kyi myat tet a noot pyinnya lo
(Can you appreciate a great work of Art)
Hmoo hmoan hmaing way zay det dat poan model ma lay yay
(Dear little photomodel who makes me dizzy)
Kyi daunk kyi mah kya hma a thair kwair det yawgah det
(They say it is a broken liver disease, a great and terrible one) [note: Broken heart in Burmese is usually expressed as a broken liver.]
Than baung myah zwa thaw chit tat thu myah
(Millions of those who know how to love)
Shwe a teet cha hta thaw let myah phyint let khoak tee yway yair bar
(Laugh and clap those gold-gilded hands)




පසු සටහන:
සටන් විරාම කාලයේ ලියූ ලිපි දෙකක ජේද දෙකක් වෙනුවෙන් මාධ්‍යවේදී තිස්සෙයිනායගම් සිරගත කරන සේ ශ්‍රී ලංකාණ්ඩුව ප්‍රජාතන්ත්‍රවිරෝධී නීතියක් යටතේ නඩු පරවා තිබේ.
අන්තර්ජාලයෙන් කියවා බා ගත කර ගත් ලිපි දෙකක් ලඟ තබා ගැනීම නිසා මානව හිමිකම් නිතිඥයකු වන 63 හැවිරිදි සාන්ත ප්‍රනාන්දු පසුගිය 27 දා ගුවන් තොටුපලේ ගමන්මලු පරීක්ෂාවකින් පසු අත් අඩංගුවට ගන්නා ගැනේ. දැන් මාසයක් රඳවා තබා ගත හැකි පරිදි රුදවුම් නියෝගයකට යටත් කර ඇත.
පොලිස් පහර දීමකට සම්බන්ධ මානව හිමිකම් නඩුවක් වෙනුවෙන් පෙනී සිටි නිතිඥ අමිත ආරියරත්න ගේ කාර්යාලය සහමුලින් ම පුළුස්සා දමයි. අපරාධකකරු සොයා ගැනීමට නැත.
සිය සැමියා වූ සන්ඩේ ලීඩර් කතුවරයා වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ පුද්ගලයින් තමන් දන්නා බවත් ඒ කව්රුන්දැයි පෙබරවාරි 15 දින හෙළිදරව් කරන බවටත් රජයේ ප්‍රධානීන් කළ ප්‍රකාශය ගැන සොයා බලන ලෙස මොනිං ලිඩර් කතුවරිය වු සොනාලි සමරසිංහ කළ ඉල්ලීම පොලීසිය ප්‍රතික්ෂේප කරයි.
ඝාතනය තැතකින් බේරී දිවි ගලවා ගත් රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන්ට තාවකාලිකව රට හැර යාමට සිදු විය. එම ඝාතන තැත සම්බන්ධ පොලිස් පරීක්ෂන ඉබි ගමනින් බව එම පුවත්පත කිය යි.
පැහැරගෙන ගොස් පොලිස් අත් අඩංගුවෙහි සිටින සුදරෝලි කර්තෘ අධිකරණමය ක්‍රියාවලියකට භාජනය විමට පෙර රටෙහි බලගතුම නිලධාරියකු වන ආරක්ෂ ලේකම්වරයා ඔහු ත්‍රස්තවාදියෙකැයි ලෝකයට කිය යි. ඔහු තෙමසක රඳවා ගැනීමේ නියෝගයකට යටත් කැරේ.
ජනමාධ්‍ය උපදේශකයකු සහ ශ්‍රාස්ත්‍රඥයකු වන මහාචාර්‍ය දම්මික ගංගනාත් දිසානායක පැහැර ගෙන යන ලදුව රට හැර යන සේ තර්ජනය කර මුදා හැරේ.


"සිදු විය හැකි දේ නුඹ නොදන්නවා වෙන්න පුළුවන්" - The Curious Case of Benjamin Button (2008)

Binku


මරණාසන්න වියපත් කාන්තාවක් සිය දියණියගෙන් තමා සතුව තිබු සිය මුල් සැමියා විසින් ලිව් පොතක් කියවන්නැයි ඉල්ලයි. ඒ තුලින් මහලු නිවාසයක සාත්තු සේවික යුවලක් යටතේ හැදි වැඩුණු විකල දරුවෙකු මහළුවියෙන් තරුණ වියද නො නැවිති ඒ ඔස්සේ ගලා ගෙන යන The Curious Case of Benjamin Button චිත්‍රපටිය ආදරය, වියෝව, ඊරිශියාව, ක්‍රෝධය, තණ්හාව වැනි මිනිසුන්ගේ ගැඟිම් මුසුව උපත, මරණය, අබාගත වීම, යුද්ධය වැනි අත්දැකිම් සමුදායක් කැටිකර දක්වන්නට උත්සහ දරයි. සිය අබාධිත බව නිසා ළමා වියේ සොඳුරුබව අහිමිවන Benjamin Button නැවියෙකු ලෙසද පසුව පෙම්වත්තයෙකු ලෙසද අත්දැකිම් වලට මුහුණ දුන් ඔහු පියෙක් විමත් ඒ හා බැදුණු අනුවේදනිය සිදුවිම් තුලින්ද ජිවිතයේ ඇතැම් දේ වැලැක්විය නො හැකි බව (You can't stop what's coming)පසක් කරමින් අපේ ජිවිතයේ මුහුණ දෙනු ලබන විවිධ ප්‍රශ්ණ වලට පුර්වාදර්ශයක් සපයයි. වරෙක වැඩ කල නැවේහි කපාතින් මයික් ගණිකා මඩමේදි බීමත්ව කියන කතාව සිය දරුවන්ගේ දක්ෂතා නොසලකා ඔවුන් තම අරමුණු වලට යොදවන දෙමව්පියන්ට පාඩමක් බදුය.

David Fincher හා තීර රචක Eric Rothගේද, ප්‍රධාන නළු Brad Pittගේද නිළි Cate Blanchettගේද දක්ෂතා නිසාත් හැඩගැන්විමත් නිසා ඇතැම් බොහෝ චිත්‍රපටි වලට වඩා වෙනස් මඟක් ගනි. සිය පෙම්වතියගේ ජිවිතේ අභාග්‍ය සම්පන්නම මොහොතක් පෙන්වීමේදී කෙළින් එය පෙන්විමේ සම්ප්‍රදාය අනුගමන නොකර එය එසේ 'සිදු වුවානම්' සිදු විය හැකි දේ සමඟම ඒසේ 'සිදුවි' යන අයුරුත් පෙන්විම එවැනි අවස්ථාවකි. කථාව පුරාම විවිධ අවස්ථාවලදි ඒ ඒ මිනිසුන් මුහුණ දෙන සිදුවිම් නිසා ඔවුන්ගේ ගැඟිම් හා සිතුවිලි කෙලින් නො කියා කියමින් Benjaminගේ අවරෝහණ ජිවිතයේද, Daisyගේ වැනිම වු අපගේද ජිවිතේ වැලැක්විය නොහැකි පොදු සාධකයකිනි.

ඔස්කාර් සම්මාන තුනකට නිර්දේශ වු මෙම චිත්‍රපටිය Fiscott Fitzgaldගේ කෙටි කතාවක් ඔස්සේ තැනු මෙය ජිවිතයේ විවිධ අත්දැකිම් හා සිදුවිම් නිසා හෙම්බත් වු සියළු දෙනාටම වැදගත් චිත්‍රපටියකි.

ImageHost.org


මෙතැනින් ගෙන ඔබත් නරඹන්න (මෙතනින් ශිර්ෂපාඨ ගන්න )