පන්සලට දේවත්ත කෙනෙක්?
කැළණිය විහාර බිමේ ගන්නා ලද මෙම ජායාරූපයේ සිටිනා පුද්ගලයා ඇද සිටිනා ඇදුමේ හැටියට පන්සලක තබා සාමාන්‍යයෙන් මගතොටක ඇදිමට යොග්‍ය ඇදුමක්ද? මෙවැනි පුද්ගලයින් බොහෝමයක් සමාජයේදි එළිපිට සිටිති. ඔවුන් ගැන නිහඬ මන්ද? මිට වග කිව යුත්තේ ආර්ථික ක්‍රමයද? නොහොත් අධ්‍යාපන ක්‍රමයද? දෙමව්පියන්ද?
සුළු පිරිසක් හෝ එක් කෙනෙකු හෝ මනඃකල්පිතව හෝ හේතුකොට බංකු පෙරලන, නිති පනවන, වෙබ් අඩවි වලට තහචි පනවන කල මෙවැන්නන්ට නිහඩ මන්ද? කල යුත්තේ එසේ කිරිම නොව විකෘති වු සමාජයේ ඒ වැරදි වල මුල සොයා ප්‍රතිකාර කිරිමයි.
Subscribe to:
Post Comments (Atom)
Comments (16)
9:49 PM, March 24, 2009
අපොයි.........කියන්න තමා වෙන්නෙ
10:10 PM, March 24, 2009
තමන් කරන්නේ කුමක් දැයි සැබැ අවබෝධයක් නොමැතිව ක්‍රීයාකිරිමකි.මෙවැනි පුද්ගලයින්ට සිදුකල යුත්තේ ඔවුන් විවේඡනය කිරිම නොව වටහාදීමයි.
10:24 PM, March 24, 2009
@ sasika:
මා මෙහිදි අදහස් කලේ ඔවුන් විවේජනය කිරිම නොව, පෙන්වා දීමත් නැවත් එවැන්නක් නොවෙන්නට කටයුතු කළ යුතුබවයි.
10:51 PM, March 24, 2009
ඇත්තටම මල්ලි මෙක ඇදගන ඉන්න පුද්ගලයාවත් දන්නේ නැතුව ඇති තේරුම මෙ අයට අනුකම්පා කරන්න තමයි තියෙන්නේ
11:00 PM, March 24, 2009
ඒක හරි... ඇත්තටම තේරුම දන්නේ නැති වෙන්නත් පුලුවන්,,,
11:02 PM, March 24, 2009
මම පාදුක්ක පැත්තෙ දි දැක්කා ඔය වයසෙම වගේ ළමයෙක් F*** You කියල ගහපු ටී එකක් ඇදන් ඉන්නව! මෙවැනි ඇගලුම් ආනයනය වෙන විදිය සොයා බැලීම වැදගත් වේ!ගම්බදව මෙවැනි දේ වාර්තා වන බව පෙනේ!නොදැනුවත් කම බව පෙනේ!
11:04 PM, March 24, 2009
මේවාට එක හේතුවක් තමයි නොදැනුවත් කම. අපේ 'ගොඩ පොෂ්' අයියලා පොෂ් වෙන්න දැඟලුවට ඒ ඒ තැනට සුදුසු ඇඳුම මොකක්ද කියල තෝරගන්න දැනුමක් නැහැ. සමහර විට ඔය ඇඳුම ඇඳන් ඉන්න කෙනා ඔය වචනෙ තේරුමවත් හරියට දන්නෙ නැතුව ඇති. එහෙම අය මට සමහර අවස්ථා වලදී හමු වෙලා තියෙනවා.
ඔය ඇඳුම පන්සලක් වැනි තැනකට නුසුදුසුයි. ඔය ඇදුම සුදුසු වෙන තැන් අපි වගේ එවුන්ට නුසුදුසුයි.
11:07 PM, March 24, 2009
මාත් මේක කලින් දැක්කා.. පේන විදියටනම් නොදැනුවත් කම තමා වෙන්න ඕනි හේතුව. ඒත් ඉතිං ඔතන හිටිය එක්කෙනෙකුට වත් ඔය වැරැද්ද තේරුම් කරලා දෙන්න බැරි වෙච්ච එකනේ පුදුමේ.
11:15 PM, March 24, 2009
අපේ කොල්ලන්ට විනෝදෙට යන්නෙත්, කෙල්ලෝ බලන්න යන්න වෙලා තියෙන්නෙත් පන්සල්. ඉතිං අපේ අය පන්සල් යන්න මාර විදිහට හැඩවැඩ දානවා. අනික කැළනි පංසල් යන කී දෙනෙක් ආගමික භක්තියෙන්ද එන්නේ කියලා අර එහා පැත්තේ පාලම ළග ඉන්න කපල් දිහා දැක්කම කියන්න පුළුවන්. ඔහොම තමා ආගම පිනුම් ගහනකොට අදහන්නොත් පිනුම් ගහනවා.
11:37 PM, March 24, 2009
කුණුහරපයක් උනත් ඉංගිරිස්නේ ඉතින් සෝක් පන්සල් නෙමෙයි ඕනේ තැනකට අඳින්න
2:55 AM, March 25, 2009
හික්. අනේ කාලෙ වනේ වාසේ...මම හිතන්නෙ ඒ පුද්ගලය ඒ වචනෙ ගැන ඒතරම් දැනුවත් නැතුව ඇති. නමුත් ඒ වැරැද්ද පෙන්නල දෙන්න ගියා නම් ඉතින් එයා ලස්සන වචන වැලකින් සන්ග‍්රහ කරන්නත් ඉඩ තියෙනවා.
3:34 AM, March 25, 2009
කොහොමද ඔක සිංහලෙන් ගහලා තිබුනානම්
3:40 AM, March 25, 2009
@දිසා,
ලොවෙත් නෑ :D
6:31 AM, March 25, 2009
කවුද දන්නේ මලේ. සමහර විට උන්න හැටියේ සංසාරේන් එගොඩ වෙන්න හිතක් පහල වෙලා හිටි ඇදුමෙන්ම පන්සලට ආවාද කියලා. අර දන්නවානෙ කතාව, උපාසක උන්දෙක් දවල් දානෙට මොහොතකට ඉස්සෙලා බුදු හාමුදුරුවෝ ලගට ගොහිල්ලා බනක් කියන්න යැයී කියලා තරයේ ඉල්ලාපු කතාව.
මම මේ උපාසක දානෙට වඩිනා ගමන්, ඇවිල්ලා අපි කතා කොරමු කියලා බුදුන් වදාලේ. නෑ නෑ, මට දැන්මම බන අහන්න ඕනේ. තව මොහොතක්වත් ඉන්න බැ කියලා උන්දෑ කියාපි. මේ දෙබස තුන් පාරක්ම සිද්ද උනාට පස්සේ, උන්නාසෙ අහනවා උපාසක, මොකැදැයී ඔච්චර තකහහනියක්. එතකොට උපාසක කියනවා, ඊලග මොහොතෙ මට මක්කා වෙයීද කියලා කවුරුවත් දන්නේ නැහැ. සමහට විට මම මැරිලා, වෙන කොහේ හරි ඉපදෙන්න පුලුවන්. ධර්මය ලබන්න මේ ලැබුනු අවස්තාව නැති කරගන්න බැහැ.බුදුන් කාරනය පිලි අරගෙන, එදා දවල් දානය නොවලදවා උන්දෑට බන කියන්වා. අපි කොහොමද දන්නේ මලේ, සමහර විට මේ උපාසකටත් එහෙම හිතක් පහල උනාද කියලා.
තැන් තැන් වලට ගැලපෙන ඇදුම් අදිනා එක වැදගත් කාරනයක් තමයි. නමුත් ඕනෑම කෙනෙකුට තමන්ට තියන එකම ඇදුම උනත්, ගංවතුර සහනාදාරෙට ලැබුන ඇදුම උනත්, ඇදගෙන පන්සලකට ගොඩවෙන්න තියෙනා හැකියාව මහා වාසනාවක්. බොහෝමයක් රටවල නැති වාසනාවක්.
3:04 AM, October 05, 2009
ඔය තැනැත්ත විතරක් නෙමෙයි, සුදු ඇඳුමක් ඇඳන් ඇවිත් තියෙන්නෙ කී දෙනාද?
3:15 PM, September 28, 2010
මාත් මේක කලින් දැක්කා.. පේන විදියටනම් නොදැනුවත් කම තමා වෙන්න ඕනි හේතුව. ඒත් ඉතිං ඔතන හිටිය එක්කෙනෙකුට වත් ඔය වැරැද්ද තේරුම් කරලා දෙන්න බැරි වෙච්ච එකනේ පුදුමේ.
Post a Comment
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.
Note: Only a member of this blog may post a comment.