ඒකාධිපතිත්වයක් යට….අපි හා බුරුමය

සුනන්ද දේශප්‍රිය
පසුගිය දා ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාණ්ඩුවේ සහායට පැමිණි එක් රටක් වුයේ මියන්මාරය නොහොත් බුරුමය යි. රජයේ ජනමාධ්‍යයන්හි මේ සහාය සම්බන්ධයෙන් මහත් උජාරු කතා පළව තිබුණි. අප ඇත්ත වශයෙන්ම ප්‍රජාත්නත්‍රවාදය ගරු කරන රටක් නම් බුරුමයෙන් ලැබෙන සහාය ගැන ලැජ්ජා විය යුතු ය. මන්ද යත් අප මහත් ආඩම්බරයෙන් අගය කරන යහ පාලනය සහ මානව හිමිකම් නැත්තට ම නැති රටක් ලෙස මියන්මාරය නම් දරා සිටින නිසා ය. මානව හිමිකම් පිළිබද ප්‍රශ්නයේ දි අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාව සමඟ සිටින රටවල ලැයිස්තුවක් ලියුව හොත් අපට අප රට ගැන මහත් දුකක් ඇතිවනු ඇත.


ඇත්ත වශයෙන් ම නම් අප සිටිය යුත්තේ බුරුම ආණ්ඩුව සමග නොව ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස දශක ගණනාවක් පුරා සිර ගත කොට සිටින එරට නියම නායිකාව වන සං සුකී සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලයේ නියුතු බෞද්ධ භික්ෂුන් ප්‍රමුඛ සිවිල් සමාජය සමග ය. නමුත් කණගාටුවට කරුණ වන්නේ අඩුම වශයෙන් එරට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගල කරන ජනයාට වචනයෙන්වත් සහායක් දීමට මෙරට ආණ්ඩුව අසමත් වී සිටීම ය. මියන්මාරය ශ්‍රී ලංකාවට සහාය දෙන්නේ මෙරට ආණ්ඩුවට ඇති ආදරය නිසා නොවේ. ස්වකීය ප්‍රජාතන්ත්‍ර විරෝධී පිළිවෙත සදහා සහාය අන්තර් ජාතික තලයේ දි සහාය ලබා ගැනීමට ය. රොබට් මුගාබේ ගේ සිම්බාබ්වේ සිට කස්ත්‍රෝගේ කියුබාව දක්වා වන සෑම ඒකාධිපති පාලනයක් ම එලෙස සහාය දෙන්නේ ස්වකීය ජනතා විරෝධි පාලනයන්ට ශ්‍රී ලංකාණ්ඩුවේ සහාය ලබා ගැනීම පිණිස ය.
මේ එක රටක වත් නිදහස් සහ ස්වාධීන නිසි කළට පවත් වන මැතිවරණ, ජනමාධ්‍ය නිදහස, අධිකරණ ස්වාධිනත්වය හෝ අනෙක් මානව අයිතිවාසිකම් හෝ නැත.
පසුගිය වසරෙහි මියන්මාරයේ බෞද්ධ භික්ෂුන් විසින් නායකත්වය දෙන ලද ප්‍රජාතන්ත්‍රවාදි නැගිටීමක් අපි හැම දනිමු. එය යකඩින් සහ ගින්දරෙන් තලා පෙලා මැඩලන ලදී. දෙදහසකට වැඩි පිරිසක් සිරගත කරනු ලැබුනි. කොපමණ දෙනා කොපමණ කළකට සිරගත කරනු ලැබ ඇත්දැයි කිසිවකු දන්නේ නැත. ඉන් සමහරකු සිර ගත කර ඇත්තේ 65 වසරක සිර දඩුවමකට ය. මේ නඩු අසන්නේ කොහිද සිර ගත කරනු ලැබ ඇත්තේ කොහිද කියා හරියට දන්නා කෙනෙක් ද නැත.
ශ්‍රී ලංකාවේ අද පෙර නොවී විරූ අදහස් වාරණයක් පවති. මෙම වාරණය බිද හෙලීමට ඉදිරියට පැමිණෙමින් ඇති එක් පිරිසක් නම් නිර්භය කවීන් ය. එම කවි ගැන ලිවීම මම සාහිත්‍ය ලේඛකයින්ට තබමි. මෙම ආරම්භය රළ වේගයක් බවට පත්විමට ඉඩ සලසමින් ඔවුන් දිරිමත් කිරීම අද ඉතා වැදගත් ය. ජවිපෙ සහ ආණ්ඩුව තරඟයට මිනීි මැරූ 1988-1990 යුගයේ ද මෙවැනි විරෝධතා කවි කළ එළි බැස්සේ ය.
මියන්මාරයේ බෞද්ධ භික්ෂු කැරැල්ල මර්දනයෙන් පසු ද මෙැවනි කවි වසන්තයක් ඇති විය. පසුගිය පෙරවාරි 14 දිනට යෙදුනු ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් නේ මායේ කිව් නම් අනතර් ජාල බ්ලොග්කරුවකු පෙම් කවක් ලියා පළ කලාය. එය අනතුරුව එහි සඟරාවක පළ කෙරිණ. රුන්ගුන් නුවර සයිබර් කැපේ තුනක අයිතිකරුවක වූ නේ මායේ කිව් එරට අන්තර්ජාල බ්ලොග්කරුවන් අතර සැළකෙන්නේ පෙර ගමන්කරුවකු ලෙස ය. 2008 බෞද්ධ භික්ෂුන්ගේ කරැල්ල අවස්ථාවෙහි එහි ඩිජිටල් ජායාරූප ලොව වටා යැවීමේ ප්‍රමුඛයකු වුයේ ඔහු ය.
ඔහු ලියා පළ කළ පෙම් කව පෙරවාරි 14 නම් විය. එහි ලියැවි තිබුණේ මෙසේ ය: ආදරය ගැඹුරින්ම විය යුතු ය. අව්‍යාජව උන්මාදයෙන් මෙන් විය යුතු ය. නැතිනම් ඒ වනාහී ආදරයක් නොවේ. නමුත් මේ පෙම් කව යට සැගවුණු අරුතක් ඇතිබව හමුදා ජුන්ටාවේ ඔත්තුකකරුවෝ සොයා ගත්හ. කවියේ සෑම පේලියකම ආරම්භක අකුරු ලියා තිබුණේ ඒ අකුරු එක් කළවිට හමුදා නායකයාට අපහාසයට පත්කැරෙන පරිදි ය. එයින් මෙසේ කියැවුණි. ජෙනරල් තාන් ෂේ බල තන්හාවෙන් පිස්සු වැටී ඇත.
කවියා විසිවසරකුත් මාස හයකට සිර ගත කෙරුණි. කවියා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී අන්ග් තියෑන් කවියා වෙනුවෙන් පෙනී සිට උසාවියට අපහාස කළැයි හාර මාසකට සිර ගත කෙරුනි.

කවියේ දළ ඉංග්‍රිසි පරිවර්ථනය වෙබ් ලිපියකින් උපුටා ගත්තෙමි. ඔහු සිර ගත කෙරුනු අකුරු කළු අකුරින් දැක්වේ.

14th february

Ar rin bek ka pyaw dair
(Aaron Beck, the psychiatrist, said)
Nar nar khan sah dat hma khan sah hma
(Only if you know how to suffer painfully)
Yoo yoo moo moo go phyit nay hma
(Only if you are crazy - crazy )
Kyi myat tet a noot pyinnya lo
(Can you appreciate a great work of Art)
Hmoo hmoan hmaing way zay det dat poan model ma lay yay
(Dear little photomodel who makes me dizzy)
Kyi daunk kyi mah kya hma a thair kwair det yawgah det
(They say it is a broken liver disease, a great and terrible one) [note: Broken heart in Burmese is usually expressed as a broken liver.]
Than baung myah zwa thaw chit tat thu myah
(Millions of those who know how to love)
Shwe a teet cha hta thaw let myah phyint let khoak tee yway yair bar
(Laugh and clap those gold-gilded hands)




පසු සටහන:
සටන් විරාම කාලයේ ලියූ ලිපි දෙකක ජේද දෙකක් වෙනුවෙන් මාධ්‍යවේදී තිස්සෙයිනායගම් සිරගත කරන සේ ශ්‍රී ලංකාණ්ඩුව ප්‍රජාතන්ත්‍රවිරෝධී නීතියක් යටතේ නඩු පරවා තිබේ.
අන්තර්ජාලයෙන් කියවා බා ගත කර ගත් ලිපි දෙකක් ලඟ තබා ගැනීම නිසා මානව හිමිකම් නිතිඥයකු වන 63 හැවිරිදි සාන්ත ප්‍රනාන්දු පසුගිය 27 දා ගුවන් තොටුපලේ ගමන්මලු පරීක්ෂාවකින් පසු අත් අඩංගුවට ගන්නා ගැනේ. දැන් මාසයක් රඳවා තබා ගත හැකි පරිදි රුදවුම් නියෝගයකට යටත් කර ඇත.
පොලිස් පහර දීමකට සම්බන්ධ මානව හිමිකම් නඩුවක් වෙනුවෙන් පෙනී සිටි නිතිඥ අමිත ආරියරත්න ගේ කාර්යාලය සහමුලින් ම පුළුස්සා දමයි. අපරාධකකරු සොයා ගැනීමට නැත.
සිය සැමියා වූ සන්ඩේ ලීඩර් කතුවරයා වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ පුද්ගලයින් තමන් දන්නා බවත් ඒ කව්රුන්දැයි පෙබරවාරි 15 දින හෙළිදරව් කරන බවටත් රජයේ ප්‍රධානීන් කළ ප්‍රකාශය ගැන සොයා බලන ලෙස මොනිං ලිඩර් කතුවරිය වු සොනාලි සමරසිංහ කළ ඉල්ලීම පොලීසිය ප්‍රතික්ෂේප කරයි.
ඝාතනය තැතකින් බේරී දිවි ගලවා ගත් රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන්ට තාවකාලිකව රට හැර යාමට සිදු විය. එම ඝාතන තැත සම්බන්ධ පොලිස් පරීක්ෂන ඉබි ගමනින් බව එම පුවත්පත කිය යි.
පැහැරගෙන ගොස් පොලිස් අත් අඩංගුවෙහි සිටින සුදරෝලි කර්තෘ අධිකරණමය ක්‍රියාවලියකට භාජනය විමට පෙර රටෙහි බලගතුම නිලධාරියකු වන ආරක්ෂ ලේකම්වරයා ඔහු ත්‍රස්තවාදියෙකැයි ලෝකයට කිය යි. ඔහු තෙමසක රඳවා ගැනීමේ නියෝගයකට යටත් කැරේ.
ජනමාධ්‍ය උපදේශකයකු සහ ශ්‍රාස්ත්‍රඥයකු වන මහාචාර්‍ය දම්මික ගංගනාත් දිසානායක පැහැර ගෙන යන ලදුව රට හැර යන සේ තර්ජනය කර මුදා හැරේ.


Comments (13)

Anonymous

6:19 PM, April 03, 2009

ත්‍රස්තවාදය මැඩලීම උෙදසා වන එකාධිපතිවාදය සාධාරණීයකරණය කළ හැක. එනමුත් රජයහි දූෂිත ක්‍රියාකලාපය වසා ගැනීමට ක්‍රියාත්මක වන එකාධිපතිවාදය සාධාරණීයකරණය කළ ෙනාහැක.

Unknown

9:25 PM, April 03, 2009

@ Anonymous

ඔය කතාව මෙතෙන්ට අදාල නෑ නේද?

Sankha

9:55 PM, April 03, 2009

@බින්කු,
උත්සාහය ප්‍රශංසනීනයි.

@Anonymous,
දැන් ඒකාධිපතිත්වය භාවිතා කරන්නේ ත්‍රස්තවාදය කියන කාරණයට මුවා වෙලා ‍රටේ තියෙන ප්‍රශ්න වහ ගැනීම සදහායි. කුමන තත්ත්වයකදී වුවද රාජ්‍ය ඒකාදිපතිත්වය හොද නැත

Narada

11:19 PM, April 03, 2009

@Anonymous

මිනිසෙකු නිසා මිනිසුන් කිහිප දෙනෙකු නිසා තවත් කොටසක් තැලිම පෙලීම මට අනුමත කරන්න බැහැ, එය යුද්ධයේ ත්‍රස්තවාදයේ නාමයෙන් කෙරෙනවා නම් කියටවත් බැහැ මචෝ. ඔයාගේ නෑයෙක් තාත්තෙක් මාමෙක් උස්සන් ගියොත් මැරුවොත් තේරේවි එදාට.

Sam

6:13 AM, April 04, 2009

අපි ඔය ලාබෙට කන හාලත් ලංකාවට එන්නේ බුරුමෙන් තමයී. මෙන්න කැට, බඩ කට පිරුනාට පස්සේ බුරුමෙ මිනිස්සු ගැන කදුලු හෙලන අපේ ගොයීයෝ එක්කෙනෙක්වත්, අනේ මම මීටපස්සෙ කදුලෙන් වවාපු බුරුමෙන් ගෙනා බත් කන්නේ නෑනැ, බතල කන එක ඊට හොදයී, නැත්තම වැඩිමිලට අම්පාරෙ කිරි කැකුලු විතරක් කනවා කියලා, බලෙන් අපනයනය කරාපු, හාල් කන එක නවත්වයී කියලා.

ඔය බුරුමෙ මිනිස්සු ප්‍රජාත්ත්‍රවාදට පෙලපාලි ගිය මගුලක් නැහැ. පෙලපාලි ගියේ බඩ ගින්නටයී. හාමදුරුවරු, තමන්ගේ පාත්තරෙ, බඩගින්න ඉන්නා මිනිස්සුන්ට බෙද බෙදා ගියේ. හමුදා රජය අපිට නැව් පිටින් හාල් විකුනකොට දේශප්‍රිය මහත්තයගෙ හදවත කම්පා වෙලා, පැන් තුඩුන් කදුලු දෝරෙ ගැලුවෙ නැත්තෙ, බත් මතට නින්ද ගිහිල්ල තිබුන නිසා වෙන්නා ඇති. එහෙම නැතිව, තමන්ට වාසි වෙලාවට කටපියාගෙන, අවාසි වෙලාවට කට අරින අවස්තාවදීබාව නිසා නෙවෙයී කියලායී මම හිදන්නේ.

සරත් ගුණතුංග

1:39 PM, April 04, 2009

සත්‍යය හෙලි කිරීමටත්, ලොවට වැඩක් ඇති දේවල් ගැන ලිවීමටත් ඇති ඔබේ ආශාව මම දකින්නේ ඔබ මේ ලොවට බිහි වුනු අගනා පුරවැසියෙක් ලෙසටය. ඔබේ හැකියාවන් දියුණුවෙන් දියුණුවට පත්වේවා යනු මගේ පැතුමයි.

නිලන්‍ත

8:59 PM, April 05, 2009

මහා ප්‍රජාතන්ත්‍රවාදී ඇමරිකාවත් අමානුශික සිරකඳවුරු පවත්වගෙන යනව නේද? එහෙම බැලුවහම අපි කාගෙන් කියල උදවු ගන්නද? සමහරු එලිපිටම භීෂණය සහ සහ සමහරු ඒක ප්‍රජාතන්ත්‍රවාදී රෙද්දෙන් වහගෙන. "ඔයගොල්ලො ප්‍රජාතන්ත්‍ර විරෝදී ඒ නිසා අපිට ඔයගොල්ලන්ගෙ සහය එපා" කියල තමන් ප්‍රජාතන්ත්‍රවාදයේ නියමුවන් කියල ලෝකෙට පෙන්නන ඇමරිකාවටයි එංගලන්තෙටයි මේ රටට විරුද්ධ යෝජනා ආරක්ෂක මංඩලයට ගේන්න ඉඩදුන්නනම් අර දේශප්‍රිය හරිම ආස ඇති. එහෙම උනානං අන්තිම මොහොතෙ හරි ප්‍රභයි උගේ ගෝලබාලයෝ ටිකයි කොහොම හරි ආයෙත් බේරගන්න හොඳ අවස්ථාවක් ලැබෙනව.
ඕව නිකං හිතේ අමාරුවට හරි නිකං ඉන්න බැරුවට හරි කියන කතා. එහෙමත් නැත්තං තමංගෙ නායකය පුටුවෙ ඉන්දන්න බැරිඋනාට තරහෙ ලියවෙන කියවෙන දේවල්. හොඳට බැලුවොත් පෙනෙයි ඔය මානව හිමිකම් කඩනවයි කියන බොහෝ රටවල් ඇමරිකාවට වැඳනමස්කාර කරන කට්ටිය නොවන බව. ඒකම තමා එම රටවල් ප්‍රජාතන්ත්‍රවාදී නොවීමටත් හේතුව.

අනික බිංකු ලංකාවෙ ආන්ඩු කීපයක්ම ජනාධිපතිවරු කීපදෙනෙක්ම මේ ප්‍රශ්නෙ ඔය කියනආකාරයෙන් හැමෝගෙම ඕනිඑපාකම් අනුව මේ ප්‍රශ්නෙ විසඳන්න ගියානෙ. හරිගියෙ නැහැනෙ. සාර්ථකවේගන යන එකම ක්‍රමේ තමයි දැන් ක්‍රියාත්මක වෙන්නෙ. සෝබන ප්‍රජාතන්ත්‍රවාදයක් පෙන්නන්න ගිහින් අනෙක් රටවල් වලින් ලැබෙන සහය එපා කියල රට දෙකට කඩන්න ඉඩඇරල අනුරාධපුරෙන් එහාට යන්න වීස පාස්පෝට් ගන්න, මිනීමරුවෙකුට කප්පම් ගෙවන්න බිංකු කැමතිද?
කට්ටියට නොතේරුනාට(නොතේරුනා වගේ හිටියට) ප්‍රභාකරන් කියන්නෙ ගෙයක් මංකොල්ලකාපු, ගෑනියෙක් හොරෙන් උස්සන්ගිය, රංඩුවකදි මිනිහෙකුට පොල්ලකින් ගහල මරපු තුට්ටුදෙකේ හොරෙක්වත් මිනීමරුවෙක්වත් නෙමෙයිනෙ. ඌ වගේ රටෙන් කෑල්ලක් අවුරුදු 30ක් තිස්සෙ අල්ලගෙන ඉන්න, මහාපරිමාන ජාත්‍යන්තර සම්බන්ධතා තියන ජනසංහාරකයෙක් ඉවරකරන්න යනකොට හිතාමතාම වචනයකින් හරි ඌට සහයෝගය දෙන සියලුම මාර්ග අවහිර කල යුතුමයි. ඒ එක වචනයක් ඇති අර "ප්‍රජාතන්ත්‍රවාදී සුදු මහත්තුරුන්ට" අපේ රටට රිංගල ප්‍රභාගෙ මානව හිමිකම් ආරක්ෂා කරන්න.

අනික ඔය බිංකු කියන ලංකාවට වඩා මේ ලංකාව වෙනස්. ඔයකියනා ආකාරයේ අදහස් වාරණයක් මෙහේ නැ. BFලා, ශාන්ල කොටි වෙනුවෙන් ආන්ඩුවට, ලංකාවට, බෞද්ධයට ගරහන්නෙ. Taboo Subjects
එහෙම ඔය සිල්රෙදි පොරොවගෙන ඉන්න ආන්ඩුවෙ අයියලගෙ රෙදි ගලවන්නෙ. පත්තර වලින්, අන්තර්ජාලයෙන්, විද්‍යුත් මාධ්‍යවලින් ඕනිතරම් ආන්ඩුවෙ, ජනාධිපතිගෙ වැරදි කියන්නෙ. ඒව තහනම් කරන්න එපායැ. කිසිම පත්තරේක "බලධාරියා විසින් කපනලදී" කියල සුදුපාට හිස් ඉඩ නෑ. යුධපුවත් ගැන යම් පාලනයක් තියෙනව. එය මෙවැනි තත්වයක් තුල අත්‍යාවශ්‍ය දෙයක්.ඉස්සර කොටියට කඩේ ගියාට කවුරුවත් මොකුත් කිව්වෙ නෑ. ඒත් දැන් මිනිස්සු ඒකට විරුද්ධව කතාකරනවා. ඒක වාරණයක්ද? ප්‍රජාතන්ත්‍ර විරෝධයක්ද? පිරිහීමක්ද?
කාගෙවත් පදයකට නටන්නෙනැති, කෙලින් කතාකරන තමන්ගෙ තනතුරේ වගකීම හරිහැටි ඉටුකරන ආරක්ෂක ලේකම්කෙනෙක් ඉන්නඑක ගැන LTTE යට විරුද්ධ ශ්‍රී ලාංකිකයෙක් හැටියට මම සංතෝෂ වෙනව.
අනික ලංකාවට ආධාරකලේ මියන්මාරය පමණක් නොවේ. ඇමරිකාවටත් එංගලන්තයටත් අනෙක් කොටි හිතවත් රටවල් කීපයටත් විරුද්ධව ලංකාවට සහය දුන් අනෙක් බොහෝ රටවල් ගැන ඔබගේත් ඔබේ කතානායක දේශප්‍රියගේ අදහස කුමක්ද?

Sankha

4:34 AM, April 06, 2009

@ නිලන්ත,
ඔබට නම් ලංකා‍‍වේ ප්‍රජාතන්ත්‍රවා‍දේ‍හොදට අල්ලල ගිහිං ව‍ගේ, බ්‍‍‍ලොග් ලිවීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය මනින එකම ඔ‍‍බේමැනබැලීම ගැන අදහසක් ‍‍‍දෙනවා. බ්‍‍‍ලොග් වල උනත් බලන්න කිසියම් රැඩිකල් ‍දෙයක් ලියන හැ‍‍‍මෝම තමන්‍‍ගේ නම ‍‍‍වෙනුවට අනවර්ත නම් පාවිච්චි කරන‍‍්‍ ‍නේ ඔ‍‍බේ මහගු ප්‍රජාතන්ත්‍රවාදය නිසයි. මවිබිම තහනම, සිරසට ගැහීම,ලසන්ත ඝාතනය, ඉක්බාල් අතාස් නිහඩ කරවීම, උපාලි ‍‍‍තෙන්න‍‍කෝන් රට යැවීම ව‍ගේ ලිස්ට් එකක ඔබට අමතක ඔළු‍වේ ප්‍රශ්ණයක් නම් වහාම ‍‍වෛද්‍යවර‍‍යෙකු මුණගැ‍‍සෙන්න

Narada

9:08 PM, April 06, 2009

මුලින් මම අයියාට ස්තුතිය පල කරනවා අදහස් දැක්වුවාට. එහෙත් අයියාට මම උත්තරය දෙන්න කලින් මේ ලිපියේ සදහන් වෙලා තියෙන ඒවා සැකවෙන් සදහන් කරන්නම්. මෙ ලිපියේ සදහන් කරන්නේ මියන්මාරයේ තිබෙන මිල්ටරි හමුදා පාලනයක් තිබෙන රජය අපේ ආණ්ඩුවට සහාය දැක්වීමත් එහි කවියෙකුගේ කවියක් හා ඒ නිසා ඔහු අත්ඩංගුව ගැනිමත් ගැනයි. ඒ වගේම අපිට සහය දක්වන ඒකාපතිවාදී රජයන් කිහිපයක් සදහන් කර තිබෙන අතරම අපේ රටේ පසුගිය කාලයේ සිදුවු ඇතැම් ප්‍රජාත්න්ත්‍රවාදී රාමුවට හානියක් වන සිදුවීම් කිහිපයක් සදහන් කර තිබෙන්නේ. මෙහී කොතැනකවත් අපේ රටේ යුද්ධය ගැන කෙලින් කතා කරලා නැහැ. නමුත් අයියාත් Anonymousත් අල්ලාගෙන තිබෙන්නේ එකමයි ඒ ඒ ක්‍රියා සාධාරණයකරණීය කිරිමක් කරන්නට හදන අයුරු කණගාටුයි.යුද්ධය ගැන මින් මතු කෙහෙවත් කතා නොකරන්න මම හිතා හිටියත් මෙහි යුද්ධය ගැන සදහන් නොවී තුබුණත් අයියා ඇද්දා ගනිම නිසා ඒ ගැන කතා කරන්නම්. නමුත් වැඩිය කතා කිරිමේද තේරුමක් නැහැ, ඇමෙරිකාවට විරුද්ධ වන ප්‍රජාන්තවාදී රටවල් නැතැයි අයියා නොකියා කියන අදහස මට කියටවත් පිලිගන්න බැහැ. මේ ලිපිය ඔස්සේ බලන්න: http://www.economist.com/media/pdf/DEMOCRACY_INDEX_2007_v3.pdf ඔතන අයියා කියන ආකාරයේ කතාවක් නැහැ කියලා අත්තර්ජාතික දේශපාලන විද්‍යාව ගැනත් යන්තම් හෝ දැන විවෘතව හිතුවා නම් ප්‍රජාතන්ත්‍රවාදී නැති කතා නො කියනු ඇති. ඒ වගේම ඇමෙරිකාවට ගැති නොවෙන රටවල් වගේම ලංකාවට කියන තරම්ම අඩියටම දාපු තත්ත්වයක් ලංකාවට හිමි වෙලා නැහැනේ. නමට ප්‍රජාතන්ත්‍රවාදී බවක් මොන රටක දැම්මත් වැඩක් නැහැ ඒ රටේ රාජ්‍ය අංශයේ දුෂණ, ගසා කෑම් හා මැඩ පැවැත්වීම් කරනවා නම්. අයියාගේ පිළිතුරේ වැඩි හරියක් ඇමෙරිකාවේ සිදුවීම් ගැන වෙන් කර තිබෙන නිසා මම ඒ ගැනත් කියන්නම්. ඇත්තටම ඇමෙරිකාව ඉරාකය හා ඇෆ්ස්ථානය ත්‍රස්තවාදය මැඩලීමේ පුවරුව වසා ගනිමින් (ඇත්තටම කියනවා නම් ඔබත් රජයත් මෙතරම් බෙරහන් දුන්නත් එකල ඇමෙරිකාවට අත්පුඩි ගැසුවා. මගේත් යුද්ධය ගැන ආකල්ප වෙනස් වුණෙත් මේ සිදුවීම් නිසායි, ඊට කලින් මම ඔබේ තත්වයේ සිටියේ. ඇමෙරිකාවේ අමානුෂ්‍ය සිරගෙවල් හා සිදුවීම් ගැන සදහන් කරන අයියාට මඟ හැරුණු කාරණා කියන්නම්. මේවා ගැන මුලින්ම හෙලිදරව් කලේ කොහෙවත් නොව ඇමෙරිකාවේම පුවත්පතක්ම තමා, ඉන්පසුව තවදුරටත් එවැනි අපරාධ කල දෙනෙකුත් කාන්තා මේජර්වරියෙකුත් අත්ඩංගුවට ගත්තා, ඔවුන්ට දිය හැකි උපරිම යුධ දඩුවම දුන් අතරම ඊට හමුදා බලධාරින්ටම දඩ නියම කලා. ඉතිං අපේ රටේ එහෙම වෙවිද? අනික ඇමෙරිකාවට එරෙහිව ඇමෙරිකාවෙම චිත්‍රපටි නිපදවුවා යුද්ධයේ නමින් කල වැඩවල් සම්බන්ධයෙන්. ඉතිං අපේ රටේ අඩුම තරමේ පත්තරේ ලිපියක් ලියන්න පුලුවන්ද එහෙම? මොකක් හරි ලිපියක් නාමිකව ලිව්වොත් ඒ තැනැත්තාගේ විනාශය තමා. පොඩ්ඩක් සැර වගේ නම් මරණය ගැන ඒ කෙනාට සලකන්න වෙනවා නැත්නම් සුදුවෑන් ස්වාරියකුත් ලැබෙවි. ඉතිං කුකුලන් කැකුල් තලනකොට හබන් කුකුලන්ට මගුල් වගේ එකෙන් අපරාධකරුවන්ට වාසි වගේම එයාලට රැකවරණයත් ලැබෙනවා. ඉතින්....මේකද ප්‍රජාත්න්ත්‍රවාදය අපේම රටේ? ඔයා කැමදිද ඔයාගේ කෙනෙකු ලිව්ව කිව්ව කතාවක් හින්දා බොරුවට කොටි කියලා ලේබල වැදිලා ඉන්නවාට හරි පිටසක්වලින් ආවා වගේ උස්සන් යනවට? එහෙනම් ඔයාට මේ ප්‍රජාත්න්තවාදයෙන් අවුලක් නැහැ. සියලු දෙනාටම වැරදි සිදුවෙනවා වගේම යුද්ධයේදි කිසිවෙක් නිර්දෝශී කෙනෙක් නොමරා යුද්ධය කරන්න බැහැ, ඉතින් කොටි කියන්වා උන් අතින් මැරෙන්නේ නැහැ කියලා, උන් නිර්දෝශි වන අතරම විරුද්ධ වන අයව මරලා දානවා. ඉතිං හමුදාවත් ආණ්ඩුවත් මේ වගේම නෙමේද? ඒ හැටියට උන් අතිනුත් වැරදි වෙන්නේම නැති තරම්ලු, විරුද්ධ වෙන හෝ විවේචන කරන අයට කරන දේ මම කලින් කිව්වනේ. ඔයාට නැති වුනත් අයියේ මට නම් මේ ගැන කලකිරිමකුත් ලැජ්ජාවකුත් දැනෙනවා, කොටින් වගේ නෙමේ හමුදාවත් ආණ්ඩුවත් රජයක්, ඉතිං උන් කොටි වගේ වැඩත් නොකරනවා වගේ කරන එක හරිද? රජයක් ඒ වගේ වැඩ කරනවා නම් කොහොමද ඔය ක්‍යන තරම් හොඳ අනාගතයක් එන්නේ? ඒක තනිකර සරුව පිත්තල කතාවක් විතරයි. සුනාමි වෙලාවේත් මේ වගේම රඟපෑමක් කලා, අවුරුදු ගාණක් කුඩාරම් අස්සේ ඉන්නත් වුණා අපේම මිනිස්සුටත්, හොරුත් රිගුවා ඒ අස්සේ, ආණ්ඩුවේත් විපක්ෂයේත් අය එයින් වාසි ගන්න ගමන්ම මඩ ව්‍යාපාරයක් කලා. ඉතින් ඔය වගේ වැඩ නොවෙයි කියලා කල්තියාම විශ්වාස කරන්න ඉක්මන් වෙන්න එපා. ඒත් මෙහෙම වුණොත් නම් වෙන්නේ එදා වෙච්චි දේම වෙන්න පුළුවන්. දවසක් මම 83 සිද්ධිය ගැන කිව් විට අයියා කිව්වේ එය ධනවාදී සමාජයේ මුදල් ලක්ෂයක් නිසා වුවෙක් කියලානේ, ඉතිං ඒ ගැන අපක්ෂපාතිව හෙව්වොත් දැන ගන්න පුළුවන් වෙයි. ඒක වුණේ නැත්ත්නම් අපි ලඟ නියමාකාර සමාජගත ප්‍රජාත්න්ත්‍රවාදය තිබ්බා නම් ප්‍රභා අද මාළු වෙලෙන්දෙක් හරි ධීවරයෙක්. නාඩනාජන් හොඳ පොලිස් ලොක්කෙක් වෙලා ඉන්න තිබ්බා.

madura

7:32 AM, April 08, 2009

Oya kathaawa sunanda deshapriya nathuwa wena kauru hari kiwwanam man piligannawa :P
thamange waradi wahaganna aanduwata kelinawa bbc horaa :)

Narada

8:18 AM, April 08, 2009

මෙය ලිව් තැනැත්තාට වඩා මට ලිව් කාරණා වැදගත් වු නිසයි දැම්මේ. ලිපි කරුගේ අයිතිය නිසයි මම ඔහුගේ නම දැම්මේ. කෙසේවුවත් ඔබ කතාව පිලිගන්නේ නම් ඒ ඇති. පිලිනොගන්නා අයට වඩා වැදගත් වන්නේ එයයි.

මිගාර

12:29 AM, April 09, 2009

The extract is from sunanda Deshapriya. Sri Lanka should be ashamed to have a thief and a pro-terrorist like him. This is like quoting "Wedi Bana"

Narada

7:39 AM, April 09, 2009

එහෙනම් අපේ දේශපාලකයන් කියන වැදි බන සාධාරණද? මගේ වරද්ද තමා ඉතිං, මාත් පිළි ගත්තා ඔන්න. මටත් තිබ්බේ උන්දෑගේ වැදි බණත් දාන්න. අපොයි අපරාදේ මම හරි අසාධරණයක් කලා නොවැ බඩගෝස්තරයෝට!

ඇත්තටම කියනවා නම් මුන්දෑගේ එව්වා අමතක වුණානේ, ඒ එක්කම ආණ්ඩුවේ උන්දෑගේත් විපක්ෂේ උන්දෑගේත් එව්වා අමතකත් වුණානේ. ස්තුතියි, එහෙනම් මම දාන්නම්කෝ එව්වා ගැනත්!

Post a Comment

සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.

Note: Only a member of this blog may post a comment.