'අලුත්' අවුරැද්දට අලුත්යැයි කියන්නට දෙයක් නැති තරම්ය. ඔවුන්ට තමුන් පසුගිය වසරේ වද වු, ප්‍රරාථනා කරපු දෑ අමතක තරම්ය. මේ අකාරයට දුරැතු මාසයේදීත් ගෙවාගෙන යයි. සිදුවන වෙනසක් දියුණුවක් නැත. වෙළදුන්ගේ හා ජංගම දුරකථන ජාලය සරැ කරගෙන නමුන්ගේ පොකට්ටුව හිස් කර ගනියි. බොහෝ දෙනෙක් අවුරැද්දේ නෑගම් යෑම ගණුදෙනු කිරිම වැනි දෑ දැනුදු කෙරෙන්නේ ඕනෑවට එපාවට මෙනි. මෙසේ අලුත් අවුරැද්ද 'නවීණකරණ' වුවද අවුරැදු චාර්ත්‍ර සිරිත් විරිත් වෙනස් වුවද කුමක් වුවද සිදුවිය යුතු වටිනාතම දෙයක් නම් තමාගේ වැරද්දක් හෝ හදා ගනිමින් වෙනසක් ඇති කර ගැනිමයි. ඊට හොදම කාලය නම් බක් මාසයයි (මගේ මතයේ හැටියට). වෙසක් මාසයේ සද්ධාවත් ඇතිකර ගෙන ඒ ධෛර්යය සමගින් ඉදිරියට ගොස් දුරැතු මාසයේදි පසුගිය මාසවල ප්‍රතිශතය බලාගෙන ඒවායේ අඩුපාඩු හදාගෙන ඉතුරැ මාස වල හදා ගැනිම ප්‍රයෝගිකව උචිතය.
ඒ වෙනස තමා තුලම ඇති කර ගැනීම අතවශ්‍යයයි. පසුගිය කාලවලදී ලියන්න බොහෝ දේ තිබුණත් කාර්යබහුලකමත් කැම්මැලිකමත් නිසා ලියැවුණේ නැති තරම්. ඒ සමගම මගේ අධ්‍යාපණ කටයුතු වුයේත් මන්දගාමීව වගේ. අවුරැද්දකින් මම ලංකාවට ආපසු එන්න තිබ්බ බලාපොරොත්තුව වෙනස් කරලා, දැනුමත් අත්දැකිමුත් එක්ක නැවත පසු කාලයකදී එන්න හිතා ගත්තා. ඉස්සරහට කාලය තවත් කලමනා කරලා ලියන්නත් කියවන්නත් වෙන දේට යොදවන්නත් ඕනෑ. කොම්පුටරේ මා විසින් ආරම්භ කලාට එහි වැඩි හරියක් ලිව්වේ ප්‍රවීන් අයියායි. වෙනත් අය දායකත්ව දැක්වුවත් තවමත් මම එහි ලිව්වේ එකම එකකි, ලැජ්ජාවට කරැණක් නොවැ? එහිත්, කොදෙව්වේත් ලියන්න දේවල් තිබ්බට නොලිව් ඒවා ලියන්නවත් ඕනෑ මීට පස්සේ.
මට කෙනෙක් කී දෙවල් වලට හදිසි කෝපයකින් ලිපියක් ලිව්වත් ඒ සිද්ධියෙන් දැන් මට දැනෙන්නේ ශක්තියක්. ඒ කෙනාට බොහොම ස්තුතියි. මගේ සමීපතයෙක් මට විද්‍යුත් තැපැලකින් විමසලා මට මෙහෙමත් කියලා තිබ්බා; “උබ අහලා තියනවාද? කියවලා තියනවාද? ඩේල් කානගි කියලා පොරක් ගැන? උෟ ගැන මට වඩා උෟ දන්නවා ඇති? එයා කියලා තියනවා '' ඔබට එන අයුක්ති සහගත විවෙචන බොහෝ වෙස් වලාගන එන අශිර්වාදයන්ය. එයින් බොහෝ විට අදහස් වන්නේ ඔබ යමකුගේ ඊර්ෂියාවත් අභිමානයත් අවුස්සා ඇති බවය “කිසිවකු කිසිවිටක මළ බල්ලේකුට පයින් නොගසන බව මතක තබා ගන්න “ මේක මට වගේම බිලෝග් අවකාශයේදී අපහාසයට, ලේබලයට ලක් වන අයට වැදගත් වෙවි.
"First they ignore you, then they laugh at you, then they fight you, then you win." ලෙස ගාන්ධිතුමා කියන්නෙත් එක නොවැ?
මට දිරි දුන්නු, අදහස් විවේචන ලිව්, කතා කල, කියවු සතුරැ මිතුරැ සියලු දෙනාටම ස්තුතියි. ඒ වගේම තවදුරටත් අදහස්, විවේචන, දිරි ගැන්විම්, බැණුම්, මඩ ඕනෑම දෙයක් මම බලාපොරොත්තු වෙනවා.
යුධ ගිණිදැල්, අනෝදනා සියල්ල සත්‍යයේ නාමයෙන් යම් දිනයක නිවේවා! ජාතියක් වශයෙන් නොවී රටක් ලෙසින් ශ්‍රි ලංකාව ලොවේ බැබලේවා! බිලෝග් අවකාශයේ සතුරැ මිතුරැ සියලුම දෙනාටම ලැබුවාවු අලුත් අවුරැද්දේදී ජිවිතේ හීන, ප්‍රාර්ථනා ඉටුකර ගන්නට හේතු ශක්තිය ධෛර්යය ලැබේවා!
Comments (9)
2:31 AM, April 23, 2009
ලොකු දෙයක් අවුරුද්ද ඉවර වෙලා මාසයක් යන්න කලින් වත් විෂ් කරපු එක :p
3:19 AM, April 23, 2009
බින්කු මලේ,
ස්තූතියි මගේ නමත් මෙතන ගෑවූවාට. (අහෝ ඒත් ප්‍රවීන් කී විට දන්නේ කීයෙන් කී දෙනාදැ ?)
මේ මඩ ප්‍රකිචාර කලාව රැල්ලක් මෙන් පැතිර යන්නක්. ආරූඪ නමකට, ඇනොනිමස් බවකට මුවා වී කරන එබඳු නිහීන ක්‍රියා ලොකුවට ගණන් ගත යුතු නැහැ.
මා ඔබට උපදෙසක් දෙන්නම්. ඇනෝනිමස් කමෙන්ට් දැමීම අවහිර කරන්න.
3:22 AM, April 23, 2009
චියර්ස්ස්ස්ස්......!!!!!
එසේම වේවා!!!!!!!!!!!!!
3:44 AM, April 23, 2009
බ්න්කුවො, මට නම් කියන්න තියෙන්නෙ එක දෙයයි. හොඳට හිතට ගන්න, 'බල්ලෙක් උඩු බිරුවය කියල හඳ කඩා වැටෙන්නෙ නැහැ'
4:08 AM, April 23, 2009
මල්ලී, බොහෝම හොඳයි. දිගටම ලියන්න. පසු බහින්න එපා.ඇනෝනිමස් කමෙන්ට් කොහොමත් ගණන් ගන්න එපා.තමන් සම්බන්ද නැති බව පමණක් පවසා නිහඬ වෙන්න. කාටවත් කිසිවක් ඔප්පු කර පෙන්වීමට අවශ්‍ය නෑ. ඔබට චෝදනා, අපහාස අවමාන එල්ල කරන්නේ ඔබව නොදන්නා පිරිස්. "කුහකයෝ දක්ෂ නැත. දක්ෂයෝ කුහක නැත."
4:26 AM, April 23, 2009
Bo ගේ කතාව තමයි මටත් කියන්න තියෙන්නෙ..අධෛර්යයමත් වෙන්නෙපා..
6:21 AM, April 23, 2009
වෙනස් වෙන්න මාර අමාරුයි. නමුත් වෙනස් වෙන්න ඕන තමාම තමයි.
8:04 AM, April 23, 2009
All the best !!!
11:41 AM, April 23, 2009
:-)
Post a Comment
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.
Note: Only a member of this blog may post a comment.