"සිදු විය හැකි දේ නුඹ නොදන්නවා වෙන්න පුළුවන්" - The Curious Case of Benjamin Button (2008)

Binku


මරණාසන්න වියපත් කාන්තාවක් සිය දියණියගෙන් තමා සතුව තිබු සිය මුල් සැමියා විසින් ලිව් පොතක් කියවන්නැයි ඉල්ලයි. ඒ තුලින් මහලු නිවාසයක සාත්තු සේවික යුවලක් යටතේ හැදි වැඩුණු විකල දරුවෙකු මහළුවියෙන් තරුණ වියද නො නැවිති ඒ ඔස්සේ ගලා ගෙන යන The Curious Case of Benjamin Button චිත්‍රපටිය ආදරය, වියෝව, ඊරිශියාව, ක්‍රෝධය, තණ්හාව වැනි මිනිසුන්ගේ ගැඟිම් මුසුව උපත, මරණය, අබාගත වීම, යුද්ධය වැනි අත්දැකිම් සමුදායක් කැටිකර දක්වන්නට උත්සහ දරයි. සිය අබාධිත බව නිසා ළමා වියේ සොඳුරුබව අහිමිවන Benjamin Button නැවියෙකු ලෙසද පසුව පෙම්වත්තයෙකු ලෙසද අත්දැකිම් වලට මුහුණ දුන් ඔහු පියෙක් විමත් ඒ හා බැදුණු අනුවේදනිය සිදුවිම් තුලින්ද ජිවිතයේ ඇතැම් දේ වැලැක්විය නො හැකි බව (You can't stop what's coming)පසක් කරමින් අපේ ජිවිතයේ මුහුණ දෙනු ලබන විවිධ ප්‍රශ්ණ වලට පුර්වාදර්ශයක් සපයයි. වරෙක වැඩ කල නැවේහි කපාතින් මයික් ගණිකා මඩමේදි බීමත්ව කියන කතාව සිය දරුවන්ගේ දක්ෂතා නොසලකා ඔවුන් තම අරමුණු වලට යොදවන දෙමව්පියන්ට පාඩමක් බදුය.

David Fincher හා තීර රචක Eric Rothගේද, ප්‍රධාන නළු Brad Pittගේද නිළි Cate Blanchettගේද දක්ෂතා නිසාත් හැඩගැන්විමත් නිසා ඇතැම් බොහෝ චිත්‍රපටි වලට වඩා වෙනස් මඟක් ගනි. සිය පෙම්වතියගේ ජිවිතේ අභාග්‍ය සම්පන්නම මොහොතක් පෙන්වීමේදී කෙළින් එය පෙන්විමේ සම්ප්‍රදාය අනුගමන නොකර එය එසේ 'සිදු වුවානම්' සිදු විය හැකි දේ සමඟම ඒසේ 'සිදුවි' යන අයුරුත් පෙන්විම එවැනි අවස්ථාවකි. කථාව පුරාම විවිධ අවස්ථාවලදි ඒ ඒ මිනිසුන් මුහුණ දෙන සිදුවිම් නිසා ඔවුන්ගේ ගැඟිම් හා සිතුවිලි කෙලින් නො කියා කියමින් Benjaminගේ අවරෝහණ ජිවිතයේද, Daisyගේ වැනිම වු අපගේද ජිවිතේ වැලැක්විය නොහැකි පොදු සාධකයකිනි.

ඔස්කාර් සම්මාන තුනකට නිර්දේශ වු මෙම චිත්‍රපටිය Fiscott Fitzgaldගේ කෙටි කතාවක් ඔස්සේ තැනු මෙය ජිවිතයේ විවිධ අත්දැකිම් හා සිදුවිම් නිසා හෙම්බත් වු සියළු දෙනාටම වැදගත් චිත්‍රපටියකි.

ImageHost.org


මෙතැනින් ගෙන ඔබත් නරඹන්න (මෙතනින් ශිර්ෂපාඨ ගන්න )

Comments (13)

සිංහබාහු

11:29 PM, April 01, 2009

the curious case of Benjamin Button නෙමේද හරි නම? :)

Narada

11:30 PM, April 01, 2009

මෙය මගේ ප්‍රථම චිත්‍රපටියක් ගැන ලිව් සරහනක් නිසා වැරදි තිබෙන්න පුළුවන්. එවැනි තැන්ද මේ චිත්‍රපටිය ගැනද ඔබේ අදහස් අගය කරමි. මෙවැන්නක් ලියන්නට හිතට ගෙනා පොතේ ගුරාගේ
බයිස්කොප් සටහන
ටත් මගේ තුතිය. තව දුරටත් ජිවිතයේ කලාව කලාවෙන් ගෙන්නට බලාපොරොත්තු වන අතර ඒ සදහා ඔබේ අදහස් හා යෝජනා මට වටිනේය. මේ චිත්‍රපටිය නැරඹිමට මා කැටුව ගිය ක්‍රිෂානී අක්කාටත් ප්‍රසන්න අයියාටත් තුතිය. රස විදින්න, මටත් අපිටත් අනිත් අයටත් කියන්න!

Narada

11:33 PM, April 01, 2009

@සිංහබාහු ආහ් ඔව්, පොඩි වැරදිමක්. මම එක හැදුවා. ගොඩාක් ස්තුතියි.

Koombiya

4:21 AM, April 02, 2009

Sthuthiyi -බිன்ku-

Narada

7:16 AM, April 02, 2009

@Koombiya, Ela El. adahas waradi thiyenawada monawada?

Anonymous

8:08 AM, April 02, 2009

මාත් මේක බලන්නයි ඉන්නේ. මේ දවස්වල වැඩ වැඩියි අප්පා. එක එක මෙහෙයුම් වල නෙව ;)

malee_msg

8:46 AM, April 02, 2009

දැන් බලන්න කීයක් ගොඩ ගැහිලා තියනවාද අප්පා.. මේකත් දා ගත්තා ලිස්ට් එකට

charithsriyan

10:26 AM, April 02, 2009

මාත් ඕක download කලා.ඒත් තාම බලන්න වෙලාවක් ලැබූනෙ නැහැ.විභාගෙ ඉවර වෙලාම බලනව...:)

Sankha

4:20 AM, April 03, 2009

මම ඊයේ The Reader බැළුවා. දැන් බින්කු කියන හින්දා මේකත් බලන්න ඕන.Reader ගැන විස්තරයක් මම ඉස්සරහට ලියනවා. ෆිල්ම් එක බලලා රෙඩි වෙලා ඉන්න.

නලින් (Boman)

5:59 AM, April 03, 2009

මේක මා ළග තියනවා. ඒත තවම බලන්න බැරි උනා. මේ දවස්වල කාළගුණය හොද මදි නිසා වැඩි වෙලා පරිගණකය ළග රැදෙන්න ලැබෙන්නෙ නැහැ. හෙට වත් බලන්න ඕනෙ.

පොතේ ගුරා

6:49 AM, April 03, 2009

තැන්කූ මචෝ..මේක බාල තියෙන්නෙ..බලන්න උනේ නෑ තාම..ෆිල්ම් බර ගානක් තියෙනව බලන්න..වැඩේ එළ..දිගටම කරගෙන යමු!! :)

NUWAN

8:20 AM, April 03, 2009

හොද දෑනුවත් කිරීමක් බිன்කු...ගොඩාක් ස්තුතියි ඔබට.මට නම් චිත්‍රපටියක් බලන්න ලෑබෙන්නේ බොහොම කලාතුරකින්.එත් මේක මම බලන්න උත්සාහ කරන්නම්කො.

kosala

10:55 AM, April 24, 2009

A film to watch. Teaches us many things in life through a different dimension. sorry for not posting this in sinhala guys. :)

Post a Comment

සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.

Note: Only a member of this blog may post a comment.