රෝස මල ලස්සනයි කියලා අපිට පෙන්නේ. ඒත් එක ඇතුලේ නො පෙනෙන මී මැස්සෙක් හරි ඉන්නවාද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම කටු තියෙනවා දැන දැනත් අපි එකට වශි වෙනවා ලස්සන නිසාත් අනිත් අය එක ලස්සනයි කියලා අනුමත කරන නිසාත්. ඉතිං සමහරක් පරිස්සමෙන් අරගෙන ඉඹිනවා, ඉඹගෙනම බදාගෙන යද්දි අර කටු අමතක වෙලාම ඇන ගෙන තුවාල කර ගන්නවා. ඒත් තව සමහරක් එහෙම නැහැ, මොකද එයාලා ලඟ තිබ්බ රොස මලේ කටු මොලොක් නිසා, තව සමහරක් බදා ගන්න කලිං හිමින් හිමින් කතුරකින් කොහොම හරි කටු කපා ගන්න නිසා. ඒත් අවාසනාවට එතැනිනුත් පස්සේ වෙලාවක රෝස මල ඇතුලේ ඉන්න මී මැස්සා තුවාල කරනවා. ඒත් ටික දෙනෙක් ඉන්නවා රෝස මල දිහා එක ලඟට නොගන්නා, ලඟට ගන්න වාසනාවක් නැති. තව ටිකම ටික දෙනෙක් ගිලුණු රෝස මල දිහා බලං ඇනුන තුවාලෙන් අතින් තද කරං ඉන්න...ජිවිතය වගේම ආදරයත් ඔබත් මාත් හිතන තරම් රෝසමල් යායක් නෙමේ නේද?
නලීන් අයියාගේ සඳ මුහුණ මගේ හිත හෙමින් සිඹ ගත්තු සිතිවිල්ලක්. ඉස්සර ඇය වෙනුවෙන් පිටු ගානක් කවි නිදැස් ලිව්ව මගෙ පන්හිඳ නිහඬ වෙලා, ඒත් සිත් විටෙක විටෙක තනිවම තනි මාත් එක්ක කතා කරනවා. හිම කතරේ අහිමි උණුසුම තවමත් මට දෙන්න මගේ කබායටවත් බැරි හැටි?
Comments (12)
11:38 AM, March 31, 2009
ඔව් එක නම් ඇත්ත. රෝස මලකට
ඈදලා ලොකු අදහසක් කියලා තියනවා විදින විදවන හැම කෙනාම ගැන ලියලා තියනවා හරි ලස්සනට බින්කු
11:53 AM, March 31, 2009
මල් සිපගන්නා විට අතරින් පතර අපි කටු දැක්කත් රුවේ සහ සුවදේ මායාව අපේ ඇස් අන්ධ කරනව. මල ගිලිහුණාට පස්සෙ විටෙක කටු ගැන හිතල පිළිකුල් භාවනා වැඩුවත් එය අසාර්ථක වෙන්නෙ ඒ මායාව නිසා කියායි මගේ හැගීම. කොහොම උනත් ඔය මායාවට අඩු වැඩි වශයෙන් තමන්ට තමන්ගේ ඇති ආදරයත් මුසුවෙලා තියනව කියල මට විටෙක හිතෙනව. කොහොම උනත් ආදරය කියන එකේ පොතු ගලවල මදේට ලං වෙනකම් සිද සිද විදිනවට වඩා අපිට දැනෙන ලෙසින් විදින එක ආතල් කියලයි මට නම් හිතෙන්නෙ. අඩුම තරමෙ මම ඒක විදල තියෙන්නෙ එහෙමයි.
ජීවිතේ හරි දුෂ්කරයි මල්ලි. නමුත් අපිට ජීවිතේ රහ දැනෙන්නෙත් ඒ දුෂ්කරත්වය නිසාමයි.
10:27 PM, March 31, 2009
අනේ මන්දා...අපි ලැබෙන්නේ නැති දේවල් ගැනමයි හිතන්නේ....
නේද?
12:18 AM, April 01, 2009
බෝ(නලීන්) එක්ක මාත් එකග වෙනවා.. සමහර වෙලාවට සමහර දේවල් විදින්න නම් මායාවට හිර වෙලා බොළද විදියට ඒ දේවල් විදින්න ඕනි. එහෙම නැතුව යථාර්තෙ ගැන හිත හිත හිටියොත් ඒ මොහොතවල් අපිට විදින්න බැරි වෙනවා..
හරියට මුහුදේ නාන්න ආස කෙනෙක් මුහුද ගැඹුරුද කියලා වෙරළට වෙලා හැමදාම හිත හිත ඉන්නවා වගේ.. නාන්න ඕනි නම් පැනලම බලන්න ඕනි..
ආදරෙත් එහෙමයි වේදනාවක් වෙයිද සතුටක් වෙයිද කියලා බලන්න වෙන්නේ කරලම තමයි..
12:49 AM, April 01, 2009
තෝ මේක නං බොක්කෙන්ම ලියල..හොඳයි
1:52 PM, April 01, 2009
ඇයි මෙි හැමෝම රෝස මල් වලටම ආස වෙන්නේ????
ඇයි අනේ අරලිය මල්, පිචිච මල්, මෙි වගේ තව කොචිචර නමි ලස්සන සුවඳ මල් තියෙනවද...... :D
8:36 PM, April 01, 2009
අපි හැමෝටම පොදු සිතුවිල්ලක් බින්කු හරිම ලස්සනට අකුරු කරලා තියෙනවා. මමත් කාලයක් කටු තියෙන බව අමතක කරලා රෝස මලක් බදාගත්තා. කටු ඇනුනා හිත ඇතුලටම.දැන් වේදනාව දරා ගන්න බැරිව විඳවනවා.දැන් හිතෙනවා රෝස මල ලං කරගන්නේ නැතුව දුර ඉඳන් ඒකේ ලස්සන විඳන්න තිබ්බා නේද කියලා.
10:48 PM, April 01, 2009
කොච්චර රිදුනත් හුඟක් අය රෝස මල් වලට කැමතියි.. ලස්සනට ලියලා තියෙනවා.
12:01 AM, April 02, 2009
විශිෂ්ටයි...කතාව ඇත්ත.හැම දේකම සැගවෙච්ච සුන්දරත්වයක් වගේම සැගවෙච්ච අසුන්දරත්වයකුත් තියනව.හැමෝම හිතන්නෙ ආදරය සුන්දරයි,රොස මලක් වගේ කියල.ඇත්ත ආදරය සුන්දරයි තමා.එවුනාට බින්කු මල්ලි කිව්ව කතාවත් ඇත්තම ඇත්ත...
12:08 AM, April 02, 2009
දිසා අයියේ, ස්තුතියි ගොඩාක්!
නලින් අයියා, එක ඇත්ත තමා. මාත් විදිවලා ආවේ අයියේ. දැන් ගින්දරට පිච්චුන හින්දා කලාමැදිරි එලියටත් බයයිද මන්දා!
මලී අක්කේ, ඇත්ත තමා. කස්ටියක්ට එක විදවලා ඉවරයිනේ.
කාචනා අක්කේ, මේ සුවඳ මල් වලට වඩා වැඩි යමක් තියෙනවා කියලා වෙන්න ඇති
බීලෝගී අක්කේ, ස්තුතියි අක්කේ. මටත් ඒ තත්වේ තමා.
හිරනය අයියේ, ස්තුතියි
බුද්ධික අයියේ, ඇත්ත තම කතාව. ඒත් ගොඩාක් විදවන්න වෙනවා මේ හැඟිම හින්දා. සුන්දරයි පෙන්නේ එක හැමදාම විදින්න හම්බ වෙන්නේ හැමෝටම නෙමේනේ. එකත් මම නොකියා කිව්වා. ස්තුතියි අයියේ.
12:25 AM, April 04, 2009
ම්ම්ම්ම්ම්............සහතික ඇත්ත මචන් ............එක සැරයක් නෙමේ දෙතුන් සැරයක් ම ඔය වැඩේ කළා.මන් හිතන්නේ නෑ ආයෙත් ඒ වැඩේ මගෙන් නම් වෙයි කියලා රෝස මල් වල සුවද අත තියන්නේ නතුව බලන තරමට හොදයි. නැත්නම් ඒ වගෙන් අපිට හුගක් අනතුරු වෙන්න පුලුවනි. ඒක නිසා අපි ඈත ඉදන් ඒවගෙ සුවද විදලා සැනසෙන එක තමයි හොදම දේ.
5:21 AM, May 03, 2011
ලස්සනට ලියල තියෙයි
Post a Comment
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.
Note: Only a member of this blog may post a comment.