නාරාහේන්පිට පොලිස් රෝහලේ පොලිස් කොස්තාපල්වරයකු එහි සේවයේ නියුතු උප පොලිස් පරීක්‍ෂකවරියකට වෙඩි තැබීමට ගත් උත්සාහයකදී සේවයේ සිටි වෙනත් පොලිස් නිලධාරීයකු තැබූ වෙඩි පහරකින් පොලිස් කොස්තාපල්වරයා මියගොස් තිබේ.
පොලිස් රෝහලේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල් ඩබ්ලිව්. ඉන්ද්‍රසිරි මහතා මෙම කාන්තා පොලිස් පරීක්‍ෂකවරිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවත්, අද දහවල් මේ දෙදෙනා අතර වූ වචන හුවමාරුවකදී පොලිස් කොස්තාපල් වරයා ඔහු සතුව තිබූ ගිනි අවියෙන් වෙඩි තැබීමට උත්සාහ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
පොලිස් කොස්තාපල්වරයාට වෙනත් පොලිස් නිලධාරියකු විසින් වෙඩි තබද්දී කාන්තා පොලිස් පරීක්‍ෂකවරිය පොලිස් රෝහලේ 3 වන මහලේ සිට බිමට පැනීමෙන් සිදුවූ බරපතල තුවාල වලින් ඇයද මියගොස් තිබේ.
උපුටා ගැනුම: ලංකා ඊ නිව්ස්
කාලේ වන වාසේ!
Comments (9)
10:29 PM, March 26, 2009
මොන විකාරයක් ද මේ ???
මුන්ට පිස්සුද මංදා....
11:20 PM, March 26, 2009
අවංක, නිකැලැල් , නොයිඳුල් සත්‍ය ප්‍රේමය
11:39 PM, March 26, 2009
රටට වෙච්ච මාර පාඩුවක් (උණ්ඩ ටික)
12:10 AM, March 27, 2009
Mallee oyage news eka (also lanka enews eka) is not correct. Thats not just a small (2-3) minutes story. Check some news papers for the real news (www.lakbima.lk,www.divaina.com etc)
12:20 AM, March 27, 2009
මුන්ට බලේ දුන්නට මෝළෙ දුන්නෙ නැද්ද දන්නෙ නෑ
3:51 AM, March 27, 2009
Anonymous ඉස්ටෝරිය මොකක් උනත්. රැකියාව, තනතුර මොකක් උනත් ඔහොම මරාගන්න පුලුවන්ද?
5:44 AM, March 27, 2009
Agreed with "Unmaththaka" about this killing.. But I told only abt the story. It was totally different.
Check this link http://www.divaina.com/2009/03/27/news01.html
Came Anonymous is just because I dont have an Account.
- eRanga
8:49 AM, March 27, 2009
ඇස්වහක් කටවහක් නෑ නියම ප්‍රේමවන්තයෝ..
3:15 PM, September 28, 2010
අවංක, නිකැලැල් , නොයිඳුල් සත්‍ය ප්‍රේමය
Post a Comment
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.
Note: Only a member of this blog may post a comment.