දිනය - 2009 අප්‍රේල් 12 වැනිදා
වේලාව - සවස 6 යි.
ස්ථානය - පිළිමතලාව නගරය
මාගේ සහෝදරයාත් මමත් පිළිමතලව නගරයට පැමිණියේ අපගේ ඥාති ගෙදරකට යාම සඳහායි. එම ගෙදරට ගෙනයාමට යමක් මිළදී ගැනීමේ අටියෙන් කඩයකට ගොඩ වූ අප දෙදෙනා අවශ්‍ය කළමනා මිළදී ගැනිමෙන් පසු බසයකට ගොඩවිම සඳහා බස්නැවතුම් පොළ වෙත පියනැගුවෙමු. අතර මගදී නගරයේ තැපැල් කන්තෝරුව ඉදිරිපිට තිබූ රතිඤ්ඤා තට්ටුව අසල මදක් නැවතුනේ රතිඤ්ඤා පෙට්ටියක් මිළදී ගැනීම සඳහාය. එම වේලාවේම එහි පැමිණි කඩුගන්නාව රථවාහන පෙලීසියේ නිළධාරීන් දෙනෙකු රැගත් සුදු පැහැති මෝටර් සයිකලය රතිඤ්ඤා තට්ටුව ඉදිරිපිට නතර කෙරිණි.(අවශ්‍ය නම් යතුරු පැදියේ අංකය ද මා සතුව ඇත.) යතුරු පැදිය පිටුපස අසුනේ සිටි පොලිස් නිළධාරියා ඉන් බැස තට්ටුව වෙත ගොස් නිලාකූරු පෙට්ටි හයක් හා රතිඤ්ඤා පෙට්ටි දෙකක් රැගෙන එය බෑගයක දමාගෙන පිටව ගියේ ‛‛ මුදලාලී ගිහින් එන්නම්’’ කියාගෙන ය. එම නිලා කූරු පෙට්ටියක මිළ රුපියල් 75කි. රතිඤ්ඤා පෙට්ටියක මිළ රුපියල් 100 කි.
සිද්ධිය දුටු මා ඒ පිළිබඳව මුදලාලිගෙන් විමසුවෙමි. ‛‛ මොනව කරන්නද මහත්තය නොදුන්නොත් ඉතින් මේ ලෑල්ල මෙතන තියාගෙන වෙළදාම් කරල ඉවරයි. මාව එලවල දායි. ඔය එක කට්ටියක් විතරයි. තවත් අය එයි. කොච්චර ආවත් දෙන්න එපැයි ’’ මුදලාලිගේ මුහුණේ ඇත්තේ විස්සෝප ස්වභාවයකි. මමත් මල්ලීත් රතිඤ්ඤා පැකට්ටුවක්ද මිළදීගෙන එතැනින් එන්නට සැරසෙද්දීම තවත් පොලිස් නිළධාරින් දෙදෙනෙකු රැගත් මෝටර් සයිකලයක් පැමිණ රතිඤ්ඤා තට්ටුව අසල නවතනු පෙනිනි.
චන්දන - කටුගස්තොට
ගම්පහ දිස්ත්‍රික්කයේ එක් ප්‍රදේශයක පොලිසියේ නිලධාරින් ඒ ආසන්න තැනක (එයත් එක්තරා ප්‍රකට පාසලක් ආසන්නයේ පිහිටි එකකි (මා දන්නා තරමට මතට තිත නීති අනුව එය නිතී විරෝධි වේ.) මත්පැන් විකුණන ස්ථානයක මත්පැන් මිට ආසන්නව උත්සව සමයේදි බෝතල් ගණනාවක් (පුද්ගලයෙකුට බෝතල් හතරක් හෝ පහක් වැනි ප්‍රමාණයක ගෙනියාමත් තහනම් වේ. මෙහිදී පොලිස්කාරයන්ට ඒ නිතීයද අදාල නොවෙයි. ) මිලදී ගන්නා අතරම ඒ සුරාසැලට ආසන්නයේ තැබෑරැමේ පොලිසියේ සේවය කරන අයවලුන් බීමත් වන බවත් රණ්ඩු ඇති කර ඇතිගන්නා බව මම ඒ ප්‍රදේශයේ නෑ ගෙදරක නැවති කාලයේදී දැක ඇත්තේමි.
පොලිසිය වු කල්හි රටේ වැදගත්ම ආයතනයක් වෙයි, රටක පැවැත්මට පොලිසිය වැදගත් වන අතර එම අංශයේ යහපැවැත්මට නිසි විමසිල්ලක් දැක්විය යුතු වුවද එසේ සිදු නොවෙයි. රටේ නිතීය අපක්ෂපාතීව කටයුතු කල යුතු වුවත් බොහෝ විට සිදු යවන්නේ (හොර ) ආදයම් මාර්ගයක් හෝ දේසපාලන අතකොලුවෙක් හෝ ගංජා/දඩමස් ජවාරමට ආරකෂාවක් ලෙස පොලිසියේ බොහෝ දුෂිත නුසුදුසු පුද්ගලින් නිසා සිදුවෙයි. පොලිසියේ සේවය කිරිම හෝ හමුදාවේ සේවය කිරිම වෙත් අනවශ්‍ය ලෙස මතු කිරීම සුදුසු නෙවෙයි, එය ඇතැම් රටවල තහනම් වෙයි. නමුත් අවාසනාවට අපේ හිටපු පෝලිස්පතියෙක් තම කවුන්ටර් වල නිල ඇදුමෙන් තරග කරන්නට තරම් වෙයි. ඔහුගේ කාලයේ යට ගිය පරික්ෂණ (සෝම හිමි කෝමිසමටත් මෙතුමා ඇතුලත්ය) සිදුවු අනෝදනාත්මක සිදුවීම් (නිහාල් මිනීමැරැම ) හමුවේ කටින් බතල හිටවු අතර සිය නිය කාලය අවසන් කරනවිටදී තමා වැඩ අරඹන විට රටේ දුෂිතම ආයතනය වු පොලිසිය දෙවැනි තැනට ගෙනා බව පවසන ලදී. කෙසේ වුවත් පොලීසිය රටේ තිබිය යුතු උත්තීර වෘත්තියක් විනා වෙන කිසිවෙක් නොවේ. පොලිසිය මෙසේ හැසිරේ නම් ජනයා ගැන කිම? නැති බැරි දුප්පතෙක් අල්ලපු වත්තේන් කෙහෙල් කැනක් ඉස්සුවට තලන අතර ලොක්කෙක් පුරා වස්තුවක් සොරකම් කර අසු වු විට ඇප දී සැලයිට් ගා යැවිම පොලිසියේ බහුතර කාර්යක් වී හමාරය.
Comments (5)
11:01 PM, April 19, 2009
අපේ පොලීසිය ලඟ කීප දෙනෙක්ම තේ කඩ දැම්මා විටින් විට. වැඩිම උනොත් මාස හයක් විතර කරන්න ඇති.. මෙන්න බොලේ
එකපාරටම වහනවා. කට්ටියට හිතාගන්න පුළුවන්නෙ හේතුව..පස්සෙ කාලෙක ඒ ගොඩනැගිල්ලෙ ටී.වී, ෆ්‍රිජ් අළුත්වැඩියා කරන තැනක් ඇරියා. දැන් ඒකත් වහලා... හික් හික්..
12:33 AM, April 20, 2009
ඔබගේ ඉහතින් අදහස් කරනලද බොහෝ සිදුවීම්වලට රටපාලනය කරන දෙශපලුවන්ගේ ආශිර්වදය හා රෑකවරනය ලෑබීමයි ප්‍රධානම හේතුව.
පොලීසිය සම්පූර්නයෙන්ම වගෙ රට පාලනය කරන දෙශපලන පක්ෂයේ කොටසක් ලෙස ක‍්රියාකරයි මෙය ඔනෑම කෙනෙකුට තෙරෙන දෙයක් උවද කිසිවෙකු එයට එරෙහිවීමක් නොපෙන්වයි දේශපලකයන් තමන්ට අවශ්ය අකාරයට හෑසිරෙන අතරම පොලීසියටද තමන්ට රිසිදෙයක් කිරීමට ඉඩහෑර තිබේ.
ඉහත ඔබ සදහන් ක‍්රන ලද නිලධාරියාගෙ කතාවෙන් දේශපලකයන් රටට ලබාදෙන නරක පූර්වාදර්ශක් පෙන්නුම්කරයි එනම් තම නිලකාලය තුල පාලකයන්ගේ සුරතලුන් ලෙස ක‍්රීයාකිරීමෙන් නිලකාලයෙන් පසුව ගතකල හෑකි සෑපවත් ජීවිතය පිලිබද ඉගියක් වර්තමන නිලධාරින්හට ලබාදීමයි (තනාපතිකම්, ආන්ඩුකරකම් වෑනිදෙ)මෙවෑනි දෑ නිසයි අපට සමහරවිට පොලිස්පතිවරුන් දේශපලකයන්ගේ පවුද්ගලික අරක්ශකයන් ලෙසත් පොලිස් මාධ්ය ප‍්රකාශක වරුන් අමාත්යමනන්ඩල ප‍්රකශකයන් ලෙසත් ක‍්රියාක‍්රනු දෑකගත හෑකිවන්නේ.
6:02 AM, April 20, 2009
මේ ලංකාවේ මේ යුද්ද, ආර්තික පුරස්න සහ බොහෝමයක් පුරස්න වලට හේතුව ලංකාවේ හරි හමන් පොලීසියක් නැති එකයී. හරි හමන් පොලීසියක් නැතිව ප්‍රජාත්ත්‍රවාදයක් පවත්වාගෙන යන්න බැහැ. මේ යූද්දයෙන් පස්සෙවත්, අපිට විනිවිද දැකීය හැකි පොලීසියක් ගොඩ නගාගන්න බැරුවුනෝතින්, තවත් අවි අතට ගැනීමක් ඉදිරියේදි වෙනවා සිකුරුයී. පොලීසියේ වැරදි වලට දේශපාලකයන්ට දොස් කියල වැඩක් නැහැ. දොස්තර හරියට වෙදකම කරන්නේ නැත්තම් වරද දොස්තරගේ වගේම, පොලීසිය හරියට පොලෝසි කරන්නෙ නැත්තම් වරද පොලෝසියේයී. ලංකාවේ පොලොසිය හරියට බෙබද්දෙකුගේ කැවුත්ත වගේ.
9:47 AM, April 20, 2009
Anonymous ඔබ කියන කතාව ඇත්ත තමා.
සෑම් මාමගේ කතාවත් ඇත්ත. නිතීයේ සම්ප්‍රදානකරැවන් දේශපාලකයෝයි. එය සුරකීන්නේ පොලිසියයි. ඒත් එව්වා කඩන්න දොගොල්ලෝ එකතු වන එක විහිලුවක් නොවැ?
12:09 AM, April 21, 2009
හපෝ... පොලිස්? ඉක්මනින්ම පොලිෂ් නොකරුවොත් ලොකු විනාසයක් අත ලග!
Post a Comment
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.
Note: Only a member of this blog may post a comment.