'බක්?' "ඒ මොකද්ද?" නම්...මේකත් බලපං

කොවුල් අඬහැරය නො ඇසේ නම්,
කරකවලා රේඩියෝ අහපං
කොණ්ඩ කැවූම් බදින්න නොදනී නම්,
කූකරෙන් රෝලස් බැදපං
පිරුවට චාම්ව අදින්න ලැජ්ජා නම්,
යාරකට දෙකක් ඇදපං
කිරි උතුරවන්නට ලිප මොලවන්න බැරි නම්,
ගිහින් සෝඩා උදුරවපං
වත්තේ රබන් පදේට හතරබීරී නම්,
වහලා දොරට තඩි බාපං
ගණුදෙණු කරන්න යන්න කම්මැලි නම්,
අරුන් එක්ක සවාරි පලයං
සිප්පි එක්ක පංච කෙලින්න අමතක නම්,
මැෂිමේ කෝල් ඔෆ් ඩුට් ගහපං
ඔන්චිල්ලා පදින්න 'අපොයි බයයි අනේ' නම්,
දෙකකුලෙන් පුටුව පද්දපං


අල්ලපු ගෙදර උන්දෑ එක්ක අමනාප නම්,
අර මෙහෙයුමට අත්පුඩි ගහපං
කදවුරේ පාර්වතීගේ මර අඳෝනා නෑසේ නම්,
ගිහිං දුවට තාලේට රණ ගී කියපං
පුතා එනතුරු සෝමවතීගෙ බය ගාණක් නැත්නම්,
පූතාට සෙල්ලං තුවක්කුවක් අරං දීපං
සොච්චම් වන්දීය එක්ක මීනියට පස් දාන එකී පව් නම්,
උන්ගේ පොස්ටර් දහසක් ජන්දේට ගහපං
ඇඳන් යට ෂෙල් වැස්සට තෙත්වන මැටි බිම වියලි නම්,
මස්සිනාට ගිහිං හැඟීමුත්තං කියා දීපං
මලමිනී මතින් නැග කටපුරා හිනැහෙන්න ඕන නම්,
ලෝකේටම ඇහෙන්න කෑ ගහපං
“අපි සුද්දවත්තයෝ”
“නුඹලා ත්‍රස්තවාදියෝ”
කියලාම.
ඉතින්
ගහේ එරබදු මල් නොපිපෙනා වසන්තයට,
වත්තේ පොපි මල් වවාපං

අන්තවාදීව කෑගසන, දෙපැත්තටම ත්‍රස්තවාදීන්යැයිද තමුන් නීර්දෝශී බවක්ද කියන කොටි හා ආණ්ඩුවේ පැත්තේම අයවලුන් වෙනුවෙනි.

Comments (11)

Anonymous

8:40 PM, April 09, 2009

බිංකු මට කියන්න දෙයක් නැහැ! ඔක්කොම ලියැවිලා තියෙන්නේ!
ඔන්න අපේ බක තපස් අවුරුද්ද!

උන්මත්තක

11:49 PM, April 09, 2009

මේකේ ගොඩක් දේවල් සමඟ එකඟයි. ‍අඟනා නිර්මානයක්. පුතා එනතුරු මඟ බලාසිටින සෝමවතීලා, යුධ බියෙන් වෙවුලන පාර්වතීලා, යුධ උණ විකාරෙන් කියවන චම්පික රණවකලා, ‍වෛරය වපුරුවන නිවට වන්දිභට්ට චීවරධාරීන් නොසිටින දිනයක් ආවොත් එදා සිට හැම දිනෙකම මේ රටට අවුරුදුය.

Kanch

12:33 AM, April 10, 2009

හරීම අපුරු සිතුවිල්ලක්!!! මොනවා උනත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!! :D

ගවේෂණ

5:04 AM, April 10, 2009

ඇත්ත කතාව. දැන් අපිට තියෙන්නෙ මීඩියා අලුත් අවුරුද්දක් නෙ.
ඒ ගොල්ලො කියන පදෙට නටල ඒ ගොල්ලො පෙන්නන විදිහට අවුරුදු කනව. :(

පිටස්තරයා

8:33 AM, April 10, 2009

බින්කු මලයෝ මේක නම් ඉස්තරම්. කටේ බැරිනම් කොහෙ හරි ඇබයක් ගහගන්න පුලුවන් මීඩියා කාරයොන්ටයි වන්දිභට්ටයොන්ටයි

malee_msg

1:04 AM, April 11, 2009

නියමයි මලයා!! උපරිමයි!

Unknown

10:17 AM, April 11, 2009

හ්ම්ම්..........

Unknown

10:25 AM, April 11, 2009

මට උඹ කියන දේ පැහැදිලි නෑ බිංකු. මුල එකක් අග තව එකක්.

Narada

2:41 PM, April 11, 2009

මුල අපි, අග අපි හා උන්. කෙලින් කියන්නේ නැහැ ඒත්. දකින කෝණය තමා අයියේ!

මධුර

3:52 AM, April 16, 2009

ඕකෙ තුන්වෙනි verse එක රනිල්ගෙන් ඉල්ලගන්න!

D W Buddika Premarathna

10:05 AM, April 16, 2009

අති විශිෂ්ටයි බ්න්කු මල්ලි.හරිම ලස්සනයි.ලස්සනට ලියල තියනව.

Post a Comment

සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.

Note: Only a member of this blog may post a comment.